හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 July 2016

ආයෙත් ලට පට

    දන්නවනේ මම හිටපු ගමන් ඔය ලටපට දේවල් කීපයක් එකට එකතුකරලා ලියන බව. එහෙම එකතුවෙච්චි දෙක තුනක් තමා මේ ලියලා දාන්නේ. මෙව්වා ගැන දන්න කියන අයගේ අදහස් දැනගැනීම මානසික සෞඛ්‍යයටත් හොඳයි මම හිතන්නේ. ඒ නිසා දන්නා ඇත්තෝ කියමු බලන්ඩ මොකෑ වෙන්නේ, මොකෑ කොරන්ඩ ඕනේ කියලා. 




පළවෙනි ලටපටේ.

   මේ  දවස්වල බොග දැමීම එපාවෙන වැඩක් සැට් වෙලා. ඒ තමයි, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බටේ වීඩියෝ සහ පින්තූර දාන්න බැරිවීමේ, මහා බහානෙක තත්වයක් උදාවී තිබීම. ඕක විසඳන්න ගිහින්, තව පොඩ්ඩෙන්, බොගටත් කෙලවෙනවා. හොඳ වෙලාවට, මුලින්ම පස්ස උඩ දාලා (backup) කරපු නිසා, වැරදුනාට පස්සේ, ආපහු බොග තිබුණු තැනටම ගත්තා. අර හිටමෝල් කෝඩ් ද html කෝඩ් ද මොනාද කියන එව්වා, විසිපස් පාරක් විතර වෙනස් කළා, ජාලයේ තියන උදව් පිටු ගානකට ගිහින්. මොන.......වැඩේ හරියන්නෙම නෑ. 

   පස්සේ ඇහුවා පටම්අහුරා ගෙන්. ඌත් කිව්වා ඌටත් ඒ ලෙඩේ බෝවෙලාය, හදන්න හැදුවට හරියන්නේ නැත කියලා. පස්සේ මම අර සරුවාංග විසේසග්න වයිද්දිය, නිමෝ තුමාගේ නොම්මරේ පටම්අහුරා ගෙන්ම ඉල්ලගෙන, රෑ වෙලාවක ගැහුවා කෝලයක්. මොන........මෙන්න මේකා උත්තර පණිවිඩයක් එවනවා, මාමේ මම මේ ගෝලීය ආර්ථික සමුළුවේ දේශනයක් පවත්තමින් ඉන්නේ, පස්සේ උඹව අමතන්නං (අඹවන්නං?) කියලා. අනේ අද වෙනතුරු ඌ අර සමුළුව අමතනවද කොහෙද, මට ඇමතුවේ නැහැ. තමුන්නාන්සේලා දන්නවානං, කියලා දෙනවකො, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බට වීඩියෝ සහ පින්තූර දැමීම නැවතිලා තියෙන්නේ හිටං මක්කැයි කියාලා සහ, ඒක විසඳන්නේ කොහොමැයි කියාලා හිටං.  

දෙවැනි ලටපටේ.

  මේ ලඟදි මම කොළඹ ගිහින් එනකොට, එක්තරා තරුණයකු, මා ගමන් කල දුම්රියට ගොඩවුනා, වේයන්ගොඩ දී හෝ මීරිගමදී. ඔහු, දුම්රියට ගොඩවූ අවස්ථාවේ සිට ගමන් කලේ, දුම්රියේ පා පුවරුවේ. දුම්රිය ඇතුලේ වාඩිවෙන්න ඕනේ තරම් ඉඩ තිබුනත්, මේ හාදයා ගමන්කළේ, පා පුවරුවේ. නමුත්, මා බෙහෙවින් කණගාටුවට පත්වුණේ, මොහුගේ දකුණු අත මැණික් කටුව ළඟින් අහිමි වී ඇති බව, දුටුවට පස්සෙයි. ඔහුට නොදැනෙන්න, මා ඔහුගේ පින්තූර කීපයක් ගත්තා. එයින් හතරක් පහත පළකරනවා. 



   තම ජංගම දුරකථනයට සම්බන්ධිත, ශ්‍රවණ උපකරණයත් කන්දෙකේ ගසාගෙන, ඔහු සිටියේ, බොහොම විනෝදකාමී ස්වරූපයකින්. ඔහු, වරින්වර, පාපුවරුවේ විවිධ ඉරියව් පාමින්, ගමන් කළා. දැනටමත් එක් අතක් මෙලෙස ආබාධිතව තිබියදී, මෙලෙස අනාරක්‍ෂිතව දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන්, බරපතළ ආදීනව ලැබිය හැකි බව ඔහුට කීමට සිතුනත්, මේ පරපුර අවවාද පිළිගන්න අය නොවන බව අද්දැකීමෙන්ම දන්නා නිසාත්, උඹට මොකද H කියා, අහන්න ඉඩ තිබෙන නිසාත්, මා නිහඬව මේ විප්‍රකාරය නරඹමින් ආවා. හැබැයි, ඔහු දුම්රියෙන් වැටුනානම්, මා පැහැදිලිවම සාක්ෂි දෙනවා, ඔහු නොසැලකිල්ලෙන් එම අනතුර කරගත් බවට. 

   මේ තරුණයා, අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් බැසගියා. මට ඒ වෙලාවේ පොඩි සැකයක් ඇතිවුනා මොහු හමුදා සොල්දාදුවකුද කියා. නමුත්, හොඳ පුහුණුවක් ඇති සොල්දාදුවකු, මෙලෙස ඇඳුම් අඳින්නේවත්, යුද්ධයේදී ආබාධිත වූවකු නම්, මෙලෙස හැසිරෙන්නේවත් නැහැ. අනික, යුද්ධයේදී ආබාධිත වූවානම්, ඔහුට කෘත්‍රිම අතක් හිමිවෙනවා. කෙසේ වෙතත්, වර්තමාන සොල්දාදු පරපුරේ අය, මෙලෙස හැසිරෙනවාදයි මා දන්නේ නැහැ. 


තුන්වැනි ලටපටේ 

සැටලයිට් සිංග්ලිෂ් ගැන දන්නවද? මා පහත දැක්වෙන සැටලයිට් සිංග්ලිෂ් පින්තූර ටික එකතුකරගත්තේ ගෙදරදී සැටලයිට් ටීවී වැඩසටහන් බලන අතරේදීයි. ඔන්න බලන්නකෝ සැටලයිට් සිංග්ලිෂ්. 















ඔය ඇති නේද? ගොහිං එඤ්ඤං ඈ?

2016 ජූලි මස 13 වැනි දින 1421 පැය 



34 comments :

  1. අන්තිම එක සුබා සහ ප්‍රබා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැලපෙ කිව්වට පස්සේ මටත් එහෙම හිතෙනවා.

      Delete
  2. වර්තමාන සොල්දාදු පරපුරේ අය, මෙලෙස හැසිරෙනවාදයි මා දන්නේ නැහැ/////////////// may be

    ReplyDelete
    Replies
    1. මෑතකදී මට කීපවිටක් අද්දැකීම් ලැබුණා.

      Delete
  3. නම දැක්ක ගමං හිතුවෙ කො කා සංගමයේ සභාපතිතුමාගේ වැඩක් කියල :D

    ReplyDelete
    Replies
    1. විචාට ලටපට කරල සභාපතිතුමාට මල්ටි බැරල් පාරක් කෑමේ අවශ්‍යතාවයක් නෑ.

      Delete
    2. @ නිර්නාම. කො.ක. සංගමයේ වාර්ෂික සමුළුව කවද්ද දන්නෑ.

      @ ප්‍රසන්න. චෑ චෑ..... එහෙම මල්ටි බැරල් නාස්ති කොරනවද අපි, ගල් කටස් තියෙද්දී.

      Delete
  4. සමන් තන්... ඔය තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සමන් ද සැමන් ද මන්දා...

      Delete
    2. සමන් තැන්න පට්ට ටෙලිය..

      Delete
    3. ඒ වුනාට මෙතන තැන්න නෙවෙයිනේ. කඳුගැට නේ.

      Delete
  5. බ්ලොගර් යූබට ලෙඩේට බේතක් නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ගූගල් එකෙන් third party html codes දාන එක වලක්වලා.

      Delete
  6. 1) යූ බටේ ලෙඩේ ගැන හාංකවිස්සක් නොදනී.
    2) ගස්ලබ්බා එලියට බැස්සත් 'මල්ලි ෆයිනල් බැට්ල් එකෙන්ද ඩැමේජ් උනේ?' කියලා අහලා පුටුවක් දෙන එකේ, බැලූ බැල්මට නම් සොල්දාදුවෝ හොයනවා බොරු.
    3) ඒ කාලෙ ඇස්.ඇම්.ඇස් වල පිරිලා තිබුනේ hondata padam karanna කියලා.ගස්ලබ්බට ඕක පෙනෙන්නෙම හොඳට පදම් කරන්න කියලා නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 1. දැන් මාසයක් විතර වෙනවා. පොඩ්ඩක් හොයාපන්කෝ බේතක් තියේද කියලා.

      2. හෙහ් හෙහ්, උඹත් නෝනට කියන්න ඇති, මේවා කිලිනොච්චි - මැදවච්චි වැඩ කියලා.
      ඔව් දැන් ඉන්න සමහර සොල්දාදුවෝ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.

      3. නොදකින්, අපි ඉස්කෝලේ යන කාලේ පදම් කරන්න තියා, පදම කියන්නේ මොකද්ද කියන්නවත් දන්නේ නෑ.

      Delete
  7. මං ඒයාව දන්නවා වාගේ . ලාටු උලපු නැති එකක් මේල් කරනු මැනවි

    ReplyDelete
    Replies
    1. හරි එවඤ්ඤං, ඒ අතරේ මේ බොගර් ලෙඩේට බේතක් හොයන්න කල්පනාවක් නැද්ද?

      Delete
  8. ඕක කියලා දෙන්න ගියානං විචාමාමට දත් දෙකක් අහිමිවෙන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. අසේවනාච බාලානං කියන එක මතක්වුන නිසා තමා සද්ද නැතුව හිටියේ

      Delete
  9. යූ බට ලෙඩේ විදෙස් කුමන්ත්‍රණයක් විය හැක.
    ඔය වගේ කොල්ලො තමයි කොණ්ඩරි ගහල අකාලෙ ජීවිතේ නැතිකරගන්න‍ෙ
    පේන දෙයක් බලනව මිසක් ඔය හොටලයිට් ගැන ඔච්චර හොයන්න යන්න එපා. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඔය කුමන්ත්‍රනේට විරුද්ධව මම එක්සත් ජාතීන්ගේ සංවිධානේ ඉස්සරහා උපවාසයක් පටන්ගන්නවා. උඹට පුලුවන්නම් ලෙමන් පෆ් සහ තැඹිලි වතුර අරන් වරෙන්.

      මෝඩකමට බෙහෙත් නෑ කියලා කියමනක් හැදිලා තියෙන්නේ මේ වගේ අය නිසා.

      මෙහෙමයි වැඩේ. අද දවසේ ඉස්සරහට තියන වැඩසටහන් මොනවද කියලා බලනකොට තමා මේ මැජික් සිංහල දකින්නේ.

      Delete
  10. Replies
    1. හාලා විතරක් වැඩක් නෑ.

      Delete
  11. කොමෙන්ට් දාන්නත් බැරිද මන්දා.. දහ පාරක් විතර ට්‍රයි කරනවා.. බලමු මේකවත්

    ReplyDelete
    Replies
    1. හුකා .. ඒක ගියා නේ. කොමෙන්ට් වලට වීඩියෝ ෆොටෝ දාන්න මම කවදාවත් දැනං උන්නේ නෑ

      Delete
    2. මොකක්ද බං මේ ලින්ක් එක? මම විනාඩි විසි ගානක් බලං හිටියා.. අන්තිමට තමයි හිතුනේ වීඩියෝ ලින්ක් දාන විදිය පෙන්නන්නවත් මේකා මේක දැම්මද කියල.. හැක.. (එහෙම දානවනම් යකෝ විනාඩියක දෙහෙක එකක් දාන්න එපයි.. කොටියම කාපිය..)

      Delete
    3. @ කල්‍යාණ.
      කොමෙන්ට් දාගන්න බැරි දැන් ඔය වයසට අතපය වලංගු නැති නිසා. හනේ හනේ, අපේ සිංහල බොග් කීයක් තියනවද කොමෙන්ට් වලට වීඩියෝ සහ පොටෝ දාන්න පුළුවන් එව්වා. දැන් ඒ එක බොගකවත් ඒ වැඩේ කොරන්න බැහැ. ගූගලයා මොකක්ද කොරලා. කොමෙන්ට් වලට පොටෝ සහ වීඩියෝ දාන්න නම්, බොග අයිතිකාරයා template එක edit කරලා වෙනම html codes දාන්න ඕනේ. නොදැන කරන්න ගියොත් බොග හබක්.

      @ ඉවාන්
      හිටගෙන ප්‍රවෘත්ති කියවන කලාව. 'හිටු ප්‍රවෘත්ති'අනේ ඉවාන්, ඔය කල්‍යාණ හම්බවෙච්චි වෙලාවක පොඩි ටියුෂන් එකක් දීපන්, කොමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දාන එක ගැන.

      Delete
  12. 1. අත් දෙකක් තියාගෙනත් විචා තුමා බිය වුනායැ.
    2. අපෙත් ගොයියෙක් ඉන්නව හරි ආසාවෙන් තමා පා පුවරුවේ යන්නෙ....හැබැයි මෑන්ගෙ අත්දෙකම තියෙනවා.....ඒත් බලාගෙනයි ඕන් නොකිව්ව කියන්න එපා විචා තුමා කියා තියෙනවා වෙන දේ.
    3.දැන් ඉන්න හමුදාවෙ මාමලා ගැන නම් කතා තරල වැඩක් නෑ...සම හරක් විතරයි...වෙලාවකට නැට්ට වැටිච්ච තැනටත් යටින් ජංගිය

    ReplyDelete
    Replies
    1. 1. බය නෙවෙයි මෙව්වා දැක්කම අනේ අනිච්චං කියලා තමයි හිතෙන්නේ.

      2. ඉඳගන්න ඉඩක් ඇත්තෙම නැත්තං. කොහොම හරි යන්නත් ඕනෙනං, ටිකක් එල්ලිලා ගියාට කමක් නෑ ඒ වැඩේට අතපය හයිය තියනවනං. නමුත් ජොලියට යෑමේ තේරුමක් නෑ.

      3. අපොයි ඔව්. ආයෙත් කර අඹලා හදන්න වෙයි වගේ.

      Delete
  13. ඔය එව්වා මෙව්වා නැත්තං තියෙන එකක් තියාගෙන ලියන එකනෙ තියෙන්නේ.
    විචාරක මහත්තයා නියම යුධ ලේඛකයෙක්. එව්වා බලන්න එන අපිට මෙව්වා පෙන්නලා.....

    ReplyDelete
    Replies
    1. මේකනේ වැඩේ. මම ලියන යුද්ද කතාවලදී සමහර කොමෙන්ට් වලට වැඩිදුර කරුණු පැහැදිළි කරන්න පින්තූර සහ වීඩියෝ දාන්න වෙනවා. එහෙම නැතිවීම ලොකු පාඩුවක්.

      හෙහ් හෙහ්, එව්වා ගැන කියලා මෙව්වා පෙන්නීමත් එක්තරා කලාවක් නේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }