හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 April 2016

පින්තූර කතාවක්.

   මේ පින්තූර උපුටාගත්තේ මට ලැබුණු ඊ මේල් පණිවිඩයකින්. මෙය ඉදිරිපත් කර තිබුනේ, MS Powerpoint clip එකක් හැටියටයි. නමුත් ඔබේ දත්ත ඉතිරිකිරීම සඳහා, තෝරාගත් පින්තූර 25 ක් පමණක් පහත දක්වනවා. පින්තූර මත ක්ලික් කර බලන්න. 



























2016 අප්‍රේල් මස 05 වැනි දින 0041 පැය

48 comments :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වචන දහසකින්වත් පැවසිය නොහැකි සුන්දර කතාවක පවසන ඉමේජ ටිකක් විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. ඔව් ගුණසිංහ මහත්තයා. මටත් හරිම සංවේදී බවක් දැනුණා.

      Delete
  3. Replies
    1. ස්තුතියි ඉයන්. මම ඒ අඩවියට ගිහින් අදහස් දැක්වුවා. බ්ලොග් රෝලටත් දාගත්තා.

      Delete
  4. Replies
    1. අම්මපා මේ දෙපාරක් කෙටිල්ල දැන් හුඟ දෙනෙකුට බෝවෙලා නේ.

      බොහොම ස්තුතියි.

      Delete
  5. ඊටස්සේ වලහවත් කරත්තේ බැන්දලුද

    ReplyDelete
    Replies
    1. එක පින්තූරයක් තිබුනා වලහා බල්ලාගේ පිටේ නගින්න හදන. දැම්මේ නැත්තේ උඹ මොකක් කියයිද කියන බයට. :e

      Delete
  6. Replies
    1. මට මතක් වුනේ ඉස්සර තිබුන ඩොට් ටොෆී.

      Delete
  7. හා කමක් නෑ. ඒත් මේකට 2016 දී පොටෝ සම්මාන ලැබෙයි කියල හිතන්න එපා මාමේ හරිද??

    ජය වේවා.. තැන්කුයි බෙදා හදා ගැනීම ගැන..

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ උඹේ පින්තූර ටිකක් අරන් දාලා සම්මානයක් ඉල්ලන්න හිතාගෙන ඉන්නේ.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  8. මේක දැක්කම අර වඳුරු පැටියගෙ අම්ම මරපු දිවිය පස්සෙ වඳුරු පැටියව බලාගත්ත එක මතක් උනා.

    ReplyDelete
    Replies
    1. සත්ව ලෝකය තුලින් අපට ඉගෙනගත හැකි දේවල් අපමණයි.

      Delete
  9. රූප ටික පංකාදුයි විචාමාමේ...............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු.

      Delete
  10. අපි අපුරු දෙයක් විදිහට දැක්කට මේවා සොබාදහමට අනුව අසාමාන්‍ය දේවල්, ඒ කියන්නේ විකෘති...
    නමුත් මේක ඉතා දුර්ලභ අවස්ථාවක් සහ ඒ වගේ අවස්ථාවක් ජායාරුප ගත කර ගන්න චාන්ස් එකක් ලැබිච්ච එක ජායාරූප ශිල්පියාගේ වාසනාවක්...

    අර මුව පැටියෙක් ඇති කරපු සිංහ දේනුවගේ වීඩියෝ එක දැක්කද...
    ඒ මුව පැටියව වෙන සිංහයෙක් මරාගෙන කෑවට පස්සේ ඒ සිංහ දේනුව කන්නේ බොන්නේ නැතුව මැරිලා යනවා...
    වීඩියෝ එක කරන ගෑණු මනුස්සයා මස් ගෙනිහින් දැම්මත් ඌ ඒවා ගණන් ගන්නෙවත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඉස්සර වෙලාම බලමු අපූරු කියන්නේ මොකක්ද කියලා. අ+පූර්ව= අපූර්ව = මීට පෙර කාලයේ, දකින්නට, අහන්නට, අත්විඳින්නට නොලැබුණු, අමුතු දෙයක් කියන එකයි. ඒ අනුව බලනවිට මේ පින්තූර වලින් කියන සිදුවීම්, මීට පෙර ලෝකයේ බොහෝ දෙනෙකුට අහන්න, දකින්න, අත්විඳින්න, නොලැබුණු දෙයක්. ඒ නිසා මේ සිද්ධි දාමය අපූරුයි.

      අපූරු කියන්නේ අසාමාන්‍ය වෙන්න පුළුවන්. නමුත් විකෘති නෙවෙයි. විකෘති කියන්නේ, ස්වභාව ධර්මයට පටහැනි, සාමාන්‍ය සමාජ සම්මතයට, ලෝක ධර්මයට පටහැනි, කියන එකයි. මේ පින්තූර වල අන්තිම පින්තූරයේ මෙහෙම තියනවා. They still give a lesson to us. The rational animals that we are "supposed to be" අන්න එතනයි අපූර්වත්වය තිබෙන්නේ. එය කිසිසේත් විකෘතියක් නොවේ. අපි තවමත් සත්ව ලෝකය නිවැරදිව වටහාගෙන නැති බවට හොඳ සාධකයක් ඒ පෙන්නන්නේ.

      මෙවැනි තවත් පින්තූර සහ වීඩියෝ අන්තර්ජාලයේ තිබෙනවා.

      Delete
  11. අපූරු පින්තූර කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි.

      Delete
  12. ++++++++++++++++++++++++++++++++++++

    https://www.youtube.com/watch?v=jwckFvvRXZI

    ReplyDelete
    Replies
    1. ඕක දැම්මට පස්සෙයි මතක්වුනේ කල්යාණමිත්‍ර මැතිතුමා හා ලව්පූස්තුමා වගේ කියල

      Delete
    2. මටනම් මතක් උනේ කටුස්සයි ඇනෝපිලිස් මල්ලියි....වෙනස ලෝම විතරයි...!

      Delete
    3. මටනම් මතක් උනේ කටුස්සයි ඇනෝපිලිස් මල්ලියි....වෙනස ලෝම විතරයි...!

      Delete
    4. චෙෆාකියි ප්‍රාජේ යි සෙල්ලං කරන්ඩ ගත්තොත් ඔය වගේ ම අපුූරු පොටෝ ටිකක් ගහගන්ඩ තිබ්බ. අන්න සම්මානලාභී පොටෝස්...!

      Delete
    5. @ Pra jay

      බොහොම ස්තුතියි ඇගයීමට සහ වීඩියෝ එකට. නමුත් මේ වීඩියෝවේ තිබෙන පින්තූර බොහොමයක් ඒ සතුන්ව කලින් පුහුණුකර හෝ එසේ සිටින ලෙස සතුන්ට අණකර ලබාගත් ඒවා බව ඉතා පැහැදිලිව පෙනෙනවා.

      අනික් අයගේ අදහස් ගැන කියන්න තියෙන්නේ..................නෑ එක්කෝ ඕනේ නෑ.

      Delete
  13. මට මතක් උනේ, අර ලෝකෙ හොඳම ඡායාරූපය ගන්නෙ කොහොමද කියල මාරය කියා දුන්න පෝස්ටුව...!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් දාපන්කෝ.

      Delete
    2. මං ඕකත් එක්ක වැඩි පයුරු පාසානෙයක් නෑ. ( :-) ) මං ක්‍රමේ කියන්නං.

      ඕං ගූගල් සර්ච් රල හොයාගන්නව, ලොකෙ හොඳම පොටෝ එක.
      ඒක පුල්ස්ක්‍රීන් දාගන්නව.
      ඊටපස්සෙ මොනිටරේට එල්ල කරනව අපේ කැමරාව.
      ගහනව පොටෝ එක.

      ඕං ඔහොමයි මාර ස්ටයිල් ෆොටෝග්‍රැෆි...!

      Delete
    3. හරි හරි දෙඤ්ඤං වැඩේ ලබන සැරේ තිතට. හැබැයි නෙලුම් යායෙන් කිව්වොත් කොපියක් කියලා මාරයයි ප්‍රසන්නයයි දෙන්නම ගස් කටස් ප්‍රහාරයකට ලක්වීමට නියමිතයි.

      Delete
  14. සත්ව ලෝකෙ කොච්චර සුන්දරයිද..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිට ගතහැකි ආදර්ශ බොහොමයි.

      Delete
  15. අපූරුයි නොවැ... මේ ලොකෙ හරි අමුතු තැනක් නේහ්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරුයි. අපි නොහිතන දේවල් මේ ලෝකයේ කොච්චර වෙනවා ඇද්ද?

      Delete
  16. විචා තුමාව එදා නෙලුම් යායේදී දැක්කට කතා බහ කොරන්න උනේ නැහැනේ, පුප කතාව අපුරුයි, සංවේදී දසුන් ගොඩක් කැමරා කාචයට අරගෙන තියෙනවා. වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ගන්න අය කැමරා අටවන් මේ වගේ අවස්ථා එනකන් කොහොම ඉන්නවා ඇතිද නේ? එකත් හරියට ස්නයිපර් කෙනෙක් හෙල්ලෙන් නැතිව හැංගිලා ඉන්නවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ එදා හුඟ දෙනෙකුට කතාකරන්න බැරුව ගියා. මම නම් දොස් පවරන්නේ, මමත් ඇතුළුව අපි සියලුදෙනාටයි. අපි ඔක්කොම, තව පැයකට කලින් එතනට ආවනම්, බොහෝදෙනෙකුට කතාකරන්න තිබුණා.

      ලස්සන උදාහරණේ. වනසත්ව ඡායාරූප ශිල්පියා රැකගෙන ඉන්නේ, ස්නයිපර් කෙනෙක් රැකගෙන ඉන්නවා වගේම තමා. නමුත් දෙදෙනාගේ පරමාර්ථය අහසට පොලොව වගේ වෙනස්. එක්කෙනෙක් රැකගෙන ඉන්නේ, ජීවිතයක් නසන්න. අනික් එක්කෙනා, ජීවිතයක දුර්ලභ අවස්ථා සහ ලස්සන වාර්තා කරන්න. මේක මහා පුදුම ලෝකයක්.

      ස්තුතියි ඔබේ අගනා අදහස් වලට.

      Delete
  17. අපූරු මිත්‍රත්වයක්. බෙදා හදා ගත්තාට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදය.

      Delete
  18. ඉවානයයි මායි වගෙ. ඕ යේස් :D

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹලා දෙන්නා අන්තිමට මුණගැහුනේ කවද්ද?

      Delete
  19. පිංතූර කතාවක් වගේම ඒ කතාව ඇතුලේ තියනවා ඉගෙන ගන්න දේවල්.
    animals help animals කියලා යූ ටියුබ් සර්ච් කලාම සත්තු සත්තුන්ට උදව් කරන වීඩියෝ තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ පින්තූර වාර්තාව කියවලා මම හිතෙන් මවාගත්තා ඒ තත්වය. දරුණු සීතල, නිහඬ බව, හිම කාන්තාරය, ජනශූන්‍ය බව, මේ සතුන් ඒ පරිසරයේ ඉන්න හැටි, ඒ සතුන් කෙබඳු මානසිකත්වයක ඇද්ද? හිම වලහා තනිවූ සත්වයෙක්ද, ඔහොම හිතාගෙන ගියාම තමයි, මෙහි තියන අපූර්වත්වය පෙනෙන්නේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }