හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 February 2016

වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද?

Trade Union
වෘත්තීය සමිති වෘත්තීය සමිති. අපේ රටේ කොහේ බැලුවත් හැමදාමත් මොකක්හරි වෘත්තීය සමිතියක් පාරට බැහැලා කෑගහනවා බලන්න පුළුවන්. මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. මට මතකයි අපි පාසල් සිසුන් කාලේ ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය යන පක්ෂ දෙක තමයි, වෘත්තීය සමිති සටන්වල පෙරමුණ ගත්තේ. ඒ පක්ෂවල හිටිය, නියම දේශපාලනඥයන් ලෙස හැඳින්විය හැකි නායකයන් නැතිවී ගියපසු, අද ඉන්න ජෝකර්ලා, ඒ පක්ෂ දියකරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත්, දැන්නම් නිකං, 'සීමාසහිත ජ.වි.පෙ. පෞද්ගලික සමාගම' කියලා කිව්වට වරදක් නැහැ කියලා හිතෙන තත්වයේ ඉන්නේ.

   මට වෙලාවකට හිතෙනවා, ලෝකයේ වැඩියෙන්ම වෘත්තීය සමිති තියන රට අපේ රටද කියලා. මට මේ ඊයේ පෙරේදා දකින්නට අහන්නට ලැබුනා, 'ශ්‍රී ලංකා බයිට් නිපදවන්නන්ගේ සංගමය' කියලා එකක් තිබෙන බව. මටනම් බයේ බෑ, ඒගොල්ලෝ ලංකාවම බයිට් එකට ගනියිද කියලා, ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. ඕනෑම වෘත්තියක් වෙනුවෙන් සංවිධානාත්මකව ක්‍රියා කරන්න, සෑම දෙනාටම අයිතිය තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන පරමාධිපත්‍ය බලය අනුව, මිනිසුන් තම වෘත්තීන් වෙනුවෙන් සංවිධානය වීම අපරාධයක් නෙවෙයි නේ.

   ඇත්තෙන්ම ඕනෑම වෘත්තියක් වෙනුවෙන්, වෘත්තීය සමිතියක් ඇතිවීම වරදක් නෙවෙයි. ඒ නිසා වෘත්තිකයන්ට ලැබෙන සේවා බොහොමයි.

  • වෘත්තීය ගරුත්වය රැකගැනීම.
  • වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීම.
  • පාලකයන්ගෙන් එල්ලවන අසාධාරණකම් වලින්, සාමාජිකයන්ව ආරක්‍ෂා කරගැනීම.
  • වෘත්තීය සමිතියෙන් ලැබෙන විවිධාකාර සුබසාධන කටයුතු සඳහා හිමිකම් ලැබීම.
  • කාලීනව හිමිවියයුතු වෘත්තීය උසස්වීම්, විවිධ දීමනා, වැනි දෑ පිළිබඳව අකටයුතු සිදුවේ නම්, සුදුසු පියවර ගැනීම. 
 එවැනි සේවා වලට උදාහරණ කීපයක් ලෙස දැක්විය හැකියි. නමුත් අපේ රටේ වෘත්තීය සමිති බිහිවීම තුළ තිබෙන්නේ, ඉහත සඳහන් පරමාර්ථ පසෙක දමා, දේශපාලන පක්‍ෂවල බලය රැකගැනීම සඳහා අටවාගත්, නිකම්ම නිකම් සමිති වර්ගයක් කියලයි මටනම් හිතෙන්නේ. එකම වෘත්තියක් වෙනුවෙන් වැඩිම වෘත්තීය සමිති ගණනක් පිහිටුවාගෙන තියන ලෝකයේ එකම රට ලංකාව වන්නට, බොහෝදුරට ඉඩ තිබෙනවා. අපේ රටේ ඕනෑම දේශපාලන පක්‍ෂයක් බලයට පත්වුණාම, විරුද්ධ පක්ෂවල වෘත්තීය සමිති විරෝධතා ආරම්භ කරන අතර, පවතින රජයට පක්ෂ වෘත්තීය සමිති රජයේ ඕනෑම ප්‍රතිපත්තියක් අනුමත කරන ස්වභාවයෙන් හැසිරෙනවා. මේ දෙකම, අමනොඥ ක්‍රියාවක් බව නොදැන නොවෙයි, ඔවුන් මෙලෙස හැසිරෙන්නේ.

   ලංකාවේ එකදු වෘත්තීය සමිතියක්වත්, පහත දැක්වෙන කරුණු, ඇත්ත ඇති සැටියෙන්, තම සාමාජිකයන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය සඳහා කියාදී තිබෙනවාද?

  • ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැබෑ තත්වය කුමක්ද?
  • අපේ රටේ විදේශීය සංචිත වල ඇත්ත තත්වය කුමක්ද?
  • විදේශීය ණය ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලිය, දැනට ගෙවමින් පවතින වාරික, සහ ඉදිරි කාලයේදී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය කොපමණද?
  • අපේ රටේ ඒක පුද්ගල ආදායම කොපමණද? දළ දේශීය නිෂ්පාදිතය කොපමණද?
  • ඒ ඒ කාලීනව පවතින රජයේ, ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව, ආර්ථික විද්‍යාඥයන්ගේ විචාරය කෙබඳුද?
  • තමන් අයිති වෘත්තීය මගින්, වාර්ෂිකව, රටේ ආර්ථිකය නගාසිටුවීම සඳහා සිදුවන සේවය කුමක්ද? එය තවදුරටත් වර්ධනය කිරීමට කුමක් කළයුතුද?
  • සෑම ප්‍රශ්නයකටම විසඳුම වැඩ වර්ජනයද?
  • දේශපාලන ඇසින් නොබලා, මධ්‍යස්ථව රට දෙස බැලුවහොත්, රටේ ඇත්ත තත්වය කුමක්ද?
  • ආදායම් විෂමතාව අවම කරගැනීම සඳහා ආර්ථික විද්‍යානුකූලව සහ රටට ප්‍රායෝගික වන පරිදි කළහැකි යෝජනා මොනවාද?
  • තම වෘත්තීය අයිතිවාසිකම් සඳහා සටන් කර ඒවා දිනාගත්තත්, රටේ ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන්, ඒ වාසිය අත්විඳින්නේ, කොපමණ පුද්ගලයන් (පවුල්) ගණනක් ද?
  • වෘත්තීය සමිති ලෙස, තමන් කරන ඉල්ලීම්, ඇත්ත වශයෙන්ම රටේ කාලීන ආර්ථික තත්වය සමග බලන කල, සාධාරණද අසාධාරණද?
  • එම ඉල්ලීම් ලැබුන පසු, තම වෘත්තීය සමිති සාමාජිකයන් විසින්, කලින් තිබුණාට වඩා, තම සේවයේ වර්ධනය කොපමණ ප්‍රතිශතයකින් ඉහළට ගෙන තිබේද?
  • තම සේවයේ ඉහළ ගුණාත්මක බව, මානුෂීය බව වෙනුවෙන්, රටේ පොදු ජනතාවගේ ප්‍රශංසාවට, ඇගයීමට, ලක්වන ආකාරයට සහ එවැනි ඇගයීමක් ලැබුණත් නොලැබුණත්, තම සේවා සැපයීම් මට්ටම ඉහළ නංවාගැනීම සඳහා, වෘත්තිකයන්ගේ චර්යාව සහ ආකල්ප වර්ධනය කිරීමට, විශේෂ වැඩපිළිවෙල යොදන වෘත්තීය සමිති තිබේද?  ඒ සඳහා වාර්ෂික සැලැස්මක් හෝ අන් කවරාකාරයක සූදානමක් හෝ තිබේද?
  • වෘත්තීය සමිති නායකයන් පත්කරගැනීමේදී, ඔවුන් හුදු දේශපාලන හෙන්චයියන් නොව, දේශපාලනයට අමතරව, නීතිය, පරිපාලන ක්‍රම, ආර්ථික විද්‍යාත්මක දැනුම, පොදුවේ ලෝක විෂයය පිලිබඳ දැනුම ඇති පුද්ගලයන් පත්කරගැනීමට, එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් උනන්දු වනවාද?  
   සෑම රජයක්ම පාහේ, වෘත්තීය සමිති සම්බන්ධව ක්‍රියාකරන අඳබාල ප්‍රතිපත්තිය නිසා ද, තත්වය අවුලෙන් අවුලට යනවා විනා, සමථයකට පත්වීමක් සිදු නොවේ. නමුත් මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කරන්නට, කිසිදු රජයක් උත්සාහ නොකරන්නේ ඇයි? එකම හේතුව, අපේ රටේ වෘත්තීය සමිති සියල්ලම පාහේ, දේශපාලන අරමුණු පදනම් කරගෙන බිහිවූ ඒවා බැවින්, පවතින රජයට විරුද්ධ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවයෙන්, සෑම රජයක්ම කටයුතු කිරීමයි. 

රටේ ප්‍රශ්න විසඳන්නට වෘත්තීය සමිති දායකත්වය කෙබඳුද?

   එය පවතින්නේ, ඉතා පහළ මට්ටමක බව, අප සියලු දෙනා දන්නා අමිහිරි සත්‍යයයි. පවතින රජයට විරුද්ධ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති සෑමවිටම උත්සාහ කරන්නේ, තම න්‍යායාචාර්යයන් වහන්සේලා දෙසා වදාරණ සියල්ල හිස් මුදුනින් පිළිගෙන, පවතින රජය කඩාකප්පල් කිරීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමයි. පවතින රජයට පක්ෂපාතී වෘත්තීය සමිති, නිර්වින්දනයකට පත්වූ ලීලාවෙන්, රජය කුමන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුවත්, එය රටට අහිතකර වුවත්, නිසොල්මන්ව හිඳිති. නැතහොත් ඒ ප්‍රතිපත්ති පමණක් අගය කරති.
  • සියලුම රාජ්‍ය ප්‍රතිපත්ති වල විනිවිදභාවය රැකගැනීම සඳහා, සියලුම වෘත්තීය සමිති නියෝජනය කරන නිරීක්ෂක පිරිසක්, ඒ ඒ අමාත්‍යංශ මට්ටමෙන් පත්කරගත නොහැකිද? 
  • රටේ කාලීන ආර්ථික තත්වය මත, ඇත්ත වශයෙන්ම කළහැකි දේ මොනවාද, නොකළැකි දේ මොනවාද යන්න, පොදු මහජනතාවට එක එල්ලේම ප්‍රකාශ නොකරීම, රජයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව තවත් වැඩිවීමට බලපාන බව තේරුම් ගන්නා රජයක්, ඉතිහාසයේ නොතිබුන අතර, වර්තමානයේත් අනාගතයේත් ඒ තත්වය එලෙසම පවත්වාගන්නවාද?
  • රටේ අයවැය වාර්තාව යනු, පඩි වැඩිකිරීම සහ බඩු මිල අඩුකිරීම නොවන බව, යථාර්ථවාදීව පෙන්නුම් කර නොදී, බොරු පුරාජේරු ඉදිරිපත් කිරීම, තව තවත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට මහජනතාව පොළඹවමින්, තව තවත් ආර්ථිකය පහළ දමාගැනීමක් බව, සෑම රජයයක්ම තේරුම් නොගන්නේ ඇයි?
  • විෂයයමාලා භේදයකින් තොරව, පාසල් අධ්‍යාපනයේ සිටින, කරුණු කාරනා වැටහෙන සියලු දරුවන්ට, විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට, මේ සත්‍යය කියා නොදෙන්නේ ඇයි?
   අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බලශක්ති, ආදී එදිනෙදා ජනජීවිතය සමග තදින්ම ගැටෙන ක්ෂේත්‍රයන්හි ඇති ගැටළු, මා මෙතන විස්තර නොකලාට ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් අපට කියන්න තිබෙන්නේ ඇමතිවරුනි දෙන්න ඔය ඇමතිකම ළමයෙකුට කියා නොවේද?

   රටපුරා බෙදාහැරීමට තිබෙන ලිපි දස ලක්‍ෂ ගණනක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැහිලලු. කොයි වෘත්තීය සමිතියද ඉදිරිපත් වෙන්නේ අපි ස්වේච්ඡාවෙන් වැඩකර මේ ලිපි තේරීම් කඩිනම් කර දෙන්නම් කියලා. කොයි වෘත්තීය සමිතියද ඒ සඳහා තම 'මුට්ටි කාසි' වලින්, අර ස්වේච්ඡාවෙන් වැඩ කරන අයට, වඩයක් සහ ප්ලේන්ටියක් දෙන්නේ?

   ඇමතිතුමනි, ඇමතිකම ළමයෙකුට දෙන්න බැරිනම් ළමයින්ට දෙන්න. අහන්න කොළඹ පාසල්වල උසස්පෙළ දරුවන්ගෙන්, ශ්‍රමදානයකට එන්න පුලුවන්ද කියලා. ළමයි 10 ගොඩවල් 10 ක් හදන්න. ඒ එක ගොඩක ඉන්න දහදෙනා අධීක්ෂණය කරන්න දාන්න තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙක්. පළමුවැනි දවසේ ලිපි තේරීම උගන්වන්න. දෙවැනි දවසේ ඉඳලා බලාගෙන ඉන්න, ඒ ළමයි කොච්චර වේගයෙන් හා කාර්යක්‍ෂමව ඒ වැඩේ කරනවාද කියලා. අනේ තමුන්නාන්සේගේ පොකැට්ටුවෙන්, උන්ට බනිසක්, කෙහෙල් ගෙඩියක්, ප්ලේන්ටියක්, බජ්ජුන්ඩක් දෙන්ට හොඳේ? 

   ඉස්පිරිතාලවල සේවකයන් වර්ජනය කලාම, රෝහල තුළ ලෙඩ්ඩු එහාට මෙහාට ගෙනියන්නේ, අනෙකුත් සහය සේවා ලබාදෙන්නේ, හමුදා සොල්දාදුවෝ. ඉතින් සෞඛ්‍ය ඇමතිතුමෝ, ආරක්ෂක ඇමතිතුමා එක්ක එකතුවෙලා, දෙන්න ඒ ගැන හොඳ පුහුණුවක්, සෑම ප්‍රදේශයකම තියන හමුදා කඳවුරුවල ඉන්න සෙබළුන් 500 කට. (ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ගන්න. වෛද්‍ය බලකාය යටතේ කඳවුරු තුළම පුහුණුව දෙන්න) ඊට පස්සේ, වෘත්තීය ක්‍රියාමාර්ග, ඒ සෞඛ්‍ය සේවකයන්ට හිතේ හැටියට කරගන්න කියලා, අහිංසක ලෙඩ්ඩුන්ට සේවය ලබාදෙන්න පුළුවන්.

   කෝච්චි ස්ට්‍රයික් කලාම හරි පුරස්න. ප්‍රවාහන ඇමතිතුමෝ, දෙන්න ඇමතිකම ආමි එකට. අවශ්‍ය තරම් ගණිතය, භෞතික විද්‍යාව උපාධිධාරී නිළධාරීන්, දැන් ඉන්නවා ත්‍රිවිධ හමුදාවේම. දෙන්න ඒගොල්ලට කෝච්චි ඩැයිවර්, ගාඩ්, සිග්නල් කෙළි, ඔක්කොම ගැන පුහුණුවක්. (ලංකාවේදී කරන්න වෘත්තීය සමිති ඉඩ දෙන එකක් නැහැ. පිටරටකදී දෙන්න)

   ඔහොම නැතුව නම් බැරිවෙයි අනාගතේදී.

  මීට වඩා දේවල් කියන්න තිබුණත්, වචන 1000ත් පැනලා නිසා, මෙතනින් ලිපිය අවසන් කරන්නේ, ඔබේ ගල් සහ මල් දෙකම බලාපොරොත්තුවෙන්. 

2016 පෙබරවාරි මස 20 දින 2346 පැය

42 comments :

  1. විචාරක , ඔය කියන කාරණය මේ රටට බොහොම වැදගත්.

    අද වෙනකොට වෘත්තීය සමිති කියන්නේ රට අසරණ කරන, අසරණ මිනිස්සු තවත් අසරණ කරවන එල්.ටී.ටී.ඊ සංවිධානයට ත් වඩා තිරිසන් තවත් ත්‍රස්තවාදී සංවිධාන කීපයක් බවට , උදාහරණ සහිතවම උවත් පෙන්විය හැකිය.
    එල්.ටී.ටී.ඊ කාරයෝ අඩු ගානේ දෙමල ජාතියට වත් මොනා හරි දෙයක් ඒ කාලේ කළා. එත් මේ යූනියන් ත්‍රස්තවාදියෝ ,තමුන්ගේ මිනිස්සුන්ටවත් සලකන්න තරම් හිතක් පපුවක් නැත.

    කනගාටුවට කාරණාව නම් රටේ ජනතාව ගේ බදු මුදලින් ඉගෙන ගෙන ලොකු ලොකු තානාන්තර ගත්තයින් පස්සේ මේ වගේ ත්‍රස්තවාදී ව්‍යාපාර පටන් ගන්න එකය. එකට හොඳම උදාහරණය අර පා-දෙනියා ගේ ජී ඇම් ඕ ඒ එකය. මරාගේ පුක හෝදලා හෝදලා දැන් උන් එන්නේ ආණ්ඩුවට හරි වැරදි කියා දෙන්න ය.

    තව ඕන තරම් උදාහරණ ඇත.
    එව්වත් කියන්න ගියොත් මේක කමෙන්ටුවක් නොව පොස්ටුවක් වන නිසා දැනට නවතිමි.
    ඔබේ ලිපිය අතිශයින්ම කාලෝචිත බව නොකියාම බැරිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභීෂණ ම අදහස් දැක්වීම ගැන.

      වෘත්තීය සමිතිය කියන එකේ පරමාදර්ශී බව තව අවුරුදු 100 ක් ගියත් අපේ රටෙන් නම් දැකගන්න ලැබෙන එකක් නැහැ.

      නමුත් ත්‍රස්තවාදී වෘත්තීය සමිති හැමදාමත් පවතිනු ඇති.

      Delete
  2. විචාරක, වෘත්තීය සමිති වලින් පටන් අරන් බොහොම බරපතල ලිපියක්නේ ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම බරපතලයි. මේ කරුණු විවෘතව අපේ සමාජයේ සාකච්ඡාවට භාජනය වියයුතුයි.

      Delete
  3. වෘත්තීය සමිති ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කරනවා වගේම ඔවුන්ගේ යුතුකමුත් ඉටු කරනවා නම් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ අටේ ඉතිහාසයේ කොතැනක හරි තියනවද, රටගැන හිතා යුතුකම් ඉටුකරපු වෘත්තීය සමිතියක්?

      Delete
  4. යුතුකම් බර වැඩියි - වගකීම් සැහැල්ළු වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ආත්මාර්ථකාමීත්වය වැඩියි.

      Delete
  5. මේ ලිපිය GMOA එකේ දොස්තර මහත්තරු සැට් එකටයි, අර බස් ගැමුණු මහත්තයටයි තව ඔය ජනප්‍රිය වෘත්තීය සමිති නෝනා මහත්වරු සැට් එකටයි යැව්වානම් තමා වටින්නේ. මට මේ නිකමට හිතුනේ සිංහලෙන් බ්ලොග් ලියන්නන්ගේ සංගමය වගේ එකක් තිබුනොත් කොහොමට හිටීද කියල.

    හැමදාම වගේ විචාරකගෙන් අපූරු සමාජ විද්‍යාත්මක ලිපියක්!

    ReplyDelete
    Replies
    1. සෑම වෘත්තීයකටම අදාලව වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ වරදක් නැහැ. නමුත් වැඩ නොකර ප්‍රතිලාභ ගන්නා තත්වයට පත්වීම තමයි අමනකම.

      Delete
  6. වෘත්තීය ගෞරවය රැකීම කියන කාරණය අද වෘත්තීය සමිති වලට අදාළ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්, බොහොමයක් වෘත්තීය සමිති, නිකම්ම නිකම් සටන්කාමී ගෝත්‍රික ලක්‍ෂණ තමා පෙන්වන්නේ.

      Delete
  7. වෘත්තීය සමිතිනේ ?ඒවත් ලංකාව වගේම අමුතුයි.... වෙඩි වගේ කරැණු ටිකක් අම්මපා මාමේ වටිනවා මේ ලිපිය ඔය වෘත්තිය සමිති වලට බෙදලා දෙන්න

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය බෙදලා දුන්නා තියා, ගිනිතියලා අලුටික දියකරලා පෙව්වත්, ඒ ගෝත්‍රික ලක්ෂණ වෙනස්වෙන්නේ නැහැ.

      Delete
  8. බොහොම වැදගත් ලිපියක් විචා..

    වුර්තීය සමිති කියනකොටම මටනම් හිතට දැනෙන්නෙ හරිම අපුල සහගත හැගීමක්.. මගේ අත්දැකීම් අනුව ලංකාවේ වුර්තීය සමිති කියන්නේ කූඨ ව්‍යාපාරක් කියලයි මම හිතන්නේ. වුර්තීය සමිති ක්‍රියාකාරකම් දිහා ස්වාදීනව බැලුවාම ඒ ක්‍රියාකාරකම් වලින් 99% ක් සිද්දවෙන්නේ වෙනත් තුන්වෙනි පාර්ශවයකගේ උවමනාව වෙනුවෙන් කියලයි මම හිතන්නේ. වුර්තීය සමිති නායක උදවියත් මේ කියන තුන්වෙනි පාර්ශව වල බළල් අත්වලින් නැටවෙන රූකඩ පමණයි කියලයි මට හිතෙන්නෙ. එකතරා පක්ෂයක හෝ පුද්ගලයකුගේ පටු උවමනාවන් වෙනුවෙන් මෙහෙයවෙන වුර්තීය සමිති ඇතුලේ ඉන්න ප්‍රභල පුද්ගලයින් ඒ තනතුරු දරමින් පුද්ගලික වාසි ලබන තත්වයක් මම අත්දැකීමෙන් අහල දැකල තියෙනව ඕන තරම්. එත් අවාසනාවට පාරෙ පිකටින් කරන අහිංසක මෝඩ මිනිස්සු දන්නේ නැහැ එයාලගේ දාඩිය මහන්සියෙන් තුන්වෙනි පාර්ශන්වයක් පුද්ගලික වාසි ලබනවා කියල.

    ලංකාවේ රැකියාව කරපු කාලේ මට වෙච්චි අසාධාරනකම් වෙනුවෙන් වුර්තීයසමිති වලින් සහය ඉල්ලුවාම එයාලගේ පිළිතුර වුනේ " ඔව්ව ඉතින් ලොක්කෝ එක්ක ශේප් එකේ කරගන්න ඕන දේවල් " කියන දේ තමයි. එතනින් එහා මගේ ක්‍රමයට මම මගේ ප්‍රශ්න විසඳාගන්න මට සිද්දවුනා. සේවකයින්ට වෙන අසාධාරනකම් වෙනුවෙන් ඉදිරිපත්වෙන්න කොන්ද පන නැති වුර්තීය සමිති ඉන්නෙත් පාලක පක්ෂය වෙනුවෙන්ම කඩේ යන්න කියන දේ මම එදා ඉගෙනගත්ත. මගේ දැකීම අනුව ලංකාවේ සියලූම ගනයේ වුර්තීය සමිති සහ ශිෂ්‍ය ව්‍යාපාර වලින් සිද්දවෙන්නේ අහිංසක මිනිසුන් සහ ශිෂ්‍යයින් ඇන්දීම පමණයි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න නම් ස්වාදීනව ඇහැකින් ඒ දිහා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අද්දැකීම් තුලින් දක්වන ලද මේ වැදගත් තොරතුරු වලට.

      ඇත්තටම ලංකාවේ බහුතරයක් වෘත්තීය සමිති කියන්නේ, එක්තරා ආකාරයක මාෆියාවක්.

      Delete
  9. වෘත්තිය සමිති බොහමයකදි සාමාජික මුදලක් මාසෙට කැපෙනවා පඩියෙන්.. එතකොට ඒ සල්ලි ඔය ජනතා විමුක්ති පෙරමුණ වගේ එකකට දීල ඒ පක්ෂෙ යූනියන් එකක් අරින්න පුලුවන් ලේසියෙන්ම..

    ඔබගේ අවසාන විසදුම් වලට මට එකග වන්නට බැහැ..ආයතනයක මානව සම්පත් කළමණාකරණයේදී ආයතන පද්ධති කළමනාකරණයෙද් පද්ධතිය සමත් වෙන්න ඕනි වෘත්තිය සමිති ක්‍රියාකාරකම් පාලනය කරන්න..ඒක සෘජුව සහ වක්‍රව කරන්න පුලුවනි.. ආයතන පරිපාලනයට තමුන්ගේ ආයතන සේවකයින් දැනුවත් කරන්න ක්‍රමවේද හොයාගන් පුලුවනි.. වාත්තිය සමිති කියන බොරු සටන්පාඨ වල සත්‍යය අවබෝධ කරල දෙන්න ක්‍රියාමාර්ග ගන්න පුලුවනි.. එසේම බොහෝවිට ආයතන නොකරන ඇත්තම ආයතනික තත්වය සේවකයින්ට පැහැදිලි කරන්න ආයතන වලට හැකියාව ලැබෙන්නට ඕනි..

    බොහෝ ආයතන වල වෘත්තිය සමිති පැල් බැදගන්නෙ ඒ පද්ධති වල තිබෙන යාවත්කාලීන නොවීමේ දෝස නිසා.. ඇතැම් විට ගැටළු වලට නිසි විසදුම් දෙනවාට වඩා වෙනත් බයිලා කියන එක කළමනාකරුවන්ගේ පුරුද්දක් වෙලා..

    උදාහරණ විදියට ලිපි තේරීම ගනිමු. ඔතනදි ලිපියකට රුපියලක් දෙනවාය කියලා ලිපි තෝරන්න තියෙන රැකියා කොටස පිට පුද්ගලික අංශයට දෙන්න පුලුවනි.. ඇතැම්විට ඔවුන් සේවකයාට සත පනහක් දීල දවසට එක සේවකයෙක් ලියුන් දෙදාහක් තෝරන මට්ටමට ඒ වැඩේ දියුනු කරලා ගනීවි.. හරිම සරල දෙයක්.. පොඩි ගිවිසුමක් ගහල..ටෙන්ඩර් කැදවලා නියම ආකාරයට නියාමනය කරල කලොත් ලේසියෙන්ම ලිපි ටික තෝරත හැකි.. ලිපි අනුව ගෙවීම් කරන නිසා අමතර කිසිදු මුදලක් තැපෑලට වියදම් ව්නනේ නෑ.. යම් කිසි විදියකින් ඒ ඉන්න අය බෑ කිව්වොත් ආයෙත් ඉක්මන් ටෙන්ඩර් එකක් හෝ කලින් ටෙන්ඩර් එකේ අනික් සුදුසු අයට මෙ ්වැඩේ ලබා දෙනවා.. මොකද ලිපි තෝරනවා කියන්නෙ පස් අදිනවා වලවල් කපනවා වගේ අමාරු වැඩක් නෙමෙය ිනෙ.. වැඩේ තියෙන්නෙ පරිපාලනය අතේ.. ඇතැම් කොටස් තිබෙනවා ඒ විදියට ඒ අදාල කොටස පමණක් පුද්ගලික අංශයට පවරලා පැහැදිලිවම ලාබ ලබත හැකි.. නමුත් අපේ අයගේ දැක්මේ පුුලුල් බව අඩුයි නෙව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන. ඇත්තෙන්ම ඔබ මා සමග එකඟ වියයුතු නැහැ. ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා.

      මගේ අවසාන විසඳුම මා හැදුවේ, රටේ ජීවත්වන, මොකුත් කරගන්න බැරි අහිංසක ජනතාව ගැන හිතලා.

      ඉස්කෝල ළමයි යොදාගත්තම සල්ලි වියදම් වෙන්නේ බොහොම ටිකයි. ඒ ලමයි යම් දැනුමක් ලබාගන්නවා. රටට ආදරය කරන්න ඉගෙනගන්නවා. රාජ්‍ය සේවය ගැන යමක් ඉගෙනගන්නවා. අනාගතයේදී හොඳ පුරවැසියන් බවට පත්වීමේ මූලික අඩිතාලම වැටෙනවා. ලියුම් තේරීම විතරක් නෙවෙයි කක්කුස්සි අදින්නත්ය් මේ ළමයි සහභාගී කරගත යුතුයි.

      වෘත්තීයසමිති නායකයන්ගේ හමුවක් පවත්වා, තම අරමුණු පැහැදිලි කරන්න කිව්වොත්, එකෙක්වත් එන්නේ නැහැ. තමන්ගේ හෙළුව හෙළිවන නිසා.

      Delete
  10. දැන් තියෙන සමහරක් වෘතීය සමිති මේවා ගැන දන්නවද කියලත් සැකයි.

    ReplyDelete
    Replies
    1. දැන් හැම මගුලකටම වෘතීය සමිති තියෙනවනේ..
      දැන් තියෙන වෘතීය සමිති වල නම් වත් හරියට දන්නෑ..

      Delete
    2. පිස්සුද දිනේෂ්. දැන් තියන වෘත්තීය සමිති කියන්නේ නිර්වින්දනය වූ ගෝත්‍රිකයන වර්ගයක්.

      ඔව් සිංහ මචන්, තවමත් වෘත්තීය සංගමයක් නැත්තේ, බබාලා හම්බවෙනකොට තැටමීම පිළිබඳව විතරයි. :e

      Delete
  11. ඔබතුමා හමුදාවේ හිටි නිසා මේක තේරුම් ගන්න අපහසු වෙන්න ඇති. මොකද ඒවායේ තියෙන්නේ ඉහල නිලධාරියාගේ අණට කීකරුව කරන වැඩක්. ඇත්තටම ඉහල නිලධාරියා ගන්න තීරණය බොහෝ වෙලාවට හරි. වැරදි වුණත් එහෙමයි. නමුත් අනෙක් තැන් වල එහෙම වෙන්නේ නෑ. කිසි දෙයක් ක්‍රමානුකූල නෑ. වෙලාවට වැටුප් වැඩි වෙන්නේ නෑ. තියෙන දේවල් කප්පාදු කරනවා. පුද්ගලික තරහවල් පිරිමහන නිලධාරීන් ඉන්නවා. ඒ වගේමයි ස්ථාන මාරු. මම කිව්වේ සරල කාරණා ටිකක්. ඒ දේවල් වලට තමයි වෘත්තීය සමිති අවශ්‍ය. ඒවායෙන් පරිභාහිර දේවල් කරනකොට ජනතාවට තද වෙනවා. පිටින් බලද්දී සමහර වෘත්තීය සමිති කරන ඉල්ලීම් ගැන අපිත් බැනලා තියෙනවා. නමුත් තුවාලේ වේදනාව දන්නේ ඒක තියෙන මිනිහා. වෘත්තීය ක්‍රියාමාර්ග ගනිද්දී මේ කවුරුත් අත්‍යවශ්‍ය සේවා මගහැරෙන්න දෙන්නේ නෑ. බොහෝවිට වගකීමෙන් වැඩ කරනවා. මම බැලුවේ බැංකු වල වැඩ කරන්නත් කාව හරි යෝජනා කරයිද කියලා :)

    ReplyDelete
    Replies
    1. අනේ සුදීක ඔය තුමා කෑල්ල කපන්නකෝ. මමත් ඔයා වගේම සාමාන්‍ය මිනිහෙක්.

      නිකමට හිතන්න හමුදාවක ව්රිඋථ්ථෙඑය් සමිතියක් තිබුනොත් යුද්දේ පරාදයි.

      මම කියන්නේ නැහැ වෘත්තීය සමිති පිහිටුවා ගැනීම වැරදියි කියලා. එය අනිවාර්යයෙන්ම කලයුතුයි. නමුත් අපේ රටේ හැම වෘත්තීය සමිතියකම ප්‍රධාන පරමාර්ථය, යුතුකම් කෙසේවෙතත්, අයිතිවාසිකම් දිනාගැනීම පමණයි. එහෙම නොවෙයි කියා කියන්න පුලුවන්ද?

      Delete
    2. නෑ නෑ කමක් නෑ මාමට තුමා කියනකොට කාටද ආඩම්බර :D

      Delete
  12. ඉතා වැදගත් ලිපියක්..
    ජය වේවා!

    ReplyDelete
  13. හැම දෙයක්ම ආර්මි එකට දෙන්ඩ? මේක ඇමෙරිකන් කුමන්ත්‍රණයක්. හිකිස්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, කිසිවක් ආමි එකට දෙන්න අවශ්‍ය නැහැ. නමුත් රටේ අහිංසක මිනිස්සු පෙලන්නට ඉඩ දෙන්නට බැහැ. ඒ වෙලාවට පමණක් හමුදා පාවිච්චි කිරීම සාධාරණයි.

      Delete
  14. වැදගත් ලිපියක්. මේක වෘත්තිය සමිති නායකයෝත් සාමාජිකයනුත් කියනවනම් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන්ට මේවා කියවන්න වෙලාවක් නැහැ. ඉල්ලීම් දිනාගැනීම සඳහා සටන් කරන්න විතරයි වෙලාව තියෙන්නේ.

      Delete
  15. මට නම් මේ වෙනකන් ඔය සමති අත්දැකීම තිබිලත් නැහැ අනගතයටත් නැති වෙයි
    ලිපියනම් එල

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී නම් අත්දැකීම් නොලබපු තරමට හොඳයි.

      Delete
  16. එතකොට පාලකයා විසින් ගන්නා අමනෝඤ්ඤ තකතීරු තීරණ වලට එරෙහිව පොඩි මිහා සතු එකම කේවල් කිරීමේ අයිතියත් නැති වෙනවා නේද? ඒ පැත්ත ගැනත් හිතන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, මම කියන්නේ වෘත්තීය සමිති එපා කියලා නෙවෙයි. අනිවාර්යයෙන් තියෙන්නේ ඕනේ. නමුත් අපේ රටේ වෘත්තීය සමිති කියන්නේ, 'රට යකාට ගියත් කමක් නැහැ අපේ ඉල්ලීම් දියව්' කියන වර්ගයේ ඒවා වීම කණගාටුදායකයි.

      Delete
  17. මම පෞද්ගලිකව වෘතීය සමිති වලට කැමති නෑ...උන් ඇවිල්ලා රටේ නියම හතුරෝ... ඔය වරායෙ ඉන්න හැතිකරේ මට පේන්ඩම බෑ...අයිස් ගගහ, ජරාව කකා, බොරුවෙන් කාලය ගත කරනවා මදිවට පඩයක් ගියත් ස්ට්‍රයි කරණ කාලන්නි හැත්ත මට පෙන්නන්නම බෑ... උන් දන්නේ අයිසිවාස්සිකම් ගැන කතා අක්‍රන්න විතරයි.. යුතුකම් ගැන අහලවත් නෑ....

    අමන හැත්ත...

    ReplyDelete
    Replies
    1. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන වසංගතයක් වෙලා. පටු දේශපාලන වාසි වෙනුවෙන් වෘත්තීය සමිති නමැති සුනඛ රංචු ඇතිකිරීම, සෑම දේශපාලන පක්ෂයකින්ම කරනවා. ඒක නවත්වන ක්‍රමයක් කුමන රජයකින් හෝ පටන්ගත යුතුයි.

      Delete
  18. මමනම් කියන්නේ දෙන්න වෘත්තීය සමිති ටික හමුදාවට කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හමුදා වලට වෘත්තීය සමිති දුන්නොත්, යුද්දේ පරාදයි.

      මම කියන්නේ වෘත්තීය සමිති වලින් කරන, වෘත්තීය අරගල නමින් කරන කඩාකප්පල්කාරී ක්‍රියා හමුදාව යොදා නැවැත්විය යුතුයි. එවිට මිනිස්සුන්ට තේරෙනවා වෘත්තීය සමිති කඩාකප්පල් කාරී ක්‍රියා කරන බව.

      Delete
  19. http://www.dailymail.co.uk/travel/travel_news/article-3325053/Railway-Budapest-run-10-14-year-old-kids.html

    ඔය විස්තරය කොහොමද?

    ඔය ළමයි මඟින් ප්‍රශ්න විසඳීමටත් මොකක් හරි අංචියක් අදින්න බැරි නෑ අපේ උන්දලා. ඉස්සර ඩඩ්ලි අගමැතිතුමාගෙ කාලෙද කොහෙද වැඩ හුරුව කියලා එකක් තිබ්බලු ළමයි ලව්වා කුඹුරු වැඩ කරවන. තමුන්ට කුලියක් මලියක් නැති වෙන තරහට කුලී කාරයො කළේ රෑට කුඹුරට බැහැලා ළමයි හිටවපු ගස් අනිත් පැත්තට හිටෝපු එකලු. මුල් උඩට හිටින්න.

    ReplyDelete
    Replies
    1. සුපිරියි නේද වැඩේ. අපිටත් මේවා කරන්න බැරුවා නෙවෙයි. අර ගොයම්ගස් අනික් පැත්තට හිටවන ජාතියේ එවුන් තවම ඉන්නවා. අන්න ඒ වගේ එවුන් අල්ලලා ඉස්සෙල්ල යවන්න ඕනේ චරිතශෝධනාගාරයකට.

      Delete
  20. ස්ට්‍ර්‍යික් කඩන වැඩ නේද මේ උගන්වන්නේ?

    ReplyDelete
  21. අදයි කියෙව්වෙ. නිවී හැනේ කියවන්න හිටිය.

    යූනියන් දැන් පවතින තත්ත්වය ගැන නම් ඉහළ කියල තියෙන දේ හරියටම හරි. විසඳුම වන්නෙ හමුදාව යෙදවීම ම පමණක් නෙවෙයි. නමුත් ඒක හොඳ උපක්‍රමයක්...

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }