හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 June 2015

ටෝනි! ඇයි ටෝනි ඔයා ගියේ?

tony
 ටෝනි ඇයි ඔයා ගියේ?........... ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට කියල දුන්නනේ, 'ආදරේ සිහිනයකී කිව්වේ එදා කවුද සුදෝ' කියලා.






 ඔයා ගම්පෙරළියේ දඟකාරයෙක් වගේ පෙන්නුවට, අපිට වැඩිය හිතට වැදුනේ නැහැ. ඒත් පරසතුමල් වලදිනම් ඔයා අපේ හිතේ සදහටම පැලපදියම් වුණා. මතකද දෙලොවක් අතරේදී කාර් එක එලවන ගමන් ඔයා ලස්සන කවියක් කියනවා සුවිනීතාවත් ලඟින් තියාගෙන;
විජිතපුර සටනට - ගොස් එන ගැමුණු කුමරුට
හිතුනා නාන්නට - ගිහින් පැන්නා බෝක්කුවකට
කියලා.

මතකද ඒ කවිය කියලා හිනාවෙන්න ගිහින් ඔයාගේ අතින් කාර් එකට හැප්පිලා මිනිහෙක් මැරුණා.


ටෝනි, ඇයි මෙහෙම යන්න හිතුනේ. ඔයාගේ කාර්ය භාරය අවසන් කියලා හිතුනද? මමනම් හිතන්නේ නැහැ. නාට්‍ය රචකයකු, නාට්‍ය පරිවර්තකයකු, තිර පිටපත් රචකයකු, වශයෙන් අපි ඔයාගේ සේවය ලබාගත්තේ බොහොම අඩුවෙන් කියලයි මමනම් හිතන්නේ. ඔයාගේ වගේ ලස්සන කඩවසම් පෙනුමක් ගන්න අපිත් ඒ කලේ පුදුම මහන්සියක් ගත්තා. හිනහත් යනවා ඒවා මතකවෙනකොට. හන්තානේ කතාවේ ඔයාගේ කඩවසම් පෙනුම තමයි අපිට ඔයා වගේ වෙන්න ආසාව ඇතිකෙරුවේ.





හැබැයි ඔයා ඒ කඩවසම් බව තියාගත්තේ අව්‍යාජ හදවතක් තියන නිසා බව අපි දන්නවා. අද ඉන්න සමහරු වගේ ලෝකේ තියන තරම් ආලේපන ගාල නෙවෙයි. ඒ වගේමයි ඔයා සිනමා තරුවක් නෙවෙයි නළුවෙක්. ජීවත්වෙන්නම බැරි තැන විතරයි, ඔයා වෙළඳ දැන්වීමක වුණත් පෙනී සිටියේ.

ටෝනි, ඔයාගේ වටිනාකම අපි තේරුම් ගත්තේ,සිනමාවේ වගේම වේදිකාවේත් එක විදිහට දිගටම රැඳී සිටිමින් ඔයා දැක්වුව දක්ෂතා නිසයි. ඔයා කවදාවත් වයසට යන නළුවෙක් නෙවෙයි කියලා මම තේරුම් ගත්තේ පවුරු වළලු බැලුවට පස්සේ. 


ටෝනි, අපිට ඔයා ගැන කියන්න සුදුසුකම් නැහැ. ඔයාම ඔයා ගැන කියන්න.





ටෝනි, යන්නම යන්න එපා. ගිහින් එන්න. දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ආදරේ නිසා තමයි, උන්වහන්සේගේ මෝක්ෂ රාජ්‍යයට, ඔයාව කැඳවන්න ඇත්තේ. දෙව් මව් තුරුලේ සැතපී, නැවත එන්න ටෝනි! 



2015 ජූනි මස 16 වැනි දින 1431 පැය



40 comments :

  1. ආවොත් යන්න ඕනා. ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුළුවන්..

    සුබ ගමන් ටෝනි ! ගිහින් එන්න.

    ReplyDelete
    Replies
    1. ඔහුත් අපිත් ආයෙත් මුණගැහෙයි නේද?

      Delete
    2. නෑ ආයෙ කාවදාවත් නෑ...

      Delete
  2. ස්තූතියි! නැවත එන්න.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මනුස්සයෙකුට විතරයි එහෙම කියන්න පුළුවන්.

      Delete
  3. Replies
    1. ඔව්, ඔහු මොන ආගමේ වුණත් අපි එහෙම පතමු.

      Delete
  4. ටෝනි ඔබට සුබ ගමන් … !!

    ReplyDelete
    Replies
    1. ගිහින් එන්න කියලත් කියමු

      Delete
  5. පට්ට හැන්ඩියෙක්, ප්‍රතිභාපූර්ණ නළුවෙක්, දක්ෂ පරිවර්ථකයෙක්,
    මොනවා කොරන්නෙයි, එන්න කිව්වම යන්න එපාය.
    නැවත හමුවෙමු ආදරණීය ටෝනී.

    ReplyDelete
    Replies
    1. ඔව් නැවත හමුවෙමු කියන එක තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. උතුම් මිනිසෙක්.

      Delete
  6. 1976 වසරේ තිරගතවූ " දුහුළු මලක් " ටෝනිගේ මම බලපු පළමු චිත්‍රපටය...සුබ ගමන්...හිතාදර ටෝනි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම සංවේදී චරිත රංගනයක් නේද ඒ චිත්‍රපටියේ තියෙන්නේ.

      ඔහුට සුබ ගමන්!

      Delete
  7. වර්තමානයේ දහසක් එළුවන් අතරේ, නියම නළුවෙක්. මෙච්චර සංවේදී විදියට ලියන්න එපා බන්. අපිට අඩන්න බෑ ඔෆිස් එකේදී. දයාබර ටෝනි ඔබට මෝක්ෂ සුව !

    ReplyDelete
    Replies
    1. හරියට හරි. හැබැයි අද පරපුරේ කවුරුවත් මෙවැනි අයගෙන් බැරිවෙලාවත් ගුරුහරුකමක් නොගැනීමයි දුක.

      Delete
  8. සඳුන් සෙවණෙ චන්දන අය්යත් අපූරු සටහනක් ලියල තිබ්බ. ජංගමයෙන් කියව කියව කමෙන්ට් කරන හන්ද ලිංක් එක එකතු කරන්නට නොහැකිවට කණගාටුයි.

    මහ කඳුත් පෙරලෙන දවස් ඇති බව
    තුංග රුක් බිම සිඹින දවසක් එන බව
    දැන සිටියෙමු... නොඇදහූවෙමු
    ඔබ නික්ම ගිය වග අසන තෙක්....

    ReplyDelete
    Replies
    1. මම චන්දනගේ ලිපියත් කියෙව්වා මහේෂ්. ඇත්තටම මේ වටිනා මිනිසා ගැන ලිපි දහසක් ලිව්වත් මදි.

      Delete
  9. ටෝනියා අන්තිමට දැක්කේ අර ක්‍රිම් ක්‍රැකර් ඇඩ් එකේදිද මන්දා..

    ඔය වීඩියෝ කැලි ටික නම් අදයි දැක්කෙ

    ReplyDelete
    Replies
    1. ඔහුගේ චිත්‍රපටි නැවත නැවත බැලීමෙන් පෙනෙනවා කොතරම් උසස් ප්‍රතිභාවක් තිබුණු නළුවකුද කියා.

      Delete
  10. බොහෝ කලකට පෙර දිනක රූපවාහිනියේ, සෙනසුරාදා උදෑසන "ආයුබෝවන් වැඩසටහනට" පැමිණි ටෝනි කියපු කථාවක් සිහිපත් වුණා......

    " අපි ජීවිතයේ කරන තරමක් කරන්නේ හපන්කම් සහ මෝඩකම් ....... පස්සේ, කරපු හපන්කම් ගැන සතුටු වන එක ......ඒවගේම කල මෝඩකම් ගැන දුක් වන එක.......
    කාලයක් ගත වුණාට පස්සේ අර කරපු හපන්කම් ගැන නැවත-නැවත කල්පනා කරනකොට ඒවා විතර තවත් නම් මෝඩකම් කරලා නැහැ කියලා හිතෙනවා..... ඉතින් කනගාටු වනවා.
    ඒකියන්නේ මොනදේ කලත් අවසානයේ අපට ඉතිරි වන්නේ පසුතැවිල්ල විතරයි නේද......" කියලා ඔහුට සුපුරුදු අව්‍යාජ සුන්දර සිනහවෙන් මුව සරසා ගත්තා.

    විචාරක මහතා ඔබගේ හැගුම්බර මෙම සටහන, කිසිදාක නොදූටු ..... මා ආදරය කල ඒ උදාර මිනිසාගේ සුන්දර මතකයන් යලි යලිත් මා ඉදිරියේ මැවී වියැකී හරින්නට වූයේ ...... නෙතගට ආ කදුළු බිදුවක් හා සමග බවත් මතක් කරනු කැමැත්තෙමි. ඒ පිළිබඳ මාගේ ප්‍රණාමයද ඔබ වෙත පුද කරණු කැමැත්තෙමි.

    හිතාදර ටෝනි ඔබට ශුභ ගමන් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ සුන්දර මිනිසා සමග ටිකක් වෙලා කතා කලොත්, දේශනයක් ඇහුවා වගේ, ලොකු පොතක් කියෙව්වා වගේ දැනුමක් ලබාගන්න පුළුවන්.

      ලිපිය ඇගයීම ගැන ඔබට ස්තුතියි.

      Delete
  11. ප්‍රවීණ නළුවන් අතරින් මමත් ගොඩක් ආසකරපු පුද්ගලයෙක්. නැවත මේ වගේ ප්‍රතිභාපුර්ණ, අව්‍යාජ නළුවන් බිහිවෙයිද කියන එක සැකයි.
    ටෝනි මහත්තයාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. අද අපි ඉන්නේ නළු බට්ටන් පිරි සමාජයක. ප්‍රභාපූර්ණ මෙවැනි නළුවන් දිනෙන් දින වඳවී යාම දුකක්.

      Delete
  12. ටෝනි මහත්මයා ඔබට ශුභ ගමන්.....!

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිහෙක් නිසා ඇත්තෙන්ම ඔහුට සුබ ගමනක් හිමියි.

      Delete
  13. කිසිදු නළුවෙක් ලග නැති අමුතු ලස්සනක්, අපුර්ව සුන්දරත්වයක් මං ටෝනිගේ එදා තිරෙන් දැක්ක .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු හදවතින්ම ලස්සන, අද කාලයේ දකින්න දුර්ලභ වර්ගයේ මිනිසෙක්.

      Delete
  14. මාත් හිතන්නේ ටෝනිගේ තිර රචනා, පරිවර්තන වැනි කාර්යයන් කෙරෙහි අවධානය යොමු උනා මදි කියලයි.. තිර පිටපත් ලියන්න තමා ටෝනි බෙස්ට්.... ඕල් ද බෙස්ට් ටෝනි.. බෙල් රැන්ග් සෝ යු හැව් ටු ගෝ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔහුගෙන් තිර පිටපත් රචනය, පරිවර්තනය, වේදිකා නාට්‍ය රචනය අතින් මීට වඩා සේවයක් ගන්නට අපේ සිනමාව සහ වේදිකාව අසමත් වුණා.

      Delete
  15. තරුණ වගේම වැඩිහිටි චරිත වලටත් එකසේ සාධාරණය ඉටුකල ප්‍රතිභාපූර්ණ නළුවෙක්. හොඳ පෞර්ෂයක් වගේම ප්‍රසන්න බවත් නොඅඩුවම තිබුණා. නිවන් සුව පතමු!
    විචාරකතුමා මේ ගැන ලිවීමත් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොරු සෝබන නැති, මාධ්‍ය මගින් තම ප්‍රතිරූපය පුම්බාගන්න උත්සාහ නොකළ ශ්‍රේෂ්ඨ නළුවෙක්.

      Delete
  16. ප්‍රසන්න,ප්‍රවීන,විදග්ධ කලාකරුවෙක්.... ඔබට සුභ ගමන්..!!!
    ලිපිය සම්පාදනය කළ විචාරකතුමාට ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ මිනිස්සු හැමදාම අපේ හදවතේ ජීවත් වෙනවා. අපිට මග පෙන්වනවා.

      ස්තුතියි ලබ්ස්.

      Delete
  17. විශිෂ්ඨයෝ හැම කෙනෙක්ම දැන් සමු අරන්.. හ්ම්ම්.. වෙන මොනවා නම් කියන්නද.. සුබ ගමන්..

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරන්න ඕනේ ඒ විශිෂ්ඨයන්ගේ තත්වයට ආසන්න වන අලුත් පරපුරක් හදන්න. එහෙම නැත්නම් අපි අනාථයි.

      Delete
    2. අළුත් පරපුර?? චී.... මේ වගේ තැනක කියවෙන්නවත් හොඳයිද ඒක.. ඇත්තටම අපිට අපේකාලෙ සෙට් එක කියලා කට ඇරලා කියන්න කෙනෙක් නැති එක නම් ලොකු හිඩසක්...

      Delete
  18. උපන්නොත් මරණය නියතයි. ඒ උනත් මතකය අපි අතරේ සෑහෙන කාලයක් පවතීවි. :(

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වගේ මිනිස්සු ශරීරයෙන් මැරුණත් මතකයෙන් මැරෙන්නේ නැහැ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }