හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 October 2015

මෝඩකමට බෙහෙත් නැත.

Right & Wrong
මේ දිනවල අපේ රටේ සෑම සමාජ තලකම පාහේ, ළමා අපචාර කියන ටොපිය, අර හක්කෙන් මේ හක්කට මාරු කරනවා. ළමා අපචාර කියන බුල්ටෝව, සමහරුන්ගේ දත් ඇඳි එකට අලවලා. (බුල්ටෝවෙන් එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නේ, බුල්ටෝ කාපු අය විතරයි) ළමා අපචාර නමැති ලොලිපොප් එක, හිටු කියලා සූප්පු කරනවා. කෙළ වැක්කෙරෙනවා බලා ඉන්න අයගේ. පශ්චාත් මරණ පරීක්‍ෂණ, (සමහර එව්වා නම් පශ්චාත් නෙවෙයි පශ්චාද්) පූර්ව නිගමන සහිත නඩු තීන්දු, සම්මතයට ව්‍යතිරේක වූ දණ්ඩන ක්‍රම, කරළියට එනවා.

   මා දුටුවා, දෙරණ රූපවාහිනී නාලිකාව, සේයා සදෙව්මිගේ ගෙදර හා පරිසරය ඇසුරෙන් විස්තරයක් ඉදිරිපත් කරනවා, එම නිවසේ සහ පරිසරයේ ආරක්‍ෂාව ඉතා දුර්වල බව පෙන්වා දෙමින්. ඒ ඔස්සේ සිතා, පහුගිය කාලයේ මා ඇසූ දුටු සමහර කරුණු සලකා බලා මේ ලිපිය ලියන්නට සිතුණා. අදත් මෙවැනි සිද්ධි තුනක් රූපවාහිනියේ වාර්තා වුණා. 

  • නොච්චියාගම පැත්තේ අම්මා කෙනෙක්, ළදරු පාසල් යන තම දියණිය, එම ළදරු පාසල අසලින් බස්සවන ලෙස, බසයේ රියැදුරු (තමන් දන්නා හඳුනන නිසා) ගෙන් ඉල්ලා, බසයට ගොඩ කරලා. රියැදුරුට එම දැරිය බසයෙන් බස්සවන්නට අමතකවී, ඇය ගමනාන්තයටම ගිහිල්ලා. ඇය කලබලවී හඬනවිටයි රියැදුරුට සිහිය ආවේ. අලි ජංජාලයක් කරගෙන, පොලීසියත් ගෙන්වා, අන්තිමට දැරිය ආපහු මවට බාරදීලා. මේ අම්මාගේ මොළය ඇත්තටම ඔලුගෙඩිය තුළ පිහිටා තිබේද?

  • නිවසක නිදා සිටි දැරියක් පැහැරගෙන යන්නට හෝ ලිංගික අපරාධයක් කරන්නට මිනිහෙක් ගෙදරක ජනේලයේ යකඩ ග්‍රිල් එකක් ගලවාගෙන ගෙට ඇවිල්ලා. දැරිය අවදිවී, බියෙන් කෑගහනවිට අර මිනිහා පැනලා ගිහිල්ලා. දැන් කාලේ ගැන හිතලා, ගෙදරක බලු කුක්කෙක් හදන්න බැරිද හොඳට බුරන එකෙක්. කවුරුහරි අපේ ගෙදර ගේට්ටුවට අත තිබ්බත් අපේ බල්ලා නම් බුරනවා. ගෙය වසා යනවිට, බල්ලා ගෙදර ඉදිරිපස බලු කූඩුවක තබන්න. ගෙදර උඩ තට්ටුවක් තියනවානම්, අවට පරිසරය හොඳට පෙනෙන තැනක බල්ලා තබන්න. ගෙදර බල්ලන් හදන්න බැරිනම්, රෑට ඉතුරුවෙන කෑම ටිකක්, පාර අයිනට හලන්න. ටික කලක් ගියාම, දඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා. (පිස්සු බල්ලෝ හැදෙනවා? අනේ නිකම් යන්න. උන්ට බෙහෙත් විදින්න PHI මහත්තයා එනවා නොවරදවාම, අපේ පැත්තෙනම්) උන් රෑට පාරේ කවුරු ගියත් බුරනවා. එය හොරුන්ට විශාල අභියෝගයක්. අපිට අනතුරු ඇඟවීමක්. තමන්ගේ නිවසේ ජනෙල් දොරවල් ශක්තිමත් නැත්නම්, මොනවද කරන්න පුළුවන් විකල්ප ක්‍රියා. මම කියන්නම්. තල්ලු කිරීම, හැප්පීම, වැනි ක්‍රියා නිසා, මහා හඬක් නගා පෙරලෙන විදිහට, ටකරන් තහඩු, බෙලෙක් ටින්, බාල්දි, ආදිය, සොරුන් ඇතුළුවේයැයි සැක හිතන තැන්වල තියන්න. කකුලේ පැටලී වැටෙන්න කලුපාට ගෑ යකඩ කම්බි ඇද තබන්න. කළුවර තැන්වල බිම, අපිළිවෙලකට බෙලෙක් ටින් තබන්න, කකුලේ හැපෙන ලෙස. ඒ ශබ්දය ඇති අපිට ඇහැරෙන්න. 

  • භික්‍ෂුවක් හෙවත්, චීවර ධාරියෙක් හෙවත් හාමුදුරු නමක්, නව යෞවන වියේ පසුවන ගෑණු ළමයින් කීප දෙනෙකුව දූෂණය කරලා, පන්සලේදී. එයින් දෙදෙනෙකුව ඒ භික්‍ෂු/හාමුදුරු/චීවරධාරියාගේ බලපුළුවන්කාර කමින් ගබ්සා කරලා. ඊයේ පෙරේදා ඒ පැත්තේ තවත් ගෑණු ළමයකුගේ මව, එම දැරිවියගේ අසනීප තත්වයක් නිසා, බෙහෙත් ගන්න පළාතේ රජයේ රෝහලට ගියාම, වෛද්‍යවරයා විසින් කියා තිබෙනවා, එම දැරිවිය මාස තුනක පමණ ගැබිනියක් බව. අර පුඟුලා, උගේ දේශපාලන බලපුළුවන්කාර කම් පෙන්නා, පොලීසියෙන් ගැලවී යන්නට හදද්දී, ගමේ මිනිස්සු ඌව අල්ලා, හොම්බට දෙකක් ඇණ, නැවත පොලීසියට බාරදීලා. තාත්තලා දුවලව දූෂණය කරන මේ කාලේ, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඕනෙම තැනක තියන ටියුෂන් පන්ති, අර ක්ලාස්, මේ ක්ලාස්, ගානේ තම දරුවන් දක්කන, නමුත් ඔවුන් කරන්නේ මොනවාද, ඒ තැන්වල සිද්ධ වෙන්නේ මොනවාද කියා නොසොයන නොබලන, අමනකමේ ප්‍රතිඵලයක් ලෙස, මෙවැනි සිදුවීම් වෙන එක පුදුමයක්ද? මේ අබබ්බ අම්මලා තාත්තලම නේද, 'යෙල්ලුන් ගෂ ජියව් ජියව්' කියමින් පාරට බැස බෑඟිරි ගාන්නේ? මම අළුගෝසු වැඩේ කරනවා කියලා, පපුවට ගහගන්නේ? අම්මපා මුන්දලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි. 
මෙන්න තවත් මා විසින් කළ නිරීක්‍ෂණ:- 

   පොලීසියෙන් ආරක්‍ෂක කමිටු මගින් ගෙවල් ගානේ ගිහින් දැනුවත් කරනවා, රෑට ගෙයින් පිටත ලයිට් එකක් දාලා තියන්න. (දුප්පත් මිනිස්සු පහන් පැලක් වත් හදලා පත්තු කරපල්ලකෝ) නිදාගන්න කලින් ගෙදර අහුමුළු පරීක්ෂා කරන්න. ගේට්ටුවක් ඇත්නම් එය හොඳින් වසන්න, නින්දට පෙර ගෙදර දොරජනෙල් හොඳින් වසා ඇද්දැයි සැක හැරගන්න. අසල්වැසියන් සමග සුහදව ඉන්න. ඔවුන්ගේ දුරකථන අංක දැනගෙන ඉන්න. ගමේ වැඩිහිටි පිරිමි අය ඉඳහිට රෑට ගමේ මුර සංචාරයක යෙදෙන්න. ගමට එන නාඳුනන පුද්ගලයන්ගෙන් අහන්න ඔවුන් කවුද කියා. සැක නම් පොලීසියට දන්වන්න. තව කොච්චර උපදෙස් දෙනවද? කරනවද එකක්වත්? මං අහන්නේ කරනවද එකක්වත්? කරන්නේ නෑ. ඇයි? වැඩ වැඩියි කියන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා. ගමේ සාමූහිකත්වයක් නැති නිසා. මගේ ගෙදර විතරක් රැකුනොත් ඇති කියන, අමන මරිමෝඩ සිතුවිල්ල නිසා. හැමදාම රෑට පොලීසිය ඇවිත් ගමේ ලගින්න ඕනේ. බළල් පැටියෙක්වත් නැතිවෙන්න බැරි විදිහට, පොලීසිය ගම රකින්න ඕනේ. අනේ අනේ නන්නානේ. පොලීසියට වෙන වැඩ නැහැනේ.

   පොලීසිය කියනවා නාඳුනන පුද්ගලයන්, ගමට එන විවිධාකාරයේ වෙළෙන්දන්, වෙළඳ නියෝජිතයන් වැනි අය, ගොඩනැගිලි ඉදිකරන්නන්, කුලී වැඩ සොයන්නන් මෙන් පෙනී සිටින අය සහ ඇත්තටම එවැනි වැඩ සඳහා යොදාගන්නන් ගැන, කල්පනාකාරීව සිටින ලෙස. ලංකාවේ ගෙවල් බිඳුම් බොහොමයකට සම්බන්ධ වෙලා තියෙන්නේ, එම ගෙදර හදන්න ආව බාස් කෙනෙක් හෝ අත්වැඩ කරුවෙක්. මොකද, ඔවුන් ගෙදර සැලැස්ම වගේම, ගෙදර අයගේ චර්යා රටාව දන්නවා. (වැඩට යන එන වෙලාව, ගෙදර කවුරුවත් නැති වෙලාව වැනි) ඔබේ ගෙදර ප්‍රධාන දොරේ සහ කුස්සියේ දොරේ අගුල, ගෙදර වැඩ ඉවර කරලා බාස්ලා ගියාට පස්සේ, ඔබටම වෙනස් කරගන්න පුළුවන්, එහි තියන සිලින්ඩරය නමැති කොටස මාරු කිරීමෙන්. බාස්ලා යතුරු පිටපතක් අරන් ගිහින් තිබුණත්, වැඩක් වෙන්නේ නැහැ එතකොට. මේ තියෙන්නේ සිලින්ඩරය සහ යතුරු. රු 600 සිට ඉහළට තියනවා.


1-star-lock-cylinder


  පාර දෙපැත්තේ මූණට මූණ තියන ගෙවල් දෙකේ නෝනලා දෙන්නම, මාළු කාරයාගෙන් මාළු ගන්න/ පාන් කාරයාගෙන් පාන් ගන්න/එළවලු කාරයාගෙන්/තව තව කාරයන්ගෙන් තව තව එව්වා ගන්න, ගෙදර ගේට්ටුව ලඟට එනවා. ඔන්න ඉතිං දෙන්න කතාකරන්නේ, අරයට මෙයාව ඇහෙන තරම් හඬින් නේ. අර 'කාරයා'ට ඔක්කොම ඇහෙනවා. මොනවද කතා කරන්නේ. 'මේ දවස්වල මහත්තයා රාජකාරි වැඩකට ඈත පළාතකට ගිහිල්ලා මම විතරයි ඉන්නේ'. 'අපේ දුව මේ දවස්වල රෑට පාඩම් කරනවා. මටනම් ඇහැරලා ඉන්න බැහැ. මම උඩ තට්ටුවට වෙලා නිදාගන්නවා'. 'අපේ චූටි දුව රෑට හිටපු ගමන් අම්මා ලඟට යනවා ආයේ එනවා'. 'අර බැංකුවේ තියපු බඩුටික ඔන්න අවුරුද්දකට පස්සේ ඊයේ තමයි බේරාගෙන ආවේ'. අනේ අනේ නන්නානේ. තව ඉතිං කියන්නේ නැත්තේ, රෑට ඇඳගෙන ඉන්නේ මොනවද කියල විතරයි. ඉවරයි නේද වැඩේ? අර 'කාරයා' හොර කල්ලියක සාමාජිකයෙක් නම්, ඌ ගිහින් ඔක්කොම විස්තරේ දෙනවා තිතට. ඔව්වට තමා කියන්නේ විහින් නහිනවා කියලා. ඔබේ ගෙදර පොල් ලෙලි ගහන උලක් තියනවද? අවශ්‍ය වෙලාවට පොළොවේ ඇනලා, පොල් ලෙලි ගහගෙන, ආපහු ගෙට ගන්නවද? එහෙම නැත්නම්, ස්ථිරව පොළොවේ ඇනලා ද තියෙන්නේ? පොල් උල ගලවා ගත්තම, දොරවල් ගලවන්න හරිම ලේසියි. පොල් උල ස්ථිරව සවි කරනවා නම්, කොන්ක්‍රීට් දමා සවිකරන්න ගලවන්න බැරි වෙන්න. යකඩ ඉනි, පොරොව, මන්නය, ලොකු පිහියා, රෑට ගෙයින් පිටත තබන්න එපා. ගෙදර වසා යනවිට, ඉතා හොඳින් හොයාබලා, එවැනි සියලු දේ ගෙට දමා යන්න. රෑට මහ හඬින් ගෙදර රේඩියෝවේ පිරිත් දැමීම, හිතට සහනයක් වුනත්, ගෙදර ඉන්න එකෙකුගේ බෙල්ල මිරිකුවත් ඇහෙන්නේ නැහැ.


   මේ ලිව්වේ ටිකයි. තව ගොඩක් ලියන්න පුළුවන්. මේ ඔස්සේ හිතන්න. ඔබේ ගෙදරට අදාළ ආරක්‍ෂක සැලැස්මක් ඔබම හදන්න. එය වෙන කාටවත් කියන්න එපා.

2015 ඔක්තෝබර් මස 20 වැනි දින 2324 පැය

105 comments :

  1. Ammatasiri. Ammalata meka print out ekak aran yawanta oni Mr.Wichaaraka. Hondama lipiya me sathiye. Jaya wewa.. Mama ekada manda :)

    ReplyDelete
    Replies
    1. ඔව් ටික්කා, මෙවැනි තොරතුරු අපි කවුරු කවුරුත් ඔලුවේ තබාගැනීම අද කාලයේ හැටියට බොහොම වටිනවා.

      Delete
  2. ආරක්ෂක අංශයක හිටපු කෙනෙක් විදිහට මේ වගේ දැනුවත් කිරීම් කරන එක ලොකු පිනක් විචාරකතුමා. ඇත්තටම පින් කියන්නෙ මොනවද කියන ආකල්පය වෙනස් කරන්න කාලෙ හරි. ඒ කර්තව්‍යයේදි විචාරකතුමා පුරෝගාමියෙක් බව පහුගිය ලිපියෙනුත් පෙනුනා. ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මධු දැනුම බෙදාදීම පිනක් කියලයි.

      බොහොම ස්තුතියි.

      Delete
  3. මේ දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා..
    අපි අපේ ආරක්ෂාව ගැන කොහොමටවත් නොහිතන කරුනු ගැන ඔබ පැහැදිලි කරලා තිබෙනවා...
    ඒ වගේම මට තව දෙයක් හිතුනා.සමහර නිවෙස්වල ශිෂ්‍යත්වය ලියන වයස්වල පසුවන දරුවන්ට කවුරු හරි ගුරුවරයෙක් නිවසටම ගෙන්වලා උගන්වනවා.මගේ මිතුරෙක් ගණිතය උගන්වන්න ඒහෙම යනවා.ඔහු මගෙත් එක්ක කීවා සමහර වෙලාවට ගෙදර අනිත් අය ඔහු පමනක් නිවසේ ඉන්න අතරේ නිවසින් පිටට ගිහින් පැයකින් දෙකකින් වගේ ආයෙත් එන්නේ කියලා.ලොකු විනාශයක් වෙන්න ඒ කාලේ හොදටම ඇති.

    අනිත් එක තමයි දරුවෝ ත්‍රීවිල් වල පාසල්,මොන්ටිසෝරි යවන එක,දැන් ගම්වල මේක සාමාන්‍ය දෙයක් වෙලා...

    ReplyDelete
    Replies
    1. කොමන්ටුව දාලා ඉවරවෙනකොටම නෙත් නිවුස් අහන්න ලැබුනේ මේ මේ කොමන්ටුවට සම්බන්ධ දෙයක්මයි.....කැකුළු මල් 08ක් තැලූ ටියුෂන් ගුරා
      http://offair.nethfm.com/article/27809

      Delete
    2. ඇගයීම ගැන ස්තුතියි මනෝ.

      තම පෞද්ගලික ආරක්ෂාව යන්න, පුද්ගලයකු සතු මානව හිමිකමක්. වෙන කෙනෙකු මත තම පෞද්ගලික ආරක්ෂාව රඳවන්න අමාරුයි. අපි කරන මෝඩ වැඩ ලැයිස්තුවක් මෙතන ලියන්න ගියානම් ලිපිය දිග්ගහෙන නිසා ලිව්වේ නැහැ. ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන වෙනමම ලියන්න ඕනේ.

      Delete
  4. /* මේ අබබ්බ අම්මලා තාත්තලම නේද, 'යෙල්ලුන් ගෂ ජියව් ජියව්' කියමින් පාරට බැස බෑඟිරි ගාන්නේ? */

    විචාරක ගේ කන ඇසීමේ දෝශයක් ඇති බව පෙනේ!

    ReplyDelete
    Replies
    1. Dry Joke එකක් නිසා හිනාගියේ නැත.

      Delete
    2. වෙට් ජෝක්ස් නොදනිමි!

      Delete
    3. මෙන්න වෙට් ජෝක් එකක්.

      'හෙහ් හෙහ්, විචාරකට බැරිද ඔය පදයේ තාලෙට නටලා පෙන්නන්න'

      Delete
    4. http://english.stackexchange.com/questions/75838/why-can-humour-be-dry-but-not-wet

      Delete
  5. අර ජේආර් පප්පාත් කීවේ ඔය කතාවම නේ කාලෙකට කලින්.

    තමන් ගේ ආරක්‍ෂා තමන් ම සලසා ගන්න!

    ReplyDelete
    Replies
    1. පප්පා සමහ මම කිසිදු දේශපාලන බැඳීමකින් තොරව 100%ක් එකඟයි. පප්පාට කලින් බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ අත්ථා හි අත්ත නො නාථෝ කියලා. අපේ මිනිස්සු, තමන් කරන ඔක්කොම අමන මරි මෝඩ වැඩ කරලා, අන්තිමට පොලීසියට දෙස් දෙවොල් තියනවා අපිව බලාගත්තේ නැහැ කියලා.

      Delete
    2. නමුත් සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම පොලිසියේ වගකීමක්. හර්තාලාකරුවන්ට පහර දෙන්නේත් ඒ අරමුණ නිසා නේ!

      Delete
    3. මං කිව්වා හරියටම හරි!

      මෙන්න ඔවුනගේ මිෂන් සහ විෂන් ස්ටේට්මන්ට්ස්.

      Our Vision
      Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence.

      Our Mission
      Sri Lanka Police is committed and confident to uphold and enforce the law of the land, to preserve the public order, prevent crime and Terrorism with prejudice to none – equity to all.
      http://www.police.lk/index.php/vision-a-mission

      Delete
    4. මේවා මගේ මාතෘකාව සමග ගැලපෙන්නේ නැහැනේ කොහොමවත්. මම කියන්නේ හර්තාල් ගැන නෙවෙයිනේ. අමන මරි මෝඩ මිනිස්සු බලාපොරොත්තු වෙනවා තමන්ගේ ගමේ ආරක්ෂාව, තම නිවසේ/පවුලේ ආරක්ෂාව ගැන කිසිදු පෞද්ගලික/සාමූහික පියවරක් ගන්නේ නැතුව, ඒ සියල්ල පොලීසියේ වගකීමක් ලෙස සලකන්න. එය අමන කමක්. මරි මෝඩකමක්.

      Delete
    5. රසික,
      සාමාකාමීබව ආරක්ෂා කිරීම රජයට අයිතියි වගේම කිසිදු රජයකට ඒක පූර්ණ තත්වයකට පත්කරන්න බෑනෙ..
      ඒ නිසා අපිටත් පෞද්ගලිකව වගකීම් තියනව.

      Delete
  6. වැදගත් ලිපියක්........ බොහොමත් ම ස්තූතියි........... අපි නොහිතන පැති ගොඩක් තියෙනවා නෙහ් අපිට තර්ජනයක් වෙන්න පුලුවන්..............

    ReplyDelete
    Replies
    1. මේකයි වෙලා තියෙන්නේ. අවම වශයෙන් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න බැරි තරමට අද බොහොමයක් මිනිස්සු එක්කෝ නූගත්, නැත්නම් සල්ලි හම්බකිරීම පස්සෙම දුවනවා දවස පුරා.

      Delete
  7. //බාස්ලා යතුරු පිටපතක් අරන් ගිහින් //

    මෙහෙම කරගන ගිහින් පස්සේ ඇවිත් ගෙදරට ගේම දුන්න ඒවා වාර්තාවෙලා තියනවද

    ReplyDelete
    Replies
    1. එමෙහ දෙයක් වාර්තා වෙලා නැති උනත් ඉදිරියෙදි වාර්තා වෙන්න පුලුවන්. ඔය කොළඹ පැත්තේ බාස් වැඩට යන ගොඩ දෙනෙක් පිට පළාත් වලින් යන අය. කාලෙන් කාලෙට හොරු උනත් අප්ග්‍රේඩ් වෙනවයි කියන එක අමතක කරන්න එපා.

      Delete
    2. @ අටම්

      අප්පේ ඔව්. මම මේ පැත්තේ ආරක්‍ෂක කමිටුවේ සාමාජිකයෙක්. මාසෙකට වරක් රැස්වන එම කමිටු රැස්වීම් වලදී බොහෝ අවස්ථා වල මේ ආකාරයට ගෙවල් වලට ඇතුළුවීම් වාර්තා වෙලා තියනවා. ගෙදර අය පුදුම වෙනවා, කොහොමද දොර ඇරියේ කියලා. බාස්ලා ගැන දිගටම ප්‍රශ්න කලාම එළියට එනවා, සමහර අවස්ථා වලදී, බාස්ලා විතරක් ගෙදර තබා තමන් ගෙදරින් පිටවී ගිය අවස්ථා තිබුණු බව. ලොකු බාස්ලා නෙවෙයි හොරු බොහෝවිට තැනින් තැන යන අත්වැඩ කාරයෝ. අන්න උන්ගෙන් තමයි ප්‍රවේසම් වෙන්න ඕනේ.

      @ප්‍රසන්න

      ඔව් ප්‍රසන්න. හොරකම් කිරීම සඳහාම, බාස්ලා සහ/හෝ අත්වැඩ කරුවන් ලෙස ක්‍රියාකරන අයත් ඉන්නවා.

      Delete
    3. @අතිගරු පත්තරතුමා, මොනවහරි කියන්නහෙම හිතුනද ඉහත ඇති කමෙන්ට් කියෙව්වට පස්සෙ?
      (මටනම් හිතුන , පස්සෙ බය හිතුන)

      Delete
    4. හැක් ……මටත් බය හිතුන :D :D

      Delete
    5. අටමෝ, ප්‍රායි පත්තරයයි දෙන්නත් බාස්ලද?

      Delete
  8. "තමන් හිසට තම අතමය වෙන සෙවනක් නැතේ"


    පොත පත පාඩම් කරලා ඉගෙන ගනින් පුතේ
    යහගුණ මනුස්සකම් ඉතිරි කරන් හිතේ
    අපෙන් පසුව බාරගන්න නුඹට ලොවක් ඇතේ
    තමන් හිසට තම අතමය වෙන සෙවනක් නැතේ

    ගුරු දෙගුරුන් අත දෙන්නට හැමදා ළඟ නැතේ
    වග වළසුන් වැනි මිනිසුන් මඟ තොට ගැවසෙතේ
    හිත මිතුරන් සතුටෙදි ඇති විපතෙදී හැරයතේ
    හිස මුදුනින් මේ ඔවදන් හිතට ගනින් පුතේ

    පොළොවට බරක් නැතී ලෝකෙට වැඩක් ඇතී
    නොනැමෙන හිසක් ඇතී උණුවන හදක් ඇතී
    මඳ සුළඟට නැමී මාරුතයට නොම සැළී
    මලක සුවඳ දිදී පුතුණේ ඉගෙනුම වටී

    ගී පද - සෝමතිලක දිසානායක
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. නියමයි සින්දුවෝ, නියමයි. බොහොම ස්තුතියි. අනේ අපේ මිනිස්සු මෙව්වා එක කණකින් අහලා අනික් කනින් පිටකරනවා. කවුරුහරි ගායක පිම්පියෙක්, අනුන්ගේ ගීත කොපි කරලා කියන අච්චාරු කෑලි, මොන්ටිසෝරි ළමයින්ටත් මතකයි.

      Delete
  9. විචා මේ දේවල් ගැන දැනුවත් කරනවට ස්තුතියි.
    ඇත්තටම මෙතන ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි ගෙදර බල්ලෙක් හදන එක හෝ අයාලේ යන බල්ලෙකුට කෑම ටිකක් දීල ගෙදරට පුරුදු කරගන්න එක.

    පොල් උලක් බිම ඇන තැබීම දොරේ ආරක්ෂාවට කෙසේ වෙතත් තමංගෙ ආරක්ෂාවටත් තර්ජනයක්. හදිස්සියෙ ලිස්සල ගිහිල්ල හරි ඕක උඩට වැටුනොත් සෙත්තපෝච්චි තමයි.

    ReplyDelete
    Replies
    1. //අයාලේ යන බල්ලෙකුට කෑම ටිකක් දීල ගෙදරට පුරුදු කරගන්න එක.// ඇයි ඉතිං පත්තරයව ගාව ගන්නේ ඕකට

      Delete
    2. බල්ලට කෑම දාන්න පත්තරයක් ඕන කියල මම කියල නෑනෙ බං.

      Delete
    3. එල ද බ්‍රා මෙන්ඩාOctober 1, 2015 at 2:59 PM

      උඔ දන්නවද කසුනා..එක දවසක් රතුපාට දඩි කාර් එකක් ඇවිත් නැවැත්තුවා අපේ ගෙදර ඉස්සරහා ඒකෙන් බැහැලා ආවා ඉරිච්ච ඩෙනිමක් ඇදලා රබර් සෙරෙප්පු දෙකක් දාලා පනාවක් දැකලාවත් නැති කොන්ඩේ උරහිස්සට වවපු පොරක්..ඇවිත් ගෑනිටයි මටයි කියනවා “මචං මෙන්ඩා මම පත්තරයා“ කියලා.
      “මට බඩ ගිනි ගනිං යකෝ අක්කා උයපු කිරි කොස් එකයි කරවල බැදපු එකයි..“
      වැරදි නේද කසුනා ඉතාලි ගිය පොරක් අතේ බත් පිගාන තියාගෙන කකුලකුත් නමාගෙන බත් ටික ඔක්කොම කලා පිගාන හෝදලා ටැප් එකට කට තියලා වතුර බොනකොට...

      අටම්පහුරOctober 1, 2015 at 4:01 PM

      උඹට හොදයි ඔය , එක දවසක් මට කන්ඩ තිබ්බ බත් එක මේකා බෙදාගන කෑවා ,
      පස්සේ මං දංකුඩ ටිකවත් කන්ඩ කියල ගියා කෝ , එක කරවල කෑල්ලක් ඉතුරු කරල නැ බං .

      Delete
    4. "මගේ කුස ම නොව අනිකෙකුගේ කුස
      බත් පතකින් පුරවා පිනනා...
      බණේ පැවත එන වදන් කියවු ලොව
      පරම්පරාවට මතු නැඟෙනා..."

      Delete
    5. චැහ්.. මයෙ ළමයෙක්වත් රෙද්දක් ඇඳල පාරෙ ගිහිං අහවරයි :D

      Delete
    6. @ ප්‍රසන්න

      ඇගයීම ගැන ස්තුතියි ප්‍රසන්න. අයාලේ යන බල්ලෙක් ගෙදරටම ගන්න අවශ්‍ය නැහැ. මම කිව්ව විදිහට එක තැනකට හුරුකලාම හරි. නොදන්නා අය පොල් උල පරිහරණය කිරීම හරිම භයානකයි. මම පොල් ලෙලි ගහන්න හුරුවුනේ 7 - 8 පන්තිවල ඉන්න කාලේ. මට මතකයි, අපි පාසල් යන කාලේ, පත්තරවල ගිය ලොකු ප්‍රවෘත්තියක්. ගෙදරක ගෘහ සේවිකාවක්, පොල් ලෙලි ගහන්න ගිහින්, අත ලිස්සලා, පොල් උල බෙල්ල පසාරු කරගෙන ගිහින්, එතනම මැරිලා.

      @ ඉවාන්

      හිටපිය මම පත්තරයට දෙනවා කොමාන්ඩෝ ට්‍රේනිං එකක්.

      @ ප්‍රසන්න

      හෙහ් හෙහ්, ඔව් කැන්ද කොලයක් කඩලා ඒකට දාමු.

      @ ප්‍රසන්න, අටම්

      මොකද්ද යකෝ උඹලට පත්තරයත් එක්ක තියන ගේම් එක? මම ඔය අහිංසකයට දෙනවා පිස්තෝලයක් ඈ. උඹලට පොළොවේ ගුල් හාරගන්න වෙනවා පත්තරයා එන දවසට. ඔන්න පහලින් සිඳුවා කියලා තියන එක බලපල්ලා.

      @ පත්තරේ

      උඹට අවිආයුධ මොනවද ඕනේ?

      Delete
    7. උඔ දන්නවද ප්‍රසා...
      මම මු බලන්න ඡෙන්ටා ඇදලා ගියා..ඒ වුනාට මු ටවුමේ ඇවිදින්නෙ සෙරෙප්පු දෙකක්වත් නැතුව..අපි රට ගිහින් ආවනම් ගෙදර ඉන්නෙත් ඩෙක්ෂුස් දලා කැප් දාලා...අැත්ත තමයි පඩ ෂෝ එකක් දාලා ඉන්නෙ නැතිවුනාම ළමයෙක්වත් රෙද්දක් ඇඳල පාරෙ බැහැලා යන්නෙ කොහමද?

      Delete
  10. ඔබ හිටපු ආරක්ෂක නිලධාරියෙක් විදිහට මේ කරන දේ ප්‍රසන්සනීයයි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන බොහොම ස්තුතියි කසුන්. තවත් අයට කියලා දෙන්න, ඔබට හැකියාවක් ඇත්නම්.

      Delete
  11. ඔව් විචාරක. සමහර ගෙවල්වල ජනෙල් පියන ග්‍රිල් එක නොගහා සීලිං ගහන උන් ඉන්නවා.

    තව එකක්. යුරෝපීය රටවල්වලට දරුවෝ ඉගෙන ගන්න තනියෙම යවන දෙමව්පියෝ ලංකාවෙදි ගේ ළඟ කඩේට ළමයව තනියෙන් යවන්න අකමැතියි. අපේ හැදියාව අන්න ඒවගේ. කොච්චර කොටට ඇඳන් ගියත් කිසිකෙනෙක් නොබලන රටක ඉඳලා ලංකාවට ආව ශිෂ්‍යාවක් ජීන්ස් ටීෂර්ට් ඇඳලා පාරෙ ගියත් ත්‍රීවීලර් කාරයෝ කාර් කාරයෝ ස්ලෝ කරලා කතාකරනවා නැතිනම් කුණුහරප කියනවා.

    හුඟක් දෙමව්පියෝ එහම ළමයින්ට කියන්නේ, “මේ එහෙ නෙවෙයි. මේ ලංකාව බව මතක තියාගන්න,” කියලයි.

    කොහොමද අපිටම අපේ රට ගැන තියෙන විශ්වාසය!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ හෙන්රි, පැස්බරා හැඟුනා වගේ පස එළියේ දාගෙන තමයි සමහරු වැඩ කරන්නේ.

      හරිම ලැජ්ජයි නේද යුරෝපීයයන්ටත් කලින් ශිෂ්ටාචාරයක් තිබුණු අපි සහ අද ඉන්න අපි අතර ගැන වෙනස පෙනෙනකොට?

      මේ වනචර සංස්කෘතිය හදන්න පුළුවන් ගහලා බැනලා නෙවෙයි. දැනුවත් කිරීම තුළින්. හැබැයි ඒ අතර නීතිය නිවැරදිව ක්‍රියාත්මක වියයුතුයි.

      Delete
    2. ලැජ්ජා හිතෙන්නේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ස්ලා කරන කියන දේට නෙමෙයි ඩූඩ් හා විචාරක. වෙස්ටර්න් රටවලවුනත් නරක පැත්තක ඇවිද්දොත් විස්ල් එකක්වත් අහගන්න පුලුවන් නේ? :-D
      ලැජ්ජා හිතෙන්නේ උගත් වැදගත් (විශේෂයෙන් සමහර ගෑනු) වැරැද්ද ඇඳුම පිට දාන්න හදන එක.

      දූෂණය කරන එකත් සාධාරණීකරනය කරන්න හදනවා ගෑණු අඳින එක හැඟීම් උපදවනව නිසා වෙනව කියල. කැත නාකි ගෙදරට නාකි වුන ගෑණු නම් කොහොමත් ලස්සනට සෙක්සි විදිහට අඳින තරුණියන් එක්ක ඊරිසියා නිසා එහෙම කියනවා. ඒත් උගත් කියන කාලකන්නිත් ලිංගික හිංසනයේ වැරැද්ද ගෑනියෙක්ගේ ඇඳුම පිට දාන එක පිලිකුල් හිතෙන දෙයක්.

      මේ සිංහල බෞද්ද සංස්කුරුතියක් නිසා ලස්සනට (ලස්සන එවුන් හරිද? :-D ) ඇඟ පේන්නඅඳින එක වැරදිලු, කවුරු කොහොම ඇන්දත් ඒ ලස්සන ඇහෙන් විඳගෙන හිරිහැර අපරාධ නොකර ඉන්න එක ඔය සංස්කෘතියෙ නැතිවුනාට අපිට වඩා පස්සෙ ආවයි කියන බටහිර රටවලනම් තියනවා

      Delete
    3. බොහොම ස්තුතියි ප්‍රා මේ අවංක අදහස් දැක්වීම ගැන. මම අදටත් මගේ බිරිඳ සමග ගමනක් යද්දී ලස්සන ගෑණු කෙනෙක් ගෑණු ළමයෙක් දැක්කම ලස්සනයි නේ කියා ඇයටත් පෙන්වනවා. අපි දෙදෙනාම එය එතනින් අමතක කරනවා. සෑම සමාජයකම ඉන්න Old Maids ලා සමහර වෙලාවට හරිම කරදරයක් එයාලාගේ සදාචාර මිනුම් දඬු වලින් සමාජයේ ඉන්න අනික් ඔක්කොම ගෑණු මනින්නට යනවා.

      ගැහැණියකගේ ලස්සන ඇහෙන් දැකලා රස විඳලා එතනින් අමතක නොකර හිතෙන් ඒ ගැහැණිය සමග නිදියන්න හදන, එහෙම නැත්නම් ඇත්තටම අය දූෂණය කරන්න හදන මානසික රෝගීන්ව අධ්‍යාපනය තුලින් පුනරුත්ථාපනය කලයුතුයි.

      අර සඟිස්කුරුත ප්‍රශ්නේ සිංහල බෞද්ධ විතරක් නෙවේ. සිංහල කතෝලික සමාජයේත් තියනවා.

      Delete
  12. අපේ අයගේ අාරක්ෂක සැලසුම් පට්ට... දොර වහලා මහත්තයාට ගන්න යතුර ළගම තියන මල්පෝච්චියේ හරි පාපිස්ස යටින් හරි දොර උඩින් හරි තියනවා..... ගෙවල් 10 කට ගියොත් ගේමක් ම නැතුව 5 ක් අැරගන්න අැහැකි.... හා බොරුද???

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වෙන්ටැ කියන්නෙ.

      Delete
    2. ඔව් කුරුටු, ඕකටනේ අපේ පැරැන්නෝ කිව්වේ වක්කඩේ හකුරු හංගනවා කියලා. මෙන්න දොර යතුර ගැන තවත් කරුණු ටිකක්.

      දැන් එන දොර ලොක් බොහොමයකට යතුරු තුනක් ලැබෙනවා. අඹුසැමි දෙදෙනා රැකියාව කරන්නේ දෙපොලක නම්, දෙදෙනා ගෙදරින් යන්නේ/එන්නේ වෙලාවල් දෙකකට නම්, යතුරු දෙකක් ඒ දෙදෙනා අතර තබාගන්න. නොසැලකිල්ලෙන් යතුර නැති නොකරගනියි යන විශ්වාසය තැබිය හැකිනම් පමණක්, ඊට සුදුසු වයසක පසුවන දරුවන්, පාසල් ගොස් දෙමව්පියන්ට පෙර ගෙදර එනවානම්, තුන්වැනි යතුර දෙන්න. නමුත් ඊට වඩා හොඳයි, තුන්වැනි යතුර නිවස තුළම ඉතා ආරක්ෂාකාරී ස්ථානයක තැබීම.

      පාරේදී, කාර්යාලයේදී, තමන් අතේ තියන යතුර එළියට ගන්න එපා. කාටවත්, මම නැවතත් කියනවා කාටවත්ම කියන්න එපා, ඒ තම ගෙදර ප්‍රධාන දොරේ යතුර බව. ගෙදර දොර ලඟට එනතුරු, එය තම සාක්කුවෙන්/බෑගයෙන් එළියට ගන්න එපා.

      යතුර ජලාශයකට වැටීම, ඉතා ඈත ප්‍රදේශයකදී නැතිවීම, වැනි, ලැබුණ කෙනෙකුට එය කාට අයත් දැයි සලකුණක් ඉතිරිවී නැත්නම් පමණක්, යතුරේ පිටපතක් සාදාගන්න. නමුත් එය හදන්න දීලා එතනින් යන්න එපා. ගෙවල් බිඳින හොරුන් අතේ, යතුරු පිටපත් මහා ගොඩක් තියනවා. ඔබ බලා සිටියදී යතුරු පිටපත හදවාගන්න.

      කිසිදු හේතුවක් නිසාවත්, පවුලේ අනෙක් සාමාජිකයකු අතට ලැබෙන පිණිස, තුන්වැනි පාර්ශවයක් අතේ යතුර යවන්න එපා.

      කුරුටු කියා තිබෙන ආකාරයට ඇරෙන්න් බාල ලොක්. ලක්ෂ 20 ක් 30 ක් වියදම් කරලා ගෙයක් හදලා තුට්ටු දෙකේ දොරලොක් දාන්න එපා. හොඳ ලොක් එකක් 8000 -10000 ක් විතර වෙනවා. ඉන්දියන්, චීන ලොක් දාන්න එපා. යුරෝපීය එකක් හොයන්න. ලස්සන වගේම යතුරේ ස්වභාවය ගැනත් බලන්න.

      Delete
  13. ඉතාම වටිනා, කාලීන ලිපියක් විචාරකතුමා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන්. තවත් අයට මේවා කියල දෙන්න.

      Delete
  14. //ඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා// බෙටි අදින්නෙ විචාරක මහත්තයා වෙන්න ඇති. :D
    // තල්ලු කිරීම, හැප්පීම, වැනි ක්‍රියා නිසා, මහා හඬක් නගා පෙරලෙන විදිහට, ටකරන් තහඩු, බෙලෙක් ටින්, බාල්දි, ආදිය, සොරුන් ඇතුළුවේයැයි සැක හිතන තැන්වල තියන්න. // පපඩම්?

    මමත් ගෙදර ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඉන්නෙ. අවුරුදු කීපයක් කුලියට දීලා තිබ්බ හින්දා ඒ මිනිස්සු දන්නවා ඇති ගෙට ඇතුළුවෙන්න පුළුවන් ක්‍රම අපිට වඩා. මම ප්‍රධාන දොරවල්වල යතුරු තහඩු නම් දැනට මාරු කළා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හරී, සේවයක් ලබාගන්න එයට ගෙවීමක් කරන්න වෙනවා. බල්ලන්ව ගෙට ගන්න අවශ්‍ය නැහැ. පාරේම රඳවන්න පුළුවන් ගේට්ටුව වසා ඉන් පිටත කෑම තැබීමෙන්. බලුබෙටි ඉවත්කිරේම ලෝකයේ දියුණු රටවල නම් ගෙදර අය විසින් නිතර කෙරෙනවා තම බල්ලා පාරේ අවිද්දවන්න ගියාම.

      පපඩම්? මං කිව්වා කියලා හිතාගනින් :e

      බොහොම හොඳයි. මට කියන්න අමතක වුන දෙයක්, කුලියට දුන් නිවසක් ආපසු ලබාගත්තාට පසු ලොක් එකේ සිලින්ඩරය මාරු කරන්න කියන එක.

      Delete
    2. පපඩම් ?
      පපඩම් තිබ්බොත් බොට හොරු කොහොම වෙතත් කැරපොත්තොයි, කූඹියි නොමිලේම ගෙදරට ගෙන්නගන්න පුලුවං වෙයි.

      Delete
  15. විචාරක. මේ ලිපියට වෙනම ස්තුතියි කියන්න හිතුනා ආයෙම ඇවිත්. මේකට ඔය යටින් කමෙන්ට් දාන උන්ගෙ අදහසුත් එකතු කරලා සංශෝධනය කලත් වටිනවා. උදාහරණයක් හැටියට අර යතුර මල්පෝච්චිය යට පාපිස්සයට තියන එක හෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හෙන්රි. ඔන්න මම යතුර ගැන දිග කමෙන්ට් එකක් දැම්ම උඩ කුරුටු ගෑ ගී පවුරේ කමෙන්ට් එකට පිළිතුරු හැටියට.

      Delete
  16. ආන්න සෑර්.. ඕවා ඇඟිල්ලෙං ඇනලා හරි කියන්න මේ වෙන මහන්සියට අපේ රෙෂ්පට් එක !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තරේ, කියන්න නම් පුළුවන් තව ගොඩක්. නමුත් අද සමහරු නයා කියලා දැන දැනත් රෙද්ද අස්සේ දාගන්න එකනේ වැඩේ.

      Delete
  17. අපි ජපන් කොරියන් වැනි රටවල කරන ක්‍රමයට වයස 4-5 සිට ළමයින්ට ආත්මාරක්ශක සටන් ක්‍රම පුහුණු කල යුතුයි. අඩුම තරමින් අපචාරයකට උත්සාහ කරන්නාගේ රහසඟ ප්‍රදේශයට පහර එල්ල කර පලා යෑම තමයි හොඳම අවිය. එවැනි පුහුණුවක් සහ බටහිර රටවල මෙන් කුඩා ළමයින්ගේ ඇඟට අත තියන ගෙවල් වල සිටින හෝ සමාජයේ හමුවන අය ගැන කෑගසා හෝ යමකුට කියා හෝ අවධානය යොමු කිරීමට පුරුදු කිරීමත් අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් ඉයන්. නමුත් ඔක්කොටම කලින් අම්මලා තාත්තලාගේ මොළය හෝදන්න ඕනේ. ආත්මාරක්ෂක සටන් ක්‍රම තියා, ශාරීරික ව්‍යායාම් ටිකක්වත් කරන්න, අද ළමයෙකුට වෙලාවක් තියනවද? උන්ට ලැබෙන එකම ව්‍යායාමය, බස් එකේ, ස්කූල් වැන් එකේ, ගැස්සී ගැස්සී යන එක විතරයි.

      Delete
    2. පිස්සුද.. දැං ළමයා මොනාද කරන ස්පෝට්ස් කියල ඇහුවම වැඩිපුරම දෙන උත්තරේ චෙස්, කැරම්, පිං පොං තමයි.... මේ අම්මලට මොලේ හොඳ නෑ.. අර අපෙ ගෙදරට එහා පැත්තෙ ඉන්න මොට්ට ටීචගෙ ළමයා, එයාගෙ පන්තියෙ ටීචර් එන්නෙ නැති දවසට, වාරෙ පටං ගන්න දවසට, ස්පෝට්ස් මීට් එකට, වාරෙ ඉවර වෙන දවසට වත් ඉස්කෝල යවන්නෙ නෑ.... ( උෟ යන්නෙ ආනන්දෙට..) පාඩං වැඩ කරන්නෙ නැති හින්ද ඔ‌හෙ ගෙදර හිටපුවාවෙ කියල... උෟ ‌‌කුස්සියට වෙලා ගිලල ගිලල අලි තඩියෙක් වෙලා දැං...

      Delete
    3. හරියටම හරි කෞෂි. ඇපයෙන් ගැලවෙන්න වගේ තමයි ඔය චෙස් වගේ දේවල් කරන්නේ. මොකක්හරි ක්‍රීඩාවක් කළා කියන්න. අධි පෝෂණය නිසා, ස්ථුල භාවයට, හෘද රෝග සහ දියවැඩියාවට, පාසල් දරුවන් ලක්වීම, ජාතියේම අවාසනාවක්.

      Delete
  18. මේ ලිපිය ඉතාම අගෙයි. ඔබේ දැනුවත් කිරීම් වලට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බණ්ඩා. තවත් අයට කියලා දෙන්න.

      Delete
  19. වටිනා උපදෙස් සමූහයක්

    ReplyDelete
  20. අපි උපදෙස් අහන්න හරිම ආස යි එත් කිසිම දෙයක් පිළිපදින්නේ නෑ, ඒ නිසා හොරෙක් ගෙදරට පනිනකන් කවුරුවත් ඔය උපදෙස් ගණන් ගන්නේ නැති බවනම් කියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. නමුත් ඉතිං දැනටමත් තමන්ගේ ගෙදරට හොරු පැනලා, අමිහිරි අත්දැකීම් තියන අය එක්කෙනෙක් දෙන්නෙක්වත්, මේක කියවලා හැදෙන්නේ නැතෑ.

      Delete
  21. හොඳ ලිපියක් විචාරක. ගමේ කට්ටිය එකතුවෙලා ' Neighborhood Watch ' වගේ එකක් කලා නම් හොඳයි. ඊටපස්සේ, අහුවෙන හොරුන්ගේ කකුල්, අත් කඩලා (ආයේ කවදාවත් හොරකම් කරන්ට බැරිවෙන විදියට) තමයි ආපහු යවන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. Neighborhood Watch? අනේ පොඩ්ඩි ඔයාට කියන්න, සමහර අය වැඩ ඇරිලා ඇවිත්, ෆෝන් එක ඕෆ් කරනවා. ආයේ පහුවදා උදේ තමයි ඔන් කරන්නේ. ඔන්න මිනිස්සුන්ගේ හැටි.

      දැන් ඉන්න හොරු අල්ලගන්න හරිම අමාරුයි. උන් එන්නේ අපිට හිතන්න අමාරු විදිහට, මහ දවාලේ, වදගත් විදිහට ඇඳගෙන.

      Delete
  22. වැදගත් ලිපියක්. අපේ ආරක්ෂක සැලැස්ම අපි හදාගත යුතුයි.
    යතුරු සිලින්ඩරය මාරු කරන්න පුළුවන්ද ලෙහෙසියෙන්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. ඇත්තටම අපේ ආරක්ෂාව තියෙන්නේ පළමුවෙන්ම අපේ අතේම තමා.

      මේ බලන්න සිලින්ඩරය මාරු කරන හැටි.

      [im#]https://jangun.files.wordpress.com/2015/10/301003.jpg[/im]

      Delete
    2. විචා, මම ඔය වැඩේ නිතර කරනවා මෙහෙ ලොක් වලට. ඔය දේවල් ඔක්කොම කරන්න ඕනෙ නෑ. අර ලොක් බැරල් එක හයි වෙන ඇණේ විතරක් ගලවලා ඒක එලියට ලිස්සවලා ගත්තෑකි. අලුත් එක රිංගවලා ඇණේ තද කරන්න විතරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් ගලවන්න ඕනෙ නෑ.

      Delete
    3. හෙහ් හෙහ්, රාජ්, මෙන්න දොර ලොක් විශේෂඥයෙක්.

      මෙහෙ කඩවල් වල තියන සමහර ලොක් වල අර හැන්ඩ්ල් ප්ලේට් එක නොගලවා සිලින්ඩර් එක එලියට එන්නේ නැහැ හෙන්රි.

      Delete
    4. බැරල් මාරු කිරිල්ල ගේමක් නැහැ රාජ්. අපේ ගෙදර එකත් මම මාරු කලේ. තඩි හැන්ඩ්ල් ලොක් එක ගෙනත් දොරට බැස්සුවෙත් මම ඩෝ.. !!

      දොර ලීය පැත්තෙ ඇනේ ගැලෙව්වම, බැරල් එක ගැලවේ.
      බැරි නම් කියපං ඇවිත් හයි කරල දෙන්ඩ :පී

      Delete
    5. එහෙමද? ඔය පෝස්ට් එකේ පින්තූරේ දාලා තියෙන ජාතියෙම බැරල් ගැන මම කියන්නේ. ඒක ගැලවෙනවා හුටස් ගාලා.

      Delete
    6. මට පේන්නේ අයියලා ඔක්කොම බැරල් මාරුකරපු කට්ටිය වගේ :e

      Delete
    7. අපරාදෙ මම ලොක් එක පිටින් මාරුකෙරුවෙ

      Delete
    8. කමක් නෑ, දැන් ඉතිං ඉගෙනගත්තනේ. අර ලොක් එක අරන් තියන්න, පස්සේ ප්‍රයෝජනයක් ගන්න.

      Delete
  23. සහතික ඇත්ත. අපේ ආරක්ෂාව අපි බලාගන්න ඕනේ. අපේ ගෙදර නම් මම පෞද්ගලිකව දොර ජනෙල් වහල තමා නිදාගන්න යන්නේ. මුරසන්චාර වැඩේ කරගන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. අනික් එක කිසි කෙනෙක් ගෙට ගන්න හොඳ නෑ මොකාද මූ කියල දන්නේ නැත්තම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම අපි පිස්සූ කෙලින ගමන් පොලීසියට විතරක් වගකීම දෙන්න බැහැ. මුර සංචාරේ මහා ලොකු වැඩක් නෙවෙයි. හැමදාම ඕනෙත් නැහැ. හොඳ හිත ඇති තුන් දෙනෙක් හිටියම ඇති රෑ 12 ත් පාන්දර 3 ත් අතර වගේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. එදා තමන් ඒ ඒ නිවෙස්වල දැක්ක දුර්වලකම් පසුව ඒ අයට කියලා දෙන්න ඕනේ.

      Delete
  24. විචා.....ඔය ඔක්කොම කලත්, හොරෙක් කොහොම හරි ගෙයක් අස්සට රිංගනවා කියමුකෝ....
    මහ රෑ එහෙම කෙනෙක් ගේ අස්සේ ඉන්නවා කියල දැනුනොත් මොනවගේ ක්‍රියා මාර්ගයක් ගැනීමද සුදුසු කියලා කියල දෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අන්න පුරස්නේ ......ඇත්තටම මොකද ඈ කරන්නේ

      Delete
    2. අවම බලය යොදවනවා !!!

      Delete
    3. හොරාට ගේ අස්සෙ ඉන්න ඇරල චෙෆාකි එලියට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්න‍ෙ.

      Delete
    4. 1. හොරා ගිණි අවියකින් සන්නද්ධ නම් අපට කළහැකි එකම දේ අපේ සහ පවුලේ අයගේ ජීවිත බේරාගැනීම සඳහා යටත්වීම පමණයි.

      2. හොරා පිහියක් වැනි අවියකින් සන්නද්ධ නම් පොල්ලක්/යකඩ දම්වැලක් (බල්ලා බඳින දම්වැලත් හොඳයි) වැනි දෙයකින් හොරාට තදබල පහරක් දී මෙල්ල කරගන්න පුලුවන්නම් හොඳයි. මෙහිදී හොරා මැරුණත්, අපි අනියම් මිනීමැරුමකට අහුවෙන්නේ නැහැ. ක්‍ෂණිකව ඇතිවූ ප්‍රාණ භය නිසා, ගත් පියවරක් බව උසාවියේදී ඔප්පු කරන්න පුළුවන්.

      3. හොරා සමග සටන් කරන්න සුදුසු කෙනෙක් නැත්නම් යටත්වී ජීවිතය බේරාගැනීම වැදගත්.

      4. හොරා සැඟවී ඉන්නවා අපි දකිනවා. ඔහු වෙලාව එනතුරු හැංගිලා ඉන්නේ කියා දැනෙනවා නම් සහ ඔහු අපිව නොදැක්කානම්, ගෙයින් පිටතට ගොස්, අසල්වැසියන්ගේ සහාය ලබාගැනීම හෝ 119 ට කතාකර ආධාර ඉල්ලීම වැදගත්.

      Delete
    5. අවම බලය යෙදවලා තුවක්කුවක් අරන් ඔලුව කුඩු වෙන්න වෙඩි තියපන්

      Delete
    6. අර මිනි බාර් එක පිටිපස්සෙ බිත්තියට හෙත්තු කරලා තියෙන්නෙ දෙකක්. ඒ දෙක ඇති වැඩක් දෙන්න.

      Delete
    7. අම්මප තවම බැරිවුණා නේ ඔය මිනි බාර් (මිනී බාර්? :e ) එකට යන්න.

      Delete
  25. //ගෙදර බල්ලන් හදන්න බැරිනම්, රෑට ඉතුරුවෙන කෑම ටිකක්, පාර අයිනට හලන්න. ටික කලක් ගියාම, දඩාවතේ යන බල්ලෝ එතන ලගින්න පුරුදු වෙනවා.//

    අපෙ ගෙදර දේව පාදයක්ලු, බල්ලො හදන්න බැහැලු. ඉතිං අපි කලේත් ඔය තියරිමය තමා.

    අනික දුර ගමනක් බිමනක් යද්දි ගමටම නොකියා යන්නෝනි.
    තව එකක් අපෙ අම්මගෙ තියරිය.. ඇද යට බලන එක..

    http://samindikasrimantha.blogspot.com/2014/02/check-every-hook-corner-before-you-sleep.html

    ReplyDelete
    Replies
    1. එකනේ මමත් කිව්වේ සෑම්, ඔය ගේට්ටුව ළඟ බල්ලෝ හැදීම බොහොම හොඳ ප්‍රතිඵල දෙනවා.

      ඔව් ඕනෙවට වඩා ගමටම අඬබෙර ගහන්න ඕනේ නැහැ ගේ වහලා දින කීපෙකට ඈත යනකොට. පණ වගේ විශ්වාස කෙනෙකුට කිව්වම අති පොඩ්ඩක් බලන්න කියලා. ඒ වගේම පොලීසියටත් දන්වලා යන්න පුළුවන්. එතකොට එක සැරයක්වත් පොලීසියෙන් ඇවිත් බලනවා.

      හොදම පුරුද්දක් නින්දට පෙර ගෙවත්ත සහ ගෙදර අහුමුළු පිරික්සා බැලීම. ඒ වගේමයි හොඳ ටෝච් එකක් රෑට ළඟ තියාගන්න.

      අම්මලා කවදත් ආරක්ෂාව ගැන බලනවා සෑම්.

      Delete
    2. මොකක්ද ඔය දේව පාද කතාව? අපේ ගෙදරත් එහෙමයි කියලා අම්මා කියනවා. හැබැයි කලින් බල්ලෙක් හොඳට හිටියා. ඌ බේරුණේ කලු හින්දලු.

      Delete
    3. ළමයා..................ඔය දේවපාද කතා විශ්වාස කරන්නේ සමහර බෞද්ධයන් පමණයි. ඔබේ මව ඔව්වා විශ්වාස කරනවා කියලා, පල්ලියේ ෆාදර් දැනගත්තොත්, අහගන්නවෙයි හොඳවැන් දෙකක්.

      අපේ ගෙදර බලවන්න අපේ උන්දැ මටත් හොරෙන් ගෙනල්ලා මොකෙක්ද මිනිහෙක්ව. මිනිහා කියලා තිබුණා, අපේ ගෙදර 'උග්‍ර' වර්ගයේ ගෙයක්, ඒ නිසා සල්ලි ලැබෙන්නේ නෑ කියලා. මම ඇහුවා, ඒකා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකටත් වඩා ලොකු එකෙක්ද, එහෙනම් මගේ පැන්ෂන් පඩිය නවත්තලා පෙන්නන්න, කියලා. මම 'උග්‍ර' මිත්‍යා මත විරෝධියෙක් කියලත් කිව්වා.

      Delete
    4. ඕවා මහා පිස්සු කතා. බෞද්ධ ධර්මයේ කිසිම තැනක ඕවා විස්වාස කරන්න කියල නෑ.

      Delete
    5. දේව පාදය නම් දන්නෙ නෑ. ඒත් සමහර ගෙවල් වල බලො ඇති කරන්න බෑ කියන එක නම් අත්දැකීමෙන් දන්නවා.

      Delete
  26. විචෝ, බොහොම වටිනවා මේ උපදෙස් ටික නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. තවත් අයට කියාදෙන්න.

      Delete
  27. අපේ නම් කවදාවත් යතුරු තැන තැන හංගලාවත් අහල පහල අයට දීලාවත් යන්නෙ නෑ. දෙන්නම වෙනම යතුරු සෙට් දෙකක් පාවිච්චි කරනවා.

    අපේ මහ ගෙදර නම් සල්ලි රත්තරන් බඩු අම්මා දාන්නෙ රටේ නැති තැන්වල. මලාට හොයන්න බෑ අපිටවත්. අපි කියන්නෙ අම්මේ අඩුම ගානෙ මැරෙන්න කලින් තැන කියන්න. නැත්නම් මිනිය දාන්න වෙන්නෙ ණයවෙලා කියලා.

    විචාරක මහත්මයා කිව්වා වගේ ගොඩක් මිනිස්සු මෝඩයි. අපේ ආච්චිලාගෙ අල්මාරිය හොරු කඩලා රත්තරන් බඩු ඔක්කොම හොරු අරන් තිඋනා. ඊටපස්සෙ කරන්නෙ ගත්තු එකා හොයන්න දේවාල ගානෙ යන එක. පස්සෙ ගමට ඇහෙන්න කියනවා මීටපස්සෙ අල්මාරියෙ නොදා මල් පෝච්චියක හංගලා යනවා කියලා.

    දැන් සමහරු මෝස්තරයට වගේ කරන දෙයක් තමයි කැමරා සවි කිරිල්ල. අපේ මාමලාගේ ගෙදරත් කැමරා සවි කරාට පස්සෙ හොරු පැන්නා. ඒත් කැමරා දර්ශනවලින් මූණු අඳුරගන්න බෑලු. මෝස්තරයට සවි කරාල තත්වය බලලා නෑ.

    ReplyDelete
    Replies
    1. අග ඉඳලා මුලට උත්තර දෙන්නම්.

      කැමරා හයිකරන එක කාලෙන් කාලෙට එන මෝස්තරයක් විතරයි. ප්‍රතිඵලය 50% ටත් අඩුයි. කඩවල් වලට හොඳයි, පැය 24 ම ලයිට් දාලා තියනවනම්, කැමරාවට අහුවෙන ප්‍රදේශයට. කැමරා අක්‍රිය කරන සරළ ක්‍රම තියනවා. මෙතන කියනු නොලැබේ.

      රන්භාණ්ඩ බැංකු සේප්පුවක තැන්පත් කළහැකි බව තවමත් සමහරු දන්නේ නැහැ. (අපේ බඩු නම් තියෙන්නේ උගස් බැංකු සේප්පුවේ :e ) එය තමයි ඉතාම ආරක්‍ෂාකාරී ක්‍රමය.

      අම්මලා තමයි ඔය විකාර වැඩ කරන්නේ. ගෙදරක වුනත් කොන්ක්‍රීට් දාලා, තමන්ටම පොඩි සේප්පුවක් හයිකරගන්න පුළුවන්.

      වෙන වෙනම යතුරු පාවිච්චි කිරීම හොඳයි. නමුත් යතුරුවල ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වියයුට්ය්හුයි.

      Delete
    2. නයිට් විෂන් කැමරා වුනත් වැඩක් නැහැ කැමරා අක්‍රිය කරන වැඩ කාරයෙක් ආවම.

      Delete
  28. Replies
    1. Consultant in what? To protect your residence while you are away? Oh Dear...........!

      Delete
  29. මේ ගෙදර අල්ලපු ගෙදර අයියට නම් පෙන්නන්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. ඇයි අල්ලපු ගෙදර අයියත් ඔය අයියා වගේ බ්‍රා කොම්පනියකද වැඩ කරන්නේ?

      Delete
  30. ඕවා කොච්චර කිවුවත් අප් උන්ට දැනෙන්නෙ මොකක් හරි උනු දවට තමයි. ඇත්නම් ඉතින් හැමදාම අපෙ උන් වැඩ වරද්දා ගනීද. ඇඩිය ඕනෙ නෑ සක්විතිට අහු උනු උන්ම ආයෙ වෙන උන්ටත් අහු වෙන රටක්නෙ මේක.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෝඩකමට බෙහෙත් නැත කියන්නේ

      Delete
  31. මේක ගොඩක් වැදගත් ඒ වගේම ප්‍රායෝගිකයි. ඒ වුනාට මට මතක් වෙච්ච කතාවක් මේකෙ ලියල යනවා.

    දවසක් නස්රුදීන්ගෙ ගෙට හොරු පැනලා සුද්ධ කරලා. පහුවදා එතෙන්ට රැස් වෙච්ච හැමෝම නස්රුදින්ට බණිනවලු:

    "ඔයා හොඳ ලොක් එකක් දාලා නෑ."
    "බල්ලෙක් වත් හදන්න එපැයි බුරන්න"
    "අඳුනන් නැති අය ගෙට ගන්න එපා"
    "රෑට දොර ජනෙල් හරියට වහල් තියන්න එපැයි"
    "පොල් උල ගෙට ගන්න එපැයි" ආදී වශයෙන්

    අන්තිමේ මේවා අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන නස්රුදින් ඇහුවලු,
    "දැං මමද යකෝ වැරදි?" කියලා

    "එහෙනං අායෙ වෙන කවුද?"

    "ඇයි හොරු? උං නෙවෙයිද ලොකුම වැරදිකාරයො?"

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නස්රුදීන්ගේ කතා කියවලා හිතන්න දේවල් ගොඩක් තියනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }