හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 April 2015

එහෙනං හරීටත් හරිගියා ඈ

8
 පොඃ .....................අම්මපා මේක පුදුම මගුල් සක්වලක්නේ. මගුල්, මගුල්, මගුල්, බැලූ බැලූ පැත්තේ මගුල්. කවුරුත් දන්නවානේ අපේ පවුලේ මගුලක් කාලා හුස්මක් ගත්තේ මේ ඊයේ පෙරේදා කියලා. අප්පොච්චියේ ඒ රස්නේ යන්ඩත් කලින් මෙන්න තව මගුලක් ආවේ නැතෑ. මේ මගුලට ආරාධනා පත්තරේ ඇවිත් තිබුණේ අපේ දුවගේ මගුලටත් කලින්. 


img002


Scan_20150430_220106

හිතාගන්ඩ පුලුවන්ද මේ කවුද කියලා?
වෙන කවුරුවත් නෙවෙයි අනේ;

   මදෑ, ඉඳලා ඉඳලා මූත් වැටුනනේ අමාරුවේ. මක්කා කොරන්ඩද ඉතිං. මෙව්වා කාලීන අවශ්‍යතා නේ. අප්පේ මූණ බලන්ඩ එපායැ අද ජෝඩුවගෙම. වෙසක් එකට තොරණේ බැලුප් දැම්මා වගේ ඕං දිස්නේ. හෙහ් හෙහ්.........අම්මපා ඇස්වහක් කටවහක් නෑ, නියමෙට ගැලපෙන ජෝඩුවක් කියලා කට ඇරලා කියන්ඩ පුළුවන්.

   හරියා වැඩකරන කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ම තමා, මනමාල පොඩ්ඩිව හොයාගෙන තියෙන්නේ. හරියා නං ඉතින් ජාඇල පැත්තෙනේ. මනමාලි බණ්ඩාරවෙල. පොඃ මූට පුළුවන්, 'පැණි හඳ' සඳහා බණ්ඩාරවෙල බලා ගුවන්ගත වෙන්ඩ. ජාඇල තියන ගිනි රස්නේ වගේද බණ්ඩාරවෙල තියන සොමිය.

   දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා තමයි මේ ජෝඩුව මුලින්ම අපේ ගෙදර ආවේ. අනේ.....හරියට අයියයි නංගියි වගේ. ඒ කාලේ මම හිතුවේ, මුන් දෙන්නා තව අවුරුදු දෙකතුනක්වත් ඔන්චිල්ලා පැද පැද ඉඳියි කියලා. කොහෙද මුන්ට ඕනෙවෙලා ඉක්මනටම ගැටේ ගහගන්ඩ.

   ඔන්න අද (2015/04/30) තමා දෙන්න නොලිහෙන්ඩම ගැටේ ගහගත්තේ. මමත් ඉතින් උදේ පාන්දරම ගියා හරියාගේ ඉහේ මල් පිපීම බලන්ඩ. ඔන්න ඉතිං මංගල ශාලාව ඇතුලට ගියාම තමයි දැක්කේ, හරියාගේ 'වැඩින් කේකය' ඇන්න ඇවිත් තියෙන්නේ අස්ස කරත්තෙකින් කියලා.   

1

  ඔන්න ඉතිං ඔය කේකය රටපිට එකක්ද? ලංකාවෙද? සඳලංකාවෙද? ආදී වශයෙන් කරුණු හොයාබලමින් ඉන්නකොට, 'ජස්ට් වැඩඩ්' ජෝඩුව, පල්ලියේ සිට ශාලාවට සැපත් වුණා. ආව ගමන්, පහන් දැල්වීම තමයි කළේ. 

2
හරියා ළඟ ඉන්නේ හරියගේ අම්මයි තාත්තයි.

උදේ ඉඳලම මොකුත් කෑවේ නෑ, ඒ නිසා කේක්වත් කමු කියලා, ඔන්න ජෝඩුව කේක් කරත්තේ ලඟට ආවා.

4
අපෙ හරිය මෙන්න - නෝන සමග - කේක් කරත්තේ
   ඔන්න ඉතිං මෙව්වා බලලා මමත් ගිහිං මේසෙක වාඩිවුණා. හත් ඉලව්වට ගහපු හාරත හේරයි කිව්වලු. මෙන්න බොලේ සුදු ජෝඩුවක් ඇවිත් මගේ මේසෙම වාඩිවුණේ නැතැයි. ඇයි දෙයියනේ මේ මොකෑ වෙන්ඩ යන්නේ? කවුද මුන් දෙන්නව මෙතනට එව්වේ? අනුමානයක් නෑ හරියා තමා මේක කොරන්ඩ ඇත්තේ.

   හරි හරි පුතෝ, අහුවෙයන්කෝ මටත් කවදා හරි උඹව. දෙඤ්ඤං පොලියත් එක්කලාම කියලා හිතනකොටම, සුද්දා මට කොටන්ඩ පටන්ගත්තා.

   හෙහ් එව්වා කොහෙද මා එක්ක? මමත් අතෑරියේ නෑ වැඩේ. දෙන්ඩ ගත්තා කාලතුවක්කු බතරොයියක් වගේ. හෙහ් හෙහ් එතනින් එහා සුදා සහ සුද්දී මට වැඩිය කතාකොලේ නැහැ. මොකද උන්ට අපේ බොහොම උසස් ඉංගිරිසි තේරෙන්නේ නෑ. උන් දන්නේ නිකං දෙකයි පනහේ ඉංගිරිසි. අපි එහෙමද? ගෙඩි රුපියල් වලින්ම හැට හුටහමාරකට වැඩිය වියදං කොල්ලා ඉගෙනගත්තු එව්වනේ. මේන් ඉන්නවා සුදු ජෝඩුව මනමාලිත් එක්ක. බලනකොට මේ මනමාලිගේ සේවා ස්ථානයේ ලොක්කලු. 

6

   ඔන්න ටික වෙලාවක් යනකොට අර 'හොරෙන් චූස්' බීලා, වැඩින් කේක් කාලා, හමාරවුන ගමන්,  මෙන්න බොලේ මෙසේටම ගෙනත් තිබ්බේ නැතැයි, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට්, ආදී වශයෙන් ඔක්කොම බයිට් ජාති. ඉස්සර වෙලාම, දිදාලයක් තරම් වීදුරුවකට, මොනවද වක්කරලා බෙදාගෙන ගියා.

   චැඃ යකෝ මෙච්චරද දෙන්නේ? නිකං කටේ තොලේ ගෑවෙන්නවත් මදිනේ. නෑ නෑ ඒක අර සුබපැතීමට විතරක් දෙන වයින් එකලු. වයින් බැරිනම්, බැටරි කෑලි ගලගාපු වයින් ඉස්පිරිට් වුනත් කමක් නෑ කියලා, වේටර් මල්ලියෙකුට කියන්න හදනකොටම බඩු ඇන්න ආවා. එතනින් එහාට කියන්ඩ ඕනේ නැහැනේ.

   බොහොම රසවත් දිවා ආහාර වේලකුත් රසවිඳින්නට ලැබුණා. කෑමෙන් ටික වෙලාවකට පස්සේ, කාපු බීපු තැන් වල සතා සරුපයාවත් ඉන්නෑ කියලා කිව්වා වගේ, මමත් නව යුවළට සුබ පතා ආපසු හැරුණා.

හරී - සසිඳු, ඔබ දෙපළට සුබ මංගලම්!
7

9


2015 අප්‍රේල් මස 30 වැනි දින 2342 පැය

36 comments :

  1. හරී ට විභී ගේ උණුසුම් සුබ පැතුම්.

    විස්තරේ ගෙනාවට විචාටත් ස්තුතිය...

    ReplyDelete
    Replies
    1. හරියා වෙනුවෙන් ස්තුතියි ඈ.

      Delete
  2. ඉස්සෙල්ලාම කියන්ඩ තියෙන්නේ චමියෝ ( හුකා….. වැරදුනා ….මචං ..මචං…)
    මොන රෙද්දක්ද අනේ මේ කරන්නේ දාන මගුලක් දාන්ඩකෝ අයිබොවන් ඉස්සෙල්ලම බ්ලොගර් අඩවියේ , අර අනික් නාකි හුටමත් ( චෑ චෑ ආයෙත් වැරදුනා ….රැජිනට බොම්බයි මොටයි විකුනන බිග්ෆුට් ) පොරත් එහෙමයි ,
    ඔය හරියා ඉන්නව නේද , ඕක තමා මං මැෂින් බිජු අතගගා ඉදල කොම්පීතර් කෙලින්ඩ ඇවිත් , බොගක් අටවගන , ( එහෙම එකක් වෙලා කියල මං දන්නේ ඕකම කියුවහම ) දන්නේ නැතුව එලෝ විකාරෙන් මෙලෝ පොල් අත ගාන කොට වැරදිලා , ඒකගේ කුඩලු ඉබි මස් පොස්ට් එකද කොහෙද මිරිකිලා , මයේ රෙද්ද පල්ලට වැටිලා ,
    පස්සේ ඉතින් මේකා මට බ්ලොග් ගැන දෙන්ඩ තියන උපදෙස් ඹක්කොම දීලා ගොඩේ ගොඩ දම්මල දුන්නා , ඒ පෙන්නුව පාරේ තමා මේ මං යන්නේ , එදා ඔය $රියා ( නැ…නැ..නැ ආයෙත් වැරදුනා ..හරිය ..හරිය ) නොහිටින්ඩ අටංපහුරක් නැ,
    ඔය කැවුත්ත කොනිත්තන මතකය හන්දම තමා , මං ඔය බ්ලොග් ලියාගන එන උන්ට දන්න විදිහට උදව් කරන්නේ සමහරක් වාලක්කඩින්ගෙන් පඩත්තල කතා අහගන ,
    වැඩේ කියන්නේ මුල් කාලේ මාව දිරිගන්නපු සෙන්නයි . හරියයි දෙන්නම අත ලග ඉදලත් කවදාවත් දැකල නැ .
    මේ මාමේ …කොල්ල දැං දොයිද දන්නැ නේ …කෝල් එකක් දිලා බලන්ඩකෝ
    තලත්තැනියෝ විදිහට ඔව්වා යුතුකං ඇ

    ReplyDelete
    Replies
    1. උඹ මගුලක් කතාකරනවා... හරියා හූවක දුරින් ඉඳලත් මම තාම දැකලා නෑ...

      අනිත් එක මම කොහෙද බන් උඹව දිරිමත් කොළේ.. අටම්පහුරක් කියලා එකක් තියනවා කියලා මම දන්නේත් සෑහෙන කාලයක් ගියාට පස්සේ...

      Delete
    2. සෙන්නා දිරිමත්කලා යැයි උඩ කමෙන්ටුවේ පලවුයේ ම්‍රද්‍රණ දෝෂයකිනි

      ‘‘සෙන්නයි , හරියයි දෙන්නම අත ලග ඉදලත් කවදාවත් දැකල නැ ‘‘

      ලෙස නිවැරදි විය යුතුය.....හැක හැක...

      බලකෝ හරියගේ මරුමූස්පාට

      Delete
    3. ඕකා මහ භයානක හාවෙක්... :D

      Delete
    4. @ අටම්පහුරMay 1, 2015 at 1:24 AM - යකෝ මම බ්ලොගර් එකට තමා ඉස්සෙල්ලම දාන්නේ. නමුත් මොන මගුලක්ද මන්දා හැම සින්ඩියකම පෙන්නන්නේ වර්ඩ්ප්‍රෙස් එක.

      හිහ් හිහ් කෝල් එකක් දෙන්ඩ බැරිවෙනවා ෂුවර් ඕකා අන්ඩපාලයා නිසා මේ දවස් ටිකට වෙන සිම් එකක් දාගෙන ඇති.

      @ සෙන්නාMay 1, 2015 at 6:28 AM - අම්මපා මග රැකලා ඉඳලාවත් මූව අල්ලගන්නකො දවසක.

      හරියෝ මෙන්න සෙන්න උඹට හාවෙක් කියනවා.

      Delete
  3. හරීට සහ සසිඳුට මගේත් සුබ පැතුම්.
    වෙඩිම නොකීව නිසා අපි නම් තරහයි.
    විචාරක සුද්දට මැජික් පෙන්නුවේ හෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි. සුද්දීටවත් මැජික් පෙන්නන්න තිබුනා කොහෙද එකිත් මම වගේම පොඩි කෙල්ලෙක්.

      Delete
  4. හරී & සසිදු යුවලට සාර්ථක යුග දිවියකට මගෙන් සුභ පැතුම්'''''''''''''!.....................................

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      Delete
  5. නව යුවලට සුභ පැතුම්!
    දුවගෙ එකේදිවත් මේකෙදිවත් විචාරකතුමාගෙ පොටෝවක් නැත්තෙ ෆෝකස් කරගන්න අමාරු තරමට සසංබාවී ලෙස චලනය වෙමින් සිටි නිසාය. :b

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      සසංබාවී ද අසංබාවී ද මං දන්නෑ ටිකක් වෙලා ගියාම මට එක දෙක වෙලා පේන නිසා කැමරා කාරයා කොහෙද කියලා හොයාගන්න බැහැ.

      Delete
  6. හප්පේ හරියත් එහෙනම් වැටුනා අමාරුවෙි..... ඒ ගැන අපගේ අප්‍රමාන ප්‍රීතිය. නව යුවලට ප්‍රීතිමත් ජීවිතයකට සුභාශිංශග !!

    වැඩිම ආවරනය කලේ අවසර පිටද?

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් ගිය ආත්මේ කරුම පලදීමක් කියනවානේ.

      අපොයි ඔව් හරියාගේ අවසරය ඇතුවයි පොටෝ කෙලියේ. මම කියලයි ආවේ බ්ලොගේ දානවා කියලා.

      Delete
  7. හප්පේ හරියත් එහෙනම් වැටුනා අමාරුවෙි..... ඒ ගැන අපගේ අප්‍රමාන ප්‍රීතිය. නව යුවලට ප්‍රීතිමත් ජීවිතයකට සුභාශිංශග !!

    වැඩිම ආවරනය කලේ අවසර පිටද?

    ReplyDelete
  8. සුභ පැතුම් හරී-සසිඳු යුවලට... පට්ට වැඩිමක්නෙ...

    ඒක නෙමෙයි.. අර සුනිල් එදිරිසිංහගෙ සිංදුවක තියෙන්නේ "හත් මුහුදින් එපිට ගුගුරුවා, බතරොයි උගුරු දණ්ඩ, හත් දෙයියන් බලා ඉද්දි සුද්දෝ ආවෙ රට කරන්ඩ" කියලා. මාත් කල්පනා කලා මොකද්ද මේ බතරොයි උගුරු දණ්ඩ කියනෙන කියලා. පොඩී මෙව්ව එකක් තිබ්බ තුවක්කුවක් වගේ වෙන්න ඇති කියලා... කාලතුවක්කුවක් කියලා දැන ගත්තේ අද තමයි.

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      ඇයි අප්පොච්චියේ මම කලකට ඉහතදී කාලතුවක්කු ගැන පාඨමාලාවක් කොලානේ බොග් බලන අයට.

      මේ තියෙන්නේ කාලතුවක්කු පාඨමාලාව


      Delete
  9. හරී+සසිඳු යුවලට සුබ පැතුම්!!!

    විචා ඊලඟට කාගේ වෙඩිමට යයිද දන්නේ නෑ. :P

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      කොහෙද ඔයා කියලා එව්වේ නැහැනේ. කිව්වනම් එනවා.

      Delete
  10. අඩේ මේක හොරෙන් මගුලුත් කාලනෙ.
    එනිවේ නව යුවලට වාසනාවන්ත දිවියකට සුබ පැතුම් !

    මටනං ආරංචි උනේ විචා ගෙදර ආවෙ අර කේක් එක ගෙනාපු අස්ස කරත්තෙන් කියලයි.

    ReplyDelete
    Replies
    1. හොරෙන් කොහෙද යකෝ? මේ ලස්සනට ප්‍රසිද්ධියෙනේ මගුල අරං තියෙන්නේ.

      අස්ස කරත්තෙන් නෙවේ තව ටිකෙන් බර බාගෙකින් තමයි එන්න වෙන්නේ. හොඳ වෙලාවට ගෙදර මතක්වුණා.

      Delete
  11. දෙන්නටම හැපි වෙඩිමක් වේවා..

    අර යකා දවල්ටත් නොපෙනෙන එකේ.. රෑකට හෙම හොය ගන්න ටෝච් එකක්වත් තෑගි දුන්නා නම් තම හොඳ..

    ReplyDelete
    Replies
    1. දෙන්න වෙනුවෙන් ස්තුතියි.

      ඔන්න මම එහෙම දන්නෑ ඕකා කළුවරේ හැංගිලා ඉඳලා උඹට පොල්ලකින්වත් දීලා ඇද්දොත්.

      Delete
    2. හෝම් කමිං එකට ගියානං සෑර්ට යන්න වෙන්නෙ පැරා දෙක තුනක් ඇරං :D

      Delete
  12. හරි ට හා හරි නාට සුබ පැතුම් .........
    විචා මාමාට තාම ඩෝප් ද කොහෙද මාමේ අද මැයි පලවෙලාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබපැතුමට.

      හයියෝ කොල්ලෝ මට මැයි පළවෙනිදා ලබලා දැන් කොච්චරකල්ද? තවම මැයි 2 ලබලා නැහැ. දුකේ බැරුවා.

      Delete
  13. සෑර් මං හිතුවා හරියා මොලේ කළඳක් හරි තියන එකෙක් කියලා. බැලුවම ඌත් අපි වාගෙම ගොං හත්තිලවක් නෙවැ..ඔය කෙලෝගෙන තියෙන්නේ කොනක ඉඳං ලස්සනට .. චැහ්
    එහෙනං උඹත් අපේ බෝට්ටුවේ ඈ..දුකයි මස්සිනා :D :D

    රෙෂ්පට් එකට ඉන්ඩයි ෆුට්බෝල් ටීම් එකකට බබාල ලැබෙන්ඩයි පත්තර මල්ලි ඩබල් සැලියුට් ගැහැව්වා මේං..

    වැදගත්ම ප්‍රශ්නය …

    කොට ඉතුරුද ????

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ පත්තරේ. මේකා ඉස්සරෝම අපේ ගෙදර ආවෙත් මේකත් උස්සගෙන නේ. ඉතින් එපා කියන්නයැ. ඔන්න ඔහේ කොරගනින් කිව්වා.

      මේකා ෆුට්බෝල් නෙවෙයි ක්‍රිකට් ටීම් දෙකතුනක්වත් හදයි මම හිතන්නේ.

      පිස්සුද යකෝ. අපි ගිය තැනක ආයෙ කොහෙද කොට ඉතුරුවෙන්නේ.

      Delete
  14. හත්තිලව්වයි.... හරියෝ....................

    උඹටත් නෑනා පොඩ්ඩටත් සුභ මංගලම් වේවා..... අංකලුත් අපිට හොරෙන්ම ගිහින් වෙඩින් කේක් කාලා අාවා ඒහෙනම් අෑ....

    ReplyDelete
    Replies
    1. හත්ඉලව්වයි නෙවෙයි හත් ජොලියයි හරීට නම්.

      කවුද යකෝ ප්‍රසිද්දියේ කියා කියා මගුල් ගෙවල්වල යන්නේ.

      Delete
  15. නව යුවලට මගෙනුත් උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      Delete
  16. විචාරක මහත්මයා වෙඩිමේ මාධ්‍යය ආවරණය නියමෙටම කරලා වගේ. සුද්දයි සුද්දියි සෙට් වෙච්චි එක නම් නියම වැඩේ. සැරෙන් සැරේ මං ගාවට ඇවිල්ලා සුද්දා ගැන කෙඳිරි ගෑවත් එක්ක.

    ආපු එකට බොහෝම ස්තුතියි. ඒවගේම පෝස්ට් එක දාපු එකටත්. සුභ පැතුම් එක් කරපු හැමෝටමත් ඔන්න අපි දෙන්නාගෙම ස්තුතිය.

    ඔය කළුවට පේන්නෙ විචාරකගේ කැමරාවෙ අවුලක්. මේ පින්තූරෙ බලමුකො.

    [img]https://www.facebook.com/thephotofactorysl/photos/a.1133569169993906.1073741927.587071841310311/1133570146660475/?type=1&theater[/img]

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. [im#]https://fbcdn-photos-b-a.akamaihd.net/hphotos-ak-xtf1/t31.0-0/p600x600/11252498_1133570146660475_2350711684897079774_o.jpg[/im]

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }