හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 March 2015

පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (3 වන කොටස) Let's Learn Military Patrolling (Part 3)

people_army_patrol
  පැට්‍රෝල් යාමේ කතන්දරේ ගැන, මා හිතුවාට වඩා ඔබේ උනන්දුවක් දකින්නට ලැබීම සතුටක්. සෑහෙන පිරිසක්, ඊළඟ කොටස ඉක්මණින් කියවන්න අවශ්‍ය බව කියා තිබුණා. නමුත් ඉතින් පරිවර්තන කටයුතු මෙන්ම මාධ්‍ය රූප සැකසීමත්, ටිකක් වෙහෙසකර නිසා තමයි, මේ විදිහට දින කීපයක් ගතවුණේ. හොඳයි, අදත් අපි වැඩි චූර්ණිකා නැතුව, පැට්‍රෝල් යාම පටන් ගම්මු. හැබැයි, පහුගිය කොටස් දෙක කියවලා නැත්නම් අවබෝධ කරගන්න අපහසුවෙයි. ඒ නිසා ඒවා නොකියවූ අය, ආපහු ගිහින් කියවලා එන්ඩ. ඉහත පින්තූරය ගත්තේ මෙතනින්.

   අපි පහුගිය කොටසේදී ඉගෙන ගත්තේ, එකතැන සිටිමන් කරන පැට්‍රෝල් ගැන. ඒ කියන්නේ OP සහ LP කියන පැට්‍රෝල් දෙක ගැන. අද අපි නියම මුර සංචාරයකට බහින්නයි යන්නේ. ඒ නිසා ටිකක් න්‍යායාත්මක කරුණු ගැනත් අවධානය යොමුකරන්න වෙනවා. සංචාරක මුර වර්ග කීපයක් තියනවා. අපි ඒවා එකින් එක අරගෙන, න්‍යායාත්මක කරුණුත් එකතුකරගනිමින්, කතාකරමු. පහුගිය ලිපියේදී අවබෝධ වෙන්න ඇති, අපි පැට්‍රෝල් කරන්නේ, පළමුවෙන්ම, අපේ භූමියේ/කඳවුරේ/පාලන ප්‍රදේශයේ/ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා කියන එක. ඒ සඳහා එකම ආකාරයේ පැට්‍රෝල් යොදවලා සාර්ථකත්වයක් ගන්න බැහැ. අපේ ගෙදර උන්දෑ, කා එක්ක හරි පැනලා යයි කියලා, ගේට්ටුව ළඟ විතරක් මුර කරාට හරියන්නේ නැහැ. වත්ත වටේ ගිහින් බලන්න ඕනෑ.

   (අපොයි මගේ උන්දෑ පැනලා යනවනම්, මම කාර් එකත් දීලා අරිනවා. :D ඒයි..........මම මෙව්වා ලියනවා කියලා උන්දැට කියනවා එහෙම නෙවෙයි)  

   ඉතිං ඔන්න ඔය වත්ත වටේ යෑම විවිධ ක්‍රම වලින් කරනවා. හරි හරි, පොඩ්ඩක් ඉන්න ළමයි, මම දන්නවා ඔයගොල්ලෝ බොහොම කැමතියි කියලා, 'Long Range Reconnaissance Patrol = LRRP - දිගුදුර විමර්ශන මුර සංචාර' ගැන දැනගන්න. දිගුදුර යන්න කලින් කෙටි දුර ගිහිල්ලා ඉම්මු. ඕකනේ කියන්නේ කෙහෙල් මුවේ පනින්න කළින් කෙහෙල්කැන පණිනවා කියලා. මුර සංචාර වලින් මුල්ම එක තමයි;


ආරක්ෂක මුර සංචාර - Clearing Patrol

   අපි යුද බිමේ අලුත් ස්ථානයක තාවකාලිකව රැඳෙනවානම් හෝ කඳවුරක් ඉදිකිරීමට කටයුතු කරනවානම්, මුලින්ම කලයුත්තේ, මුර සංචාරයක් ඒ අවට ප්‍රදේශයේ යවා, සතුරන් ඉන්නවාද, සතුරු කඳවුරු තිබේද, අපි ඉන්න තැන සතුරාට ඉව වැටෙන තැනක්ද, සතුරාගේ නිරීක්ෂණ මුර සංචාර මේ පැත්තෙන් යනවාද, සතුරා ගමන් කරන වාහන මේ පැත්තෙන් යනවාද, වන සතුන්ගෙන් අපට කරදර සිදුවෙයිද,  ආදී වශයෙන්, අපේ ආරක්ෂාවට බලපාන කරුණු සොයාබලා ආරක්ෂාව තහවුරු කරගැනීමයි.

විමර්ශන මුර සංචාර

Reconnaissance Patrol  

   මේ වර්ගයේ මුර සංචාර කෙටියෙන් හඳුන්වන්නේ, 'රෙකී පැට්‍රෝල් - Recce Patrol' කියලා. රෙකනිසන්ස් කියන ඉංග්‍රීසි වචනය කොට කරලා, ඒ නම හදාගෙන තියෙන්නේ. මොනවා විමර්ශනය කරන්නද යන්නේ. අපොයි හුඟක් දේවල් තියනවා. දැන් ඔය යුදබිමේ තියන අපේ කඳවුරුවල මෙන්ම නාගරික කඳවුරු වලත් ආරක්ෂාව සඳහා අපේ කඳවුරු වටා රවුම් කටුකම්බි වර්ගයක් දාලා තියනවා දැකලා තියනවද? ඒවාට කියන්නේ, 'කොන්සර්ටීනා වයර් - Concertina Wire' කියලා. ඒ කම්බිවල තියෙන්නේ රේසර් තල වගේ තියුණු තල විශේෂයක්. පැටලුනොත් පැටලුනාම තමා, මස් ඉරාගෙන ඇතුළට කාවදිනවා.  මේ තියෙන්නේ.


622900

මේ බලන්න ඒ තල කොයි තරම් තියුණුද කියලා.
මීට වඩා වෙනස් මොස්තරත් තියනවා. 
stainless-steel-concertina-wire-blade

   ඒ වගේම අපි අපේ කඳවුරුවල ආරක්ෂාව සඳහා බිම් බෝම්බ වළලනවා. මේ ඔක්කොම කරන්නේ සතුරාට බාධා කරන්නයි. නමුත් අපි මේවා ගැන පමණක් විශ්වාසය තියලා, 'කඩේ වහලා' හිටියොත්, සතුරා මේ බෝම්බ ගලවමින් පාරක් හදාගෙන ඇවිත්, අර කම්බිත් කපාගෙන කඳවුර ඇතුළටම ඇවිල්ලා, අපේ ඔඩොක්කුවටම බඩු බෙදලා යනවා. ඒ නිසා අපි 'රෙකී පැට්‍රෝල්' යවනවා, මේවා අපි දාපු ආකාරයටම තියනවාද, නැතිනම් සතුරා ඒ පැත්තේ හක්කලං කොරලා, මෙව්වට වැඩේ දීලාද බලන්න.

   ඒ වගේම තමයි රෙකී පැට්‍රෝල් එකකදී අපි සතුරා ගැන තොරතුරු හොයනවා. සතුරු කඳවුරු පිහිටා ඇත්තේ කොහෙද, කොච්චර සංඛ්‍යාවක් විතර ඉන්නවද, මොනවද කරන්නේ, මොනවද පෙනෙන්න තියන ආයුධ, කාලතුවක්කු තියනවද, යුද ටැංකි තියනවද, හෙලිකොප්ටර්/ගුවන් යානා තියනවද, මොනවද ඒ කඳවුරුවලට යන එන පාරවල්, සතුරාගේ ලොකු ලොක්කෝ එහෙම ඒ පාරවල් වල යන එනවාද, සතුරාට අවශ්‍ය ආහාර, ඉන්ධන, අවිආයුධ, සැපයීම සඳහා පාවිච්චි කරන පාරවල් මොනවද, ආදී වශයෙන්, හොයන්න පුළුවන් හැමදෙයක්ම හොයලා, පින්තූර/වීඩියෝ ගන්න පුලුවන්නම් ඒවත් අරගෙන, සිතියම් වල අවශ්‍ය තොරතුරු ලකුණු කරගෙන, ආපහු අපේ කඳවුරට ඇවිත් සම්පූර්ණ වාර්තාවක් දෙනවා. ඒ වාර්තා පදනම් කරගනිමින් අපිට පුළුවන් සතුරාට 'වැඩක් දීමේ' සැළසුම් හදන්න. රෙකී පැට්‍රෝල් ගැන ඒ ඇති නේද? 

සටන්කාරී පැට්‍රෝල්

Fighting or Combat Patrol

_58489502_indiasoldiersap464

   නමෙන්ම තේරෙනවනේ මොකද කරන්නේ කියලා. සතුරා පිළිබඳව අපි දන්නා තොරතුරු පදනම් කරගනිමින් තමා, සතුරාට 'වැඩක් දීම' සඳහා මෙවැනි පැට්‍රෝල් යවන්නේ. සමහරවිට මේ පැට්‍රෝල් එකක්, සාමාජිකයන් තුන හතරක්, හත අටක් හෝ 25ක් 30ක් තරම් වෙන්නත් පුළුවන්. සතුරු ඉලක්කයේ විශාලත්වය, ඉන්න සතුරන් ප්‍රමාණය, සතුරාගේ සටන් කිරීමේ හැකියාව, ආධාරයට තවත් සතුරන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව, අපේ කඳවුරේ සිට සතුරා සිටින තැනට ඇති දුර, ආදී සාධක රාශියක් පිළිබඳව සලකා බැලීමෙන් පසුවයි මෙවැනි පැට්‍රෝල් එකක් යවන්නේ.

   මේවා කරදරකාරී මෙන්ම භයානක පැට්‍රෝල්. මේ ආකාරයේ කුඩා කණ්ඩායම් යොදවලා සතුරාට පහරදීමේ ක්‍රමය අපේ හමුදාවට හඳුන්වා දුන්නේ, ජෙනරල් ෆොන්සේකා. 'හතර දෙනාගේ කණ්ඩායම් - 4 Man Team' සහ 'අට දෙනාගේ කණ්ඩායම් - 8 Man Team' ක්‍රමය මගින් LTTE සංවිධානය විශ්මයට සහ භීතියට පත්කරමින්, ඉතා වැදහත් සතුරු ඉලක්ක විනාශ කිරීමේ ප්‍රහාර සිය ගණනක් එල්ල කරන්නට, මේ ක්‍රමයෙන් අපේ හමුදාවට හැකිවුණා. ප්‍රධාන වශයෙන් කරන දේවල් මෙන්න මේවායි.

  • 'ටැංකි දඩයම - Tank Hunting'
සතුරාගේ යුද ටැංකි ගමන් කරන මාර්ගවල හැංගිලා ඉඳලා, රොකට් බෝම්බ, කුඩා පරිමාණ මිසයිල් ආදිය යොදාගෙන, ඒ ටැංකි විනාශ කිරීම.
  • සතුරු වාහන වලට රැකසිට පහරදීම - Vehicle Ambush
තුරු භටපිරිස් ප්‍රවාහනය කරන හෝ සතුරු කඳවුරු වලට විවිධ අවශ්‍යතා සපයන වාහන වලට, රැකසිට පහරදීම.
  • කඳවුරු විනාශ කිරීම - Destroying of Enemy Positions 
සතුරා කිසිසේත් බලාපොරොත්තු නොවන අවස්ථාවක, සතුරු කඳවුරකට කඩාපැන, හැකිතරම් බරපතළ විනාශයක් කර ආපසු පැමිණීම. මෙහිදී අපේ පරමාර්ථය වන්නේ, භූමිය අල්ලා ගැනීම, හෝ සතුරන් යටත් කරගැනීම නොවේ. සතුරා භීතියට හා අධෛර්යයට පත්කිරීම සහ ඔහුගේ අනාගත සැළසුම් අවුල් කිරීම පමණයි.

   දැන් ඔබට හිතෙනවා ඇති, අපොයි ඕකත් මහ කජ්ජක්ද? අවි ආයුධ තියනවානම්, මිනිස්සු ඉන්නවානම් පැට්‍රෝල් යාමත් මහ ලොකු වැඩක්ද? කියලා. නමුත් මේ සියල්ල පසුපස න්‍යායාත්මක කරුණු රැසක් තිබෙනවා. අපි ඒවාත් කෙටියෙන් සළකා බලමු. සියල්ල විස්තර කරන්න නම්, මේ වගේ ලිපි පහක් හයක් විතර ඕනේ වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යම දේ පමණක් කෙටියෙන් කතාකරමු.

kashmir_loc-indian-army-petrol

   පැට්‍රෝල් එකක් යන්න කළින් සැලැස්මක් හදාගත යුතුයි. එහෙම නැතුව හිතුන හිතුන වෙලාවට, 'ඔය හත් අට දෙනෙක් පැට්‍රෝල් එකක් ගිහින් වරෙල්ල' කියලා යවන්න බැහැ. සැළැස්ම සකස් කිරීමේදී වැදගත්වන කරුණු.

  • පැට්‍රෝල් එක යවන්නේ කවදාද, කොයි වේලාවේද?
  • පැට්‍රෝල් එක යැවීමේ අරමුණ කුමක්ද?
  • සාමාජිකයන් කීදෙනෙකු යොදවනවාද?
  • ගමන්ගන්නා මාර්ගය/ආපසු එන මාර්ගය කුමක්ද?
  • ගෙනියන අවි ආයුධ, උපකරණ, මොනවාද?
  • පැට්‍රෝල් එක හදිසි අවස්ථාවකට මුහුණ දුන්නොත්, ආධාර කරන්නේ කොහොමද?
ඒ වගේම තමයි පැට්‍රෝල් එක අණදෙන්නා විසින් සළකා බැලිය යුතු කරුණුත් තියනවා.
  • කරන්න යන දේ ගැන, පැට්‍රෝල් එකේ සෑම සාමාජිකයකුටම, පැහැදිළිව කියාදී, ඔවුන් එය අවබෝධ කරගත් බව තහවුරු කරගත යුතුයි.
  • ඔවුන් පැට්‍රෝල් එක යාමට සුදුසු මනා සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියා තහවුරු කරගත යුතුයි. (කැස්ස එහෙම තියනවා නම් යන්න බැහැ. සද්ද වෙන නිසා)
  • ඔවුන් පිටේ එල්ලාගෙන යන මල්ලේ තිබෙන දේවල්, එකිනෙක ගැටී ශබ්ද නගිනවාද කියා බැලිය යුතුයි. ඒවාට පිළියම් යෙදිය යුතුයි.
  • හදිසි අවස්ථාවකදී ගන්නා ක්‍රියාමාර්ගය සෑම දෙනාම දන්නේද යන්න තහවුරු කරගත යුතුයි.
   සාමාන්‍යයෙන් හත් අට දෙනෙක් හෝ 25 ක් 30 ක් හෝ ඊටත් වැඩි පිරිසක් යොදවා කරන පැට්‍රෝල් එකකදී, ඉතා වැදගත් න්‍යායාත්මක කරුණක් අනුගමනය කරන්න තියනවා. ඒකට කියන්නේ පැට්‍රෝල් බේස් - Patrol Base එක කියලා. පැට්‍රෝල් බේස් එක කියන්නේ තාවකාලික ලැගුම් පොළක්. අවටට නොපෙනෙන්න රැඳී සිටිමින්, අත්‍යවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරගන්නා ස්ථානය තමයි, පැට්‍රෝල් බේස් එක කියන්නේ.

   හැබැයි මේ වගේ එකක දවස් ගණන් ලගින්න බැහැ. වෙනත් තැනක අලුත් බේස් එකක් දාගන්න ඕනේ. ලගින්න ගියොත් සතුරාට අහුවෙන්න පුළුවන්. මේ වගේ තැනක, ගින්දර පත්තු කරන්නේ, සද්ද කරන්නේ, නැහැ. එතනින් යන්න කලින්, එතන අපි හිටියද කියලා හොයාගන්න බැරි විදිහට, සියලු සලකුණු මකාදමා යායුතුයි. නැත්තං සතුරා අපේ පස්සෙන්ම එනවා. 

Patrol-Base-Overview1
   

මේ බලන්න, ඔය ඉහළින් තියන පින්තූරයෙන් පෙන්නන්නේ, පැට්‍රෝල් බේස් එකක්. බලන්න අර ගහලා තියන කූඩාරම් රෙදි. ඒවා ගහලා තියෙන්නේ පොළොවේ ඉඳලා අඩි එකහමාරක් විතර උසින්. ඇයි ඒ? ඈතට පෙනෙන එක වලක්වන්න. ඉතිං මොනවද මෙතනට වෙලා කරන්නේ? මෙන්න මේවා තමයි කරන්නේ.
  • සතුරාට තමන් ගැන ඉව වැටීම වළක්වා ගැනීම සඳහා ටිකක් වෙලා සැඟවී නිසොල්මන්ව සිටීම.
  • යම්කිසි විශේෂිත ප්‍රදේශයක සියලු තොරතුරු ලබාගැනීම සඳහා දීර්ඝ මුර සංචාරයක යෙදෙනවා නම්,  ඒ කටයුතු අවසන් වනතුරු, සැඟවී සිටින ස්ථානයක් ලෙස පාවිච්චි කිරීම. කෑම ගැනීම කරන, අවි ආයුධ පිරිසිදු කර සූදානම් කරගැනීම කරන, සුළු තුවාල ආදියට ප්‍රථමාධාර ලබාදෙන, ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරන ස්ථානයක් ලෙස, යොදාගැනීම. (මේ වගේ තැනක ඉන්නකොට LP, OP පවා යොදන්න වෙනවා)
  • සතුරු බලප්‍රදේශයකට ඇතුළු වුනාම, ඒ ප්‍රදේශය කුමක්ද කියා හරිහැටි තහවුරු කරගන්නා තුරු, සැඟවී ඉන්න ස්ථානයක් ලෙස යොදාගැනීම.  
   හොඳයි. මා හිතනවා, මේ ඉතා කෙටියෙන් සලකා බැලූ කරුණු, පැට්‍රෝල් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න, ප්‍රමාණවත් කියලා. මීළඟ කොටසේදී අපි LRRP ගැන කතාකරමු. 


2015 මාර්තු මස 16 වැනි දින 0035 පැය

34 comments :

  1. අනේ මේ මනුස්සය පැන්සොන් ගිහිල්ලත් යුද්ද පිපාසය ඇරෙන්නෙ නැති හැටියක්

    ReplyDelete
    Replies
    1. අනේ පිස්සුව තද වෙච්චි මෝඩයෙක් ලෝකය තේරුම් අරන් තියන හැටි.

      Delete
    2. මොනා කරන්ටද විචාරක.. මෝඩයො කියලා වෙඩි තියලා දාන්ටයැ.. :-D

      Delete
    3. පැන්ෂන් ගියපු වෙන හමුදා නිළධාරීන් විචා ඔයත් මින් පස්සෙ ධනාත්මක චින්තනේ, සිත දියුණුව සහ භාවනාව, මස් නොකමු - හරක් නොමරමු, රූපලාවන්‍ය සහ ශරීර සුවතාව...වගේ මොනා හරි ගැන ලියන්න මේ ඇනෝ කියන නිසා හොඳේ..

      මේ ඇනෝ මෙහෙම කතාවක් මාතලන්ට කිව්වනං, මාත කියයි "අනේ පල බූරුවො යන්න, මම ලියන්නෙ මට ඕන එක, තෝ එපානං අහක බලන් පල නික xකා ගන්නෙ නැතුව" කියල

      Delete
    4. @ බූරා. වෙඩිල්ලක් තියන්නේ අපතයන්ට නෙවෙයි. සන්නද්ධ සතුරෙකුට විතරයිනේ.

      @ ඉන්දික. ඊට අමතරව නෂ්ඨකාමයට ප්‍රතිකාර, වාජීකරණ ඖෂධ, කාන්තාවන්ගේ ඇඟ උනුකරවා යාම, වැනි මාතෘකා ලිව්වනම් හිට්ස් වැදෙනවා බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැති තරමට. :e

      Delete
    5. @ ඉන්දික,

      මට මතක් වුනේ කකාගෙ අර කතාව.. අර "අල්ලපු පන්සලේ සාදුට අහුවුනානං....." කතාව. :-D

      Delete
    6. ඔන්න ඔහෙ රාහු කාලය ඇරල පැට්‍රෝල් යන එක, රයිෆලේට දෙහි කපන එක, රොකට් ලෝන්චර් එක බහිරව පාදෙ ඇරල තියන එක, ෆෙන් ශුයි ක්‍රමයට ෂෙල්ස් ලෝඩ්කරන එක, මැගසින් එකට පිරිත් නූලක් බඳින එක, විශ්ව ශක්තියෙන් යුද්දටැංකි ක්‍රියාකරවීම සහ සතුරා දෙසට හැරී වශී බෝලෙ මිරිකීම වගේ ප්‍රබුද්ද පෝස්ට් එකක් ලියල දාන්න

      Delete
    7. ඇයි, හතුරා යන මාර්ගයෙ හතුරාට පෑගෙන විදියට හූනියම් වලලන එක...

      Delete
    8. @ Pra ඒ කාලේ හිටියා රාහු කාලේ බලලා ඔපරේෂන් වලට භටපිරිස් යවන ජෙනරල්ලා අපි ඉතිං දෙකොනින්ම හිනාවුනා ඇති වෙනකල්.

      මේ 'ඈඩ මොනෝ' මගේ බ්ලොග් එකට විතරයි මේ ගොන්පාට් දාන්නේ. මේක කරන්නේ හොඳින්ම දන්නා කෙනෙක්.

      @ Bura ඇනෝලා බ්ලොග් එකට එන එක වලක්වන්න හූනියමක් නැද්ද? :e

      Delete
    9. අපි හිනහ උනාට, ගණ බලල ඔපරේෂන් වලට නම් තියල, බෝධිපූජාතියල, පන්සිල් එහෙම අරගෙන උතුරට ගිහින් වෙඩි තියන බෝම්බ ගහන ඔපරේෂන් ආරම්භ කරපු කාලයක් තිබ්බ. යනතන් ෆොන්සේක ඒ ගොංපාට් නැතුව යුද්දෙ කරා.

      //"අල්ලපු පන්සලේ සාදුට අහුවුනානං....." කතාව. :-D// බුරා, ඒ තියරිය තමා මේ පාවිච්චි කරේ. වැඩේ හරි වගේ.

      Delete
  2. හැමදාම වගේ වැදගත්. තව පෝඩ්ඩක් රහ කරලා ලියන්න. මොකද තාක්ෂණික තොරතුරු කියවන්න කට්ටිය කම්මැලිනෙ.
    //අපොයි මගේ උන්දෑ පැනලා යනවනම්, මම කාර් එකත් දීලා අරිනවා.// හම්බුවෙයිනෙ විචාරකී කවදා හරි. දෙන්නං ජම්බු එදාට.... :f

    ReplyDelete
    Replies
    1. රහ වැඩි කොරන්ඩ ගියොත් ගුණය නැතිවෙනවා. ගුණය වැඩි කොරාම රහ අඩුවෙනවා. බලමුකෝ බලමුකෝ.

      හොහ් හොහ් ........අපේ උන්දෑ දන්නවා ඔය මක්කිව්වත් මට උන්දැව නැතුව බෑ කියලා.

      Delete
  3. 4-MT, 8-MT ගැන මම ඇහුවෙත් අදයි.. ‍මේකට ආභාසය ගන්ට ඇත්තෙ Seal Team වලින් වෙන්ටැති නේද?

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එක දැක්කද?

      https://www.youtube.com/watch?v=bpTlmZ7Yi2o

      Delete
    2. @ බූරා. මේක අලුත් දෙයක් නෙවෙයි. පරණ දෙයක් අලුත් කරලා ගැනීමක්.

      @ ඉන්දික. ඔව් මේක මම ඒ කාලෙදිම දැක්කා. අර Bravo Two Zero ලියපු Chris Ryan තමා මේක කරලා තියෙන්නේ.

      Delete
    3. @ ඉන්දික,

      තැන්කූ වීඩියෝ එකට..

      @ විචා,

      වීඩියෝ එකේ 0.07 වලදි අතේ තියන් ඉන්නෙ Tavor CTAR 21 එකක් නේද? ආසයි අපේ අය මෙහෙම අලුත් බඩුවලින් වැඩදානවා දැක්කහම..

      Delete
    4. @ බූරා. ඔව් ඒක තමයි අවිය. හැබැයි මේ අවි ඉතා රහසිගතව තමයි පාවිච්චි කරන්නේ.

      https://www.youtube.com/watch?v=ghfLITY5kNs

      Delete
  4. නියම විස්තර ගොන්නක්, හැබැයි ඉතින් මේ ලියන ලිපි කොට වැඩි එක තමා අවුල. රාජකාරි ගොඩක් මැද්දේත් මෙහෙම හරි ලිපි පල කරන එක ඉතා අගය කරනවා. පසු ගිය යුද සමයේ හතර දෙනෙකුගේ කණ්ඩායමක් දෙදෙනා බැගින් ගොස් සතුරු බංකර කිහිපයකට හිතා ගන්නවත් බැරි තරම් ක්ෂණිකව කඩා වැදී තත්පර විස්සක පමණ ඉතා දරුණු අන්දමේ ප්‍රහාරයක් එල්ල කරන වීඩියෝවක් මා දැක තිබෙනවා. මතක් වෙනකොටත් නිකන් ඇඩ්රිනලින් වැඩ කරනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මෙතැනදී කරන්නේ මෙන්න මෙහෙම දෙයක් තියනවා කියලා හඳුන්වා දීමක් පමණයි. සම්පූර්ණ විස්තර ලියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඒ තරම් ගැඹුරු න්‍යායාත්ම කරුණු කියවන්න බොහෝ දෙනෙක් කැමති වෙන්නේ නැහැ.

      හතර දෙනාගේ කණ්ඩායම් සහ අටදෙනාගේ කණ්ඩායම් විසින් මහ කඳවුරු වලටත් බරපතල ප්‍රහාර එල්ල කරලා තියනවා.

      Delete
  5. සතුරු වාහනවලට පහර දීම නම් හොඳයි වගේ. වෙලාවක විචාරකවත් අල්ලගන්ට පුලුවනිනේ.. :P

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්......අපි අහුවෙයි ඔව්වට.

      Delete
  6. විචාරක තුමා, මේ ලිපි කියවද්දි මට සමහර වෙලාවට හිතෙනව මේ න්‍යායාත්මක කරුණු කොච්චර දුරට සාමාන්‍ය සෙබළුන් අතරට යනවද කියල.. මෙහෙම කියන එක ටිකක් කොන්ට්‍රවර්ශල් වෙන්න පුළුවන්.. ඒත් මට තියෙන අත්දැකීම් හැටියටනම් මෙච්චර දැනුවත් භාවයක් නාවික හමුදාවෙදී නම් ගොඩබිම ආරක්ශක කටයුතු කල පැට්‍රොල්මන් බ්‍රාන්ච් එකේ නැවියන්ට තියා සමහර නිළධාරීන්ටවත් මේ ගැන තිබුණේ නෑ.. යුධ හමුදාවේ තත්ත්වය වෙනස් වෙන්න ඇති.. මං යුද්ධයේ අන්තිම කාලේ මුලතිව් වලට ආසන්න රේඩාර් මඪ්‍යස්ථානයක හිටපු නිසා ගොඩාක් ගොඩබිම මෙහෙයුම් වෙන විදිය බලං හිටියා.. ඒවයෙදි ඒ නිළධාරීන්ට/ නැවියන්ට ඒ ගැන තිබුණ අවබෝධය ගැන මේ කරුණුත් එක්ක හිතද්දිනම් සෑහීමකට පත් වෙන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඔබ කියනදේ හරි කල්‍යාන. මේ න්‍යායාත්මක කරුණු සවිස්තරව කියා දෙන්නේ නිලධාරීන්ගේ පුහුණු කටයුතු වලදී පමණයි. ඒ සියල්ල අවබෝධ කරගන්න තරම් සොල්දාදුවාගේ උගත්කම මදි කියන පූර්ව නිගමනයක තමයි ත්‍රිවිධ හමුදාවම ඉන්නේ.

      නමුත් සෙබළුන් පුහුණු කිරීමේදී ඔවුන්ගේ මට්ටමට බැහැලා ඔවුන්ගේ වචන පාවිච්චි කරලා අර න්‍යායන් උගන්වන්න පුළුවන් බව මම අද්දැකීමෙන්ම දන්නවා. නමුත් එව්වා පිළිගන්න හුඟක් ලොක්කෝ අකමැතියි.

      යුද්දයේ අවසාන අවුරුද්දේ නිලධාරීන් හිගය නිසා සාමාන්‍ය පෙළ යන්තමින් සමත් කෝප්‍රල් වරුන්ට වැඩිදුර පුහුණුව ලබාදී අධිකාරියට පත්කෙරුනා. මේ අයගෙන් එක් පිරිසකට කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාවක් ලබාදුන්නා. මම එහි උපදේශකයකුව සිටියා. ඒ සෙබළුන්ට තමන් ගැන වාක්‍ය 10 ක් නිවැරදි සිංහලෙන් ලියාගන්න බැහැ. නමුත් මම ඉංග්‍රීසි ඉගැන්නුවා. කතාකරන්න පුළුවන් වෙන්න ඉගැන්නුවා. මොනවද මම මුලින්ම ඉගැන්නුවේ? තොපේ අම්මට ....න, අරිනවා තොගෙ .., ඔන්න ඕවයින් පටන්ගත්තා. කොල්ලෝ පට් පට් ගාල අල්ලගත්තා. :e

      Delete
    2. අපේ නාවික සෙබළ (පැට්‍රෝල්මන්) උන්ගෙත් තිබ්බ ලොකු කේස් එකක් ඕක.. මහ එවුන්ගේ හීනමානේ නිසා උන් ඉගෙන ගත්තෙත් නෑ.. පොඩි උන්ට ඉගෙනගෙන උඩට එන්න දුන්නෙත් නෑ.. අර තියරියනම් මරු ඈ.. දන්නවනම් මාත් ක්ලාස් එනවා.. හැක් හැක්..

      Delete
  7. කෙටියෙන් උනත් හොඳ විස්තරයක් තියෙනව.
    අර අඩි එක හමාරක් උස කූඩාරං අස්සෙ ඉන්නකොට කූඩාරං ගැහුවොත් සොරි තමයි ඉතිං. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      අනේ ඔය කූඩාරම්වල ඉන්නකොට අපේ කූඩාරම් පොල්ලක් තියනවාද කියලවත් මතකයට එන්නේ නැහැ.

      Delete
  8. මේ සිරිස් එකනම් කියවන්න වෙලාවක් එන්නෙම නෑ විචාමාමේ ...... කියවන්නේ නැතුව කොමෙන්ටුවක් දාන එක හරි නැති නිසා කොමෙන්ටුවක් නොදාම යනවා ඕන්

    ReplyDelete
    Replies
    1. පස්සේ වෙලවාක හෙමින් කියවා බලන්න.

      Delete
  9. සෑහෙන තොරතුරු ගොඩක් දැනගත්තා....

    ReplyDelete
  10. මේවා නියම විස්තර අප්පා... මම හෙන ආසාවෙන් කීප සැරයක්ම කියවනවා.'ලර්ප්' ගැන කියනකොට නම් අපේ කොල්ලන්ගෙ වැඩ කෑලි දෙක තුනක් වත් කියනවා නම් වටිනවා.මොකද ඒවා හැංගිලා තියෙන්නෙ.රුසියානුවා රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි/ අමෙරිකන් ආමි එකේ වැඩ දන්නවා අපේ කොල්ලො කාපු කටු දන්නෙනෑ..
    ජය වේවා..!!

    ReplyDelete
  11. Welcome to Williams Loans Company,
    (Belgium).

    Thanks for your message and also I appreciate your concern about you
    sending money for your loan, First of all this is a well government
    approved and registered loan firm so if you should say anything
    because of your experience in the past then I am sorry you might not
    have this funds in progress. Regarding the loan i want you to have the
    assurance that as soon as the necessary things are done funds will be
    available for you okay, below is the calculation and repayment plan.
    Your application number is: CCL/FSA/2015/1204 please take note very
    important.


    NOTE: For the loan amount being borrowed I believe the time duration
    given will be enough for you to pay back the loan and the monthly
    installment remittance as well.

    RE-PAYMENT TERMS FOR LOAN ACQUISITION



    Loan Amount Requested: 5,000,000 NGN
    Loan Balance: 5,000,000 NGN
    Loan Interest Rate: 2%
    Loan Term: 4 years

    Monthly Loan Payment: 108,475
    Number of Payments: 48

    Cumulative Payments: 5,206,829
    Total Interest Paid: 206,829

    Note: The monthly loan payment was calculated at 47
    payments of 108,475 plus a final payment of 108,475.

    REQUIREMENTS:- VERIFICATION AND IDENTIFICATION IS REQUIRED.

    Under legal requirements by the Financial Services Authority (FSA), we
    are required to verify the identity of ALL new applicants. As a
    result, verification and identification is required. If you are
    satisfied with the calculation and description of services in order words
    if you agree to the loan terms and conditios given to you, please get
    back to us with a scanned copy of your national identity card or your
    driver's license for verification and approval of your loan which you
    had already provided.

    We await your response regarding the loan terms and repayment to
    enable us proceed with the loan process and we hope to live up to your
    expectations and meet your financial satisfaction.

    Sincerely,
    Williams Loans
    Loan Firm.

    ReplyDelete
  12. URGENT ණය ලබා දැන්ම යොමු කරන්න.
    ආයුබෝවන්,
     මගේ නම මහත්මිය වැනෙසා ක්ලාරා වන්නේ රොබට්, මම මම මම, විවාහ වුනා, ඔහියෝ ඇමරිකා එක්සත් ජනපදයේ සිට මම
    පසුගිය මාස 5 සඳහා අව්යාජ ණය සමාගම සොයමින් හා
    මම ගත්තා සියලු ඔවුන් විශ්වාස කිරීමට මට කළ හඳුනාගන්නා අයුරැ පොකුරේ වූ අතර අවසානයේ දී
    දවසේ, ඔවුන් සියළු ප්රතිලාභ ලෙස කිසිවක් ලබා දීමට තොරව මගේ මුදල් රැගෙන
    මගේ බලාපොරොත්තුව මම ව්යාකූල සහ කලකිරුනු තියෙනවා, නැති වූ, මම ඉතා එය සොයා
    මගේ පවුලේ පෝෂණය කිරීමට අපහසු, මම කරන්න දෙයක් කිරීමට අවශ්ය නැහැ
    අන්තර්ජාලය මත ණය සමාගම් සමඟ, ඒ නිසා මම යම් මුදල් ණයට ලබා ගැනීමට ගොස්
    මිතුරා, මම සිදු වූ ඇයට පවසා ඇය බව, මට උදව් කළ හැකි බවයි
    ඇය ණය ප්රමාණයක් ඕනෑම මට උපකාර කළ හැකි ණය මුදලක් සමාගම දන්නා
    ඇය පමණක් ලැබුණ බව, 2% ක ඉතා අඩු පොලී අනුපාතයක් මට අවශ්ය
    ඔවුන් වෙතින් ණය, ඇය මම කළා, ණය අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මට යොමු
    ඇය මම විද්යුත් ඔවුන් සමග අයදුම් මට කිව්වා මෙන්: (williamsloans14@gmail.com), මම විශ්වාස නැහැ නමුත් මම උත්සාහ මගේ
    ශ්රේෂ්ඨතම පුදුම මම පැය 24 ක් තුළ මෙම ණය මුදල තියෙනවා, මම විශ්වාස කල නොහැකි,
    මම නැවත ප්රීතිමත් හා පොහොසත් වෙමි සහ i වැනි ණය දෙවියන් ස්තුති කරමි
    මෙම ස්ථාන වැඩි සියලු හඳුනාගන්නා අයුරැ මත මේ වගේ සමාගම් තවමත් පවතී,
    මම යන්න ණය අවශ්ය කරන සිදු එහි සෑම උපදෙස් කරුණාකර
    (williamsloans14@gmail.com) ඔවුන් ඔබ අසමත් වන අතර, කිසි දිනක
    බිම් බෝම්බ මෙන් ඔබේ ජීවිතය වෙනස් ය.

    ReplyDelete
  13. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete
  14. විශ්වාසවන්ත සේවයට පිළිගන්න

    සුබ දවසක්,
    ඔබගේ මූල්ය අවශ්යතා විසඳා ගැනීමට හදිසි ණයක් අවශ්ය නම්, ඩොලර් 3,000.00 සිට ඩොලර් 1,000,000 දක්වා සිටිමු. Max, අපි විශ්වසනීය, කාර්යක්ෂම, වේගවත් හා ගතිකව විශ්වාසනීයව, 100% සහතික වූ ණයක් ලබා දෙනවා (යුරෝ, පවුම් සහ ඩොලර්). සියලු ණය සඳහා අදාළ වන පොළී අනුපාතය (3%), ඔබ අප වෙත නැවත පැමිණීමට උනන්දු නම්.

    (trustfirm2010@gmail.com): සපයන සේවා:

    * නිවාස වැඩිදියුණු කිරීම
    * ණය නිමැවුම්කරු
    * ණය සම්බන්ධීකරණ ණය
    ව්යාපාර ණය
    * පුද්ගලික ණය.

    අද අප අමතන්න. අප සමඟ ව්යාපාරික කටයුතු කිරීමට අප සතුටු වෙනවා
    විද්යුත් තැපෑල: trustfirm2010@gmail.com

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }