හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 October 2015

වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක්

Beef Eating
 ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි.  මීළඟ මැතිවරණයේදී මෙම ප්‍රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ.

 අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි.


   කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු 'කැමතියි' කියා, බුදුපිළිම හිසක් සහිත ග්‍රැවටාර් එකක් දාලා තිබුනත්, එය මත ක්ලික් කලාට එම බ්ලොගර් කවුද කියා පෙන්වන්නේ නැත.

මෙන්න ඒ අඩවියේ ලිපිය


Screenshot (2)
Screenshot (3)
Screenshot (4)
Screenshot (5)
Screenshot (6)

   ඉදින් මේ ලිපියේ කියන පරිදි ගවමස් මිල අධික වීම නිසා හාමත්ව මියයන මහා.....................ජනතාව වෙනුවෙන් අපි කුමක් කරමුද?

2015 ඔක්තෝබර් මස 31 වැනි දින

72 comments :

  1. ඔක ලියපු එකාව ඉස්සල්ලාම එල්ලන්න ඔනේ මස් කඩේ කොක්කේ..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩට තරහ ගිහිං ඈ…… ලේසි වෙන එකක් නෑ :D

      Delete
    2. මිනිස්සුන්ව නෙවේ, ඔවුන්ගේ අමනොඥ අදහස් තමා එල්ලන්න ඕනේ.

      Delete
  2. Replies
    1. මගේ ලිපියෙන්ද එහෙම නැත්නම් මම පෙන්වා දී තිබෙන ලිපියෙන්ද?

      Delete
  3. අද උදේ අටසිය පනහක් , හොද ප්‍රමිතියෙන් යුතු හරක්මස් වෙලදපොලට නිකුත් කරන්න ඕන පහසු මිලට

    ReplyDelete
    Replies
    1. ප්‍රමිතියෙන් යුතු හරක් නැතුව ඇති.

      Delete
  4. හරක් නේ? සමහරක් ට රිදිලා ඇති.

    ReplyDelete
  5. ලංකාවේ ගවමස් වැඩියෙන්ම ජනප්‍රිය මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් අතර.
    මුස්ලිම්වරු ගැන කියනවානම් ඉස්ලාමයේ දැක්වෙන පරිදි අල්ලා මිනිසා මවා ඇත්තේ අල්ලාට වැඳීමේ අරමුනින්. එමනිසා සෑම මනුශ්‍යයෙක්ම උපතින් අල්ලාට වඳින්නෙක් එනම් මුස්ලිම් වරයෙක් නමුත් ඔවුන්ගේ මිත්‍යාදෘෂ්ඨික දෙමාපියන් එම දරුවන් මිත්‍යා දෘෂ්ඨික කරවනවා. මුස්ලිම් වරයෙක් කෑම කෑ යුත්තේ මෙම ආහාරයේ ශක්තියෙන් මට වැඩි වැඩියෙන් අල්ලාට වඳින්න ලැබේවා කියා සිතාගෙන. මුස්ලිම් වරයෙක් ලිංගික ක්‍රියාවක යෙදිය යුත්තේ මේ ක්‍රියාව නිසා අල්ලාට වඳින්නන් වැඩි වැඩියෙන් බෝවේවා කියා හිතාගෙන.
    ඉතින් මුස්ලිම්වරු ගවමස් කෑමෙන් වැලකුනාම ඔවුන්ගේ බඩ අඩු වෙනවා එතකොට අල්ලාට වඳින්න පහසු වෙනවා.
    ක්‍රිස්තියානින් ගැන කියනවා නම් ඔවුන්ගෙන් බහුතරය කතෝලික. 1962-65 අතර දෙවැනි වතිකානු සම්මන්ත්‍රණය පැවැත්වුනා. එහි මුලික අරමුන ලතින් ඇමරිකානු කලාපය තුල සමාජවාදී ව්‍යාපාර වර්ධනය වැලැක්වීම තමයි. කෙසේ වෙතත් එයින් කතෝලික ආගම දේශීය කරණය විය යුතුයි යන මතයත් ඇතිවුනා ලංකාවගැන සැලකීමේදී ගවමස් කෑමෙන් වැලකීම කතෝලික දහම දේශීය කරණය කිරීමේ අංගයක් ලෙස සැලකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔය උපුටාගත් බ්ලොග් එක කරන කෙනා අමුතුයි. එයා දේශීයකරනය නොවුනු කෙනෙක් වගෙයි

      Delete
    2. ඕනෑම ආහාර වර්ගයක මිල වැඩිනම් ඒ සඳහා උද්ඝෝෂණ කරන්නට, රජයට අප්‍රසාදය පළකරන්නට මිනිසුන්ට අයිතියක් තිබේ. එහෙත් ඒ සඳහා ආගම් පටලවා ගන්නේ යටි අරමුණක් ඇතිව බව පෙනෙයි.

      Delete
    3. //කෙසේ වෙතත් එයින් කතෝලික ආගම දේශීය කරණය විය යුතුයි යන මතයත් ඇතිවුනා ලංකාවගැන සැලකීමේදී ගවමස් කෑමෙන් වැලකීම කතෝලික දහම දේශීය කරණය කිරීමේ අංගයක් ලෙස සැලකිය හැකියි.//

      අනේ කරුනා කරල පැහැදිලි කිරීමක් කරන්න

      Delete
  6. සැපයුම් මාර්ග ආබාධිතව විවෘතව තබනු? මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද ?
    දැල් පාර අයිනෙ ගසල මාළු විකුණනව, කුකුල්ලු විවෘත ලොරි වල මසට ගෙනියනව, නත්තලට ඌරො පස්‍රවල් අයිනෙ තියල කපල දෙනව හරකට විතරක් හරක් හිමිකම් තියනව. හරක් මස් කන එකාට විතරක් තහංචි වැඩි එක ප්‍රශ්නයක් තමයි.
    ගවයෙක් ගෙන් ලැබෙන ප්‍රයෝජන අරගෙන ඌව මරණ එක පවක් විදිහට දකින හින්ද මෙහෙම විරුද්ධ වීමක් තියනව කියන එක තර්කයක් තමයි. ඇයි එහෙමනම් හිතන්න පුලුවන් මිනිසාට ගොම්පසේ වගේම කිරිටිකෙනුත් , වගේම ගොවිතැනේදිත් උදවු කර තම ජීවිතය පූජා කර මාංශයෙනුත් දානය දීපු පිනෙන් මතු ආත්මයක ගොනෙක් වෙලා ඉපදෙන්නෙ නෑ , ඔහොම ගියාම ගොන්නු වද වෙලා යනව , එතකොට ඔය ප්‍රශ්නෙ විසදෙනව. ඊට පස්සෙ හැබැයි මෙහෙම හිතන්න පුළුවන් හරක් මස් කන එවුන් ඊලග ආත්මෙ හරක් වෙලා උපදිනව . දැන් ප්‍රශ්නෙ හරි . චක්‍රයක් විදිහට ඕක වෙනව කවුරුත් කලබල කරන්න ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කම්මලේ,
      ++++++++++++++++++

      Delete
    2. එකෙන්ම.. කම්මලයා අද පාන්දරම අනුමත වෙලා
      ++++++++++++++++++++++++++++

      Delete
    3. හේතුඵල වාදී ඩබල් ආදිපාද +++++++++++++++++++++++

      Delete
    4. මේ ලිපිය ලියපු කෙනාට සිංහල බහ. එක්කෝ ඔහු ඉංග්‍රීසියෙන් හිතා සිංහලෙන් ලියන්නෙක්. නැත්නම් ඉංග්‍රීසියෙන් ලියා යන්තම් දන්නා සිංහලට පරිවර්තනය කිරීමක් මෙතන කර තිබෙන්නේ. ඒ නිසයි ලිපිය අච්චාරු වී තිබෙන්නේ.

      තමන් හරි කියා සිතන ඕනෑම මසක් කෑමට ඕනෑම මිනිහෙකුට අයිතියක් තිබේ ( මිනී මස් හැර :e )

      Delete
    5. kathawak mathak una blog eke liyanna

      Delete
  7. ලාභයිනේ................... තලපත් ඔයිටත් ගණන්නේ... ඉස්සෝ තවත් ගණං...... අම්මපා ලාභයි

    ReplyDelete
    Replies
    1. ඔව් තෝර මාළු මීටවඩා ගණන් බොහෝවිට.

      Delete
  8. කුකුල්ලු වෙනුවෙන් පෙනීසිටින්න කවුරුත් නෑ...

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වර්ගයා වෙනුවෙන් පෙනිසිටින විදානේට අපේ රෙෂ්පට් එක..

      Delete
    2. උඹ හාල්මැස්සො වෙනුවෙනුත් පෙනී හිටියා.. දැං කුකුල්ලු :D

      Delete
    3. කිකිලියෝ කිව්වලු මොකටද අනේ සත දෙකහමාරකට තවත් ඉරාගන්නේ කියලා. :e

      Delete
  9. ගව මස් කන මිනිස්සුන්ට ඒක ගනන් ගියාම දැනෙනවා.. ඒ ගැන් ලිවීමේ වරදක් මම නම් දකින්නේ නෑ..

    දැන් විචාලට උනත් අරක්කු සිගරට් ගනන් ගියාම මල පනිනවනේ,,

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාතේ. මෙතන ඊට වඩා ලොකු දෙයක් තියනවා. මෙන්න මගේ ස්ථාවරය.

      මෙලොව සිටින ඕනෑම මිනිහෙකුට තම අභිමතය පරිදි ඕනෑම මස් වර්ගයක් (මිනී මස් හැර) කෑමට අයිතියක් තිබෙන බව මා පිලිගනන්නා අතර එම අයිතියට ගරු කරමි.

      මස් පමණක් නොව, ඕනෑම ආහාර වර්ගයක මිල ඉහළයාම නිසා, තමන් අපහසුතාවයට පත්වීම හේතුවෙන්, උද්ඝෝෂණ කරන්නට, රජයට දෝශාරෝපනය කරන්නට මිනිස්සුන්ට අයිතියක් ඇති බවද පිලිගනිමි.

      මිනිසකුගේ පෝෂණය සඳහා විවිධ මස් වර්ග හෝ මාළු වර්ග අත්‍යවශ්‍ය නොවන බවත් විකල්ප පෝෂණ ක්‍රම ඕනෑතරම් තිබෙන බවත් මා දන්නා අතර ඒ බව නොදත් මෙවැනි අමනොඥ පුද්ගලයන් දුරවබෝධයෙන් කරන මෙවැනි ප්‍රකාශ හෙලාදකිමි.

      ලංකාවේ ජනතාව මහ මැතිවරණයකදී/ජනාධිපතිවරනයකදී තම ඡන්දය ප්‍රකාශ කිරීමේ තීරණාත්මක සාධකයක් ලෙස, බඩුමිල ගැන අවධානය යොමු කරන බව සත්‍යයකි. නමුත් කිසිදු ආකාරයකින්වත්, හරක් මස් මිල, එවැනි සාධකයක් නොවේ.

      යුද්ධය පැවති කාලයේදී උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාවට අයත් හරකුන් අයාලේ ගිය අතර ඔවුන් හොරෙන් මසට පටවන මහා පරිමාන ජාවාරම් කරුවන් පිරිසක් සිටියා. යුද්ධයෙන් පසු ඔවුන්ගේ ඒ අදායම් මාර්ගය වැසී ගියා. අද මසට මරණ හරකුන්ගේ ප්‍රමිතිය ගැන හරියටම හොයා බලනවා. එමෙන්ම නීති විරෝධී ගව ඝාතනාගාර ගණනාවක් පහුගිය කාලයේදී වසා දැමුනා. ඒ ව්‍යාපාරිකයන්ට ලොකු පහරක් වැදුනා.

      හරක් මස් මිල වැඩියි කියා කිසිම පුද්ගලයකු හෝ සංවිධානයක් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරනු මගේ ජීවිත කාලය තුළ දැක නැහැ. ලංකාවේ වැඩියෙන්ම අනුභව කරන මස් වර්ගය කුකුළු මස්.

      ආගමික නාමයක් සහිත අඩවියක් මෙවැනි ප්‍රශ්නයක් කතාකරන්නට වෙහෙසෙන්නේ අයි. හරක් මස් ගැන කතාකරන්න ආගමක් අවශ්‍ය නැහැ. බෞද්ධයන් පවා හරක් මස් කනවා. අනික එම අඩවියේ ලිපියට කැමතියි කියා ලයික් එකක් දාල තියන කෙනාගේ ග්‍රැවටාර් එක බුදුපිළිමයක හිසක්. එම ග්‍රැවටාර් එක ක්ලික් කලාම කිසිම බ්ලොගර් කෙනෙකුගේ විස්තර පෙන්වන්නේ නැහැ. එතනත් හොරයක් තියනවා. මොකද බුදුපිළිම හිසක ග්‍රැවටර් එකක්ම දැම්මේ?

      මෙතන යටින් යන්නේ වෙන ගේම් එකක්. මේ වගේ තිරිසන් අදහස් තියන මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු, ආගම් දෙකක් අතර ගැටුමක් හදන්න බලනවා. ඒ අතරම නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. රටේ සාමය සමගිය කඩාකප්පල් කරන්න හදනවා.

      Delete
  10. අනේ මන්ද... එක එකා එක එක විදිහේ මත දරනවා.. කාටවත් වැරදි කියන්න බෑ... සමාජ යතාර්ථය වගේ තමා.. හරක ලොකු නිසා, ප්‍රයෝජනේ වැඩි නිසා හරක වෙනුවෙන් පෙනී හිටින්න ඕන තරම් මිනිස්සු.. එතකොට කුකුළා: "ඇයි අයියා.. අපි කළුද?" ඔය ප්‍රශ්නේ ගැන නැටි දෙක ඉතරක් ඉතුරු වෙනකල් රණ්ඩු කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මදුරුවත් ජීවියෙක්. ඒත් පොඩියි.

      Delete
    2. ඕනෑම පුද්ගලයකුට තම නිදහස් ස්වාධීන මත ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කරමි.

      හරක් මස් හෝ වෙනත් ඕනෑම මස් වර්ගයක්, පුද්ගලයකුගේ පෝෂණය සඳහා අත්‍යවශ්‍යය, කියන අමනෝඥ අදහස ප්‍රතික්‍ෂේප කරමි.

      හරක් මස් මිල, ලංකාවේ ජනතාව විසින්, ඡන්දය ප්‍රකාශ කිරීමේදී, වැදගත්වන සාධයකි, යන අමන ඔලමොට්ටල අදහසට ගරහමි.

      Delete
  11. මෙයට විසඳුම් දැනට දශකයකට පෙර අරගෙන දැනට ප්‍රශ්නය විසඳෙමින් තියෙනවා කියලයි මගේ හැඟීම. එහෙම නෙවෙයිද? ලංකාවම හරක් පට්ටියක් කරන ප්‍රොජෙක්ට් එක ගැන මම කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ආ ඒක කරලා ඉවරයි, දැන් ලංකාවේ ඉන්නෙම හරක් , කකුල් සංඛ්‍යාව පිළිඹඳ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ

      Delete
    2. ඉවාන් පවුලූශා නමැති ප්‍රාඥයාගේ දර්ශනය සමග එකඟ වෙමි.

      Delete
    3. ආයෙත් ඉතින් මොකට සැක කරනවද? ඔය ඉවාන්ම කියනවනේ උන්දලාගේ ප්‍රොජෙක්ට් එක සාර්ථකයි කියල. එහෙනම් කකුල් ටික ගණන් කරලා දෙකෙන් බෙදල කියන්ඩ ඈ

      Delete
  12. Monawa unath gsnan yana eka case eka nisa man nam karanne aduwata thiyena one masak kala danawa. 😃

    ReplyDelete
    Replies
    1. පෝෂණ විද්‍යාඥයන් කියන්නේ පුද්ගලයකුගේ පෝෂණය සඳහා මස් අනුභවය අත්‍යවශ්‍ය නොවන බවයි. ඒ නිසා අර ලිපියේ තියන තර්කය නිකම්ම අවලංගුයි.

      Delete
    2. හරක් මස් කන්ඩ එපා කියලත් නැ නේද

      Delete
    3. එපා කියලා නැහැ. අත්‍යවශ්‍ය නැහැ කියලා කියන්නේ. ඒ පෝෂණය වෙනත් ආහාර වර්ග වලින් ගන්න පුළුවන්. ප්‍රෝටීන් දඹල වලත් තියනවා. පරිප්පු, මුංඇට, වලත් තියනවා.

      Delete
  13. ලංකාවේ මිනිසුන් ලෝකයේ අනෙකුත් සංවර්ධිත රටවල මිනිසුන්ට සාපේක්‍ෂව ශරීර ප්‍රමානයෙන් කුඩායි. ලංකාවේ මිනිසුන් විශාල ප්‍රමානයක් මන්ද පෝෂණයෙන් පෙලෙනවා. ඒ නිසයි අපි ඔලිම්පික් වලින් ඉතාම පහළ. මන්ද පෝෂණයෙන් පෙලෙන මිනිසුන් බුද්ධිය අතිනුත් පහළයි. මේ පෝෂණ තලිබාන් නීති / පෝෂණය පිළිබඳ දුර්මත නිසා අපේ මිනිස්සු තව තවත් වැටී යනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ මහත්තයට ඔය ගැන කියලා කලිනුත් කොමෙන්ට් එකක් දැම්මා...

      Delete
    2. මා දන්නා තරමින්, පෝෂණ විද්‍යාඥයන් කියන්නේ, මස් වර්ග අනුභවය, ශරීර පෝෂණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නැහැ කියන එකයි. වෙනත් විකල්ප ආහාර වර්ග මගින්, හොඳ පෝෂණයක් ලබාගත හැකියි නේද? එහෙනම් මොකටද මේ හරක් මස් ප්‍රශ්නයක් අලුතෙන් හදන්න දඟලන්නේ?

      Delete
    3. ඉතින් ඕකමනේ සර් අපිත් අහන්නේ ඇයි හරක් මස් කන්ඩ එපා කියන්නේ

      Delete
    4. අටම්, ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලන්න, හරක්මස් ගුණද අගුණද කියලා.

      Delete
  14. හා දැන් එහෙනම් ප්‍රෝටීන් නැතුව මැරෙයි මේ රටේ මිනිස්සු.. මොකද්ද බොල මේ ආබාධිතව යවන්න දෙන්න කියන්නේ?? මට පේන්නේ මේක ලියල තියන්නේ හරකෙක්ට තරම් වත් මොලයක් නැති කකුල් දෙකේ හරකෙක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියා තිබෙන්නේ එක්කෝ සිංහල දෙවැනි බසක් ලෙස පාවිච්චි කරන කෙනෙක්. එහෙම නැත්නම් සිංහල බැරි කෙනෙක්.

      කොහොම නමුත් ඔහු හදන්නේ හරක් මස් මිල මහා විශාල කාරණයක් හැටියට උලුප්පා පෙන්වන්නයි. මේ අය හරක් මසට දැඩිව ඇබ්බැහි වුන උදවිය.

      Delete
    2. හරක් මසට දැඩිව ඇබ්බැහි වුන උදවිය
      ඌරු මසට දැඩිව ඇබ්බැහි වුන උදවිය
      දෙකටම ඇබ්බැහි උන උදවිය
      මස් නැතුව මාළු කන උදවිය
      බිත්තර විතරක් කන උදවිය
      කරවල කන උදවිය
      හොදි විතරක් කන උදවිය
      තනිකර එලවලු ජීවිත

      ඉතින් මොකද අයියේ

      ඔයා කියන දේ තේරෙනවා
      ඔයා කියන්ඩ හදන දේ හරක්මස් වලට ගා ගත්තහම ඔයාවත් අර සයිටි එක ලියන එකාගෙයි කමෙන්ට් දාපු උන්ගෙයි ලෙවල් එකට වැටෙනවා

      Delete
    3. අටම්, මම මාතලන්ට දීලා තියන දිග උත්තරේ කියවලා බලන්ඩකෝ.

      Delete
  15. ‘ආබාධිත‘ ගවයන් මැරීම තහනම් කරනු!

    ReplyDelete
    Replies
    1. ඉවානයා බේරෙයි එහෙනං.. ඒකත් මදෑ :D

      Delete
    2. පත්තරේ, ඌට මක්කැයි බං තියෙන ආබාදේ?

      විචාරකතුමා,
      ඔය කියන බ්ලොග් එක කවුරුත් හිතන විදිහේ අන්තවාදී මුස්ලිම් පොරක් ලියන එකක් නෙමේ. එයා දාන නිවුස් වල හැටියට එයා ඊශ්‍රායලයට පක්ෂයි. අම්මපා මට පොරව වදිනවා.

      Delete
    3. ඊශ්‍රායලේදී තමයි ර්සම බීෆ් කෑවේ....

      Delete
    4. තියෙන ආබාදේ තමා අංදෙකක් නැති කම , තිබ්බනං පත්තරයට අනින්න තිබ්බා

      Delete
    5. මධු, ඕනෙම කෙනෙකුට අන්තර්ජාලය විවෘතයි. නමුත් මේ වගේ පුහු තර්ක ඉදිරිපත් කිරීමෙන් පෙන්වන්නේ තමන්ගේ නූගත්කම සහ අන්තවාදී බවයි.

      ඉවාන්, අං දෙකක් නැත්තං 'වෙන මොකකින් හරි' ඇනපන්කෝ. හැබැයි පත්තරයා කියන්නේ උඹ කොච්චර අනින්න හැදුවත් ඇනගන්න බැහැ කියලා.

      Delete
  16. Replies
    1. හොර හරක් බිස්නස් එක කරපු ඇමතියා මේ පාර පරාදයිනේ , ඉතිං ගණන් යනවා ඇති

      Delete
  17. හරක්මස් කෑමට අවශය කෙරෙන සියලු පහසුකම් ලබදෙන්න කියලා හරකෙක්ම ඉල්ලිමක් කරලද ?...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. හරකෙකුට තරම්වත් මොලයක් තියන කෙනෙක් නෙවෙයි වගේ මටනම් පෙනෙන්නේ.

      Delete
  18. තනිකරම මුසාවක්. පට්ට බොරු නිවුස් එකක්.

    ඇයි යකෝ, කෝටි දෙකක විතර හරක් පට්ටියක් ඉන්නකොට හරක් මස් ගණන් යන්න පුලුවන්ද මං අහන්නේ...??

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත නේන්නං

      Delete
  19. ඇයි අප්ප හරක් ගැන මෙච්චර දඟලන්නෙ. ඔයිට වැඩිය විශාල අලි මරනව. මසට ගන්නෙත් නෑ කුණුවෙලා යනව. ඒව කාටවත් පේන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න තියෙන්නේ නාවික හමුදාව දාලා සතියකට එක තල්මසා බැගින් මරා සලාක ක්‍රමයට බෙදා දීමයි. මැරුණු අලි සිම්බාබ්වේ පැටවිය හැකියි.

      Delete
  20. නිර්මාංශ අයට නම් මේ මොන ප්‍රශ්නයක් වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හැබැයි මේ අය විශ්වාස කරන්නේ නැහැ, නිර්මාංශික වුනත්, සම්පූරණ පෝෂණයක් ගන්න පුළුවන් කියන එක.

      Delete
  21. නැති ප්‍රශ්න ඇති කිරීමක් ද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මටනම් පෙනෙන්නේ නැති ප්‍රශ්න ඇති කරන්නට උත්සාහ කිරීමක් කියලා.

      Delete
  22. දරන්ඩ බැරි හරක් මැරිල්ල නෙවේ විචාරක මාමේ.... ආගම් බේද ඇති කරන්න යන මී හරක් කතා නෙව..

    ReplyDelete
    Replies
    1. හරක් වලිගෙකින් (අපොයි සමහරු නම් කියන්නේ වලිගෙන් නෙවේ, හ්ම්........අන්න ඒකෙන්) ගහන්න ඕනේ කියලා, මේවගේ ජරා වැඩ කරන එවුන්ට.

      Delete
  23. මට පේන්නේ මේ ලිපිය ( හරක් මස් ගැන ඔරිජිනල් බ්ලොග් පෝස්ට් එක) දමපු පුද්ගලයා එක්කෝ ඉතාම මුග්ධ අයෙක් එසේත් නැතිනම් සුද්දගේ බාසාවෙන් කියනවා නම් False Flag ක්‍රියා මඟින් ජාතීන් අතර බේධ ඇතිකරන්න හදන අයෙක් - දැන් මේ වගේ දෙයක් ඉන්දියාවේත් වුනා -
    පුද්ගලික අදහස හැටියට කියන්නෙ තියෙන්නේ හරක් මස්, එළු මස් වගේ රතු මස් වර්ග ආහාරයට ගැනීම නිසා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවී ඇති බව ඊයේ පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුනා - එම නිසා මාළු හා නිර්මාංශ ආහාර භාවිතයට හුරුවීම ශරීර සෞඛ්‍යට හොදයි

    ReplyDelete
    Replies
    1. මේ අය මේවා ලියන්නේ ඔබ මෙහි දක්වා ඇති පෝෂණය ගැන කරුණු නොදැන නොවේ. සමාජය තිළ වෛරී හැඟීම් ප්‍රචලිත කිරීමේ අරමුණෙන්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }