හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 October 2014

ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු

1
   අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න.

   අපි දැන් ආශ්චර්යය කරා යන ගමන වේගවත් කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. හැබැයි මේ ගමන යන්නේ ලයිසන් සහ ඉන්ෂුවරන්ස් නැතුව වීම නම් එක අතකට භයානකයි. තවත් අතකින් පුදුමාකාරයි. තවත් පැත්තකින් බලනකොට විකාරයි.

   ඔබ දැකලා ඇති මේ දිනවල රජයේ සේවකයන්ට ඉතා අඩු මිලට බෝටර් බයිසිකල් සහ ස්කූටර් ලබාදෙනවා. රු 210000/- ක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් රජයේ සේවයේ ක්‍ෂේත්‍ර රාජකාරිවල සිටින මහත්වරුන්ට දෙන්නේ රු 50000/- කට. ඒ සඳහා ණයකුත් රජයෙන්ම දෙනවා. ඒ ආකාරයටම නෝනලාට දෙනවා රු 180000/- පමණ වටිනා ස්කූටරයක් රු 45000/- කට. ඇත්තටම අගය කලයුතු හොඳ දෙයක්. කීයෙන් කීදෙනාටද ෆිනෑන්ස් කරලා හෝ බයිසිකලයක් ගන්න පුළුවන්.

2
   
නමුත් පුරස්නේ මෙන්න මේකයි. මෙව්වා පාරේ දුවන්නේ අමුතුම කෙරමෙකට. ඒ කියන්නේ මෙව්වට පාරේ දුවන්න ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැහැ. මාස තුනකට පස්සෙලු එව්වා ලැබෙන්නේ. ඉතිං හත්ඉලව්වේ ඒ අල්ලපනල්ලේ මොකුත් ඇස්සිඩන්ට් එකක් හැප්පුනොත් කොයි වෙසමුනියද වග කියන්නේ? 

   නෑ නෑ, ඔන්න ඔතනදි තමයි, 'ඈස් චර්යාව' එළියට එන්නේ. මෙන්න මෙහෙමයි කෙරමේ. මාස තුනක් යනතුරු දිස්තිරික්කුවෙන් පිට යාම තහනං. පාරේ යනකොට, පොලෝසියේ මහත්තුරු විසිල් ගහලා, අතදාලා, පාරට පැනලා, නවත්තලා අල්ලගත්තොත් බෙල්ල මුලිම්ම, මොකෑ වෙන්නේ. හෙහ් හෙහ්...... එව්වා කොහෙද, එව්වට තියනවා මේ බයිසිකල් වල, 'ඈස් චර්යා ඉස්ටිකර්' කියලා ඉස්ටිකෙරයක් ගහලා. මේ තියෙන්නේ.

3
   කොහොමද මාමගේ මොළේ? ඇඟ පුරාම නේ?  ඔය ඉස්ටිකෙරේ ඉස්සරහ පැත්තේ වගේම පස්ස පැත්තෙත් ගහලා තියනවා. බයිසිකලේ යකෝ බයිසිකලේ, ආයේ ඔව්වා පදින නෝනලාගේ පස්ස පැත්තේ ඉස්ටිකර් ගහන්න පුලුවනෑ. පොලොසියෙන් අල්ලපු ගමං කොරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙහෙම කියන එකයි. මේ........... රාලහාමී..............ඔය පිත්තල බොත්තං ටිකයි කාකි කෝට් බෑයයි ගලවගන්න ඕනෙද? දැනගන්නවා මම මේ යන්නේ ඈස් චර්යාවට. මෙව්වට ලැයිසොං කඩදාසි, ඉන්සුවර් කඩදාසි, නැතුවට අපේ මාමගේ ඉස්ටිකෙරේ තියනවා හරිය? නිකං බොරු පාට් දාලා අමාරුවේ වැටෙන්න එපා. මේක මේ රටේ නීතිය බල්ලට දැමීමක් කියලා හිතෙනවානං ඔය පාරේ ඉන්න බල්ලෙකුට බැටැං පොල්ලෙන් ගහනවා හිතේ කේන්තියයි, අම්මපා නීතිය රකින අපිට වෙච්චි දේ කියලා දැනෙන ලැජ්ජාවයි යනතුරු. හරිද.................ඕං අපි ගියා.

   ඔන්න ඕකයි විසඳුම. මෙව්වා සෑහෙන ගණනක් දැනටම ඇස්සිඩන්ට් හප්පගෙන. පොලෝසිය කරන්නේ ශේප් න්‍යාය දැමීම පමණයි. නෝනලාට හම්බවෙච්චි බයිසිකල් මහත්තයා හැන්දෑවට දෙකක් දාලා පැදලා, (ඇයි යකෝ නෝනගේ බයිසිකෙලේ මහත්තයා නැතුව අල්ලපු ගෙදර එකා පදින්නයැ) ඇස්සිඩන්ට් වෙලා පොලොසියට ආවමනම් ටිකක් ලෙඩේ අදිනවලු, නෝනා මොකටද මහත්තයට දෙන්න ගියේ කියලා. (එපා එපා එහෙම හිතෙන එව්වා මෙතන කියන්න එපා) 

   කුරුණෑගල දිස්තිරික්කුවේ එක ගෙදරක, බයිසිකල් දහයක් තියනවා. අම්මා, තාත්තා, දුව, පුතා, බෑණා, ලේලි, යන අයට හම්බවෙච්චා. ඒ ගෙදර කලින් බයිසිකල් හතරක් තිබුණා. දැන් නිකං බයිසිකල් 'පෙදර්සෙනාගාරයක්' වගේ ඕං. අම්මපා අපිත් ඉස්ටිකර් එකක් හදාගම්මුකෝ 'කිරිජ්ජපල්ල උගසට තිබ්බත් අපි මාමට' කියලා. එතකොට ඒ ඉස්ටිකරේ ගහගෙන ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැතුව අපිටත් පදින්න බැරියැ අම්බානක. (බයිසිකල් බයිසිකල්) එතකොටනේ ඈස් චරියාවට යාමේ ආඩම්බරේ දැනෙන්නේ මාමට.
4
   තරහ අවසර. 'කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා' ලිපියේ දෙවැනි කොටස, හෙට අනිද්දම දෙන්නම්.


my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 15 වැනි දින 0914 පැය

90 comments :

  1. ඇයි අර පස්ස පැත්ත පොල් කටු දෙක්කින් වහගෙන...
    මට නං තේරුන්නෑ ...
    විචාරක තුමා හුගක් අය ඔය බයිසිකලේ ගත්ත නකං දෙනව වගේනෙ සමහර අය 50 ඇරං කට වගේ වික්ක සමාර අය පරඹ එක විතුණල අළුත් එක තියාගත්ත සමහර අය අනුන්නෙ ඒව පදිනව... ඈස්චරිය නෙව...
    වැඩේ කියන්නෙ මේම ගත්ත බහුගරයකට ලැයිසොං වත් නෑ... කරුමෙ කියන්නෙමේ ඉස්ටිකරේ තියනව නං ආයෙ ඕන හු යන්නක්... ඩෝග් ස් ල වත් පාරට පයින්නෑ ඕං...
    ඈස් චර්ය ආයෙ මොනවද නැද්ද ංම අහන්නෙ

    ReplyDelete
    Replies
    1. අයියෝ මහේෂ් තේරෙන්නැද්ද? Assචර්යය බං Assචර්යය :k

      Delete
    2. ඈස් කියන එකේ තේරුම්දෙකම ( ශරීර අංගය සහ සත්වයා ) අපේ ඔය චර්යයට තියනව නේ? ඒකියන්නෙ පූර්ණ ඈස්චර්ය !

      Delete
    3. මතක නැති වුනා

      Ass කියන්නෙ ඇමරිකන්කාරයො. ඉන්ග්‍රීසිකාරයො Arse (ඒක තවත් ලඟින් යනව - ආස්චර්යය !)

      Delete
    4. @ මහේෂ්
      පොඩි එකා වුනත් දන්නවා මාමගෙ හැටි. පොල්කටු දෙක තියාගත්තේ ඝන ආවරණයක් වශයෙන්. එතකොට මාබට බැහැනේ .....න :e

      කුරුණෑගල පැත්තේ දැන් ඕසෙට තියනවා මෙව්වා. මම හිතන්නේ හුඟක් අය දැම්මම විකුනලා තියෙන්නේ, අවුරුදු 5ක් යනකල් විකුණන්න බැහැ කියලා නීතියක් තිබුනට. ආණ්ඩුව නීති කඩනකොට මිනිස්සු නොකඩා ඉඳියිද?

      Delete
    5. ප්‍රා,
      ඇමරිකන් කාරයො හැම මගුලම හදාගන්නෙ කටින් ලේසියෙන් ලිස්සන්න නේ?

      Delete
    6. //ලේසියෙන් ලිස්සන්න //
      වැස්ලින් වගේ? රාජ් කියන්නෙම සබ්ජෙක්ට් මැටර් එකට අදාල දේ නේ? :=D

      Delete
    7. //කටින් ලේසියෙන් ලිස්සන්න//

      ඈස් කටින් ලිස්සනව අපේ සමහරුන්ගෙ කතා එහෙමනං.

      Delete
  2. එතනොට අම්මට බොල නේ බං විචෝ.. මට නං මේ විකාර වැඩේ තේරෙන්නෙම නෑ. ඇයි මාස තුනක් යන්නේ ඕවායේ කොළ ගන්න..

    ReplyDelete
    Replies
    1. කොළ ගන්න නෙවෙයි අන්තිමට වෙන්නේ කෙලගන්න. කවුද දන්නේ දේශා මෙව්වට ලයිසන් ඉන්ෂුවරන්ස් හම්බවෙයිද නැත්තං එව්වා දෙන්නේ බලධාරීන්ට පෙන්නලා තමන්ගේ කතිරය ගැහුවට පස්සේ ද කියලා. කොහොමද එහෙම කොන්දේසියක් දැම්මොත්.

      Delete
  3. තමා දැන් සක්‍රියව රාජකාරි නොකරත් සොල්දාදුවෙක් නේද? සොල්දාදුවන් කවරදාකවත් විශ්‍රාම යන්නේ නැති බව සිහියේ තබා ගත්තොත් හොදයි. සොල්දාදුවෙක් වශයෙන් තමා මේ බ්ලොග් අඩවිය හරහා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ව විවේචනය කිරීම සදාචාර සම්පන්න නෑ. වහාම මෙවැනි ලිපි නැවත පළකිරීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. තමා, අනේ තමා, මට තමා ගැන දුකයි, තමාට නරකද, තමාගේ මොලය පරීක්ෂා කරගත්තොත් අර්ශස් රෝග විශේෂඥයකුට කියලා.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අර බැසිල්ට එහා පැත්තෙ ඉන්නෙ විචාරක නේද? (පෙනේද මෙතන බැන බැන අරහෙ කඩේ යනවා :k)
    //පොලොසියෙන් අල්ලපු ගමං කොරන්න තියෙන්නේ මෙච්චරයි. // තලයිද දන්නෑ බිම දාගෙන වේවැලකිං ඔව්ව කියංට ගෙහුං.

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ විසිටා.. මාත් දැක්කේ දැන් බං.. පොරම තමා ඒ ඉන්නේ කොන්ද නමාගෙන.. මල්ලි බිමට බර කරගෙන...

      Delete
    2. @ Visitor V
      අම්මපා ඒ මම නේන්නං. දැන්නේ දැක්කේ. කවුද යකෝ මගෙන් අහන්නේ නැතුව පොටෝ කෙලපු එකා?

      @ දේශා
      කොහෙද යකෝ බර වෙලා තියෙන්නේ? මතක තියාගනින් මීහරකා වයසට ගියත් අඟ හයියයි හරිද............:e

      Delete
    3. Wicharaka Asami Dakimi Soyami October 15, 2014 at 12:35 PM
      //මීහරකා වයසට ගියත් අඟ හයියයි හරිද//

      Pra Jay October 15, 2014 at 10:47 AM
      //( ශරීර අංගය සහ සත්වයා )//
      මරු කොයින්සිඩනස්!
      ඔන්න ගිනි බිඳිංට එනෝ. දුවපියෝ... :p

      Delete
    4. තමාව මගේ ඉලක්කයක් බවට ලකුණු කරගත්තා. :g

      Delete
  6. අම්මපා.. හෙල්මට් ඕනෙත් නැත්ද, මේවා පදින්න ඈ...!
    ඔලුව නැත්තේ දුන්න එකාටද? පදින එකාටද ?

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලන්ගේම ඔලුව මඤ්ඤං :e

      Delete
  7. එහෙනම් අටා කාරයොත් ප්ටිට්පස්සේ ගහ ගනී අතහිත මාමාගෙන් කියලා හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. ආටා කාරයෝ වැඩිකල් නොගිහිං මාමාගේ පිටිපස්සේ ගහයි ඉස්ටිකර් :e

      Delete
  8. එහෙමත් එකක්ද? අපිත් බයික් ගන්න ගජරාමෙට වැඩ. ඒ කියන්නෙ ඉදිරි මාස තුන ඇතුලත (සමහර විට ඊටත් ටිකක් වැඩිපුර) ඔය ස්ටිකර් එක ඇඩ් එකක් වෙනව. කොහොමද ලොක්කගෙ ටිකිරි මොලේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැනටම ඇඩ් එකක් වෙලා. සමහර ප්‍රධාන නගරවල මේ බයිසිකල් බෙදන උත්සව වලදී ඇඩ් එකක් ලෙස පාවිච්චි කෙරෙනවා.

      රටේ ඉන්න මිනිස්සුට් නිකංම නිකං ඇඩ් වගේ තමා අන්තිමට.

      Delete
  9. ඈස් චර්යට යන්න මොකටැ ඔය බලපත්‍ර,
    නීතිය බල්ලට ගිය රටේ මහා එකාගේ ඉදන් අවනීතියේ රජකොරනකොට,

    කිව්වට මොකෝ මමත් ඉන්නේ ඈස් චර්යට යන එකක් අලෝගෙන බලපත්‍ර ගාස්තුව ඉතුරුකොරගන්න :ඩ් :ඩ්

    ReplyDelete
    Replies
    1. විචාරකගේ බ්ලොගට එනකොට මොකක්ද මේ ඕපන් වෙන වෙබ් සයිට් එක. යටින් තියෙන ලින්ක් එක

      https://iqoption.com/us?aff=3338&afftrack=new1

      Delete
    2. මටත් හිතාගන්න අමාරුයි. කවුරු හරි මේ සයිට් එක හැක් කරලද දන්නේ නැහැ. මටනම් ප්‍රශ්නයක් නැහැ මගේ පොපප් බ්ලොකර් ඒකෙන් ඒ අඩවිය බ්ලොක් කරනවා. ඔබට මේ ගැන යම් දැනුමක් තියනවානම් මට උපදෙසක් දෙන්න.

      Delete
    3. ද ඔය තුන්වෙන සැරේටත් ඉල්ලන්න යන්නේ ඉක්මනින් ඈස් චර්යය අපේ ඔඩොක්කුවටම දෙන්ට වෙන්ටෑ. :e

      Delete
  10. නීතිය, සාධරණය, බල්ලට ගිය අම්මගේ රටක්.

    ReplyDelete
    Replies
    1. අම්මගේ නෙවෙයි මාමගේ

      Delete
  11. දැං එතකොට ඔය බයිසිකලේක ගිහින් කාගෙ හරි ඇඟේ හැපිල හැපුන කෙනා මලොත් හරි, වෙන වටින කියන වාහනේක හැපිල එක කුඩේ කුඩු උනොත් හරි, වන්දි විදියට දෙන්නෙ බයිසිකල්කාරයගෙ ඈස් චාර්වෙද?

    ReplyDelete
    Replies
    1. පොලීසියේ තීරණය මත තමයි සියල්ල සිදුවෙන්නේ. බයිසිකල් බාරදෙන උත්සව වලදීම කියනවලු පරිස්සමෙන් හෙමින් යන්න කියලා. හැප්පුනාට පස්සේ බයිසිකල් කාරයාගේ/කාරිගේ ඈස් ඉතුරු වෙයිද මන්දා හරිහමන් එකෙක්ගේ හැප්පුනොත්.

      Delete
  12. ආන්ඩුවේ වාහන එහෙකටවත් ඉන්ෂුවරන්ස් නම් නෑ.. ලයිසනුත් ඒ වගේම වෙන්න ඇති.. අපේ ඥාති කොස්සෙක් ගෑණියෙක් යටකරලා මරලා දැන් නඩුවට යන්නේ ඌගේ අතින් වියදම් කරගෙන.. ඕන් ආන්ඩුවේ වැඩ..

    මගේ සුද්දෝ දෙන්නගෙන් බේරෙන්න බෑ මොකක්ද මේ කියලා බලන්න ඕන කියලා. නුවර මෝටර් සයිකල් බෙදනවා.. අම්බානට පෝලිමේ.. මූණු ටික කිරි හට්ටි වගේ.. ඇයි යකෝ නිකන් දුන්නා වගේ නේ.. නිකන්ම ඉඳලා පඩියි.. දැන් නිකන්ම වගේ මොටෝ සයිකලෙයි.. මුන් ඉතින් මහින්දට නොදි.. වෙන කාට දෙන්නද.. ගෙවල් වල බුදු හාමුදුරුවෝ ගාව පොටෝ එක එල්ලලා.. උදේ හවා වඳිනවා ඇති.. මට දුක අපිටත් මෙහෙම නොදෙන එකා.. අපේ මහ රජතුමා දෙවියෝම රැක දේවා...

    අර උඹ ගොඩක් මහන්සියෙන් ලියනවයි කියපු ලිපියද මේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං මෙව්වා ආණ්ඩුවේ වාහන නෙවෙයිනේ. පුද්ගලිකව බාරදෙන එව්වානේ. ඒකනේ පුරස්නේ.

      සුද්දන්ට කිව්වේ නැද්ද බලාපල්ලා මෙන්න මේක තමයි අපේ රටේ තියන ඈස් චරියාව කියලා.

      මේ අර ලිපිය නෙවෙයි. කොන්ද කැඩෙනවා ඒක ලියන්න ගියාම.

      Delete
  13. හැබෑටම මාස තුනෙන් පස්සෙ ලයිසන් ඉන්සුරන්ස් කඩදාසි හම්බ්වෙයිද? චන්දෙ ඉවරවෙලා ඕව ආපහු පොලොසියට ගන්නවා කඩදාසි නැතුව පැද්දා කියලා. අන්තිමට වෙන්නෙ ගහපු කතිරෙත් නෑ...බයිසිකලෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා තේරෙනකොට පෙරහැර ගිහිං ඉවරයි. හැමදාම වෙන්නෙත් ඒකමනේ.

      Delete
  14. අනේ අර පොල් බෑ දෙක මාර ලස්සණයි. :D

    ReplyDelete
    Replies
    1. මෙච්චර වැදගත් ලිපියක් මෙයා දැකපු දේ ඩි ඩී...

      Delete
    2. කියලා වැඩක් නෑ පොඩ්ඩි. ඔයාලගේ ගෙදරටනං දවස් දෙකකට ඇතිවෙන්න පොල් තියනවා ඒ බෑ දෙකේ.

      Delete
  15. ලයිසමනම් යකාට පල්ච්චාවෙ. ඒක නිකන් මේ ආණ්ඩුව පෝස්ත් කරණ කොල කෑල්ලක් විතරනෙ.. ඒත් ඉන්ශුවරන්ස් ! ?

    අනිත් එක ඇයි ආණ්ඩුවෙ උන්ට විතරක් !? අපි කිරෙන් බාල වෙලාද ? ආණඩුවෙ අති බහුතරයක් අයිස් ගගහා / ජරාව කකා පින් පඩි කෙලිනකොට අපියි මෙතන මැරීගෙන වැඩ කරලා රට ගොඩ දාන්නෙ... හහ් වරෙන්කො චන්දෙ ඉල්ලන්න...

    ReplyDelete
    Replies
    1. මමත් අහන්නේ ඒක තමා. රක්ෂණයක් නැතුව කොහොමද වාහනයක් පාරේ දුවන්නේ? කෝ මේ රටේ නීතිය? රටේ නීතිය පාලනය කරන්නේ දේශපාලක අම්බරුවොද?

      පෞද්ගලික අංශයේ අය මතක තියාගන්නවලා කටුනායක දී දුන්නා මදිද? මීගමුවේ ධීවර උද්ඝෝෂණයට දුන්නා මදිද? රතුපස්වල සැර මදිද?

      Delete
  16. //"නෝනා මොකටද මහත්තයට දෙන්න ගියේ කියලා"// දැන් කාට දෙන්න කියලද පොලිසියෙන් කියන්නේ එතකොට .... විචා මාමේ දෑවැද්දට බයිසිකලයක්වත් දෙනවද :P

    ReplyDelete
    Replies
    1. නෑ....., නෑ....., දෙනවා තඩි ක්ලේමෝ එකක්, එකේ උඩ නැගලා බොට අස්සයා පදින්න. :P

      Delete
    2. ඔන්න ඉතිං නෝනා පොලීසියේ මහත්තැන්ලට වත් දුන්නා නම් (බයිසිකලේ යකෝ බයිසිකලේ) නො කේස්.

      මම දෑවැද්දට දෙන්නේ යුද්ධ ටැංකියක්.

      @ නිමෝ. මම උඹ ගැන සලකා බලන්නං බෑනෝ.

      Delete
    3. දෑවැද්දට යුද්ධ ටැංකියක් ??? එළකිරි ...පත්තරේට ගැහුවහැකි කුඩු වෙන්නම . :l

      හපොයි අහිංසක නිමෝ .... :P .. ඌටනම් බයිසිකලේ හොඳයි ,මොකද බියර් කාලක් ගැහුවත් බයිසිකල් සර්කස් ... :D

      Delete
    4. අඩොව් ඉවාන්... බියර් ගහලා බයිසිකලෙන් සර්කස් පෙන්නලා නෑ යකෝ. ලැජ්ජා කරන්න එපා.

      Delete
  17. විචාරක මචං...දැන් ඔය බයිසිමොටෝ දෙනකොට ඉතරක් ඔහේට ඔච්චරම මල පනින්න හේතුව මොකෝ හැබෑවට..
    ඔය ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් දෙනවානේ බයිසිමොටෝ හම්බවෙන ඈයොන්ගේ බොසාලට එහෙම ..උන් ඒවා විකුනනවා නේද?

    අනිත් එක දැන් එක ගෙදරක බයිසිමොටෝ දහයක් තිබුනත් මොකද වෙන්නේ...අපි උස්සන් ඉන්නව කියලය මොකෝ...

    නිකන් හම්බවෙච්ච එකේ ලයිසොමයි රක්ෂණේයි තමන් සල්ලි දීලා ගත්තා නම්නේ හොඳ...

    ඕකම වෙන්ටෑ අර මරා හැම අයවැය කථාවම සියඹල කථාවෙන් ඉවර කරන්නේ...

    ReplyDelete
    Replies
    1. කිසීම මල පැනීමක් නැත. ඊයේ හවස, මේ ජාතියේ බයිසිකලයක්, කුරුණෑගල ඉස්පිරිතාලේ ළඟ, අලුත්වැඩියා කරමින් තිබෙන පාලම මතදී, මගේ වාහනයේ හැපෙන්න ගිහින්, මට සිදුවුනා භයානක වෙට්ටුවක් දාලා, ඒ බයිසිකලේ බේරන්න. ඒ බයිසිකලය පැදපු නෝනා, ඔන්චිලි පදින ආකාරයටයි බයිසිකලය පැද්දේ.

      ඩියුටි ෆ්‍රී වාහන ගැන මගේ ප්‍රතිපත්තිය මේකයි. මැති ඇමතිවරුන්ට හෝ ත්‍රිවිධ හමුදාවේ/පොලීසියේ ලොක්කන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට ඩියුටි ෆ්‍රී වාහන අවශ්‍ය නැත. යුද්ධයෙන් ආබාධිත වූ සෙබළුන්ටත්, යුද්ධයෙන් ආබාධිත වූ සාමාන්‍ය ජනතාවටත්, රෝගී තත්වයන් සහ හදිසි අනතුරු වලින් ආබාධිත වූ අයටත්, ඩියුටි ෆ්‍රී වාහන ලබාගැනීමට බලපත්‍ර දියයුතුයි. පිටරට රැකියාවකින් උපයාගත් මුදලෙන් ගෙන එන වාහන, බදුවලින් නිදහස් කලයුතුයි. පිටරටින් කොටස් ගෙන්වා, ලංකාවේදී එකලස් කරන වාහන වලට, බදු අයකලයුත්තේ, පිට රටින් ගෙන එන කොටස් සඳහා රේගු ගාස්තුව පමණි.

      ගෙදරක බයිසිකල් දහයක් තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගෙනා බයිසිකල් හයකුත් එක්කයි. එව්වා පාවිච්චි කරයිද හොරට විකුණා තවත් ලාබ ලබයිද? පුෂ් බයිසිකලයක් ගන්න සල්ලි නැති දුප්පත් පාසල් ළමුන් රාශියක් මේ රටේ ඉන්නවා.

      ෆිනෑන්ස් සමාගම් වලින් දෙනවාට වඩා අඩු පොලියකට මේ බයිසිකල් දුන්නානම් සාධාරණයි.

      Delete
    2. ෂෙෆාකි.......විචාරක කියනවා වගේ මේ දේවල් දෙන එකේ කිසිම වරදක් නැහැ. අපි උස්සන් නොහිටියාට මේ යටින් වැටෙන බර උස්සන් වෙන්නේ රටට. මචං මේවාගේ තියෙන විවෘත භාවය තමයි වැදගත්, එතකොට අපිට හිතාගන්න පුළුවන් උස්සන් ඉන්නවාද බිමින් තියනවාද කියලා.

      Delete
    3. අනිත් එක තමයි මචෝ.....මේ මරාගේ බොහෝ ව්‍යාපෘති දේශපාලනික ව්‍යාපෘති වීම. බොහෝ දේ ජාතික ව්‍යාපෘති තුලින් ජාතික ආර්ථිකය නංවන එවා නොවේ. මෙතනයි වැරැද්ද. ඒ වැරැද්ද දිගටම ගෙන ගියොත් පාඩුව මරාට නොවේ රටටයි. මරා යන්න යයි. වෙන මොකා ආවත් මේවා දරන්න වෙන්නේ රටටයි. ජාතියටයි. ආර්ථිකය විතරක් නෙමේ හැම ක්ෂේත්‍රයම ඒ අගාධයට පත්වෙලා. විදේශ සේවයේ මෑත නිදසුන් මදිද..අනිකුත් ක්ෂේත්‍ර ගැන කියන්න නම් බොහෝ දේ තියෙනවා.

      Delete
  18. රජයේ සේවකයින්ට ඉතින් රජයෙන් සලකන්න එපාය.... :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දෙකුත් ළඟ එනවානේ.

      Delete
  19. //නෝනලාට හම්බවෙච්චි බයිසිකල් මහත්තයා හැන්දෑවට දෙකක් දාලා පැදලා//

    ඕං අපේ උන්දැත් පෝං කොල එහෙම පුරෝලා මට බයික් කට්ටක් අරන් දෙන්න ට්‍රයි එක.. මේ ටික කියෙව්වොත් නං සුනේ සුං ...

    විචාරකතුමා.. චන්දේ නොදුන්නත් නරකම නැති වැඩක්.. බලමු අරගෙන දෙකක් දාං රව්මක් ගිහිල්ලම..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෝනලා පදින බයිසිකල් මෝස්තරේට කියන්නේ 'ඩිවෝස්' කියලා නේද?

      ගන්ඩ ගන්ඩ, නිකං දෙනවානං වැදෑමහ උනත් කමක් නැහැ, කැන්ද කොලේක ඔතලා අරං එන්ඩ.

      Delete
  20. මේ ඔව්වට බැනල වැඩක් තියේයැ විචා.කොහොමහරි සයිකලයක් දෙකක් ෂේප් කරගන්න බලනව මිසක.

    ReplyDelete
    Replies
    1. වැල යන අතට මැස්ස ගැහීමේ ක්‍රමය ඉගෙන ගන්ඩ බැරිවෙච්චි එකේ විපාක තමා මේ.

      Delete
  21. විචා කියනවා වගේ මේ දේවල් ලැබෙන එකේ කිසිම අප්සට් එකක් නැහැ. නමුත් මේවාගේ යම්කිසි නිවැරදි පිලිවෙලක් තියෙන්න එපැයි. මට කවුද කිව්වා මේ වාහන ගත්ත කම්පැනි එක්කත් ලොකු ඩීල් එකක් තියෙනවා කියලා ලොක්කන්ට. ගත්ත වාහන ප්‍රමාණයත් එක්ක බැලුවාම රුපියල් දාහක් තියාගත්තත් සෑහෙන්න මුදලක්.

    මේ මාස තුනක් රක්ෂණයක් නැති එකේ තේරුම කුමක්ද...


    විචා...රජ පවුල සහ ඥාතීන්ගේ වාහන ප්‍රද්‍රශනේ කෙරුවොත්, ඒක මොන වගේ තියෙයිද...මට මතක්වුනේ ඩඩ්ලි සේණානායක ලොක්කාව.

    ඈස් චර්යාවද...ඇස් චර්යාවද (ඇහැට සොමියද ) මන්දා....

    විචා...මේ බ්ලොග් එකේ සමහර වෙලාවට අනවශ්‍ය වෙබ්සයිට්ස් ඇරෙනවා. පොඩ්ඩක් බලන්න,

    ReplyDelete
    Replies
    1. ජීවිතේ දුකසේ ගෙනියන රජයේ සේවකයන්ට මෙවැනි සහනයක් දීම හොඳයි. නමුත් රටේ නීතිය බල්ලට දාලා දේශපාලන තීන්දු අනුව කටයුතු කිරීම රටේ පිරිහීම පෙන්වන ලක්ෂණයක් හැර වෙන මොකක්වත් නෙවෙයි. මේ බයිසිකල් ඉන්දියාවෙන් ලංකාවට රජයෙන් රජයට ප්‍රතිපත්තිය යටතේ ගෙනාවාද නැද්ද යන්න මමත් දන්නේ නැහැ. එහෙම නොවුනා නම් ලොකු කොමිස් සෙල්ලම් මේක යට තියනවා සිකුරුයි.

      අලියා ගන්න පුළුවන් හෙණ්ඩුව ගන්න බෑ කියලා කියමනක් තියනවනේ. බයිසිකලේ ගන්න කෙනාට කිව්වනම් ඉවරනේ ඔයාගේ වියදමෙන් ලයිසන් ඉන්ෂුවරන්ස් ගන්න කියලා. බයිසිකල් බෙදන්නේ මහා උත්සව තියලා. එතනටම ලයිසන් ඉන්ෂුවර් ඔෆිස් එකක් ගෙනාවනම් ඉවරනේ. මට හිතෙන්නේ මෙතන මොකක් හරි හොරයක් තියනවා.

      රජ පවුලේ වාහන ප්‍රදර්ශණය කරන්න කවුරුවත් දන්නේ නැතුව ඇති රජ පවුලේ ප්‍රයෝජනයට ගෙනාපු වාහන කොච්චර තියනවද කියන එක.

      මගේ අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වලාද එහෙම නැත්නම් මගේ අතින් යම් වැරැද්දක් වෙලාද දන්නේ නැහැ වෙනත් අඩවියක් එක්ක පැටලෙන්නේ. මගේ බ්‍රව්සරයේ පොපප් බ්ලොකර් ඒකෙන් එය බ්ලොක් කරන නිසා දැනට මටනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ගැන දන්නා කෙනෙක් මට උදව් කරන ලෙස ඉල්ලනවා.

      Delete
    2. තුවක්කු මානන අයට අපි උදව් කරන්නෑ.. ඕ යේස්..

      අවුලක් වෙන විදියෙ ගැජට් මුකුත් ඇත්තෙන් නෑ. මට කවදාවත් එහෙම වෙලත් නෑ..

      Delete
    3. විචාරක තුමා,

      පොඩි ඉවක් වැටුනා මට. සජීවී සබඳතා වලට අදාල ස්ක්රිප්ට් එක අයින් කරල බලන්න.

      Delete
    4. ස්තුතියි චන්දන කරලා බලන්නම්.

      Delete
    5. හරිගියේ නැහැ චන්දන. මේ ප්‍රශ්නය ගූගල් ක්‍රෝම් එකෙදිනම් පොපප් බ්ලොකර් ඒකෙන් බ්ලොක් වෙනවා. නමුත් ෆයර් ෆොක්ස් එකෙදි තවම තියනවා. මට හිතාගන්න අමාරුයි මොකක්ද කියලා. මැල්වෙයා/ඇඩ්වෙයා ස්කෑන් එකටත් අහුවෙන්නේ නැහැ. ඇඩ්බ්ලොක් එකටත් අහුවෙන්නේ නැහැ.

      Delete
    6. මං දවල් ආව වෙලේ දැක්ක ඒ ස්ක්‍රිප්ට් එකේ තිබුනු ලින්ක් එකකින් වෙන ලින්ක් එකකට රිඩිරෙක්ට් වෙනව වගෙ. එහෙනම් ඒක නෙවෙයි අවුල. අපරාදෙ අර ගැජට් එකත් අයින් කරන්න වුනා ඒකෙන්. :(
      (මාත් මේ බාස් වැඩක් කරල, යන ගමන් බලල යන්න ආවෙ. ඒකයි මූණ නැත්තෙ.)

      Delete
    7. ඒ ගැජට් එක දාගැනිල්ල නම් එච්චර අමාරු නැහැ චන්දන. මේ මගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.

      Delete
    8. පොඩි පොඩි අදහස් ටිකක් නම් තියනව මට. ඒත් 'දුර සිට' තීරණය කරන්න අමාරුයි. ම්ම්ම්... අර වර්ඩ් ප්‍රෙස් එකේ පින්තූරයක් වෙනම බලන කොට ඇඩ් වැටෙන්නෙ කොහොම ද ? ඉබේ එන එකක් ද, නැත්නම් දාගන්න එකක් ද ?

      Delete
  22. උඩ ඉදලම නිතිය බල්ලට ගිය රටක ඒ ගන්න සොමිය රටේ පොඩි මිනිහාටත් පොඩ්ඩක් දෙන්න හිතෙන්න ඇති ලොක්කට,මං නම් අත් දෙකම උස්සලා මේ වගේ එවට කැමැති මොකෙටේ රටේ නිති....රක්සෙනේ මහින්ද මාමි ඉන්නකම්ම ගන්න ඕන නෑ කිව්වා නම් කොමද ?

    ReplyDelete
    Replies
    1. මාමට බාගෙට පිස්සු. අපිට හොඳටම පිස්සු :e

      Delete
  23. ලේ කෝප වෙන ඒවා නොලියා අර ලිපි පෙල ලියලා ඉවර කරමු.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා වෙනුවට, - එළද බ්‍රා -

      Delete
    2. ලියන්නං ලියන්නං, මේ දවස්වල ලියමින් ඉන්න අතෙරෙනේ මේ මොළ කොලොප්පම් වෙන බයිසිකල් කෙලිය වුණේ.

      Delete
  24. කොහෙන් හරි ඔය ස්ටිකරේ විතරක් හොයා ගන්න බැරිද දන්නෑ.!

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ට් කොරමු මචන්

      Delete
    2. රජයේ කාර්යාලයකට ගියොත් එකක් ගලවගන්න පුළුවන් වෙයි :e

      Delete
    3. @ප්‍රියා/ නිමෝ
      බයිසිකලයක් හම්බවෙච්ච කෙල්ලෙක් යාලු කරගත්තොත්?

      Delete
  25. ඔය ඡායා රෑපයේ ඉන්නේ චිචාරක නෙමේ ,කළුතර මහ දිසාපති යූ.ඩී. සී. ජයලාල් මහත්මයා. දක්ෂ නිලධාරීයෙක්. බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ලංකාවේ හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යලයක් කළෙත්. අම්බලමක් වගේ තිබුන බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද තිබෙන දර්හණිය තත්ත්වයට ගෙන ඒ මට මුල් වූයේත් එතුමායි. කිහිපවතාවක්ම දේශපාලන උදහසට ලක්වී මාරුවීම ලැබූවත් පසුන කළුතර දිසාපති ධූරයට තම රාජකාරී කාර්යන්ට දක්වන නිපුනතාවය මත පතවූවෙක්.
    වාහනයේ අයිතිය රජයට පවත්යි නම් රක්ෂණය අනිවාර්ය නැහැ.හමුදා වාහන රක්ෂණය කරලාද පාරේ දුවන්නේ මිනිස්සුත් යට කරගෙන මාර්ග නිති කිසිවක් නොතකා. ක්ෂේත්‍ර නිලධාින්ට යතුරුපැදියක් වත් නැතුව රාජකාරී කරන්න ඉතා අපහසුයි. ඒක නොදැන වෙන්න බැහැ. කලිනුත් ප්‍රසිද්ද්දනොවුනාට යතුරුපැදි දුන්ා 50% නිලධාරීයා ගෙවිය යුත යන පදනමින් රක්ෂණ , ආදායම් බලපත්‍ර හා නඩත්තු වියද්මද ඇතුළුව. මිට ඉහතද විවද ව්‍යාපෘති මඟින් රජයට අයිතිය තබාගෙන යතුරු පැදි ලබා දුන්නා ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතිකය නැතිව. හැබැයි එතනදි අංක තහඩු හා අයිතිය සනාථ කරමින් අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියක් නිකුති කරන ලද අතර පසුව විධිමත්ව ආදායම් සහතික ලබා දුන්නා.
    මට පෙනෙන දෙ තමයි ඔබ ලියා තිබෙන්නේ ද්වේශයක් ඇතිව. ඔබ නිවාඩු පාඩු වෙලාවක කොලඹ ආනන්ද , රාජකීය, නාලන්ද විදුහල් අසලට පැමිණ බලන්න හමුදා අංක තහඩු සහිත ිවාහන කොපමණ ළමයි ගෙන යන්න එනවාද,පසල් ට්යෂන් පන්ති ඇරෙන කල් නවත්වි තිබෙනවාද, නොනලා ෂොපින් යනවාද කියලා. මේක ඇත්තටම හො ඳ වැඩක්. බයිසිකල් 06 අනාගතයේදී පුවල් 03 කටවත් යාවි.හොඳ දෙය හොඳ ලෙස දක්න්න. ක්‍ෂේත්‍ර නිලධෘරීන් ගමන් පහසුව සපයා ග/ැවනිමේදී හා රාකාරී කටයුතු වලදී කොතරම් අපහසු තාවයට පත් වෙනවාද යන්න මම අතිදැකීමෙන්ම ද්නනවා. එබේ දියණියත් ක්‍ේසත්‍ර නිලධාරෟයෙක් නම් ඇයටද මෙම දිමනාව ලැබැලා ඇති . නැතිනම් ඉද්රියේදි ලැබෙයි. මාම ඇඩ් ගහව්. කොයි මාමා හිටියත් ඒක වෙනවා . ඒවා නැතිවිය යුතුයි .නමුත් නවත්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ගෙට් යුවර් ෆැක්ට්ස් කරෙක්ට් ෆස්ට් ඇනෝ මචං.. ඉහළ නිළවල ඉන්න හමුදා නිළදාරීන්ට වාහන දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කිසිම 'ස්ටාෆ්' වාහනයක් ලියාපදිංචි නොකල අංක තහඩු නැති ඉන්සුවරන්ස් නැති වාහන නොවෙයි. පරිපාලන හා හඳුනාගැනීමේ පහසුව පිණිස යුහ, නාහ හෝ ගුවන් යනුවෙන් හමුදා අංක යටතේ ධාවනය වුවත් ඒ වාහන සියල්ලම රටේ පොදු ප්‍රවාහන නීතියටත් අදාල හමුදාවේ වාහන සම්භන්ද සියලු නීති රීති වලටත් යටත්. එහෙම බැලුවම හමුදා වාහන වලට නීති වැඩියි. අනික පිළිගත් රියදුරු බලපත්‍රයක් සහිත අයෙකුට වුවත් හමුදා වාහනයක් පැදවීම සඳහා සේවා රියදුරු බලපත්‍රයක් (service driving licence) ලබා ගත යුතුයි. ඔබ සටහන් කර ඇති පරිදි පෞද්ගලික වැඩ සඳහා 'ස්ටාෆ්' වාහන භාවිතා කලත් ඒ දැඩි නීති සීමා යටතේ පමණයි. නැතුව 'අපි මාමට' කියල බෝඩ් එකක් එල්ල ගත්තම පදින්න පුළුවන් මේ කියන බයිසිකල් නීති වගේ නෙවෙයි. ඇත්තටම ද්වේශයක් එනව ඕනෙම රටට ආදරේ කරන මිනිහෙකුට මේ යන 'සිස්ටම්' එක ගැන නම්..

      Delete
    2. @ AnonymousOctober 16, 2014 at 11:12 AM

      මහත්මයාණනි, අර පින්තූරයේ ඉන්නේ මම නොවේ කියා ඔබ ඉතා විශ්මයජනක ලෙස සොයාගැනීම මාගේ බලවත් විමතියට හේතුවිය. මේ පිළිබඳව මහත්මයාට ඇති ශක්‍යතාව සැබැවින්ම පුදුමාකාරය. බ්ලොග් අඩවි වල සිදුකෙරෙන හාස්‍ය ජනක අදහස් දැක්වීම්, මේ පින්තූරයේ ඉන්නේ අරයා නේද කියා සරල විහිළුවක් කර අහිංසක සතුටක් ලැබීම වැනි දෑ මහත්මයාට තවම හුරු නැති නිසා මා කුමක් කරන්නද?

      පින්තූරයේ ඉන්නේ කවුද, කරන්නේ/කරලා තියෙන්නේ කුමක්ද යන්න, ප්‍රස්තුතයට අදාළ නැත. මා ලියා තිබෙන්නේ ඔවුන් ගැන නොවේ. මහත්මයා මෙපමණ වේදනාවකට/භ්‍රාන්තියකට/කම්පනයකට/චිත්ත විප්‍රයෝගයකට/ පත්වීම ගැන කණගාටුයි.

      රජයේ හෝ හමුදාවේ වාහනයකට මිනිසුන් යටකරගෙන ධාවනය කරන්න අයිතියක් නැත. නමුත් යුද්ධ ටැංකි වලට අයිතියක් ඇත. ඒ බව නොදන්නේ නම් යුද්ධ ටැංකි ගැන මා ලියා ඇති ලිපිපෙළ කියවීමෙන් තමා තුළ ප්‍රඥාව පහළවනු ඇත.

      "මට පෙනෙන දෙ තමයි ඔබ ලියා තිබෙන්නේ ද්වේශයක් ඇතිව" මේ වාක්‍යය පැහැදිලි නැත. මහත්මයෝ, මේ ජාතියේ බයිසිකලයක් දින කීපයකට පෙර මගේ වාහනයේ හැපෙන්න ගිහින් නූලෙන් බේරුනා. ඒ බයිසිකලය පැදපු නෝනා ඔන්චිලි පදිනවා වගේ බයිසිකලය පැද්දේ. ඒ කියන්නේ රැල්ලට මෙව්වා ගත්තට තවම පදගන්නවත් බැහැ. කුරුණෑගල මේ බයිසිකල් බෙදීමේ උත්සවය අවසානයේදී පිටියෙන් ඉවතට ගෙනයන්න ගිය බයිසිකල් කීපයක් එක්කෝ හප්පාගත්තා. නැත්නම් පෙරලාගත්තා. මම කියලා නැහැ මේ වැඩපිළිවෙල වැරදියි කියලා මේ ලිපියේ කොතනකවත්.ආපහු සිහිකල්පනාවෙන් ලිපිය කියවා බැලීම යෙහෙකි. මම කියන්නේ රටේ නීතියට අනුව රක්ෂණය සහ ආදායම් බලපත්‍රයද සහිතව මේ බයිසිකල් පාරේ ගමන් කලයුතුයි කියලයි. ඇයි මහත්තයෝ විචක්ෂණ භාවයෙන් තොරව සම්ඵප්‍රලාප දොඩවන්නේ? හිතට දුකද මාමා ගැන? ඔහොම තමයි කාටත් කළකම් පළදෙනවා (මමත් ඇතුළුව)

      අනේ මහත්තයෝ ඇයි නොදන්න පුකවල් ගැන කතාකරන්න යන්නේ. හමුදාවේ මාණ්ඩලික රථ පිළිබඳව කිසිම දැනීමක් නැතිව, මේ විදිහට, තමන් පුස්සෙක් බව ඇයි ප්‍රසිද්ධියේ පෙන්වන්නේ. මාණ්ඩලික රථ ලාබාදී තිමෙන්නේ හමුදා නීතියට අනුකූලවයි. ඒවා පදවන්නේ හමුදා රියදුරන්. එම රථවලට අදාළ නීති සමුදායක් තිබෙනවා. ඒවාට අනුගතව තමයි ළමුන් පාසල් ගෙනයන්නේ, නෝනලා ෂොපින් සහ මාර්කටින් යන්නේ, නෑ දෑ ගෙවල් වල සහ අනෙකුත් අදාළ ගමන්බිමන් වල යෙදෙන්නේ. තමන්ට ඕනෑ ඕනෑ විදිහට පිසූ කෙලින්න බැහැ. කොළඹ නගරයේ හමුදා වාහන ගොඩක් තිබීම මගේවත් ඔබෙවත් වැරැද්දක් නෙවෙයි නේද? මොනවා කරන්නද මහත්තයෝ එව්වා මහත්තයාට නොලැබුනාට. මම බැඳිලා නැහැ ඒ නීති රීති මහත්තයාට කියලා දෙන්න. හැබැයි මහත්තයාට මෙහෙම කරන්න පුළුවන්. මහත්තයා හිතනවානම්, මේ වාහන පාවිච්චි කිරීම අසාධාරණයි කියලා, සේනාධිනායක අතිගරු ජනාධිපති උතුමාණන්ට පැමිණිලි කිරීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබෙනවා. (ජනාධිපතිතුමාට යවන ලිපියකට මුද්දර අනවශ්‍ය බව මහත්මයා දන්නවා ඇති. නොදන්නේ නම් අදවත් දැනගන්න)

      අනේ මහත්තයෝ මගේ දියණිය මේ වගේ සීනිබෝල වලට අහුවෙන්නේ නැති එක මේ වැඩපිළිවෙලේ තියන ලොකුම දුර්වල කමකි.

      Delete
  26. AnonymousOctober 16, 2014 at 11:12 AM, කරුණාකර පහත කරුණු ගැන පැහැදිලිකිරීමක් කල හැකිද?

    1. ඔබ කියන්නෙ ලංකාවෙ මෝටර්වාහන පනත අනුව රජයේ වාහනයකට රක්ෂණය නැතිව මාර්ගයේ ධාවනයට ඉඩ දීම නීත්‍යානුකූලයි කියලද?

    2. මෙහිදී රථය සම්පූර්ණයෙන්ම අනතුරට පත් වුනොත් ( කන්ඩම්) අලාභය රජයට නේද?

    3. රක්ෂණයක් රජයේ නැති රථයක් සමග වෙන අනතුරකදි නීත්‍යානූකූලව වින්දිතයාට අලාභය ගෙවන්නේ කුමන ප්‍රථිපාදන යටතේද?

    ReplyDelete
    Replies
    1. 01.මානුෂිකව නැහැ. නමුත් නීත්‍යානුකූලයි. හමුදා වාහන, අමාත්‍යාංශ ලේකම් නිල නමට ඇති වාහන අත්‍යාවශ්‍ය නැහැ.
      02. පදවන්නා විසින් වගකිම දැරිය යුතුයි. රජයේ වාහන මුහුණ පාන සෑම සුළු හෝ අනතුරක්ම පොලීසියට වාර්තා කළ යුතුයි. එහෙම නොකොලොත් රියදුරට හා වාහනය බාර නාලධාඍියාට විරුරද්ධව පියවර ගත හැක. නඩු විභාගයෙන් පසු වගකීම කාටද යන්න තීරණවො. ඊට අමතරව දෙපාර්තමේනතු පරෟඛෂන වලටද මුහුණ දිය යුතුයි.
      03. නඩු විභාගයෙන් අධිකරණය තීරණය කරනවා.ඔබ දන්නවා ඇති ඇතැම් අනතුරු වලදී රක්ෂන වන්දි පවා ලැබෙන්නේ නඩු වභාගයෙන් පසු ව බව.
      කල්‍යාන මිත්‍රයා.
      ඔබ කිව් දේවල් සියල්ල හරි.
      නමුත් මහත්යො ඇවිත් පාරේ බලන්න. එහෙම වෙන්නේ කෙහෛාමද?
      නාරාහේන් පට ඉඳන් එන කුලයට ගත්තු පුද්ගලික බසයක අඩින් ගහලා තියෙනා ARMY කියලා. යන්නේ පාරේ ඉර දෙපැත්තේ රෝද දෙක හිටින විදිහ‍ට.මොනවා කරන්නද පොලීසියටත් අකන්තයි. මාර්ග විනය ඇත්තේම නැහැ.එලවන්නේ සිවිල් රියදුරෙක්.අල්ලන්නෙත් නැහැ.හැදේනනේත නැහැ.ඌවත් ආමි උණ. හමුදාවේ වාහන (හමුදාවටම අයිති වාහන නලට රක්ෂණය කරලාද යන්න පැහැදිලි කරන්න විචාරක මහතාට දෙමු.

      Delete
    2. හමුදා වාහන රක්ෂණය කරන්න බෑ නේද ලියාපදිංචියක් නැතිව.. හැබැයි වර්තමාන හමුදාපති වරයා දුම් පරික්ෂාව කළ යුතුයැයි නාමික නීතියක් පණවා තියෙනවා..

      Delete
    3. @ Anonymous October 16, 2014 at 2:55 PM

      ඔබ ඔය කියන බස් රථය කොම්පඥ්ඥවීදියේ ආරක්ශක සේවා විදුහලට ළමුන් රැගෙන එන එකක් විය යුතුයි. ඇත්තටම ආර්මි උණ නැත්නම් ෆෝසස් උණ කියල එකක් ෆෝසස් ඇතුලෙ නෑ. වැරැද්දක් කරල අහු උනොත් 'බඩුම' තමයි. ඉස්සර යුද්ධෙ තිබ්බ කාලෙනම් සමහර නිළධාරීන් තමන්ගේ 'කොල්ලො' වෙනුවෙන් ඉදිරිපත් උනා ගේමට. ඒත් දැන් එහෙම එකක් නෑ. තමන් හිසට තම අතම පමණයි. පොලීසියෙන් හමුදා වාහන වලට නීතිය ක්‍රියාත්මක කරන්න සමහර අවස්ථාවල පසු බසින එකනම් ඇත්ත. ඒත් ඒක හමුදාවේ වැරැද්දක් නෙවෙයි කලකට පෙර අපේ රටේ හමුදාව ගැන තිබ්බ ගරුත්වයේ ප්‍රථිපලයක්. ඔබේ මේ හමුදා ප්‍රශ්නයයි විචාරක තුමාගේ මේ පෝස්ටුවයි එකිනෙක සම්භන්ද වෙන්නෙ මං හිතන්නෙ විචාරක තුමා හිටපු හමුදා නිළධාරියෙක් වීමෙන් පමණයි. එහෙම නැතුව එතුමා කියන දේයි හමුදා වාහන අතරෙයි වෙන සම්භන්දයක් නෑ. ඔබ කියන සමහර කාරණා මමත් පිළිගන්නව. ඒත් විචාරක තුමා හමුදා නිළධාරියෙක්ය කියන කතාව අත ඇරල බැලුවොත් මේ කතාව ඔබටත් වෙනස් විදියකට පෙනෙයි. ස්තූතියි.

      Delete
    4. රජයේ වාහන රක්ෂණයකින් තොරව ධාවනය කිරීම අතිශයින් අසාධාරණයි. ඒ නිසා අනතුරකදී ගැටළු මතුවෙනවා. හමුදා වාහන රක්ෂණය නොකරනවා නොවේ. කිසිම රක්ෂණ සමාගමක් කැමති නැහැ හමුදා වාහන රක්ෂණය කරන්න. මොකද යුද්ධයේදී ඒවා විනාශවීමේ ප්‍රවනතාව ඉතා ඉහල නිසා. රජයේ වාහන ඉහල පෙළේ මාණ්ඩලික නිලධාරීන් විසින් තනිවම පදවාගෙන ගොස් බීමත්කම සහ/හෝ නොසැලකිල්ල නිසා හප්පාගෙන, ඉන්පසු එය නොවැලක්විය හැකි හේතුවක් නිසා රථයේ නියමිත රියැදුරු අතින් සිදුවූ බව පවසා, ආවරණය කරගැනීමේ 'කලාව' අපිත් අත්දැක තිබෙනවා බොහෝ ප්‍රදේශ වලදී.

      හමුදා වාහනයක් නීතියට පටහැනිව ධාවනය කරනවිට එයට විරුද්ධව ක්‍රියා නොකිරීම පොලීසිය කරන බලවත් වැරැද්දක්. එවැනි වාහන කීපයකට එරෙහිව ක්‍රියාකළ ගමන් ඉබේම ඒ වැරැද්ද හරියානු ඇති. නමුත්, ඇමෑත්ත පාත්තයෝ පාර දෙවනත් කරගෙන යාම නම් කැතයි ලැජ්ජයි.

      ආමි උණ හොඳකරන්න ආමි එකත් පොලීසියත් එක්ව ක්‍රියාකළ යුතුයි. හැබැයි, නීති පිළිපැදීම (මේ කියන බයිසිකල් ලියාපදින්චියද ඇතුළුව) ආදර්ශය ලැබියයුත්තේ රටේ පාලකයාගේ සිට පහළට විනා, පහළ සිට ඉහලට නොවේ.

      Delete
  27. මොනවා කියන්ඩද සෑර් !!!!!!

    ReplyDelete
    Replies
    1. ඔය මම කියලා තියෙන්නේ කියන්න තියන ටික තමයි පත්තරේ.

      Delete
  28. අපි මාමට මාම අපිට.. මාමගේ මොලේ තමයි මොලේ.. චන්දෙ ඉවර වෙනකම්ම ගත්ත උන්ගේ ඔලුවෙ බරක් තියල.. ඒ ගමන්ම ඇඩ්වටීස්මන්ට් එකකුත් දාගෙන.. පැරදුනොත් උඹලම කෙලව ගනිල්ල ඕන් අපි නෑ කියල අයින් වෙන්ඩ.. එතකොට නඩුවක් වැටුනොත් බැරියැ ඕක තුන් හාර මාසයක් ඇදගන්ඩ ප්‍රථිපලේ එනකම්.. ප්‍රථිපල ආවට පස්සේ ඒ අනුව ඉතින් සළකල බලන්න බැරියැ.

    ඔන්න ඔය වගේ විගඩමක් කරා මට මතකයි ගිය පාර මහ චන්දෙට අපේ ගමේ සිරිපාල ගොයියා. නායක නිමල් ගේ අටට ගහපියව් කියල කොඩි උස්සගත්ත මොටෝ බයිසිකල් බර ගානක් ඒ දවස් වල උන්දැගේ රත පෙරහැරේ ගියා ගැටවු දෙන්න තුන්දෙනා දාගෙන. එකක්වත් රෙජිස්ටර් කොරල තිබ්බෙත් නෑ. පොලොස්සියෙන් ඇල්ලුවෙත් නෑ. ඇහුවම සමහරු කිව්වෙ සවුක්කිය අමාත්තියාංසෙට බෙදන්ඩ ගත්තු (බෙදපු ) එව්ව වගයක් කියල. හැබැයි තව සමහරු කිව්ව චන්දෙන් පස්සේ එව්ව ආපහු සර්විස් කරල කඩවල් වල වික්ක කියල. අනේ මන්දා හිතා ගන්ඩවත් බැරි Arseචර්ය තමායි වෙන්නේ. දෙයියෝ සාක්කි.

    ReplyDelete
    Replies
    1. ඉහල තැන් වල ඇත්තෝ හෙළුවෙන් ඉඳගෙන, ඔන්න උඹේ ජංගියේ හිලක් කියලා අපිට කියන එකත්, මාමා එකම ගැලවුම්කාරයා කියන මිත්‍යාවේ ඉන්න, 'කූප මණ්ඩුකයන්' නිසාත්, තමයි අපි මෙතරම් පිරිහිලා තිබෙන්නේ.

      Delete
  29. නිකං සන්තෝසෙ වගෙ දෙන්න හිතෙන්න ඇති. බහින කලාව ගැන හීනයක් වත් දැක්කද කවුද දන්නෙ.

    කමක් නෑ මේ අපටත් වැඩ තියන්න එපෑ, තව පරම්පරා ගාණක් යනකල්.

    ReplyDelete
    Replies
    1. චන්දන පොඩි රහසක් කියන්නද? හෙට අනිද්දට මාර (මරා) බඩුමිල පහළ යාමක් සිදුවෙනවා. මෙච්චර කාලෙකට බැරිවෙච්චි එක, එක පාරම එහෙම වෙන්නේ, ඈස් චර්යාව මිසක් වෙන මොන බිබික්කමක් නිසාද?

      Delete
  30. මැදමුලන වැඩ විසු අප මහා භාරකරුව නොහොත් ආඩම්බරකාර තාත්තාගෙ මහ නානාප්‍රකාර දන්සල ලගදිම බලාපොරොත්තුවන්න

    ReplyDelete
    Replies
    1. අද පටන් අරං, ගුරුවරු 5000 කට පත්වීම් දෙනවා කියලා ගෙන්නවාගෙන මන්දිරේ පිටිපස්සේ තියන අර මහ කූඩාරමේ දන්සැල පටන් අරං. අයියෝ සල්ලි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }