හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 March 2016

ගිරාම සේවකටත් මොළේ ඒඩ්ස්


R-4326717-1361823905-4550.jpeg
  අර කුලියාපිටියේ බෝහන්දිය ගම ගැන මේ දවස්වල නිතර කතාවෙන සංගෙදිය ඔය ඇත්තෝ සහසුද්දෙන්ම දන්නවනේ. ඒ ගම අයිති ගල්පොල ගිරාම සේවක උන්නැහේ දීලා තියනවා ඇට්ටි හැලෙන්න ඒ අම්මගේ. අපි මේ මෙච්චර දවස් බැන්නේ මේ ගමේ  බුඩ්ඩිමට් ජනතාවකට නේ අම්මපා. මේ ගිරාම සේවක උතුමාණන් වහන්සේ ලංකා ඊනිවුස් අඩවියට දෙසා වදාර තියනවා මේ අම්මගේ කැරැට්ටුව ආයේ උතුර නොහොල්ලන්න.


මේ තියෙන්නේ ගිරාම සේවක උතුමා දෙන විස්තරේ. 


හැහ් හැහ් හැහ්, කොහොමද විස්තරේ. බලනකොට මේකි අවුරුදු 50000 කටවත් මෙහා පැත්තේ, මේ රටේ උපන්නේ නැති බලු වේසියක්නේ. හුහ්, මුන් වගේ එවුන්ගේ පවුල්වල දරුවොත් මං හිතන්නේ මොන්ටිසෝරි යන කාලෙදිම, මොන්ටිසෝරි ටීචටත් වැඩේ දීලා ඇති. නැහ්නං මේ කුශාග්‍ර, ව්‍යාඝ්‍ර ගිරාම සේවක උන්නාන්සේ, කියයියෑ, මේ අම්මා මැදපෙරදිග ගිහින් එනකොට, චරිතය විනාස කොරගෙන ආවේ කියලා. අම්මපා ඔය ගිරාම සේවක උන්නාන්න්සේ, ඒ ගමේ ගෑණියක් මැද පෙරදිග රස්සාවකට ගිහිල්ලා ආපහු එනකොට, උන්නැහේගේ පරීක්ෂණ දණ්ඩ දාලා බලනවා ඇති, චරිතය කෙලෙසිලාද, කොච්චර ගැඹුරට කෙලෙසිලාද කියලා. නැද්ද මං අහන්නේ. එව්වා ඉතින් උන්නාන්සේගේ පරම රමණීය රාජකාරියක් වෙන්ටෑ.

ඇයි යකෝ, මොකද අපේ රටේ වේසියෝ කියලා ජාතියක් බේතකටවත් හොයාගන්න පුලුවන්ද? ඔය වේසා ගෑණු ඉබේ පහළවෙන එවුන් මිසක්, මොකද අය පිරිමි ඔව්වට වගකියන්න ඕනෙද? වේසා ගෑණුන්ගේ ළමයි අපේ රටේ කොහෙවත් කිසිම ඉස්කෝලෙක ඉන්නවද? මිනිහාට අමතරව හොර මිනිහලා ඉන්න ගෑණු එකෙක්වත් අපේ රටේ ඉන්නවද? අනික මේකි කසිප්පු පෙරනවලු, බාබුල් විකුණනවලු. ඇයි යකෝ අපේ රටේ කිසිම ගෑනියක් කසිප්පු පෙරනවද? ඔන්න අර, සිරිපාල හා රම්මැණිකා පිචර් එකේ මාලිනී පොන්සේකා කසිප්පු පෙරුවා සල්ලි වලට. 

ඊ නිවුස් එකේ සමාප්ති සටහන මෙන්න මෙහෙමයි.

//ගමේ මිනිසුන් මේ දරුවා පාසැලට ඇතුලු කරනවාට විරුද්ධ වූයේ මෙවැනි හේතු කාරණා රාශියක් ඇතිවය. මේ සම්බන්ධයෙන් ග්‍රාම සේවක මහතා ඇතුළු ගමේ බුද්ධිමත් ප්‍රධානීන්ගේ මතය වන්නේ දරුවා මේ මවගෙන් වෙන් කර පරිවාස භාරයේ ගොඩ නැගුවේ නැතිනම් දරුවාද පවුලේ අන් අය මෙන් අපතයෙක් වන බවයි.  

කෙසේ වෙතත් මේ වන විට මාධ්‍ය මගින් ලැබූ විකෘති ප්‍රසිද්ධිය දරුවාගේ යහපතට වඩා අයහපතට හේතු වී තිබේ. ඊටද ප්‍රධාන හේතුව චාන්දනී නම් මවයි. දරුවාට පාසැලක් ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයාද ජනාධිපතිවරයාද පවසා සිටියත් දැන් ඇය කියන්නේ තමාට එංගලන්තයට යෑමට අවස්ථාව ලැබී ඇති නිසා දරුවා පාසැල් නොයවන බවයි. ඇය දරුවාගේ සිද්ධිය තම ආදායම් මාර්ගය කරගෙන තිබේ. දිනපතා ඇය බැලීමට එන රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලට ඇය ගිජු වී සිටී. 

පරිවාස නිලධාරීන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු නිල නොවන තොරතුරුවලින් ඇය HIV ආසාදිත කාන්තාවක් බව පැවසේ. ඒ එසේ නම් ඇයට අනෙකුත් HIV ආසාදිතයන්ට සේ වෙනම සුබ සාධන වැඩ පිලිවෙලක් සූදානම් කළ යුතුය. ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා“ යි තර්ජනය කරමින් සමාජය භීතියට පත් කරමින් පිස්සු කෙළීමට ඉඩ නොදිය යුතුය.

දරුවා HIV ආසාදිතයෙක් නොවේ. කෙසේ වෙතත් දරුවාගේ අනාගතය ගැන සලකා බලන්නේ නම් දරුවා මවගෙන් වෙන් කර මේ අලකලංචි වලින් තොර වෙනත් සමාජ පරිසරයක ගොඩ නැගිය යුතුය. එය අමානුෂික දෙයක් නොවන අතර එය ශිෂ්ඨ සමාජයක වගකීම වන්නේය//

ඔය කියන බුඩ්ඩිමත් ජනතාව එදා ඒ පාසලේ රැස්වීමට ඇවිත්, ඔය විදිහට කතා කලාද, එහෙම නැත්තං, උන්ගේ මෝ ගන්ඩ දැඟලුවාද? වයඹ අජ්ජපාන ඇමැත්තා,  එතන අන්ධභූත ජාතකය නැටුවේ ඇයි? මේ කියන 'පරි' වාස නිලධාරීන්, එදා ඒ රැස්වීමට ආවාද? ඔවුන්,  වයඹ අජ්ජපාන ඇමැත්තාට මේ කරුණු කිව්වාද? මේ අම්මට විරුද්ධව අපරාධ චෝදනා ඇත්නම්, දරුවා පාසලට දමන්නට හදනතුරු, ඒ චෝදනා තිබුනේ කොහෙද? ඒවාට එරෙහි පියවර අර ගිරාම සේවක ගිරවා නොගත්තේ ඇයි?

මේ එක චෝදනාවකටවත්, මේ දරුවා වැරදි කාරයෙක් වෙන්නේ නැති බව, ඔය පුස්සන්ට නොතේරෙන්නේ ඇයි? උගේ මානව හිමිකම් ගැන බලන්නේ කවුද?


2016 මාර්තු මස 08 වැනි දින 1410 පැය

36 comments :

  1. මේ වගේ බූරු කතා නිකමටවත් ශෙයා කරන්න එපා විචා මාමේ ,

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකනම් ඇත්ත තමා. මුන් ලොක්කෝ වෙනවා එතකොට.

      Delete
  2. අනේ විචිමාමේ..........

    අපිට මේවා නිකං අවුල් වගේ දැනුනාට ගොඩ දෙනෙක්ට එහෙම නෑනේ.... අනික මේවත් ප්‍රශ්ණද අර නිදහස් චතුරස්‍ර ප්‍රශ්ණ තියෙන රටේ........... නේද ...?????

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න එක පෙලට ගොඩ ගැහිලා. අපෙත් ඔලුව කුරුවල් වෙනවා.

      Delete
  3. Replies
    1. පිස්සු හැදිලා නැවතුනොත් ඇති.

      Delete
  4. සිංහ ලේ කෝප වෙයි, හික් හික්....

    ReplyDelete
    Replies
    1. සිංහ ලේ ලොම් හැලේ. :e

      Delete
  5. උගේ මානව හිමිකම් ගැන බලන්නේ කවුද?

    ඇයි දැන් ඊ නිව්ස් එකෙන් මානව හිමිකම් ගැන හොයලා බලන්නේ නැද්ද ? ඉස්සරනම් මනව හිමිකම් ගැන ඇඬු කදුලෙන්මයි හිටියේ.....

    සමහර විට මේ පොඩි එකා මානවයෙක් නෙමේද දන්නෑ නේද ? මානවයෙක් නෙමේ නම් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයට, මේ පොඩි එකාට කරන්ඩ පුළුවන් කෙන්ගෙඩියකුත් නෑනෙ...ප්‍රශ්නෙ ඉවරයි.... අපි දැන් ආයෙත් යොමු වෙනවා නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ නවතම තත්ත්වය දැන ගැනීම සඳහා....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ ගිරාම සේවක උන්නැහේ ආදී මානවයෙක්. ඒකයි මේ විදිහට අර මවට අපහාස කරන්නේ.

      Delete
  6. මේ ඊ නිව්ස් එකේ මී හරක්ට බැරිද අඩු ගානේ අර අම්මගේ සහ තාත්තගේ නම් ප්‍රසිද්ධ නොකර ඉන්න...
    ප්‍රශ්න අහන්නෙත් අවජාතක බල්ලෙක්ද කොහෙද, ඌට ඔක්කොටම කලින් දැනගන්න ඕනේ උනේ ඒ මිනිස්සුන්ගේ නම්...
    මුන් වගේ මී හරක් මේ අහිංසක ළමයාගේ නමත් ප්‍රසිද්ධ කරලා ඒ ළමයව ඉස්සරහට ඉස්කෝලෙකට දා ගත්තත් ඒ කොල්ලට අනාගතේදී කසාදයක් වත් කර ගන්න පුළුවන් වේවිද...

    ග්‍රාමසේවකයා ඔක්කොටම හපන්, ඌ කරන්නේ රස්සාවක් නෙමෙයි, ඕපාදුප හොයන චීත්තයක් වගේ...
    බැලුවම මේ ළමයාගේ පවුල තමයි ලංකාවේ ඉන්න චාටර් ම පවුල...

    මේ විස්තර අහුවම මට හිතුනේ මේ පවුලේ ඉතුරු වෙලා ඉන්න ඔක්කොම ගෝල්ෆේස් එකට ගෙනල්ලා රටේ ඉන්න පරම පිවිතුරු ජහමනයා ලව්වා ගල් ගස්සවල මරවන්න එපැයි කියලා...
    ඒකට දිනයක් දාගෙන කට්ටිය එක්කගෙන ගෝල්ෆේස් එකට එන්න කියල අකිල ලොක්කටම බාර දෙමු...

    ReplyDelete
    Replies
    1. ඊ නිව්ස් උන්ට කවද්ද බන් සදාචාරයක් තිබුනෙ....?

      Delete
    2. ඉස්සර වෙලාම මේ පිස්සෝ ටික පුනරුත්ථාපනයට යවන්න වෙනවා. සමහරවිට මේ ගමම. ඊළඟට අර නිවුස් වහන්සේලා.

      Delete
  7. // අපි දැන් ආයෙත් යොමු වෙනවා නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ නවතම තත්ත්වය දැන ගැනීම සඳහා.... //

    :D

    ReplyDelete
    Replies
    1. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු...හැක්... තැටිය රත් වෙච්චි වේලේ තව රොටියක් දෙකක් දාගන්න බලන්න...හැක්..හැක්..

      Delete
    2. ඩබොල් ලයිව් බොරෝඩ්කාස්ට්.

      Delete
  8. ඊ නිවුස් එක කරලා තියෙන්නේ අනුන්ගේ කුනු අවුස්සන එකනේ. මේ පවුලේ ඉතිහාසය මේ දරුවට අධ්‍යාපනය ලබන්න තියන අයිතිය නැති කරන්න හේතුවක් නෙවෙයි. ඇත්තටම ඒ පවුලට ඒ වගේ ඉතිහාසයක් තියනවනම් මේ ගමේ අයයි ඔය ග්‍රාමසේවකයි කරන්න ඕන මේ දරුවා එවැනි තත්වයකට පත්නොවෙන විදියට ඉදිරියට ගන්න එක. එදා අංගුලිමාල බිහි කලෙත් ඔන්න ඔය වගේ අමනෝඥ පුද්ගලයෝ විසින්.

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න වටිනවා. ඒ තරම් පිස්සෝ රැලක් බව පෙනෙනවා.

      Delete
  9. මේව ඇවිත් රියල් හිවල් කතා
    වෙන මොනවද විචා
    අර කොලුවට ලක් එක ආව කෝම හරි ගොඩයන්න. ගමේ හැත්තගෙ කුහක තුප්පහි මානසිකත්වය නේද ඉතිං ඔය හෙළුවෙං වනන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. අනේ මේ කොල්ලා අනාගතේදී ඔය පැත්තේ ප්‍රාදේශීය ලේකම්/අධ්‍යාපන අධ්‍යක්‍ෂ/සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි/ වෙයන් දෙයියනේ.

      Delete
  10. ඒඩ්ස්.. ලංකාවේ මීළඟට හිට් වෙන මාතෘකාව. මට නම් කියන්න තියන්නේ මෙන්න මෙච්චරයි-
    "ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ!"
    මේක මම කොහේදී හරි දැකපු ඒඩ්ස් ගැන තිබ්බ පෝස්ටර් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ ගොන්කතා කියන අර ග්‍රාමසේවක සහ ගමේ ඔලමොට්ටල වහන්සේලාව තමයි පෝලිමට තියලා මකන්න ඕනේ.

      Delete
  11. මුගෙ කතාව අහන්නත් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් කතාකරයි කියන මාතෘකාව තමා ගැලපෙන්නේ.

      Delete
  12. එතකොට ස්වීප් ටිකට් විකිණීමත් අපරාධයක්?
    මම තොට ඒඩ්ස් බෝ කරනවා කියල තර්ජනය කරන්න ඇත්තෙ විහිළුවට වෙන්ටැ.. නැතිව මිනිහෙක් නැතිව දරුවෙක් එක්ක තනිවම ඉන්න ආදායමක් නැති තරුණ ගෑණියෙක්ට 'තනි රකින්න' එන 'සුදනන්' ගෙන් බේරෙන්න නෙමෙයි වෙන්ටැ..
    අකිලගෙ රෙද්ද ගැලවුනාම හාමුගෙ බඩ පපුව දාල ගිහින් වගේ..රීබට් නිවුස් මෙහෙම ගූ කන්නෙ.. චික්... පවුල් පිටින් හැඳි ගාල හරි තමුන් සුදන වෙන්න හදන ඇමතිලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ගිරාමයා, අර ඉස්සර ගම්වල හිටිය, ඕපාදූප හොයලා තැන තැන කියන ගෑණියෙකුගේ පුතෙක් වෙන්ඩ ඇති.

      මුන් සුදනෝ අර ගෑනි වේසි. අම්මපා මුව දෙකට නවලා පුකට පයින් ගහන්න ඕනේ (%$#@) කරෙන් වැටෙන්න.

      Delete
  13. රාජ්‍ය නිලධාරියෙක් රාජකාරීමය වශයෙන් රාජකාරිමය වශයෙන් තමුන් සතුව තබාගන්නා තොරතුරු අනවසරයෙන් වෙනත් පාර්ශවයන් වෙත ලබාදීම මම හිතන්නේ නීතිවිරෝදියි.. මෙතන කියවෙන්නේ වැඩි හරියක් ඕපාදුප උනත් මේ දේවල් කියන්නේ ගමේ ග්‍රාමසේවක නිසා මේ තොරතුරු වලට තියන නීත්‍යානුකූලභාවය වැඩියි. මම හිතන විදිහට මේ ග්‍රාමසේවක උන්නැහේට විරුද්දව විනයානුකුලව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් විය යුතුයි තමුන්ගේ රාජකාරිය අවභාවිතා කිරීම සම්භන්ධව.

    මිනිස්සුන්ගේ අසරණකම විකුනලා මොනයම් හෝ ලාභයක් හොයන මේ ජඩ මාද්‍යකරණය කරලා හම්බුකරන සල්ලි වලින් කන දේවල් කොහොම දිරවනවද මන්ද...

    (ඒත් ඇමතිට ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයට ඇවිත් සමුර්ධි නිලධාරියා ගස් බඳින්න පුලුවනිනම් ග්‍රාමසේවක උන්නැහේ මේ වගේ වොයිස් කට් එකක් දීපු එක ගැනත් පුදුමයක් වෙන්න දෙයක් නැහැ.)

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මේ ග්‍රාම නිලධාරි වරයාර්=ට එරෙහිව නඩු පවරන්න ඕනෑතරම් කරුණු ඔහුගේ මේ අවලම් ප්‍රකාශය තුල තිබෙනවා. ඔහු මෙලෙස කාන්තාවකට අපහාස කලේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී.

      කෝ මේ කාන්තා කටයුතු ඇමතිනිය? කෝ කාන්තා අයිතිවාසිකම් සමිති?

      Delete
  14. //වෙන් කර පරිවාස භාරයේ ගොඩ නැගුවේ නැතිනම් දරුවාද පවුලේ අන් අය මෙන් අපතයෙක් වන බවයි.//

    අඩේ, මෙහෙම ගියොත් ලංකාවෙ දේශපාලකයින්ගේ ලමයි දෙමාපියන්ගෙන් වෙන් කරන්න වෙයි නේද?

    ඊට පස්සෙ පොලිස්කාරයින්ගෙ, දොස්තරලගෙ, ත්‍රීවීල්කාරයින්ගෙ, නීතීඥයන්ගෙ, ආමිකාරයින්ගෙ, මේසන්බාස්ලගෙ, නඩුකාරයින්ගෙ....... අප්පට සිරි, ලංකාවෙ ලමයින්ගෙන් බාගයකට වැඩි ගාණක් පරිවාසෙ !

    ගැමි චරිතවත්බව ගැන විජයතුංගගෙ (1920-30 ගණන්වල) "ග්‍රාස් ෆොර් මයි ෆීට්" සහ හෙන්රි වර්ණකුලසූරියගෙ "විල්ලරවාඩිය" කියවන්න

    ReplyDelete
    Replies
    1. නරකද ලංකාවේ හරි මැදින් තාප්පයක් ගහලා, ළමයි එක පැත්තකටයි මහ එවුන් අනික් පැත්තටයි දාන්න කියලා පාර්ලිමේන්තු පනතක් ගෙනාවොත්.

      Grass for my feet අරවින්ද ජයසේන පරිවර්තනය කළා, 'මා පයට තණ නිල්ල' කියලා.

      Delete
  15. ගිරාම සේවක වචනේ ඇහුනාමත් ඇඟේ මාලු ගඟේ නටන නිසා වැඩිදුර මුකුත් නොකියා ඉන්නම්. හැබෑටම වෙන ලියන්න දෙයක් තිබුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගිරාමයාගේ මේ අලුගුත්තේරු වැඩේ ලෝකෙටම පෙන්නන්නයි ලිව්වේ. මාළු නටනවා කියන්නේ මාළු කපන පිහියක් තමා ඕනේ මේ වෙලාවට.

      Delete
  16. ඊ නිවුස් අකිලගේ කොන්ත්‍රාත් එකක් ලොකු ගානකට බාර අරගෙන වගේ.. :p

    ReplyDelete
    Replies
    1. අකිලත් කුලියාපිටියේ නේ. ඊ නිවුස් කට්ටියත් එහේද මන්දා

      Delete
  17. මිනිසුන්ව විනිස්චය කිරීමට මොවුන් සැදී පැහැදී ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දෙවියන් වහන්සේ කියල හිතාගෙන ඉන්නවද මන්දා. :e

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }