හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 April 2014

මගේ පුස්තකාලයෙන් A Glimpse from My Library

Reading මගේ පුස්තකාලයෙන් අද මා හඳුන්වා දෙන පොත, ඉතාම විශේෂිත පොතක් වෙනවා. ඒ තමයි, මා දන්නා තරමින්, ශ්‍රී ලංකා යුදහමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයකු විසින් ඉදිරිපත් කරනු ලබන, (වාර්තාමය/ප්‍රබන්ධ යන දෙආකාරයම මිශ්‍රවූ) පළමුවැනි ග්‍රන්ථය මෙය වීම. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, තම සංග්‍රාමික අත්දැකීම අළලා ග්‍රන්ථකරණයේ යෙදීම, එතරම් අරුමයක් නොවෙයි. මා ළඟත් එවැනි ග්‍රන්ථ කීපයක් තිබෙනවා. එවැනි ග්‍රන්ථ රාශියක තොරතුරු එකතුවක් ඔබට මෙතනින් බලන්න පුළුවන්. එහිදී, තමන්ගේම හමුදා ක්‍රියාකාරකම් විවේචනය කරමින් අදහස් දැක්වූ නිර්මාණ ද තිබෙනවා. නමුත් එලෙස නිර්භයව අදහස් දැක්වීමට, (නිකම් හිතළු කතා නොව සාධක සහිතව ඔප්පු කළහැකි දෑ) අප රට තුළ, විශ්‍රාමික හමුදා සාමාජිකයකුටවත් පූර්ණ නිදහසක් ඇතැයි මා සිතන්නේ නැහැ. මේ ග්‍රන්ථයේදී ද, කතුවරයා, ඉතා වැදගත් සිදුවීම් විස්තර කළත්, ඒ සිදුවීම් වලට සම්බන්ධ හමුදා නිලධාරීන්ගේ නම් සඳහන් කර නැත්තේ, කිසියම් නෛතිකමය හේතු නිසාදැයි කියා මට සිතෙනවා.

  අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ දැනට සේවයේ යෙදී සිටින සාමාජිකයකුට, මෙවැනි නිර්මාණයක් හෝ යටත්පිරිසෙයින් මේ රටේ පලවන දිනපතා පුවත්පතකට සාහිත්‍යමය නිර්මාණයක් කරන්නට පවා (හමුදාව ඇතුළත පළවන සඟරා හා ප්‍රකාශන හැර) අවම වශයෙන් හමුදා මූලස්ථානයේ අවසරයවත් (බොහෝවිට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය) අවශ්‍යයි. මේ ග්‍රන්ථය සඳහාත් එවැනි අවසරයක් ගන්නට ඇතැයි මා හිතනවා.

  සිංහල බ්ලොග් අවකාශයේ, හමුදා තොරතුරු ගැන ලියවෙන වෙනත් අඩවියක්, මා දන්නා තරමින් නැති නිසා, මේ පොත මගේ අඩවියෙන් හඳුන්වාදීම ද, විශේෂත්වයක් වන අතර, මේ පොත ලියා තිබෙන්නේ, මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන, එමෙන්ම මා අයත්ව සිටි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, වර්තමාන රෙජිමේන්තු අධිපති වරයා වීමත් තවත් විශේෂත්වයක්. මතකයි නේද මේ ඊයේ පෙරේදා මම මහගෙදර ගියා. එදා තමයි මේ පොත ගත්තේ. 

img069  img070

  මේ පොත ගැන ඔබට සිතෙන දේ, මගෙන් නොඅසා, කතුවරයාගෙන්ම අසා දැනගන්නට හැකිවනු ඇතැයි මා සිතනවා. එයට හේතුව වන්නේ, කතුවරයා සිය දුරකථන අංක මෙන්ම, ඊ මේල් ලිපිනයද, මේ පොතෙහිම, සඳහන් කර තිබීමයි.

   පසුගිය දශක තුනක පමණ කාලය තුළ, කතුවරයා, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමි වලදී, පෞද්ගලිකවම ලද අත්දැකීම් සහ, ඔහුගේ විෂයය පථයට අදාළව අත්විඳි තවත් තොරතුරු අතරට, අපූරු වෘතාන්තයක් ද කැටිකර තිබීම, මේ පොතේ අගය ඉහළ දමන බව මා හට පෙනීගියා. ඒ නිසාමයි මේ පොත ඔබ සමග මෙසේ බෙදා හදා ගන්නට සිතුවේ.

   සංග්‍රාමාවසානයේ ලද ඉසිඹුව, ග්‍රන්ථ කරණය කෙරෙහි යෙදවීමෙන්, කතුවරයා හුදු යුද වාර්තා කරුවකු නොවී, සාහිත්‍ය නිර්මාපකයකු වීම අතිශයින් වැදගත් වනවා. මා එසේ කියන්නේ, මේ නිර්මාණය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ, තවත් මෙවැනි නිර්මාණ කුසලතාව ඇති අයවළුන්ගේ, චිත්ත සන්තානයෙහි යම් කම්පනයක් ඇතිකිරීමට සමත් වුණොත්, තවත් මෙවන් අගනා නිර්මාණ රැසක් බිහිවීමට, විශාල ප්‍රවනතාවක් ඇතිබව පැහැදිළිවම පෙනීයන නිසයි.

    මගේ චූර්ණිකාව මෙතෙකින් අවසන් කොට ඔබව මේ පොතේ පිටු අතරට ගෙනයන්නයේ මේ සූදානම් වෙන්නේ. 

img071

img072

img073
img074
img075


img076

img077
img078

img079
img081
img082
img083
img084

img085
img086


මා හිතනවා, ඉහත විස්තර කියවීමෙන්, ඔබ යම් පුළුල් අදහස් ගොන්නක් අවබෝධ කරගන්නට ඇතැයි කියා. මෙතැන් සිට අපි මේ පොතේ අභ්‍යන්තරයට පිවිසෙමු.

img087
img088
img089

img092
img093

  අලිමංකඩ කඳවුර සතුරන්ගෙන් බේරා ගැනීම සඳහා මුහුදෙන් භටපිරිස් ගෙනැවිත්, වෙත්තලකර්නි වෙරළ තීරයේ ගොඩබැස, කළ මහ සටන සහ තවත් මහා ක්‍රියාන්විත රැසක තොරතුරු, මේ පොතේ ඇතුළත් වෙනවා.

img094
img095


සංග්‍රාමය විතරක් නෙවෙයි, ලස්සන ප්‍රේම වෘතාන්තයකුත් මේ පිටු අතරෙම දිවයනවා.

img096

img097

යුද්ධය කෙබඳුද යන්න විස්තර කෙරෙන අවස්ථා මෙන්ම යුද්ධය දෙස අප බැලිය යුතු දෘෂ්ටි කෝණය පැහැදිළි කෙරෙන අවස්ථාද මේ පොතේ ඇතුළත් වෙනවා.

1 before last
2 Last

මේ ලස්සන වාර්තාමය වෘතාන්තය කියවීමට මා ඔබට කාරුණිකව ඇරයුම් කරනවා. ඔබේ අදහස් දැනගැනීමට කතුවරයා වගේම මමත් බොහොම කැමැත්තෙන් ඉන්නවා.


my-signature-for-blog[1]     2014 අප්‍රේල් මස 02 දින 0010 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }