හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 October 2015

බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ.......!

   බුදු අම්මෝ.........................බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, 'නැඟණියනි සිහිය එළවාගන්න' කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන එවුන් එළවාගන්න එකනේ.
බලමුකෝ මේ බෝඩ් පොජ්ජ.

1


නෑ නෑ, මං මොකූත් කියන්නෑ. ඔය ඇත්තෝම කියමු බලන්ඩ, මොනවද හිතෙන්නේ කියලා.

මේන් බලන්ඩකෝ තවත් බෝඩ්.

2

   ඇයි යකෝ, එක අතකින් මල් වට්ටියයි, අනික් අතින් පත්තු කරගත්තු සිගරට් එකයි, අරන් එන එවුන් ඉන්නවද? මමනං කවදාවත් දැකලා නෑ. ඔය ඔතන ගාඩ් එකේ ඉන්න සමහර පොලිස් රාළහාමිලා, බෝධිය ළඟම පහළ තියන මුරපොලේ රෑට ඉන්න ගමන්වත්, ෂියැට් එකක් ගහන්නේ නැද්ද? නෑ මං කියන්නේ, සිගරට් එකක් ගහගෙන මෙතෙන්ට එන එකා, අබබ්බයෙක් තමයි. නමුත් ගමේ පන්සලටවත් සිගරට් එකක් පත්තු කරගෙන ඇතුල් වෙන මිනිස්සු දැන් නැහැ නේද? 

3

   හුටා, මගේ කළු කලිසම? අම්මප කළු ඇඳුම් එපා කියන්නේ, බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන නිසාද? බුදු හාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ, පන්සලට කළු ඇඳුම් එපා කියලා? අපි මෙහෙම හිතමු, අපේ කවුරු හරි කෙනෙක්, අසාධ්‍ය තත්වයෙන්, ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. එයා මරණාසන්නයි. ඒ වගේ වෙලාවට, පිදුරු ගහෙත් එල්ලෙන එක, අහන්න දෙයක් නෙවෙයි නේ? අපි හති දාගෙන දුවනවා පන්සලට, බාරයක් වෙන්න බෝදීන්නාන්සේට. කොහෙද ඉතිං යන්න දෙන්නේ නැහැනේ. අපේ ඇඳුම් කලුපාටයි/කොට වැඩියි කියලා. බුදුහාමුදුරුවෝ පිහිටවුණේ ඇඟ වැහෙන්න ලා පාට ඇඳුම් ඇඳලා හිටිය අයට විතරද?

4

   මේකේ නම් යම් තේරුමක් තියනවා. සංවරව හැසිරෙන්න කියලා, බෝඩ් ගහලා කියලා දෙන්න වෙන්නේ, අපි අසංවර නිසා නේද? යකෝ, මේ වගේ තැනකට ගියාමවත් හිතපල්ලකො, සංවරව ඉන්න. හරි හරි, අපි දැන් කාලේ යන්නේ තනිකරම වන්දනා චාරිකා නෙවෙයි. විනෝද/වන්දනා චාරිකා. හරි එතකොට මෙහෙම කරන්න බැරිද? ගමන යන්න කලින් හදනවනේ සැළැස්මක්. අන්න ඒකෙදි, කල්තියා සැළසුම් කරගන්න පුළුවන්, අහවල් තැනදී මේ විදිහට ගියොත් හොඳයි, මේ විදිහට හැසිරුනොත් හොඳයි කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ.

   අර චීන කතාවක් තියනවා මතකද, හාමුදුරුනමක්, දිය කඩිත්තකින් එගොඩවෙන්න බැරුව හිටිය ගෑණු ළමයෙකුව, උස්සගෙන ගිහින් එගොඩින් තියපු කතාව? ඒ කතාවේදී කියන දේ තව ටිකක් දික් කරොත්, ඇඳගෙන එන ඇඳුමෙන්, මිනිස්සු මනින්න අමාරුයි. ගැහැණියකගේ ඇඳුමේ දිග පළල මනින්නේ, අපේ ඇසේ/සිතේ/ තියන යම් යම් ප්‍රමිති අනුව සහ, ඇගේ සිරුර, අප විසින්, සිතෙන් නිරුවත් කර බැලීම නමැති, තිරිසන් ආශාව නිසයි.

   පූජා භූමියකට ඇතුළුවන අවස්ථාවේ සිට, පූර්ණ අවධානය, තම වන්දනා කාර්යය වෙත පමණක් තබාගෙන, අවට ඉන්න අය දෙස නොබලා, වන්දනාවට අදාළ වන කාර්යයන්හි පමණක් නිරත වියහැකිනම්, අපි කොච්චර හොඳ මිනිස්සුද? 

2015 ඔක්තෝබර් මස 16 වැනි දින 1135 පැය 

119 comments :

  1. සහතික ඇත්ත විචා තුමා.

    මට මතකයි අවුරුදු එකොලහ දොළහ විතර කාලෙදි ඇඳුම අනුචිතයි කියලා කුඩා මාව පොලිස් මුරපොල ගාව හිර කරගෙන ඉන්න ගමන් (වන්දනා නඩයේ අය තුවායක් උරහිස වටේ දවටලා මාව ඇතුලට එක්ක යන්නද ඇහුවමත් ගෙම්බර් දාලා), කොට කලිසම් ඇඳන් ආපු විදේශිකයන්ට තුවා අන්දවලා ඔලුව නමලා ඇතුලට යවපු නිලධාරීන් පිරිසක් ගැන. තවම මතක් වෙද්දි තරහයි.

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත. සිතුල්පව්වට ලඟදි ගියා. එතන කියන හැටියට අපේ විනීත ලයින් එක තියෙන්නේ වැලමිටට ටිකක් උඩින් සහ දනිහට පොඩ්ඩක් පල්ලහායින්. කාට කියන්නද

      Delete
    2. නෙද්දකින් විතරක්. අවුරුදු 11 ක කෙල්ලෙක්ගෙ මොකද්ද යකෝ තියන අනුචිත කම. දැන් පැහැදිලිව පේනවා ඔයා අදටත් ඒ සිද්ධියෙන් පත්වූ මානසික පීඩනය හිතේ තියන බව. ඒ විදිහට ළමා මනසක් කාපු අපරාධයට වග කියන්නේ කවුද?

      Delete
    3. ඉරානේ අයතුල්ලලා බලේට ආවාම, ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලා බලේට ආවාම මේ වගේ නීති දාලා ඒවා චෙක් කරලා දඬුවම් දෙන්න වෙනම පොලිසියක් දාලා තියෙනවා.

      Delete
  2. දැං ඔය බෝඩ් ගහල තියෙන පංසලට ඔය අවවාද ‍ටික දෙන්න බෝඩ් එකක් ගහගන්න තරංවත් වත්කමක් නැද්ද මං අහන්නෙ.
    නැත්තං මේ අවවාද දෙන්න ඕන වෙලා තියෙන්නෙ බැංකුවටයි, බිස්කට් කොම්පැනියටයි ද?

    ReplyDelete
    Replies
    1. පන්සල් යන උන්ගේ රෙද්දෙනුත් මාකටිං. නොදකිං!

      Delete
    2. ඒ පන්සලට වී අමුණු 60 ක් තියනවා අඳේට දීලා. ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන්ටත් කෑම දෙන්නේ පන්සලෙන්.

      Delete
    3. අමුනු හැටක් කියන්නේ කොච්චර සයිස්ද අයියේ , අමුනක් කියන්නේ පර්චස් කීයක්ද

      Delete
    4. @අටම්, අමුණක් කියන්නෙ පර්චස් 80 ක්.

      Delete
    5. නැත්තං අක්කර 02 රූඩ් 02 ක්

      Delete
    6. ප්‍රසන්න,

      අමුණක් කියන්නෙ දළ වශයෙන් අක්කර දෙකහමාරක්..ඒ කියන්නෙ මල්ලි පර්චස් 80 ක් නෙවෙයි පර්චස් 400 ක්.

      Delete
    7. රවී හරි. මෙන්න මේ ලිපියේ තියනවා පුරාණ කිරුම් මිනුම් ගැන.

      http://archives.dailynews.lk/2010/05/10/fea25.asp

      Delete
  3. මෙහෙම දේකුත් තියෙනවා...

    අනෙකුත් ආගම් වල පූජනීය ස්ථානවලට යන අය යන්නේ එතනට උචිත විදියට, හැසිරෙන්නෙත් එහෙම..

    සුදු ඇඳුම්ම වෙන්න ඕන නෑ ඒවා නම් ගොන් පාට්.. සපත්තු ගලවන එකත් ගොන් පාට්.. අන්තීමට සපත්තු දෙක නැති උනාම උන් ගෙවන්නේ නෑ නේ.. දඹුල්ලේ සපත්තු ගලවලා අඩියක් දෙකක් යන්න බෑ දවාලට..

    ReplyDelete
    Replies
    1. කවුද කියනවා ඇහුණා හොඳ සෙරෙප්පු දෙකක් තෝරලා නිකම්ම වගේ ගන්න පුළුවන් කියලා පන්සල් වලට ගියාම. මගේ ආසම සෙරෙප්පු කුට්ටම නැති වුනේ දානෙ ගෙදරකදි.

      Delete
    2. ඕක මොකක්ද මේ ඉන්න පොලිස්පතිගේ සපත්තු දෙක ඉස්සුවා මගේ යාලුවෙක්ගේ දාන ගෙදරකදි.. අපරාදේ කියන්නේ මහින්ද මහත්තයා පට්ට ආතල් එකක් ගත්තා එදා.. මොකෝ පොලීසියෙන් අහුවෙන අහුවෙන සපත්තු උස්සගෙන ආවා.. සෑර් මේකද මේකද ගගා...

      Delete
    3. මම මේ ලිපියෙන් අදහස් කරන්නේ මේකයි. අපිට උකුණු පුකක් තරම්වත් මොලයක් තියෙන්නේ ඕනේ තැනට සුදුසු ලෙස අඳින්න සහ හැසිරෙන්න. මේ පතන්දර බෝඩ් වලින් මිනිස්සු පාලනය කිරීම විහිළුවක්. මෙච්චර බණ කියන බණ අහන රටක මිනිස්සු මෙච්චර අවිනීතද?

      Delete
    4. මේ දෙබස් රඹුකන සිද්ධාර්ථ සාදු ගේ ගී පද සිහිකරනවා නේද?

      Delete
  4. Replies
    1. විචා අංකල්ටද මළ විකාර කිවේ.ඇයි අප්පේ එහෙම බනින්නේ මේ අහිංසකයට

      Delete
    2. මේ අංකල් තව කාලයක් ජීවත්වෙන එක නැතිකරන්නද හිරු හදන්නෙ.

      Delete
    3. අම්මප මටත් තේරුණේ මනෝටයි ප්‍රසන්නටයි තේරුණටිකමයි.

      Delete
    4. විචාරකට කිව්වානම් කියන්නේ නාකි කියන විශේෂණ පදය එක්ක නේද?

      Delete
    5. කකා හරි.... විචාරකට කිව්ව නං ඒ විශේෂණ පදේ දානව මයි.... හි හි.... ඔය මල විකාරෙ ගැන මං කලින් දවසකත් ලිව්වනෙ.. ඒකයි වචන දෙකෙන් මාරු උනේ...

      Delete
    6. //ඔය මල විකාරෙ ගැන මං කලින් දවසකත් ලිව්වනෙ//

      ඕං බලමුකෝ. කලිනුත් මං ගැන ලියා තියනවනේ. :e

      Delete
  5. මම නම් කැමතියි මේ වගේ නීති දාන එකට. මම කාලයක් කතෝලික පල්ලි වලට ගියානෙ. ඉතින් තරුණ කාලේ බොහොම හිත සංවර කරගෙන ගියාට පල්ලිවල තියෙන ඇඳුම් විලාසය නිසා එහෙම තියාගන්න හරි අමාරුයි. ඒ අතිං පන්සල් වල සුදු අදින එක සහ ෆැශන් වැඩිය නැති එක ගොඩක් හොඳයි. මෙහෙම හිතුවොත් මොකද? පන්සල් වලට එන්නෙ කෙලෙස් නැති කරපු කට්ටිය නෙමෙයිනෙ. එතකොට හැමෝම සංවරව ඇඳගෙන ආවෙ නැත්නම් අනික් අයට හිත මෙහෙයවගන්න කරදරයි. ඒක නිසා නීති දාන එක හොඳයි කියල මම විශ්වාශ කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් මේ කතාවට මාත් එකගයි , පල්ලියේදි නැති සන්සුන් කමක් පන්සලේදි දැනෙනව, දැන්නම් පෝයට කොහොමත් බවලත්තු එක්ක පන්සලට යන්න බැරි තරම් . බුදු ගෙට ඇතුල් වෙන වෙන දොර ඉහලින් ඉන්න යක්ෂ රූප වගේ එවුන් තාප්ප වලට හේත්තු වෙලා පන්සලට එන කාන්තාවන්ට විහිලු කරනව.
      මට එහෙම අප්‍රසන්න අත්දැකීම් නිසා පන්සලකට යන්නෙ පෝයක් නැති දවස් වලට විතරයි.

      Delete
    2. මමත් එකඟයි ඉයන් හා කම්මල එක්ක. අපි තැනට ගැලපෙන විදියට ඉන්න ඉගෙන ගන්න ඕන.

      දැන් පන්සල්වලත් ඉන්නව කුම්භාන්ඩයො. ගනු කෙනෙකුට ශ්‍රද්ධාව පිහිටුවගන්න බෑ ඇයගේ අවයව වල දිග පලල කතා කරනව. මෙහෙම කරන්නෙ රස්තියාදුකාර කොල්ලො. එහෙම එවුන්ව එලවල දාන එක විහාරාධිපති හිමියන්ගෙ වගකීම.
      නීතියක් නැතිවුනහමත් වේස ගෑනිගෙ පලාමල්ල වෙනව පන්සල. හැම එකාම පන්සල් එන්න ඕන නෑ.

      Delete
    3. මටත් මේ ගැන හිතෙන්නේ එහෙම තමයි.

      Delete
    4. මේ නීති දැමීම බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් නොදැන කරන දෙයක්. බෞද්ධයා කියන්නේ අනුන් ගැන නොසොයන තමන් ගැන සොයන කෙනෙක්. බුද්දාගම් කාරයෝ කියන වර්ගය තමයි මේ වගේ බෝඩ් ගහලා පාලනය කරන්න වෙලා තියෙන්නේ.

      හොඳයි මෙහෙම හිතන්න. ගෑණු කෙනෙක් එනවා සම්පූර්ණ සුදුවතින් බෙල්ලේ සිට දෙපතුල දක්වා වහගෙන. නමුත් රෙද්ද සෑහෙන්න තුනී නිසා විනිවිද පෙනෙන නොපෙනෙන තත්වයේ. දැන් මොකක්ද පන්සලෙන් කියන්නේ.?

      නීති දාන්න දාන්න ඒවා කඩන හැටිත් මිනිස්සු හොයාගන්නවා.

      Delete
    5. මාත් කාලයක් හැම පෝයටම වාගේ ගැටඹේ පන්සට ගියා. ඒ ගැන වෙනත් අයෙකු ලියූ කවියක අවසන් පදය මෙන්න.

      අනිමිසලෝචනය දුමිඳුන් වෙතට නොවේ!

      Delete
    6. අනිමිසලෝචනය දෙන්නෙම වටේ ඉන්න එවුන්ට

      Delete
  6. හාමුදුරුවන්ගේ රෙද්දේ නීති බං. එක පාරක් මං සිරිමා බෝධියට ගිහපු වෙලාවේ මටත් ඇන්දුවා කොට කලසමට සුදු රෙද්දක්. ඒකත් ඇදං මං කොට කලසමත් තව හොදට උස්සගෙන වැන්දා දහම් පොලෝසියට බම්බු ගහගනිං කියලා.. විදේශිකයන්ට කරන හිරිහැර අපමණයි අප්පා.. අම්මගේ රෙද්දේ සිල්වන්ත කම. ඒකේ හාමුදුරු කාරයෝ රෑට බඩු ගහනවා අරක්කු බොනවා. ලස්සන කෙල්ලකුට යන්න බෑ සෙවල පෙරනවා.. ඕවා නීති නෙමෙයි උංගේ පහත් මානසිකත්වය

    ReplyDelete
    Replies
    1. මචං අයි රෙස්පෙක්ට්ෆුලි ඩිස් අග්‍රී. ඔතන හතර කට්ටියක් ඉන්නවා. සිල්වත් නොවූ භික්ෂූණ්, බැතියෙන් වන්දනාමාන කිරීමට එන අය, සිතිවිලි උලුප්පන ආකාරයේ ඇඳුම් හැඳගෙන අය, පහසුවට මෙන්ම විනීත කොට කලිසම් ආදිය හැඳගෙන එන අය. මෙතන නීතිය ක්‍රියාත්මක වියයුත්තේ බැතියෙන් වන්ඳනා කරන්න එන අය වෙනුවෙන්. නීතිය දමන්නා අනිකුත් සිල් කඩනවා නම් එය ඔහුගේ පෞද්ගලික දෙයක්. ඔහු දමන නීතිය බැතියෙන් වන්දනා කරන්න එන අයට හොඳක් වෙන නිසා ඒක හරි නීතියක්. අවයව ප්‍රදර්ශණය නොවන ආකාරයේ කොට කලිසම් හැඳ එන අයට සරම් ඇන්ඳවීම නම් තේරුමක් නැති බව පිලිගන්නවා.

      Delete
    2. භික්ෂු ශීලය මෙතනට ගාවගන්නේ නැතුව ඉම්මු දේශ්. අපි ගිහියෝනේ. මම කියන්නේ මේකයි. නීති දාල ආගමට මිනිසුන් නැඹුරු කරන්න/අනුගත කරන්න බැහැ. ඔවුන් තුළ ධර්මාවබෝධය වර්ධනය කිරීමෙන් තමා යහපත් ප්‍රතිඵල උදාවෙන්නේ.

      ඉයන්, මම කියන්නේ මේකයි. අපි ඒ සිද්ධස්ථානයට ගිහින් අපේ වන්දනාමාන කටයුත්ත කරගෙන අනුන්ගේ අඩුපාඩු හොයන්නේ නැතුව ආවොත් තමා පිං සිද්ධ වෙන්නේ. මල් ටික මල් ආසනේ තියලා, වටපිට ඉන්න කොට ඇඳුම් ඇඳගෙන ඉන්න අයට රවනවා, සාප කරනවා. ඉතිං කොහෙද පිං?

      Delete
    3. ඔච්චර බැතිබර උං ඇයි අනුංගේ රෙදි අස්සේ එබී බලන්නේ?

      Delete
  7. සිද්දාලේප වෙද මහත්තයත් ගොඩක් උපදෙස් දෙනව. මේව පන්සලේ උවමනාවට ගහන ඒව නෙමේනෙ කම්පනි කාරයන්ගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට බමුණො කරපු දේ අද මුං කරනවා.

      Delete
    2. ඒ උනාට මිනිහගෙ සිද්ධාලේප කුප්පියෙ සයිස් එක එන්න එන්න පොඩි වෙනව.

      Delete
    3. ඒකනම් ඇත්ත. සමහර සමාගම්, විහාරාධිපතින් වහන්සේලාව අන්දාගෙන, තමන්ගේ ව්‍යාපාර වලට ප්‍රචාරයක් දීගන්නවා පැන්සල් භූමිය පාවිච්චි කරලා.

      Delete
  8. Hats off Mr.Wicharaka. Me okkoma gon part. Mun religion eka update karanawa software ekak wage. Ane huke. Puke buddhism eka redde pallen berenawa. Ara BBS hutta wage den ungen ahala thamayi lamai hadannath ona. Heta aniddata oansalata gihin hamuduruwangen ahanta wei mehema hikuwoth harida kiyala. Thuk nodakin.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ටික්කා. හාමුදුරුවරු කියන්නෙත් සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහීන නොකරපු අය. ඒ අතරින් ඉතා සීමිත පිරිසක් තමා භික්ෂු ශීලයට පටහැනි ලෙස ක්‍රියාකරන්නේ. හාමුදුරුවෝ හොඳ නෑ, පන්සල කැතයි, හාමුදුරුවෝ බොනවා, ගෑණු ආශ්‍රය කරනවා, කියලා සාප කිරීම නෙවෙයි අපි කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ, මා නැතිකලක, මගේ ධර්මය උඹලාගේ විමුක්තිය සඳහා ආධාර කරගනිල්ලා කියලා. හෙව්වොත් හොඳ හාමුදුරුවරු අපමණ ඉන්නවා. ඒ වගේමයි ධර්මය අවබෝධ කරගත් තරමට අපේ චර්යාව හැඩගැහෙනවා.

      Delete
  9. ඇඳුම ඔබේ චරිතය කියාපාන කැඩපතක් බව සිතන්න.. - මට පෙන්නේ සුද්දියෝ ඔක්කොම පට්ට වේසියෝ.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මුන් මගේ පැෂනබල් බ්‍රා පෑන්ටි ටිකටත් කෙලින්න හදන්නෙ

      Delete
    2. ඔය සුදු ඇඳුම් නෝටිස් L de B Mල ස්පොන්සර් කලෑකිනෙ. ඔයගොල්ලන්ගෙ තද පාට ප්‍රොඩක්ට්ස් සුදු ඇඳුම් වලට ගැලපෙනව. චයිනීස් කස්ටමර් කෙනෙක්ගෙන් අහල බලන්න

      Delete
    3. මේ පහත තියෙන්නේ එකම දවසේදී එකම සිද්ධස්ථානයකදී මම ගත්ත පින්තූර දෙකක්. වම් පැත්තේ ඉන්නේ සුද්දියක්. දකුණු පැත්තේ අපේ 'කල්ලි' යක්. මේකත් අසංවරයි කියන පිරිසකුත් ඉන්නවා. මොන තරම් කැත හිතකින් බලලද එහෙම කියන්නේ?

      [im#]https://jangun.files.wordpress.com/2015/10/b-w.jpg[/im]

      Delete
    4. කුරුණැගල පිලිමේ බලන්න යනකොට කාන්තාවන්ට වඩාම හොද ඔය වගේ කලිසමක් කියලයි මට හිතෙන්නේ.එතන එන හුලගේ හැටියට රෙදි ගැලවෙනවා.

      Delete
    5. ඇයි මනෝ මිහින්තලේ ගල උඩත් සෑහෙන්න හුළඟ තියනවා.

      Delete
  10. මම මිට ඉස්සර දවසකුත් කමෙන්ට් එකක් දැම්මා පොල්ගහවෙල අසපුවෙදි වෙච්ච දෙයක්..හරියට සිවුරැවත් ඇදපු නැති හාමුදුරැ කෙනෙක් මහාමයා දේවිගේ රැපයට හරි විදිහට වදින්න කියලා දෙතුන් දෙනෙකුගේ නලල බිම ඇන්නා .. පොඩි මෙන්ඩාගෙත් ඔලුව අනින්න හදනකොට සදු උස්සගෙන දුවගෙන ආවා තව පොඩ්ඩෙන් මම අරෑට හමන්නනවා..
    උඩ මලුවට යනකොට ඔය මොන නිති දැම්මත් ඒක ඇතුලේ වෙන වැඩ මම දන්නවා පුරේ එකෙක් විදිහට..

    ReplyDelete
    Replies
    1. හාමුදුරු වරුන්ට දොස් කියලා වැඩක් නැහැ මෙන්ඩෝ. හොඳ හාමුරුරුවරු ඉන්නවා තවමත්. මහාමායා දේවියට වඳින්න උගන්වන්නේ තලේබාන් බුද්ධාගමේ වෙන්න ඇති.

      Delete
    2. කන්‍යාමායා මව් තුමිය නේ!

      Delete
  11. කොමන්ටුවක් දාන්න ආවේ පොඩි හදිසි වැඩකට යන්න කෝල් එකක් ආවා.ඇවිත් කොමන්ටුවක් දාන්නම් විචා අංකල්.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේකේ දෙපැත්තම කතා කල යුතුයි කියලයි.අද කාලේ සමහරු පිස්සු කෙලින්න පූජාභූමි වලට යන බවක් තියෙනවා.එතැන්වල ඉන්න මහා උදවියගේ ගන්න දෙයක් නැති වෙන්න පුලුවන්.නමුත් එන පිරිසත් එහෙම උනොත් ඒකගැටලුවක්.විනෝද ගමන් යන සමහර නඩ ඒ යන අතරේ පූජා භූමි වලට යනවා.එතනදි හැසිරෙන විදියේ ගැටලුවක් තියෙනවා.ගොඩක්ම කොටට ඇදීම කෙසේ වෙතත් සුදුම ඇදගෙන එන්න ඕන කියන නීතිය නම් සාධාරණ නැ කියලයි මට හිතෙන්නේ.අපි හිතමු වෙනදුරගමනක් යන අතරේ පුජනීය ස්ථානයක් දැකලා වැද පුදා ගන්න යන්න කෙනෙකුට හිතුනොත් එතනදි අර නීතිය ගැටලුවක්.

      දැන් අනිත් පැත්ත කතා කලොත්
      ඔය කියන පුජා භූමි වලින් සමහරක වෙසක් පොසොන් කාලේට මහා සැනකෙලි පවත්වනවා.එදාට අර නීති මොනවත් නැ.පහුගිය වෙසක් එකට අපි කිහිප දෙනෙක් කොළම යන අතරේ වට්ටාරම රජ මහා විහාරයට ගියා.එදා පන්සලේ ලොකු සැනකෙලියක්.මැරිගෝ රවුම්,මාරක ලිද අරවද මේවද විනෝද වෙන්න පුලුවන් ඔක්කොම එතන.සිගරට් එහෙම ඇතුලේ විකිනෙනවා.හැම තැනම ස්පීකර් වල ශබ්ද,එදා ඔය එක නීතියක්වත් එතැන තිබුනේ නැ.සමහර තැන්වල ඔය කාලවල පන්සලේ මියුසිකල් ෂෝ එහෙමත් තියනවා.

      අර බෝඩ් ටිකනම් තනිකරම මාකටින් වැඩක්නේ.

      Delete
    2. මචෝ බුදුන් හිටියනම් අද වෙනකොට, උන්නාංසෙ යන්නෙ නිවං නෙමේ පත්තු කොරං!

      Delete
    3. ස්තුතියි මනෝ. පිස්සු කෙළින්න පන්සල් වලට යන සමාජයක් බිහිකරගත්තෙත් අපි අපිම තමයි. දැන් ඉතිං ඒ තත්වය නැති කරගත යුත්තෙත් අපි අපිම තමයි. ඒ සඳහා ඉහළ සිට පහළට ආදර්ශය ලැබිය යුතුයි. පන්සල කියන්නේ, විනෝද වෙන ස්ථානයක් නොවන බව නොතේරෙන තරමට, අපි පිරිහුනේ ඇයි කියලා ඉස් ඉස්සෙල්ලාම හොයන්න ඕනේ. බෝධි පූජාවක් පැවැත්වෙන අතරේ, පොඩි ළමයි සෙල්ලම් කරන අවස්ථා මා දැක තිබෙනවා. ඒ දරුවන්ගේ දෙමව්පියන් ඒ දරුවන්ව ආගමට යොමු කරනවා වෙනුවට සමාජ අපගමනයට යොමු කරනවා. තවත් සමහර ළමයි බෝධි පූජාව යන අතේ තම පියාගේ ජංගම දුරකථනයෙන් ගේම් ගහනවා.

      සමහර පන්සල් වලට යන්න හොඳ නැති දවස් තියනවා. විශේෂයෙන්ම පන්සල් භූමියේ සැණකෙළි තියනවා නම්, යන්න හොඳ නෑ. මොකද, අපි පන්සලකට යන්නේ, කෙළෙස් ප්‍රහීන් කරගන්න මිසක් කෙළෙස් වඩවාගන්න නෙවෙයි.

      Delete
    4. බුදු සාදු අද හිටියානම් වැඩි කාලයක් පාරිලෙය්‍ය වනාන්තරයේ

      Delete
  12. අප්පට සිරි !

    පඬු ටිකක් වැඩිවෙලා සිවුර තද පාට වුනොත් පිං බිමෙන් පිං පොං කරයිනෙ හාමුදුරුවන්වත්.
    අර ෆැශනබල් ඩාකස්ට් බ්‍රවුන් සිල්ක් සිවුරුත් පිං බිමට අරහංද?

    එතකොට හැමතිස්සෙම සුදුම සුදු දේස පාලුවො තමයි හොඳම පිං පීතෘන් නේද? මැණික් මුදලාලිල? හිර කාරයො? වෙලේ සුදා?

    ReplyDelete
    Replies
    1. මම කවුද මේ මොනවද කරන්නේ කියන එක, කුඩා කාලයේ ඉඳලා පැහැදිලිව කියා නොදීමේ ප්‍රතිඵලය තමයි, අන්තිමට පන්සලේ මෙහෙම බෝඩ් ගහන්න සිදුවීම.

      Delete
  13. මට නම් අර කලු ඇදුම් පුරස්නෙ ඇරුනම මේ නීතිවල මහලොකු අවුලක් නෑ . ආගමික ස්ථානයක් කියන්නෙ කානිවල් එකක් නෙමෙයිනෙ.එතන යම් නීතියක් තියෙන්න ඕන. දැන් ලගකදි ඉදන් ගෑනු අය හරිම අවිනීත විදියට පන්සල් එනව. මහ පාරෙ එහෙම ගියාට වරදක් නෑ. පන්සල් වලට තන් පුකවල් කැපිල පේන විදියට ඇදල එනවනම් ඒක වළක්වන එක විහාරාධිපති හිමියන්ගෙ වගකීම. පිරිමි අයත් පන්සලේ කොනකට වෙලා සිගරට් උරනවනම් ඒකත් වළක්වන්න ඕන. පෙම්වතුන් ටත් කියන්න තියෙන්නෙ පන්සල කියන්නෙ කෙලෙස් තවන තැනක්. ඒක පෙම් උයනක් නෙමෙයිනෙ.
    පන්සල් වලට යන්න ඕන සුදු ඇදුම් ඇදන්. කළුපාට තද ඇදුම් බෞද්ධ සංස්කෘතියටත් ගැලපෙන්නෙ නෑ.එතන තියනව දැඩි බවක්.

    විචා සමාජයෙ තියන තක්කඩිකම් අසාධාරනකම් වලට තදින් පහර දෙන නිසා ආවෙ බැකප් එකට සැර කොමෙන්ටුවක් දාන්න. ඒත් පෝස්ට් එක කියෙව්වම අංශක 180 ක් අනික් පැත්ත ගැහුව.

    ReplyDelete
    Replies
    1. තනිකර කළු ඇඳුමක් ඇඳන් පන්සලට යන එකා අමන මරි මෝඩයෙක්. ඒ පුද්ගලයා බුද්ධාගම අදහන කෙනෙක් නම්. හැබැයි අද අපේ අය පන්සලට අඳින විදිහ ගැනවත් නොසලකන්නේ ඇයි කියන එක හොයලා බුදු දහමෙන්ම කරුණු කියා දෙන්න ඕනේ එවැනි දේ වළක්වාගන්න. නීති දමන්න ගියොත් තේරුමක් නැහැ..

      අපිට බැරිද පන්සලට ඇතුළු වෙනකොටම දැඩිව අධිෂ්ඨාන කරගන්න,

      'මම ආවේ ආගමික කටයුත්තකට. අනික් අයගේ ඇඳුමෙන් පැලඳුමෙන්, කතාවෙන් බහෙන් මට වැඩක් නෑ. ඔවුන් මට විමුක්තිය ලඟාකර දෙන්නේ නෑ. මම ආවේ මගේ ආධ්‍යාත්මික සුවය ඇතිකරගන්න. ඒ නිසා මගේ අවධානය දෙන්නේ මෙතන මා කරන ආගමික කටයුතු වලට පමණයි'

      කියලා.

      Delete
    2. මම නම් එකඟයි මේ විචාරකගේ ලිපියට. ඕව මහා මෝඩ වැඩ. හෙළුවෙන් පන්සල් ආවත් මොකද? පන්සල් එන්නේ හිත සංවර කර ගන්න නම් නොබලා ඉන්න එකනේ ඇත්තේ. අමරාවතී කියල භාවනා කරන්න මිනිස්සු යන පන්සලක් තියනවා මෙහෙ. තායි එකක්. ඒකට සමහර තායි කෙල්ලෝ එනවා තොන්ග් එක පේන්න ඇඳගෙන. මම මුලදී ඕක විවේචනය කලා. එතන හිටි ඇමෙරිකන් හාමුදුරු නමක් කිව්වා "ඔයා ඒ ගෑනු ළමයින්ගේ පස්ස දිහා බලන්නේ නැතිව බුදු හාමුදුරුවෝ බලාගෙන භාවනා කරා නම් ඉවරයි නේ " කියල. මටම ලජ්ජා හිතුන. ඊළඟට මගේ හිත දැක්ක වගේ හාමුදුරුවෝ කිව්වා "අපි භාවනා කරන හාමුදුරු වශයෙන් ඕව දැකල හිත අසංවර වෙනවා නම් ඒ කියන්නේ මගේ භාවනාවෙන් මම අසමත් කියන එකයි කියල"

      Delete
    3. බොහොම ස්තුතියි අජිත්. ඇත්තටම මමත් කියන්නේ ඒකම තමා. බුදුහාමුදුරුවෝ කිව්වේ, තමන් ගැන හොයන්න, අනුන් ගැන හොයන්න එපා කියලා. ඕනේ ඇඳුමක් ඇඳගෙන එන අය, අපේ මසැසට පෙනුනත්, මනැසින් නොබලා ඉන්න පුළුවන් නම්, ප්‍රශ්නය එතනින් ඉවරයි.

      Delete
    4. නාටකාංගනාවො නිදන හැටි දැකලා කලකිරෙන එක නම් හිතාගත හැකි. ඒත් අමාරුම ගේම තමයි මාර දූ වරුන්ගෙ මායම්.මාරයා විසින් බෝසතානන්ට අන්තිමටම ගහපු තුරුම්පුවනෙ. හිත පාලනයකරගන්න එක කොහොම වෙතත් හිත අවුල් කියලා හරි දැනුනොත් ඒක හරි ලොකු දෙයක්.'සිහිය' තමයි ඔක්කොටොම මුල.. (අපේ හොඳටම අවුල් වෙලා තියෙන්නෙ ඕකනෙ.) හෙහ් හෙහ් හෙ..

      Delete
  14. මේක දැක්කෙ මාතර "මූදු" පන්සලේ

    http://2.bp.blogspot.com/-xvbsAlTDcSk/ViC6kL4oF6I/AAAAAAAABaE/SxIbzPsCJp4/s1600/20150702_094242.jpg

    ReplyDelete
    Replies
    1. යකෝ එතකොට අම්මටයි දුවටයිවත් එකට ඉන්න බැරිද?

      Delete
    2. ජෝඩුවක් ඇවිත් අසභ්‍ය විදියට හැසිරෙන්නේ නැතිව ඉන්නවනම් මම නම් හිතන්නේ ඒකේ ගැටලුවක් නැ කියලයි.මම දැකලා තියනවා එහෙම කිසිම ගැටලුවක් නැතිව ඉතා සංවරව ඉදලා වන්දනාකරගෙන යන අය.ඔවුන්ට ජෝඩුවක් නිසා පූජනීය ස්ථාන තහනම් කරන්නේ කොහොමද ?

      Delete
    3. [im#]http://2.bp.blogspot.com/-xvbsAlTDcSk/ViC6kL4oF6I/AAAAAAAABaE/SxIbzPsCJp4/s1600/20150702_094242.jpg[/im]

      ඔන්න රාජ් පින්තූරේ මෙතනට දැම්මා. මේ අඩවියේ කමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්.

      බොහොම ස්තුතියි මනෝ. මා කිවයුතු දේ ඔබ කියා තිබෙනවා.

      Delete
    4. මේක දැක්කම මතක් උනේ... ඔය පහුගිය කාලෙ අපෙ මහත්තයයි මායි දෙන්න බයිසිකල් චාරිකාවක් ගියානෙ... මේක උනේ මොන පන්සලේදිද කියල මට මතක නෑ... කන්දකුයි කැලෑවකුයි තිබ්බ... යාපහුව වෙන්න ඕනෙ... කොහොම හරි, ඔතන තියෙනව පරණ ගෙයක් වගේ එකක් ඉස්සරහ ලොතරුයි කූඩුවක් වගේ එකක් ගහල, ඒකට වෙලා සල්ලි එකතු කරන සිස්ටම් එකක්... එතන ලීෆ්ලට් එහෙම විකුණන්න තියෙනව.. අපි දෙන්න ඔය හරියෙ පොඩ්ඩක් කැරකි කැරකි හිටිය හෙල්මටි තියන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න... මෙන්න පොරක් ඇවිත් අපිට කියනව කපල්ස් වලට එන්න තහනම්ලු... අපි දෙන්නටම හිනා ගියා... මං ඇහුව කවද ඉඳලද කියල... ඇයි වදේ... ඔය රජවරු එහෙම අන්තපුරත් එක්කම පන්සල් වලට ගියෙ... ඒ පාර කියනව හාමුදරුවන්ට තරහ යනවලු කපල්ස් තනියෙන් යනව දැක්කම.. ( හාමුදුරුවන්ට මොකක් හරි ලෙඩක් ඇති... හැබැයි ඉතිං අපේ උන්ටත් ගහක් කොලක් දැක්කම ඇතිනෙ ලව් කරන්න... ඔන්න මට හිතිච්ච ඒවා...) අපේ මහත්තය ඒ පාර කිව්ව අපි බැඳල කියල... ආ එහෙනං කමක් නෑ කියල කියල, ඊට පස්සෙ කියනව කෝකටත් තව කට්ටියක් එක්ක සෙට් වෙලා යන්නලු... ( මං ඔතන්ට කලින් ගිහින් තියෙනව.. ඒක නිසා මම පාර දන්නව උනත් කොහොමත් අපි දෙන්න තනියෙන් යන්නෙ නෑ ඔය වගේ තැන් වලදි... මොකෙක් හරි සතෙක් කෑවත් උදව්වක් ඉල්ලගන්න පුළුවන් වෙන්න, ලොකු නඩේකට සෙට් වෙලා තමයි යන්නෙ...)

      ඔය ජාතිය රකින්න ළමයි හදපල්ල කියල එවුන්ට තේරෙන්නෙ නැද්ද මන්ද ළමයි හදන්නනං ජෝඩු වෙන්න ඕනෙ කියල... හි හි... එක්කො ලවු කරන්න පාක් හදපල්ල.. නැත්තං පාරෙ අතිං අල්ලං යන ජෝඩු වලට කුණු කතා නොකිය ඉන්න ඉගෙන ගනිල්ල... එතකොට උන්ට ලවු කරන්න පන්සල් ගානෙයි, අකුල් ගානෙයි රිංගන්න ඕනෙ නෑ නේ.. ‌මොකද ඔහොම තැන් වලට යන්නෙ තරුණ කොල්ලො කෙල්ලො.. නාකි වෙච්ච හොර ජෝඩු කෙලින්ම හොටෙල් රෑම් එකකට යනව... මේ අහිංසකයන්ට තමයි ඔක්කොම බහුබූත නීති...

      ( මේක මහ බූරු රටක්....)

      Delete
    5. @හිරු
      තාමත් බැඳපු නැති කෙල්ලෙකුයෙ කොල්ලෙකුයි කියලා අහගන්න තියෙනවා නම් බුද්ධාගම් පොලිසියෙන් අල්ලන් ගියත් මොකද? හි, හි!

      Delete
  15. / නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, 'නැඟණියනි සිහිය එළවාගන්න' කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන එවුන් එළවාගන්න එකනේ. /

    පටාචාරාට නැඟනිය සිහි එළවා ගන්න කියල තමයි බුදු හාමුදුරුවො කිව්වෙ.. ඒත් පටාචාරාට සිහිය ආවට පස්සෙ ඇගේ නිරුවත වහගන්නකල් ඉඳල තමයි බුදුහාමුදුරුවො ධර්මය දේශනා කලේ. ඒ කියන්නෙ බණ අහන්ටත් සුදුසු ඇඳුමක් ඇඳල ඉන්න ඕන කියල බුදු හාමුදුරුවොත් පිළිගත්ත.

    මට හිතාගන්න අමාරුයි විචාරක මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ මොකක්ද කියල...මේ කිසිම දැන්වීම් පුවරුවක කියල තියෙන දෙයක් වැරදිය කියල මට නම් පේන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඉතිං හරිනේ රවී. සිහිය විකල් වූ පටාචාරාවව දැක්කම 'ගහලා එලවපියව් මේ හෙළුවැලි ගෑණි' කියලා කිව්වේ නැහැනේ බුදුහාමුදුරුවෝ. මුලින්ම ඇගේ සිහිය යථා තත්වයට අරගෙනයි, ඇඳුමක් දුන්නේ. අද පන්සල් වලට එනවා ඒ වගේ පටාචාරලා. ඔවුන් දන්නේ නැහැ කොහොමද පන්සලට එන්න ඕනේ කියලා. මේ වගේ බෝඩ් වලින් එන්නේ, 'ගහලා එලවපියව් මේ හෙළුවැලි ගෑණි' වහේ අර්ථ කථනයක්. පටාචාරා ආවේ දම්සභා මණ්ඩපයට. එතන හිටිය කිසිම භික්ෂුවක් හෙලවුනේවත් නැහැ ඇය දැකීමෙන්. බණ අහන්න ආව සාමාන්‍ය ජනතාව හෙලවුනේ නැහැ. ඇයි? ඒ කාලේ ඔවුන් තුළ එපමණ හික්මීමක් තිබුණා ධර්මාවබෝධය තුළින්. ඔවුන් දුටුවේ පටාචාරාවගේ සෙළු කය නෙවෙයි අසරණ කම.

      මම කයිය ගහන්නේ නෑ කියලා කරුණිකව හිතන්න. මා මිත්‍ර පිරිසක් වරක් පැමිණියා (යුද්ධ කාලේ) කෝකිලායි කලපුව බලන්න. (කළපුව සහ කුරුළු අභය භූමිය) බෝට්ටුවෙන් යද්දී, ඔවුන් හැම දෙනාම බියට පත්ව බෝට්ටුව තදින් අල්ලා ගත්ත. එක තරුණියකගේ දිග සාය සහ ඊට යටින් ඇඳ සිටි සාය සුළඟින් ඉහලට එසවුනා කීපවරක්, ඇගේ යට කලිසම පෙනෙන ලෙස. එක අතක් අතහැර සාය අල්ලගන්න ඇය බයවුනා, අනික් අත අතහැරී කලපුවට වැටෙයි කියා. ඇයට ලැජ්ජාවේ හැඬුනා. මා වහාම ඇගේ සාය පහලට ඇද අල්ලාගෙන සිටියා, බෝට්ටුව එගොඩට යනතුරු. බෝට්ටුවෙන් බැස්සාම ඇය මට වැන්දා. මා දුටුවේ ඒ තරුණියගේ සුදු කකුල් නෙවෙයි. ඇගේ අසරණ කම. (අවංකවම මම උපාසක කෙනෙක් නෙවෙයි)

      මා කියන්නේ මෙයයි. පන්සලේදීත් අපිට අනුන්ගේ ඇඳුම හොයන්නේ නැතුව ඉන්න පුලුවන්නම් අපි මනුස්සයෝ වෙනවා. මම ආවේ මගේ ආගමික කටයුතු සඳහා. මම මගේ වැඩේ කරගන්නවා. අනුන් ගැන හොයන්නේ නැහැ. (බුදුහාමුදුරුවොත් කිව්වේ එහෙමනේ.එහෙම කරන්න ගියොත් මගේ සිත අවුල් වෙනවා. ආගමික ප්‍රීතිය නැතිවෙනවා කියලයි හිතන්න ඕනේ. මෙහෙම හිතන්න ලස්සන කාන්තාවක් පන්සලට එනවා සුදු සාරියක් අන්දලා. නමුත් ඇගේ පෙකණිය පෙනෙන්නවා. ඒ වගේම දුහුල් හැට්ටය තුලින් බ්‍රසියරය පෙනෙනවා. දැන් අර පන්සලේ ඉන්න සංස්කෘතික ලේසිය මොකද කියන්නේ? ඒ කාන්තාවගේ බුරියයි බ්‍රසියරයයි හාරා උලුප්පා බලන්නේ අපි. ඔන්න අපේ තත්වය.

      පන්සලට සුදුසු ඇඳුමක් ඇඳගෙන එන්න දන්නේ නැති තරමට අපි පිරිහුනේ ඇයි? එය අපේ සමාජ ක්‍රමයේ පිරිහීමක්. එය නැතිකරන්න මේ බෝඩ් වලට බැහැ. දරදඬු චින්තනයක් ඇති අය අද වැඩියි. ඉතින් ඔවුන් කරන්නේ, ඔය නීති තියන පන්සල් අපිට එපා' කියලා, තව දුරටත් ආගම ධර්මයෙන් ඈත්වීමයි. සමහරවිට වෙනත් ආගමකට යාමයි.

      මේ බෝඩ් එක පොල්ගෙඩි අකුරෙන් මෙහෙම ගහන්න බැරිද?

      මේ අපේ අමිල වස්තුවක් වූ .......................විහාරස්ථානයයි.
      මෙතන වන්දනාමාන කරගන්න ලැබීම මගේ වාසනාවකි.
      මා අද පැමිණ සිටින්නේ මේ ස්ථානයට එන්නට සුදුසු ඇඳුමකිනි.
      ඒ ගැන මට බොහොම සතුටුයි.
      මා අන් අයටත් ආදර්ශවත් වීම අපේ ධර්මය තුලින් ලද හික්මීම කියා මා හිතනවා.
      මේ යහපත් පිළිවෙත් දිගටම කරගෙන යන්න මම අධිෂ්ඨාන කරගන්නවා.

      අරවගේ බෝඩ් ගහන්නේ මොනවගේ අයටද? මේ නීති බෝඩ්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ජපන්, භාෂා වලිනුත් ගහලා තිබුණොත් අපේ තත්වය කුමක්ද?

      Delete
    2. නිවැරදි කිරීම්, සාරියක් ඇඳලා වියයුතුයි. පෙකණිය පෙනෙනවා වියයුතුයි, සංස්කෘතික පොලීසිය වියයුතුයි,

      Delete
    3. මොකද යකෝ කටේ මොනවහරි හිරවෙලාද?

      Delete
  16. මේක ඇවිල්ලා ලෝකෙන්ම උතුම් රට වෙච්චි ලංකාවනේ... මුළු අවුරුද්ද පුරාම බණ අහන ගුණ ධර්ම පිරුණු මිනිස්සු ඉන්න රටක්නෙ... ඒ හින්ද පුදුම වෙන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. මොන තරම් අවාසනාවක්ද මේ තරම් බණ කියන බණ අහන රටක මේ වගේ බෝඩ් ගහන්න සිදුවෙම.

      Delete
  17. මන් යන්නෙ පරණ පංසල්වලට. ඒවයේ චිත්‍රවල වන්දනාමාන කරන දෙවිගොල්ල , රජගොල්ල පේන්ට් කරල තියෙන්නෙ සුදු නෙමෙයි ලාපාටවත් ඇඳුම් වලින් නෙමෙයි. සමහරවිට දැන් කාලෙ මිලිටන්ට් බුද්ධාගමේ ඩ්‍රෙස් කෝඩ් එක ඇති. උසාවියකට වගේ පංසලකටත් සාමාන්‍ය ගාණට sober ඩ්‍රෙස් ඕන.. ඒත් එක පාටකට, අඟල් ගානට හා ශරීර අංග ලිස්ට් එකක් දාල නීති දාන එක හොඳ තලේබාන් එකට.

    කොලඹ ආපු වෙලාවක පොඩි හාමුදුරුවන්ගෙ ගංගාරාමෙට යන්න විචාරක.
    එහෙ හාමුදුරුවරු බොරු සීල නෑ. ලොකු ධර්ම දැනුමක් නෑ. එන එවුන්ට පාට ගැන නීති නෑ. මිනිස්සු නිස්කලන්ක තැනක භාවනා කරනවා, සමහරු කෞතුකාගාරෙ බලනවා, සමහරු බල්ලො බලනවා (දැන් ඇතා නෑ. පැටිය ඉඳල හිටල ) වෙඩින් තියනවා.පරණ මුද්‍රණයන්ත්‍ර බලනවා පරණ බුදුගේත් ඉස්සර ගමේ පන්සලේ වගේ වයිවාරණ චිත්‍ර තියන ඕල්ඩ් ෆැශන්ඩ් එකක්.
    බුද්ධාගම තියනවද දන්නෙ නෑ ඒත් බෞද්ධ දර්ශනයේ ලොකුම අංගයක් වන tolerance නම් තියනවා. පිං කියන්නෙ මොනවද කියල දන්නෙ හරි නිර්වචනය මං දන්නෙ නෑ ඒත් මං නම් සතුටින් පන්සලේ ඇවිදල නරඹල හිතේ සතුටෙන් යනව
    වැඩි සීලෙකුත් නෑ, බොරු මවා පෑමකුත් නෑ. තමන්ට කැමති විදිහකට අනුන්ට හිරිහැරයක් හෝ පංසලට හානියක් හෝ ආගමට මහ ලොකු අපහාසෙකුත් නැතුව ඔහෙ තියනව.

    බුද්ධාගම කියන්නෙ තමන්ගේ විමුක්තිය තමන්ට සලසාගන්න ගයිඩ් ලයින් දෙන එකක් මිස බෙල්ලෙන් අල්ලල හොම්බ පූජා විධිවල අතුල්ලන ජාතියෙ ආගමක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍යය නියමයි

      Delete
    2. ප්‍රා ජේ තුමා, මෙන්න සැලියුට් එක!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ප්‍රා, බුද්ධාගම කියනවට වඩා බුද්ධ ධර්මය කියන එකයි නිවැරදි මම හිතන්නෙ. මේක අදහන්න ඕන දෙයක් නෙමෙයි. තමන් විසින්ම තේරුම් ගෙන වටහාගතයුතු දෙයක්.
      අන්තිමට කියල තියෙනව වගේ මේකට කාටවත් බලෙන් යටත් කරවන්න බෑ.

      මධු, කම්මල ආශ්‍රය කරනකොට ටිකක් පරෙස්සමෙන් :D

      Delete
    5. ප්‍රා,

      ගංගාරාමෙ වැඩ කෙරෙන විදිහ ගැන කියල බුද්ධ ධර්මය ගැනවත් අඩුගානෙ බුද්ධාගම ගැනවත් කතා කරන එක හරියට සදාචාර සම්පන්න දේශපාලකයෙක් ගැන කතා කරන්න මරාව උදාහරණෙට ගන්නව වගෙ ප්‍රා…:)

      තලේබාන් ක්‍රමයම නැතිවුනත් පන්සලකට එනකොට කොහොමද එන්න ඕන කියල ගයිඩ් ලයින් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක තමන්ම හිතල කරනවනම් හුඟක් හොඳයි. ඒත් මනුස්සය කියන සතා ස්වභාවයෙන්ම ප්‍රා යම් දෙයක් කරන්නෙ ඒකට නීතියක් අඩුගානෙ රීතියක්වත් තියනවනම් විතරයි. නැත්නම් තමන්ගෙ හිතූමතේ වැඩ කරන්නෙ.

      පන්සලක් කියන්නෙ පොදු ස්ථානයක්. එතෙනට බොහොම දෙනා එනව ජීවිතේ අනන්ත දුක් කම්කටොලු වලින් මිදිල මොහොතකට හරි සිතට සැනසුමක් ලබාගන්න බණ භාවනාවක වගෙ යෙදිල. ඒ අයට ඒ නිදහස තියෙන්න ඕන. එහෙම පරිසරයක් හදල දෙන්න යම් ගයිඩ් ලයින් එකක් දෙන එක මම හිතන්නෙ නෑ කොහොමවත් තලේබාන් ක්‍රමයකට යාමක්ය කියල.

      Delete
    6. @ pra

      ඔව් කවදාවත් බෞද්ධ දර්ශනය බලහත්කාරයෙන් පටවන්න බැහැ මිනිහෙකුගේ ඔලුවට. එය ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගතයුතු දර්ශනයක්.

      මටනම් සිතට සහනයක් දැනෙන්නේ තනි සුදු පැහැති බුදු පිළිමයක් දැකීමෙන්. පන්සල් චිත්‍ර අඳින අම්ප්‍රදාය නිසයි තද වර්ණ යොදන්නේ.

      ගංගාරාම පන්සලට යාමට මා මැලිවන්නේ, පොඩි හාමුදුරුවන්ගේ කාලීනව වෙනස්වන දේශපාලන විපරියාස, පන්සලට එන අයටත් පටවන්න යාම සහ, ඒ පන්සල පවත්වාගෙන යන ආකාරය මගේ සිත් නොගන්නා නිසා.

      Delete
    7. අන්තිම වාක්‍යය එල ද බ්‍රා ප්‍රා

      Delete
    8. 'එල ද බ්‍රා ප්‍රා' යකෝ, දිව උලුක් වෙනවා කියවන්ඩ ගියාම.

      Delete
    9. Pra jay ඔයාට තව එකක් මිස් උනා උදේට දවල්ට කැමති කෙනෙකුට කුස්සියට ගිහින් කෑම කන්නත් පුලුවන්

      Delete
    10. අම්මපා අටමා දන්ගෙයි බඩ තඩියෙක්

      Delete
    11. විචාරක සහ රවි, මං පිලිගන්නවා මං මේ සබ්ජෙක්ට් එක ගැන කතා කිරීමට තරම් හැකියාවක් නැති බව. මන් පංසල් යන්නෙ "වඳින්න " නෙමෙයි. පංසල්වල කෞතුක, කලාත්මක, අයිතිහාසික වටිනාකමක් තිබේ නම් හෝ ඒවායේ ඇති සතුන් හෝ වෙනත් ඉන්ටරෙස්ටින් භාණ්ඩ බැලීමට, එහෙම නැත්නම් කාව හරි එක්කගෙන යන්න. ඒවගේම එහි ඇති නිස්කලංක බවට (පෝයට කවදාවත් යන්නෙ නෑ) ඔය කරුණු නිසා මන් පල්ලි කෝවිල්වලටත් යනවා බලන්න. එනිසා භක්තියකින් යන අයගේ අදහස් ගැන මට කතා කරන්න බෑ,
      අද උදෙත් මං ගංගාරාමෙ ඉස්සරහින් ආව. එක එක පාට එක එක ජාතියෙ ඇඳුම ඇඳගෙන ඔෆිස් යන අය ගොඩක් හිටිය. ඒ පංසලෙ තියන ඒ නිදහස නිසා කවුරුවත් මිස් බිහේව් කරනව මං දැකල නෑ. ඔක්කොම කාර්යබහුල අය ඉන්නෙ. පොඩ්ඩ වෙලාවක් සමහරු බාවනා කරනවත් දකිනව

      පොඩි හාමුදුරුවො ගැන මට ඉස්සර පැහැදීමක් තිබුනෙ නෑ. ඒත් මං කොහොමත් හාමුදුරු කවුරුවත් එක්ක ආශ්‍රයක් නෑ. ආචාරශීලීවෙන්න ඕනම වුනොත් වඳිනව. එච්චරයි.
      නානසාරවගේ තග්ස්ල, ෆැශනබල් විචිත්‍ර දර්මකතිකයො, පෙලපාලි යන එවුන්, සීලයක් පෙන්නගෙන හොර වැඩ කරන එවුන් වගේ අයට වඩා තමන් ආස වැඩක් කරගෙන (හෙහ් හෙහ් ) නැති සීලයක් නොපෙන්වා දුප්පත් මිනිස්සුන්ට සමාජ සේවය කරන පොඩිහාමුදුරුවො හොඳයි කියල දැන් හිතෙනව. කොහොමවුනත් මට හාමුදුරුවො හිටියත් එකයි නැතත් එකයි, පන්සලේ ඉන්ටෙරෙස්ටින් වටිනාකමක් ඇත්නම් හා නිස්කලන්ක පරිසරයක් ඇත්නම් ඕනම පන්සලක් බලන්න මං යනව

      Delete
  18. දැං ඉන්න උන්ගේ හැටියට ඉතිං පංසලට පූජා භූමිියට යන විදිහ පොඩ්ඩක් කියලා දුන්නට අවුලක් නෑ. ඒත් ඒතෙ උවමනාව තියෙන්නෙ හාමුදුරුවන්ට නෙවෙයි මේ බිස්නස් සමාගම්වලටනේ.................

    ReplyDelete
    Replies
    1. ඔව් බිස්නස් කාරයෝ මෙව්වට හොට දාල තියෙන්නේ මීයක් කඩලා අත ලෙවකන්න නෙවෙයි. නමුත් දරදඬු විදිහට නීති දැමීම නම් මම අනුමත කරන්නේ නැහැ.

      Delete
  19. ජොක්කුන්ටත් මේ නීති අදාලද නැද්ද කියලා මැලිබන් කාරයා ලියලා නෑනෙ.
    මං අඳින්නෙ පාට පාට ජොක්කු. ඒ කියන්නෙ උඩමළුවට ගිහින් හමාරයි. :-)

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, මේ යන විදිහට නම්, තව ටික කාලෙකින් එව්වාත් චෙක් කරයි. :e

      Delete
  20. පන්සල් ගිය කාලයක් මතක නෑ අප්පා..
    මට මතක් උනේම විදේශිකයෙක් එක්ක යන අතර තුර පාසල් නිමවී සුදු ඇඳුමින් එන දරුවන් දැකලා ඒ ඇත්තා කොච්චර පැහැදුනාද කියලා..හැමෝම දන්නවා ඇති බටහිර රටවල පාසැල් දරුවන් අඳින ආකාරය....අපේ සුදු නිල පාසල් ඇඳුමත් එක්ක සංවර බව එකට එතී තියෙනවා නේද?
    කාලෙන් කාලෙට වාසේ දේසේ වෙනස් වෙන නිසා, ඕවා වැඩිය ගනන් ගන්න එපා විචා.....සාධුට ඕක කවුරු හරි නිකන් ගෙනල්ලා හයිකරන්න ඇති ඇඩ් එකක් නිසා....ඕක ස්ටෑන්ඩඩ් දැන්වීමක් ගොඩාක් පන්සල් වල ගහලා තියෙන....
    මම නම් ඔෆිස් එකට අඳින්නෙත් සුදු..මොකෝ අපි එච්චරටම අසංවරයි..ඇඳුමෙන් හරි සංවර වෙන්න එපැයි..නේද විචා...?

    ReplyDelete
    Replies
    1. චී චී චී..................මිත්‍යා දෘෂ්ටිකයා. පන්සල ඇතුලට යන්න බැරිනම් පන්සල ළඟටවත් යන්න බැරිද මං අහන්නේ?

      බිස්නස් කාරයෝ ගහන දැන්වීම් නිසා ධර්මයට අපහාස වෙනවා කියලා හාමුදුරුවරුන්ට තේරෙන්නේ නැද්ද?

      සුදු ඇඳගෙන ඔෆිස් ගියාම කවුද සුදූ කියලා කතාකරන්නේ?

      Delete
    2. චෙෆා/සුදිකයියන්ඩි ගේ අවවාද අනුව මමත් දැන් පලවෙනි දවස් 4 සුදු අදින්නෙ

      Delete
    3. සාදු නෙමෙයි හාමුදුරුවෝ

      Delete
  21. ගොඩක් පන්සල්වල තියන නිවේදන පන්සලෙන් ඉල්ලලා දාපුවා නෙවෙයි කියලයි මටනම් හිතුනේ.... එක එක කොම්පැනි කාරයෝ උන්ට හිතෙන දේවල් දාලා දාපුවා මෙව්වා....... ලොකුසාදුටත් මොනා හරි ලැබෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. කොම්පැනි කාරයෝ ඇවිත් අතට කීයක්හරි මිටමොලවලා ඕනේ කුණුහරපයක් ගහලා ගියත් කමක් නෑ සමහර විහාරාධිපතීන් වහන්සේලාට.

      Delete
  22. රස වින්දෙමි! ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. රසයි. හැබැයි දුකයි.

      Delete
  23. මමත් හිතන්නේ ආගමික ස්තානයකට යන්කොට ඒ විදියට විනීතව, ඇඳගෙන යන්ට ඕනි කියලා. සංවරව හැසිරෙන්ටත් ඕනි. අපේ පන්සලේ හාමුදුරුවෝ අම්මලාට බනිනවා ගෑනු ලමයි පන්සල් ගේන විදිය කියලා. ඉස්සරහින් නැමෙන්ට බෑලු. පස්සෙන් කලිසමත් වැටෙනවලු. ඉතින ඔක්කොම පේනවා. සම්පූර්ණ ඇත්ත. කලිසම් හලාගත්තු කොල්ලෝ ඉන්නවා කැතේ බෑ. :P

    ReplyDelete
    Replies
    1. හරි පොඩ්ඩි. මම කියන්නේ ඕනේ ඇඳුමකින් පන්සලට පලයන් කියලාවත්, පන්සලට හෙළුවෙන් ආවත් ඇතුල්වෙන්න දීපන් කියන එකවත් නෙවෙයි. මේ විදිහට බෝඩ් ගහලා අපි නවත්තන්න හදන්නේ වැරදි හැදියාවක් නිසා ඇතිවන ප්‍රතිඵලය විතරයි. බුදුහාමුදුරුවෝ අපට පෙන්වා දුන්නේ, ඵලය නෙවෙයි හෙතුවයි නැති කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒ ප්ජාලය නැවත නැවතත් ලැබෙනවා. මේ බෝඩ් එක ළඟදී ආපහු හරවා යන අම වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. අපි කුඩා කාලයේ සිට අපේ හැදියාව වර්ධනය කරගන්නේ නැතුව, අවසානයේ පන්සලට ඇතුළුවීමේදී හැදියාව හොයනවා. එය විහිළුවක්. හැදියාව එන්න ඕනේ පවුලෙන්, පාසලෙන්, සමාජයෙන්.

      Delete
    2. පත්තර මල්ලිත් ඉන්නේ කොයි වෙලාවෙත් කලිසම හලාගන

      Delete
    3. කැතේ බැරුව ඇතිනේ? :D

      Delete
    4. පත්තරයෝ, උඹට මැෂින් තුවක්කුවක් එහෙම ඕන්නම් කියපං එකෙක් දෙන්නෙක් බාවන්ඩ

      Delete
  24. මේවා නම් කතා කරලා වැඩක් නෑ. මම දහම් පාසලේ උගන්නන නිසා දන්නවා. එකක්- අම්මල තාත්තල හිතන්නේ පන්සල්/ දහම් පාසල් යන්නේ ෆැෂන් ෂෝ වලට කියල. නැත්තම් තමන්ගේ ඇඟ පෙන්නන්න කියල. මමත් ළමයි හතර පස් දෙනෙක් ගෙවල් වලට හරවල යවල තියනවා හරියට ගඟට නාන්න යනවා වගේ රෙදි ඇඳගෙන ඇවිල්ලා. ඒ නිසා අර සංවරව හැසිරෙන්න කියන බෝඩ් එක නම් හොඳයි. දුම් බීමෙන් වලකින්න කියන්නේ ඔය දැන් ඉන්නවනේ තරුණ පරපුරේ කාලකන්නි ටිකක්- උන් ඇවිල්ල පන්සලේ චෛත්‍යය නැත්තම් බෝධි මළුවට වෙලා සිගරට් බොනවා. ඒ කාලකන්නි දන්නේ නෑ මොනවද තැනකට ගියහම කරන්න ඕනේ කියල.
    මේකයි වැරැද්ද- දැන් ඉන්න උන් ඉගෙනගන්නේ එක්සෑම් පාස් වෙන්න විතරයි. පොතේ දැනුම විතරයි අම්මලටත් වැදගත්. ළමයා මිනී මැරුවත් ප්‍රශ්නයක් නෑ එක්සෑම් ටික පාස් වෙනවා නම්. මීට වඩා කියන්න කැමති නෑ. මේකත් අර කලින් කියපු මළගෙවල් කතාව වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. //මේකයි වැරැද්ද- දැන් ඉන්න උන් ඉගෙනගන්නේ එක්සෑම් පාස් වෙන්න විතරයි. පොතේ දැනුම විතරයි අම්මලටත් වැදගත්. ළමයා මිනී මැරුවත් ප්‍රශ්නයක් නෑ එක්සෑම් ටික පාස් වෙනවා නම්//

      අන්න ඒ වැරැද්ද තමා මමත් පෙන්නලා දෙන්නේ. විෂය කරුණු උගන්නනවා සදාචාරය උගන්නන්නේ නැහැ. පන්සලට ඇතුළු වෙන්න එන එකා ආපහු හරවා යැවීම බුද්ධාගම නෙවෙයි. ඌව ඇතුලට අරන් හරි වැරැද්ද කියලා දීමයි බුද්ධාගම. එහෙම නොකලොත් ඌ පන්සලටත් ආගමටත් වෛර කරනවා විතරයි.

      Delete
  25. පන්සල් නොගිහින් හිටියම ඉවරයි නොව ,පන්සලට නවෙයි කොහෙටත් ගැලපෙන විදිහට අඳින්න , කාටකාටත් ස්වයං හික්මීමක් තියෙන්න ඕන , එක බෝඩ් ගහලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි .

    ReplyDelete
    Replies
    1. පන්සල් යන්න ඕනේ. නොවරදවාම යන්න ඕනේ. හැබැයි හොඳ හාමුදුරුවරු ඉන්න පන්සල්. ධර්මය උගතහැකි පන්සල්. ඒ පන්සල් වලට ටික කාලයක් ගියාම, අපේ චර්යාව ඉබේම හරියනවා. ඊටපස්සේ කවුරුවත් කියන්න ඕනේ නැහැ පන්සලට අඳින ඇඳුම් ගැන.

      Delete
  26. රෝමයේ වතිකානුවට කොටට ඇදන් ඇතුල් වෙන්න දෙන්නේ නෑ....දේශිකයින් නම් ඒ ගැන දැනුවත්.... විදේශිකයින් කොටට ඇදන් ඉන්නවා නම් ශාර්ෆා(රෙද්දක්) ඉන වට දමා ගෙන යනවා....
    මම නම් කැමති එදා ඉදන් පන්සල් වලට සුදු අදින අයට... ඒත් ඉතින් මාමා කියන සාම්පලේට කලිසම කලු උනොත් මාර වැඩේ තමා වෙන්නේ...බෝඩ් කෑලි වල දේවල් අපේ මිනිස්සු කරනවා නම් ඉතින් ලංකාවත් ඉතින් වෙනස් වෙන්න තිබ්බා.......
    අම්මපා අපේ උන්ගේ මොලේ තමා මොලේ....හැබැටම පන්සලක් ඔය කියන විදිහට පුජනීයම නම් මොකටද ඔය දැන්වීම් යටින් වෙළද ප්‍රචාරන ගහගන්නේ....හොදක් කරන මුවාවෙන් පන්සල් බිමේ කරන්නේ වෙළද ප්‍රචාර නොවේද? දන් නැති කමට අහන්නේ....

    ReplyDelete
    Replies
    1. කුමන ආගමේ කුමන සිද්ධස්තානයකට ඇතුළු වුනත්, අපි හිතන්න ඕනේ, මම මේ යන්නේ, ආගම් කර්තෘ කෙනෙකුගේ ධර්මයෙහි ඇති වැදගත්කම, ගෞරවය, සහිතවූ ස්ථානයකට කියා. ඒ අනුව මගේ ඇඳුම කෙබඳු වියයුතුද කියා යම්කිසිවකු මට ඇඟිල්ලෙන් ඇණ කියාදෙන්න වෙනවා නම්, එයින් පෙනෙන්නේ මා නොහික්මුණු එකෙක් බවයි.

      වෙළෙන්දෝ කියන්නේ තමන්ගේ අම්මගේ රෙද්දේ වුනත් ඇඩ් එකක් දාන්න බලන සත්ව කොට්ඨාශයක් නේ.

      Delete
  27. අපේ කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් හින්ද තමයි විචෝ ඔය වගේ බෝඩ් ගහල උන්ව සංවර කරන්න වෙලා තියෙන්නේ...

    ඔතන තියෙන එක ම කචල් එක බෝඩ් එකෙත් බිස්කට් විකුණන එක. එව්වා සංවර ද විනීත ද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. බාගෙට ඇඳන් එන එක නම් දරුවෝ දෙන්නා තුන්දෙනා ඉන්න අම්මලත් කරනවා. බෝඩ් ගහලා හැදියාව දියුණු කරන්න බැහැ. ඒක පුංචි කාලයේ ඉඳලා, දෙමව්පියන්ගෙන්, පාසලෙන්, දහම් පාසලෙන්, ලැබියයුතු දෙයක්. කුණු වෙච්ච සමාජයක් හදන්න වෙන්නේ පන්සලෙත් බෝඩ් ගහලා නම්, අපේ තත්වය මොකක්ද කියන එක එයින්ම පෙනෙනවා.

      Delete
  28. දැං ලව් කොරන්නත් පංසල් යනව නෙව.ඒ නමට මුවා වෙලා අහු මුලු වල රිංගනවා.අනුන්ව කුප්පන ඇඳුම් ඇඳන් එනවා.ඇත්තටම සිහි එලවා ගන්න කියන එක තමයි කියන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ලව් කරන එවුන් ලව් කරන්න ඕනේ. නමුත් උන්ගේ මොලය ඇතුලේ බුද්ධිය කළඳක්වත් තියෙන්නේ ඕනේ පන්සලේ දී ලව් නොකරන්න. ඒකට මේ විදිහට බෝඩ් ගහන්න වෙලා තියෙන්නේ අපේ සමාජය විසින් උන්ව හරියට හදලා අනති නිසා. උන්ව හදන්න ඕනේ පන්සලේ බෝඩ් එකෙන් නෙවෙයි, සමාජයෙන්මයි.

      Delete
  29. ඇඳුම සංවරවීම කිව්වම ඒ මොන තරමටද කියලා නියමයක් කරන්න බෑ. ඕවා මට හිතෙන්නේ හාමුදුරුවන්ට ඕනි හින්දාමත් ගහන බෝඩ් නෙමේ. අපේ කොම්පැනි කාරයෝ කොයි තරම් පහත් අඩියකට බැහැලද කියනවානං, කොමෝඩ් එකක ඇතුල් පැත්තෙ වුණත් අලවයි...
    “ඔබේ සෞඛ්‍යාරක්ෂාව සඳහා සබන් යොදා ...... සෝදන්න-
    - සිද්ධාලේප වෙද මහත්තයාගේ සමාජ සත්කාරයක්“

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් සමහර අය සුදු සාරිය ඇඳලා ආවට, බුරිය එළියේ, ජංගියේ දාර බේරිලා පේනවා, හැට්ටය අස්සෙන් බ්‍රසියරය විනිවිද පේනවා. හැබැයි ඒවා පෙනෙන්නේ කොහොමද? අපි හොයා හොයා බලන නිසා. ඉතිං මධු පන්සලට ගියාම, බිම බලාගෙන, අපේ වැඩේ කරගෙන ආවම ඉවරයිනේ. නැත්නම් අපි පන්සල ඇතුලේදීත් පව් පුරවගන්නවා.

      හිහ් හිහ්, තව කාලයක් ගියාම ළඟ ඉඳලා උන්ගේ ගානේ සබන් ගාලා හෝදලත් දෙයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }