හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 June 2016

ගෙදරදි කළහැකි පොඩි පොඩි වැඩ කිඩ

   හප්පා..........මේ දවස්වල, ඔන්න ආයෙත්, එකසිය ගානට ජාලය පුරා කරක් ගහන්ඩ පටන් ගත්තා, පරණ යුද තොරතුරු ටිකක් හොයන්න. ඒ අල්ල පනල්ලේ දැක්ක දෙයක් තමයි, අද මෙහෙම බෙදා හදාගන්න හිතුවේ. හැබෑටම තමුන්නැහෙලා ගෙදර නිකං (ඇඳුම් ඇඳගෙන නිකං හිටං) ඉන්න වෙලාවට, ඔය පොඩි පොඩි කරුමාන්ත වැඩ කොරන්නේ නැද්ද? වයසක උන්දෑ වුනාට මොකෑ, මමනං ඔය, කියත, මිටිය, නියන (ඔව් හැම එකක්ම) පාවිච්චි කොරලා, පොඩි පොඩි කරුමාන්ත කොරනවා. තමන්ගේ ගෙදර පොරෝජනේට කියලා, නිකං මේ බංකු කෑල්ලක්, කොලොම්බුවක්, වගේ දෙයක් හදාගත්තාම දැනෙන චිත්තප්පිරීතිය, කියලා නිමකොරන්ඩ බෑ ඕං. ඔන්න මම පහලින් දානවා පින්තූර ටිකක්. බලන්ඩකෝ හිටං. බලලා කියන්ඩකෝ හිටං, මොකෑ හිතෙන්නේ කියලා.  


   බලන්ඩකෝ හිටං. ඔයවගේ පොඩි රාක්ක කෑල්ලක්, කුස්සියේ හරි, කාමරේක හරි හදාගන්ඩ පුලුවන්නං, කොච්චර පොරෝජං වෙනවද? 


   දඟකාර පැටවු දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට, උන්ගේ අඩුම කුඩුම තියාගන්න, මෙන්න මෙව්වාගේ එකක් හදලා දෙන්ඩ පුලුවන්නං හොඳයි නේද? ඔන්න හදන හැටි ගැන අදහසක් ගන්ඩ, පහල තියන පින්තූරේ බලන්ඩ.



   සපත්තු තියන්නයි, සපත්තු රාක්කය උඩ වාඩිවෙලා සපත්තු දාන්නයි, දෙකම කොරාගන්න මෙන්න බඩුවක්, හදන හැටිත් එක්කම.




පහලින් තියනවා, චූටි රාක්ක කෑලි කීපයක්. ඒවා සෑහෙන්න පොරෝජං වෙන බව පේනවා.










   මේක නම් ගෙදරදී හදන්න අමාරු වෙයි. නමුත්, වඩුවැඩ දන්නා කෙනෙකුට, එතරම් අමාරු දෙයක් නෙවෙයි. බිත්තියට ගිල්ලවූ රාක්කයක්. 



   අද කාලේ, ගෙදරක තියන දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ, ගෙදර නෝනා වුනත්, කියතක්, මිටියක්, ඉස්කුරුප්පු නියනක්, පාවිච්චි කරන හැටි දැන සිටීම වැදගත්. 





   ලෑලි කෑලි ටිකක් පුරුද්දන හැටි ඉගෙන ගැනීම, මහා ලොකු කජ්ජක් නෙවෙයි. ටිකක් කල්පනා කලාම, අදහස හිතට එනවා. තමන්ම හදාගත්තාම, කොච්චර සතුටක්ද? 













   මේ පහත තියන බහුකාර්ය කැබිනට්ටුව සහිත මේසය හදන්නත් ටිකක් දැනුම ඕනේ. ඔන්න හදන විදිහත් දානවා. 




   මේ මේසය නම්, හදන්න එච්චර අමාරු නැහැ.




මේස විතරක් හදලා මදිනේ. ඔන්න ලස්සණ පුටුවකුත් තියනවා. මේ පුටුව හැදීම, හිතන තරම් අමාරු නැහැ.





ඉතිං මොකද හිතෙන්නේ. විවේක වෙලාවල් තියන විටක, මෙවැනි දෙයක් කරන්න උත්සාහ කර බලන්න.

2016 ජූනි මස 21 වැනි දින 2243 පැය 


75 comments :

  1. ඔහේ ඕවා හදලා අහවර වෙලාම අපටත් බලන්න පියවරෙන් පියවර ෆොටෝ සහ විස්තර එක්ක ලිපියක් දාන්නකෝ හිටං!

    ReplyDelete
    Replies
    1. අලුතෙන් හදන්න දෙයක් දැන්නම් ඉතුරු වෙලා නැහැ. 2000 - 2005 කාලය ඇතුළත හදපු දේවල් තුනක පින්තූර පහලින් දානවා. මේවා හදන්න අවශ්‍ය යාන්ත්‍රික මෙවලම් මගේ ළඟ අදත් තියනවා.

      [im#]https://jangun.files.wordpress.com/2016/06/dsc_0040.jpg[/im]


      [im#]https://jangun.files.wordpress.com/2016/06/dsc_0041.jpg[/im]


      [im#]https://jangun.files.wordpress.com/2016/06/dsc_0042.jpg[/im]

      මේවා ඉතා සරල නිර්මාණ. ලෑලි පිරිද්දීම පමණයි කර තිබෙන්නේ.

      Delete
    2. හමුදාවේ ඒකීය බව හා රේඛීය බව මනාව පිළිඹිඹුවන පින්තූරයක් ඉහළින්ම.. :D

      විහිළුවක් හොඳේ.

      Delete
    3. බලන්න ඒ රාක්ක කෑල්ල උඩ මම කොච්චර ලස්සනට බඩු අහුරලා තියනවද කියලා :D

      Delete
    4. මචං ටීවී ස්ටැන්ඩ් එක කඩෙං නේද ගත්තේ

      Delete
    5. නැත දරුවා නැත. ඒකෙ නමක් පේනවා නේද? ඒ නම සහිත බැජ් එක මම හොයලා ගහපු එකක්.

      Delete
  2. විචා. මමත් එකෝ ගෙයක් (පොඩිම පොඩි) හදන්ට හිතන් ඉන්නව මට ඕන විදිහට. ඔහෙගෙ මේ පොස්ට් එකේ ලින්ක් එක මම සේව් කරගත්ත මොකද මේ ඩයගරම් මට වටිනා නිසා. බෝජෝම ස්තුතියි විචා. අද මගේ ලකී දවස. එකෙක් සෝලාර් සිස්ටම් එකක් ගැනත් ලියල තිබ්බ. තෑන්ක්ස් හොඳේ..!! 👊

    ReplyDelete
    Replies
    1. මට හරිම සතුටුයි කාට හරි ප්‍රයෝජනයක් වීම ගැන. ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  3. බල්ලට කූඩුවක් හදන්න හිතේ තියනවා

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ තියන සීතලට ඔරොත්තු දෙන එකක් හදන්න වෙයි.

      Delete
  4. තමන් අතින්ම මේ වගේ දෙයක් කළාට පස්සේ හිතට පොඩි සතුටකුත් දැනෙනවා නේද???

    මාත් මේ ටික ගත්තා අපේ ගෙදර අයට පෙන්නලා කැබිනට්ටුවක්, මේසයක්කාරිය හදාගන්න....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. මේ වගේ නිර්මාණයක් කිරීමෙන් ලැබෙන මානසික සතුට අපමණයි.

      ඇත්තෙන්ම ගෙදරකට මෙවැනි සරල නිර්මාණ වලින් බොහොම ප්‍රයෝජන ගන්න පුළුවන්.

      Delete
  5. අර එක එක ප්‍රමානේ හිිල් තියන බෝල රාක්කේ, පේලියට බෝල රන්දල තියන හැටි මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්, මටනම් රන්දන්න පුළුවන් වෙන්නේ දෙකයි. :D

      Delete
  6. පට්ටලයක් ගෙනල්ලම වැඩේට බහින්න වෙයි වගේ.
    පහුගිය දවස්වල රාක්කයක් ෂෝකේස් එකක් කරන වැඩේනං කළා.

    ReplyDelete
    Replies
    1. පට්ටලේ හයි කරාම කියන්ඩ අපිටත් ඈ :D

      Delete
    2. ඇයි ඔන්චිලි පදින්න ද?

      Delete
    3. @ ප්‍රසන්න. පට්ටලේ කතාව කියලා දෙන්න කෝල් එකක් දීපන්.

      @ පත්තරේ. සද්දේ ඇහෙයි ගමටම.

      Delete
  7. මම හිතුවෙ අඩු ගානෙ හදපු බංකුවක්වත් ෆොටෝ ගහල දාල කියල, මෙහෙමත් හොර ගෙඩියෙක්. කොහොම හරි මේකෙන් මට අදහසක් ආව..... රාක්කයක් හදල අරක්කු බෝතල් ටිකක් තියන්න ඒ එක්කම පොඩි මේසෙකුයි පුටුවකුයි හදන්නත්.

    ReplyDelete
    Replies
    1. මොකට කරදර වෙනවද අනේ මේස පුටු නං ඕනත් නෑ බං.. අර රාක්කෙ පිලිවෙලක් කරල කෝල් එකක් දියංකො :D

      Delete
    2. රාක්කයක් ඕනත් නෑ අනේ. ඔය පැදුරක් එලල ගත්තම මදැයි වැඩේට. හැක්..

      Delete
    3. කියතයි ,මිටියයිත් විසික් කොරනව. රුපියල් පහේ ප්ලාස්ටික් කෝප්ප දෙකක් ඇති හොදටම.

      Delete
    4. අපි එහෙම කරදර කරන්න කැමති නෑ බං.. එකක් ඇති :D ඒ පහට ඉතුරුව දාල ගෝලිප් එකක් ගෙනෙං.

      Delete
    5. @ කම්මල. අන්න පලවෙනි කමෙන්ට් එකේ රසිකට දුන්න පිළිතුරේ තියනවා මගේ කරුමාන්ත වල පින්තූර. ගොහිං බලනවා හොඳයි.

      @ ප්‍රසන්න/පත්තරේ. පැදුරක් එලලා ඒක උඩ රාක්කෙ තියමු.

      Delete
  8. http://www.instructables.com
    ෙම්ෙකත් ඔ්වා තිෙයනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වගේ අඩවි ගොඩක් හොයාගන්න පුළුවන් ජාලයෙන්. මම බෝම්බ අහුරන පෙට්ටි ගැන හොයද්දී මේවා හමුවුනේ.

      Delete
    2. මමත් නිතරම බලන අඩවියක් තමා ඕක. එක එක තරඟත් තියෙනවා ඒකෙ.

      Delete
  9. හරිම ආසයි මේ වගේ වැඩ වලට ඒ වුනාට කම්මැලියි

    ReplyDelete
    Replies
    1. කම්මැලිකමට ඉන්ඩ හාන්සි පුටුවක් හදන්නකො ඉයන්.

      Delete
    2. @ ඉයන්. මේවා එක දවසෙන් හදන්න බැහැ. විවේක වෙලාවල් වල කෑල්ල කෑල්ල හද හදා තමයි වැඩේ ඉවරකරගන්න වෙන්නේ.

      @ කම්මල්. අන්න හොඳ අදහසක්.

      Delete
  10. අර පැන්ට්‍රි දොරේ හයි කරල තියන රාක්ක කෑල්ල අපූරුයි, ලංකාවට ගැලපෙන්නේ ඇණ නැතිව ගලවල සුද්ධකරන්න පුළුවන් ඒවා, නැතිනම් දූවිලි සහ කැරපොත්තන් අයින් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හප්පේ....එපාම වෙන වැඩක් තමා පැන්ට්‍රි කබඩ් සුද්ද කෙරිල්ල. එව්වා ඇතුලෙත් මකුළුවෝ දැල් බඳිනවා.

      Delete
  11. Very good capenter works you show the post. Thank lots. Very usefull to all we.

    ReplyDelete
    Replies
    1. yes.yes. can mayk nayis pantycabads to mayk yuwar panty luk nayis

      Delete
    2. yes sar, yes sar, pantycabad. yu no have nais panty at home? larn from dis yu can mayk nais pantytop too

      Delete
    3. O yas. Yu make lot pantycabed yu kan make a pantyhouse olso.

      Delete
    4. @ Ratathota Wisthara. Tanks four yuwar koment kam hiyar oldways.

      @ Others. Pantys are a kind of kabads

      Delete
  12. විචා, මේව මෙහෙම ලෙහෙසියි වගේ පෙනුනට ගෙදරදි හදන්න බෑ. හදන්න බෑ කියන්නෙ වෙන මොකුත් අවුලක් නෙවේ, අපි හැදුවට මෙච්චර නිමාවක් එන්නෙ නෑ. මොකද මේවා නීට් එකට තිබුනෙ නැත්නම් නිකංම නිකං පතෝල මැහි වගේ වෙනව. මෙවැනි දේවල් හරියට හදන්න නං අඩු ගානෙ වඩු මැෂිමක් ඕන කරනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය පිරිද්දුම් වලදි ලීය හරියට කෙලින් කැපිල තියෙන්න ඕන. නැත්තං සර්ෆස් දෙක හරියට ෆිට් වෙන්නෙ නෑ. එතකොට කොච්චර ඇණ ගැහුවත් වැනෙන එක නවත්තන්න බෑ. කියතකින් ඒ වගේ කපන්න පුලුවන් හොඳටම අත් හුරුව තියන කෙනෙකුට විතරයි. ඔය වැඩේම ඇලුමිනියම් වැඩ කරනකොටත් වෙනව. කට් ඕෆ් සෝ එකක් නැතුව කියතකින් කපල හැදුවොත් පතෝල මැස්සක් තමයි.

      Delete
    2. https://www.youtube.com/watch?v=14i46xJaRoA
      මේ වීඩියෝ බලන්න කොච්චර උපකරණ පාවිච්චි කරනවද කියල. ඒ වගේම අදාල උපකරණ වල ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියල දිගින් දිගටම කියනව.

      Delete
    3. // නැත්තං සර්ෆස් දෙක හරියට ෆිට් වෙන්නෙ නෑ. එතකොට කොච්චර ඇණ ගැහුවත් වැනෙන එක නවත්තන්න බෑ. //

      ලී දෙක හරියට හේත්තුවට තියල වෑල්ඩිං ඩොට් දෙකක් තියහංකො… .ඉවරනෙ . චැහ් :D

      Delete
    4. බොට පුලුවන්නං ලී වෑල්ඩිං කරන මැෂිමක් හදහං. හැක්..

      Delete
    5. //මොකද මේවා නීට් එකට තිබුනෙ නැත්නම් නිකංම නිකං පතෝල මැහි වගේ වෙනව.// හරියට හරි. බංකු කෑල්ලක් උනත් වැනෙන්නෙ නැතිවෙන්න හදන්න මාර ගේමක් දෙන්න ඕනෙ. සමහර විට ඔය ඇදේට කැපුණු වැරදුණු එව්වට දාන්න ඕන පිළියම් වඩුවැඩ කරන අය දන්නවා ඇති.

      Delete
    6. @ රාජ්. ඇත්ත රාජ්. යම්කිසි මූලික දැනුමක් සහ ආයුධ හැසිරවීම පිලිබන්දදනුමක් නැත්නම් අමාරුයි. මම පාසල් කාලයේදීම (ඒ කාලේ ජීවන කුසලතා නෙවෙයි, කෙලින්ම වඩු වැඩ, ලෝහ වැඩ, තිබුනේ) මේ දේවල් ගැන අත්දැකීම් ලැබුවා. මගේ පියා මෙවැනි නිර්මාණ රාශියක් කළා. ඊට හවුල්වීමෙන් මා යම් පන්නරයක් ලැබුවා. වැරදි වැරදී කීපයක් හදාගත්තොත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්. අහක දාන බාල ලෑලි වලින් තමා පළමුව උත්සාහ කරන්න ඕනේ. ලොකු වඩු මැෂිමක් අවශ්‍ය නැහැ. ප්ලේනර්, රවුටර්, ඩ්‍රිල්, දඬු අඬුව, ඉතුරු සරල අත් ආයුධ තිබුනම ඇති.

      @ ප්‍රසන්න. ඔන්න මමත් උත්සාහ කරනවා වීඩියෝ එක මෙතනට දාන්න.

      https://www.youtube.com/watch?v=14i46xJaRoA

      හරි හරි. ඔය පෙන්නන්නේ ජාත්‍යන්තර ප්‍රමිතිය. නමුත් අතේ හුරුව වැඩි දියුණු කරගැනීමෙන් සෑහෙන තරම් සතුටුදායක නිර්මාණයක් කරන්න පුළුවන්.

      @ පත්ත්ර්. උඹනම් ආයේ කවදාවත් වැල්ඩින් වැඩට යන එකක් නැහැ. දැන් එකක් කොලා මදෑ.

      @ හරී. මම දීලා තියන පින්තූරේ තියන බංකු හෙලවෙන්නේ නැති විදිහට හදන්න පුළුවන්. අපි හැමදාම ලෑලි කෑල්ලකට කකුල් හතරක් ගහලා බංකු හදන්න යන නිසයි වැනෙන්නේ.

      Delete
    7. ඔව් ඒක ඇත්ත. අනික අපි ගොඩක්වෙලාවට යකඩ ඇණ ගහලනෙ වැඩේ ගොඩදාන්න යන්නෙ ලෑලි පුරුද්දන්නෙ නැතුව. මට දැනුයි ඒක තේරුනේ.

      Delete
    8. ඉස්සර අපේ ඉස්කෝලෙත් ඔය වඩු වැඩ, වෑල්ඩින් වැඩ උගන්නන අංශයක් තිබුණ. ඉස්කෝල වලට අවශ්‍ය ඩෙස්ක්, පුටු හැදුවෙත් ඒකෙ. අන්තිම කාලෙදි ඒක වහල දැම්ම. ඒ වගේ දේවල් පාසල් කාලෙදි ඉගෙනගන්න පුලුවන්නං ඒක සෑහෙන්න වටිනව.

      Delete
    9. හොඳ දේවල් වහලා දැමීම අපේ අධ්‍යාපන ක්‍රමයේ තියන 'උසස්ම අංගයක්' :D

      Delete
  13. දැන් විචාරක මහත්තයා මේවලින් කීයක් හැදුවද? දාමු බලන්න පොටෝ.

    අඩුවට ලෑලි ගන්න තැනකුත් දැම්මා නම්. හොඳට යතු ගාපුවා. මොකද යතු ගාන එක නම් වඩු පට්ටලයක් නැතුව අමාරුයි.

    ReplyDelete
    Replies
    1. යතු ගාන්න බැරිනං වැලි කොලෙන් අල්ලහංකො .. :D

      Delete
    2. නියමෙට තියෙයි.

      Delete
    3. @ හරි. මෑතකදී මොකුත් හැදුවේ නැහැ. 2000 - 2005 කාලේ හදපු ඒවාගේ පින්තූර අන්න පලවෙනි කොමෙන්ට් එකේ රසිකට පිළිතුර විදිහට පෙන්නලා තියනවා.

      Delete
    4. [im]https://jangun.files.wordpress.com/2016/06/dsc_0042.jpg[/im]

      නැත දරුවා නැත

      Delete
  14. ඕ ලෙවල් කරලා ගෙදර හිටපු කාලෙ හරි ඊට පොඩ්ඩක් හරි කලින් කාලෙක මමයි තාත්තයි අපේ ලොකු තාත්ත කෙනෙක්ගේ ගෙදරක කපපු විශාල නැදුන් ගහක මුල් අරගෙන ඇවිත් හරස් කියතෙන් ඉරලා, ලොකු පුටු සෙටියයි, ලොකු ටී පෝ එකයි, පොඩි එව්වා දෙකකුයි හදලා, ඊට පස්සේ තව කොස් ලෑලි වගයකුත් දාලා අඩි 10 කට වඩා දිග කැබිනෙට් එකකුත් හැදුවා...
    ඊට අමතරව අපේ ගෙදර උළුවහු ජනෙල් දොරවල් සියල්ල තාත්ත ගෙදරම හදපුවා...
    ඒ කාලේ අපේ ගෙදර නොතිබ්බේ කඳන් ඉරන මහ කියතක් විතරයි, අනිත් සියළුම ආවුද තිබුනා...
    පස්සේ කාලේ එක එකා ඒවා අරගෙන ගිහින් තියාගෙන, අද ගෙදර තියෙන මිටිය කියත අඬුව එහෙම මම පස්සේ කාලෙක ගෙනාපු ඒවා...

    ඔය ලී බඩු හැදිල්ලෙන් පස්සේ අපි දෙන්න එක්ක එක්කාසු වෙලා අඩි 12x30 වගේ ගොඩනැගිල්ලක් හැදුවා කුඩු ගල් වලින්. ඒවා බැන්දේ මැටි වලින්. මලය තමයි මැටි අනපු ගෝලයා...
    ඒ ගල් කිසි හැඩේකට නැහැ, මේසන් හැන්දෙන් ගහල මට්ටම් කර ගන්න ඕනේ, එහෙමත් බැරිනම් ලොකු දුනු කොලේකින් හදපු තඩි මන්නයක් වගේ එකක් තියෙනවා...
    අන්න ඒකෙන් ගහල හදා ගන්න ඕනේ...
    තාත්ත එක පැත්තකින් බිත්තිය බැඳගෙන එද්දී මම අනිත් පැත්තෙන් බැඳගෙන ආව...
    වහල ගහද්දි විතරක් තාත්ත යාලුවෙක් කතා කර ගත්තා උදව්වට...
    ඒ ගොඩනැගිල්ල අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් අපේ ගෙදර තිබ්බ අපිව ජිවත් කරවපු ටොපි ෆැක්ටරිය බවට පත්වෙලා තිබුනා...
    පස්සේ ඒක කඩල දාල සිමෙන්ති ගලෙන් වෙනම එකක් හැදුවා...

    එහෙව් මම දැන් ගෙදර බිත්තියකට ඇණයක් ගහන්නත් කම්මැලියි...
    හැබැයි අදටත් වැඩක් පටන් ගත්තොත් ලෙසටම කරනවා ආයේ දෙකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඉතා අගනා විස්තරයක්. අපේ පැරැන්නන් දැනගත් දේ වලින් අපට දායාද වශයෙන් ලැබුණු දැනුමෙන් අල්පයි අපේ මතකයේ තියෙන්නේ. එමෙන්ම ඔවුන්ගේ ශිල්පීය හැකියාවාපට දායාද කලත්, නවීන තාක්ෂනය මගින් අපිව කම්මැලියන් බවට පත්කර තිබෙනවා.

      නමුත් අප දන්නා යමක් වේ නම් එය බාල පරපුරට දායාද කිරීම අපේ යුතුකමක්. එය ඉදිරියට ගෙනයාම හෝ නොයාම ඔවුන්ගේ වැඩක්.

      Delete
  15. කොහොමද වැඩක් කරන්නෙ කියලා අවබෝධයක් හරි තියන එක වැදගත්.ඔය වඩු වැඩ සීන් එකට අතේ හුරුවත් හරියටම තියෙන්න ඕනෙ.ආම්පන්නත් ගැලපෙන ඒවා තිබුනොත් ලස්සනට එනවා.නැත්තන් ටික දවසයි බඩු හබක්.. හෙහ් හෙහ්.. මොනව උනත් මේවා දැනගන ඉන්න එක කෝකටත් හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මූලික දැනුම නැතුව ෆෝන් එකකින් කෝල් එකක් ගන්නවත් බැහැනේ. ඒ වගේ මෙවැනි දේට අත තියන්න කලින් යම් දැනුමක් සහ අවශ්‍ය සරල ආයුධ ටිකක් තියෙන්න ඕනේ.

      Delete
  16. අපේ ගෙට අල්ලපු ගෙදර ඉන්නේ වඩ්ඩේක්..

    ReplyDelete
    Replies
    1. එයාට කියලා ටියුෂන් ක්ලාස් එකක් දාගන්න.

      Delete
  17. පත්තරයව දාන්න කූඩුවක් හදන්නත් තියනවා...

    හික්

    ජ ය වේව ා !!!

    ReplyDelete
    Replies
    1. පත්තරයට ගෙදරම කූඩුවක් තියනවා.

      මේ, ඉවාන් ගේ සැපදුක් දන්නේ කවුද?

      Delete
  18. විචෝ,
    මේක නම් බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මහා දිග විස්තරයක් ලැබුණා. බොහොම ටිකයි දැම්මේ.

      Delete
  19. අගනා පොස්ටුවක්...මෙහේ තියනවා ඔය වගේ සරලව හදාගන්න මේස, පොත් රාක්ක, ආදී බොහෝ දේ වලට අවශ්‍ය කළමනා සියල්ලම ගන්න එක තැනකින්...සංකල්පය හිතේ තියනවා නම්, ඒ දේවල් හදා ගන්න බොහෝ පහසුයි..ඒ වගේම සරලයි, සුන්දරයි...මිල අධික නොවෙන පොත් රාක්කයක් වගේ දෙයක් අපි අන්තර්ජාලය හරහා මිලදී ගත්තොත්, එය එකලස් කරගත යුත්තේ අපිමයි...උපදෙස් පත්‍රිකාව බලාගෙන එය එකලස් කරගත්තාම හිතට ලොකු සතුටක් දැනෙනවා...ඔබ කිව්වා වගේ ගැහැණු, පිරිමි කියල බේදයක් නැහැ, යම් තාක්ෂණික දැනුමක් තිබෙන එක ඕනෑම කෙනෙකුට බොහෝ වටිනවා...මෙහෙ නම් විශේෂයෙන්ම තමන්ගේම කියා නිවසක් මිලදී ගත්තම බොහෝ අය, තමන්ට උවමනා සරල බඩු භාණ්ඩ නිවසේදීම තනා ගන්නවා...මුළු පවුලම එකතු වෙලා පුංචි project එකක් වගේ සති අන්ත වල මෙවැනි දෑ කරනවා...මෙහෙ කිව්වේ ඇමෙරිකාවේ...එහි තිබෙන තෘප්තිය දන්නේ එවැනි දේ කරන අයම පමණයි :)...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ වගේ දෙයක් කරන්න ආසා අයට ලංකාවේදී නම් ලාබෙට අමුද්‍රව්‍ය ගැනීම තරමක් අපහසු වැඩක්.

      Delete
  20. DIY ව්‍යාපෘතියක අගය දන්නේ ඒවාට පෙම්බඳින වුන් පමණි. මගේ තාත්තයි මායි දෙන්නම සාමාජිකයෝ.

    ReplyDelete
    Replies
    1. අපේ අප්පුච්චත් ඒ කාලේ ඔලුවට පතබාලා කණ අතගාලා කියලා දුන්න දේවල් තමා අදත් මතකේ තියෙන්නේ.

      Delete
  21. හරියට ආයුධ නැතුව ඔය නිමාව ගන්න අමාරුයි , මගේ කඩේ තියන රාක්ක මේස එහෙම හැදුවේ මම , ඒ නිසා මම හොදට දන්නවා , හැබැයි ඒ බඩු ටික කඩන් ගත්තට වඩා තිස්දාහක් විතර ලාබෙට හැදුවා.

    ඔය පින්තුරවල තියන ඒවා ගානට කපල කරල කඩේ විකුනන්ඩ තියනවනං මරු , ගෙනත් හයිකරගන්න එක විතරනේ

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ මටත් හිතුනා. මම කියන්නම් මම කරපු හැටි. මාස ගානකට එකක් ගානේ තමා මම ආයුධ මිලදී ගත්තේ. ඒ විදිහට තමයි දුප්පත් අපි කාරත් කරන්න වෙන්නේ. ඒ වගේමයි මූලික දැනුම. මේ දැනුම ලබාගන්න පොත්පත් පළකරනවා නම් හොඳයි. ඇත්තටම ගෙදරදී හයිකරගන්න පුළුවන් විදිහට කඩෙන් කෑලි ගන්න නැත්තේ අපේ රටේ විටරද මන්දා. 1980 ගණන්වල තිබුණා ටීවී ස්ටෑන්ඩ් ඒ විදිහට තමන්ටම හයිකරගන්න පුළුවන් ඒවා.

      Delete
  22. ඉස් ඉස්සෙල්ලම මකුළු දැල දැක්කම මම හිතුවෙ විචා මේ පොඩි පොඩි වැඩ කියන්නෙ දැකුළු මල් කඩන එව්වට එහෙම කියල...හෙහ්,හෙහ්,

    / අද කාලේ, ගෙදරක තියන දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ, ගෙදර නෝනා වුනත්, කියතක්, මිටියක්, ඉස්කුරුප්පු නියනක්, පාවිච්චි කරන හැටි දැන සිටීම වැදගත්. /

    ඒකනං එච්චර ඇඟට ගුණ දෙයක් නෙවෙයි. උන්දල ඔය ආවුද හරඹ ඉගෙනගන්න එක අපිටම අවාසියට හිටින්ඩ පුලුවං.

    / ඉතිං මොකද හිතෙන්නේ. විවේක වෙලාවල් තියන විටක, මෙවැනි දෙයක් කරන්න උත්සාහ කර බලන්න. /

    පැංසොං ගත්තම බලමුකො....ස්තූතියි අපූරු සටහනකට...:)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ ජාලේ දිගේ යනවා කියන්ඩ තමයි ජාලයක් හෙවත් දැලක් පෙන්නුවේ.

      හෙහ් හෙහ්, අම්මපා නෝනලා අපේ කෑලිත් ගලවලා දායිද මන්දා.

      පැන්සොන් ගත්තම බෑ අප්පා එතකොට ජින්තු බැහැලා.

      Delete
  23. විචාරක

    ගෙදර පොඩි වඩු වැඩ වගයක් තියෙනවා . අර පින්තුරේ ඉන්න වඩු බාස් මිසී ව සම්බන්ධ කර ගත හැකි විදියක් තිබේද ? :)

    ReplyDelete
    Replies
    1. හලේ...........ඒ වගේ සිරියාවන්ත මිසී කෙනෙක් වඩු බාස් නෙවෙයි මකබාස් වුනත් හොඳයි.

      Delete
  24. අපූරු සටහනක් විචාරක තුමා... අම්මප හදන්න ඕන අර විදිහේ පුටුවක් වෙලාවක. අර ලෑල්ලේ මැද හිලක් තියන මොඩල් එකේ එව්ව පොඩි ඉස්කෝලේ විද්යාගාරේ තිබ්බ මතකයි. ඇත්තටම ඒ කාලෙ මම හිතාගෙන උන්නෙ ඒ හිල තියෙන්නෙ පඩයක් කාරිය ගියොත් සැර පිටවෙන්න කියල. පස්සෙ තමයි දැනගත්තෙ තනි අතින් අරන් යන්න ලේසියට එහෙම හදන්නෙ කියල..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }