හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 November 2014

පාර දිගේ - On The way

4fbbf4a4d3b425b1ec5ada35058a8141
 මේ දිනවල තිබෙන ජනාධිපතිවරණ උණුසුම මුළු සිංහල බ්ලොග් ලෝකයම වසාගනිමින් පැතිරෙන බව පැහැදිලිවම පෙනෙනවා. බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේත් දේශපාලන භූමිය තුළ කෙබඳු වෙනස්වීම් සිදුවන්නේද යන්න දැනගැනීමටයි.

   මගේ බ්ලොග් ලිපි ලැයිස්තුවේ සංස්කරණය කරමින් පවතින ලිපි කීපයක් තිබුණත්, මේ දිනවල ඒ ලිපි වලට එතරම් පාඨක අවධානයක් යොමුවේයැයි සිතන්නට අමාරුයි. ඒ නිසා මා සිතුවා, පසුගිය කාලයේ එදිනෙදා ජීවිතයේදී මා දුටු/නිරීක්ෂණය කළ දේවල් සමහරක් පිළිබඳව මතකය අවුස්සා, ඒ මතක සටහන් ඔබ සමග බෙදාගන්නට. මේ සියල්ල සරළ වින්දනයක් සඳහායි ඔබවෙත ගෙන එන්නේ. එතනින් එහා හිතන්නට එපා. නමුත් සමහර කරුණු ගැනනම් සාකච්ඡා කරන්නට වටිනවා.


1. ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද? 

article-2325652-19D1A11F000005DC-60_468x286   ජංගම දුරකථන පාවිච්චි කිරීම පිලිබඳ චර්යා ධර්ම ඔබ මටත් වඩා හොඳින් දන්නවා. නමුත් මෙතැනදී මම කියන්නේ අර හැමදාම කියන අචාර ධර්ම පද්ධතිය ගැන නෙවෙයි. ඔබ දැක ඇති, සමහර අය ඇමතුමක් ගන්නාවිට, කථාකරන අවස්ථාවේදී, දුරකථනයේ මයික්‍රෆෝනය තමන්ගේ මුව අසළට ගන්නවා. තමන්ට කියන්නට අවශ්‍ය දේ කියා අවසන් කළ වහාම, නැවත දුරකථනය කණට තියාගන්නවා. 

   මටනම් මෙය ලොකු ප්‍රහේළිකාවක්. ඉතාම බාල දුරකථන වල සහ, විවිධ දෝෂ සහිත දුරකථන වල නම්, යම් යම් බාධා මතුවෙනවා ඇති. එහෙත්, ඉතා නවීන ජංගම දුරකථන පාවිච්චි කරන අයත්, අර මා කියා ඇති ආකාරයට කතාකරනවා. එහෙම කරන්නේ ඇයි? දුරකථනය සාමාන්‍ය විදිහට කණට තියාගෙන කතා කරද්දී, දුරකථනයේ මයික්‍රෆෝනය තිබෙන්නේ ඔබේ මුවට ඈතින් වුනත්, ඒ අධි සංවේදී මයික්‍රෆෝනය, ඔබේ හඬ හොඳින් ග්‍රහණය කරගන්නවා නේද? නොඑසේනම්, දුරකථන නිෂ්පාදකයා උපදෙස් පත්‍රිකාවේ කියනවානේ, කතාකරන විට මයික්‍රෆෝනය පිහිටි ස්ථානය මුව අසළට ගන්න කියා. මේ පුරුද්ද තරමක් අවලස්සන සහ විකට ස්වරූපයක් ගන්නවා නේද?


2. මගුල් ගෙදරකටත් පෝළිම් ඕනෙද?

  මේ අත්දැකීම මට බොහෝ වාර ගණනක් ලැබී තිබෙනවා. විවාහ මංගල්‍ය උත්සවයකට සහාභාගිවීමේදී, ආහාර ලබාගැනීමේ වෙලාව පැමිණිවිට, ආහාර පිළිගන්වන ස්ථානයේ ඉතා දිගු පෝළිමක් දකින්නට ලැබෙනවා. සමහර 'නෝනලා සහ මහත්තුරු' තමන්ගේ පවුලේ අය සහ දරුවන් ඇදගෙන දුවනවා මේ පෝලිමට. මෙතනට පෝළිමක් අවශ්‍යද? පෝළිමේ නොගියොත් කෑම නැද්ද? කෑම හදන්නේ ආරාධිතයන් සියල්ලටම සරිලන ප්‍රමාණයට නේද? මටනම් කවදාවත් විවාහ මංගල්‍යයකදී ආහාර නොලැබී ගිහින් නැහැ. ඒ වගේම හොඳ කෑලි ඉවරවෙලා කුණු හරිය හම්බවෙලත් නැහැ. 

   ඇයි මේ හදිස්සිය? මේ පෙන්වන්නේ අපේ චර්යාවේ දුර්වලකම් නේද? මේ සමග ඇති පින්තූරයේ තියෙන්නේ, ඊයේ මම සහභාගිවුණු විවාහ මංගල්‍යයක, අර වගේ තිබුණු පෝලිම. කෑම බෙදාගන්නා ස්ථානයේ සිට, ප්‍රධාන ශාලාව හරහා මේ පෝළිම දික්ව තිබුණා. මේ පෝළිමට යන්න ඉඩදෙමින්, මා හෙමින් හෙමින් මධුවිතක් තොල ගෑ අතර, ඉන්පසු කිසි කරදරයකින් තොරව ගොස්, මට කෑමට හැකි ප්‍රමාණයට, ගැලපෙන ආහාර ලබාගත්තා. 


photo0027


3. ප්‍රචාරණය හොඳයි, ගැලපෙනවානම්


   මේ පින්තූරය මම මගේ ජංගම දුරකතනයෙන් ගත්තෙ, ලඟදි දවසක, සතොස වෙළඳසලකින් බඩු ගන්නට ගිය අවස්ථාවේදීයි. පොහ්....අපේ උන්දැගේ නිරීක්ෂණාක්‍ෂියට අහුවුණානේ, මම පොටෝ එකක් කෙළියා කියලා. සතොසෙන් එළියට ආව තැන ඉඳලා, මට ඔරවන්න ගොරවන්න පටන්ගත්තා. ගෙදර ඇවිත් පින්තූරේ පරිගණකයට දාලා, ලොකුකරලා පෙන්නලා මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම තමයි, ගිනිකන්ද නිවුණේ. මට කියන්න තියෙන්නේ මේකයි, සෑම ව්‍යාපාරයකටම ප්‍රචාරණයක් අවශ්‍යයි. ප්‍රචාරණයක් නැති ව්‍යාපාර අසාර්ථකයි. නමුත් අපේ කමට ගැලපෙන විදිහට ඒ ප්‍රචාරණය කළයුතුයි. මේ බලන්න සතොසේ උදාන වාක්‍යය වන 'ඔබේම තැන' කියන එක කොහෙද සටහන් කරලා තියෙන්නේ කියලා. 


photo0011


4. මේවට හිනාවෙනවද අඬනවද?


   අපි කවුරුවත් සර්ව සාධාරණ නැහැ. සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මේ ලියන මා තුළත් කොපමණ ගතිගුණ ඇද්ද නිවැරදි කරගතයුතු. හදිස්සියට කලිසමේ සිප් එක දාගන්න අමතක වෙලා බස් එකට නගින අයත් ඉන්නවනේ. මේකත් අන්න එහෙම දෙයක්.

   ඊයේ පෙරේදා දවසක, මමත් අපේ උන්දැත් ගියා, කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් බැහැලා, මතුගම බස් එකකට ගොඩවුණා. අප්පොච්චියේ ඒ බස් එක ගිය ගොලුබෙලි වේගය නිසා මට හිතුනා, බැහැලා පයින් යන්න. හැබෑටම මුළු ලංකාවේම තියෙන්නේ මේ වගේ කාලකන්ණි (මිනිස්සුන්ගේ, රටේ, සමාජයේ, කාලය කා දමන) ප්‍රවාහන ක්‍රමයක් නේද?  ඒ බස් එකට අතර මගින් කාන්තාවක් ගොඩවුණා. ඇය බස් රථයට නැග්ගේ කුඩා දියණියක්ද සමගයි. මහා පුදුම දෙයක් තිබුණා. ඇගේ හිසේ තිබුණා හිස පීරන පනාවක් සවි කරලා. හරියට අර තමන්ගේ ගායන නොහැකියාව පනාවෙන් වහගන්න හදන, ඊනියා 'ගායක පොජ්ජා' වගේ.

   මට එකවරම වැටහුණා, ඇය වැරදීමකින් තමා මෙහෙම පනාව හිසේ තිබියදීම බසයට නැග්ගේ කියා. මා සිටියේ පසුපස ආසනයක. මා හිතුවා නැගිට ගොස් ඇයට කියන්න, පනාව තවම හිසේ තියෙන්නේ කියා. නමුත් ඇය මගේ ප්‍රකාශය කොහොම බාරගනීද? දුවන ගමන් පිස්තෝලය ඇදලා වෙඩි තියන්න දන්න මට, තත්පරයෙන් සීයෙන් එකකදී විතර, දුරකථනය ඇදලා අරං පොටෝ එකක් කෙළින්නත් පුළුවන්. මෙන්න පින්තූරේ. මෙය පළකරන්නේ මගේ කතාව සනාථ කිරීමට මිසක්, අර කාන්තාවට අපහාස කරන්න නෙවෙයි. මොකද මගේ බිරිඳට වුණත් මෙහෙම වෙන්න පුළුවන්. 


photo0022

   පින්තූරය ගත් වහාම මම නැගිට්ටා ඇයට කියන්න මේ සිද්ධිය. නමුත් එවිටම වෙනත් කාන්තාවක් ඇයට ඒ බව කිව්වා. ඇත්තටම මෙය හිනාවෙන්න දෙයක් නෙවෙයි. අද අපි ඉන්න ලෝකයේ විවිධ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. ඉතින් මේ ගෘහිණියටත් වෙන්න ඇත්තේ ඒකම තමා. නමුත් ගමනකට සූදානම් වෙලා, අවසාන මොහොතේ හදිසියෙන් ගෙදරින් එළියට බහිනවාට වඩා පෙරසූදානමකින් කටයුතුකිරීම හොඳයි නේද? 

5. පනින්ට පෙර සිතා බලනු

   ඊයේ පෙරේදා තවත් ආදී - පාද හමුවකට යන්නට මට අවස්ථාව උදාවුනා. ඒ ගැන පසුව ලියන්නම්. මතකයි නේද මම කලින් ලියපු ආදී - පාද හමුව? මේ ආදී - පාද හමුව පැවැත්වුනේ කොළඹින් බොහෝ ඈත. ඌව පළාතේ තැනක. එහෙ ගිහින් එනගමන් අපි කට්ටිය එක තැනක වහනය නැවැත්තුවා 'බර අඩුකරගන්න' මම කිව්වා ටිකක් වටපිට බලනවා හොඳයි අහළ පහළ ගෙවල් දොරවල් තියනවා, අනික මේ මහ දවාලේ කියලා. කිව්වා වගේම අහළ පහළට මේ වැඩේ නිරීක්ෂණය වුණා. ඒ මිනිස්සු මොකුත් කිව්වේ නැත්තේ, 'පොඩි කොල්ලෝ ටිකක් නිසා' වෙන්න ඇති. හැබැයි මගේ කැමරාවෙන් බේරෙනවා බොරුයි. 

photo0020

අදට ඇති නේද? තවත් තියනවා. බලමුකෝ පස්සේ වෙලාවක.



my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 29 වැනි දින 2221 පැය

39 comments :

  1. ඇති යාන්තම් දේශපාලනය නැතුව කියවන්ට ‍පෝස්ට් එකක් දාන්ට එක්කෙනෙකුට හරි කල්පනා වුනා.. මේ දවස් ටිකේ සිංහල බ්ලොග් කියැවිල්ල අත ඇරලා දාලා ගානට ඉන්නෙ.. හැමතැනම තියෙන්නෙ දේශපාලනය වෙනුවෙන් මරාගැනිල්ල විතරයි.. :-D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....දේශපාලන ලිපි වැහි වහිනවා මේ දවස්වල. ඉතිං අපිත් එව්වම ලියන්න ගියොත් තේරුමක් නැහැනේ.

      Delete
  2. ලියන්ට ගත්තු ඒවා නවත්තලා ඉන්නකොට මේක දැක්කාම සතුටු හිතුණා...:D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. මේ දවස්වල තියන දේශපාලන යුද්දේ නිසා, හමුදාවේ යුද්ද ලිපි කවුරුවත් කියවන එකක් නැහැ කියලා හිතුනා.

      Delete
  3. අප්පච්චියේ! මේ පොටෝ ටික ගහන්න ගිහිං ගුටි කෑවෙ නැතිව මදෑ... :m
    1. බාහිර ශබ්ද ඉක්මවා තම කටහඬ ඇසෙන්නට. කොයිතරම් ප්‍රබල මයික්‍රොපෝනයක් වුවත් ඈතින් සහ ළඟින් ඇහෙන හඬ අතර වෙනස දැනෙනවා. ගෝසාව අඩු තැනකදි මේ ගැටලුව නෑ.
    2. ගෑනු යන්නෙ පච ටිකක් කෙලලා සේරම ජාති බෙදාගෙන බඩ පැලෙන්න කන්න. පිරිමි යන්නෙ බීලා පච ටිකක් කෙලලා බඩ ඉඩ තියේනම් කන්න. බලන්න, ඕනි පෝලිමක වැඩිය ඉන්නෙ ගෑනු. (මේක වරදක් කියනවා නෙමෙයි. තමන්ගෙ මනාපෙනේ)
    3. තව පොඩ්ඩක් පහලින් හරි ඔය මට්ටමෙන්ම ඉස්සරහ පැත්තෙ හරි “ඔබේම තැන“ ගහගත්තනම් වඩාත් හොඳයි.
    4. මේකනම් දුර්ලභයි. කරුමෙට කැමරාකාරයෙක් බස් එකේ ඉඳලා... :e
    5. One of the advantages being a man is, "Whole world is your urinal" :t

    ReplyDelete
    Replies
    1. අම්මපා මාත් රිපෝටර් කෙනෙක් වුණානම් කොහේ කොහේ රිංගයිද කියලා මටත් හිතාගන්න බැහැ.

      1. දුරකථනය කනට තියාගෙනත් ඇහෙන්නේ නැත්නම් අනික් කණ ටිකක් වහගත්තම හොඳට ඇහෙනවා. බාහිර පරිසර ශබ්දය මග හරින්න බැරිම නම් හෙඩ් සෙට් එක තමයි විසඳුම.

      2. කෑමට අපි ඔක්කොම ආසයි කියමුකෝ. හරියට පෝලිමේ ගියොත් කෑම නොලැබෙයි වගේ හැසිරෙන්නේ ඇයි කියන එකයි මට තියන ප්‍රශ්නේ.

      3. ජොනී ඇමතිතුමා වෙන්න ඇති සතොසේ ගෑණු ළමයින්ගේ මේක මෙතන ගහන්න ඇත්තේ.

      4. මටත් ටක් ගාලා හිතුනේ විශාල දුර්ලභ අවස්ථාවක් කියන එකයි. ඒකයි පින්තූරයක් ගත්තෙ.

      5. :e :e :e

      Delete
    2. මෙතන පළවෙනි එකට එකත්වකු කරන්න වෙඩිතියන්නෑ නේද? :m
      මේ කියන සෙට් එකට වඩා බහුබූතයිනෙ ලවුඩ් ස්පීකර් ඔන් එකේ දාගෙන ගෙදර හුටපටයි බුදියගත්තු හැටියි ඔක්කොම රටටම අඬබෙර ගහන සෙට් එක.

      Delete
  4. නටන්න බැරි එකෙක් කිව්වලු. මම නම්බර් වන් බ්‍රේක් ඩාන්සර්. ඒත් මෙතන නටන්න බෑ පොළොව ඇදයි කියලා. ලියන්නේ නැති එකාට ලියන්න හේතු ගොඩාක් තියෙනවා. දේශපාළණේ උනත් රස කතන්දර කොච්චර නම් තියෙනවද.? අනික මිනිස්සු දේශපාළණය කතා නොකරන එක තමයි ප්‍රධාන හේතුව, එකාධිපතිවරු බිහිවෙන්න. ඒ කතා නොකරන උන් තමයි අන්තීමට මේකට බිලි වෙන්නේ. හැම දෙනාම දේශපාළණ සත්වයෝ. අද මුළු ළෝකයම පවතින්නේ දේශපාළණය මත. ඒක අපේ රටේ සම හරක් ජනතාව වගේම. ආන්ඩුව දන්නෙත් නෑ. උන් හිතන්නේ ළෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. ඒකනේ දෙමළ පක්ෂවලට සාඛච්චාවකට දිල්ලියට එන්න කිව්වාම් ශුක්‍රාණු කාපු රිලව් ටික වගේ ඉන්නේ.

    ඒවා වැඩක් නෑ මේ ලියලා තියෙන්නේ රහ පෝඅස්ට් එකක්. ත්මන ලියන දේ දිගටම ලියන්න ඕන. නැත්නම් ඒකත් එපා වෙනවා. එහෙම කම්මැලි ජාතියක් අපි. හොඳ දේ මොනවා උනත් මිනිස්සු කියවනවා.

    1. ඕක හොඳයි, ඔය මම හිතන්නේ පොලීසියේ වෝකී ටෝකී පාවිච්චි කරන උන්. එක දවසක් මම දැක්කා එකෙක් ෆෝන් එක අනිත් පැත්ත හරවගෙන කතා කරනවා. උගෙන් ඇහුවාම ඌ කියපි. ඒ පැත්තෙන්ලු හොඳට ඇහෙන්නේ. මම හිතන්නේ හදපු උන්ට පැත්ත වැරදිලා.
    2. අපේ රටේ මිනිස්සු හරි පෙරේතයි. පොඩි උන්ටත් බෙදනවා හරක්ට වගේ. අන්තීමට පිඟානෙන් බාගයක් ඉතුරුයි. මේ තරම් කෑම නාස්ති කරන රටක් මම හිතන්නේ තුන් ළෝකෙම නැතුව ඇති. කන්න පුළුවන් ප්‍රමාණෙට බෙදා ගත්තාම ඉවරනේ. මම නම් කවදාවත් පෝලිමේ ඉන්නේ නෑ. අපේ පොඩි එකා ඉන්නෙත් නෑ. හොඳට ෂොට් එකක් දාලා. මළ පෙරේතයෝ කාළා ඉවර උනාම තමයි කන්නේ. මම පොඩි එකාටත් කියලා තියෙන්නේ. පුතේ අපි කන්න කලින් මළ ප්‍රේතයන්ට කන්න දෙන්න ඕන කියලා.
    3. මම හිතන්නේ ආන්ඩුවේ ප්‍රචාරණ ටික තවම විචා දැකලා නෑ. උදාහරණයකට "අපි වෙනුවෙන් අපි"..
    4. මේවා නම් ඉතින් සුළු දේවල්, අමතක වීම් කාටත් වෙනවනේ. ඒත් බස් ගැන නම් කියන්නම ඕන. විචාට මතකද අපේ අවුරුදු උත්සවය තිබුන පැලවත්ත හන්දිය. ඔතන ඉඳලා පිටකොටුවට එන්න මට වාහනේ එනවනම් යන්නේ විනාඩි 15 - 20 ක්. මේ ළඟදි බස් එකේ ආවා හදිසියක් වෙලා.. නැග්ගේ ගැන්දෑවේ 2.30 ට. පිටකොටුවට එන කොට 4.30.. මාර සංවර්ධණයනේ.
    5. මම නම් ඔහොම චූ කරන උන්ට ෂටර් එක පහත් කරලා හූ තියනවා. මොකෝ කලිසමේ ගියත් ඔය වැඩේ දවාලක නම් මම කරන්නෙම නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ නිකං පලයන් යන්ඩ. යකෝ ඔක්කොම මිනිස්සු එකම ජාතියේ ලිපි ලිව්වම වැඩක් තියනවද? අනික මට උඹ තරම්වත් ඉවසීමෙන් දේශපාලන ලිපි ලියන්න බැහැ. වාක්‍ය හත අටකට පස්සේ ලියවෙන්නේ කුණුහරප. ඊට මීට වැඩිය හොඳයි උඹලා ලියන දෙයක් කියවන එක.

      1. හිහ් හී..............අන්න වචනේ. වෝකි ටෝකි. අම්මපා ඒ ක්‍රමේට තමා සමහරු ෆෝන් එක පාවිච්චි කරන්නේ.

      2. හරි ලැජ්ජයි අම්මපා. ඇත්තටම මොකක්ද මේ කෑම ටික බෙදාගන්ඩ තියන කුලප්පුව? හරියට කෑම නොදී එලවයි වගේ. පෝලිමේ ඉන්න අවශ්‍ය නැහැ කියන එක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද? බත් කඳු ගහගෙන බාගෙට කාලා විසිකරන හැටි දැක්කම අනේ මුනුත් මිනිස්සුද කියලා හිතෙනවා.

      3. මෙන්න මෙහෙ කුරුණෑගල ටවුම වනසලා තියෙන්නේ ලොක්කගේ කටවුට් වලින්. මම හිතන්නේ නෑ ජනාධිපතිවරනේදී වත් එව්වා ගලවයි කියලා.

      4. අනේ ඔව්. ඒක තමයි මම කිව්වේ මේ වගේ අමතකවීම් අපටත් වෙන්න පුළුවන් කියලා. අම්මපා අර බස් එක ගිය වේගෙට මගේ කටට ආව කුණුහරප කිව්වානම් ඩ්‍රයිවරයාගේ අම්මා මාතෘනිවාසෙකට යවන්ඩ වෙනවා.

      5. ඉස්සර නම මම කරන්නේ මේ වගේ එවුන්ව අල්ලලා දෙපැත්තට හොලවන එකයි. එතකොට කලිසමේ නාගන්නවනේ.

      Delete
    2. @ මාතා,
      1 වෙනි එකේ ඌ කියපු කතාව ඇත්ත. මොකද දැං අඩු ගානට තියෙන ෆෝන් වැඩි හරියකම ඉයර් පීස් එකක් නෑ. රිංග් ටෝන්, ලවුඩ්ස්පීකර් වගේම කතාකරන එකේ සද්දෙ ඇහෙන්නෙත් එකම ස්පීකර් එකකින්. ඉතිං රිංටෝන් අවුට්පුට් එක තියෙන පිට පැත්ත කනට තියාගත්තහම ඉස්සරහ පැත්තට වැඩිය හොඳට ඇහෙනව. (හැබැයි ස්මාට් ෆෝන් පාවිච්චි කරන උංට මේක අදාල නෑ.)

      Delete
  5. ලගදි ස්මාර්ට් ෆෝන් එකක් ගත්තා නේ , අර චු කරන එකටනං මොකවත් කියන්ඩ එපා අප්පා , චු බරක් ආවහම කොහොම ඉවසන්ඩද

    ReplyDelete
    Replies
    1. මොන ස්මාර්ට්ද පරණ එකම තමයි ටිකක් හොඳට හසුරවන්න ඉගෙනගත්තා.

      අම්මපා ඔව්. ඔය බර ආවම බස් එක ඇතුලේ වුනත් කමක් නැහැ කවුරුවත් දකින්නේ නැත්තං

      Delete
  6. මේකේ තියෙන පලවෙනි කාරනාව, එනම් 'ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද? ' ගැන තියෙන එකේදී නම් මම විචාරක සමග එකඟ නෑ. මොකද ජංගම දුරකථනය කනේ තබාගෙන බෙරිහන් දෙනවට වඩා,ඒක මුව ලග තබාගෙන සෙමින් කතාකරන එක හොදයි. අනික කාටවත් කරදරයක් නැති මේ වගේ දෙයකදී අපිට කියන්න බැහැනේ අන් අයට මෙහෙම හැසිරෙන්න කියලා.

    අනික දැන් තියෙන ඇතැම් ජංගම දුරකථන වර්ග යන්තම තොල් සෙලවෙනකොට ඒක හඳුනා ගන්නවා. ඉතින් ඒවා නිවැරදිව භාවිතා කිරීමේදී ජංගම දුරකථනය මුව ලගට ගෙන සෙමින් කෙඳිරුවත් ඇති. මේ ක්‍රමය හොදයි. මොකද එතකොට අන්අයට නොදැනෙන ලෙස/කරදරයක් නොවන පරිදි ජංගම දුරකථනය භාවිතා කල හැකියි.

    මේ කාරනේදී මට කෙටියෙන් කියන්න තියෙන්නේ තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා. මිනිස්සු කරන දේවල් වලින් අනිත් අයට සහ ඒ අයට කරදරයක් නැත්තම්, වෙන කාටවත් බාදාවක් නැත්තම්, නීති විරෝධී නැත්තම් අනික් අය කරන දේ අපිට වැඩක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මම ඔබට ජංගම දුරකතනයෙන් කතාකරලා පෙන්වන්නම් ශබ්ද අධික පරිසරයකදී වුනත් බෙරිහන් දෙන්නේ නැතුව සහ දුරකථනය කට ලඟට ගන්නේ නැතුව. ඇත්තටම දුරකථන මයික්‍රෆෝනය අති ප්‍රබලයි. අර විදිහට කට ලඟට ගන්න අවශ්‍ය නැහැ. අපිට අන් අයගේ චර්යාව පාලනය කරන්න බැහැ. නමුත් චර්යාව මෙන්න මේකයි කියලා කියන්න පුළුවන්. පිළිගැනීම හෝ නොගැනීම මානව නිදහසයි.

      ඔබේ අදහස් දැක්වීමේ දෙවැනි ඡේදයෙන් කියන්නේ දැන් තියන දුරකතනවල මයික්‍රෆෝනය අධි සංවේදී කියන එක තමයි. මමත් කියන්නේ ඒකම තමයි කට ලඟට ගන්න අවශ්‍ය නැහැ.

      අනික් අය කරන දේ අපිට බාධාවක් නොවන පමණින් එය නිවැරදි වන්නේ නැහැ. චර්යා පාලනය මිනිසුන්ට හඳුන්වාදෙන්න පුලුවන්නම් එය සමාජ ප්‍රගමනයට හේතුවෙනවා. අපචාරයක් නොවන සද්චාරය මෙයයයි කියන්නට පැකිලෙන්නට අවශ්‍ය නැහැ. බුද්ධිමත් බොහෝදෙනා සිතාමතා අවබෝධ කරගෙන නිවැරදි දේ පිළිගන්නා බව මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.

      Delete
  7. 1. මටත් ඔය කට කන මාරුකරන වැඩේ පෙන්නන්න බෑ.
    2. සමහර මගුල් ගෙවල් වල කෑම ඉවර වෙනව. මම අත්දැකීමෙන් කියන්නෙ. නමුත් විචාරකට ඔතන නිදහසේ බොන්න තිබ්බ හින්ද මේ තැන ඒ වගේ තැනක් නෙමෙයි කියල සහතික වෙන්න පුලුවං. මොකද ඒ වගේ තැනක් බොන්න දෙන විදියෙංම තේරුං ගත්තහැකි.
    3. එයාගෙ කැමැත්තද ඩිරෙක්ටර්ගෙ කැමැත්තද දන්නෑනෙ. අපිට මොකෝ
    4. මේකනං ටිකක් අස්වාභාවිකයි. හැබැයි කාටත් ඔය වගේ දෙයක් වෙන්න පුලුවං. නමුත් ඒක වලක්වගන්න පුලුවන්නං තමයි හොඳ.
    5. මේකනං ඉතිං අපිත් කරනව. හැබැයි ඉතිං ගෙවල් නැති පැත්තක් තෝරගන්න එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. 1. ඔය වගේ පුරුද්දක් ඇතිකරගන්න පහසුයි නමුත් නැති කරගන්න ලේසි නෑ.
      2. යම්කිසි මගුල් ගෙයක කෑම කලින් ඉවරවෙනවානම් සැලසුමේ වරදක් තියනවා. එහෙම නැත්නම් හිතුවට වඩා වැඩි දෙනෙක් කාලා තියනවා. නැත්නම් පාර්සල් ලෙස හෝ ඉවතට ගෙනිහින් තියනවා. ඇත්තටම සාධාරණ හෝටලයක නම් 150 කට උයන කෑම 170 කට පමණ ප්‍රමාණවත්.
      3. ජොනී මාමගේ කැමැත්ත වෙන්න ඇති.
      4. ඔව් අද අපි ඉන්නේ දහසක් වැඩ එකට පටලවාගෙන. ඉතිං මේ වගේ දේවල් වෙන්න පුළුවන්.
      5. හෙහ් හෙහ් තදවුනාම මොන ගෙවල්ද අතාරිනවා මිසක් පහසු තැනකට.

      Delete
  8. අර සතොසේ ටී ෂර්ට් එක නම් එක විදියකට හරියටම හරි කියලත් හිතෙනවා .

    අන්තිම කතාව ගැන සම්බන්නම් කියන්න තියෙන්නේ "සම්පුර්ණයෙන්ම මානුෂික මෙහෙයුමක් කියලා තමා " (විහිලුවට වෘත්තීය සම්බන්ධ කලාට උරණ නොවේ යයි සිතමි )

    ReplyDelete
    Replies
    1. ඔබේම තැන වෙනුවට ඔබේම නැත කියලා ගැහුවානම් කොහොමද?

      මානුෂික මෙහෙයුම බොහොම පරිසමෙන් කලේ.

      Delete
  9. අර උඩින්ම කියපු දුරකතන ඇමතුමේ සිද්ධිය ගැනනම් මං බොහොම මැදිහත්ව බලනවා. මොකද, ඔය වැඩේ වෙන්නෙ ගොඩක් ජනාකීර්ණ තැන්වල. ඒ වගේ තැන් වල ඇත්තටම අපි කියන දේ අනෙක් පාර්ශවයට ඇහෙන්නෙ නෑ, මොකද පසුබිමෙන් ඇසේන ගෝෂාව ප්‍රබල නිසා. ඒ වගේ වෙලාවක අර කිව්ව ව්දියට කතාකලාම ඒක අනෙක් කෙනාට ඇහෙනවා. ඒකයි එහෙම කරන්නේ. නමුත් මටනම් මේක මහා පිලිකුල් සහගත දෙයක්. නමුත් ඒක කරන එකෙන් අපේ අනෙක් පාර්ශවේ කෙනාට කතාකරන දේ අනෙක් බාහිර ශබ්ධ අභිබවලා හොඳින් ඇහෙනවා.

    අනෙක් සිඩ්ධි සියල්ල සමඟමනම් එකඟයි. කොහොම උනත් තැනක් නොතැනක් නැතිව ඔය ෆොටෝ ගහන වැඩේනම් බොහොම අවධානම්, වෙලාවක ගුටි කන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ජනාකීර්ණ තැනකදී වුනත් අපි කියනදේ අනික් කෙනාට ඇහෙනවා. බොහෝවිට වෙන්නේ එයා කියන දේ අපිට ඇහෙන්නේ නැහැ පරිසරයේ ශබ්ද නිසා. ඒ වගේ වෙලාවට ඒ ශබ්දවලට පිටුපාලා ඉඳගෙන අකික් කණත් ඇඟිල්ලකින් වහගත්තම හොඳට ඇහෙනවා. නැත්නම් හෙද සෙට් එක දාගත්තත් ඇහෙනවා. අර කට - කණ ඩ්‍රිල් එක කරන්න අවශ්‍ය නැහැ.

      අම්මපා පොටෝ කෙලිය නම් බොහොම පරිස්සමෙන් තමයි කරන්නේ. ඒ සඳහා හමුදා පුහුණුවෙන් ලබාගත් අත්දැකීම් බොහොම 'පොරෝජන්' වෙනවා. හැබැයි ඉතිං වරදින්නත් ඉඩ තියනවා. එදාට අර කිතුල් ගහට ගිය මිනිහගේ උත්තරයක්වත් දීලා බේරෙනවා.

      Delete
  10. බ්ලොග් ලිවීම කල යුත්තේ තමාගේ ක්ෂේත්‍රයට අදාල බවයි මා විශ්වාස කරන්නේ. ඉතින් මෙතුවක් කාලෙකට මම කියවන, එකම බ්ලොගය, විචාරකගේ බ්ලොගයයි. දේශපාලනයට අදාළ මෙහි සදහනක් නොකිරීම අගය කල යුතුයි. ඊටවඩා හොදයි වැසිකිලි වැලක් කඩාගෙන බලාගෙන ඉන්නවා. යුද්දයට, ආරක්ෂාවට, ආයුද වලට අදාලව ලිපි ලියන අතරේ පලවන මෙවන් ලිපි ඉතා රසවත්, හරවත් සහ සිතන්න යමක් ඉතුරු කරන දේවල්.
    දුරකතනයේ කතාව සම්බන්දයෙන් කිව යුත්තේ, මයිකරෝෆෝනය මුව අසලට තබා ගන්නේ බොහෝ විට ආදර සම්බන්ද කටයුතු ගැන සම්බන්ද සංවාද වලදියි.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට මම පාරදිගේ කියලා මාතෘකාව දැම්මේ එදිනෙදා වෙන දේවල් ඇතුලත් නිසයි.

      දුරකථනය ගැන තියන දුර්මතයක් නිසයි අර විදිහට කරන්නේ.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  11. නියමයි...එල ද බ්‍රා..තව කොමෙන්ටුවක් දාන්න ආයමත් එනවා

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙන්ඩො හොරෙන් පොටෝ කෙලින්න ගිහින් කවුරු හරි එකෙක් මගේ කුල්ලයි වට්ටියයි දෙක කඩාගත්ත දවසට තමයි මමත් පාඩමක් ඉගෙනගන්නේ. :e

      Delete
  12. 1.විචාරක සහමුලින්ම වැරදියි. සමහර බාල චීන ෆෝන් තියනව ඔය අවුල තියන. මගේ ලඟ තිබුන මීට අවුරුදු දෙකකට විතර කලිනුත් මේ ජාතියෙ එකක්. කොච්චර නිහඬ තැනක උනත් කට ලඟට ගත්තෙ නැත්තං ඇහෙන්නෙම නෑ. මේ ගැන කලිනුත් කිව්ව.
    http://awidda-paya.blogspot.com/2013/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මම හොයද්දි මූ දාලා.. අඩේ බං අවුරුද්දක් පීරල මම හෙව්වේ. උඹ කෝමද හොයාගත්තේ ඉක්මනට..

      Delete
    2. මේක ලිව්වෙ අැවිද්ද පය කියල මතක තිබුන. බැලුව උගේ බොග. මෙන්න තියනව ටැග් වගයක්. ඔන්න එතන තියනව චූටියට මොබයිල් ෆෝන් කියල ක්ලික් කලා ගත්ත හරිම සිම්පල් :-)

      Delete
    3. "ඉතාම බාල දුරකථන වල සහ, විවිධ දෝෂ සහිත දුරකථන වල නම්, යම් යම් බාධා මතුවෙනවා ඇති." කියලා මම සඳහන් කර තිබෙන්නේ ඒ නිසා තමයි. නමුත් ඉතා නවීන 4 වැනි පරම්පරාවේ දුරකථන වලිනුත් මේ විදිහට 'වෝකි ටෝකි' ක්‍රමයට කතාකරන්නේ ඇයි කියන එක මට ප්‍රහේලිකාවක්.

      Delete
  13. විචා වගේ බක පන්ඩිතයෙක් ටත් කලින් ඔය අංක 1 ගැන මෙහෙම හිතුනා..

    http://awidda-paya.blogspot.com/2013/06/blog-post.html

    යන්තං හොයාගත්තා

    ReplyDelete
    Replies
    1. මම සූදානම් ඔය විදිහට කතාකරන්න අවශ්‍ය නෑ කියන එක ප්‍රායෝගිකව පෙන්වන්න, තවත් කවුරුහරි මගේ දුරකතනයට එබී කෑගහන්නේ නැත්නම් සහ කෝච්චි එන්ජිමක් වැනි ශබ්දය පිටකරන දෙයක් අසල මම නොඉන්නවානම්.

      සාමාන්‍ය පරිසර තත්වයකදී පවා මෙහෙම කරන්නේ ඇයි කියලයි මම අහන්නේ.

      Delete
  14. මොබයිල් කේස් එක නිසා කියන්න අමතක වුනා අර මඟුල් පෝලිම් ගැන. හැබැයි පෝලිම පනිනවට වැඩිය හොඳයි පෝලිමේ හරි යන එක. ලාංකීය අනන්‍යතාවයක් නෙව මේ පෝලිං පැනිල්ල.
    විචාරකට කියන්න මම නං කවදාවත් වෙලාවට කාල නෑ. මගුලකදි කන්නෙ දෙකහමාර පැනල අඩුම ගානෙ. ඉතිං මොන පෝලිම්ද!

    ReplyDelete
    Replies
    1. ඉතිං රාජ් දෙකහමාරට තියා තුනහමාරට කෑවත් ඔයා වෙනුවෙන් කෑම තියෙන්න ඕනෙනේ. නිකං මොකටද දන්සලකින් කන්න වගේ පෝලිමේ ඉන්නේ.

      Delete
    2. ඕක වෙන්නෙ මෙහෙමනේ. කන්න කිව්ව ගමන් 'කාල යන්න' විතරක් ආපු හුඟ දෙනෙක් කන්න යනව නෙව.

      Delete
  15. චැහ් .. කවුද මගුල් ගෙවල් වල ගිහිං කන්නේ. ඒ ඩිංගත් ෂොට් එකක් ඇනගන්නවා නෙවැ සෑර්. බයිට් දෙන්නෙ කෑම වෙනුවට.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්........ උඹ යන මගුල් ගෙවල් වල බයිට් මදිවෙලා ගෝරි යනවා ඇති අම්බානක.

      Delete
  16. මගුල් ගෙවල් වල ගිහින් කන්න වෙන්නේ කලාතුරකින් නිසා ඔව්ව අපේ ප්‍රශ්න නෙමෙයි...
    මේ ළඟදී වෙඩිමකට ගිහින් කන්න බැරි උනා, අපි යද්දී කෑම මෙසේ වහලා.
    වෙඩිම තිබ්බේ කින්ස්බරි කියන අහවල් එකේ.
    අන්තිමට යාළුවට සල්ලි එහෙමත් දීලා කන්න හොයාගෙන දෙහිවලටම යන්න සිද්ධ උනා.

    කවුරු කොහොම කිව්වත් චූ බරක් හැදුනොත් දාන්න තැනක් හොයා ගන්නම නැත්නම් පාර අයිනෙම නැතත් පොඩ්ඩක් හරි ඇතුලකට ගිහින් ගහක් මුලට අල්ලන එකනම් මමත් කරනවා.
    ඕව කලිසන් වලයි වාහන ඇතුලෙයි දාගන්න තරම් අපි මොංගල් වෙන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ලොකු නම් තියන් තැන්වල කන්න ලැබෙන්නෙත් අපිට හුරු නැති දේවල්. අර කියමනක් තියනවනේ අපායට ගියත් කලින් යන්න කියලා.

      මොනවද කතා අනේ. මමත් එහෙම තමයි. කාරෙක පාර අයිනේ නවත්තලා ඒකට මුවාවෙලා චූ පාරක් දාපු වෙලාවලුත් තියනවා.

      Delete
  17. පහුගිය ටිකේම ඉන්න වුනේ 'කරුමක්කාරයෙක්' වගේ 'පාර දිගේ' නිසා මේ පැත්තෙ එන්නත් බැරි උනා.. මේ වගේ යන යන තැන මොකක් හරි වැරැද්දක් පේන එක මගෙත් පට්ට ලෙඩක්..

    1. අර කවුද කලින් කිව්ව වගේ ලවු සීන් තියෙන උන් තමයි වැඩියක්ම ඔය ෆෝන් එක 'කටට අරන්' මුමුණන්නේ.. සමහරු ෆෝන් එකට උම්මත් දෙනවා.. හිකිස්.. කට-කණ ඩ්‍රිල් එකටත් වැඩිය චාටර්ම කේස් එකක් තමයි මුළු ගමටම ඇහෙන්න බෙරිහන් දෙන එක.. එහෙම බැලුවම මුමුණන උන් හොඳයි..
    2. මටත් තිත්තයි මේ පෝළිං වල ඉන්න එකයි කොත ගහල බත් බෙදා ගන්න එකයි.. බලං ඉන්න වස අප්පිරියයි.. සමහරු පිඟානේ පුරවල බත් බෙදා ගන්නවා පස්සේ එළවළුවක් බෙදාගන්නවත් ඉඩ නෑ.. පිඟානේ වට කරල අත තියාගෙන තමයි කෑම මේසේ ලඟට එන්න ඕනි..
    3. සතොසේ සීනියර් මැනේජරයෙක් ඉන්නව බැචෙක්.. ඌට කතා කරල කිව්ව.. මාකටින් කියන්නේ හරි පරිස්සමින් කරන්න ඕනි දෙයක්.. නැත්නම් විහිං අමාරුවේ වැටෙන්න වෙනවා.. විශේෂයෙන්ම තරඟ කාරයෝ ඉන්නකොට..
    4. මේ ගැනත් කියන්න තියෙන්නේ කොච්චර කළබල තිබ්බත් ගෙදරකින් එළියට බහිනකොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්නෝනෙ.. මේ සම්භන්දයෙන් ගැහැණු ගොඩක් දුර්වලයි.. මෑතක ඉතාමත් (නී) රස අත්දැකීමක් ලැබුණා.. ෆොටෝ ගත්තදනම් අහන්න එපා.. උදේ පාන්දර ඇවිදින්න යනකොට පාර අයිනේ ගෙදරකින් ගෑනු කෙනෙක් පාරට බැහැල මල්ලකුත් අතේ තියාගෙන මට ඉස්සරහින් යන්න ගත්ත.. අවුරුදු විසි පහක් තිහක් ඇති.. යට සාය පිටිපස්සෙන් ඇඹරිලා ගවුමත් එක්ක තට්ටම් දෙකෙනුත් උඩ.. ඊට යටින් මොකුත් ඇඳලත් නෑ.. මට හිතෙන්නේ රෑ ඇඳන් හිටපු ගවුමටම එළියට බහින්න කලින් යට සායක් දා ගන්න ඇති.. ඉස්සරහ විතරක් හදාගෙන එළියට බහිනවා එක පුලියේ.. මට මුලින් මොකුත්ම හිතා ගන්න බැරි උනා.. ඒත් එගමන්ම පය ඉක්මන් කරල ටිකක් ලංවෙලා කිව්වා 'මිස් ඔය ඇඳුම පිටිපස්සෙන් ඉස්සිලා ටිකක් හදා ගන්න කියල' ගෑනිට මොනව හිතුනද දන්නෙ නෑ..
    5. මුත්‍රා බරනම් ඉවසගෙන ඉන්න බෑ. ඒත් කඩප්පුලි කැමරා කාරයෙක් නැති තැනක් කොහොම හරි හොයා ගන්නවා.. හිකිස්..

    විචාරකතුමා දේශපාලනේ නැතුව වෙන මාතෘකාවක් ලියුවට බොහෝම ස්තූතියි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික සහ කණගාටුදායක සිදුවීමක් නිසා බ්ලොග් එක පැත්තේ එන්න බැරිවුණා.

      1. තමන් කරන දේවල් අවට ඉන්න අයට විකාර රූපී රසයක් ගෙන දෙනවා නේද කියන එක මේ අයට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට ගැටළුවක්.

      2. කොත ගහලා බෙදාගත්තට කන්නේ බාගයයි. හිත පිරෙන්න තමා අච්චර ගොඩක් බෙදා ගන්නේ. නමුත් ආමාශයේ ඉඩ තියෙන්නේ කොපමණද කියන එක අවබෝධ කරගෙන නැහැ.

      3. සතොසෙන් මට නඩු දායිද දන්නේ නෑ සතොස 'නඩු බලවනවා' කියලා.

      4. ඇත්තටම කාර්ය බහුලත්වය සහ නොසැලකිල්ල කියන දෙකම බලපානවා මේ වගේ සිදුවීම් වලට. කොහොමද අර ඔයා දැක්ක නෝනාගේ පින්තූරයක් මේ ලිපියට දාන්න තිබුනා නම්

      5. හිහ් හිහ්.......කැමරා ෆෝන් නිසා දැන් කිසිම දෙයක් රහසිගතව කරගන්න අමාරුරුයි.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }