හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 March 2015

ඩයලොගාගේ දීලා ඇදිල්ල ............................. Dialog Give and Take Game

give-and-take-25519-300
 හෙහ් හෙහ්......ඩයලොගා තමයි දවසකටවත් මිනිහා. මිනිහා ගහන ගේම් අපිට හිතන්නවත් බැරි ගේම් ය. එව්වාට කියන්න වෙන්නේ දීලා ඇදිල්ල මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නොවේ ය. මේ දෙනවාය ඊළඟට අදිනවා ය. රෑ නිදාගෙන උදේ නැගිටලා බලපුවාම දුන්න එව්වා ආපහු ඇදලා ය. කටන්තරේ මෙන්න මෙහෙම ය.

   ගිය මාසේ ඩයලොග් චන්ද්‍රිකා සැටලයිට් කාරයා, දවස් ගණනාවක් රූපවාහිනී තිරයේ අකුරු පේළියක් දිවෙව්වේ ය. එයින් කියවුනේ, ළඟදීම චැනල් වැඩි කොරනවා ය. මේ නිසා 'පාරිගෝබිකයන්ට' වෙන මෙව්වා එකට හෙවත් අපහසුතාවයට, සමාව බාජනේකට දාගන්ට ද, එහෙමත් නැත්නම්, අපගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව පොරකාස කොරනවා ද මොකක්ද කියා ය.

   ඔන්න ඉතිං පාරිගෝබිකයෝ ඉවසිල්ලෙන්, නොඉවසිල්ලෙන්, හිටියාය. කිව්ව දවසට පහුවදා, චැනල් හැට හුටහමාරක් එකතු කොරලා ඇති කියන චිත්තප්පිරීතියෙන් යුක්තව, දාලා බැලින්නං, හිතපු තරම් එව්වා නැත. BBC World Service තියනවා දැකලා, බොහොම සතුටු වුණා ය. අනේ දවස් කීපයකින් ඒකට කෙළියා ය. අද උදේ දාලා බැලින්නං, අලුතෙන් එකතු කරපු තවත් එව්වාට කෙළලා ය.

   ඉංගිරිසි චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, Sundance චැනලය, හොඳ වනජීවී වාර්තා චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, NGC Wild චැනලය, තරාස ජනක පරිසර චාරිකා වගේ දේවල් බලන්ඩ තිබුණු, Outdoor  චැනලය, අපේ දුවලා එහෙම පණ ඇරලා සින්දු අහන බලන, Zoom චැනලය, කපලා ය. එව්වා ගන්ට නම් වෙනම ගෙවන්ටලු. අනේ නනේ නන්නානේ.  අලුතෙන් එකතුවුණා කියලා, දැන් ඉතුරුවෙලා තියෙන්නේ මුලින් දීපු චැනල් දහයෙන් තුනක් ය. අනේ යකෝ නන්නානේ.

   මේ චැනල් කෙළිය පටන් ගත්තට පස්සේ, විකාරවර්ධන වැඩක් වුණා ය. ඒ කියන්නේ පාරිගෝබිකයෝ හිතුවා, ඩයලොගා දැන් චැනල් කෙළිය කෙළලා ඉවරයි, ඒ නිසා අපිට ඕනේ විදිහට, ( තම තමන්ගේ පැකේජ වලට ලැබෙන චැනල් ගණන අනුව) තමන් 'කැමති ෆේවරිට්' ලිස්ට් එක හදා, සේව් කරගනිමුය කියලා. ඔන්න අනේ එහෙම ලිස්ට් එක හද හදා ඉන්න වෙලාවට වගේම, හදලා ඉවරවුණ ගමන්ම, එහෙමත් නැත්නම් පහුවදා බලනකොට, අර ලිස්ට් එක මැකිලා, ඔක්කොම චැනල් රීගෙන රීසෙට් වෙලා, මළ විකාරයක් වෙලා ය. මේ වැඩේ මට පස් වතාවක් වුණා ය. ඉවසීමේ සීමාව ඉක්ම යා නොදී, මම ඩයලොගා ගේ 'දොඩවන හෙවත් චැට් සේවයට' දින දෙකක්ම ගියා ය. ගිහින් ලැබුණ පොර්තිපලේ, ඔන්න පහළින් දමනවා ය. 

Screenshot (241) - Copy


Screenshot (246) - Copy

   කොච්චර වෙලා බලා හිටියත් 'පීලිස්ට වේට්ටිය' කියනවා මිසක්, වෙන අහවල් කෙන්ගෙඩියක් නැත. ඔය එක please wait එකක් වැටිලා, ඊළඟ එක වැටෙන්නේ, සෑහෙන වෙලාවකට පසුවය. ඉතිං හිතාගත්තැකිනේ මං දවස් දෙකක්ම කොච්චර වෙලා බලා ඉන්න ඇද්ද කියලා. බැරිමතැන, ඩයලොගාගේ හත්මුතු පරම්පරාවම සිහිකර විසන්දි, කළා ය.

   ඊට පස්සේ වතාවල් දෙකක්, ජංගම ටැලිපෝන් එකෙන් අල්ලගන්න උස්සාහ කළා ය. අහවල් එක සඳහා අහවල් එක ඔබන්න, අහවල් එක වෙනුවෙන් අහවල් එක ඔබන්න, (ළඟ හිටියානම් කටේම ඔබනවා...........නෑ නෑ, පොං එක) කියලා, වටේ අරන් ගිහිං, අන්තිමට තමයි කියන්නේ, පාරිගෝබික සේවා නිළධාරියකු ඇමතීමට, උගේ හොම්බට අනින්න, හුටා....... නෑ නෑ, අහවල් එක ඔබන්න කියලා. පලවෙනි දවසේ විනාඩි 17 ක් බලා හිටියා. චූං ගහනවා, බයිලා ගහනවා. 'අපේ කට්ටිය බිසී ඉකමනට එකෙක් අල්ලලා දෙනතුරු ඉන්න' කියනවා විතරයි. දෙවෙනි දවසෙත් විනාඩි 14 ක් හිටියා උත්තර නැහැ.

   මේ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා, ඊට පහුවදා ගියා ඩයලොග් මද්දියස්තානෙට. හප්පොච්චියේ.......... එතන හිටිය සෙනග කන්දරාව. නොම්මරයක් ඇන්න පාරිගෝබික නිලදාරී උත්තමයෙක් මුණගැහෙන්න අවුරුදු පහක්වත් යයි වගේ. පිළිගන්න නිලදාරියා ළඟට ගියා. එතනට ඇවිත් හිටියා ඈත ගම්බද ප්‍රදේශයකින් පැමිණි බවට තහවුරුවෙන ආකාරයේ කාන්තාවන් තුන්දෙනෙක්. අනේ පව්, ඒ අය අර ගොබිලාට සර් කියලා කතාකලේ, ටයි පොල්ලක් එහෙම දාලා හිටිය නිසා, උන්නැහේට වටිනවානේ මට සර් කියන්න එපා කියන්න. එව්වා කොහෙද. උන්නැහේට අර කාන්තාවක් කිව්වා, අනේ අපේ ටී වී එකට මොකක්ද වෙලා, චැනල් ඔක්කොම වෙනස් වෙලා, අපේ පුතා හැදුවා, දැන් ආයෙත් ඔක්කොම අවුල් වෙලා කියලා. අනික් කාන්තාවන්ටත් තිබුනේ ඒ ප්‍රශ්නයමයි.

   අපේ පැත්තේ සමහර ගම්බද ප්‍රදේශ වලට, සාමාන්‍ය ඇන්ටෙනාවකින් පෙනෙන්නේ 'නයිටීඑන්', 'ඔරොප්පුවාහිනී' දෙක විතරයි. ඒ නිසා තමයි චන්ද්‍රිකා සැටලයිට් ගන්නේ.  අරුන්නැහේ ඒ අයට මුද්‍රිත කොලයක් දුන්නා. ඒකේ අමු ඉංගිරිසියෙන් තියන්නේ, දුරස්ථ පාලකය ආධාරයෙන් කොරන්න ඕනේ වැඩකිඩ ගොඩක්. අර කාන්තාවන්ගේ මූණ ඇඹුල් වුණා, ඒ කොලේ දැකලා. අනේ සද්ද නැතුව එව්වත් ඇන්න යන්න ගියා. යකෝ මුන්ට බැරිද සිංහල දෙමළ දෙකෙන් කරුණු විස්තර කරමින්, බොත්තමක් ඔබපුවාම පෙන්නන ඉංගිරිසි වචනයත් දාලා, ඔය පත්තිරිකාව හදන්න?  (ඒ ගෙවල්වල ඉන්න සැමියා හෝ පුතාලා සමහරවිට ගෙදරින් ඈත රැකියාවක් කරන අය. ගෙදර එන්නේ සති අන්තයට වගේ. ඉතින් මේ ගෘහිණියන්ට බැහැ, ඔය සීරුමාරුව කරගන්න) එහෙමත් නැත්නම් කාර්මික ගොබිලෝ දෙතුන් දෙනෙක්, එක එක ප්‍රදේශ වලට දින කීපයක් යවලා, පොඩි ලැයිස්කීපරේකින් කතා කොරලා, ප්‍රශ්න තියන අයගේ ගෙවල් හොයාගෙන, පටස් ගාලා විසඳුමක් දෙන්න. එතකොට නේද පාරිභෝගික විශ්වාසය සහ ප්‍රවර්ධනය වැඩිවෙන්නේ?

  අර පිළිගැනීමේ පුතයා මටත් අර කොලයක් දික්කරනකොටම, මම තරමක් උස් හඬින් කිව්වා, මට ඔය කොලේ වැඩක් නැහැ, මට අවශ්‍ය මෙතන පාලනාධිකාරියේ කෙනෙක් හම්බවෙන්න කියලා. අනේ උන්නැහේට අර මොකාටද වගේ තේරුණා. වහාම මට පෙන්නුවා නෝනා කෙනෙක්ව අර ඉන්නේ මැනේජර් කියලා. අනේ ඉතින් ඒ නෝනාගේ ආත්ම ගෞරවය හැකිතරම් රැකෙන ආකාරයට මම කිව්වා මොකක්ද මේ විකාරේ? චැනල් සැකසීම ඉවර නැත්නම් තිරයේ පෙන්නන්න අපි තවම චැනල් හදලා ඉවර නැත, ඒ නිසා ෆෙවරිට් ලිස්ට් හදන්න එපාය කියලා. නමුත් මගේ ස්වරය නිසා ඒ නෝනාගේ පිත කෝපවුන බව පෙණුනා. මොනවා කරන්නද?

  හැබැයි එදා රෑ, තිරයේ ප්‍රදර්ශනය කළා, රාත්‍රී 9.45 ත් 10.10 ත් අතර, 'ඔබේ සැට් එක මත පෙට්ටිය' කිරියාත්මක කොර තබන්න. රීගෙන සැට් කොරන එකක් වෙනවාය කියා. ඔන්න එදා තමා රීගෙන සැට් එක ඉවර වුණේ.

   ළඟදීම ඉන්දියානු චන්ද්‍රිකා රූපවාහිනී සමාගමකුත් ලංකාවේ වැඩ අරඹනවාලු. අනේ මන්දා. උනුත් එකයි මුනුත් එකයි කියන්න වෙයිද මන්දා අන්තිමට.

මුලින් දුන්න චැනල්, නොකියාම පස්සේ කැපීම මොන තරම් නින්දිත වැඩක්ද?

පාරිභෝගිකයා තුළ බලාපොරොත්තු තබා පසුව ඒවා කඩා දැමීම කොතරම් පහත් ක්‍රියාවක් ද?

මේ සෙල්ලම් දාන්නේ, තරගකාරී චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් නැති නිසාද?

විදුලි සංදේශ නියාමන කොමිසම මේ වගේ සෙල්ලම් ගැන හොයා බලන්නේ නැද්ද? 

Screenshot (238)


2015 මාර්තු මස 2 වැනි දින 1507 පැය

47 comments :

  1. විචාරක තුමාට මේ දුරකථන සමාගම් සමග අත්ම ගණනාවක සිට එන ආත්මීය සම්බන්ධයක් ඇති බව පෙනේ.
    මට හෙන ආසයි අර “දවසේ ප්‍රොෙමා්ෂන්“ වලට එන ටයි කොල්ලෙක් පස්සෙන් විචාරක තුමා පොල්ලත් අරං එලෝන හැටි බලන්න..හැක්!

    ReplyDelete
    Replies
    1. පොල්ලක් අරං එලවන්න නෙවෙයි මධු, මුන්ගේ මහ එකෙකුගේ හොම්බට හැටක් අනින්න හිතෙනවා, කිහිල්ලට හිරකරගෙන.

      Delete
  2. මම තාම කූරු ඇන්ටනාවකින් රූපවාහිනිය බලන නිසා ඔය හැටලයිට් හුට්ටප්පර ගැන නොදනිමි.
    හැබැයි ඩයලොග් ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වලනං ඔය පාරිගෝබික නිලධාරියා තත්පර ගණනකින් අල්ලගැනීමට හැකිය. ලයින් එක ඩිස්කනෙක්ටි කළත් බිල ගෙවා ඇමතූවිට විනාඩි පහළොවක් ඇතුලත නැවත සම්බන්ධතාවය ලබා දී ඇත.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.. මම දවස් දෙකක් තිස්සෙ ඔය යක්කුන්ට කෝල් කලා පැය ගානක් ඔක්කමෙ බිසී...

      Delete
    2. මේකයි ප්‍රසන්න වැඩේ. කාලීන සිදුවීම් current affairs පිලිබඳ තොරතුරු නිරන්තරව දැනගැනීමට අවස්ථාවක් නැත්නම්, මට බත් කෑවේ නෑ වගේ තමයි. ඒ වගේමයි මම දේශීය රූපවාහිනී නාලිකා පාවිච්චි කරන්නේ ප්‍රවෘත්ති බලන්න පමණයි. ටෙලි නාට්‍ය බලනවා හරිම අඩුයි. මගේ වයසට ගැලපෙන කතා අඩු නිසා. සංගීත වැඩසටහන් තෝරලා බලනවා. බටහිර චිත්‍රපටි, වාර්තා චිත්‍රපටි, ක්‍රීඩා, ආදිය බලන්නයි මේක ගත්තේ.

      පාරිභෝගිකයකුට ඉක්මනින් සම්බන්ධ වෙන්න බැරි පාරිභෝගික සේවා අංශයකින් ඇති වැඩේ මොකක්ද? උන්ගේ මෑණියන්ට තමයි හොඳ.

      Delete
  3. මමනං අරන් නෑ.. ගන්නෙත් නෑ.. නිකං ඇන්ටනාවට පේන එකක් බැලුවොත් මිසක්... ඒක නිසා ඩයලොගා ට බෑ මට 'අරින්න'..

    ReplyDelete
    Replies
    1. දේශීය නොවන නාලිකා බොහොමයකට මම කැමති නිසයි ගත්තේ. නමුත් මුන්ගේ නොකියම ඇරිල්ලට නම් මොකක්හරි කරන්න වෙනවා.

      Delete
  4. මේ මොබිටෙල් ටිකටිං ගැන මෙව්ව එකක්.
    දවසක් මම තිකිතියක් ඇනවුම් කලා මඩකලපුවට දෙවනි පංතියෙ.තව සැට් එකකුත් එක්ක නඟින්න සෙට් උනේ කුරුණෑගලින්.අනේ ටිකට් එක ගන්න යනකොට හය පහු වෙලා කියලා දෙන්න බෑ කියනවා.මගෙන් ගාන කපාගෙනත් ඉවරයි.කතාකලා පාරිබෝගික මෙව්ව එකට.විනාඩි 28කින් එකෙක් ආවා.උට කතා කරලා කිව්වම පොඩ්ඩක් ඉන්න කියලා විනාඩි14ක් වෙනකොට කෝච්චිය ආවා.මම වෙන ටිකට් එකක් අරන් නැග්ග.තවත් විනාඩි 5ක් විතර යනකොට පාරිභෝගික එකා කියනවා තව පොඩ්ඩක් ඉන්නලු.. ඒ වෙනකොටත් වෙරි හිඳිලා නැති නිසා ඌ හොඳට අහගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේක පෝස්ට් එකක් හැටියට ලබ්බේ දාන්න වටින මාරු කතාවක්නේ.

      අනේ අපේ දුම්රිය සේවය දැන් දුම් ගිහිල්ල ඉවර වෙලා දුම්කොළ වෙලා.

      Delete
  5. “අනේ නනේ නන්නානේ.“ විචාරකතුමා ඩයලොගානම් කමක් නෑ. කියමුකො. අපේ අද්දියාපන අමාත්තියන්සෙ නැණස චැනල් එකත් කොහේද කියලා හොයාන්න ගමේ දරුවන්ට නම් නෑ !. ඒකත් කමක් නෑ කියමුකො අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් එකට ගියාම තියනව තවත් අධ්‍යාපන උපකාර වැඩසටහනක් පිළිබඳ ලින්කුවක් ඒකට ගියාම වැටෙන්නෙ ලියාපදිංචිය තාවකාලිකව නවත්තලා හදමින් ඉන්න බවක්. ඒ තාවකාලකි නැවතිල්ල දැන් බොහෙම කල් !! ඒකත් කමක් නෑ කියමුකො. අපේ නංගි පාසල් ගිහින් ඇවිත් ඊයෙ පෙර්දා ඉතිහාස පාඩම් වෙනස් කළා කියල 10 පන්තියට අලුත් පොතක් එවලා තියනවලු. එවල තියෙන්නෙ පොත් ටිකක් නිසා තවම ළමයින්ටබෙදුවෙ නෑලු. ඒ වුනාට වාරවිභාගෙ මාර්තු අන්තිමට තියනවලු. ඉතින් අධ්‍යාපන ප්‍රකාශණ අංශය ඉන්ටනෙට් එකේ බැලුව. පොත තියනව කියමින් ඩවුන්ලෝඩ් කරදුන්න.නංගි කියනව ඒ පරණ පොතලු. අලුත්පොතේ පාඩම් වෙනස්ලු. මේ අවනඩුව කාට කියන්නද ? තවම අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය නැතුව ඇති එත්මාට විසඳන්න නිලධාරීන්ගේ විදුහල්පත්වරුන්ගෙ ගුරුවරුන්ගේ පුරස්න තියනව නේ. child first කියන එකේ තේරුම අපි හිතාගන ඉන්න විදිහ නෙවයි වෙන්න ඇති. හිතේ තියන වේදනාවට අදාල නැතත් මේක ලිව්වෙ ශබතුමා වගේ වටිනා පිරිසක් ඉන්න බව දැනී තියන හින්දයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //පොත තියනව කියමින් ඩවුන්ලෝඩ් කරදුන්න.නංගි කියනව ඒ පරණ පොතලු.//
      එතන අලුත් එකයි පරණ එකයි දෙකම තියෙනව මම දැක්ක හැටියට. නව විෂය නිර්දේශ පොත් ටික තියෙන්නෙ පහලින්.

      නැවත උත්සාහ කර බලන්න.

      Delete
    3. බොහොම ස්තුතිය් ප්‍රසන්න ලින්ක් එකට

      Delete
    4. 'අජ්ජපාන අමාත්ති අන්සේ' ලොක්කට මම මීට පෙර ලිපියක් ලිව්වා.

      මේ තියෙන්නේ

      අපේ රටේ බොහොමයක් ආයතන සහ සේවාවන් නිසි ප්‍රමිතිකරණයකට ගැනීම විශාල අභියෝගයක්.

      Delete
  6. මාත් මේ ටිකේ අම්මලගෙ ගෙදර හින්ද ඩයලොග් ටීවී එකත් එක්ක මාර වලියකින් ගමයි ඉන්නෙ... ගිය පාර දවසක් පරක්කු උනා කියල කපලා තිබ්බ.. ගිහින් ගෙවල ආවමත් කනෙක්ෂන් එක නෑ... දවස් දෙකක් වලි කෑවා ඔය කොම්බරේට කෝල් කරල...මොන එක පාරක් විනාඩි 20ක් අල්ලන් හිටිය.. ඊළග පාර විනාඩි 25ක් අල්ලන් හිටිය.. ඒ කෝල් ගන්න වියදම් කරපු නම්බර් බිසී වෙලාවලට අමතරව... බැරිම තැන ඕනෙ බම්බුවක් කියල මල්ලි මොකද්ද කරලා රී සෙට් කලා... දැං වැඩිපුර තියෙන්නෙ ටෙස්ට් චැනල් තොගයක්... ඔය මගුලට අතගහන්න වෙලාවක් නැති හින්ද මං ෆේවරිට් ලිස්ට් හදන්න නං ගියෙ නෑ තාම.... යකෝ මුන්ගෙ ෆෝන් සේවේ අනිත් පැත්තනෙ මේ ටීවී සේවෙ.... ෂික්....

    ReplyDelete
    Replies
    1. කවුෂි..ඔය ටෙස්ට් චැනල් ටික ඊයේ ඉඳන් මාරුවෙච්ච එක ගැන තමයිනේ නේ විචාමොර දෙන්නේ...

      Delete
    2. @ Kaushi - ඒක තමයි. බිල ගෙවන්න පරක්කු වොනොත් පටස් ගාලා කපනවා. මගේ ඔහොම කපලා, මම ඩයලොග් එකට ගිහින් කිව්වා, මට බිල් ගෙවන්න ලැබෙන්නේ මාසයේ 10 වැනිදාට පසුවයි කියලා. ඊට පස්සේ මගේ billing cycle එක වෙනස් කරලා, 10 වෙනිදට බිල වැටෙන විදිහට හැදුවා.

      පාරිභෝගිකයකුට තමන්ගේ ගැටළුවක් ඉක්මනින් කියා විසඳුමක් ගන්න බැරිනම්, ඩයලොග් ආයතන ලැජ්ජා වියයුතුයි, ප්‍රචාරණ කටයුතු වලදී ඔවුන් ගහන පම්පෝරි දිහා බැලුවම.

      Delete
    3. @ චෙෆාකි - ටෙස්ට් කියලා ගහන්නේ අලුතෙන් පටන් ගන්න චැනලයක පරීක්ෂණ විකාශය නේ. ඉතින් මුන්ට තිබුනනේ ඒ සමගම කියන්න මේ චැනල් ස්ථිරවම ලබාදෙන්නේ අහවල් පැකේජ් එකට විතරයි කියලා. ඒ නිසයි මේක දීලා ඇදිල්ලක් වෙන්නේ. කපටිකමේ උපත.

      Delete
  7. විචාරක, ඔය ඩයලොග් සම්බන්ධතාවය අයින් කරන්න. ඕකට වටා සැහෙන්න ලාබ,කරදර නැති, චැනල් රාශියක් තියෙන ඩිෂ්ටීවී කනෙක්ෂන් එකක් ගන්න. දැන් සැහෙන්න කාලයක ඉදලා ඩිෂ් ටීවී ලංකාවේ අය පාවිච්චි කරනවා. අනික දැන් ටික කලෙක ඉදලා ලංකාවේ චැනලුත් එකේ දෙනවා.

    ඩයලොග් එකට වඩා 50 % ක් විතර ගාස්තුව අඩුයි. චැඔය ඩයලොග්කාරයෝ බයගොතා සහ TRC එකේ කලින් හිටපු අනුෂ පැල්පිට කියන දුෂිත මරාවාදී සට්ටඹියා එක්ක එකතුවෙලා මාෆියාවක් ගෙනිච්චේ.

    විචාරක කරුණාකර ඔබගේ ගැටලුව ගැන TRC එකට දැනුම් දෙන්න. දැන් TRC එකේ කලින් හිටපු දුෂිත ප්‍රධානින් එළවලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට ලින්ක් එකක් දෙනවද Dish TV එකේ.

      TRC එකට කියන්න පුළුවන්, නමුත් පරීක්ශනේ ඉවරවෙනකොට මට හිතෙයි පැමිණිල්ල නොකර හිටියනම් කියලා.

      Delete
    2. http://www.satlanka.com/dish_tv.html

      මෙන්න මේකේ බලන්න ඩිෂ් ටීවී පැකේජ ගැන විස්තර. මේ ලංකාවේ ඩිෂ් ටීවී සවි කරනා සමාගමක්.
      මේකෙන් ගන්න ඕනි නෑ අලුත් ඩිෂ් ටීවී කනෙක්ෂන් එකක් ගන්නවා නං. විචාරක සතුව තියෙන ඩයලොග් කනෙක්ෂන් එකේ රිසිවරය වෙනුවට ඩිෂ් ටීවී රිසිවරයක් විතරක් ගත්තා නං ඇති. මම අද හොයලා බැලුවා ඒකට රුපියල් 4,500 ක් විතර යන්නේ.

      ඔය ඉක්මන් ඩොට් එල්කේ වගේ සයිට් වල බලන්න මෙව්වා සවිකර දෙන අය ඕනි තරම් ඉන්නවා. දැන් ඩයලොග්ලගේ ලොකු ලයින් බලපු කාලේ ඉවරයි. එයාලා ඒකාධිකාරයක් ගෙනිච්චේ බයගොතා හිටපු කාලේ.

      (හබැයි වෙන සැටලයිට් කනෙක්ෂන් එකක් ගන්නවා නං විචාරක ලග දැනට තියෙන ඩයලොග් එක ඩිස්කනෙක්ට් කරලා, එකේ ගිණුම අවසාන් කරන්න. ඔබ සතුව තියෙන ඔවුන්ගේ රිසිවරයත් භාර දෙන්න. එතකොට ඔබ නීතිමය බැදීම් වලින් නිදහස්. )

      Delete
    3. බොහොම ස්තුතියි

      Delete
  8. විචා..මම පොඩ්ඩක් විතර නයෙක් දාන්නද...?
    මෙච්චර කල් ඔය විචා කියන චැනල් ටිකේ ටෙස්ට් චැනල් කියලානේ...ඊයේ මම බලනකොට ඒ ටෙස්ට් කියන කෑල්ල හැලිලා නිකන්ම නිකන් outdoor channel, NGW, Sundance and Zoom වෙලා තිව්නා...
    විචා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අපි වගේ රුපියල් 3365.05 දීලා ගන්නකෝ ගෝල්ඩ් පැකේජ් එක...එතකොට ඔය මලහත්තිලව් ඔක්කෝම පේනවා යකූ...හෙක් හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...............TV බලන්න මාසෙකට 3365 ක්. අනේ අප්පේ මේ දුප්පත් මට එක හීනයක් විතරයි.

      මම කියන්නේ මේකයි. ටෙස්ට් හැටියට ඒ චැනල් ගහනකොට ඒසමගම කියන්න තිබුණා, මේ චැනල් දෙන්නේ මෙන්න මේ පැකේජ් වලට පමණයි කියලා. මේගොල්ලෝ ඔය සෙල්ලම 2010 දීත් කළා.

      Delete
  9. ඔවා නෑ අපිට .අනික ටිවී බලන්නෙ නෑ වැඩිය .සැටලයිට් කිව්වාම මතක් වුණේ අපේ ගෙදර ඉස්සර තිබ්බා bබයිසිකල්රිම් එකක් ඇන්ටනාව විදියට

    ReplyDelete
    Replies
    1. බයිසිකල් රීම් ඇන්ටෙනාව සෑහෙන්න සාර්ථකයි නේද?

      මමත් බලන්නේ තෝරාගත් විදේශීය චැනල් දැනුම වර්ධනය සඳහා. එකවත් හරියට බලාගන්න බැරිවෙනකොට තමයි දුක.

      Delete
  10. සල්ලි දී ලෙඩ දා ගැනීම!
    අපි නං අහුවෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ කොහොමද? කේබල් ටීවී ද බලන්නේ?

      Delete
    2. Free to air පමණයි.

      ඇනලොග් කාලේ ABC, චැනල් 9, 10, SBS තිබුණා, දැන් ඒ හැම එකටම චැනල් තුන බැගින් තියෙනවා.

      ඊට අමතරව ප්‍රජා සේවයකුත් (TV Sydney) තියෙනවා. ඒ ඇති. කේබල් නොබලමි.

      කොහෙමටත් මං ටීවී බලන්නේ සතියකට පැයක් විතර කාලයක් පමණයි.

      Delete
  11. පෝස්ටුව අදාල නැත.. නුමුත්..

    /(ඒ ගෙවල්වල ඉන්න සැමියා හෝ පුතාලා සමහරවිට ගෙදරින් ඈත රැකියාවක් කරන අය. ගෙදර එන්නේ සති අන්තයට වගේ. ඉතින් මේ ගෘහිණියන්ට බැහැ, ඔය සීරුමාරුව කරගන්න) /
    මං දන්න කීප පොලක් තියනවා හොඳට සිරුමාරු කරනවා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. චික් විතරක්...සබරගමුවටම නින්දාවක්..

      Delete
    2. විදානෙ අත්දැකීමෙන් වෙන්ටැ කියන්නෙ. :D

      Delete
    3. බලුප් විකුනනන්න ගිහින් සීරු මාරු කරපුවා වෙන්ටැති

      Delete
    4. ඔය පනින්නේ බළල්ලු එලියට... හැක්...

      Delete
    5. @ විදානේ - ඔය අහගෙන තියෙන්නේ පාඨක ප්‍රතිචාර නියමෙට.

      යකෝ සීරුමාරුව කිව්වේ tuning, adjustment, කියන තේරුමෙන්.

      Delete
  12. අයියෝ සල්ලි...

    ----
    අපිට ඩයලොග් නම නැහැ විචා.
    අපිට තියෙන්නේ පියෝ ටීවී.

    මුනුත් ඉඳල හිටලා ඔහෙට වුනා වගේ අලුගුත්තේරු වැඩ කරනවා අපිටත්.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ පියෝ ටීවී හෙන ස්ලෝ. චැනල් එකක් මාරුවෙන්න අවුරුදු 5 ක් යනවා.

      දැන් බලනකොට උනුත් එකයි මුනුත් එකයි තමා.

      Delete
  13. අපි නම් ටීවී බලන්නේ නෑලු... :P

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔයපැත්තේ ටීවී නෑ කියලා අද තමයි දැනගත්තේ.

      Delete
  14. හැක අන්න හරි ,ඔය ඩයලොගාගෙ හැම එකම ඔහොමයි , මම මේ අද උදෙත් ඩයලොග් එකේ ඉන්න අපේ ප්‍රවීණ බ්ලොග් රචකයෙකුට අම්බානට බැන්න .. ඕ යේස් ... ඌ කියනවා මොකද යකෝ හැම එකාම ඩයලොග් එකට බනින්නේ , අන්න විචා බැනලා පොස්ට් එකක්ම දාලා කියලා ...

    ReplyDelete
    Replies
    1. හෑ...................ඩයලොගේ බොගාලත් ඉන්නවැයි?

      ඒ බොගා මේක බලපු එක හොඳයි. අනේ කියපන්කො උන්ගෙ මහ එකෙකුට මේ පෝස්ට් එක පෙන්නන්න කියලා.

      Delete
    2. හිහිහි... පෝස්ට් එක බලල හැංගුනා. දැන් හොරෙන් ආවා කොමෙන්ට් බලල යන්න.

      Delete
    3. ඒ මොකද හැඟුනේ. ඩයලොගා එක්ක ගෝරියකට පැටලෙන්න වෙයි කියලා හිතුනද?

      Delete
  15. මෙහෙම ලියන එක හොඳයි හැදෙන්නවත්.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඩයලොග් ටීවි smart card එක හැක් කරන්න හෝ රිසීවර් එක අන්ලොක් කරගන්න කවුරුත් දන්නෙ නැද්ද? දන්නව නං කමෙන්ට් කරන්ඩකො. 😂 හිරේ යන්ඩ හරි කමන්නෑ කෙලල දාන්ඩ

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }