හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 May 2016

ළඟ ළඟ ගහගැනිලි මෙන්න මෙහෙමයි

   

මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ ගහගැනිලි ගැන නේ. කොහොමටත් ඉතින් අපේ රටේ කවද්ද ගහගැනිලි අඩුවුණේ. ගෙදර දොර ගහගැනිලි වල ඉඳලා, උත්තරීතර (විපරීත?) පාර්ලිමේන්තු පොජ්ජ දක්වා, හැම තැනම ගහගැනිලි වලින් අඩුවක් නෑ. කටින් ගහගැනිල්ල නම් ඉතින්, අපේ ජාතික පුරුද්දක් නේද? කටින් ගහගන්න බැරි අයට අපේ රටේ ඉඩක් නෑ. රූපවාහිනී විවාදෙකදිත් ඔය කවුද දේසපාලුවෝ දෙන්නෙක් ගහගත්තා නේද එක පාරක්. ඔය මැති ඇමතිලාට දීලා තියන පිස්තෝල, පාර්ලිමේන්තු සභා ගර්භයට අරන් එන්න දුන්නානම්, ප්‍රශ්න හුඟක් විසඳෙනවා. මෝඩයෝ චුත වෙලා, ටිකක් හරි හොඳ මිනිස්සු ඉතුරු වෙනවා. නැද්ද මං අහන්නේ. මෙව්වා දැකලා අපිටම වෙඩි තියාගන්න හිතිලා නේද තියෙන්නේ? 'අනේ කාලේ වනේ වාසේ' කිව්වලු. 


   හරි හරි, ඒ කතා පැත්තකින් තියලා, අද මාතෘකාවට බහිමුකො. අද මම තමුන්නැහෙලා එක්ක කතාකොරන්න ආවේ, හමුදාව විසින් කරනු ලබන, එක්තරා විශේෂ සටන් ක්‍රමයක් ගැනයි. ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේක හඳුන්වන්නේ Close Quarters Combat = CQC එහෙමත් නැත්නම්, Close Quarters Battle = CQB යනුවෙන්. අපිට කියන්න පුළුවන්, කෙටි දුර සටන්, එහෙම නැත්නම් නාගරික වීදි සටන්, කියලා. ඉංග්‍රීසියෙන් තවත් යෙදුමක් තියනවා Fighting in Built up Area = FIBUA කියලා. එයින් කියවෙන්නෙත් නාගරික ප්‍රදේශවල කෙරෙන සංග්‍රාමික කටයුතු හෙවත්, Urban Warfare කියන එකයි. 

   හම්මෝ...............ඒ කාලේ අපිට මේ FIBUA පුහුණුව දුන්නේ, මාදුරුඔය හමුදා කඳවුරේ. හොඳටම වදින පුහුණුවක්. අපරාදේ කියන්න බෑ, පැය 24 පුරාම වරින්වර විවිධ අභ්‍යාස තියන නිසා, බොහොම සනීපයි. ඒ වගේමයි, ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බ පාවිච්චි කරමින් ලබන පුහුණුවක් නිසා, අනතුරුදායක බව බොහොම වැඩියි. 

   අපේ බොඩිය පුහුණු කඳවුරේ තියලා, ඇස්ට්‍රල් බොඩියෙන් ගෙදර යන්න වෙයි කියලා හිතෙන වෙලාවල් තියනවා. 

   හොඳයි, මෙතැන් සිට අපි, වෙනදා වගේම, ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන්, කරුණු සාකච්ඡා කරමු. 

මොකක්ද මේ කෙටි දුර සටන් කියන්නේ?

   කෙටි දුර සටන් කියන්නේ, ප්‍රතිවාදී යුද හමුදා (ත්‍රිවිධ හමුදා) කණ්ඩායම් දෙකක් අතර හෝ, ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර හෝ, පොලීසිය (විශේෂ පුහුණු පොලිස් ඒකක) සහ ත්‍රස්තවාදී/අපරාධකාරී කණ්ඩායමක් අතර සාමාන්‍යයෙන් උපරිම වශයෙන් මීටර් 100 ක් පමණ දුර සිට, (බොහෝවිට ඊට අඩු දුරක සිට) සැලසුම් සහගතව සහ උපක්‍රමශීලීව එල්ල කරන ප්‍රහාර මගින්, ප්‍රතිවාදීන් විනාශ කිරීම, අල්ලාගැනීම, ඔවුන් සතු යම් වටිනා දෙයක් අත්පත් කරගැනීම, වාහනයක් අල්ලා ගැනීම, ගොඩනැගිල්ලක් අත්පත් කරගැනීම, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම, වැනි අරමුණු සඳහා,  ඇතිවන සටන් වලටයි.  

   මේ සටන් ක්‍රමයට සෑහෙන දිග ඉතිහාසයක් තියනවා. මේ විදිහට විශේෂ පුහුණු කුඩා කණ්ඩායමක් යොදවා, විශ්මයජනක ලෙස පහරදීමෙන්, සතුරු කණ්ඩායම් මෙල්ල කළහැකි බව, මුලින්ම ප්‍රායෝගිකව ඔප්පු කළේ, චීනයේ ෂැංහයි නගරය, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති (1854 - 1943) අවධියේදී, එහි සහකාර නාගරික කොමසාරිස් වරයා ලෙස කටයුතු කල,   William E. Fairbairn  විසිනුයි. පසු කාලයේදී බ්‍රිතාන්‍යයට ආපසු පැමිණි ඔහු මේ ප්‍රහාරක ක්‍රමය තවත් වැඩිදියුණු කර බ්‍රිතාන්‍ය හමුදාවපුහුණු කළා. 

කොහොමද ඉතින් ඔය සටන් මෙහෙයවන්නේ? 

   මේ වගේ සටනක් සමහරවිට බොහොම සංකීර්ණ වියහැකියි. මක්නිසාද යත්, මෙවැනි සටන් සිදුවන ගෙවල් සහ/හෝ ගොඩනැගිලි බහුල පරිසරයක, සාමාන්‍ය ජනතාවත් ඉන්නවා. අපි සටන් කරන්න යන කණ්ඩායමට පක්ෂපාත සාමාන්‍ය ජනතාවත් ඉන්නවා, මෙවැනි කණ්ඩායම්, බොහෝවිට, කාන්තාවන් සහ දරුවන් ඉදිරියට දමා, අප අතින් ඔවුන්ට හානි පමුණුවා, බේරී පැනගොස්, අපිට දෝෂාරෝපනය පටවන්නට උත්සාහ කරනවා. මේ නිසා, කෙටි දුර සටන් සඳහා සුවිශේෂී උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. 

   හැබැයි එක දෙයක් කිවයුතුයි. මෙවැනි සටන් වලදී අහිංසක පුද්ගලයන් අපේ ප්‍රහාරවලින් මෙන්ම සතුරු ප්‍රහාරවලින් මැරෙන්නට/තුවාල ලබන්නට ඉඩ තිබෙනවා. ඔබ අතරින් සෑහෙන දෙනෙක් යුදමය තොරතුරු රැගත් බටහිරචිත්රපටි වල නරඹා ඇති කුඩා හමුදා කණ්ඩායම, සතුරුකඳවුරු, වීදි, ගොඩනැගිලි වලට ඇතුළු වී සටන් කරන ආකාරය. ඒ සටන් අයිතිවන්නේත් මේ කෙටි දුරසටන් නමැති වර්ගීකරණයටයි. ඔබ දැක ඇති ඒ සටන් වලදී බොහෝවිට හමුදා කණ්ඩායම් කතා කරන්නේ නැහැ. අණදීම් කරන්නේ සහ අදහස් හුවමාරු කරගන්නේ විශේෂ හස්ත සංඥා ක්‍රමයක් මගින්. මේ බලන්න එවැනි සංඥා කීපයක්. 



   ත්‍රස්තවාදී නායකයකුගේ බිරිඳ, ඔහුව ආවරණය වන සේ, ඉදිරියෙන් හිටගත්තා නම්, අපි දෙවරක් හිතන්නේ නැහැ. පළමුව ඇයට වෙඩි තබා, දෙවනුව ඔහුටත් වෙඩි තබනවා. බින් ලාඩන් ඝාතනය කල අවස්ථාවෙදීත්, ඇමරිකානු හමුදාව ඒ විදිහටයි ක්‍රියා කලේ. මක්නිසාදයත්, එවැනි දරුණු ගණයේ ත්‍රස්තවාදී නායකයකු, යලි කවදාවත් අපිට අහු නොවෙන්න පුළුවන්. නමුත්, එවැනි විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නේ, විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය වැනි ඒකක පමණයි. කෙටිදුර සටන් වලදී බොහෝවිට පාවිච්චි කරන්නේ, කෙටි දුර වෙඩි තැබීමට සුදුසු, තුවක්කු වර්ගයි. මේවා සාමාන්‍යයෙන්, මිලිමීටර් 9 උණ්ඩ යොදන, තුවක්කු සහ පිස්තෝල බව සඳහන් කරන්න පුළුවන්. 








සිදුවන ක්‍රියාදාමය විස්තර කරන්න පුලුවන් ද? 

   ඔව් පුළුවන්.  සෑහෙන කාලයක් තිස්සේ මේ අඩවියේ ලිපි කියවන ඔබ දන්නවා ඇති, ඕනෑම හමුදා ක්‍රියාන්විතයක් සිදුවන්නේ, යම්කිසි සැලැස්මකට අනුව සහ යුද න්‍යාය අනුව බව. ඒ නිසා මේ කෙටිදුර සටන් සිදුවන්නේත් සම්මත මූලධර්ම පහක් පදනම් කරගනිමින්. අපි බලමු මොනවද ඒ මූලධර්ම කියලා. 

1. සවිස්තර සැලසුමක් සකසා ගැනීම:- ප්‍රහාරයට පෙර ඒ ස්ථානය පිළිබඳව ලබාගතහැකි සියලු විස්තර සොයාගත යුතුයි. පිහිටීම, ලඟාවිය හැකි මාර්ග, ආපසු පැමිණිය හැකි විකල්ප මාර්ග, ඉන්න සතුරන් පිරිස කී දෙනෙකුද? ගැහැණු පිරිමි වශයෙන් කීයද. ඔවුන් සතු අවි ආයුධ, මහජනතාවගේ සහාය ඔවුන්ට ලැබෙනවාද, ප්‍රහාරයේදී අහිංසක ජනතාවබෙරා ප්‍රහාරය එල්ල කරන්නේ කොහොමද, සතුරන්ගේ ආධාරයට තවත් පිරිස් ක්ෂණයකින් එන්නට ඉඩ තිබෙනවාද, අපිට තිබෙන ආධාරක කණ්ඩායම් මොනවාද, අපි පාවිච්චි කරන ආයුධ මොනවාද, අපේ පිරිස කී දෙනෙකුද, අපි එතනට යන්නේ සහ ආපසු එන්නේ කොහොමද, ඔන්න ඔය වගේ මහා තොරතුරු ගොඩක් ගැන හිතන්න වෙනවා. 

2. ප්‍රහාරයේ විශ්මයජනක බව:- සතුරා හීනෙන්වත් නොහිතන වෙලාවක, කාලයක, දිනයක, අවස්ථාවක, ප්‍රහාරය එල්ල කළ යුතුයි. එය අපේ වාසියට බෙහෙවින් හේතුවෙනවා. සතුරු කණ්ඩායමේ වැඩි දෙනෙක්, විවේකයෙන් ඉන්න/නිදාගෙන ඉන්න/නාන්න මූණ හෝදන්න යන/ කෑම ගෙනෙන්න යන/ වෙලාවක් තමා හොඳ.

3. ඉලක්කයට ඇතුළුවීමේ ක්‍රමය:- ඉලක්කය කියන්නේ ගොඩනැගිල්ලක් කියා හිතන්න. එහෙනම් එයට ඇතුළුවන්නේ කොතනින්ද, එක තැනකින්ද තැන් කීපයකින්ද, එසේ ඇතුළුවීමේදී සාමාන්‍ය ජනතාවට අවම හානියක් සිදුවන ආකාරයට කරන්නේ කොහොමද, මුරකාරයක් ලෙස සතුරන්ට හිතවත් සාමාන්‍ය ජනතාව යොදවා සිටීනම්, ඔවුන්ගේ බෙල්ලට දෙකක් ඇන/සිහිය නැතිවෙන්න පහරක් දී/ ඔලුවට පිස්තෝලයක් තබා බයකර/ අපේ අරමුණ ඉටුකරගැනීම. ඇතුළුවීමේ මාර්ග වල ඇතිවන විවිධ බාධා ජයගැනීම. 

4. වේගය:- මෙය ඉතා වැදගත් සාධකයක්. ඉලක්කයට කඩා පනින අවස්ථාවේ සිට, නොකඩවාම ප්‍රහාරය එල්ල කලයුතුයි. නැවතීමක් නැහැ, ඉලක්කය අත්පත් කරගන්නා තුරු. නොකඩවාම, වේගයෙන්, ප්‍රහාරය එල්ල කිරීම ඉතා වැදගත්. සමහරවිට සතුරන් තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැනුණාම, තමන් යටතේ ඉන්න ප්‍රාණ ඇපකරුවන් මරන්න ඉඩ තිබෙනවා. ඒවා වලක්වන ආකාරය රඳාපවතින්නේ වේගය මතයි. එමෙන්ම අනවශ්‍ය ලෙස වේගයක් ගතහොත් තමන් අතින් තමන්ගේ යටම තුවාල සිදුවිය හැකියි. 

5. ක්‍රියාන්විතයේ සාහසික බව:- සාහසික කියන වචනය ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා. නමුත් අර ඉහතදී කිව්වා වගේ, ඉලක්කය සම්පූර්ණ කරගන්න නම්, දරුණු විදිහට ප්‍රහාරය එල්ල කරන්න වෙනවා. එතනදී, අනුකම්පා විරහිතව කටයුතු කරන්න වෙනවා. දොරවල් ජනෙල් කඩාගෙන, බිත්ති පුපුරුවාගෙන, අත්බෝම්බ ගොඩනැගිල්ල තුලට එල්ල කරමින්, යටත්වන ලෙස මහා හඬින් කෑ ගසා කියමින්, පැනයන්නට හදන, විරුද්ධව නැගීසිටින සියල්ලන්  මරා දැමීම හෝ දැඩිලෙස පහරදී මර්දනය කිරීම තමයි සාහසික කම කියන්නේ. 

    පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, කෙටි දුර සටන් මූලික පුහුණුව ලබන හැටි.





   මේ ලිපිය මීටවඩා දිගට ගෙන යාහැකි වුනත්, 'කෙටි දුර සටන්' කියන එක, ඔබට තේරුම් ගන්නට, ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත් යයි හිතනවා. තවත් ලිපියකින් හමුවෙමු. 

2016 මැයි මස 11 වැනි දින 0043 පැය   

104 comments :

  1. "කොහොමද ඉතින් ඔය සටන් මෙහෙයවන්නේ...." කියවද්දි දැනුනෙ සැබෑ සටන්බිමක සිටිනවා වගේ හැඟීමක්. එය වීඩියෝව නරඹද්දී හෝ දැනුනේ නැහැ. විචරක තුමාගෙ මේ ලිපිය ලිවීමේ දී භාෂාව භාවිත කර ඇති ආකාරය එතරම්ම ප්‍රබලයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා. මා හිතන්නේ මගේ උත්සාහය සාර්ථකයි කියලා.

      Delete
  2. මං නම් දිගුදුර සටන් තමා , දැන් මැලේ රාලයා පේන්න නැත්තේ එකයි , මම ටෙලිපති වලින් ගැහුවේ ඌ පය තුනෙන් මැරෙන්න . උගේ මිනිය හොයනවා තාම මැලේසියා පොලිසියෙන් ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. යකෝ උඹට කකුල් තුනක් තියෙනව කියල අදනෙ දන්නෙ.

      Delete
    2. /පය තුනෙන්/

      ඉස්පිල්ලක් අඩුයි නේ..

      Delete
    3. යි අකුරක් අඩුයි බාංලා..

      Delete
    4. ඇතාට කකුල් හතරයි අහවල් එකයි පහයි..
      ඉවාන්ට කකුල් දෙකයි අහවල් එක එක්කද තුන ??

      Delete
    5. ඉවානයා - බලාපිය තෝ කවදා හරි පත්තරයා, ඇතුළු පිරිසගෙ සමූහ දූෂණයකට ලක්වෙනවා. අම්මපා.

      CJ - ඉස්පිල්ලෙන් කියන එක තමයි ඕකගේ අඩු.

      සෑම් - පොඩි ටයර් දෙකක් සහිත ලොකු කාලතුවක්කුවක් තියනවා ඉවානයාට

      Delete
    6. අඩෝ......... ව් ...........................

      Delete
  3. ලිපිය නම් නියමයි.

    මට තේරුනා කියන එකයි , නමයයි දෙකම එකයිනෙ..

    සංඥා මඟින් අදහස් හුවමාරු කරගන්න නම් ඔක්කොටම අණ දෙන්නාව පේන්න ඕනා නේද? නැතිනම් අණදෙන්නා දෙස බලන් ඉන්න ඕනෙ නේදැ? එතකොට අවධානය ගිලිහිලා සතුරන්ට වාසි වෙන්නෙ නැද්ද? වෙන දිහාවක් බලන්න වෙන්නෙත් නෑනෙ අණදෙන්නා දිහා බලනවා ඇර.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ හරීට තියෙන ඔය ප්‍රශ්නෙම තමයි

      Delete
    2. අණ දෙන්නා හස්ත මුද්‍රාවෙන් දෙන අණ ඉදිරියේ සිට පසුපස සිටින අවසානයා දක්වාම පාස් කිරීමක් වෙනවා.එනිසා අණ දෙන්නා දැකීම අවශ්‍ය නැහැ තමන්ගේ ඉදිරියේ සිටින්නා දෙස බැලීම ප්‍රමාණවත්.මෙවැනි ගොඩනැගිලි වල සහ රාත්‍රියේදී සිදුවන ඕනෑම මෙහෙයුමකදී එකිනෙකා අතරේ වැඩි දුර පරතරයක් තබා ගන්නේ නැහැ සාමාන්‍ය වශයෙන් මිට මොලවා ගත් අතක දුරින් තමයි එකිනෙකා අතරේ පරතරය තබා ගන්නේ මේ නිසා ඉදිරියේ සිට පසුපසට නිහඬව පණිවුඩ ගෙනයාමේ අපහසුවක් නැහැ....කොහොමත් මෙවැනි මෙහෙයුම් බෙහෙවින් අවදානම්.සෙබලා ගේ මෙන්ම මුදා ගැනීමට යන සිවිල් පුදගලයන්ගේද ජීවිත බෙහෙවින් අවදානමට ලක්වෙන බව කිවයුතුය........විචාරක මහතාට පෙර පිළිතුරක් දීම සදාචාරාත්මකදැයි නොදනිමි.

      Delete
    3. @ jay-c z

      බොහොම ස්තුතියි ඔබට. ඇත්තටම මේ විෂයය ගැන ඔබට සතුටුදායක දැනුමක් තිබෙන බව ඔබේ කමෙන්ට් එකෙන් පෙනෙනවා. මා හිතනවා මේ පිළිතුරට මා අමුතුවෙන් යමක් එකතු කරන්නට අවශ්‍ය නැහැ කියා. ඇත්තටම ඔබ කියා තිබෙන ආකාරයට තමයි මේ සංඥා හුවමාරුව සිදුවන්නේ. රෑට, රාත්‍රී දුරදක්න Night Vision Goggles දාගෙන ඉන්න නිසා දවල් වගේ පෙනෙනවා.

      හරීටත් අරුටත් මේ පිළිතුර ප්‍රමාණවත් වේයැයි සිතනවා.

      Delete
    4. ඔව්. තේරුම් ගත්තා.

      Delete
  4. Really interesting article ! Thank you for sharing your knowledge with us.

    ReplyDelete
  5. නියමයි. අර සංඥා එහෙම වැඩිපුර ඕනවෙනව ඇති නේද?
    ටෝච් පිස්ටල් එකට නං ආස හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඔය සංඥා රටෙන් රටට පොඩ්ඩක් වෙනස් වෙනවා රාජ්. ඒ හින්දයි මම ගොඩක් සංඥා නොදැම්මේ. අවශ්‍යනම් අපිට ගැලපෙන සංඥා හදාගන්නත් පුළුවන්.

      හැක්, ඔය පිස්තොලේ තියන ටෝච් එක රීචාර්ජබල්. දවල්ට ඔය ටෝච් එක වෙනුවට ලේසර් පොයින්ටර් එකක් හයිකරගන්න පුළුවන්. බඩුම තමයි.

      Delete
  6. පට්ට හොදේ.............. මේවා දැන් තමා ඉගෙන ගන්නේ....... හෙට අනිද්දා බ්ලොග් සමුදාවක් වුණත් හදාගත්ත හැකියි නේද??????

    ReplyDelete
    Replies
    1. හුට්ටබටා, අම්මපා හදමුද බ්ලොගාලාගේ ක්ෂණික බ්ලොග් ලියන බලකායක්?

      Delete
  7. //ඔය මැති ඇමතිලාට දීලා තියන පිස්තෝල, පාර්ලිමේන්තු සභා ගර්භයට අරන් එන්න දුන්නානම්, ප්‍රශ්න හුඟක් විසඳෙනවා. මෝඩයෝ චුත වෙලා, ටිකක් හරි හොඳ මිනිස්සු ඉතුරු වෙනවා.// වග කිව යුතු පාර්ශවේකට කියවන්ට ලැබේවා...

    ReplyDelete
    Replies
    1. හොඳයි නැද්ද මං අහන්නේ. අන්තිමට මොලේ තියන එවුන් එකෙක් දෙන්නෙක් හරි ඉතුරු වෙන්නැතෑ. :e

      Delete
  8. හෙහ් හේ, අයි විචා මේවා හංගගෙන ඉන්නේ? මරුනේ. "ළඟ ළඟ ගහ ගැනිලි 1" සිට "ළඟ ළඟ ගහ ගැනිලි 100" දක්වා වත් ලියන්න. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, දියවන්නාවේ නපුංසක ගහගැනිලි දැක්කම, ලියන්න හිතුනා කොන්ද පන තියන එවුන් අභියෝග කරලා ගහගන්නේ මෙහෙමයි කියලා පෙන්නන්න. ඒ නිසයි ලිව්වේ. මේ වගේ තවත් ලිපි ඉදිරියේදී එනවා.

      Delete
  9. ගුණසිංහ මහත්මයා කිව්ව වගේ හාට් බීට් එක වැඩිවෙන්න ලියලා තියෙනවා.සාර්ථකයි කියනෙ හොඳටම.සාහසික කියන වචනෙට බිහිසුණු කියල ලිව්වොත් ගොඩක් වැරදියි ද? තව ප්‍රස්නයක්.. ප්‍රාණ ඇපකරු සිද්ධියක් වගේ දේකදි නෙගෝශියේට් කරනවානෙ මුලින්ම.නමුත් එතනදි කරන්නෙ සතුරා නොමඟ යැවීමක් විතරයි ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියිඅගැයීම ගැන. අඩේ...........බිහිසුණු කියන වචනේ හොඳයි තමා. බොහොම ස්තුතියි ඒ අදහසට. හමුදා පොතේ තියෙන්නේ violence action කියලා.

      ප්‍රාණ ඇපකරු සිද්ධි වලදී 99% ක් ම කරන්නේ, සාකච්ඡා වලට කල් අරන්, සාධාරණයයි පෙනෙන බොරු හේතු දක්වමින්, උන්ව වටේ යවමින්, ප්‍රති ප්‍රහාරක සැලැස්මක් දියත් කරන්න අවශ්‍ය කාලය ලබාගැනීමයි.

      Delete
  10. අර ඇඟිලි දික් කරනකොට එක ඇඟිල්ලක් හරි පෙනුන් නැත්තං වැ‍ඩේ සොරි වෙන්න පුලුවන්නේ.
    නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කවුද බොට ඇඟිල්ලෙන් ඇන්නෙ.

      Delete
    2. ඇඟිල්ලක් පෙනුනේ නැත්තං දෙකට නැවිලා ගහගන්නවා ඇඟිලි පහම (කටේ යකෝ කටේ)

      මෙහමයි ප්‍රසා. ඔය සංඥාවක් දෙන්නේ දකින්න තරම් ආසන්න දුරකදී, ඒ කියන්නේ අඩි 10 - 12 වගේ. එළිමහනේ නම් ඊට වඩා දුරදිත් පුළුවන්. ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නකොට, එකිනෙකාට පෙනෙන දුරින් ඉන්නේ. එක්කෙනෙක් සංඥාවක් දුන්නම, එක එකා, තමන් ළඟ ඉන්න එකාට, ඒක පාස් කරනවා. ඒ විදිහටයි ඔක්කොටම යන්නේ.

      Delete
  11. මේක මරු.. යුධ චිත්තරපටි බලද්දී ලස්සනට සඥා දෙන විදිය දැන් ඕන්න ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි විචාරකතුමා. නරකද ඔය සඥා වලට සතුරා තරහ ගස්සන ආකාරයේ සඥා ටිකකුත් එකතු කලොත්. මං මේ කියන්නෙ අර අපි රැජිනගේ මුද්‍රාව කාරිය පෙන්නන්නෙ ඇඟිලි එහෙමෙහෙ කරලා. අන්න ඒ වගේ එව්ව සතුරා දෙසට හැරිල පෙන්නුවොත් සතුරාගේ මානසික ඒකාග්‍රතාවය බිදවට්ටල කුපිත කොරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඉස්සර මුහුණට මූණලා කපන අනින ආයුධවලින් සටන් කරනකොට යුද්ධෙ පටන්ගන්න ඉස්සෙල්ල සමහරවෙලාවට එහෙම කලා, වචනයෙන් හා gestures වලින්

      Delete
    2. මතකද brave heart film එකේ අර සතුරාට පස්ස පෙන්නන සීන් එක... :-D

      Delete
    3. @බුර්, https://en.wikipedia.org/wiki/Taunting
      kilt එක ඇඳීමත් යුධ උපක්‍රමයක් :-D

      බුර් සජ්ජා හා විචාරක කියවන්න ඕනෙ එකක්- http://www.artofmanliness.com/2015/06/08/battle-cries/

      Delete
    4. The article forgot to mention the famous Maori war cry, Haka...

      Delete
    5. වහසි බස් කියන්නෙ ඔය එක ක්‍රමයක් වෙන්නැති.. ස්තුතියි ප්‍රා... බලන්නම්...

      Delete
    6. එකේ තියන "අල්ලාහු අක්බර්" ඝෝෂාවේ විදියට අපේ මිනිස්සු කියන්න ගියා නම්.... "බුදුසරණා...යි"

      Delete
    7. @ සජ්ජා - ඇත්තටම මමත් හිතුවා මීට පස්සේ යුදචිත්රපටි බලන අය සෑහෙන දුරට මේ සංඥා තේරුම් ගෙන චිත්‍රපටිය වඩාත් හොඳින් රස විඳියි කියලා. හැක්, මෙව්වා කරද්දී ආයේ සතුරවාමුතුවෙන් තරහ ගස්සන්ඩ ඕනේ නෑ. ඌ ඉන්නෙත් අපිවාමුවෙන් කන්ඩ බලාගෙන.

      @ Pra Jay මම හිතන්නේ උම්මග්ග ජාතකයේ පවා එවැනි අවස්ථා විස්තර කරනවා. 'ඔජ වඩනවා' කියලත් කියනවා.

      බ්‍රේව්හාර්ට් එකේ මේ ඇඳුමේ පින්තූරය මතක්වුනා.

      [im]https://jangun.files.wordpress.com/2016/05/braveheart.jpg[/im]

      අර බැට්ල් ක්‍රයිස් ලිපිය බුක්මාක් කරගත්තා. බොහොම ස්තුතියි.

      @ සජ්ජා නිකං නෙවේ අඩෝ...........ව් බුදුසරනා...........යි :e

      Delete
    8. ඒ ගැන පොඩි අවබෝධයක් තිබ්බට මේ තරමට දැනගෙන හිටියෙ නෑ..
      මහා වංශේ එළාර දුටුගැමුණු යුද්දෙදිත් ඔය වහසි බස් දෙඩීම සිද්ධ උනා කියල තියෙන්නෙ.
      මෙල් ගිබ්සන් ගෙන් පස්සේ කාලෙ ඔය වගේ ෆිල්ම් එලියට ආවෙ නෑ...

      Delete
    9. @ Bur et al,
      බ්‍රේව් හාර්ට් එකේ ඇඳුම් පිලිබඳව විවාද තියනව. එකක් කිල්ට් එක ඒ කාලෙ ඇන්දෙ නෑ කියන එක.
      කොහොමත් විලියම් වොලස් හයිලන්ඩ් ස්කොට් කෙනෙක් නෙමෙයි.
      වොලස්ගේ කතාව තියන හොඳම පොත The Wallace by Nigel Tranter.
      බුර් ට හොයාගන්න පුලුවන් ලේසියෙන්මhttps://www.goodreads.com/book/show/173636.The_Wallace

      Delete
    10. විලියම් වොලස් හයිලන්ඩර් කෙනෙක් නෙමෙයි. ඒයා ග්ලැස්ගෝ කෙනෙක් කියලා තමයි කියන්නේ මම Wallace monument එකට ගිහිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ ස්ටර්ලින්ග්වල කන්දක් උඩ. එතන තියෙනවා වොලස්ගේ කඩුව. මහා විශාල බරපතල භාණ්ඩයක්. කඩුව කිලෝ 3ක් විතර බරයිලු.මීටර් එකහමාරකටත් වඩා උසයි. ලස්සන තැනක්. එතන විතරක් නෙමේ ස්කොට්ලන්ඩ් කියන්නෙම හරිම සුන්දර කලාපයක්.

      Delete
    11. @ සජ්ජා - වහසි බස් දෙඩීම එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් කියලයි මටනම් හිතෙන්නේ.

      @ Pra Jay and Aru - මා හිතන්නේ මේ ගැන තවත් කරුණු හෙව්වොත් හොඳ පෝස්ට් දෙක තුනක් ලියන්න පුළුවන් වෙයි.

      Delete
    12. ඇයි අප්පා උතුරු කොරියාව දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න.. ඔච්චර කෑ ගහන අමෙරිකාවත් බය වෙන සයිස් ටෝක් ඒවා.පුටින් දුන්නා නියම සද්දයක්.
      ඔක්කොටොම වඩා අපේ තලෙයිවාර් මහත්තයාගෙ සද්දෙ කොහොමද?

      Delete
    13. උතුරු කොරියාවේ සිඟිත්තාගේ කෑගැහිලි ගණන් ගන්න එපා. තවම මොලේ මෝරලා නැහැ. පුටින් සීයා බයට තමයි සද්දේ දාන්නේ. තව තවරටවල් එයාගේ රාජ්‍යයෙන් කැඩිලා යයි කියලා.

      අපේ තලෙයිවර් කිව්වේ........මමයි තවම මහ රජාණෝ කියලා හිතාගෙන කෝලමාට ඇඳලා ඉන්න එක්කෙනාද? පව් අප්පා.

      Delete
    14. තලෙයිවර් දන්නෑනෙ හැබෑට... ඇයි අර අපට කාලයක් කුක්කු පෙව්වෙ.ඒ අහිංසකයව මරාගත්තා ඔහෙල වගේ පඩියට මිනී මරන්න ගිය ඈයො.ඔන්න හෙට අනිද්දට සමරණවයි කියන්නෙ. (ගස්ලබ්බත් රැඩිකල් වෙන්න හදන්නෙ.)

      Delete
    15. හුට්ටබටා.......... අනේ අප්පේ උන්දැ හින්දා මට පදක්කම් කීයක් ලැබුනද? පව් අහිංසකයා. අද හිටියනම් ඒකාබද්ධ විපක්ෂයේ ඉඳියි නේද?

      Delete
  12. ඉස්සර කඩුවෙන් කෙටේරියෙන් හා බයිනේත්තුවෙන් ක්ලෝස් ක්වෝටර් කරනකොට කොහොම තියෙන්න ඇද්ද? ඔලුව දෙපලු වෙන්න, අත් පය වෙන් වෙන්න, බඩවැල් එලියට එන්න කැපීම, ඇනල කකුල තියල ආපහු ඇදීම වගේ.
    ඒවගේම එහෙම දේකට මුහුණදීම.

    ReplyDelete
    Replies
    1. අශෝක අධිරාජයාට යුද්ධය එපා වුනේ ඒ විනාශය දැකලා නේද? අද එකපාරින් සියගණනක් ඉවරයි. දූවිලි වෙලා යනවා. ඒ නිසා නපුර, විනාශය, දකින්නේ නැහැ.

      බයිනෙත්තුවෙන් ඇනීම ඒ කාලේ අපිට පුහුණු කළා. ගහලා හෝ වෙඩි තියලා තුවාල වී වැටෙන සතුරාගේ ඇඟට කකුල තබා, බයිනෙත්තුවෙන් ඇන, ආපසු ඇදීම. (අනින් අදින්, කියලා දෙවරක් ඇනලා අදිනවා) මේකට යොදාගන්නේ රතු තීන්ත පිරවූ පඹයන්. දවල් කෑම ප්‍රමාද කරනවා හිතාමතා, ඊට පස්සේ බොරු වැරදි කියා අපිට බනිනවා බල්ලන්ට වගේ. ඊළඟට ගිනි මද්දහනේ මේ අභ්‍යාසය කරවනවා. ඇත්තටම ඒ වෙලාවට අර, මරනවා කියන හැඟීම හිතට එනවා. මරන්නම හිතෙනවා.

      Delete
  13. ඔබ නම් ලියුවොත් ලියන්නේ වැදගත් දෙයක් තමා ස්තුතියි ගොඩක් දේ දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උෂාන්. ඔබේ දැනුමට යමක් එකතුවීම මට මහත් සතුටක්.

      Delete
  14. එළකිරි! විචාරක තුමා අයුතු ජනතා එක්රැස්වීම් විසුරවන්න හා VVIP/ VIP ආරක්ෂාව එහෙමත් වෙනම පුහුණු තියෙනවා නේද? අපේ SBS ලත් යනවා ආමි එකත් එක්ක ඔය වගේ ට්‍රේනින් වලට..

    Close Quarter Sea Battles ගැනත් මම ලියන්නම්කො ඉස්සරහට :)

    ReplyDelete
    Replies


    1. ස්තුතියි කල්‍යාන ඇගයීම ගැන. අයුතු ජනරාශිය විසුරුවීමත් මාර ගේම් එකක්. ඊට අදාලව මම ලිව්ව ලිපිය.


      මෙන්න මෙතන තියනවා


      නොවරදවාම CQB Sea Battles ලිපිය ලියන්න. බොහෝ දෙනෙක් එය අගය කරනු ඇති.

      Delete
  15. කොහොමද රම්බෝ කාර්‍යා පිහියෙන් දෙන ගේම්..


    අගෙඉ අද..ත්..

    ජයවේවා ....ය්ජ්

    ReplyDelete
  16. කොහොමද රම්බෝ කාර්‍යා පිහියෙන් දෙන ගේම්..


    අගෙඉ අද..ත්..

    ජයවේවා ....ය්ජ්

    ReplyDelete
    Replies
    1. අග්ගලයක් හිරවුනාද? :P

      Delete
    2. සමපෝෂ බොල සමපෝෂ. හැක්..

      Delete
    3. අපේ කිරිඅප්පුච්චා ළඟත් රම්බො පිහියක් තිබුන..කරුංක ලෙලිගහගන්න කියාපු භාන්ඩෙ..ඕ යේස්

      Delete
    4. @ CJ - රම්බෝ කාරයා ගැන මම කලකට ඉහතදී ලිව්වා ලිපියක්. ඒ ලිපිය

      මෙන්න මෙතන තියනවා

      @ ඉවාන්/ප්‍රසන්න. මතක තියාගනිල්ලා ඔහොම ඉඳලා ඉඳලා CJ උඹලගේ අග්ගලා සමපෝෂ බෝල ඔක්කොම ගලවනවා. හැක්

      @ පත්තරේ - මම කියන්නේ නෑ කාගේ කරුංකද දැන් ලෙලි ගැහිලා තියෙන්නේ කියලා. :e

      Delete
  17. එල කිරි ලිපියක් නේ ගොඩක් දන්නේ නැති දේ දැන ගත්තෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි.

      Delete
  18. විචාරක අපිට ආමි ෆිල්ම් පෙංඌ වගේ මේ කතා කියවද්දී. නොදන්නා දේ බොහෝයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මීට පස්සේ හමුදා ක්‍රියාන්විත තියන චිත්‍රපටි බලද්දී, උනන්දුවෙන් බලන්න, අර හස්ත සංඥා එහෙම තියනවද කියලා.

      Delete
  19. මගෙත් බොහොම ප්‍රියතම විෂයයක් තමා CQC කියන්නෙ. වේගය, නිවැරැදි ක්‍රියාකාරීත්‍වය, සටනේ සාර්ථකත්‍වය 100% හැමදෙනාගේම සමානුයෝජනය මත රඳා පැවතීම වගේ කාරනා එක්ක බැලුවහම මේක සාමාන්‍ය සටනකට වඩා ත්‍රාසජනකයි නේ.

    Airsoft combats වලත් වෙනම ගේම්ස් තියෙනවා CQC වලටම ගැලපෙන්න හදාපු. මගේ ප්‍රියතම ආයුධේ වෙන්නෙ G36C එක තමා. ඇයි Tavor CTR-21 (compact version) එකත් එළ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම CQC සටන් යථාර්ථයට අතිශයින් සමීප, ත්‍රාසය සහ විනෝදය සපයන ක්‍රීඩාවක්. යුද්ධයේදී ඔබ කියන ආකාරයට එකිනෙකා අතරාවබෝධය සහ සහයෝගය mutual support and understanding නැතුව කරන්න බැහැ.

      ඔන්න ඔබ කියා තිබෙන ක්‍රීඩාවට අදාළ පින්තූරයක් සහ තුවක්කු මෝස්‌තර දෙකේ පින්තූරත් මෙතනට දානවා අනික් අයටත් දැනගන්න.

      මේ අඩවියේ කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්. ඔබ කලයුත්තේ පින්තූරයක් නම්, එහි url එක [ im# ] සහ [ /im ] යන කෝඩ් එක තුලට දමා කමෙන්ට් එකට paste කිරීමයි. යූ ටියුබ් වීඩියෝවක් නම් කෙලින්ම url එක කමෙන්ට් එකේ දමන්න.

      [im#]https://jangun.files.wordpress.com/2016/05/maxresdefault-11.jpg[/im]

      [im]https://jangun.files.wordpress.com/2016/05/lesoft-366g3c.jpg[/im]

      [im]https://jangun.files.wordpress.com/2016/05/tavor-tar-21-assault-rifle-p1.jpg[/im]

      Delete
  20. මේක නියම ලිපියක්
    අර හස්ත සංඥා ගැන දැනගන්ත ටික එහෙම සැහෙන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      අර වගේ හස්ත සංඥා ගොඩක් තියනවා. රටින් රටට වෙනස් වෙනවා. අලුත් ඒවා හැදෙනවා.

      Delete
  21. කියල වැඩක් නැ... නියම ලිපිය.. ගොඩක් දේ දැනගත්තා.. විචාරකට ස්තුතිය..

    මට මේක කියවනකොට “සතුරාට එරෙහි නො වන මා“ කියන පොත මතක් උනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණී. ඔබේ දැනුමට යමක් එකතුවුනා නම් මට සතුටුයි.

      ඒ පොත මම කියවලා නැහැ.

      Delete
  22. අන්න විචා මාමගේ වැඩ.. හොදට අධ්‍යයනය කරල ඉතා සරල බසින් දෙසාබැම.. ඒකනේ මේව්වා අධයාපනික වැදගත්කමක් තියෙන දේවල් කියන්නේ.. කෝ මේ ප්‍රා..ස් ඇන්ඩ් කැකුණස්..

    ReplyDelete
    Replies
    1. @ Hon. Lecturer,
      ක්ලෝස් ක්වෝටර්ස් ඩේන්ජරස්. ඉතාලියෙ ඉඳල ස්නයිපින් වගේ නම් කමක් නෑ. නැත්නම් මෙතන සම්භාව්‍ය භාෂාවෙන් අහගන්න වෙනව

      Delete
    2. ඩ්වන්ඩ සටනක් ඇරෙන්ජ් කරමු...

      Delete
    3. මොකක්ද "දුවන්ඩ සටනක්" කියන්නෙ..?? :-O

      Delete
    4. බුරා, මුං දෙන්න සටන අවුලෝල තියල දුවනව. බලාගෙන හිටපු එවුවො ගහගන්නව. හැක්..

      Delete
    5. දුවන්ඩ සටනක් තියන්ඩ නං බුරුතිනෝ පුතේ පත්තර පුතා එන්න ඕන.. හැක්

      Delete
    6. ආවා ආවා … ඕ යේස්
      "ආවුදෙං" වැඩක් ගන්න බැරිවුනා සෑහෙන කලකිං :D

      Delete
    7. @ දේශා. මම හිතාගෙන ඉන්නවා ළඟදීම මීටත් වඩා සරලව දෙසාබාන්ඩ. මොකෑ කියන්නේ?

      @ Bura දුවන්ඩ සටන් කොරන්ඩ බලාපොරොත්තුවෙන ඔක්කොමල්ලා මීළඟ බ්ලොග් සම්මාන උළෙලට වරෙල්ලා.

      @ පත්තරේ - ඉස්සර වෙලාම ඔය ආයුදේ පෙන්නලා හිටපන් ඉවාන්ට එහෙම. (හැබැයි අන්වීක්‍ෂයකින් බලන්ඩ වෙයිද දන්නෑ)

      Delete
  23. ඔය සංඥා මක්කද චැහ්.. අපේ වයිෆ් දබරැඟිල්ලෙං එකම එක සංඥාවයි දෙන්නෙ උං හිටිතැනුත් නිච්චි නැතුව ගිහිං වෙරිත් හිඳිලා පුල් හින්දුස්තාන් වෙනවා.. ඕ යේස්

    දණ ගස්සන එක ඒකට අයිති නෑ හරි :D ඒක පශ්චාත් ප්‍රචන්ඩ ක්‍රියා වලට වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය අපේ දේශකයට වගේ රෑට ගෙයින් එළියට දාල දොරවහන තත්වෙට පත්වෙන්නෙ නැද්ද?

      Delete
    2. මං හිතුවේ මං විතරයි කියලා..

      Delete
    3. හැක්, මෙන්න පත්තරයට නිකම්ම ඇත්ත කියවෙලා.

      යකෝ අපි වගේ ආමි එකේ ලොකු මහත්තුරු ගාවට නෝනා එන්නේ, දන ගාගෙන අරිද.... දන ගාගෙන.
      (මොකද බයට මම ඉන්නේ ඇඳයට නේ)

      Delete
    4. පත්තරේ උබ අපේ ගෙදර සිද්දි මේකේ පබ්ලිස් කොරන්ඩ ගියේ මොකද බං

      Delete
    5. මම හිතුවේ අපේ ගෙදර විතරයි මේවා වෙන්නේ කියලා

      Delete
  24. එල ලිපිය..

    හතුරා එද්දි මැද ඇගිල්ල පෙන්වන හස්ත සංඥාව මිසින් බං.. !!

    ReplyDelete
    Replies
    1. හැක්, ඒ සංඥාව දෙනවා සතුරට වැඩක් දුන්නට පස්සේ. අම්මපා ඒ සංඥාව අලුතෙන් හඳුන්වා දෙන්න වටිනවා සැමෝ.

      ස්තුතියි ඇගයීමට.

      Delete
  25. සමාවෙලා පිහිගැන ලියු දෙවැනි ලිපියත් (තිබේනම්) දානවද??


    ReplyDelete
  26. වටිනා වගේම රසවත් ලිපියක්. බොහොම ස්තුතියි දැනුම බෙදාගන්නවට.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි, ඇගයීම ගැන.

      Delete
  27. වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලලිත්

      Delete
  28. මට මේක කියවද්දී මතක් උනා Call of Duty Modern warfare කියන ගේම් එක. එකෙත් මේ වගේ සටන් තමා වැඩි හරියක් තියන්නේ.
    තව මතක් වෙච්ච එකක් තමා මම බලපු චිත්‍රපටියක්. මේක ඇත්ත මෙහෙයුමක් පාදක කරගෙන නිර්මාණය උන එකක්. ඒ තමා Black Hawk Down. මේකේ නම් අත්දැකීම නියමෙට ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. යුදසටන් සම්බන්ධ පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේදී, ඇත්ත යුද්ධ තත්වයන් තමා ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ සඳහා, යුද විශේෂඥයින්ගේ උපදෙස් ලබාගන්නවා.

      Black Hawk Down චිත්‍රපටිය මගේ DVD එකතුවේ තියනවා. බොහොම සිත්ගන්නාසුළු චිත්‍රපටියක්.

      Delete
  29. වැඩිය කමෙන්ට් නොකෙරුවාට හැමදාම කියවලා යන බ්ලොග් එකක්.. ගොඩක් වටින තොරතුරු ටිකක්..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකලත්, කියවා දැනුමට යමක් එකතු කරගත්තානම්, මට සතුටුයි.

      Delete
  30. මොනවා කියන්නද ඉතින් හැමදාමත් වගේ ගින්දර

    ReplyDelete
    Replies
    1. මෙව්වා කොරන්න ගියාම බඩේ ගින්දර පත්තුවෙනවා මෙන්ඩෝ.

      Delete
  31. I understand ඒක නම් නිතර දැකල හුරු සංඥාවක් වගෙයි. එතකොට එහෙමනම් පෙරලි පෙරලි වදින අයටත්, දුක කියා පිහිට යදින අයටත්, එ වගෙම සෘද්ධාවෙන් යුතුව වදින අයටත් සේරොටම එතුමා සංඥා කරන්නේ I Understand You කියා. ඒත් ඇයි ඒකම 9 විදිහටත් යෙදුනේ.

    7, 8 ටැපලුනාට නම් එච්චරම අවුලක් නැතුව ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඇඟිලි අස්සෙන් ඇඟිලි යවලා පෙන්වන සංඥා හමුදාවේ භාවිත කරන්නේ නැත්ද?

      Delete
    2. I understand සංඥාව ලෝකයටම පොදුයි වගේ නේද? සාමාන්‍ය සමාජයේ, සුපිරි, නියමයි, ටොප්, කියන්නත්, ඔය සංඥාව දෙනවා නේද?

      එක අතක ඇඟිළි වලින් කුහරයක් වගේ හදලා අනික් අතේ එක ඇඟිල්ලක් ඒ කුහරය අස්සට යවලා දෙන සංඥාව ගැනද ඇහුවේ. ඒකනම් අපි කවුරුත් දෙනවනේ අවස්ථානුකූලව.

      Delete
  32. Act of valor movie eke nam hodatama tiyenawa hostage ganna widiha neda vicharakathumo

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කලින් කමෙන්ට් එකේ දෝෂ සහිත නිසා නැවත පලකරනවා

      ෆිල්ම් වල තියෙන දේවල් අැත්ත ජීවිතේට එනකොට ටිකක් වෙනස් වෙනවා. නමුත් Act of valor ෆිල්ම් එක ටිකක් සාර්ථකව CQC කරලා තිබුනා. ඒත් film එකක් විදිහට මට නම් fail. ඒ වගේම ඔසාමා ඝාතන මෙහෙයුම ගැන හැදුව Seal team six බැලුවා නම් මේවගේ වැඩකට සුදානම් වෙන හැටි හොඳට බලාගන්න පුළුවන්. තවත් ඒ වගේ ඇත්තම කථාවක් මාර්තෘකා කරගෙන කරපු Close Quarters Combat සහිත ලස්සන ෆිල්ම් එකක් තමයි 13 Hours (The Secret Soldiers of Benghazi).

      ජය!!!

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }