හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 March 2015

ඩයලොගාගේ දීලා ඇදිල්ල ............................. Dialog Give and Take Game

give-and-take-25519-300
 හෙහ් හෙහ්......ඩයලොගා තමයි දවසකටවත් මිනිහා. මිනිහා ගහන ගේම් අපිට හිතන්නවත් බැරි ගේම් ය. එව්වාට කියන්න වෙන්නේ දීලා ඇදිල්ල මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නොවේ ය. මේ දෙනවාය ඊළඟට අදිනවා ය. රෑ නිදාගෙන උදේ නැගිටලා බලපුවාම දුන්න එව්වා ආපහු ඇදලා ය. කටන්තරේ මෙන්න මෙහෙම ය.

   ගිය මාසේ ඩයලොග් චන්ද්‍රිකා සැටලයිට් කාරයා, දවස් ගණනාවක් රූපවාහිනී තිරයේ අකුරු පේළියක් දිවෙව්වේ ය. එයින් කියවුනේ, ළඟදීම චැනල් වැඩි කොරනවා ය. මේ නිසා 'පාරිගෝබිකයන්ට' වෙන මෙව්වා එකට හෙවත් අපහසුතාවයට, සමාව බාජනේකට දාගන්ට ද, එහෙමත් නැත්නම්, අපගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව පොරකාස කොරනවා ද මොකක්ද කියා ය.

   ඔන්න ඉතිං පාරිගෝබිකයෝ ඉවසිල්ලෙන්, නොඉවසිල්ලෙන්, හිටියාය. කිව්ව දවසට පහුවදා, චැනල් හැට හුටහමාරක් එකතු කොරලා ඇති කියන චිත්තප්පිරීතියෙන් යුක්තව, දාලා බැලින්නං, හිතපු තරම් එව්වා නැත. BBC World Service තියනවා දැකලා, බොහොම සතුටු වුණා ය. අනේ දවස් කීපයකින් ඒකට කෙළියා ය. අද උදේ දාලා බැලින්නං, අලුතෙන් එකතු කරපු තවත් එව්වාට කෙළලා ය.

   ඉංගිරිසි චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, Sundance චැනලය, හොඳ වනජීවී වාර්තා චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, NGC Wild චැනලය, තරාස ජනක පරිසර චාරිකා වගේ දේවල් බලන්ඩ තිබුණු, Outdoor  චැනලය, අපේ දුවලා එහෙම පණ ඇරලා සින්දු අහන බලන, Zoom චැනලය, කපලා ය. එව්වා ගන්ට නම් වෙනම ගෙවන්ටලු. අනේ නනේ නන්නානේ.  අලුතෙන් එකතුවුණා කියලා, දැන් ඉතුරුවෙලා තියෙන්නේ මුලින් දීපු චැනල් දහයෙන් තුනක් ය. අනේ යකෝ නන්නානේ.

   මේ චැනල් කෙළිය පටන් ගත්තට පස්සේ, විකාරවර්ධන වැඩක් වුණා ය. ඒ කියන්නේ පාරිගෝබිකයෝ හිතුවා, ඩයලොගා දැන් චැනල් කෙළිය කෙළලා ඉවරයි, ඒ නිසා අපිට ඕනේ විදිහට, ( තම තමන්ගේ පැකේජ වලට ලැබෙන චැනල් ගණන අනුව) තමන් 'කැමති ෆේවරිට්' ලිස්ට් එක හදා, සේව් කරගනිමුය කියලා. ඔන්න අනේ එහෙම ලිස්ට් එක හද හදා ඉන්න වෙලාවට වගේම, හදලා ඉවරවුණ ගමන්ම, එහෙමත් නැත්නම් පහුවදා බලනකොට, අර ලිස්ට් එක මැකිලා, ඔක්කොම චැනල් රීගෙන රීසෙට් වෙලා, මළ විකාරයක් වෙලා ය. මේ වැඩේ මට පස් වතාවක් වුණා ය. ඉවසීමේ සීමාව ඉක්ම යා නොදී, මම ඩයලොගා ගේ 'දොඩවන හෙවත් චැට් සේවයට' දින දෙකක්ම ගියා ය. ගිහින් ලැබුණ පොර්තිපලේ, ඔන්න පහළින් දමනවා ය. 

Screenshot (241) - Copy


Screenshot (246) - Copy

   කොච්චර වෙලා බලා හිටියත් 'පීලිස්ට වේට්ටිය' කියනවා මිසක්, වෙන අහවල් කෙන්ගෙඩියක් නැත. ඔය එක please wait එකක් වැටිලා, ඊළඟ එක වැටෙන්නේ, සෑහෙන වෙලාවකට පසුවය. ඉතිං හිතාගත්තැකිනේ මං දවස් දෙකක්ම කොච්චර වෙලා බලා ඉන්න ඇද්ද කියලා. බැරිමතැන, ඩයලොගාගේ හත්මුතු පරම්පරාවම සිහිකර විසන්දි, කළා ය.

   ඊට පස්සේ වතාවල් දෙකක්, ජංගම ටැලිපෝන් එකෙන් අල්ලගන්න උස්සාහ කළා ය. අහවල් එක සඳහා අහවල් එක ඔබන්න, අහවල් එක වෙනුවෙන් අහවල් එක ඔබන්න, (ළඟ හිටියානම් කටේම ඔබනවා...........නෑ නෑ, පොං එක) කියලා, වටේ අරන් ගිහිං, අන්තිමට තමයි කියන්නේ, පාරිගෝබික සේවා නිළධාරියකු ඇමතීමට, උගේ හොම්බට අනින්න, හුටා....... නෑ නෑ, අහවල් එක ඔබන්න කියලා. පලවෙනි දවසේ විනාඩි 17 ක් බලා හිටියා. චූං ගහනවා, බයිලා ගහනවා. 'අපේ කට්ටිය බිසී ඉකමනට එකෙක් අල්ලලා දෙනතුරු ඉන්න' කියනවා විතරයි. දෙවෙනි දවසෙත් විනාඩි 14 ක් හිටියා උත්තර නැහැ.

   මේ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා, ඊට පහුවදා ගියා ඩයලොග් මද්දියස්තානෙට. හප්පොච්චියේ.......... එතන හිටිය සෙනග කන්දරාව. නොම්මරයක් ඇන්න පාරිගෝබික නිලදාරී උත්තමයෙක් මුණගැහෙන්න අවුරුදු පහක්වත් යයි වගේ. පිළිගන්න නිලදාරියා ළඟට ගියා. එතනට ඇවිත් හිටියා ඈත ගම්බද ප්‍රදේශයකින් පැමිණි බවට තහවුරුවෙන ආකාරයේ කාන්තාවන් තුන්දෙනෙක්. අනේ පව්, ඒ අය අර ගොබිලාට සර් කියලා කතාකලේ, ටයි පොල්ලක් එහෙම දාලා හිටිය නිසා, උන්නැහේට වටිනවානේ මට සර් කියන්න එපා කියන්න. එව්වා කොහෙද. උන්නැහේට අර කාන්තාවක් කිව්වා, අනේ අපේ ටී වී එකට මොකක්ද වෙලා, චැනල් ඔක්කොම වෙනස් වෙලා, අපේ පුතා හැදුවා, දැන් ආයෙත් ඔක්කොම අවුල් වෙලා කියලා. අනික් කාන්තාවන්ටත් තිබුනේ ඒ ප්‍රශ්නයමයි.

   අපේ පැත්තේ සමහර ගම්බද ප්‍රදේශ වලට, සාමාන්‍ය ඇන්ටෙනාවකින් පෙනෙන්නේ 'නයිටීඑන්', 'ඔරොප්පුවාහිනී' දෙක විතරයි. ඒ නිසා තමයි චන්ද්‍රිකා සැටලයිට් ගන්නේ.  අරුන්නැහේ ඒ අයට මුද්‍රිත කොලයක් දුන්නා. ඒකේ අමු ඉංගිරිසියෙන් තියන්නේ, දුරස්ථ පාලකය ආධාරයෙන් කොරන්න ඕනේ වැඩකිඩ ගොඩක්. අර කාන්තාවන්ගේ මූණ ඇඹුල් වුණා, ඒ කොලේ දැකලා. අනේ සද්ද නැතුව එව්වත් ඇන්න යන්න ගියා. යකෝ මුන්ට බැරිද සිංහල දෙමළ දෙකෙන් කරුණු විස්තර කරමින්, බොත්තමක් ඔබපුවාම පෙන්නන ඉංගිරිසි වචනයත් දාලා, ඔය පත්තිරිකාව හදන්න?  (ඒ ගෙවල්වල ඉන්න සැමියා හෝ පුතාලා සමහරවිට ගෙදරින් ඈත රැකියාවක් කරන අය. ගෙදර එන්නේ සති අන්තයට වගේ. ඉතින් මේ ගෘහිණියන්ට බැහැ, ඔය සීරුමාරුව කරගන්න) එහෙමත් නැත්නම් කාර්මික ගොබිලෝ දෙතුන් දෙනෙක්, එක එක ප්‍රදේශ වලට දින කීපයක් යවලා, පොඩි ලැයිස්කීපරේකින් කතා කොරලා, ප්‍රශ්න තියන අයගේ ගෙවල් හොයාගෙන, පටස් ගාලා විසඳුමක් දෙන්න. එතකොට නේද පාරිභෝගික විශ්වාසය සහ ප්‍රවර්ධනය වැඩිවෙන්නේ?

  අර පිළිගැනීමේ පුතයා මටත් අර කොලයක් දික්කරනකොටම, මම තරමක් උස් හඬින් කිව්වා, මට ඔය කොලේ වැඩක් නැහැ, මට අවශ්‍ය මෙතන පාලනාධිකාරියේ කෙනෙක් හම්බවෙන්න කියලා. අනේ උන්නැහේට අර මොකාටද වගේ තේරුණා. වහාම මට පෙන්නුවා නෝනා කෙනෙක්ව අර ඉන්නේ මැනේජර් කියලා. අනේ ඉතින් ඒ නෝනාගේ ආත්ම ගෞරවය හැකිතරම් රැකෙන ආකාරයට මම කිව්වා මොකක්ද මේ විකාරේ? චැනල් සැකසීම ඉවර නැත්නම් තිරයේ පෙන්නන්න අපි තවම චැනල් හදලා ඉවර නැත, ඒ නිසා ෆෙවරිට් ලිස්ට් හදන්න එපාය කියලා. නමුත් මගේ ස්වරය නිසා ඒ නෝනාගේ පිත කෝපවුන බව පෙණුනා. මොනවා කරන්නද?

  හැබැයි එදා රෑ, තිරයේ ප්‍රදර්ශනය කළා, රාත්‍රී 9.45 ත් 10.10 ත් අතර, 'ඔබේ සැට් එක මත පෙට්ටිය' කිරියාත්මක කොර තබන්න. රීගෙන සැට් කොරන එකක් වෙනවාය කියා. ඔන්න එදා තමා රීගෙන සැට් එක ඉවර වුණේ.

   ළඟදීම ඉන්දියානු චන්ද්‍රිකා රූපවාහිනී සමාගමකුත් ලංකාවේ වැඩ අරඹනවාලු. අනේ මන්දා. උනුත් එකයි මුනුත් එකයි කියන්න වෙයිද මන්දා අන්තිමට.

මුලින් දුන්න චැනල්, නොකියාම පස්සේ කැපීම මොන තරම් නින්දිත වැඩක්ද?

පාරිභෝගිකයා තුළ බලාපොරොත්තු තබා පසුව ඒවා කඩා දැමීම කොතරම් පහත් ක්‍රියාවක් ද?

මේ සෙල්ලම් දාන්නේ, තරගකාරී චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් නැති නිසාද?

විදුලි සංදේශ නියාමන කොමිසම මේ වගේ සෙල්ලම් ගැන හොයා බලන්නේ නැද්ද? 

Screenshot (238)


2015 මාර්තු මස 2 වැනි දින 1507 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }