හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 November 2015

ගුරුවරුන්ට තහනම්........!

qw
බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු.

   ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග එකතු කරලා, සහිඳ ලුණු, සීනක්කාරම්, ගොරෝචන, කුංකුමප්පු, ගල් නහර, අතිවිඩයන්, ආදී මෙකී නොකී දේත් එකතුකොට, පත අට එකට සිඳවා, සියලුම ගුරුවරුන් එක පෙළට සිටුවා, ඔවුන්ගේ කටට එම කසාය වක්කොට, අනුපානය ලෙසින්, ඒ ඒ මහඇමති තුමාගේ සුළුදිය ස්වල්පයක් එකතුකොට, දෙහි ඇඹුල්, සීනි මීපැණි දමා, බොන්නට දෙන්න.

   ඒ වගේම අනික් පළාත්වල මහ ඇමැතිවරුත්, ඉක්මනින්ම තම තමන්ගේ 'ගුරු තහනම් නියෝග' එළිදක්වනවා නම් හොඳයි. එතකොට ගුරුවරුන්ට පුළුවන් තහනම් නියෝග අඩු පළාතකට මාරුවක් ගැනීම සඳහා, අර නියෝග වල සඳහන් වැරදි වැඩ ටිකක් කරන්න. මෙන්න උදාහරණ; උතුරු පළාතට එන ගුරුවරියන්, අනිවාර්යයෙන් නළලේ තිලකය තබා, කොණ්ඩයේ මල් ගවසා පැමිණිය යුතුයි. නැගෙනහිර පළාතේ ගුරුවරියන්, පර්දාව පැළඳිය යුතුයි, දකුණු පළාතේ ගුරුවරුන්, මාතර භාෂාවෙන් කතාකල යුතුයි, සබරගමු පළාතේ ගුරුවරුන් බුලත්විට කෑ යුතුයි. 

   මට හිතෙන්නේ ඔය කොණ්ඩයා වගේ එවුන් හැදෙන්නේ, ඔය ගුරුවරියන්ගේ බුරිය දැකලා. සිසුවියන් නටනකොට බුරිය දැකලා. නැත්තං ඔය වගේ වල් වනචර දේවල්, ආයේ අපේ ටී වී චැනල් වල පෙන්නනවා කියලයැ. ඒවායේ පැය 24 ම පෙන්නන්නේ, ආගමික සහ සදාචාර වර්ධන වැඩසටහන් නේ. කී දෙනෙක් නම් මේ වෙනකොට සෝවාන් ඵලයට ඇවිත් තියනවද, ඔය ටී වී චැනල් බලලා. ඒ උතුම් මෝක්‍ෂ මාර්ගයට යන අපේ මිනිස්සුන්ව කන්ඩ ආපු, තන්හා රතී රඟා වගේ, මාර දූවරු පිරිසක් තමයි, ඔය ගුරුවරියෝ. මහා චිංචිමානවිකාවෝ ජාතියක් උන්. අම්මපා උන්ව බුරියෙන් එල්ලන්න ඕනේ ප්‍රසිද්ධියේ. හොඳම තැන ඉස්කෝලේ පිට්ටනිය. එතනට ගෙනිහින් තමා ඕකුන්ව බුරියෙන් එල්ලන්න ඕනේ.  

Obe Theeraya   දැන් ඔය පාසල්වල ඉන්නවා වැඩිහිටි ගුරුවරියෝ. ඒ ගොල්ලෝ තරුණ කලේ තිබුණේ 'ඔබේ තීරය' විතරයි. ඔබේ තීරය අඟල් 8 ක් තිබුණත්, ඒ කාලේ හිටිය (මහ ඇමති කියන සත්ව කොට්ඨාශය ඒ කාලේ හිටියේ නැහැ) අධ්‍යාපන ඇමතිවරු, පළාත නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ ගුරුවරියන්හේ ඔබේ තීරය අතින් පහළට ඇදලා, කොට කරන්න ගියේ නැහැ. ගුරුවරියන් දණගස්සන්න ගියේ නැහැ. ඒ මැති ඇමති වරුන්ට, රට වෙනුවෙන් කරන්න දහසකුත් එකක් වැඩ තිබුණා.

   මට මතක් වෙනවා, අපි කුඩා කාලයේ, කෑගල්ලේ කෑගලු බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය වශයෙන් ක්‍රියාකළ, ඉතාම ආදර්ශවත් විදුහල්පතිනියක් ලෙස හැඳින්විය හැකි, අනුලා උදලාගම මැතිනිය. එතුමිය පාසලට අඳින්නේ නිල් පැහැති ඔසරියක් නම්, (එතුමිය ඇන්දේ ඔසරි) එතුමියගේ තොල් ආලේපන, නියපොතු ආලේපන, අත් බෑගය, මාලය, සෙරෙප්පු, ඔක්කොම නිල් පාටයි. නමුත් ඒ සියල්ල, සරල සහ චාම් විදිහට තිබුණා. විශේෂ කැපී පෙනීමක් නැහැ. නමුත් ඒ විදුහලේම, ඒ කාලයේම සේවය කළ වෙනත් ගුරුවරියන්, එහෙම ඇන්දෙත් නැහැ. එයට තහනමක් තිබුනෙත් නැහැ කියලා, ඒ කාලයේ ඒ පාසලේ ඉගෙනගත්, මගේ අක්කලා තුන්දෙනාත් ඒ පාසලේ සේවය කළ, සමකාලීන ගුරුවරියනුත් (ඒ පාසලේ සේවය නොකලත්, ගුරුවරියක වූ, මගේ මවගේ සමකාලීන ගුරුවරියන්) කියනවා, මම අහලා තියනවා. ඒ කාලයේ ඒ පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ, සුප්‍රසිද්ධ සිනමා නිළි, තලතා ගුණසේකර මහත්මියවත්,  (සිනමා/රූපවාහිණී නිළි, නදීකා ගුණසේකරගේ මව) ඒ ආකාරයට විලාසිතා සහිතව අඳිනු මා දැක නැහැ. (පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී හෝ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හැර)

   ඒ කාලෙත් කොල්ලෝ කෙල්ලෝ ලව් කළා, දැන් වගේ SMS, Chat, Skype, Viber, නොතිබුන නිසා, ලියුම් ලිව්වා, පිචෑර්ස් බැලුවා, බලන ගමන් රසපහස වින්දා, පැනලා ගියා, විවාහ වුනා, පන්සලේ මල්වට්ටි වෙන්දේසිය දවසෙත් රස පහස වින්දා. ඒ මොකද කිව්වොත්, එදත් අදත් ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියන්නේ, අනිකුත් මිනිසුන් වගේම, ලේ මස් ඇට නහර සහ හොඳ මනසක් තියන ජීවීන් කොට්ඨාශයක් නේ. උන්ගේ කලවයස එනකොට, චර්යාව වෙනස්වෙනවා. කොයි ජගතාටවත් බැහැ ඒවා සම්පූර්ණයෙන් නවත්තන්න.

   සමහර උන්නැහේලා හිතන්නේ, එක වරදක් දැක්කම ඒකට නීතියක් දානවා, ඒ වරද වෙනත් විදිහකට කලාම, ඒකටත් නීතියක් දානවා කියලා. මෙහෙම නීති දදා ඉන්න ගියොත්, අන්තිමට නීති විතරයි ඉතුරුවෙන්නේ. මිනිස්සු ඉතුරුවෙන්නේ නැහැ කියලා, මේ අමන මරි මෝඩ තකතීරු උන්නැහේලට තේරෙන්නේ නැහැ. අනේ මන්දා මුන්නැහෙලා පුංචි කාලේ, කොස් ගස් යට කොස් ඇට ගණන් කර කර ඉඳලා, ලංකාවේ ලේසිම රස්සාව වන දේශපාලනය තෝරාගෙන තියනවා කියලයි මටනම් හිතෙන්නේ. 

   බුරි ප්‍රශ්නය ගැන වෙනත් අඩවි කීපයකම ලියවුන නිසා මම ඒ ගැන වැඩිදුර කතාකරන්නේ නැහැ. නමුත් මෙන්න මේ ටික කිවයුතුයි. බුරි තහනම දැමූ මහ ඇමතිතුමා හිතනවාද, ගුරු බුරිය නිසා තරුණ සිසුන් නොමග යනවා කියා? ගුරු බුරිය නිසා සභ්‍යත්වයට හානිවූ අවස්ථා, උදාහරණ ලෙස දැක්වීමට එතුමාට හැකිද? අඩි උස සපත්තු දැමීම නිසා හෝ, ස්වභාවයෙන්ම පිහිටි නාරි ලාලිත්‍යය නිසා වැනෙන, ගුරුවරියකගේ නිතඹ නිසා, තරුණ සිසුන් නොමග යන්නේ යයි, මහ ඇමතිවරයා තවම උපකල්පනය කර නැද්ද? එසේ උපකල්පනය කර ඇත්නම්, ඒ සඳහා විසඳුම ලෙස, එවැනි ගුරුවරියන්ගේ නිතඹ වෑයක් මගින් රැහීම කළයුතුයැයි සිතන්නේද?

   ළමයා දවසේ පැය කීයක්ද ගුරුවරිය දකින්නේ. ඉතුරු පැය ගණනේ දී, බාහිර සමාජය තුළ, ළමයා දකින දේවල් ගැන, මහ ඇමෑත්ත තුමාට අවබෝධයක් තිබේද? මට මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඉන්න වැඩිහිටි ගුරුවරියන් තුළ, යම් සියුම් වේදනාවක්, ඊර්ෂ්‍යාවක්, ඇතිවෙනවාද දන්නේ නැහැ, අද ඉන්න තරුණ ගුරුවරියන් අඳින පළඳින විදිහ දැකලා, 'අනේ අපිට බැරිවුනානේ මෙහෙම අඳින්න' කියලා. ඉතින් ඒ නිසා, මේ නීති ගෙන ඒමට, ඔවුන් විශාල දායකත්වයක් දෙනවාදෝ කියා හිතෙනවා. 

   දැන් බලමු මේ 'ටෙලිෆෝනියාව' ගැන. 

   ඌව මහ ඇමති තර්ජනය කරනවා ගුරුවරුන්ට, පාසල් කාලය තුළ ජංගම දුරකථන පාවිච්චි කරලා අහුවෙන්න එපාලු. මාරුකරනවාලු වෙන කොහාට හරි. ඉතින් ඌව පළාතේ ඉන්න ඔක්කොම ගුරුවරු, පාසල් වෙලාව තුළ, ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, ජංගම දුකථන පාවිච්චි කළොත්, ඒ ඔක්කොම ගුරුවරු මාරුකර යවන්නේ, මහ ඇමෑත්ත තුමාගේ ...........ද?  ජාතික පාසල් මහ ඇමෑත්ත තුමාගේ පාලනයෙන් තොරයි නේද? එතකොට රටේ අධ්‍යාපන ඇමති කිව්වොත්, ජාතික පාසල්වල ගුරුවරුන්ට ජංගම දුරකථන පාවිච්චි කලහැකියි, නමුත්,  ජංගම දුරකථන පාවිච්චි කළහැක්කේ, ගුරු විවේකාගාරය තුළ පමණයි කියලා, ඌව මහ ඇමෑත්ත තුමා මොකෑ කොරන්නේ?

   අපේ රටේ අතීතයේ පටන්, නිතර නිතර වෙනස්වන, විවිධ නීති රීති වලට, පහසුවෙන් යටත් කරගන්නා, අමුතුම සත්ව කොට්ඨාශයක් තමයි, ගුරුවරු කියන්නේ. ඔවුන්ගේ පූරුවේ කරුමය කොතෙක් මහතදැයි කිවහොත්, හෙදියන්ට, වෛද්‍යවරුන්ට, බස් කොන්දොස්තරලාට, ධීවරයන්ට, තිබෙන ආකාරයේ, හොඳ බලසම්පන්න වෘත්තීය සමිති එකක්වත් ඔවුන්ට නැත. එයට එකම හේතුව, මේ සත්ව කොට්ඨාශය තුළ, සමගිය නමැති, උසස් ගති ලක්ෂණය දකින්නට නොමැතිවීමයි. තමන්ගේ උපාධිය, විෂයය, වර්ගය, පන්තිය, වැනි අටෝරාසියක් ප්‍රාථමික ලක්‍ෂණ නිසා, ඔවුහු, භේද භින්න වී සිටීම ම, මේ සත්ව සමූහය, දේශපාලුවන්, අධ්‍යාපන නිලධාරීන්, විසින් ඔවුන්ව පහසුවෙන් දැක්කීමට පිටිවහලක් කරගෙන තිබෙන බව, ඔවුහු තවමත් අවබෝධ කරගෙන නැත්තේය.

   සමහරවිට, මේ බුරි නීති, ටෙලිෆෝන් නීති දාන මහ ඇමෑත්ත වරු, අධ්‍යාපන සංවර්ධනය යනුවෙන් විෂයයක් තම වගකීම යටතේ ඇති බව, වැරදීමකින්වත් අසා ඇද්ද යන්න සැක සහිතය. පහසුම රැකියාව වන දේශපාලනය තුළින්, මහ ඇමැතිකමට එන්නට පෙර, කොස් ඇට අහුලා කා ජීවිතය රැකගත් එකා, 'අත්ලට සිඟාවත් රස නැති කැවිලි කකා' කවිය අසා නැතුවාදෝ යි සිතේ.  නීති පනවා අධ්‍යාපන සංවර්ධනය ඇති කල නොහැකි බවත්, ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු විශාල බුද්ධිමතුන් පිරිසකගේ සාමූහිහ දායකත්වයකින් මෙන්ම ප්‍රයත්නයකින් සහ, ගුරුවරුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමෙන් කළයුතු, මහා ව්‍යායාමයක්ය යන්න, මුන්නැහේලා නොදන්නා බව, මෙවැනි අමනෝඥ ප්‍රකාශ වලින්ම හෙළිවෙයි.

   දුෂ්කර ප්‍රදේශවල තිබෙන පාසල්වල ඇති අධ්‍යාපන ගැටළු මේ මහ ඇමතිවරුන් දන්නවාද? අධ්‍යාපන බලධාරීන් සමහ ඉහළ පෙළේ සාකච්ඡා පවත්වනවා වෙනුවට,  අහඹු ලෙස තෝරාගන්නා සාමාන්‍ය ගුරුවරුන් සමූහයක්, සාකච්ඡාවකට කැඳවා, ඔවුන්ට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නොත්, මහ ඇමතිවරුන් උඩ විසිවන ආකාරයේ, අධ්‍යාපනය පිළිබඳ, අමු නිරුවත්, කාලකන්ණි, දුක්ඛිත, අවාසනාවන්ත, තොරතුරු දැනගතහැකි බව, මේ 'ඇමති මහයන්' දන්නවාද? නැතහොත් ඒ බව දැන දැනත්, මේ අපිට 'බබා පාට්' දානවාද? 

   ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. ගුරු වෘත්තියට යොමු කෙරෙන පිරිස, සාමාන්‍ය පෙළ විභාගය වැනි විභාගයකින් තෝරාගෙන, ඉන්පසු ඔවුන්ව හුදෙක් ගුරු වෘත්තීය සඳහාම හැඩගැස්වෙන දීර්ඝකාලීන පාඨමාලාවකට යොමුකොට, උපාධි, පශ්චාත් උපාධි, පරිපාලන උපාධි දක්වා යන, මහා පරිමාණ ආයතනික වැඩපිළිවෙලක් තුළින්, දැනට අවාසනාවන්ත තත්වයක සිටින මේ සත්ව කොට්ඨාශය යහමගට ගැනීම සහ, අනාගතයේදී වෘත්තීයවේදය අතින් අගතැන්පත් ගුරුවරුන් බිහිකරගැනීමට මග පෑදෙනු ඇත. 

2015 නොවැම්බර් මස 15 වැනි දින 1237 පැය 

69 comments :

  1. අපේ රමේ මුලින්ම කළ යුතු වන්නේ “දේශපාලනයට “ ඇතුළු වීම සඳහා යම් අවම සුදුසුකම් සීමාවක් “වත් හඳුන්වා දීමයි , මක් නිසාද බුද්ධියක් , දැනුමක් මෙන්ම “අපේ රට සහ ලෝකය“ තුල සිදුවන දේ පිළිබඳව “නිසි අවබෝධයක් “ නැති “හිස් මොල“ රට කරවන විට මෙවන් “ගුරු බුරි “ නීති පමණක් නොව , මීට වඩා හාස්‍ය ජනක නාටක වල “රස විඳවන්නට“ අපෙ මිනිසුන්ට සිදුවන නිසා.
    “සතුටුයි “ කියවන්නට ලැබුණාට මෙවන් සටහනක් ! නමුත් “දුකයි“ අපෙ රටේ අනාගතය ගැන

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අඩුම ගානේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් හෝ අනිවාර්ය කල යුතුයි.

      Delete
    2. අපි හිතනවා මහේෂ් උපාධියක් තියන එකා හරියට කරයි කියලා. නමුත් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඌත් අර අමන හැත්ත වගේම අමන වැඩේ කරනවා.

      Delete
  2. හෙට සිට-

    පැන්ෂොන් ගිය ආමිකාරයින්ට බ්ලොග් ලිවීම තහනම්.

    -ආරක්ෂක ඇමති

    ReplyDelete
    Replies
    1. හුටා....................ඇත්තටම දැන් ආරක්ෂක ඇමති කෙනෙක් ඉන්නවද?

      Delete
  3. ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. +++++++++++++++++++++++

    ReplyDelete
  4. ගුරුවරියන්ට බුර්කා අඳින්න කියමු. එතකොට ඔක්කොම වැහිලානේ, ළමයි නියමෙට හැදෙයි

    ReplyDelete
    Replies
    1. පිරිමි ල,අයින්ට් අර තම්බිලා අඳින දිග ගවුමයි.. ගෑල්ලමයින්ට බුර්කා එකයි අන්දලා මුළු රටම වහලා දාමු.. එතකොට එක එක වේසිගේ පුතාලට එක එක කතා කියන්න බෑ නේ...

      Delete
    2. ඉතින් ඉවාන් එතකොට බුර්කාව අස්සේ ළමයි හම්බවුණොත් මොකද කරන්නේ?

      මාතේ, බුර්කාව අස්සේ තියන කතා වලට මොකද කරන්නේ?

      Delete
  5. //පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු//
    එතකොට වෙන පලාතක ඉස්කෝලෙකට ගිහින් හිතේ හැටියට කෝල් ගන්ට පුළුවන්! :-)

    ReplyDelete
    Replies
    1. හරිම පහසුයි. මාරුවීමක් ඕනෙනම් කෝල් එකක් ගැනීම විතරයි කරන්න ඕනෙ.

      Delete
  6. අපේ අදහස කියන්නම්... කළ යුත්තේ දරුවන් බුරි නොපෙනෙන ගැහැණුන් නොපෙනෙන තැනක තැබීම නොව..... කළ යුත්තේ දරුවන්ට සමාජයේ පවතින තත්වය සමග හරි විදිහට ජීවත් වීමට ඉගැන්වීමයි..... මේ විදිහට දරුවන් හැම දෙයකින් ම සගවා තැබීමෙන් සිදු වන්නේ පාසලින් පිට සමාජයේදී ඔවුන් මානසික ව ගැටලු රැසකට මුහුණ දීමයි...... කළ යුත්ත ඒකක්..... කරන්නේ තව ඒකක්.....

    ReplyDelete
    Replies
    1. ගුරුවරියගේ සිරුර දිහා මේ වගේ කැත විදිහට බලන්න ලමයව පොළඹවන්නේ ගුරුවරියද සමාජයද? ඒ ජරා සමාජය තමයි යහමගට ගන්න ඕනෙ.

      Delete
  7. විචාරක තුමා
    හරක් ව ගාල් කරන්නෙත් අපි.. උං උම්බෑ කියද්දි කන්න දෙන්නෙත් අපි...
    මං හරිද මංද

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්, අපි බලාගන්නේ අපිට කිරි ටිකක්වත් නොදෙන වල් හරක් වර්ගයක්.

      Delete
  8. පුෂ්ප කසාඳයයි. ඔහොම ඔහොම ගිට්යොත් ටික දවසකින් කියයි, මූණ පේන නිසා ළමයි වල් වෙනවා. ඒ නිසා අර මුස්ලිම් ඇඳුම (හිජාබ් නේද?) ඇඳගෙන ගිහිං උගන්නන්න කියල. ඕවට තමා කියන්නේ විකාර කියල. ගුරුවරියන් සංවර වෙන්න ඕනේ ඒක ඇත්ත. බුරි නෙවේ මොනවා පේන්න ඇඳගෙන ගියත් ගුරුවරියගේ හිත හොඳ නම්, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ගුරුවරිය ගණිකාවක් (සමාවෙන්න වචන සැර වැඩි නම්) වෙන්න යාමෙන් තමා ඔය ප්‍රශ්න වෙනවා නම් වෙන්නේ.
    අනික් එක අද ගුරුවරියන් ලෙස බඳවාගන්න අය ගැනත් විශාල ප්‍රශ්නයක් තියනවා. ඒවා මුන්ට පෙන්නේ නෑ. මම දන්න එක ඕ ලෙවල් IT ටීචර් කෙනෙක් ඉන්නවා පරිගණකයක් ෆෝමැට් කරලා හරියට මෙහෙයුම් පද්ධතිය දාගන්න දන්නේ නැති. ඔන්න අද කාලේ ගුරුවරු.. මමත් දහම් පාසලක ගුරුවරයෙක්. ඒත් අපේ දහම් පාසලේ තියන එකම නීතිය තමයි ගුරුවරියන් සංවර ඇඳුමකින් සැරසී පැමිණෙන්න කියන එක. බුරිය පේනවද අරහේ එළියේද මෙහෙ එළියේද ඒවා කියල නෑ. ගුරුවරියනුත් ඒ සීමා ඇතුලේ ඉඳගෙන තමන්ට කැමති ඇඳුමක් අඳිනවා.
    අනික් එක සෙල්ෆෝන්. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් හිටියේ යුධ හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක්. එයා ආපු සතියෙම දාපු නීතිය තමා පංති කාමර තුලදී ගුරුවරුන්ට/ගුරුවරියන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කියන එක. ඒක හරි. ඒත් ගුරු විවේකාගාරය හෝ වෙනත් තැනකදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම තහනම් කිරීම ප්‍රායෝගික නෑ.
    ගුරුවරු හදන්න කලින් ඉස්සෙල්ල ළමයින්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කල යුතුයි. අද තියන සිලබස් එක ළමයින්ට දරාගන්නත් බෑ. ඒ සිලබස් ඉස්කෝලේ ඉවර කරන්නත් බෑ. ඉතිං ළමයි මොකද කරන්නේ, ඉගෙනගන්නේ නෑ, පොත් වනපොත් කරනවා. අන්තිමට මෙලෝ දෙයක් ඔලුවේ නෑ එක්සෑම් එකෙන් පස්සේ.
    ගුරුවරුන්ට දඬුවම් කරලා වැඩක් නෑ. ඉස්සෙල්ල හොඳ ගුරුවරු පිරිසක් හදන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද අද ඉන්න සමහර ගුරුවර ගුරුවරියෝ තමන්ගේ කාල කළමනාකරණය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.

      පාසලක තියන වාර්ෂික සැලැස්ම Year Plan දැක්කම කලන්තේ හැදෙනවා. ඒක කරන්න ගියාම ආයේ උගන්නන්න වෙලාවක් නැහැ.

      අමාරුම දේ තමයි හොඳ ගුරුවරු හදන එක. අධ්‍යාපන බලධාරීන් හිතන්නේ සහතික ගොඩක් තියන හැමදෙනාම ගුරු වෘත්තියට සුදුසුයි කියලා.

      Delete
  9. “අපේ රටේ අතීතයේ පටන්, නිතර නිතර වෙනස්වන, විවිධ නීති රීති වලට, පහසුවෙන් යටත් කරගන්නා, අමුතුම සත්ව කොට්ඨාශයක් තමයි, ගුරුවරු කියන්නේ. ඔවුන්ගේ පූරුවේ කරුමය කොතෙක් මහතදැයි කිවහොත්, හෙදියන්ට, වෛද්‍යවරුන්ට, බස් කොන්දොස්තරලාට, ධීවරයන්ට, තිබෙන ආකාරයේ, හොඳ බලසම්පන්න වෘත්තීය සමිති එකක්වත් ඔවුන්ට නැත. එයට එකම හේතුව, මේ සත්ව කොට්ඨාශය තුළ, සමගිය නමැති, උසස් ගති ලක්ෂණය දකින්නට නොමැතිවීමයි. තමන්ගේ උපාධිය, විෂයය, වර්ගය, පන්තිය, වැනි අටෝරාසියක් ප්‍රාථමික ලක්‍ෂණ නිසා, ඔවුහු, භේද භින්න වී සිටීම ම, මේ සත්ව සමූහය, දේශපාලුවන්, අධ්‍යාපන නිලධාරීන්, විසින් ඔවුන්ව පහසුවෙන් දැක්කීමට පිටිවහලක් කරගෙන තිබෙන බව, ඔවුහු තවමත් අවබෝධ කරගෙන නැත්තේය.

    සමහරවිට, මේ බුරි නීති, ටෙලිෆෝන් නීති දාන මහ ඇමෑත්ත වරු, අධ්‍යාපන සංවර්ධනය යනුවෙන් විෂයයක් තම වගකීම යටතේ ඇති බව, වැරදීමකින්වත් අසා ඇද්ද යන්න සැක සහිතය. පහසුම රැකියාව වන දේශපාලනය තුළින්, මහ ඇමැතිකමට එන්නට පෙර, කොස් ඇට අහුලා කා ජීවිතය රැකගත් එකා, 'අත්ලට සිඟාවත් රස නැති කැවිලි කකා' කවිය අසා නැතුවාදෝ යි සිතේ. නීති පනවා අධ්‍යාපන සංවර්ධනය ඇති කල නොහැකි බවත්, ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු විශාල බුද්ධිමතුන් පිරිසකගේ සාමූහිහ දායකත්වයකින් මෙන්ම ප්‍රයත්නයකින් සහ, ගුරුවරුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමෙන් කළයුතු, මහා ව්‍යායාමයක්ය යන්න, මුන්නැහේලා නොදන්නා බව, මෙවැනි අමනෝඥ ප්‍රකාශ වලින්ම හෙළිවෙයි.......................... ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. ගුරු වෘත්තියට යොමු කෙරෙන පිරිස, සාමාන්‍ය පෙළ විභාගය වැනි විභාගයකින් තෝරාගෙන, ඉන්පසු ඔවුන්ව හුදෙක් ගුරු වෘත්තීය සඳහාම හැඩගැස්වෙන දීර්ඝකාලීන පාඨමාලාවකට යොමුකොට, උපාධි, පශ්චාත් උපාධි, පරිපාලන උපාධි දක්වා යන, මහා පරිමාණ ආයතනික වැඩපිළිවෙලක් තුළින්, දැනට අවාසනාවන්ත තත්වයක සිටින මේ සත්ව කොට්ඨාශය යහමගට ගැනීම සහ, අනාගතයේදී වෘත්තීයවේදය අතින් අගතැන්පත් ගුරුවරුන් බිහිකරගැනීමට මග පෑදෙනු ඇත. “
    මේ කොටස් නැවත නැවතත් අවධාරණය කරනවා.
    පළමුවෙන්ම අධ්‍යාපන මූලධර්ම මැති ඇමතිවරුන්ට හඳුනාවා දීම පිළිබඳ දැනුවත්කර අධ්‍යාපන සඳහා දැක්මක් ඇති කර ගැනීමට පාලකයන් හැඩගස්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නේද විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ගුණසිංහ මහත්තයෝ. අද අධ්‍යාපන පරිපාලනයේ ඉන්න උන්නැහේලා බොහොමයක් ඒ තැන්වල ඉන්නේ එක්කෝ තමන්ගේ උපාධි සහතික නිසා. නැත්නම් දේශපාලන හෙන්චයියෙක් නිසා. ඔවුන් අධ්‍යාපනය ගැන දන්නා ඉටිගෙඩියක් නැහැ.

      Delete
  10. Hammoo... Adath ude pandarama ridenna dila thiyenne.. :) ++++++

    ReplyDelete
    Replies
    1. මොන විකාරද. අපි හිතනවා රිදෙන්න ඇති කියලා. නමුත් ඔය මහ එවුන්, ඇහෙන්නේ පෙනෙන්නේ නැති විදිහට ඉන්න, අමුතුම ප්‍රාථමික සත්ව කොට්ඨාශයක්.

      Delete
  11. Replies
    1. මුන්ව පත්කරගත් අපිත් පිස්සෝ.

      Delete
  12. අර කිව්වා වගේ නීතී රීතී දාන්න ඕනැන්නේ නෑ... කරන්න තියෙන්නේ ගුරුවරුන්ට විනය කියන දේ ඉගැන්වීම...

    උන් දරුවන්ට ගේන්න එපා කිව්වට. උන්ගේ වැඩේ ඉගැන්නිල්ල පැත්තක් තියෙද්දි.. ෆෝන් වලින් පෝන් කොරන එක...

    ReplyDelete
    Replies
    1. සම්මානයක වටිනාකම මේ ළිපියෙන් අපූරුවට පසක් නොවන්නේද...

      එළ ලොක්කෝ...

      Delete
    2. ඒක තමයි මමත් කියන්නේ, ගුරු පුහුණුව සඳහා, පාසල් කාලයේදීම බඳවාගෙන, දීර්ඝ කාලීනව ඔවුන් හැඩගැස්විය යුතුයි කියලා.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  13. මගෙ අදහස මේකයි විචාරක තුමා.. මේවා නීති දාල කරන්න ඕන දේවල් නෙවෙයි. තමන්ගේ පාසලේ ගුරුවරු ගුරු වරියන්ගේ හැසිරීම ඇඳුම් පැළඳුම් ගැන විනයක් පවත්වාගෙන යාම විදුහල්පති වගේ පහළ මට්ටමින් කළ යුතුයි. අනිත් එක ගුරු වෘත්තියේ ගරුත්වය රැකෙන විදියට හැසිරෙන්න අඳින්න පළඳින්න ගුරු වරුන් විසින් ස්වයං වාරණ පනවාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. දක්ෂ විදුහල්පති කෙනෙකුට පුළුවන් පාසල් වෙලාව තුල ජංගම දුරකථන පාවිච්චිය අඩු කරන්න උපක්‍රම, එහෙම නැත්නම් සම්‍යක් ප්‍රයෝග යොදන්න.

      ගුරුවරුන්ව හරියට පාලනය කරන්න අමාරු නම් ඒ විදුහල්පති වහාම එම විදුහලෙන් මාරුවී යායුතුයි.

      Delete
    2. දක්ෂ විදුහල්පති කෙනෙකුට පුළුවන් පාසල් වෙලාව තුල ජංගම දුරකථන පාවිච්චිය අඩු කරන්න උපක්‍රම, එහෙම නැත්නම් සම්‍යක් ප්‍රයෝග යොදන්න.

      ගුරුවරුන්ව හරියට පාලනය කරන්න අමාරු නම් ඒ විදුහල්පති වහාම එම විදුහලෙන් මාරුවී යායුතුයි.

      Delete
  14. අධ්‍යපන ක්ෂේත්‍රයේ මීට වඩා තව විසඳිය යුතු ප්‍රශ්න අප්‍රමානවත් තියෙද්දි ගුරුවරියන්ගේ බුරිය ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත්කර ගත්තනේ මේ මහඇමතිතුමා.පාසල් සිසුන් ගැන මේ තරම් දුරට හිතපු මහඇමතිතුමාගේ යෝජනාවට අපි තව කරුනු ටිකක් එකතු කරමු..

    * බෝයිස් ස්කූල් වලට කාන්තා ගුරුවරියන් නොගත යුතුයි.
    * තරුණ රූමත් ගුරුවරියන් නොගත යුතුයි.අඩුම හතලිහෙන් එහා කලු තරබාරු ගුරුවරියෝ පමනක් බඳවා ගත යුතුයි.
    * පාසලේ එහෙට මෙහෙට ඇවිදින විට නිතඹ ගැස්සීම පැද්දීම තහනම් කල යුතුයි.
    *ඇස් දුටුවිට ලිංගික ආසා ඇතිවිය හැකි බැවින් කලු කන්නාඩි පැළඳිය යුතුයි.
    *තොල් දුටුවිට ලමුන් නොමග යා හැකි බැවින් ඒ සඳහා කඩිනම් පිලියම් යෙදිය යුතුයි.

    අපි මේකට තව එකතු කරලා ඇමතිට යවමු

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මනෝ. ඔය මහ ඇමැත්තයෝ දන්නේ දේශපාලන වේදිකා මත සුළුදිය පහවෙනතුරු බෑඟිරි ගාන්න විතරයි. යථාර්ථය දන්නේ නැහැ.

      හෙහ් හෙහ්, මම කැමතිම අවුරුදු 40 ට වැඩි කළු ඒවට කියලා අසල්වැසියෝ ආවොත්, මොකෑ කොරන්නේ?

      Delete
    2. අර කිව්වත් වගේ කළු ඒවටත් වටිනා කමක් තියනවා.අපේ ඉස්කෝලේ හිටපු කළු ගුරුවරියකට සර්ලා නිතරම කිව්වේ කළු දොදොල් පැනි රසයි කියලා..
      ඊයේ නෙත් එෆ් එකේ මේ ගැන හොඳ සාකච්ඡාවක් ගියා.

      Delete
  15. දවස ගෙවා ගන්න මාතෘකා දෙන ආණ්ඩුවක් බවටම මේක මෙච්චර ඉක්මනට පත් වෙයි කියල හිතුවෙ නෑ.. එත් දැං වෙන්නෙ ඒක වගේ.. මොලේ තියන මිනිහෙක් කොරන වැඩ වැයි මේවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස දැම්මේ මේක කියවන්නේ නැතිව. මේක තම සත්‍යය.

      Delete
    2. එදා වේල ටුවර්ස් ක්‍රමය හැමදාම කරන්න බැහැ. අම්මපා මාත් දැන්තමයි දැක්කේ සර්පයාව.

      Delete
  16. ලංකාවේ අරුම,

    මම දන්න දරුවෙක් මේ දෙසැම්බර් නිවාඩුවට විදේශ රටක නෑදෑයකු ගේ ගෙදර යන්න සැලසුම් කරනවා, ඒ දවස්වලටම යෙදිලා තියන ඉස්කොලේ වැඩකට එන්න වෙන්නේ නැති බව කීවාම, ප්‍රින්සිපල් කියලා අධ්‍යාපන කලාප කාර්යාලයේ ලිඛිත අවසර නැතිව ඉස්කොලේ යන දරුවකුට පිටරට යන්න බෑ කියලා, අවසර නැතිව ගියොත් ඉස්කොලෙන් අස්කරනවලු, මට නං හරිම මංඤ්ඤං

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමහර නිති රීති ආදීවාසීන්ගහේ චාරිත්‍ර අනුව කලාද මන්දා.

      ඔය අධ්‍යාපන බලධරයෝ අටවත් පාස්ද මන්දා.

      Delete
  17. ඔන්න ඊයේ කිව්වේ බස්නාහිර මහා ඇමති තමන් ඔහොම චක්‍ර ලේඛ කතාවක් කිව්වේ නැහැයි කියලා හිටං .පාසැල් ගුරුවරියන් වඩා සංවරව ඇඳුම් අඳිනවා නම් හොඳයි කියලා විතරයි ලු තමන් කිව්වේ.නැතුව ඔය චක්‍ර ලේඛ දානා කතාවක් කිව්වේ නැහැ කියලා කිව්වේ.

    ReplyDelete
    Replies
    1. සංවරව කතා කරන එකත් හොඳයි කියල එතුමා කියයිද?

      Delete
    2. අර කියමනක් තියනවනේ ඇට නැති දිව හැම පැත්තටම නැවෙනවා කියලා. ඕකත් ඒ වගේ තමයි.

      අවසානයේදී ජය ලැබේවා!

      Delete
  18. අපි කටපිට නොගැහුනොත් අපි අලි අමාරුවේ.. සිස්ටොං එකයි අවුල මාමේ..

    ReplyDelete
    Replies
    1. සිස්ටටොං එක වෝල්කනයිස් කරලා, පැච් දාලා, ඔයිල් කලාම මල් හතයි ඈ

      Delete

  19. අනේ මන්දා ඔය චුං ලංකාවට විතරක්ම යන්නේ ඇයි කියලා.....

    ReplyDelete
    Replies
    1. චූං කොරන්න චූං කොරවන්න, චූං අල්ලන්න, දන්නා කට්ටිටිය වැඩිපුරම ඉන්නේ, අර මාතලන් කියනවා වගේ, මේ අම්මටසිරි ලංකාවේ නිසා වෙන්න ඇති.

      Delete
  20. මට තේරෙන දේ මේකයි. මේක කොයි ආණ්ඩුවත් කරනවා. මේ වගේ විකට මාතෘකාවක් දීලා මිනිස්සුන්ව ඒ ලයිට් එලි දිගේ යවනවා. එතකොට එයාලට ඕනේ දේවල් කරගන්න ලේසියි. අනික දැවෙන ප්‍රශ්න මිනිසුන්ට අමතක වෙනවා. මේවා නිවුස් අයිටම්. එක එක මාසේ ගානේ ඇද්දත් මාතෘකා 60යි ඕනේ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. මොනවා නැතත් මේ උන්නැහේලාට මොලේ තියනවා ජනතාව නොමග යවන්න.

      Delete
  21. මන් හිතන්නේ විචාරකට මේකට පැහැදිලි උත්තරයක් දිය හැකියි.

    හැත්තෑගණන්වල කොට ගවුම් අඳින එකටත් ඔයවගේ වික්ටෝරියානු සිංහල බෞද්ධ ඇඳුම් පොලීසියෙ අය ලොකු සද්ද දැම්මද?
    මං දැක්ක නිරූපිකාවක් සම්මුඛ සාකච්ඡාවක කියල තියනවා "ඔව් මම කොට ගවුම් අඳින්න කැමතියි, මගෙ අම්මත් ඇන්ද, ආච්චිත් ඇන්ද ෆෝටෝ තියනව" කියල.

    ReplyDelete
    Replies
    1. There was a nice song about the mini skirt..that tells everything about how the society reacted to the dress..it goes as follows;
      Salli diila gawuma gaththe endagena yanna...
      Stupid android update killed my sinhala...sorry

      Delete
    2. http://1.bp.blogspot.com/-URYT7PrUHpU/U2j6mjAOuII/AAAAAAAAE5A/JK2-DPM92LI/s1600/3358812300_ea9810320b_b.jpg

      Delete
    3. ඒ කාලේ ඇන්ද tight skirt, mini skirt, වලට ගොඩක් විවේචන ආවා. නමුත් ඒවා ආක්‍රමණශීලී ඒවා නෙවෙයි. හාස්‍යය සහ උපහාසය තමයි තිබුණේ. ඇන්ද අය කිසිම ප්‍රශ්නයක් නැතුව ඇන්දා. 'කොට්ට උරේ' කියලා තමයි උපාහාසයට ලක්කලේ.

      Delete
  22. ටිකක් සැරයි වගේ උනාට කියන්න ඕනි දේ ලෙසටම කියලා තියෙනවා..........

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය තරමට ලුණු ඇඹුල් නැත්නම් රස නැහැනේ.

      Delete
  23. සෙද්ද...

    ඕ/ලෙවල් කාලෙ ගණිත ටීචර්ගෙයි, සිංහල ටීචර්ගෙයි බුබ්බු බලන්න තමා අපි පීරියඩ් කට් නොකර පන්තියෙ හිටියෙ. අන්න ගුරුවරු. එහෙව් බුරි දැක්ක කියල අපි නොමග ගියාද? නෑනේ. ත්‍රිෙකා්ණමිති පාඩම ඉස්කෝලෙදි හිතට අරන්, ගෙදර බාත් රූම් එකේදි අතට ගත්තා.. අන්න ඒකයි වෙන්නෝනි...

    ReplyDelete
    Replies
    1. හැදෙන එකා හෙළුවෙන් හිටියත් හැදෙනවා. නොහැදෙන එකා භාවනා ආශ්‍රමයක නවත්තලා හිටියත් නොමග යනවා.

      Delete
  24. සරළවනම් කියන්න තියෙන්නේ මුන්ට පිස්සු කියලා...

    අපේ රටේ ගුරුවරු බහුතරයක්, විෂය නිර්දේශ හදන උදවියගෙන් සියල්ලෝමත්, ඔය විකාරරුපි නීති ගෙන මජරයොවත් කියවල නැතුව ඇති හරි පුදුම ඉස්කෝලේ කියන පොත...

    ReplyDelete
    Replies
    1. පොත් නොකියවලා වත්, නොදන්නවා වත්, නෙවෙයි කෙලින්ම මජරකම තමා. ආයේ වෙන මොකක්ද?

      Delete
  25. හනේද කියන්නෙ ඉතින් ....ඕව ගැන නම් කතා කරලා වැඩක් නෑ විචාරක තුමෝ...මට මතක් වුණේ සායම් වගයක් අැගේ තැවරුණු නරියෙක් , අනිත් සත්තු ඉස්සරහ පොර ටෝක් දෙන්න ගිහින් නිකන්ම බලු වුණු කතාව.

    ReplyDelete
    Replies
    1. ඔබ මීට පෙර මේ පැත්තේ පැමිණි බවක් මතකයේ නැහැ. ඔබව සාදරයෙන් පිළිගන්නා අතරම හැකි සෑමවිටම මෙහි පැමිණ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.

      මටනම් පෙනෙන්නේ මේ සමහර ඇමෑත්ත තුමන්ලා ඉපදිලා තියෙන්නේ සායම් බාල්දි ඇතුළේ.

      Delete
  26. ලිපියයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියවගෙන එද්දී මට ආපහු මුලටම ගිහින් මහේෂ් නිශාන්ත සහෘද බ්ලොග් රචකයා ගේ මේ කියමනම මතක් උනා..
    //“සතුටුයි “ කියවන්නට ලැබුණාට මෙවන් සටහනක් ! නමුත් “දුකයි“ අපෙ රටේ අනාගතය ගැන//

    විචාරක තුමා කියවන්න එන්න පරක්කු උන නිසා හිතේ තියෙන ඔක්කොම කියන්නේ නෑ.. පිස්සෝ හිතාගෙන ඇත්තේ උන් ඇරෙන්න අනිත් ඔක්කොටම පිස්සු කියලා වෙන්නැති.. අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවා කියවලා අපි අඬන්න තමයි ඕනේ අනේ මේ මොනවද වෙන්නේ කියලා. නමුත් අනික් අතට අඬලා වැඩක් නැහැ. මේ වගේ මොට්ටපාලලා බලයට පත්කිරීමෙන් වලක්වන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ.

      Delete
  27. බලේ දුන්නනම් ඉතින් දැන් විරිත්තන් කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලගෙන ඉන්ඩයි තියෙන්නේ!!!
    ඩයල් එක පරණ ඇරියස් එකක් පිරිමහන්ඩ හදනවද කොහෙදො?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මේ වගේ උන්නැහේලා බලයේ තිබ්බොත් අපි ඉවරයි. ඒ නිසා මේ අයව හැකි ඉක්මනින් බලයෙන් පහකරන්න ඕනේ.

      මට හිතෙන්නේ මෙයාලා ඉස්කෝලෙදි ගුරුවරියන්ගෙන් සෑහෙන්න ටොකු කාලා තියනවා වගේ.

      Delete
  28. විචාරක මාමගේ කටට දන්නා වටිනවා........... මොනවත් දැන්ම දාන්න හොඳ නෑ තව කතා කරන්න ඉඩ අරින්න ඕන හින්ද. සහතික ඇත්ත විචාරකතුමා සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. උඹ නෙවෙයි, මේවා කියවන සමහර අයට හිතෙනවා ඇති අපේ කටට පස් දාන්න.

      බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

      Delete
  29. කාලයක් තිබුණා පත්තරේක මුල් පිටුව බලන්න බෑ ප්‍රාදේශීය බබෙක් කරපු අලුගුත්තේරු වැඩක් අනිවාර්යයෙන් හැමදාම වැටෙනවා. දැන් පළා බබාලා පටං අරං. මුංට අර අතන ඉඳංම පිස්සු විචාරකතුමා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ................මධු උඹට හොඳද දැන්. ගෙදර උන්දැගෙන් ගුටිකන්න එපා යන්තම් හොඳ වෙනකොට කොම්පියුටර් මගුල බදාගත්තා කියලා. මොකද උනේ?

      මේ අබබ්බයන්ගේ පිස්සුව හොඳවෙන්නේ පුක බිම ඇනෙන්න චන්දෙන් පැරදුනාම.

      Delete
  30. ඔය වගේ වල් වනචර දේවල්, ආයේ අපේ ටී වී චැනල් වල පෙන්නනවා කියලයැ. ඒවායේ පැය 24 ම පෙන්නන්නේ, ආගමික සහ සදාචාර වර්ධන වැඩසටහන් නේ. කී දෙනෙක් නම් මේ වෙනකොට සෝවාන් ඵලයට ඇවිත් තියනවද, ඔය ටී වී චැනල් බලලා.

    අම්මප ඇත්ත නේන්නං...ඔය බුරි පෙන්නන එක නවත්තන්න ගුරුවරියන්ට කිමෝනාවක් වගේ නිළ ඇඳුමක් දුන්න නං අහවරයිනෙ. නැත්තං අර කන්‍යා සොහොයුරියන් අඳින්න වගේ ලෝගුවක්...

    ReplyDelete
  31. ගුරුවරියන්ගෙ අවයව වහන්න කලිං ඔය නීති දාන ඇත්තන්ගෙ අඹු දරුවන්ට බුර්කා අන්දල හිටියොත් නරකද?

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }