හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 January 2015

කොහොමද මේ සෙල්ලම

poker-cheating-nu-l
 මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්.



Screenshot (170)


     බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් නේද? මේ ලියන්නේ ගැහැණියක් කියා විශ්වාස කරන්න තරම් අපි මෝඩ වියයුතුද? මෙය ඉතා සැළසුම් සහගතව කරගෙන යන කපටි ව්‍යාපාරයක් බව පැහැදිළිවම පෙනීයනවා. මේවාට බැනලා හෝ පිළිතුරක් යැවීමෙනුත්, විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, මේ වගේ ඊ මේල් ගණන් නොගෙන, ස්පෑම් ගොඩට දැමීම තමා බුද්ධිමත්ම ක්‍රියාව.


   අප්‍රිකානු රටවල සිට කෙරෙන විවිධාකාර වංචනික කටයුතු මගින්, විවිධ පුද්ගලයන්ගෙන් බැකු ගිණුම් තොරතුරු ලබාගෙන, ඒ ගිණුම් වල ඇති මුදල් සියල්ල ගිලගන්නා කපටි සූත්තර කාරයන් ගැන, මා කොතෙකුත් විස්තර කියවා තිබෙනවා. මේ ඊ මේල් පණිවිඩයේ තිබෙන පරිදි, අයිවරි කෝස්ට් රාජ්‍යය කියන්නේ, මහා දේශපාලන වියවුල් වලින් ගහන, විවිධ කඩාවැටීම් වලට ලක්වූ ආර්ථිකයක් සහිත රටක්. ඔබටත්, සමහරවිට ඔබ දන්නා කියන අයටත්, මෙවැනි පණිවිඩ ලැබී ඇති. මෙවැනි වංචා වලට අසුනොවන මෙන් ඔබ සියලුදෙනා දැනුවත් කරන්නයි මේ කෙටි ලිපිය ඉදිරිපත් කරන්නේ.



2015 ජනවාරි මස 21 වැනි දින 2341 පැය

66 comments :

  1. දැක්ක හැටියේ තේරෙනවා පිස්සු එකක් කියලා.

    ඒක නෙමේ කොහොමද විචාරක මේල් එකක් දැක්කාම ඒක ගෑනු/පිරිමි කියලා හොයාගන්නේ? :P

    ReplyDelete
    Replies
    1. //"දැක්ක හැටියේ තේරෙනවා පිස්සු එකක් කියලා"//
      ඇත්තමයි මාත් දැක්ක ගමන් හිතුවේ ඔයා එවපු එකක් කියලා :h

      Delete
    2. ඇයි පොඩ්ඩි මේ ඊ මේල් එකේ තියනවානේ මේක එවන්නේ නෝනා කෙනෙක් කියලා. ආයේ සැරයක් බලන්නකො.

      Delete
  2. කොහොමද විචා ඇෆ්‍රිකන් කෑල්ලක් එක්ක කුරුණෑගල ටවුන් එකේ රෙඩිමේඩ් කලසමක් ගන්න ෂොපින් යන කොට.. අපිට මේවා ඇවිල්ලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා... දැණුවත් කිරීම නම් බොහෝම වටිනවා..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සමහර විට ඇෆ්‍රිකන් කෑල්ල සිහින බක් මහ උලේලටත් එක්කරගෙන එයි.

      Delete
    2. අම්මට හුඩු මාතා විචාරකට වඩා අවුරුදු 15ක් වැඩිමල්ද? :P

      Delete
    3. සෑර් අපි දෙන්නං පුල් බකප් එක :D

      කුරුණෑගල දෙක වෙන්න ඩොල්කි ගැටබෙර සැස්සපෝන් ගහලා කෝමද අපේ සෑර් හමර් එකක සන්රූෆ් එකෙන් ඔලුව දාගෙන අත් වන වනා යද්දි ..චැහ් .මට මැවිල පේනවා. ඕ යේස්

      Delete
    4. @ මාතලන්. ඇෆ්රිකන් හරි කමක් නෑ කෑල්ලක් හම්බවෙනවානම්. කොහෙද මේ අපේ උන්දැත් එක්ක පාරේ යනකොට වටපිට බලන්නත් බයයි.

      @ මෙන්ඩා. උඹලා වගේ එවුන් ඉන්න තැනකට ආච්චි අම්මෙක්වත් අරන් එන්න බයයි.

      @ ඉවාන්. මාතයා නාකියා. මතක නැද්ද මාතලන් පිචර් එක ආවෙත් එකදාස් නවසිය පනස් ගණන්වල.

      @ පත්තරේ. අන්න උඹ විතරයි මට වචනෙකින් හරි සප් එක දෙන්නේ. වරෙන්කො ලංකාවට මමත් දෙන්නං උඹට.

      Delete
    5. මම හෙට ඉදලා ඇෆිකන් භාෂා පංතියකට යනවා..අපි ඉතින් විචා ඇන්ටි එක්ක කතා කරන්න දැන ගන්න එක හොදයි.

      Delete
  3. ගැහැණියක් වෙන්න බැ තමයි , මම හිතන්නේ ඊරියක් ඒකනේ ඔය දෝ දෝ කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ළඟක හිටියනම් පොල්ලක් කඩාගෙන කොන්ද හරහට දෝ දෝ ගාලා දෙන්න තිබුණා මේ මළහෝන්තුවට.

      Delete
    2. ගෑනියෙක් නෙවෙයි බං වැන්දඹුවෙක්ද කවුද ලු :D

      Delete
  4. මේක පරිවර්තනයක්. අයිවර්කෝස්ට් වල හොරෙක්ගෙ හරි හෙරක්ගෙ හරි මෙහේ ඉන්න ඒජන්ත තමා පරිවර්තනය කරලා තියෙන්නෙ. ඕවට අහුවෙයි චීන්නු (නෑ... නෑ... උන් අහුවෙන්නෙත් නෑ).

    ReplyDelete
    Replies
    1. මේක පරිවර්තනයක්. පරිවර්තන නෙමේ ව්‍යාඛ්‍යාන පෙරලීමක් (Interpretation). පළමු පහර අසාර්ථකයි.

      Delete
    2. අපේ එකෙක් අහුවෙලා ඉවරයි.
      //කොහොමද විචා ඇෆ්‍රිකන් කෑල්ලක් එක්ක කුරුණෑගල ටවුන් එකේ රෙඩිමේඩ් කලසමක් ගන්න ෂොපින් යන කොට..//

      Delete
    3. විචාරක & මධුමාධවී
      මධුමාධවී හරි. මම කියන්නෙ මේක ගූගල් පරිවර්තක දෙයියගෙන් පරිවර්තනය කල එකක්. ඔය වාක්‍ය ටික ආපස්සට ඉංගිරිසියට පරිවර්තනය කරල බලන්න නියම ඉංග්‍රීසියෙන් ලැබෙන්න ඉඩ තියනව.

      Delete
    4. රාජ්ගෙ කතාව හරියටම හරි. ගූගල් එකේ තාම සිංහල හොඳට වැඩකරන්නෙත් නෑ.
      -හෙනහුරා (ශනි)

      Delete
    5. මේක ස්වයන්ක්‍රීයව පරිවර්තනය වෙලාද මන්දා. ආපහු ඉංග්‍රීසි එක හොයන්න කම්මැලියි. ඔන්න ඔහේ අල්ලලා දානවා.

      Delete
  5. අනේ එහම කියන්න එපා ඒ අංහිසකිට..අපි කොහොමහරි උදව්වක් කරමු..
    අපේ ඉවානයා, සිරා, බුට් ඇනෝ, මනෝෂයා කාට හරි සෙට් කරමු.

    ReplyDelete
    Replies
    1. හරි එහනම් පත්තරයාට සෙට් කරමු

      Delete
    2. හැබැයි සෙට් කරගන්න එකා මට කීයක් හරි දීපං. මොකද මමයි කපුවා.

      Delete
    3. අම්මප මට දැං වැන්දඹුවක් විතරයි අඩු ..අනිත් සේරම හරි .. ළමයිත් 5ක් 6ක් හිටියනං ටොපේ ටොප්. ඕ යේස්

      Delete
    4. උඔ ඇෆිකන් කැල්ල බැදලා ලැම්බා්ගිනියක් ගත්තාම ඉවනයා ගනින් වාහනේ හොදන්න..

      Delete
    5. @ මෙන්ඩා. වැඩක් නෑ පත්තරයා ළඟ තියන පරණ ටූල් කිට් එකෙන් වාහනයක් හදනවා තියා ජැක් එකක් ගහගන්නවත් බැහැ.

      Delete
  6. හහ් හහ් හා...
    ගූගල් ට්‍රාන්ස්ලේටරයගෙන් කව්රු හරි රජට වැඩ ගන්නව...
    වෙලාවට උංටසිංහල තේරෙන්නෙ නැත්තෙ
    නැත්තං මේකකියවපුවාම උංට ලෝකෙ පලං යන්න හිතෙයි
    හිහි
    ස්පෑම් කරල දාන්න විචාරක තුමා ගණං ගන්න එපා

    ReplyDelete
    Replies
    1. අනාගතේදී ගූගල් සිංහල ඉගෙනගන්න අපිට ආපහු ඉස්කෝලේ යන්න වෙනවා. :e

      ලිපිය ලියන්න පෙර මම මේ ඊමේල් එක ස්පෑම් ගොඩට දැම්මා.

      Delete
    2. මම ගූගල් ඒකෙන් මේක ආපහු ඉංග්‍රීසියට පරිවර්තනය කරගත්තා. ඒ කියන්නේ ඔරිජිනල් ඊ මේල් එක ඉංග්‍රීසි තමයි. මෙන්න පහළින් තියනවා. ලියලා තියෙන්නේ හොඳට ඉංග්‍රීසි බැරි කෙනෙක් බව පෙනෙනවා.

      Hello emergency message

      We wish you peace,

      Forgive my intrusion into your privacy, fingers, my name is Mrs. rokia Dodo Malaysia, but Abidjan, Ivory Coast's capital remained

      I have decided to donate a portion of my wealth, widow of the dead, I am
      He said the $ 2.8 million dollars deposited in a bank in Ivory Coast, reliable individuals who use the money. As I do not live to help children orphaned children possess no more money to less fortunate people in society because of the humanitarian work, you will share the remaining 20% of the sale and orphans fund for your efforts, you accept my proposal, I if you would like to use this as a right that can be funded, and the widow who are less fortunate

      Get back to me immediately with your data.

      A greeting,

      Ms. Dodo rokia

      Delete
  7. පරම්පරා ගානකට කලින් ආපු ඒවා දැං විචාට එන්නේ මොකද??

    හැක්.. විචා දැං බ්ලූ බලනවා නේද???

    ReplyDelete
    Replies
    1. විචා දැං තමයි කොල්ල වෙන්න යන්නෙ. :D

      Delete
    2. දේශ්, මොනවද බ්ලූ කියන්නේ?

      නැහැ ප්‍රසන්න. මම හිතන්නේ මෙන්න මේක බලපාන්න ඇති. මම ලියන ලිපි වලට කරුණු හොයන්න සෑහෙන්න මහන්සිවෙන්න ඕනෙනේ. අර පාවෙන අවි ගබඩාවේ කතන්දරය නිසා, මම සයිට් රාශියකට ගියා, අප්‍රිකාවේ නොදියුණු රාජ්‍ය ආශ්‍රිතව කෙරෙන හොර අවි ගණුදෙනු සහ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගැන හොයන්න. ඉතින් ඒ නිසා ආව එකක්ද දන්නේ නැහැ මේ ඊ මේල් එක.

      Delete
    3. බ්ලු කියන්නේ ගීතා ඇන්ටි දකින පාට.. නාමල් දකින බලකාය.. හැක්

      Delete
  8. මම දන්න විදිහට ඕකට කියන්නේ "මනි ලොන්ඩරින්' කියලා. ඕකට රිප්ලයි කලොත් ඔය කියන විධිහට සල්ලි හම්බෙන්න ඉඩතියනවා. ඒකෙන් උන්ගෙ ගාන දෙන්න ඕනා. හැබැයි ඔච්චර විශාග මුදලක් එක පාර ගිණුමට බැරවුනේ කොහොමද කියන එක සාදාරණී කරණය කරගන්න බැරි වුනාම නිකන්ම ගස්.

    උන්ගෙ අරමුණ අයතා මාර්ග වලින් හොයපු ධනය පිරිසිදු කරගැනීම.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි උපරිම මට්ටමේ කපටි සූත්තරයක් තියනවා කියලා මටත් වැටහුනා. ඒ නිසා බේරුණා.

      Delete
  9. ඔය වගේ මේල් අනන්තවත් එනව. ඔය ‍ෆෝමැට් එක ම තමයි. හැබැයි මේක නං ඔය වගේ ලිපියක ගූගල් සිංහල පරිවර්තනයක්. පේන්නෙ නැද්ද වාක්‍ය වල තියන බූත ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. එවපු මිනිස්සුම මේක සිංහලට පරිවර්තනය කරලා එව්වද දන්නේ නෑ. කොහොම වුණත් ඒ භාෂා විකෘතිය නිසා මට එක පාරටම හිතුනා මේක හොරයක් කියලා.

      Delete
  10. චඃ විචා ගානේ ආතල් එකක් දාන්න තිබ්බ චෑන්ස් එක නැතිවුනේ

    ReplyDelete
    Replies
    1. කොහොමද ඩොලර් කෝටි ගානක් සමග අප්‍රිකානු නෝනා කෙනෙක් හම්බවුණා නම්? අම්මපා මම සහරා කාන්තාරේ මැද මාලිගාවක් ගහනවා උඹ වගේ එවුන්ගෙන් බේරිලා ඉන්න.

      Delete
    2. සෑර් කිසි දේකට බයවෙන්න එපා !!!

      අපේ ආණ්ඩුව තියෙන්නේ… තියල දාන්නං පට පට ගාලා පෝලිං ගස්සලා . ඕ යේස්

      Delete
    3. ඔන්න ඉවාන් පත්තරයා කවදා හැදී උඹට ගේම දෙනවා.

      Delete
  11. මං අසා තියෙන වදදියට මේ ස්කැම් එකේ දී, මේ ඊ-මේල් එකට උත්තර දැම්මොත් ඊලඟට කියනවා සල්ලි එවන්න අවශ්‍ය ට්‍රාන්ෆර් ගාස්තු ලෙස ඩොලර් ගාණක් එවන්න කියලා.

    අනිත් ස්කැම එක තමයි වයසක අයට ආදරය විකිණීම.
    http://nationalseniors.com.au/be-informed/news-articles/love-scams-targeting-older-australians

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් අහලා තියනවා ඔයවගේ එකකට උත්තර දීමත් ඉල්ලගෙන කෑමක් වෙනවා කියලා.

      වයසට උචිත මානසික පරිණතභාවය නැති උන්නැහේලා තමයි ඔය ජාලේ පුරා ආදරේ හොයන්නේ. ඇත්තටම එය එක්තරා ආකාරයක මානසික රෝගයක්.

      Delete
  12. හුහ්!! මේක උඩ ක්ලික් කරන්න කිව්වට බයේ බෑ එහෙම කරන්න. කවුද දන්නෙ මේක විචාරක තුමා එවපු වෛරස් එකක්ද කියලා!!!!!!!

    මෝඩ උගුලක්..මේ වගේ ඒවටනම් මිනිස්සු අල්ලගන්න අමාරුවෙයි.

    ReplyDelete
    Replies
    1. වෛරස් නෑ. මම එවනවානම් එවන්නේ බැක්ටීරියා එකක්.

      හැබැයි දුරදිග නොහිතා එක දවසක් තුළ මේ වගේ උගුල් වලට අහුවෙන කොච්චර අය ඇද්ද

      Delete
  13. මට මතක විදියට මේ වගේ එකක් මුලින්ම මට ආවේ 2010 දි වගේ. ලස්සන කලු කෑල්ලකගෙ ෆොටෝ දෙකකුත් එවල තිබ්බා. පාස්ටර් ට කෝල් කරල එයාව ඉල්ලන්නලු කතා කරන්න.. හැක් හැක්..

    හැබැයි ගූගල් ට්‍රාන්ස්ලේට් සිංහලෙන් දැම්මට පස්සෙනම් තවම ආවේ නෑ. පොඩි එකාගේ ලියුම වගේ. ස්තූතියි මෙවැනි දැනුවත් කිරීම් ගැන.

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න නේ. මුනුත් එක්තරා ආකාරයක අපරාධකාරයෝ. නමුත් අහුවෙන්නේ නැති තරම්.

      Delete
  14. මේ වගේ දේවල් වලදි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ, ඊමේල් කීපයක් බොහොම විශ්වාසවන්ත විදිහට එහෙට මෙහෙට ගිහින්.. ඔය සල්ලි ට්‍රාන්සර් කරන්න හරි රිලීස් කරන්න හරි සාපේක්ෂව පොඩි මුදලක් ගෙවන්න කියනවා. ඒ ගාන කඩා ගන්න තමයි මේ ඔක්කොම වැඩ.

    අපේ ඊමේල් ඇඩ්‍රස් මෙයාලා ලබා ගන්න ක්‍රම ගොඩාක් තියනවා. දැන් තියන ගොඩක් ඔන්ලයින් පහසුකම් වලදි (data storage, image upload, games, competition) ඔය හැම එකකදිම වගේ අපි රෙජිස්ටර් වෙන්න ඕනේ User Name එකක් වෙනුවට අපේ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා. මේ වගේ දේවල් වලදි ඊමේල් එක අහලා, password එකක් දාන්න කියපුවහම ගොඩක් අය කරන්නේ තමන්ගේ ඊමේල් එකේ password එකම දානවා. එතකොට එයාලා ලේසියෙන්ම තමන්ගේ ඊමේල් ලිස්ට් එකෙ ඉන්න අනිත් අයටත් මේ වගේ ඒවා යවනවා. ඔය එක එක තරඟ වලට රෙජිස්ටර් වෙන්න කියලා ඊමේල් ඇඩ්‍රස් එකතු කිරීමත් හොඳ බිස්නස් එකක්.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ මේක සම්පූර්ණ බොරු කතාවක්. මෙහෙම සල්ලි වගයක් කොහෙවත් නැහැ. ඒ අපිව පොළඹවා ගන්න කියන දෙයක් පමණයි.

      ඇත්තටම ඔබ කියනවා වගේ තමන්ගේ ඊ මේල් පාස්වර්ඩ් එක රැකගන්න බැරි අය අමාරුවේ වැටෙන එක වලක්වගන්න බැහැ.

      Delete
  15. මේ වගේ ඊ මේල් සෑහෙන්න මට ලැබිල තියනව. නිකං හම්බවෙන සල්ලි ගැන එච්චර භක්තියක් නැති නිසා මං ඕව පස්සෙ ගියෙම නෑ. ඔය ලියුම නම් සිංහලෙන් ලියල තියෙන්නෙ ගූගල් එකෙන්ම වෙන්න ඕනැ, උක්ත ආඛ්‍යාත මාරු කරගෙන තියන විදිහ බලපුවහම. ඕකට වැඩිය භයානක වැඩක් මට වෙන්න ගියා. කවුද එකෙක් මගෙ යාලුවෙක්ගෙ මේල් එකවුන්ට් එක හැක් කරල ඒකෙ ඇඩ්ඩ්‍රස් බුක් එකට ලියුම් යවල මං අහවල් තැන අතර මං වුනා, අතේ සල්ලි නෑ, මගේ බැංකු එකවුන්ට් එකට (අංකය දීල තිබුනා) පවුම් පනහක් දාන්න කියල. ඉක්මන් නොවී කෝල් කරල ඇත්ත හොයාගත්තු නිසා යන්තම් මං බේරුනා.
    ඔය ට්‍රාන්ස්ලේට් කරපු ලියුම වර්ගයේ ඒවා වලදි කරන්නෙ ගනුදෙනුව කතා කරගත්තට පස්සෙ මුද්දර ගාස්තු හරි මොකක් හරි කියල සාමාන්‍ය මුදලක් එවන්න කියන එකයි. හැබැයි ඉතින් ඉන්ටපෝල් එක මගින් හරි ඒ එකවුන්ට් එක සර්ච් කළානම් මෑන් මාට්ටු වෙයි.

    ReplyDelete
    Replies
    1. //"කවුද එකෙක් මගෙ යාලුවෙක්ගෙ මේල් එකවුන්ට් එක හැක් කරල ඒකෙ ඇඩ්ඩ්‍රස් බුක් එකට ලියුම් යවල මං අහවල් තැන අතර මං වුනා, අතේ සල්ලි නෑ, මගේ බැංකු එකවුන්ට් එකට (අංකය දීල තිබුනා) පවුම් පනහක් දාන්න කියල."//

      මටත් ඔහොම එකක් ඇවිත් තිබුනා , මම රිප්ලයි එකක් දැම්මා "මචං උඹේ මේල් එක ලැබුනේ නෑනේ" කියලා :D

      Delete
    2. මචං ඇත්තටම අතේ සතේ නෑ ඉවානයො. කීයක් හරි දියංකො . කලිං එව්ව මේල් එක ආවෙ නෑලු :D

      Delete
    3. @ හෙනහුරා. ඔබ වගේ හිතන අය බොහොම හිගයි. ඕනෙම කෙනෙක් මේ වගේ සල්ලි ප්‍රෝඩාවකට පහසුවෙන් අහුවෙනවා. මේ වගේ වංචාවකට අහුවුනාම නීතියෙන් විසඳුම් ලැබීම ගැන විශ්වාසය තියන්නත් අමාරුයි.

      @ ඉවාන්. මේ වගේ එවුන්ට උත්තර දෙන්න යාමත් දෙවරක් හිතා බලා කලයුතු දෙයක්. මොන මොන උප්පරවැට්ටි තියනවද දන්නේ නැහැනේ.

      @ පත්තරේ. ඉවාන් ඔන්න ඔහේ දෙකයි පනහක් විතර යවපන්.

      Delete
  16. අපොයි ගනං ගන්න එපා. ඔහොම එස් එම් එස් හිටං එනව හිටං. ඕව ගැන අවුරුදු තුන හතරකට කලින් ලක්බිමේ ලිපි පෙලකුත් ගියා. දැන් ගූගල් ට්‍රාන්ස්ලේටරේ නිසා සිංහලෙන් එන්න අරන්, එච්චරයි වෙනස.

    ReplyDelete
    Replies
    1. බෙල්ල බේරාගෙන ජීවත්වීමේ කලාව ටිකක් දන්න නිසා බේරුණා. මෙව්වා නිසා අනාගතේදී හිටං ඉන්නත් බැරිවෙයිද මන්දා.

      Delete
  17. මේ වගේ ඒවා මටත් ඇවිත් තියෙනවා..

    කොච්චර දැනුවත් කලත් මේ දේවල් වලට තවමත් අහුවෙන මිනිස්සුත් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. අපේ මෙ විචා අංකල් වගේ අය නේහ්..

      Delete
    2. ඔව් තුශානි. තවත් අය දැනුවත් කරන්නයි ලිව්වේ.

      දේශ් මම යනවා ගීතා ආච්චි හම්බවෙන්න එතකොට එයා මට බ්ලූ පෙන්නයිනේ.

      Delete
    3. ඒක හොදයි. ඒ ඇන්ටි නිල් රැජින කියලා එයාම පෝට්ටර් ගහගත්තා නේ කලින්.. හැක්

      Delete
  18. සහතික ඇත්ත. දවසක් මේ වගේ මේල් එකක් ආව මගේ යාලුවෙක්ට. අපි ඒකෙන් සෑහෙන දුර ෆලෝ කරා. ඒකෙ කියල තිබ්බේ ඒ රටේ ඉන්න බැරි නිසා (අයිවරි කෝස්ට් නෙවේ.. වෙන කොහෙද ඒකෙ නම් තිබ්බේ) මේ රටට ඇවිල්ල ඉන්න ඕනේ කියල. සෑහෙන සල්ලි ගානක් අරගෙන එන්න, උදව් කරන්න කියල තමා කියල තිබ්බේ. අපි බැංකු අරව මේවා නොදී ගිහිල්ල බැලුව.
    මේ වගේ දේවල් ගැන ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියල තමා මටත් කියන්න තියන්නේ. නොසලකා හැරීම වඩාත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ කපටිකම් වලට එක දවසකදී ජාලයේ ඉන්න කීදෙනෙක් අහුවෙනවා ඇද්ද. ඒ නිසයි දැනුවත් කිරීමක් හැටියට මේක ලිව්වේ.

      Delete
  19. ඊමේල් වල ඉතින් කාලෙන් කාලෙට අමුතු අමුතු සෙල්ලම් තියෙනවනේ මහත්තයෝ.. මේකත් එහෙම එකක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. මට මේ ඊ මේල් එක දකිනකොටම හිතුනා මගොඩියක් තමයි කියලා. ඒ නිසා බේරුණා.

      Delete
  20. යාලුවෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඉතා සමාන එකකින් ඔහු හෝ ඇය එවන විදිහට පිටරටක සල්ලි නැතුව ( පික් පොකට් හෝ වෙනත් හේතුවකින් ) අතරමං වෙලා ඉන්නව , සල්ලි පොඩ්ඩක් දාන්න කියල එවන ජාතියකුත් තියනව.

    ReplyDelete
  21. විලිලජ්ජාවේ සන්තොසේ බැරුවා .......... එකටත් මැලේසියාව ගැවීලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මේල් එක එවපු එකා ...

      Delete
  22. ඕවා දැං කෙලින්ම ස්පෑම් එකටනෙ යන්නෙ.... ඒක නිසා බැලෙන්නෙත් නෑ....

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }