හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 January 2015

ඡන්දෙ ඉවරවෙනකල්

Ha ha
 අම්මෝ.................ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්‍රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)


  තුවාල වෙච්ච හැටි

   ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා. 

"දෙවියනේ.....................!, මොකද ඔයාට වුණේ" ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.

"මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ........ කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, 'ග් ඌ...........' කියලා". සොල්දාදුවා උත්තර දුන්නා.

"එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති".  ආර්යාව කිව්වා.

"නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ..............කියලා"

"එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති". ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.

"නෑ නෑ තවම නෑ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්න.

"එහෙනම් මොකද වුණේ"?

"ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා". මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා".

"ඉතිං ඒ පාර?" ආර්යාව ඇහුවා.

"ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්නා.


  ජරා මැගසින්

   එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.

   "මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට එකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ"

   නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,

   "මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" කියලා.

   නිලධාරියා කියනවා,

   "ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.

type56


ප්‍රථමාධාර 

  බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා.

  උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

   "හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?"

   එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.

picture-22975


අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා. 



2015 ජනවාරි මස 06 දින 2306 පැය

36 comments :

  1. Athi yanthan wenasakata mula purala!!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. කතා ගොඩක් තියනවා. හරි කම්මැලියි පරිවර්තනය කරන්න.

      බොහොම ස්තුතියි.

      Delete
    2. චැහ්, ඒක කියපු කැත .. Effective Army Officer කෙනෙක් විදිහට හිටපු ඔබතුමා ඔහොම කම්මැලි වෙලා හරියනවද ?

      Delete
    3. හිහ් හී...හරි හරි ආයෙත් ටිකක් පරිවර්තනය කරන්නම්කො සඳරු. බොහොම ස්තුතියි මේ විදිහට හරි මාව ධෛර්වත් කරන එකට.

      Delete
  2. කඳවුර බාර නිළදාරියාගේ නෝනට අරවයින් මැගසින් එකක් බලන්න ආස හිතිලා තියෙන්න ඇති. හමුදා නිලදාරියා පස්සේ ඒවා එකක් හොයලා ගෙනත් දුන්නද?(මේක ඔබේ අත්දැකීම ක් ද?)

    ප්‍රථමාධාරය නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක මගේ අත්දැකීමක්. ඒ කියන්නේ අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් ලද අත්දැකීමක්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් ලද අත්දැකීමක්. //
      ඒක ඔරිජිනල්නේ W. :-))

      Delete
    4. @ Pra Jay. ඔරිම ජිනල් :e

      Delete
  3. ප්‍රතිපල අහන ගමන් කියවන්ටත් හොඳයි. :P

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල අහන ගමන් මොනවා කියවෙයිද මන්දා.

      Delete
  4. එළකිරි පයින්ට් 3 යි! :b
    මිලිටරි ජෝක්ස් තියෙනවා පිස්සු හැදිල සනීප වෙන.
    :q
    කවි දෙකක් තුනක් දැනටත් ලියා දාලා (තියෙනව)
    මත්තටත් ලියන්නට තව හිතේ ඇඳීලා (තියෙනව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      ලියන්න ලියන්න. කවි. අපි එනවා කියවන්න.

      Delete
  5. වෙනස හොඳයි. කථා ටිකත් Super !
    කම්මැලි නැතුව අනික් කථාත් පරිවර්ථනය කරලා දාන්න විචාරක තුමා.

    ReplyDelete
  6. //"මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" /// හැක හැක හැක

    මොනවද විචා මාමේ 'ග් .....ඌ" කියන්නේ

    ReplyDelete
    Replies
    1. මම මේ හෝමාගම හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න කියලා .. කමක් නෑ නේද ? ;) :D

      Delete
    2. මං ඉන්නං උඹ ගාව ලෙඩා බලාගන්න. ලෙඩාට ලේඩි ඩොක්ටර්ල එක්ක කතාකරන්ඩ හොඳ නෑ !!! ඒව කරන්නෙ භාර කාරයා :D ඕ යේස්

      Delete
    3. ග් ඌ කියන්නේ 'බත් මඩ'

      හිටපියවූ තොපි දෙන්නගෙම පොටෝ යවනවා මෙන්න මෙවුන් දෙන්නා ආවොත් 'හොඳට සලකන්න' කියලා.

      Delete
  7. හුහැක්
    පට්ටයි විචාරක තුමො...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පට්ට ගැලවෙන්නේ පරිවර්තනය කරන්න ගියාම. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  8. නියමයිනේ... වෙනසක් උදෙසා මෛත්‍රී කරමු !

    ReplyDelete
    Replies
    1. කරමු කරමු නොවරදවාම

      Delete
  9. හහ් හහ් හා.. සැබෑ වෙනසකට මුල පුරල තියෙන්නේ..

    ජපන කියපු ඔක්කොම ඇත්ත වගේ..

    මේ ඉන්ටනෙට්, සීඩී මඟුල් ජනප්‍රිය වෙන්න කලින් අපිත් මැගසින් සුද්ද කලේම නෑ.. කොට්ටෙ යට තියන් හිටියේ.. හැක් හැක්..

    ආධුනික සෙබල කෙසේ වෙතත් අර වෛද්‍ය සහයකයා ඒ වගේ එකක් කියල දුන්නත් මං නම් වැඩිය පුදුම වෙන්නේ නෑ.. අපෙ ගොඩාක් වෘත්තිකයෝ ඒ තරම්ම ප්‍රායෝගිකයි..

    විචාරක තුමා කම්මැළි නැතුව ඉතුරු ටිකත් ලියල මාවත් ටැග් කරල දාන්න.. නිකං ඉන්න බැරුව මෙව්වයින් එකක් ලියල දැන් කට්ටිය මගෙනුත් ඉල්ලන්නෙම එව්වා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මැගසින් එකේ ගානටම ඉංගිරීසි අච්චු පොත හදපු මනුස්සයාට වැඩි වැඩියෙන් ලැබෙන්ඩෝනැ.. කිරි උතුරන්ඩ ඕනැ !!!!

      Delete
    2. නිකං ඉන්න බැරිකමට ඔන්න ඔහේ කොටලා දැම්මා කල්‍යාණ. මෙව්වා ගොඩක එකතුවක් තියනවා මගේ ළඟ. බලමුකෝ ඉස්සරහට තව ලියන්න. හැබැයි ඔයත් මේ වගේ දේවල් ගොඩක් දැනගෙන සද්ද නැතුව ඉන්නවා කියලා මම දන්නවා. ඕන ඔහේ ලියලා දාන්න.

      පත්තරේ. වරෙන්කො ලංකාවට තොට කියලා දෙන්න. මැගසින් එකක් ගහනවා...........................

      Delete
  10. එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.


    finally... this what has happened to our NCO!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කිව්වා

      " මං කියන දේ කරන - කරන දේ කියන මිනිහෙක් , නැද්ද අපේ හාමුදුරුවනේ කියලා "

      Delete
    2. @ Sa rasa. කවුද ඒ NCO = Non Commissioned Officer

      @ පත්තර මල්ලි. ආන්න හරි මල්ලියෝ.

      Delete
  11. ඇවිත් කියෙව්වා- කමෙන්ටුත් බැලුවා-කතා නම් ඉතින් කොහොමත් රසවත්නෙ.

    මේ පැත්තෙන් ඇවිත් යන්න මහින්ද රාජපක්ෂ මහත්තයගෙයි- මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙයි ජයග්‍රහණයේ-පරාජයේ කතාව කියවන්න.

    http://dmunasingha.blogspot.com/2015/01/blog-post_7.html

    ඕන් අපි ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට අදහස් දැක්වුවාට. ලින්ක් එක දිගේ එන්නම්.

      Delete
  12. බෙල්ලට තිරිංගයක් දාලා ලේ නවත්තන එක තමා මට නං හිත ට කාවැදුන කතාව... :-)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අම්මපා ඔය ජාතියේ සොල්දාදුවෝ ඉන්නවා අපේ හමුදාවේත්. එක සාජන් කෙනෙක් 'ගල් කැටයම්' කරන්න ගිහින්, එයාගේ මුළු ශරීරයම පෙනේරයක් වගේ හිල්වෙන්න වෙඩි තිබ්බා කොල්ලෙක්.

      Delete
    2. //,'ගල් කැටයම්'
      No place for art in army :(

      Haka haka

      Delete
    3. එහෙනම් මෙහෙම කියමු. ඒ සාජන් 'විශ්මිත ගල්වඩුවෙක්' වෙන්න හැදුවා.:e

      Delete
  13. හමුදා ජෝක් කථා. නියමයි.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }