හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ................. (තුන්වැනි කොටස)

AAA
 මේ ලිපි මාලාව ගැන, ඔබ බොහෝ දෙනෙකු තුළ, දැඩි උනන්දුවක් ඇති බව, ඒ සම්බන්ධ අදහස් දැක්වීම් මගින් දකින්නට ලැබෙනවා. අපි පුංචි රටක් වුනත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙත පිරිනමනු ලබන පදක්කම්, සෑහෙන ගණනක් තිබෙනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් නේද, ලෝකයේ විශාල රටවල, කොපමණ පදක්කම් ප්‍රමාණයක් ඇද්ද කියලා. ලිපි මාලාවේ කලින් කොටස් නොකියවූ අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින්, කියවන්න පුළුවන්.  මෙතෙක් මා ඔබවෙත පදක්කම් හඳුන්වාදීම කළා. අද ඒ පදක්කම් හඳුන්වාදීමේ අවසාන කොටසයි ඉදිරිපත් කරන්නේ.

   පසුගිය ලිපිය අපි අවසන් කළේ, ක්‍රියාන්විත මෙහෙයුම් සම්බන්ධව පිරිනැමෙන පදක්කම් පිළිබඳව විස්තර කිරීමෙන්. තවත් වර්ගීකරණ තුනක් තියනවා. ඒවා කෙටියෙන් සලකා බලමු.


5. රාජ්‍යත්වය සහ පරිපාලන භූමිකාව වෙනස්වීම පිලිබඳ අනුස්මරණ පදක්කම්
     Coronation/Inauguration Medals


1. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා ප්‍රතිෂ්ඨාපන අනුස්මරණ පදක්කම - 1956
    Ceylon Armed Services Inauguration Medal - 1956

25
   මේ පදක්කම මීට පෙර 1951 වර්ෂයේදීද නිකුත්කර තිබෙනවා. නමුත් අද එය භාවිතයේ නැහැ. 1956 දී නැවත නිකුත් කළ පදක්කම තමා අද පිළිගන්නේ. ඒ කාලයේ ත්‍රිවිධ හමුදා සේවයේ යෙදී සිටි සියලු නිලයන්ට මෙය හිමිවුණා. මැද රතු පැහැති පළල තීරුවකින් යුත් පීත්ත පටියේ දෙපස රිදී, කහ, කොළ, ගුරු, යන පැහැයෙන් යුත් වර්ණ තීරු ඇති අතර, ඉදිරිපස, ශ්‍රී ලංකාව ජනරජයක් වීමට පෙර භාවිත කල රාජ්‍ය ලාංඡනයත්, පසුපස II වැනි එළිසබෙත් රැජිනගේ රූපයත්, දකින්නට ලැබෙනවා. මිශ්‍ර ලෝහයෙන් නිමවූ, ලෝකඩ පැහැති පදක්කමක්. 


2. II වැනි එළිසබෙත් රැජිණියගේ මෞලි මංගල්‍ය අනුස්මරණ පදක්කම - 1953 
     Queen Elizabeth II Coronation Medal - 1953 

18
   අද නම් මේ පදක්කම පළඳින කෙනෙක් දකින්නට නැහැ. ඒ කාලයේ සේවයේ යෙදී සිටි යට පමණක් හිමිවූවක්. නමුත් තවමත් වලංගු පදක්කමක්. දෙපස රතු පැහැති තීරු දෙකක් සහ මද කළු තීරුවක් සහිත පීත්ත පටියට පදක්කම අමුණා තිබෙන්නේ කාදුවකින්. ඉදිරිපස රැජිණගේ අනුරුවක් සහ පසුපස බ්‍රිතාන්‍ය කිරීටයේ අනුරුවක් ඇතුලත් වෙනවා. රන් පැහැති ලෝහයකින් නිමවූවක්. 


1. ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම - 1972 
    Republic of Sri Lanka Armed Services Medal 1972 

17


 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, ශ්‍රී ලංකාව ජනරජයක් වීම අනුස්මරණය කිරීම සඳහා මෙම පදක්කම නිකුත් කෙරුණ අතර, එවකට සේවයේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන් වෙත ප්‍රදානය කෙරුණා. රිදී පැහැති පදක්කමේ මුහුණත නව ජනරජයේ රාජ්‍ය ලාංඡනයත්, පසුපස ත්‍රිවිධ හමුදා නිරූපණය වන ලාංඡනයත් ඇතුලත්ව තිබෙනවා. පීත්ත පටියේ, නිල් පැහැති පසුබිමක, රතු, රිදී, කහ, යන වර්ණ වලින් යුත් සිහින් තීරු දෙපස පිහිටා තිබෙනවා. 


2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 
    විධායක ජනාධිපති ධුරය පිහිටවීම අනුස්මරණ පදක්කම - 1978 
    Executive President Inauguration Medal - 1978  

24
   1978 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇරඹුණු, විධායක ජනාධිපති ධුරය පිහිටවීම ( නව සේනාධිනායකයකු බිහිවීම, එතෙක් සිටියේ අග්‍රාණ්ඩුකාර කාර වරයායි) අනුස්මරණය කිරීම සඳහා, 1978 වර්ෂය වනවිට, ත්‍රිවිධ හමුදා සේවයේ යෙදීසිටි, සියලු නිලයන් වෙත මේ පදක්කම පිරිනැමුණා. රන් පැහැති ලෝහයකින් නිමවූ මේ පදක්කම මගින්, ධර්ම චක්‍රය නිරූපණය කෙරෙනවා. පීත්ත පටිය හරිමැද, රිදී පැහැති සිහින් තීරුවක් තිබෙන අතර, දෙපස එක හා සමාන කළු, රතු, කහ, පැහැති තීරු දක්නට ලැබෙනවා. 



6. සංවත්සර අනුස්මරණ පදක්කම්
    Anniversary Medals  

   මෙවැනි පදක්කම් නිකුත් කරන්නේ, කාලීනව අනුස්මරණය කරන විශේෂ සංවත්සර අවස්ථා වලදීයි. එම සංවත්සරය පැවැත්වෙන කාලයේ ත්‍රිවිධ හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටින සියලු නිලයන්ට මේ පදක්කම් පිරිනැමෙනවා. 


1. ශ්‍රී ලංකා යුද හමුදා 25 වැනි සංවත්සර පදක්කම - 1974 
    Sri Lanka Army 25th Anniversary Medal - 1974 

19
   ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිෂ්ඨාපනය කර තිබෙන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතින්. ඒ අනුව 1974 වර්ෂය වනවිට වසර 25 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මේ පදක්කම එවකට යුද හමුදාවේ සේවය කල සියලු නිලයන්ට පිරිනමා තිබෙනවා. රිදී පති මිශ්‍ර ලෝහ පදක්කමේ මුහුණත පැරණි සාම්ප්‍රදායික කදු දෙකකට මැදිව පිහිටි ජනරජ ලාංඡනය සහ පසුපස රාජ්‍ය ලාංඡනය පමණක් දැක්වෙනවා. මැද රතු පැහැති තීරුවකින්ද දෙපස නිල් සහ රිදී පැහැති තීරුවලින්ද යුක්ත පීත්ත පටියක් මේ පදක්කමට තිබෙනවා. 

  මේ ආකාරයටම, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද, 25 වැනි සංවත්සර පදක්කමක් සහ 50 වැනි සංවත්සර පදක්කමක්, ඔවුන්ට අදාල වර්ෂ වලදී පිරිනමා තිබෙනවා.


2. ශ්‍රී ලංකා යුද හමුදා 50 වැනි සංවත්සර පදක්කම - 1999 
    Sri Lanka Army 50th Anniversary Medal - 1999 

21
   දීර්ඝ විස්තරයක් කිරීමට අවශ්‍ය නැහැනේ. ඉහත 25 වැනි සංවත්සර පදක්කම නිකුත්කළ ආකාරයටමයි, මේ පදක්කම  නිකුත් කර තිබෙන්නේ. ජාතික ධජයේ සහ යුද හමුදා ධජයේ ඇති වර්ණ මෙම පදක්කමේ පීත්ත පටියට ඇතුලත් කර තිබෙනවා. ලෝකඩ වැනි පැහැයකින් යුත් මිශ්‍ර ලෝහ පදක්කමේ ඉදිරිපස සොල්දාදුවකුගේ රූපය, යුද හමුදා ලාංඡනය, 50 ඉලක්කම නිරූපණය වන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය නිරූපණය වෙනවා.


5. 50 වැනි නිදහස් දින සමරු පදක්කම - 1998 
    50th Independence Anniversary Medal - 1998

20
   1948 පෙබරවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා, 1998 වර්ෂය වනවිට වසර 50 ක් සම්පූර්ණවීම නිමිත්තෙත්, 1998 දී ත්‍රිවිධ හමුදාවේ සේවය කල සියලු නිලයන් වෙත, මේ පදක්කම පිරිනැමුණා. රිදී පති මිශ්‍රලෝහ පදක්කමේ මුහුණත 50 ඉලක්කම සහ නෙලුම් මලක මෝස්තරයක් නිරූපණය වන අතර පසුපස රාජ්‍ය ලාංඡනය තිබෙනවා. කහ රන්වන් පැහැති පීත්ත පටියේ මැද ථ්රිඑඉධ හමුදා නියෝජනය වන වර්ණ පටි යොදා තිබෙනවා. 


6. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ශත සංවත්සර පදක්කම - 1981 
    Sri Lanka Army Volunteer Fore Centenary Medal - 1981

26
   අපේ රටේ නිත්‍ය හමුදාව පිහිටුවන්නට කලින්, බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි යුද හමුදාවක් පිහිටුවා තිබෙනේ. එය, ස්වේච්ඡා හමුදාවක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ගැන පසුව ලියන්නම්. ඒ අනුව, ස්වේච්ඡා හමුදාව, නිත්‍ය හමුදාවට වඩා පරණයි. ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය පවා පිහිටුවා තිබෙන්නේ, 1881 දී. ඒ අනුව, 1981 දී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට, වසර 100 ක් සම්පූර්ණවීම අනුස්මරණය කිරීම සඳහා, එවකට, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ, සක්‍රිය සේවයේ යෙදී සිටි සියලු නිලයන් වෙත, මේ පදක්කම ප්‍රදානය කෙරුණා. පීත්ත පටියේ ඇති කහ සහ කළු වර්ණ වලින් නිරූපණය වන්නේ ස්වේච්ඡා බලසේනාවේ වර්ණ. රිදී පැහැති මිශ්‍ර ලෝහ පදක්කමේ මුහුණත, ස්වේච්ඡා බලසේනා ලාංඡනයත්, පසුපස, ජනරජ ලාංඡනයත් ඇතුලත් වෙනවා. 



7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක කටයුතු වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් 
    United Nations Peacekeeping Service Medals 

1. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොංගෝ පදක්කම 
    United Nations Congo Medal 

28
   1960 දී, කොංගෝ රාජ්‍යය, ප්‍රංශ අධිරාජ්‍ය පාලනයෙන් මිදී, නිදහස් රාජ්‍යයක් වීමත් සමගම, එරට තුළ, දේශපාලන වියවුල් සහ සන්නද්ධ ගැටුම් උත්සන්න වුනා. මේ පිළිබඳව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ සංවිධානය, සාමසාධක හමුදාවක් යෙදවීමට තීරණය කළා. එම සාම සාධක හමුදාවේ සේවය සඳහා, සෑම රටකින්ම පැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත, මේ පදක්කම පිරිනැමුණා. මේ පදක්කම අදටත් වලංගුයි.  තඹ පැහැයෙන් යුත් පදක්කමේ ඉදිරිපස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය ඇතුලත් වෙනවා. මා, මෙම පදක්කම දැක නැහැ.  


2. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම - 2004 (හයිටි)
    UN Peacekeeping Force Medal - 2004 - (Haiti) 

29

   මෙම පදක්කම MINUSTAH යන කෙටි යෙදුමෙන් හඳුන්වනවා. එයින් අදහස් කරන්නේ United Nations Stabilization Mission In Haiti (UNSTAMIH) යන්නයි.  MINUSTAH යන්න සෑදී තිබෙන්නේ, මෙම සාම සාධක හමුදා මෙහෙයුමේ, ප්‍රධානතම භූමිකාවක් ඉටුකළ, ප්‍රංශ හමුදා විසින්, ප්‍රංශ භාෂාවෙන්, මෙම මෙහෙයුම හැඳින්වූ,  Mission des Nations Unies pour la stabilisation en Haïti යන්නෙහි මුල අකුරු ගෙන, කෙටි යෙදුමක් සැකසීමෙන්. මෙම මෙහෙයුමට සම්බන්ධවූ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ, නිත්‍ය සහ ස්වේච්ඡා ඒකක වලට අයත් සියලු නිලයන් වෙත, මෙම පදක්කම ප්‍රදානය කෙරෙනවා. පදක්කම ලෝකඩ වැනි ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය දක්නට ලැබෙනවා. පීත්ත පටිය ලා නිල්, සුදු, කොළ, තද නිල්, යන වර්ණ වලින් යුක්තයි.

   පදක්කම් හඳුන්වාදීම මෙතෙකින් අවසන් වෙනවා. නමුත්, පදක්කම් කතාව තවත් ඉදිරියට යනවා. මෙහිදී මා අවධාරණය කරනවා, අද භාවිතයේ නැති පදක්කම්, මෙම විස්තරයට ඇතුලත් කර නැති බව. ඒ සියල්ල කියන්නට යාම, ලිපිය නීරස වන්නට හේතුවෙතැයි සිතනවා. ඔබ මේ දැනගත්තේ අපේ ත්‍රිවිධ හමුදාවටම පොදුවූ පදක්කම් පමණයි. මා යුද හමුදා සාමාජිකයකු නිසා, යුද හමුදාවට පමණක් ආවේනික පදක්කම් ගැනත්, මෙහි සඳහන් කර තිබෙනවා.

   නමුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ආවේනික පදක්කම් ඇති අතර, ඒ පිලිබඳ විස්තර මා නොදන්නා නිසා, ලියන්නට නොහැකිවීම ගැන කණගාටු වෙනවා.  

   පදක්කම් ලැබුන පලියට ඒවා පළඳින්නට බැහැ. ඒ සඳහා අදාළ හමුදා නියෝග තිබෙනවා. පදක්කම් පැළඳිය යුත්තේ, ඒ හමුදා නියෝග අනුවයි. සෑම පදක්කමකට ම, ජ්‍යොෂ්ඨත්වයක් තිබෙනවා, මේ ලිපියේ මා දක්වා ඇති පදක්කම් පින්තූරවල, කුඩාවට ඉලක්කමක් සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ජ්‍යොෂ්ඨත්වයයි. එමෙන්ම ඔබ දැක ඇති, හමුදා සාමාජිකයන්, මේ පදක්කම්, සෑම නිළ ඇඳුමකම පළඳින්නේ නැහැ. සමහර නිළ ඇඳුම්වල, ඔවුන් පළඳින්නේ වර්ණ පටි විශේෂයක්. ඒ පටි වලින් මේ පදක්කම් නියෝජනය වෙනවා. ඒ තොරතුරු ඊළඟ කොටසේදී සාකච්ඡා කරමු. 


2015 ජූනි මස 29 වැනි දින 0041 පැය 

51 comments :

  1. අගය කරනවා සර් ගොඩක්. සර් මේ ලියන ලිපි ගොඩක් වැදගත් සිවිල් අයට වගේම අපිටත්.
    කපිතන් කේඩබ්එස්ආර් SLSC

    ReplyDelete
    Replies
    1. SIQ එකට පිං සිද්ද වෙන්න මම මේ ලිපි සේරම කියවනවා. ඇත්තටම ගොඩක් වැදගත් ලිපි ගොඩක් තියනවා සර්. සුපර්බ්...

      Delete
    2. කව්ද බං විචා මේ.. උඹගේ බඩියාද??

      Delete
    3. @ ජෙමාගේ හතරවරංJune 29, 2015 at 1:00 AM

      ස්තුතියි. මොකද දිගටම SIQ ඉන්නද කල්පනාව? :e

      @ දේශ්

      යකෝ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකුටවත් බැහැ කැප්ටන් කෙනෙක් බඩියා හැටියට තියාගන්න.

      Delete
    4. මේ හුයන්න හරි යන්නේ නැ , දැන් දැන් පොලිස්කාරයොයි , ආම්කාරයොයි , නේවිකාරයොයි ඒක එක බල කදවුරු ඇති වෙනව ,

      තව අඩු එක කාරයයි පුලුවන්නං කියහල්ලා බලන්ඩ

      Delete
    5. හැබැයි මට දැනුන විදිහට එක ඒ කාරයෙක් ඉන්නව බ්ලොග් කියවන , රටේ මිනිස්සු නමින්ම දැනගත්ත ( නරක වැඩක් හන්දා )

      පොර නං එයි කියල හිතන්ඩ බැ ලියන්ඩ , හැබැයි ඒ කාරයෙකුත් ඉන්නවනං මල් මසුරං , හොද ලස්සන කතා පිරිච්ච පොට් එකක් , කොහෙද කියල කියමු බලන්ඩ.

      Delete
    6. SIQ තව දවස් දෙකක් තියනෝ....

      Delete
    7. @ අටම්පහුරJune 29, 2015 at 11:58 PM
      ඕනි හුයන්නක්.පොලිස්කාරයොයි , ආම්කාරයොයි , නේවිකාරයොයි නැත්නම් මේ රටට අද මොන හුයන්නක් වෙලා තියේවිද කියලා දෙයියෝ තමයි දන්නේ...

      Delete
    8. අටම්පහුරJune 30, 2015 at 12:02 AM

      කවුද යකෝ?

      Delete
    9. අටමා අගය නොකර කියහන්..

      Delete
  2. හයියූ.. මේවායින් දෙකනේ තියෙන්නේ. 5 සහ 2 ට පැරරල් නාහ එක.. ඊලඟ කෑල්ල තවත් රසවත් කියල හිතෙනවලු.

    ReplyDelete
    Replies
    1. මොනවා හරි තියනවනේ. ඒකනේ වැදගත්. නාහ එව්වගේ පින්තූර තියනවනම් විස්තර එක්ක කමෙන්ට් එකට දාන්න. ඊළඟ කොටස ලියමින් පවතී.

      Delete
    2. The Parama Weera Vibhushanaya and Bar are awarded as a reward for individual acts
      of gallantry and conspicuous bravery of the most exceptional order in the face of the
      enemy, performed voluntarily whilst on active service, and with no regard to the risks
      to his own life and security with the objective of safeguarding thereby the lives of his
      comrades or facilitating the operational aim of his force.

      Delete
    3. The Weerodara Vibhushanaya and the Bar are conferred as a reward for individual acts of gallantry and conspicuous bravery of a non military nature of the most exceptional order performed voluntarily with no regard to the risk to his own life and security with the objective of saving or safeguarding thereby the life or lives of a person or persons imperiled by death or for a meritorious act or a series of acts of humane nature of an exceptional order displayed in saving life from drowning, fire and rescue operations in mines, floods and similar calamities under circumstances of grave bodily injury or great danger to the life of the rescuer. The degree of courage and promptitude displayed shall be taken into consideration.

      Delete
    4. The Weera Wickrama Vibhushanaya and the Bar are conferred as a reward for individual acts of gallantry and conspicuous bravery of a military nature of a high order in the face of the enemy, performed voluntarily whilst on active service without regard for his own security with the objective of safeguarding thereby the lives of his comrades or facilitating the operational aim of his force or for a meritorious act or a series of acts of a human nature of high order displayed in saving life from drowning, fire and rescue operations in mines, floods and similar calamities under circumstances of bodily injury or danger to the life of the rescuer. The degree of courage and promptitude displayed shall be taken into consideration

      Delete
    5. The Rana Wickrama Padakkama and Bar are awarded as a reward for individual or associated acts of bravery in the face of the enemy and performed voluntarily

      Delete
    6. Rana Sura Padakkama and Bar are awarded as a reward for individual acts of
      distinguished conduct in the face of the enemy

      Delete
    7. Thank you so much for this contribution.

      Delete
  3. ගොඩක් හොදයි. ඒත් බඩට යටින් එල්ලං ඉන්න පදක්කම ගැන තාම මුකුත් කිව්වේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒ පදක්කම ගැන විස්තර කියලා වැඩක් නෑ බං. හම්බවෙච්ච දවසක දෙන්නම්කො උඹට අතපතගාලම බලන්න.

      Delete
    2. අප්පෝ එපා ඕකා හපයි

      Delete
    3. හිහ් හිහ්, ආඳා මාලුවෙක් හපන්න හැදුවා වගේ දැනෙයි.

      Delete
    4. @ අටම්පහුරJune 30, 2015 at 12:03 AM
      හප්පා වසාායි....!!

      Delete
  4. හොඳයි හොඳයි අනික්ව ගැනත් කියමුකො.

    අර 50 වෙනි නිදහස් එකේ තියෙන ලෝගෝ එකනං ඒ දවස්වල දෙකේ කාසියකද කොහෙදත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. ඊළඟ කොටස ඉක්මනින් දෙන්නම්.

      අම්මපා මටත් මතකයක් තියනවා අරවගේ කාසියක් ගැන. මුන් වැඩිපුර ගහපු කාසි පදක්කම් වලට හැරෙව්වද දන්නේ නෑ. :e

      Delete
  5. 1. සියළුම නිළයන්ට පදක්කම් දෙනවිට (විධායක ජනාධිපති පත්වූ අවස්ථාව වගේ) උත්සවයකින් කරන්න අමාරුයි නේද? එවිට නිකංම බෙදාහරිනවද?
    2. අර 18, 19 වගේ අංකයද ජ්‍යෙෂ්ඨත්වය දක්වනවා කිව්වෙ?

    අන්න අර පටි ජාතිය ගැන තමා මම කලින් ලිපියේ ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. 1. ඔව් මධු, මුළු ත්‍රිවිධ හමුදාවටම පොදුවේ ලැබෙන පදක්කම්, කීපයක් පමණක්, නිළ වශයෙන් උත්සවයක් තබා දෙනවා. අනික් සියල්ල බෙදා හරිනවා.

      2. හරියට හරි.

      ඒ වර්ණ පටි ගැන ඊළඟ කොටසේදී කියන්නම්.

      Delete
  6. කියෙව්වා , එත් දැන් අර ඔයාගේ ආමි ජෝක් පොස්ට් එකක් දාන්න කාලේ හරි වගේ

    ReplyDelete
    Replies
    1. ආමි ජෝක්ස් ගොඩක් එකතුවෙලා තියනවා ඉවාන්. ඒවා සමහරක් සිංහලට පරිවර්තනය කලාම නිකම් ඩ්‍රයි ජෝක්ස් වෙනවා. අර මුල් කතාවේ රසය නැහැ. සමහර එව්වා.....බුදු අම්මෝ.....වර්ගයේ. ඒ නිසා ලියන්න බැහැ. නමුත් වැඩේ අතෑරලා නැහැ. මේ ලිපි මාලාව ඊළඟ ලිපියෙන් අවසන්. ඊට පස්සේ ලියමු එකක්.

      Delete
    2. මහත්තයෝ ඔයා නිතරම බලන මේල් එක මොකක්ද , අර මෙන්ඩිස් කට්ටගේ මේල් එකත් ඔයා දන්නවද

      Delete
    3. @ අටම්

      මෙන්ඩා මට මේල් එවනු නොලැබේ.

      Delete
    4. අටමා උඔට මෙිල් එක දාන්නම්

      Delete
  7. රැජිනගේ කාලේ දුන්න පදක්කම් නුත් තවම දෙනවා ඒ කියන්නේ.
    http://nelumyaya.com/?p=3375

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. අලුතෙන් දෙන්නේ නැහැ. ඒ කාලේ දීපු ඒවා තවමත් වලංගුයි. දෙවැනි ලෝක යුද සමයේ සේවය කලසමහරෙකු ළඟ මේ පදක්කම් තවම තියනවා.

      Delete
  8. athe gahana kurulloooooooo natheyi mama

    ReplyDelete
    Replies
    1. නෑ... වෙන වැඩක් කරන සාජන්ට් ලා නම් ඉන්නවලු...

      Delete
    2. ane shoooooooooooi mamath yanawa hamudawta

      Delete
    3. @ AnonymousJune 30, 2015 at 3:38 PM

      අන්න එල කොල්ලෙක්
      හමුදා නිලධාරියෙක් හෝ සෙසුනිලයකේ වෙන්න බෑ ලේසියෙන්. ඒකට ඇගේපතේ හයිය වගේම හිතේ හයියත් ඕනි. ටැලන්ට් එක, උගත්කම එක්ක ඉහලටම යන්නත් පුළුවං. රෙස්පෙක්ටබල් ජොබ් එකක්.

      දන්නවද සෙබල මව/පියා කියන්නේ විරු මවක්/පියෙක් ( මම ඒකෙන් අනික් දෙමාපියන් අඩු වටිනාකමක් දැම්මේ නෑ.)
      ඒ වගේම තවත් කියමනක් තියනවා... සෙබල බිරින්දෑ සැමදා මනාලියකි. (වලතු විදියට හිතන්න එපා යකූ)

      Delete
  9. මෙච්චර පදක්කම් ගොඩක් තියෙනවා කියල මම නම් හිතුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැනට පාවිච්චියේ නැති තවත් පදක්කම් තිබෙනවා. ඒවා ගැන කිව්වේ නැහැ. දිග වැඩිවන නිසා.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ගොඩක් වටිනා ලිපි පෙළක්. පළවෙනි එක කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනා. දෙවැනි එකත් එක්කම මේ ලිපිය කියෙව්වෙ. දැන් අදහසක් තියෙනවා තරමක් දුරට මේ පදක්කම් ගැන.

    එතකොට මේ පදක්කම් ලැබෙන කොට ඒ ලැබෙන කෙනාගේ වේතනය වැඩි වීමක් සිදු වෙනවද?

    මේ වගේ අපි නොදත් දේවල් ගැන කියවන්න ආසයි. ඔබට ස්තූතියි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ අදහස් වලට.

      පදක්කම් ලැබුනා කියා වේතනය නම් වැඩිවෙන්නේ නැහැ. නමුත් හමුදාවේ තිබෙනවා යම්, යම්, වෘත්තීය පාඨමාලා. ඒවා සමත් වුනාම වේතනයට දීමනා එකතු වෙනවා.

      Delete
    2. @ විචාරක - WicharakaJune 30, 2015 at 9:18 PM
      සුදුසුතා වැටුප් කියලා කියන්නේ එව්වා වෙන්ටෑ...

      තව සෙසුනිලයින්ට (වෘත්තින්ට ඉදුරාම බදවා ගත්) වෘත්තිය පරීක්ෂණ පාස් උනාමත් යම් ගානක් පඩියට ඇඩ් වෙනවා නේද සර්...?

      Delete
    3. ඔව් ඒවා සුදුසුතා වැටුප් තමා.

      ඔව් වෘත්තිකයන් වශයෙන් කෙලින්ම බඳවාගන්නා නිලධාරීන්ටත්, සෙසු නිලයන්ටත්, යම් යම් විශේෂ දීමනා ලැබෙනවා.

      Delete
  13. ලැබුන පලියට පලදින්න බෑ කියන්නෙ ඇයි?
    නිලධාරියෙක් යුරෝපිය අැදුම අදින අවස්තාවකත් පදක්කම් පලදින්න පුලුවන්ද?
    එල ද බ්‍රා විචාරයක්

    ReplyDelete
    Replies
    1. ලැබුන පලියට අඳින්න බැහැ කියන්නේ මෙහෙමයි දැන් ඔන්න මට පදක්කම් කීපයක් ලැබෙනවා. මම හිතනවා පදක්කම් පේලියේ මුලින්ම මෙන්න මේ පදක්කම ගහනවා ඊළඟට මේක, ඊළඟට මේක, ආදී වශයෙන් මම පදක්කම් ගහනවා. අන්න එහෙම කරන්න බැහැ. යුද හමුදාවෙන් ඒ ඒ පදක්කමට ජ්‍යොෂ්ඨත්වයක් දීලා තියනවා. ඒ පිළිවෙලටයි පදක්කම් පළඳින්න ඕනේ. ඊළඟ ලිපියේදී කියන්නම්. ඒ පිළිවෙල.

      නිලධාරියෙක් කියන්නේ, විශ්‍රාමික නිලධාරියෙක් යුරෝපීය ඇඳුම හෝ ජාතික ඇඳුම ඇඳ, හමුදාවෙන් හෝ රජයෙන් ආරාධනා ලැබූ උත්සවයකට සහභාගිවීමේදී, එහෙමත් නැත්නම් ආරාධනයක් නැතත්, විශ්‍රාමික නිලධාරියකු, හමුදා අවමංගල්‍යයකට යුරෝපීය ඇඳුමෙන් හෝ ජාතික ඇඳුමෙන් සහභාගී වන්නේ නම්, පදක්කම් පළඳින්න පුළුවන්.

      Delete
    2. පැහැදිලියි...නිවැරදියි...තුමනි..

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }