හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 September 2017

අලිමංකඩ පසුබැසීම හා කැලෑ උණ


එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට  එවකට ඔහුට  නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි.  එකල  ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි  ගෙවුහ. එදිනද  එවන් එක්  රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ  රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව  කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි. 

සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්‍රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ  හමුදා කඳවුරේ  වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්‍රහණයද  අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි.  මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට  පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක්  ඔහු අපේක්ෂා නොකළේය . 

බලසේනාධිපතිතුමා -  ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන්  ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම  එකතු කරගන්න.

මගේ පියා - සර් පස්සට යන්න. 

බලසේනාධිපතිතුමා -  ඔව් මම නැවත සනාත කරනවා.  පස්සට යන්න.

තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල  එකතුකර ගනිමින්  ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක්  ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි. 

සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී .  මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින්  ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය.  අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය. 

අවසානයේදී  කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ  බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු  වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන  නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට  යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද  අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල  වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය. 

තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක්  සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු  ඉතා  දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු.   ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර   ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය.  අධික බියට පත් අප සිතුවේ  කැලෑවේ  සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු  දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ  ගල් සෑදීම නිසා  පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක්  කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි . 

පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත්  වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .




විචාරක දියණිය  00.20 පැයට 





17 comments :

  1. විචාරක මාමාගේ මතක ලියන එක ගැන නම් විචාරක දියණියට තුති....මම අහලා තියෙනවා 2800 වඩා පිරිසක් යුද්ධය අතර තුර විජලනය නිසා මියගියා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව්බොහෝ දෙනෙක් විජලනය නිසා මිය ගියා ඒ මොකද ගුවනින් ඔවුන් පලාලි හෝ කොළඹ රැගෙන යන්න හෙකොප්ටර්වලට යන්න බැරිඋණා. මුහුදෙන් ගෙනියන එක අසාර්ථක වෑයමක් උනා.
      විචාරක දියණිය

      Delete
  2. විචාගෙ අතීත සිද්ධි මේ වගේ ලියනවට මාත් මනාපයි.
    අකමැත්තෙන් උනත් ඔහු එවෙලේ කළ යුතු දේ කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබලාගේ දිරිගැන්වීම නොතිබෙන්නට මෙය නැවතත් අක්‍රිය වෙලා බොහෝ කල්
      ඔහු තද බල කෙස දුකට පත්වෙච්ච සිද්ධියක් තමයි මේක
      විචාරක දියණිය

      Delete
  3. මේ කතා විචාරක නං නොලියන්න තිබුණ. ඒත් ඔයා ලියන එක හොඳයි. ගොඩක් ස්තූතියි.

    එක එක කුහක යක්කු ඉන්නව, කෙනෙක් ලියන්න ගත්ත ගමං ඒ අය අධෛර්යය කරන්න එක එක එව්ව ලියනව. ඒක ගණං ගන්ඩ එපා. කවුරුවත් සම්පූර්ණ නෑනෙ... තමන්ට පුළුවන් දේ උපරිමයෙන් කරන එකයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වචනටික මට ගොඩක් වටිනවා. කකුලෙන් අදින මිනිස්සු තමයි මේ රටේ වැඩිය ඉන්නේ. ඒ නිසා සාම දෙකටම හිත හදාගන්න උත්සාහ කරනවා. නැවතත් ඔබ දුන් ධෛර්යයට අනෙක වාරයක් තුති.
      විචාරක දියණිය

      Delete
  4. ඩ්‍රැකී පවසා තියෙන වදන් මගේද වන බව සලකන්න දියණි. අමුතු විෂය පද්ධතියක් තුළ අපව ඤාණනය කරන්නට වෙහෙසුන විචාරක නම් විද්වතාගේ මේ අතුදැකීම් හා තොරතුරු අපට ඉතාම වටිනවා. ඔබේ අත්දැකීම් ඉතා මැනවින් අපේද අත්දකීම් බවට පත්කරන්නට ඔබට ඇති හැකියාව ප්‍රශංසනීයයි

    ReplyDelete
  5. මගේ පෙර ලිපියට ඔබ දැක්වූ ශය නොවන්නට මේ බ්ලොගයේ අවසාන ලිපිය එය වන්නට ඉඩ තිබුණි එම නිසා මට දිරිය සදන ඔබ සියලු දෙනාට මාගේ ප්‍රණාමය පුද කරමි
    විචාරක දියණිය

    ReplyDelete
  6. ඔබ කියන්නේ අලිමංකඩ බිදු වැටිම නොව ජයසිකුරු මෙහෙයුම ආපස්සට හැරීමයි. කරුණාකර කාල වකවානු හා සිද්ධින් නිවැරදිව ගලපා ගන්න. නැතිනම් ඔබ හාස්‍යට ලක්වනු ඇත.

    ReplyDelete
  7. ඇත්තටම ලංකාවේ මෙහෙම දෙයක් උනාද ?

    ReplyDelete
  8. Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි
      විචාරක diyaniya

      Delete
  9. ලියන්න..ලියන්න..දිගටම...
    විචාරකතමන් වාහන වලට හරි මනාපයි වගෙයි..

    ReplyDelete
    Replies
    1. වාහනවලට හරිම කැමතියි. නවීනතම මෝටර් රථ පිලිබඳ නිතර අවධානයෙන් හිටියා. පාරේ යනකොට උනත් අලුත් වාහන ගැන විමසිල්ලෙන් හිටියා. ඒවා අපට පෙන්වන්න එහි තියන විඔස්තර ලියලා දුන්නේ ඔහු තමයි ලිමොසින් රථය ගැන මම ඉගෙන ගත්තේ මගේ පියාගෙන්
      විචාරක දියණිය

      Delete
  10. කියවන්න ආසයි මේ වගේ ඒවා...ස්තුතියි ලිපියට දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරය ඉහලින් අගය කරමි
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }