හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 November 2015

විදුලිබල මණ්ඩලේ සූප්පුව නැතිකළේ කවුද යකෝ.....


An_electrified_skeleton_111024-213519-049009
   මේ ලිපිය කියවීමෙන් පසු, සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියේ  මෙන්න මේ ලිපිය කියවන්න.

   මුන්ට හෙන හතම වදින්න ඕනේ. කවුද අසමජ්ජාතියෙන් විදුලි මළබන්ඩලේ බලමණ්ඩලේ සූප්පුව නැති කරලා. ඒකෙන් වෙලා තියෙනේ තරුණ ජීවිත තුනක් නැතිවෙලා. අර ගාල්ලේ ගිංතොට පැත්තේ දී අධිබල විදුලි කම්බියක් (රැහැනක්/බහනක්) මණ්ඩලේ බානක් ද? කඩා වැටීම නිසා. මණ්ඩලේ කට්ටිය තම රැකියාවේ/වෘත්තියේ/සේවයේ වගකීම පැත්තක දාලා, රැකියාවේ ප්‍රතිලාභ කියන සූප්පුව උර උරා ඉන්න අතරේ, කවුද එවුන් වගයක් කෝල් එකක් දාලා කියලා, ගිංතොට මහා විදුලි ගිනිවිජ්ජුම්බරයක් කියලා. යන්තං පැයකට විතර පස්සේ, එම වීර විදුලි හමුදාව ඇවිත්, අර මැරිච්ච එවුන්ගේ මිනීටික පටවන්න උදව් වෙලා.

   අම්මප අපි මල් තියන්න, ඕනේ මෙහෙම වීරයන්ට -  රඟ රඟ ටං, රඟට ටකං......

   මණ්ඩලේ කියන්නේ, විදුලි කණුවක ගිය ලේනෙක්, රැහැන් අස්සේ හිරවීමෙන්, පද්ධතිය ලුහුවත් වෙලා, ගිනි ගැනීමෙන් රැහැන කඩා වැටුනා කියා. පද්ධතියද පොට්ටනියද, ලුහුවත් ද නිරුවත් ද අපි දන්නේ නෑ. අනේ මුන්දලාගේ මෑණියන්දෑලාට, සෑම නියං සමයකදීම වැහි ලැබෙන්න, ඉතිං කොහොමද අප්පේ ඔය ලේනෙක් හරි මණ්ඩලේ කාගෙහරි (ගෙදරක ඉන්න) මීයෙක් හරි ගෑවිච්ච ගමන්, මෙව්වා ගිනිගන්නේ? එහෙනං රටේම ඉන්න ලේන්නු, මීයෝ, කාක්කෝ පරෙයියෝ, වවුල්ලු, ඔක්කොම මරන්න ඕනේ මහජනතාවගේ ජීවිත රැකගන්න.

  • අපේ රටේ විදුලිය බෙදා හැරීමේ පද්ධති මේ තරම් අනතුරුදායක ඇයි?

  • සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා පද්ධති බිඳවැටීම්/ගිනිගැනීම් නවත්වන්න ක්‍රමයක් නැද්ද?

  • අපි තවමත් පාවිච්චි කරන්නේ පැරණි ක්‍රම නොවේද?

  • හදිසි අවස්ථාවක දී විදුලිබල මණ්ඩලය එම ස්ථානයට පැමිණෙන්නට මෙපමණ ප්‍රමාදවන්නේ ඇයි?

  • හදිසි අවස්ථා ක්‍රියාමාර්ග යනුවෙන් සැලැස්මක් විදුලිබල මණ්ඩලය සතුව තිබේද? 

  • එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධ පෙරහුරු පවත්වනවාද?

  • විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශවල සේවකයන් රාත්‍රී කාලයේදී බීමත්ව ඉන්නවා කියන්නේ ඇත්තද? 

  • ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර මොනවාද?

   රන්ජිත් සියඹලාපිටිය ඇමෑත්ත තුමෝ, පෞද්ගලිකව දන්නා හඳුනන නමුත්, මෙව්වා ඒ ආකාරයට විසඳන්න බැරි නිසා, මෙසේ ලියා දන්වමි. 

   පසුව එකතු කිරීම. මෙන්න මේ ලිපියත් කියවන්න.

2015 නොවැම්බර් මස 04 වැනි දින 1314 පැය 

65 comments :

  1. http://www.nursinglk.com/2015/11/176.html
    මෙන්න මේ ලින්ක් එකේ තියන පෝස්ට් එකත් මේ ලිපියටම වැදගත් වෙයි.
    නවීන තාක්ෂණය පාවිච්චියක් නැතිකම තමයි බොහො දුරට මෙවෙනි දේවල් වලට හේතුව.
    විදුලි බල මණ්ඩලය ගැන කිවුවොත් අපේ පැත්තෙනම් මම දැක්ක කාර්යක්ශම රාජ්‍ය ආයතනය. ඕනෙම වෙලාවක call එකකින් ප්‍රශ්නය විසදා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ මුලින්ම මම කියලා තියෙනේ ඔබ කියා තිබෙන ලින්ක් එකේ ලිපිය බලන්න කියායි.

      බොහොම ස්තුතියි. අවධානය යොමුකලාට.

      Delete
    2. උඩ ඉදන් පල්ලෙහාට එද්දි අමතක වෙනව, ගනන් ගන්න එපා මම පැන්ෂන් යන්ඩ පුරුදු වෙන එකා නොවැ ....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒ උනාට ඩබොල නං අමතක වෙන්නෙ නෑ නේද?

      Delete
    5. ljqo nfd, vn,a lshkakfa''''''??????

      Delete
  2. විචා මචා හැමදේටම ක්‍රමයක් ඕන. අපිට නැත්තේ ඒකයි. ඒකනේ අපේ අධ්‍යාපනය, උසස් අධයාපනය, තෘතික අධ්‍යාපනය, සෞඛය මෙකි නොකී හැම දෙයක්ම එක තැන පල් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ වැඩ වලදී නම් මට පෙනෙන්නේ ක්‍රම තියනවා. නමුත් ඒවා කලට වෙලාවට කාර්යක්ෂමව කරන්නේ නැති එකයි ප්‍රශ්නේ.

      Delete
  3. විචා උඔත් මාර ප්‍රශ්න තමයි අහන්නේ..
    කොහමද බං මේවට උත්තර දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. කකුල් දෙක ඈත් කරලා හිටගනු.

      දැන් දෙකට නැවී දෙපරැන්ද අස්සෙන් බලනු.

      දැන් තමාට ලෝකය පෙනෙන ආකාරයට පිළිතුරු ලියනු.

      Delete
  4. අධිසැර විදුලි රැහැනක් නෙමෙයි සාමාන්‍ය රැහැනක් උනත් ලුහුවත් උනොත් වහාම ට්‍රිප් වෙන්න හෝ විලායක පිලිස්සී යන්න ඕන. අපේ ගෙවල් අස්සෙ උනත් දාල තියෙන්න ඒ ආකාරයට තමයි. නමුත් මේ උපකරන නිසි පරිදි නඩත්තු නොකරන නිසා කම්බිය බිම වැටිලත් සෑහෙන වෙලාවක් යනකල් විදුලිය විසන්ධි වෙන්නෙ නෑ.
    ඉතිං අපිට ගිහිල්ල ඕව නඩත්තු කරන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ඉංජිනේරු මහතෙක් රූපවාහිනියේ කියනවා, ස්වයංක්‍රීයව විසන්ධි වෙන්න මිලි තත්පර 300 ක් යනවලු. මටනම් හිතෙන්නේ විදුලිබල මණ්ඩලයේ මිලි තත්පර 300 අපේ තත්පර 3000 ක් විතර වගේ කියලයි.

      Delete
  5. ඕව නිවුස් ද මේ තියෙන්නෙ අපේ අයියලගේ වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔය කණු කෙලින් කොරන්ඩ ලේසි කෙරමයක් තියේ.

      සෑම කණුවක් මුලටම වියාග්‍රා පෙත්ත බැගින් දියකර වක්කරනු ලැබේ.

      Delete
  6. මම නම් කියන්නේ මේකට කමිටුවක් පත් කොරන්න ඕන කියන එකයි...

    ReplyDelete
    Replies
    1. අවමංගල්‍ය කමිටුවක් ද?

      Delete
    2. පිස්සුද මචෝ...

      විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ත්‍රි පුද්ගල විදවත් කමුටුවක්..

      Delete
    3. චැඃ..........එක කමිටුවක් මක්කොරන්ඩද? අඩුම ගානේ කමිටු හත අටක්වත් ඕනේ. ඇත්තටම මේ මිනිස්සු මැරුණේ කරන්ට් වැදිලද කියලා බලන්ඩ එක කමිටුවයි. වැදුනේ කරන්ට් එකමද කියලා බලන්ඩ එක කමිටුවයි. කරන්ට් එක ආවේ කම්බිය දිගේමද බලන්ඩ තව කමිටුවයි. වෑන් එක එලෙව්වේ රාජ්‍ය විරෝධී පුද්ගලයෙක්ද බලන්ඩ කමිටුවයි. ඔය කමිටුවල ඉන්න එවුන්ගේ මොළය හරියටම pකේ පිහිටලා තියනවද බලන්ඩ කමිටුවයි.

      Delete
  7. /විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශවල සේවකයන් රාත්‍රී කාලයේදී බීමත්ව ඉන්නවා කියන්නේ ඇත්තද? /

    මානව අයිතිවාසිකම් උල්ලංගනය කරන්න නං හදන්න එපා විචා අංකල්..


    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. චාමරට මළ පැනලා :D හැක්

      Delete
    2. විදානෙයට කොටයක් ගහන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා විචා.

      Delete
    3. නෑ නෑ බීලා ඉන්නවද කියලා ඇහුවේ අපිටත් ගිහිල්ලා සැට් වෙන්න.

      යකෝ විදනයා කරන්ට් වයර් එකක් දෙපරැන්ද අස්සේ ගහගෙනද කොහෙද

      Delete
    4. විදානේ.......................... යන වෙලාවක කියහං අපිටත් ඒන්න බැරියෑ......

      Delete
  8. මෙච්චර දියුණු රටේ අදටත් සත්තු, මිනිස්සු බර ගානකට මරු කැඳවන්න ඉඩ දීල මණ්ඩලේ බලාගෙන ඉන්නවා. අඩුම තරමින් ඕව පුළුවන් මට්ටමින් වත් භූගතව එලන්න ඕන. නැත්නම් වයට් ප්ලාස්ටික් කෝටින් එකකින් කවර කරන්න ඕන. ලංකාවෙ ගස් වලටත් සෑහෙන්න මණ්ඩලෙන් වගකියනව. ගෙදර අයිනේ ගස් ටිකත් මාසෙකට සැරයක් බෙල්ල කපනවා වගේ මණ්ඩලේ එවුන් කපල යන්නෙ "වයර් වල ගෑවෙනවා" කියල. ඔය ඉලවු වයර් ඉන්සියුලේට් කරන්න බැරිද....

    ReplyDelete
    Replies
    1. දැන් අලුතෙන් තියනවා සම්පූරණයෙන් ඉන්සියුලේට් කරපු වයර් ක්‍රමයක්. බොහෝ ප්‍රදේශවල දැන් ඒවා යොදවා තිබෙනවා. ඉක්මනින්ම විශාල ජනාවාස ප්‍රදේශවල ඒවා යෙදවීම වැදගත්. එතකොට ගස් කපන්න අත්‍යවශ්‍යම නැහැ.

      Delete
  9. මම ගිය දෙසැම්බර් මාසෙ ලයිට් කණුවක් වෙනස් කරගන්න මමම කණුවක් හිටෙව්වා එයාලා කිව්ව විදියට. අර කණුවෙන් අලුත් කණුවට වයර් එක දාන්න වරින් වර දහ වතාවකට වැඩිය ගිහින් කතා කලා. ඊට පස්සෙ එන්න වුනානේ. තවම වැඩේ එතනමයි. ජොබ් නම්බර් එකකුත් තියෙනවා. මේ නිවාඩුවට ගියාම ආයෙම පටන් ගන්න ඕනෙ වන්දනාව.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියා ලියන්ඩකෝ 'ඩූඩ් ගේ ලයිට් කනුව' කියලා පෝස්ට් එකක්.

      Delete
  10. ලෝකයේ කිසිම ක්‍රමයක් 100% ක් සාර්ථකව වෙන්නෙ නැහැ නේද විචා. මම වැරදිද දන්නෙ නැහැ නමුත් මම නම් කාලෙකට පස්සේ මෙහෙම සිද්ධියක් ගැන ඇහුවේ. ඇමෙරිකාවෙත් කෝච්චි හැප්පෙනව වගේ ඉඳල හිටල අකරතැබ්බයක් වෙන්න පුලුවන් නේද? විදුලි බල මණ්ඩලයේ වැරදි ඇති. ඒ උනාට අපි බලන්න ඕන සාපේක්ශව නේද? අපේ රටේ කඩා වැටිච්ච අංශ ගොඩක් අතරේ විදුලි බලය , ජල සැපයුම, ප්‍රාථමික සහ ද්ව්තීය අධ්‍යාපනය, ආදී කිහිපයක් එච්චරම අච්චාරු වෙලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. 100% ක් සාර්ථක ක්‍රම ලෝකයේ කොහෙවත් නැතුව ඇති. නමුත් සමහර ලයිට් කණුවල ඉඳිආප්ප රැල් වගේ එල්ලලා තියන කම්බි/වයර් ෂෝට් නොවෙන විදිහට නඩත්තු කිරීම අමාරු දෙයක් නෙවෙයි ඇත්තටම ඕනෑකම තියනවනම්. මේ බලන්න පිටරටවල කරන හැටි. මම කියන්නේ මේ තත්වයට ආසන්න මට්ටමකින් අපිත් නඩත්තු කටයුතු කලයුතුයි.

      https://www.youtube.com/watch?v=FGoaXZwFlJ4

      Delete
  11. කම්බි අතර පරතරය වැඩි කරනු … ලේන්නුන්ට ලයිට් කම්බි තහනම් කරනු !!

    - වවුලා -

    ReplyDelete
    Replies
    1. පරතරය වැඩිවුනාම කිසි ගතියක් නෑ. පරතරය අඩුවුනාම තමයි දැනෙන්නේ.

      ලේන්නු ඉතින් කම්බියේ යන්නැතුව .....................යන්නයැ

      Delete
  12. ලේනෙක් ජින්තොටදී (Ginthota) මිනී මරයි. ලේනා සොයා දැවැන්ත මෙහෙයුමක්! සිරූ නිව්ස්..

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, ඉස්සර හිටියා නේද චන්ඩි කියලා නිවේදිකාවක් ජාතික රූපවාහිනියේ ඉංග්‍රීසි අංශයේ. එයා ඔය වගේ මොකක්හරි එකක් කිව්වා, ගියන්න වෙනුවට ජියන්න දාලා. මට හරියටම මතක නෑ.

      Delete
  13. අර සජ්ජා කියන එක තමයි කරන්න ඕනේ. ලංකාවේ භූගත කරනවා කියන එකනම් ඒ තරම් හොඳ වෙන එකක් නෑ. ඊට පස්සේ ගංවතුරක් ආව ගමන් පළාතටම බඩු බනිස් වෙයි. කොළඹ තියෙන්නේ ඔය ක්‍රමයට තමයි. හයි-ටෙන්ෂන් ඒවා ඉන්සියුලේට් කරන්න පුලුවන්ද දන්නේ නෑ. කේබල් නම් තියෙන්නේ ඕනේ. මම දැකලා තියෙනවා කන්ඩියුට් බට තියලා පරතරය පවත්වා ගන්න බැඳලා තියෙනවා. අර ඉයන් කියනවා වගේ මේවා ප්‍රතිශතයක් විදියට බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ භූගත කළොත් නම් අපිත් නිකම්ම භූමිදාන වෙලා තමයි නවතින්නේ. පාරවල් හැමදාම කඩ කඩා හදන විදිහට අවුරුද්දකට දවස් කීපයක් විතරක් ලයිට් ලැබෙයි.

      මම හිතන්නේ සුදීක අර මහා කණුවල යන ඒවා නෙවේ. කම්බි තුනක් එන්නේ ට්‍රාන්ස්ෆෝමරේට. අන්න ඒවා ඉන්සියුලේට් කරන්න පුළුවන් වෙයි.

      ප්‍රතිශතයක් හැටියට බැලුවත් ඉඳලා ඉඳලා වෙන්නේ දරාගන්න බැරි හානි.

      Delete
  14. ....//මණ්ඩලේ කියන්නේ, විදුලි කණුවක ගිය ලේනෙක්, රැහැන් අස්සේ හිරවීමෙන්, පද්ධතිය ලුහුවත් වෙලා,//...

    අපේ ගම්මාන වල කැලේ මැද්දෙන් අධි බලැති විදුලි රැහැන් ඇදලා තිබෙනවා.කැලැවක් මැද්දෙන් රැහැන් ඇදලා තියනකොට නිතරම ඒවට වගේම රැහැන් සම්බන්ධ කරලා තියෙන කනු වලට හානි වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි..නමුත් මේවා කිසිම දවසක පරික්ෂාවට ලක්කරන්නේ නෑ..එක අවස්ථාවක රුහැනකින් ගිනි පුපුරු විසිවෙලා කැලේ ගිනිගත්තා...

    අව්ව වැස්ස සුලග නිසා ඕනම තැනක රැහැන් වලට වගේම රැහැන් සම්බන්ධ කරලා තිබෙන කනු වලට හානි ඇතිවෙන්න පුලුවන්..සමහර ස්ථාන වල විදුලි රැහැන් පහලින් ගොඩ නැගිලි ආසන්නයෙන් ගමන් කරනවා..කදුකර ප්‍රදේශවල මාර්ග ආසන්නයේ විදුලි කනු වලට ගස් කඩා වැටෙන අවස්ථා තිබෙනවා..සමහර තැන්වල රැහැන් සම්බන්ධ කරලා තිබෙන්නේ ලී කනු වලට..අපේ ඉස්කොලේ පිට්ටනිය අයිනේ තිබුන ලී කනුව තෙමිලම දිරලා තිබුනේ..එක දවසක් ඒ කනුව අල්ලපු ලමයෙකුට කරන්ට් එක වැදුනා..මට සිරිපාදේ කුනවකින් කරන්ට් එක වැදිලා තියනවා..
    විදුලි බල මණ්ඩලය සමහර ප්‍රදේශ වලට විදුලිය ලබා දෙන්න උත්සහ කරන කොට මේ හැම කරුනක් ගැනම අවධානය යොමු කරන්නේ නැතිව ඇති.නමුත් එකෙන් දේපල ජීවිත හානි සිදු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි...

    කොහොම උනත් අනිත් මොනව පරක්කු වුනත් ලයිට් බිලනම් කලට වෙලාවට ගෙදරට එනවා...

    ReplyDelete
    Replies
    1. කම්බි ඇදලා ඒගොල්ලෝ යනවා. අපි තමයි ඉඳලා හිටලාවත් බලන්නේ කම්බි වැහෙන්න කැළේ වවිලද, කණු ඇදවෙලාද කියලා. නඩත්තු පැත්තනම් බොහෝදුරට අන්තිමයි.

      විදුලිය කාගේත් අයිතිවාසිකමක්. නමුත් එමගින් සහනයක් මිසක් මරණයක් අවශ්‍ය නැහැ.

      Delete
  15. ලේනෙක් ගෑවිච්චාම එහෙම නිකන්ම ගිනිගන්න පුලුවන්ද? නැත්තන් ඒව පරණ හින්දාද එහෙම උනේ....? මොනා උනත් හෙන භයානකයි...............

    ReplyDelete
    Replies
    1. ඉංජිනේරු මහතෙක් රූපවාහිනියේ කිව්වේ මෙමයි. ලෙනෙකු කම්බි දෙකක් අතරට රිංගීම නිසා කම්බි ෂෝට් වෙලා ගින්නක් ඇතිවෙන්න පුළුවන්. ඒ ගින්න ස්පාර්ක් එකක් නිසා කම්බිය පිච්චිලා හීනේ වෙන්න පුළුවන්. එතකොට කම්බියේ බර දරාගන්න බැරුව කඩා වැටෙන්න පුළුවන්.

      ඇයි හත්තිලව්වේ එකම කණුවේ එක ළඟ ඔය මගුල් හයිකරන්නේ නැතුව ටිකක් පරතරයක් තියලා හයිකොරනවකෝ. ඒ වගේම ඔය කම්බි ෂෝට් නොවෙන්න ඉන්සියුලේට් කොරනවකෝ. ඉවරයිනේ කතාව.

      Delete
  16. කවුද යකෝ නොව කවුද යකූ කියා ලියන්න. නව ජන වහර එයයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපේ 'ප්‍රම්ප්‍රාවේ' ඔක්කොම එවුන් කිව්වේ/කියන්නේ යකෝ කියලා. එව්වා ඉතින් ජම්ම පුරුදු නේ.

      Delete
  17. //විදුලිබල මණ්ඩලේ සූප්පුව//

    මේ මොකක්ද? :O

    ReplyDelete
    Replies
    1. හ්ම්................මණ්ඩලේ බබාලා වැඩ නොකර, අයිස් ගැසීම නමැති සූප්පුව, කටේ ගහගෙන ඉන්නවා. හදිස්සියක් වුනත්, සූප්පුව දාලා යන්න අකමැතියි. කවුදෝ සූප්පුව හොරකම් කරලා. ඒක නිසා යන්තම් වැඩට බැහැලා.

      Delete
  18. මොකුත් නොකියමි. මයෙ ගෙදරට කරන්ට් එක ගත්තෙ "මං බැසිල් ගාව වැඩකරනවය. අපි දාල ඉන්නෙ රාජ්‍ය ආයතන වල අක්‍රමිකතා හොයන්නය. ඒ නිසා මට දවස් ගාණක් රස්තියාදු වෙන්න බැරිය" කියලා සම්‍යක් බොරුවක් කියලා... නැත්තං උංට ජරාවක් දෙනකං එන්නෑ. පට්ට හොරු.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්, සම්‍යක් ප්‍රයෝග නැතුව බබාලා හම්බවෙන්න ඉන්න ගෑනු අයට ඉස්පිරිතාලෙකදී විලිරුදාව හැදෙන්නේවත් නෑ ඕං

      අපේ පැත්තේ විදුලි කම්බිවලට ගෑවෙන ගස් කපන්න එන උන්දලා, ගෙවතුවල තියන බවබෝගත් කඩාගෙන කනවා. අසමජ්ජාතියෝ.

      Delete
    2. සිරාවට. දවසක් අපේ මිදුලෙ තිබ්බ කොහොඹ ගහේ අතු කපන්න, අපෙන් සල්ලි ඉල්ලුවා. තාත්තා කිව්වා “ඒකට ඔහෙලට පඩියක් ගෙවනව “කියල. ඒ ගමන අත්ත කපල දැම්ම කොන්ක්‍රීට් බංකුව උඩට. බංකුව කැඩුනා. තාත්තා කම්ප්ලේන් කළා හොරාගෙ අම්මට...

      Delete
    3. හොරාගේ අම්මට නෙවෙයි කපපු එකාගේ අම්මට තමයි හැමදාම නියං ආධාර දෙන්න තිබුනේ. මහ පාහර එවුන් ඉන්නේ.

      Delete
  19. ස්තුතිය විචාරක මහත්මයා ඔබේ ලිපිය වෙනුවෙනුත් , මගේ සටහනට පාර පෙන්වමින් දැනුම බෙදා ගන්නට සහය දැක්වූවාට .
    මම මහේෂ් , සොඳුරු සුව අසපුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔබ කරතිබෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ අගනා සමාජ මෙහෙවරක්. එවැනි මෙහෙවරකට අතහිත දීම අපේ යුතුකමක්.

      ඔබේ ලිපිය මා නැවත නැවතත් අගය කරනවා. බොහොම ස්තුතියි.

      Delete
  20. මේ ලයින් වල ෆියුස් ගොඩක් බයිපාස් කරලා තියෙන්නෙ.මේ වගේ කෙලියක් උනාම තමයි තරු පෙනෙන්නෙ.ඒ වැරැද්ද වහගන්න පච කෙලිනවා.නිකමට ගිහිං බලන්න ෆියුස් කීයක් මුං බයිපාස් ගහලා මාටියා ගහනවාද කියලා..
    උත්තර නැති ප්‍රස්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. විදුලිබල මණ්ඩලෙත් කවදාවත් හොඳක් අහන රාජ්‍ය ආයතනයක් නෙවෙයි. සැලකියයුතු තරම් සේවක පිරිසකගේ විනය බොහොම පහලයි. ලොකු මහත්තුරු ඉඩම් වෙන්දේසි කරුවන්ගෙන් පගා ගහනවලු ඒ ඉඩම් වලට අඩු තක්සේරුවක් යටතේ විදුලිය දෙන්න. ඉතින් පහල සේවකයෝත් කරන්න තියන හැම ජරා වැඩක්ම කරනවා.

      Delete
  21. ඔය මණ්ඩලේ කචල් විචාරක තුමා, මටත් ආරෝවක් තියෙනවා, ආරෝව කෙරවල උනේ මගේ ළඟ වැඩ කරන මුස්ලිම් සේවකයෙක්ව තාවකාලිකව වාරිමාර්ග අද්යක්ෂක ජෙනරාල් විදියට ඇක්ට කරවලා නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගරෙන්. හැක්

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්, නියම වැඩක්නේ කරලා තියෙන්නේ. අර පරණ කියමනක් තියනවනේ උගුලෙන් බැරිනම් හබකෙන් කියලා. ඒ වගේ ඔය මණ්ඩල වලින් වැඩගන්න ඔයවගේ පොඩි 'ටිරිකිස් වැඩ' කරන්න වෙනවා.

      Delete
  22. මේක යැව්වා ව්දුලි බල මණ්ඩලේ වැඩ කරන යාලුවෙකුට. පළාතක් භාරව ඉන්න එක්කෙනෙක්. බලමු මොනවා කියයිද කියල.

    ReplyDelete
    Replies
    1. හුට්ට බටා............අපේ ගෙදර ලයිට් කපයිද දන්නේ නෑ.

      Delete
    2. කපල කනුවත් අරන් යන්න ඔ්න... හැක්

      Delete
    3. කනුව කපන්න අවොත් නම් ගල්ගෙඩි දෙකෙන් ගහනවා. අම්මපා.

      Delete
  23. අනේ විචා මාමේ අැයි අපි කමෙන්ටු දාන්න අාවාම අපි රොබෝලද කියලා අහන්නේ....... අපි පව් නැද්ද අෆ්ෆා..........

    ReplyDelete
    Replies
    1. හෑ......කවුද යකෝ එහෙම අහපු එකා. ඔන්න මම හිටියනම් අහන්නේ පාස්පෝට් කීයක් තියනවද කියලා විතරයි.

      Delete
  24. අප්පා ඔය බලු මණ්ඩලේ නම් මතක් කරන්න එපා.. මේ ලඟදි අපිට අල්ලපු ගෙදර පොල් ගහක අතු දෙකක් වයර් උඩට පාත් වෙලා වයර් 4ම උණු වෙලා වැටුනා. ආපු උන් ටික ගහේ අතු ටික කපලා, වයර් 4 දාලා, කුරුම්බා ගෙඩි ටිකත් බාගෙන ගියා. අර කාලෙකට කලින් ට්විටර් ඒකෙ ගිය ට්‍රෙන්ඩ් එකක මම දැක්කා
    The Lightening Thief- ලංකා විදුලිබල මණ්ඩලය කියල පරිවර්තනය කරලා තියනවා. රත්ගමයා ඔයින් ටිකක් බ්ලොග් ඒකෙ දැම්ම මතකයි.
    ලංකාවේ මොන පද්ධතියද විචාරක තුමා අනාරක්ෂිත නැත්තේ? රේල්වේ එක විතරයි ටිකක් හරි සේෆ්ටි එකක් තියාගෙන දුවන්නේ. මොකද ගියොත් ගියාම නිසා. ඒත් උඩරට තමා.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය ආයතන බොහොමයක, පසුගිය අවුරුදු 50 ක පමණ කාලය අරන් බැලුවත්, පෙනෙන ප්‍රධාන දුර්වලකම තමා, අකාර්යක්‍ෂමතාව සහ මන්දගාමී බව. රජයේ රැකියා, ස්ථිර සහ විශ්‍රාම වැටුප්/පාරිතෝෂික සහිත නිසා, හිතුමතයේ රාජකාරි කිරීම, වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නේ. අලුතෙන් එන සේවකයෙක්, මහන්සිවෙලා වැඩකරන්න හැදුවොත් ඔහුව නිර්දය ලෙස මර්දනය කරනවා. මෙන්න මේ වසංගතය මර්දනය නොකර දියුණුවක් දකින්න බැහැ.

      Delete
  25. විචා මාමේ - ඕවා කරන්න විදිහක් නෑ, මොකද එයාලට තියෙනව ස්ටරයික් කොරන්න් හේතුවක් හොයාගන්න

    ReplyDelete
  26. ඕව මේ ලංකාවේ කවදත් වෙන දේවල් නේ.... වැරදි කරන උන් එලියේ අහක යන උන්ට හෙන වදිනවා.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }