හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 February 2015

අහෝ...! නිහඬවම නික්මුණිය ඔහු

sisira_senatarhne
 අසහාය ගායක සිසිර සේනාරත්න මහතාණන්ගේ අභාවය සැලවූ වහාම, තදින් වේදනාවට පත් මා හදවත, මතක මංපෙත දිගේ ආපසු ඇදීගියේ, මගේ බාල කාලයටයි. අම්මා ගැයූ නැළවිලි ගීත රසවිඳීමෙන් පසු ලාබාල කාලයේදීම සිත්ගත් කට හඬවල් අතරින් එදත් අදත් මගේ සිතට තදින්ම කා වැදී ඇති හඬක් වන්නේ සිසිර සේනාරත්න මහතාගේ සුමධුර කටහඬයි. ඔහුගේ ගායනයේ ඇති ශික්ෂණය, සුමධුර බව, ලයාන්විත බව, වචන උච්ඡාරණයේ ඇති පැහැදිළි බව, නිරුත්සාහයෙන් ගලායන තානය, ඉතා දුර්ලභ, පූර්වාත්ම පුණ්‍ය කර්ම මහිමයෙන්ම ලද, නියත විවරණයකැයි හඟිමි.

   මා ඔහුගේ මධුර ස්වරයට ඇලීගියේ, හඳපාන චිත්‍රපටියේ ගීත ඇසීමෙන් පසුව බවයි මගේ මතකය. අපේ බොහොමයක් පැරණි ගායක ගායිකාවන් මෙන්, ඔහුද, චිත්‍රපටි පසුබිම් ගීත ගායනයෙන්, ගායන ලෝකයට පිවිසි අතර, මුල් කාලයේදී, හින්දි චිත්‍රපටි තනු අනුකරණය කොට නිමැවූ ගීතද, ගායනා කරන්නට යෙදුනි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් පරිණත භාවයට පත්ව එද්දී, ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකරන්නටත්, එම නිර්මාණ සිංහල ගීත ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය මට්ටමේ රඳවන්නටත්, ඔහුට හැකිවිය.

   ඔහුගේ ගායන දිවිය තුළ, ඔහුට අභියෝග කිසිවක් නොවීය. ඔහුට අභියෝගයක් වුයේ ඔහුගේම ස්වර්ණමය හඬ පමණි. සිසිර සේනාරත්න මහතා වැනි ගායකයන්, සිංහල ගීත ක්‍ෂේත්‍රයටම සිසිල සෙවන සපයන, මහා වස්පතීන් හා සමාන වන්නේ ඇයි. පළමුවැන්න, මුදල් සහ කීර්තිය පසුපස හඹා නොයමින්, අල්පේච්ඡතාවයෙහි රැඳී සිටිමින්, 100% ක් දේශීය නිර්මාණ බිහිකිරීමටත්, එකී නිර්මාණ, හරවත්, අර්ථවත්, සදානුස්මරණීය වටිනාකමක් ඇති නිර්මාණ ලෙස බිහිකිරීමට දිවිහිමියෙන් කළ කැපවීමත් බවයි.

   මටනම් පෙනීයන්නේ, ඔහුගේ කටහඬ, පහසුවෙන් අනුකරණය කළ නොහැකි, ගැඹුරු, සුශික්ෂිත, ලයාන්විත වීම නිසා, 'අනුන් ගහන් කත්වා' වර්ගයේ ගායක පුස්සන්ට, ඔහුව ගසාකෑමට ඉඩක් නොලැබුණු බවයි. එමෙන්ම, ඔහු තම ගීත පිලිබඳ අයිතිය සම්බන්ධයෙන්, කල්තබාම අවශ්‍ය නෛතික පියවර ගෙන තිබුණු බවත්, මට මතකය.  සිනමා නළුවකු වීමට තරම් කඩවසම් පුරුෂයකු වූ ඔහු, කිසිවිටකත් 'කොරන්ට බැරි මගුල් නොකර සිටීම' නිසා, සිනමා නළුවකු නොවීය. අදනම් ඉන්නේ බහුකාර්ය කලාකරුවෝ නොවැ.

   ප්‍රේමය නමැති අති සුන්දර හැඟීම, අප හදවත් තුළ මෝදුවන කාලයේදී, මේ ප්‍රේම කුමාරයා, අපේ හදවත් වලට කෙඳිරූ පෙම්ගීත සමුච්ඡය, අප ගෙනගියේ පෙම්ලොවේ ඉහලම තලයක ඇති, ආත්මික සුවයක් කරා යයි කීමට නොපසුබට වෙමි. ඔහුගේ ගීත ලැයිස්තුවක් මෙතනට ඇතුළත් කිරීමට අදහස් නොකරමි. මේ රටේ බහුතරයක් ගීත ලෝලීන්ට මතක තිබෙන්නේ ඔහු ගැයූ, 'මාගෙ පුතුට මල් යහන සදන්නේ' නමැති ගීතයයි. නමුත් මෙය 'පුංචි බබා' නමැති සිංහල චිත්‍රපටියේ, පසුබිම් ගායනයක් බවත්, එම චිත්‍රපටියේ පසුබිම් සංගීතය නිර්මාණය කළේ ද, සිසිර සේනාරත්න මහතා බව දන්නේ, ටිකදෙනෙකි. (දර්ශනයේ පෙනීසිටියේ ජෝ අබේවික්‍රම මහතායි)  සිසිර සේනාරත්න මහතා වෙනුවෙන් ඒ ගීතය මේ වනවිට මාධ්‍ය ඔස්සේ බහුලව ප්‍රචාරය වන බැවින්, සැබෑ ප්‍රේමය කුළුගැන්වෙන, පෙම් සුවඳ සැබැවින්ම විහිදෙන, ඔහුගේ වෙනත් පෙම් ගීයක් මෙහි ඇතුළත් කරමි.

   අපේ කාලයේ පෙම් සිහින මවාදුන් පෙම් කුමරාණෙනි, සැබෑ ගායකයකු යයි හදවතින්ම කිවහැකි, උතුම් පුරුෂයාණනි, ඔබට නිර්වාණ සම්පත්තිය අත්වේවා!




 

2015 පෙබරවාරි මස 05 වැනි දින 1011 පැය

45 comments :

  1. මැරිලා කියලා දන්නෙත් දැන්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙන්ඩෝ මේ උඹමද බන්

      Delete
    3. සමහර වෙලාවට රටේ ලෝකේ වෙන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං..

      Delete
    4. මගේ සමහර මිතුරන් පවා දැනගත්තේ මා කිව්වාට පසුවයි. මාධ්‍ය ප්‍රචාරය බොහොම අඩු මට්ටමෙන් කෙරුනාද කියා හිතෙනවා.

      Delete
    5. නැහැ මාධ්‍ය ප්‍රචාරය ප්‍රමාණවත් ආකාරයට සිදුවුනා.මෙතන තියෙන්නෙ මාධ්‍යවල අඩුපාඩුවක් නෙවෙයි.

      Delete
  2. මම කැමතිම සින්දුව තමා.. පිවිතුරු හදින්...

    එක පාරක් රූප වාහිණි යක්කු නං සිසිරව මැරුවා නිව්ස් වලදි..


    ඔහුට සුභ ගමන්..

    ReplyDelete
    Replies
    1. එතුමාගේ කොයි සින්දුවත් හරිම මිහිරියි දේශ්. හරිම සංවේදී මනුෂ්‍යයෙක්.

      Delete
  3. කවදාවත් මහලු නොවූ තරුණයා‍.. කවදාවත් මහලු නොවූ කටහඬ..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. අපේ හදවත් තුළ ගීත ලෝකය තුළ ඔහු මහලු වුණේ නැහැ.

      Delete
  4. සිසින්ද්‍රා ප්‍රසංගයක් සංවිධාන කරන්න දායක වෙලා තියනවා මමත්. සිසිර බොහොම සුහදශීලී පුද්ගලයෙක්. ඒ කාලෙත් සිසිරට නිතර අමතක වෙනවා. ඉන්ද්‍රාණි තමයි කතා බහේදි සිසිරට අමතක වෙන තැන් මතක් කරන්නේ. හැබැ‍යි ගායනයේදි වචන නම් අමතක වුණේ නැහැ. බොහොම සතුටින් සමාදානයෙන් ඉන්න යුවලක් වගේ තමයි හැඟුනේ.

    ඔහුගේ මම කැමතිම ගීතය "ආලෝකෙ පතුරා" කියන එක....

    ReplyDelete
    Replies
    1. මං දුව නැලවූයේ ආලෝකේ පතුරා කියමින්.
      පුතා නැලවූයේ මාගෙ පුතුට මල් කියමින්!

      Delete
    2. @ තිසර සිසින්ද්‍රා ප්‍රසංගය ලෝකය පුරාම ජනප්‍රිය වුණේ ඇත්තටම අපේ හදවතේ තියන ලාංකික ගතිය ඒ ගීතවල තිබෙන නිසයි. සිස්සිර සේනාරත්න මහතා පොළොවේ පැයගහලා ජීවත්වුණා කෙනෙක්.

      @ රසික

      නැලවිල්ලක් ගායනා කරලා දරුවන් නලවන පියවරු බොහොම අඩුයි. මමත් එහෙම කරලා නැහැ. ඒ අතින් ඔබ ඉහලයි. සිසිර සේනාරත්නගේ ගීතවල තිබුණු හිතට ශාන්තිය ගෙනදෙන ගතිය හරිම පුදුමයි.

      Delete
  5. ඒ අසහාය ගායකයාට නිවන් සුව පතමු
    මේ මම ඔහුගේ ආසම ගීතය

    https://www.youtube.com/watch?v=BjLtgcmw2Xg

    ReplyDelete
    Replies
    1. මේ ගීතය ගායනා කල කාලයේ තරුණ හදවත් කැළඹී ගියා මෙහි ඇති සංවේදී ස්වරූපය නිසා. මේවා කවදාවත් නොමියන ගීත. මමනම් කැමති මෙන්න මේ වීඩියෝ එකටයි.

      https://www.youtube.com/watch?v=muTLQgyL0QQ

      Delete
  6. සිසිර සේනාරත්න කියන්නේ ගායකයෙක් විතරක් නෙමෙයි. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක්. තනු නිර්මාපකයෙක්. ෆිල්ම් වලට පවා සංගීතය සපයපු කෙනෙක්. ඒත් සම්ප්‍රදාය කඩපු කෙනෙක් නිසා ගෝත්‍රික සංගීත කාරයන්ට එයාව දිරෙව්වේ නෑ. න්ස්මුත් ඔහු කළාකරුවෙක් ලෙස කොන්ද කෙලින් තබාගෙන ජීවත් උන ශ්‍රේෂ්ඨ කළා කරුවෙක්. ඉතින් නලාකාරයන්ට එහෙම මිනිස්සු දිරවන්නේ නෑ. ඔහු සාර්ථක මනුස්සයෙක්.

    ඔහු මාස 3 නේදි මව් සෙනෙහස අහිමිවූ කෙනෙක්. "මාගේ පුතුට මල් යහන තනන්නේ.." කියන ගීතය ඔහුගේ පෞද්ගලික ඇත්දැකීමක්.

    සුභ ගමන් සිසිර...

    ReplyDelete
    Replies
    1. සිසිර සේනාරත්න මහතා ශ්‍රී ලංකා රේගුවෙත් වැඩකලා නේද?

      Delete
    2. ඒ විතරක් නෙවෙයි මාතේ සිසිර සේනාරත්න කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්. පුදුම තරමේ නිහතමානි කමක්.

      Delete
    3. ඔය මනුස්සයට එක දවසක් ධර්මසිරි ගමගේ නිර්ධය විදියට බැණ අඬ ගහ ගත්තා සිසිර පොඩි චෝදනාවක් කලාම. අන්න එදා තමයි මම දැන ගත්තේ ධර්මසිරි ගමගේ කියන්නෙ කව්ද කියලා. මොහු සැබවින්ම මහත්මයෙක්. ටයි එකේ කෝට් එකේ ගෞරවයට නිසි තැන දුන් පුදගලයෙක්. මනෝෂ් කියන දේ මාත් අහලා තියෙනවා..

      Delete
    4. @ මාතලන්
      ඉතාම සාධාරණ අව්‍යාජ අදහස් ඔබ ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු කොන්ද කෙලින් තබාගැනීම බොහොම දෙනෙකුට විෂ වුණා.

      @ මනොෂ්
      ඔව් ඔහු රෙගු නිළධාරියෙක්.

      @ ඉවාන්
      ඔහු සමහ එක විනාඩි 5 ක් කතාකරපු කෙනෙක් දන්නවා ඇති ඔහු මොනතරම් මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක්ද කියා.

      @ මාතලන්
      කලාකරුවන් අතර මොනතරම් ගැටුම් තිබුනත් මම කවදාවත් දැකලා නැහැ සිසිරට එළිපිට බනින කෙනෙක් හෝ සිසිරට අවලාද නගන කෙනෙක්. ඔබ මේ කියන සිද්ධිය හරිම අවාසනාවන්තයි. ධර්මසිරි ගමගේ කියන්නෙත් බොහොම සංවේදී මනුෂ්‍යයෙක්. නමුත් මොකක්හරි බරපතල දෙයක් වෙන්න ඇති.

      Delete
  7. නිවන් සුව ලැබේවා.. ඔහු නැතුවා වගෙයි.. අද මේ ලොවේ..

    ReplyDelete
    Replies
    1. මට එකවරම මතක් වුණේ හඳපාන චිත්‍රපටියේ ඉන්ද්‍රානි සේනාරත්න ගයන,

      ඔබ නැති මේ බිම පාලුයි අඳුරුයි
      මගෙ හද ඇයි ගෙන ගියෙ හංගා
      අසරණ මේ මගේ ආලය ඔබටයි
      ගලන තුරා මහවැලි ගංගා

      කියන ආදරණීය ගීතය. අද ඇයට කොපමණ වේදනාවක් දැනෙනවා ඇද්ද?

      Delete
  8. තවත් වාග්ගේය කාරයෙක් නික්මගියා..!

    සිසිර සේනාරත්න කියන්නෙ පුදුම දක්ෂයෙක්. අවාසනාවට මම සජීවිව ප්‍රසංගයක් නොබලපු මගේ ආසම ගායකයෙක්.

    ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
    චන්ද්‍රා සෙමෙන් එයි නැගී
    ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
    මගේ මැණික සුවසේ නිදී
    ආලෝකෙ පතුරා, මුළු ලෝකෙ ඔපලා
    චන්ද්‍රා සෙමෙන් එයි නැගී
    ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා
    මගේ මැණික සුවසේ නිදී
    කොවුලන් ගේ රස ගීත, සුළඟින් ගෙනා සීත
    සුවදායකයි රෑ මෙහී
    සියතුන් හඬන්නේ, මොනරුන් රඟන්නේ
    නෑ ඔවුනුත් නිදියා ගනී
    කොඳ මල් සිනාසේ, විල් නිල් ජලාසේ
    රණ හංසයෝ පීනතී, සඳ කැන් බිබී නැහැවෙතී
    කිංකිණි නොසොල්ලා, නටමින් වරෙල්ලා
    සුර කෙල්ලනේ ඈ නිදී
    මගේ මැණික සුවසේ නිදී

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කොයිතරම් සංවේදී, කොයිතරම් උතුම් හදවතක් හිමි, නිර්ව්‍යාජ, යථාර්ථවාදී ගායකයකුද ඔහු? මේ පද පේළි කියවද්දීත් ඒ හඬ ඇහෙනවා ඇහෙනවා වගේ.

      Delete
  9. කොච්චර කාර්යබහුල වෙලා හිටියත් මෙතුමා ගැන මමත් බ්ලොග් ස්ටහනක් තබන්න බලාපොරොත්තුවෙනුයි මං බ්ලොග් එකට ගොඩවැදුනෙ. නමුත් ඔබ ඒ ගැන විශිෂ්ඨ ආකාරයෙන් ලියලා. ආයෙ ලියන්න දෙයක් ඉතුරුකරල නෑ.

    සොඳුරු මිනිසාණෙනි, ඔබට සුබ ගමන් පතන්නෙමි..

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං කතිර ගගහා හිටපං. (කෙන්ජයියෙ, තරහා ගන්නවා නෙමෙයි ඕං විහිලුවලට)

      Delete
    2. @ මනෝෂ්
      ලියන්න මනොෂ් ඔබ පමාවී නැහැ. මා ලිව්වාට වඩා වෙනස් අදහස් ඔබ ළඟ ඇති. මේ යුග පුරුෂයා වෙනුවෙන් බ්ලොග් සටහන් 100 ක් ලිව්වත් මදි.

      Delete
  10. සුබ ගමන් ආදරණීය කලාකරුවාණෙනි

    ReplyDelete
    Replies
    1. එහෙත් අපේ මතකය ..............................

      Delete
  11. සිසිර සේනාරත්න මෙල්බන්වල සංගීත සංදර්ශනයකට ඇවිත් දැක්කා. ඒ වෙලාවෙත් එයා අසනීපෙන් හිටියේ.

    එයා කීව 'මගෙ මැනික සුවසේ නිදී' කියන සිංදුවට ගොඩක් ආසයි.

    ඔහුට සුබ ගමන් පතමු.

    ReplyDelete
    Replies
    1. විදේශ සංචාර කීපයකින් පසු ඔහු තදින් අසනීප වුණා. ඇත්තටම ඔහු ගියේ සල්ලි හඹාගෙන නෙවෙයි. අසන්නන්ගෙන් නොකඩවා පැමිණි ආරාධනා නිසා.

      මගේ මැණික සුවසේ නිදී ගීතය හඳපාන චිත්‍රපටියේ. ඒ ජවනිකාවේ ඉන්නේ නැසීගිය හර්බට් එම් සෙනෙවිරත්න සහ නැසීගිය සුරූපී නිළි විජිත මල්ලිකා. ඇත්තටම ඔබ ඒ ජවනිකාව දැක්කොත් ඔය ගීතයට අද තිබෙන කැමැත්ත ලක්ෂ වාරයකින් වැඩිවෙනවා. ඒ චිත්‍රපටියෙදී, නිදි යහනේ ඉන්න තම බිරිඳ වෙනුවෙන් සැමියා තමයි ඒ ගීතය ගයන්නේ.

      Delete
  12. ම්හ්හ්.....
    නිවන් සුව ඔබට''''''''!................

    ReplyDelete
    Replies
    1. අපේ හදවත් සැනසූ පිනෙන් නිවන් සුව ලැබේව!

      Delete
  13. ඒ ලයාන්විත කටහඬට අපිත් ආසයි..

    ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. අපි මියයන තුරු ඒ හඬ අපේ හදවතේ තිබෙනවා.

      Delete
  14. ඒ අග්‍රගණ්‍ය කලාකරුවාට නිවන් සුව පතමු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහුගේ ආදරණීයයන් ලෙස ඒ අපේ වගකීමයි.

      Delete
  15. තාත්තට උපන්දින තෑග්ගක් විදිහට පරණ හින්දි සින්දු හොයන්න ගිය වෙලාවක තමා ඒ සාප්පුවේ සේවය කරන සොයුරියක් "සිසින්ද්‍රා" තැටිය බලෙන්ම වගේ මගේ ඇගේ ගැහුවේ.ඒත් ඒක ඇහුවට පස්සේ ඒ සින්දු වලට වහ වැටුනා.විශේෂයෙන් "ආලෝකේ පතුරා" සින්දුව.
    කොහොම වුනත් ඒ විශිෂ්ඨයාට නිවන් සුව පතමු.

    ReplyDelete
    Replies
    1. සිසින්ද්‍රා LP තැටිය ඒ කාලේ උණුකැවුම් වගේ විකිණුනා. ඇත්තටම සිසිරගේ එක සින්දුවක් ඇහුව කෙනෙක් සිසිරට වහවැටෙනවා.

      Delete
  16. ඔහුගේ තනි ගීතය භාවනාවක්. යුග ගීය ප්‍රේමයේ සංකේතයක්. ඉන්ද්‍රාණි තරමක් ආඩම්බර චරිතයක් වුනත් ඔහු එහෙම නෑ. සිසිර, ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ අර්ථ කතනයක් මධු. බොහොම ස්තුතියි.

      Delete
  17. ඔහුගේ තවත් විශේෂ ලක්ෂණයක් දැකිය හැකිය. ඒ සහාය ගායිකාවක් ලෙස ගී ගයා ඇත්තේ ඔහුගේම බිරිද පමණි.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }