හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කථාවක් 2


නැවතුණු තැනින් ................

එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට  අත්‍යවශ්‍ය රාජකාරී කීපයක්  සඳහා   ස්ථාන කීපයකටම යාම‍ට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ  ඇයව උදෑසන  දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.

 

ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ.  මේ තමයි එදා දුරකතන සංවාදය 

මම - සර්  මම ............................................. දුව කතා කරන්නේ 

විදුහල්පති -  ඔව්  දරුවෝ කියන්න.  මොකක්ද ප්‍රශ්නේ? 

මම - සර්  අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?

විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ  ?

මම -  සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා .  අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට  ආවොත් මට කතා කරන්න කියන්න .

විදුහල්පති - හරි  හරි මම පණිවිඩේ ඉක්මණටම  කොහොම හරි දෙන්නම්.

මම  - බොහොම  ස්තූතියි සර්  

මේ  පණිවිඩය ලබා ගත් විගසම  මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද  රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු  නැවත කඳවුරට ගොස්තිබුණි.

වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි . 
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය.  ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය . 

අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .


විචාරක  දියණිය 23.00 පැයට 

16 comments :

  1. ජංගම දුරකථනයක් කියන්නේ මේ වගේ වෙලාවකදි හරිම වටින දෙයක්..

    ReplyDelete
    Replies
    1. අදනම් ජංගම දුරකතනයෙන් කතාකරන එක හැර අනිත් හැමදේම කරනවා.
      විචාරක දියණිය

      Delete
  2. කෙනෙකුට සතුටක් වගෙම තවත් කෙනෙකුට උුකක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමන්ට දෙයක් වෙන්න ඕන එකේ ස්වභාවය හරි හැටි හඳුනාගන්න
      විචාරක දියණිය

      Delete
  3. ඔබේ මවට කරදරයක් නොවීම සතුටත් වගේම එදා තව සෑහෙන දෙනෙකුට දුකක් උරුම වෙන්න ඇද්ද.

    ReplyDelete
  4. ඒ ගැන වචනයෙන් විස්තර කරන්න අමාරුයි මගේ පියා මොචරියේදී පිළිස්සුනු මළසිරුරු අතග තිබුනා මව හොයාගන්න ඔහු කියනවා ඇත සිරුරුවල ඇඳුම් නෑ ඇතැම් සිරුරුවල ඇඳුම් ඇඟට ඇලිලා අගුරු වෙලා කියලා. ඒ නිසා අපි ඒ දේ සිද්ධ නොවුනට ඒ දුක හොඳින් දැනුණා
    විචාරක දියණිය

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. 80 ගණන්වල මා පිට කොටුවට යමින් සිටිය අවස්ථාවක එහි බෝම්බයක් පිපිරීමේ ආරංචිය රටපුරා පැතිර යන්නට වුනා. විදුලි පණිවුඩ සම්බන්ධතා ඇණ හිට තිබු නිසා මා නිවසට ඇමතුමක්ලබාගන්ට ගත් වෑයම අසාර්ථක වුනා. හැකිතාක් කඩිනමින් නිවසට ආවත් නිවසේ සියල්ලන්ම හිටියෙ බියෙන් මුසපත් වෙලා. එදා ඔබ තුළ වගේම නිවසේත් මොනතරම් කලබලයක් වෙන්න ඇතිදැයි සිතා ගන්න හැකියි. ඔබේ පියාට මෙන්ම අපේ සිත්වල විචිත්‍ර සටහන් ඇඳෙන අයුරින් ඔබට ලියන්නට හැකියි දියණී.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම පිලිබඳ නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම අද වන විට තාක්ෂණය දියුණුවීම සතුටට කරුණක් වුවත් එහි භාවිතය පිලිබඳ සතුටු වෙන්න බැහැ.
      විචාරක දියණිය

      Delete
  7. අම්මා කෙනෙක් කියන්නේ ගොඩක් වටින කෙනෙක්. එයාගේ අහිම වීම නං හිතන්නවත් බැරි දෙයක් ඒකයි

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන් මිය ගියාම වගේම ඒ පිළිබඳව හිතන එකත් තරම් දුකක් මේ ලෝකයේ තවත් නැතිව ඇති.
      විචාරක දියණිය

      Delete
  8. මතකයන් අවදිකරන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  9. :))

    ඔයින් ගියා ඇති. හදිසි අනතුරු මරණ කියන්නේ හරිම විඳින්න අමාරු අත්දැකීම්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයට 100% එකඟ වෙමි
      විචාරක දියණිය

      Delete
  10. මට මතක් උනේ කොළඹ බෝම්බ පිපිරෙන කාලෙ අපේ අම්මල කොයිතරම් ගින්දරෙන්ද ඉන්න ඇත්තෙ කියල ..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }