හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 October 2014

නිකං ගිහිං නිකං ආවා

z_p01-People
 මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, 'කරන්න දෙයක් නෑ' ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ.
 (පින්තූරය ගත්තේ මෙතනින් )
අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න මෙහෙමයි.

පෞද්ගලික අවශ්‍යතාවක් නිසා අද මට කොළඹ ගොස් එන්නට සිදුවුණා. ඉන්ධන වියදම් කරගෙන, ඒ මදිවට පාරේ යන වලවෙට්ටු ඩ්‍රයිවර්ලා සමග වෙට්ටු දමමින්, වාහනය පදවාගෙන, ලේ කෝප කරගෙන යනවාට වඩා, කෝච්චියේ ගිහින් එන්න හිතාගෙන හිටියේ, ඊයේ පෙරේදා ඉඳලා. නමුත්, දුම්රිය රියැදුරු වර්ජනයක් තිබෙන නිසා, ඊයේ (ඔක්තෝබර් 9) ගියේ නැහැ. දුම්රිය ගමන පහසුයි, ඉක්මන්. බස් එකේ යාම වෙහෙසයි. බස්වල දාලා තියන, සින්දු යනුවෙන් නම්කර ඇති, වමනේ යන වර්ගයේ ඝෝෂා, පිත කෝප කරවන සුළුයි. නමුත් අද වත් (ඔක්තෝබර් 10) නොගියොත්, මේ ගමන අනවශ්‍ය ලෙස කල් යනවා. එයින් තුන්වෙනි පාර්ශ්වයකට කරදරයක් සිදුවෙනවා. ඒ නිසා, අමාරුවෙන් හෝ බස් එකේ යන්න හිතාගෙන, ඊයේ නින්දට ගියා.

   නමුත් මට පාන්දර ඇහැරුණා, කර්ණ රසායන හඬකින්. ඒ කියන්නේ පාන්දර 4.33 කෝච්චිය යන සුමධුර හඬින්. :e මම වහාම අපේ ජනාධිපතිනියට කිව්වා, 'මම බස් එකේ යන්නේ නැහැ. හතරහමාරේ කෝච්චිය ගියානම්, ඊළඟට හය සහ හයහමාර කොච්චි දෙකත් යයි. ඒ නිසා මම කෝච්චියෙම යනවා' කියා. ඔන්න ඉතිං ඇඳ පැළඳගෙන ගෙදරින් එලියට බැස්සා, දුම්රියපොළට යන්න බස් එකට නගින්න. මම කියලා ඇති මීට කළින් ලිපියක, මම වාසය කරන්නේ නියම 'පතිරූප දේශයක' කියලා. මීටර් 50ක් වත් යන්න ලැබුණේ නැහැ, මගේ මිත්‍රයෙක් මාව දැකලා ඇහුවා, කොහෙද යන්නේ කියලා. මම කිව්වා කොළඹ යන්න මේ ස්ටේෂන් එකට යනවා කියලා. 'ඔහොම ඔන්න, ඔහොම ඉන්න, මම කාර් එකෙන් ගෙනිහින් දාන්නම්' කියලා, බලෙන්ම වගේ මාව එතුමාගේ කාර් එකෙන් ස්ටේෂන් එකට ගෙනිහින් දැම්මා. මට විතරක් නෙවෙයි, උදේට පාරට බහින අපේ පැත්තේ බොහොමයක් අයට, මෙවැනි සත්කාර ලැබෙනවා. තමන්ගේ දරුවන් සේ සළකා, අනුන්ගේ දරුවන්ද තම වාහනයෙන් උදේට පාසලට ඇරලවීම, තමන්ගේ දරුවන් සමග ප්‍රමාද වෙමින්, අනුන්ගේ දරුවන් සිටින පාසල් වෙත ගොස්, ඔවුන්ද දමාගෙන ඒම, (ඔව්, හවසට වැඩ ඇරිලා එන අනුන්ගේ නෝනලාත් දාගෙන එනවා. තමන්ගේ නෝනා දකිනවා, අනුන්ගේ නෝනාව, ඒ නෝනාගේ ගෙදරටම ඇරලවා එන හැටි. නමුත් එතනින් එහා කිසිදෙයක් නැහැ) දිනපතා සිදුවෙනවා.

   අම්මෝ......ස්ටේෂන් එකේ මහා සෙනගක් ඉන්නවා. දැන් මොකැයි කරන්නේ. ඔන්න ඔහේ එල්ලිලා හරි යනවා කියලා හිත හදාගත්තා. ටිකට් කවුන්ටරේ තවම වහලා, කෝච්චිය එන්ඩ තව විනාඩි 15ක් විතර තියෙන්නේ. වැඩ කරන කවුරුවත් පෙනෙන්න නැහැ. මම අඳුනන පොලිස් රාළහාමිලා දෙන්නෙක් ස්ටේෂන් එකේ ඉන්නවා නිළ ඇඳුමෙන්. මම එයාලගෙන් ඇහුවා, 'බලන්නකො ටිකට් කවුන්ටරේ වහලනේ කොහොමද ටිකට් ගන්නේ' කියලා, 'අද ස්ට්‍රයික් නේ මහත්තයා, ටිකට් දෙන්නේ නැහැ, අපි මෙතන ඩියුටි ඉන්නේ, ඔන්න ඔහේ කෝච්චියට ගොඩවෙලා යන්න' කියලා එයාලා කිව්වා. මේ වෙලාවේම, දිනපතා කෝච්චියේ කොළඹ යන මගේ යාලුවෙක් ආවා. මම මේ ප්‍රශ්නය එයාට කිව්වා. 'අයියෝ ......මහත්තයා, ඊයෙත් මිනිසු ආවේ ටිකට් නැතුව, අල්ලන්නේ නැහැ, බයනැතුව යන්න' කියලා එයා කිව්වා.

   ඔබට දැකලා ඇති නේද, ස්ටේෂමක තියන අර සංඥා උපකරණයක් තියනවා, බෙල් එකක් වදිනවා, ඊට පස්සේ අර ටැබ්ලට් කියන පිත්තල කෑල්ල එලියට එනවා. ඒක අර වලල්ලේ දාලා එන්ජිමට දෙනවා, අද මෙව්වා මොකුත් නැහැ. හිටපු ගමන් රේල් ගේට්ටුව වැහුවා. ඒ වෙලාවට වදින බෙල් එක වැදුනෙත් නැහැ. කෝච්චිය ආව, හෝන් ගහන්නේ නැහැ. අනේ........වෙනදට කට කපලා එන කෝච්චියේ සෙනග නැහැ. ඒ නිසා වාඩිවෙන්නත් ඉඩ තිබුණා. ඔන්න ඉතිං ටික දුරක් යනකොට සෙනග නොහිටියේ කෝච්චියේ වහලයේ විතරයි. හැබැයි මට බයයි, ලැජ්ජයි, කොයි මොහොතේ හෝ ටිකට් පරීක්‍ෂකවරු එයි කියලා. නමුත් ආවේ නැහැ. මම හිතාගත්තා, මගේ හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, ඔක්කොම පෙන්වනවා කොටුව දුම්රියපොළේදී. පෙන්නලා, ඇත්තම කියලා, ටිකට් එකකට මුදල් ගෙවනවා කියලා. නමුත්, මහා පුදුමයක්. කොටුව දුම්රියපොළේ ගේට්ටු හායි ගාලා ඇරලා දාලා. ටිකට් බලන අය පැත්ත පළාතේ නැහැ. ටිකට් කවුන්ටර් වහලා. මොනවා කරන්නද? මම එළියට ගියා.  

   මගේ වැඩ කටයුතු අවසන් කරගෙන, ආපහු පිටත්වෙන්න කළින්, මම අපේ ඇත්තිට ඇමතුමක් දුන්නා, 'මම දැන් ආපහු එන්න බස් නැවතුම්පොළට එනවා' කියලා. එයා උත්තර දුන්නා, 'නෑ නෑ මෙන්න රේඩියෝ එකේ කිව්වා, කෝච්චි 42ක් දිව්වා කියලා, ඒ නිසා කෝච්චියෙම එන්ඩ' කියලා  බොහොම සතුටෙන් කොටුව දුම්රියපොළට ආවා. අනේ.........උදේ වගේම පාලුයි. ටිකට් කවුන්ටර් වහලා, ඔක්කොම ගේට්ටු ඇරලා, සමහර මගීන්, පිටවීමේ දොරටු වලින් ඇතුළට යනවා. ඇතුළුවීමේ දොරටු වලින් එළියට එනවා. කාර්ය මණ්ඩලය කියලා කවුරුවත් නැහැ. පොලීසියේ මහත්තුරු දෙන්නෙක් හිටියා. මම ඇහුවා 'කෝච්චි තියනවද?' කියලා. මගේ ගමනාන්තය අහලා, එයාලා කිව්වා, 'ඔය පළවෙනි වේදිකාවේ තියන කෝච්චිය, තව පැය බාගයකින් යනවා කියලා, දැනගන්න තියනවා' කියලා. (ලැයිස්කීපරෙත් වහලා) එයාලා ඒ බව දැනගත්තත්, මොකක් හෝ හේතුවක් නිසා, ස්ථිරව කියන්නේ නැති බව පෙනුණා. මම ඇහුවා, 'ටිකට් ගන්නේ කොහොමද?' කියලා. 'ටිකට් ප්‍රශ්නයක් නැහැ, මහත්තයා යන්න' කියලා කිව්වා. මොනවා කරන්නද, මම කෝච්චියේ නැගලා ගෙදර ආවා. කෝච්චියේ එන මගීන් බොහොමයකගේ හිත සතුටෙන් පිරිලා, හිනාවෙනවා ඔක්කොම, 'හැමදාම මේ වගේ නිකං යන්න තියනවනම් මරුනේ' කියලා එක මගියෙක් කිව්වා.

   ඇත්තටම මේක සතුටට කාරණයක්ද? අපි ගමන් කළේ නිකං ද? මේ දින දෙක තුළ දුම්රිය දෙපාර්තමෙන්තුවේ පාඩුව මිලියන 100ක් විතර ඇතිලු. කවදා හෝ පොළියත් එක්ක ඒ ඔක්කොම ගෙවන්නේ, කෝච්චියේ යන නොයන, මේ රටේ මහජනතාව නොවේද? මිහින් ලංකා ගුවන් සේවයේ (සේවයේ?) මෙවර පාඩුව රුපියල් මිලියන 32000ක් කියලා අද පත්තරේක තිබුණා. දුම්රිය සේවකයෝ ඉල්ලන්නේ රු 1000 කට ටිකක් වැඩි වැටුප් වැඩිවීමක් ලු. ඇයි හත්ඉලව්වේ, මිහින් ලංකා එක මූදට තල්ලු කරලා, ඒ මකර කටට හැමදාම අයවැයෙන් ගිල්ලවන මිලියන් ගණන් සල්ලි වලින් කොටහක් දාලා, මේ ඉල්ලීම ඉටු කරලා, ස්ට්‍රයික් කරන එක දවසකට, දුම්රියෙන් වෙන මිලියන 50 කට වැඩි පාඩුව නවත්ත ගනිංකෝ.

   දුම්රිය මගීන් දෙන්නෙක් පැමිණිල්ලක් ගොනු කරලා, අධිකරණ නියෝගයක් නිකුත් කරලාලු, වහාම ස්ට්‍රයික් එක අත්හිටුවනු, වැඩට එනු, ලබන 24 වැනිදා උසාවියේ පෙනීසිටිනු, කියලා. හොඳයි, අපි මොහොතකට මෙහෙම හිතමු, ස්ට්‍රයික් කාරයෝ කියනවා, 'අපිව හිරේ දමාපල්ලා, රස්සාවෙන් අස්කරපල්ලා, අපි එන්නෑ වැඩට' කියලා. ඉතිං උන්ව අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරනවා. නමුත් කොයි අප්පොච්චිගේ පුතාලා (නොදෝකිං, ඒ ....ගෙ පුතාලට පුළුවං අවලං වැඩ විතරනේ) දාලද කෝච්චි දුවවන්නේ. අනේ සාලේ............මේ එදාවේල හොයාගන්න බැරුව, ඔලුව ගිනි අරං දුවන මගීන්, උසාවිම යයි. අපි දන්නවනේ, බේකරි තියරියවත් හරියට බැරි 'වල් ගොම' කාරයා, මිනිහගේ හෙන්චයියලා දෙන්නෙක් යවන්න ඇති උසාවියට. නැත්තං 13 වෙනිදට යාපනේ කෝච්චිය දුවනවා බොරුයි. හොඳ හම්බන්තොට හුප්පද වලින් තමයි අහගන්න වෙන්නේ, ලොක්කාගෙන්. වල් ගොමයාට එන්.කුමාරිගේ ගවුම අස්සට තමයි රිංගන්න වෙන්නේ. 

   මතකද පහුගිය කාලේ ආණ්ඩුවෙන් නිවේදනයක් කරලා තිබුණා, විවිධ වෘත්තීන්හි නියැලෙන අය, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගන්නවා කියලා. ඔන්න ඒ වැඩේ වටිනාකම ආණ්ඩුවට තේරෙන්නේ, මෙන්න මේ වගේ වෙලාවටයි. මේ කෝච්චි කාරයෝ හමුදාවට බැඳිලා හිටියානම්, එක නියෝගයකින්, ඔවුන්ව හමුදා සේවය යටතේ කෝච්චි රාජකාරියේ යොදවන්න තිබුණා. මේ කපටියෝ ඒක දැනගෙන තමා, හමුදාවෙන් අමතර පඩියක් ගන්න පුළුවන්කම තියෙද්දිත්, හමුදාවට බැඳිලා නැත්තේ. 

   තම කුජීත දේශපාලන ක්‍රමය වෙත එල්ලවන අභියෝග, ඒකාධිකාරී බලය යොදවා මර්දනය කිරීම, හැමදාම කලහැකිවේයයි මේ මොට්ටපාලලා හිතනවාද? 

  
my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 10 දින 2356 පැය

45 comments :

  1. ස්ට්‍රයික් නම් කෝච්චි දිව්වේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කෝච්චි කීපයක් ආණ්ඩුවට පක්ෂ වෘත්තීය සමිති නියෝජිතයන් මගින්. නමුත් බහුතරය ස්ට්‍රයික්. දවසකට කෝච්චි 42ක් දිව්වා කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්.

      Delete
    2. පොඩ්ඩි.....ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනීර්ස් යූනියන් කියලා තවත් යූනියන් එකක් තියෙනවා රේල්ලුවේ. ඒකේ ලොක්කා අර රැවුල්කාර වාසුදේව ඇමති. ඒ යූනියන් එකේ අය වැඩ. පොඩ්ඩිට මේවා ලොකු වැඩියි.අත ඇරලා දාන්න.

      Delete
  2. අදනම් විචාරකතුමා නියමයි.
    ඉවර වෙනකල්ම කියෙව්ව.
    අනේ ආයෙනම් අර පඩත්තල ආයුධ කතන්දර ලියන්න එපෝ

    ReplyDelete
    Replies
    1. මම විචාරකීව යාලු කරගෙනෙ විචාරකගෙ හාඩ් ඩිස්ක් එකේ තියෙනෙ බාගෙටෙ ලියමින් පවතින ආයුධ පාඩ්ම සේරම ඩිලීට් කොරවනවා.
      ඕ යේස්

      Delete
    2. ඒත් ඉතිං මගේ මොලේ තියන මතකය ඩිලීට් කරන්න බැහැනේ දරුවෝ.

      Delete
  3. " මෙන්න විචාරක කෝච්චියේ ඉබ්බට ගිහිල්ලා"

    වෙල්ගම හිතන් ඉන්නේ කෝච්චියට නයනා කුමාරි කියලා නන දැම්මම ප්‍රශ්න ඔක්කොම විසඳිලා කියලනේ. අනික මේ මිහින් එයා එක මුහුදට තල්ලු කරන්න කියන්නේ ඔයා ,මේ රටේ අභිමානවත් පුරවැසියෙක් නෙවෙයිද ? අහස අපිට හරිද ? :n

    ReplyDelete
    Replies
    1. අහස උගේ අම්මට කියලා හිතාගෙන තමයි ඌ වැඩ කරන්නේ :e

      Delete
  4. විචාරකතුමා, හැම ලබ්බටම ස්ට්‍රයික් කොරන සෞක්කිය සෙට් එක ඇරුණාම අනික් මිනිස්සුනං ජීවත් වෙන්න තියෙන අමාරුවටම තමා ඉල්ලීම් කොරන්නෙ. කරුමෙ කියන්නෙ උන් කාටවත් සෞක්කිය විතර දැනෙන්න දෙයක් කොරන්ට බැරිකම. නාස්ති කොරන කෝටි ගානෙන් මේ වැඩ කරන මිනිස්සුන්ට කාලා ඉන්න පුලුවං පඩියක් ගෙවනවනං අමුතුවෙං සුභසාධන වැඩපිළිවෙලවල් ඕනිත් නෑ.

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්න මේ දුම්රිය ප්‍රවාහන සමිතිත් සෞඛ්‍ය වෘත්තීය සමිති වගේම තමා හරියට හිටියොත්. මේ ගොල්ලෝ නැති වුනොත්, අවශ්‍ය කාර්මික දැණුම හා පුහුණුව නැතුව වෙන අය දාලා කොහොමද කෝච්චි දුවවන්නේ? උසාවි නියෝගයට පිටුපෑවා කියලා ඔක්කොම අල්ලලා රිමාන්ඩ් කරා කියලා හිතමු. එහෙම කලත් කෝච්චි වල වැඩ කරන්නේ කැබිනට් මන්ඩලේද? :e

      Delete
  5. අනේ අප්පේ පෙරේද අපුරුවට දුවපු කෝච්චි ඊයේ නෑ.. කොහොම උනත් නිකන් කෝච්චි දුවපු හින්දා සමහරු පවුල් පිටින් නෑගම් යන්නත් ආවනේ...

    ReplyDelete
    Replies
    1. යන්න ඇති, යන්න ඇති, ප්‍රධාන මාර්ග වලට ආසන්නයේ නැති, දුම්රිය පමණක් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූ පැතිවල අය, බොහොම සතුටෙන් යනවා දැක්කා.

      Delete
  6. දයාසිරි ගොයියට කියලා... කුරුණෑගල කොළඹ මිහින් එයා ඩොමෙස්ටික් එකක් වගේ නිකන් දාගත්තනම් මොකෑ.. නිකමට කිව්වේ.. ඉතින් ඕකට මල පන්න ගන්න ඕනෑ නෑ.. මේ නහින දෙහින කාළේ..

    අපේ කාර් වලට නම් දන්න කියන නෝනා කෙනෙක් වත් නගින්නේ නෑ... මොකෝ විචාරකලා වගේ නෙමෙයි නේ.. අපි හතර පෝයටම සිල් ගන්න මිනිස්සු.. උන් දන්නවා තන්හා රති රඟා අමු හෙළුවෙන් නැටුවත්.. අපේ දැහැන් කඩන්න බෑ කියලා උන් දන්නවා...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇතුගල මුදුනේ එයාපෝට් එකක් ගහමු කියලා බල්ටි දයාට යෝජනා කරන්න ඕනෙ. හදිස්සියකට ගල පල්ලට බල්ටියක් ගහන්න පුළුවන්නේ.

      මගේ කාර් එකට නගින්නෙම තරුණ කෙල්ලෝ. දන්නවානේ ඉතිං මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා. :e

      Delete
    2. මං හරී ආසයි කරීනා එකක් එලවන්ඩ :D ආපු දාක සෑර්ගෙ කාරෙක දවසකට ඉල්ලං රවුමක් යන්ඩෝනැ … විචාරක තුමා දෙයියෙක්නේ !!!!

      කාරෙක අඳුරගෙන ගොඩවෙයි නේදෑ ගෑල්ලමයි ??

      Delete
    3. කරීනා වලට වැඩියෙන්ම ගොඩවෙන්නේ, 'ෆරීනා' වගේ නම් තියන ළමයි. :e

      Delete
  7. මීට හුඟාක් කාලෙකට කලිං කියවපු කෙටි කතාවක (නම මතක නෑ. කෙටි කථා සංග්‍රහයෙ නම නම් 'කුරුළු ජෝඩුව' වගේ මතකයි.) ඉගෙන ගන්ඩ ලන්ඩන් ගිය ලංකාවේ කොල්ලෙක් එහෙ බස් එකකදි ලබන අත්දැකිමක් ගැන තියෙනව.. තට්ටු දෙකේ බස් එකකට ගොඩ වෙන මගියෙක් ඊලඟ නැවතුමෙන් බැහැල යනකනුත් කොන්දොස්තර ටිකට් දෙන්න පහලට එන්නෙ නෑ. අර මගිය බහින්න කලින් ගමනට නියමිත ගාස්තුව ලඟ හිටපු මගියෙකුට දීල බහිනව. ඒ මගිය ඒක තියාගෙන ඉඳල කොන්දස්තර පහලට ආපු ගමන් විස්තරේ කියල දෙනව. කොන්දස්තර 'මහත්තයා' ගාස්තුවට නියමිත ටිකට් පතක් කඩල අයින් කරල මුදල අර ගන්නව අපේ කොල්ල දකිනව. සුද්දො හොඳ උන් කියන්නවත් අපේ හැමෝම නරකයි කියන්නවත් එහෙම නැත්නම් ලන්ඩන් වල වැරදි වෙන්නෙම නෑ කියන්නවත් මේක ලිව්ව නෙවෙයි. මං මේතාක් ලන්ඩන් වලට පය ගහල නැති නිසා කවුරු හරි ඒ ගැන කොමෙන්ට් කරොත් උත්තර දෙන්න යන්නෙත් නෑ.කතාවෙ නමවත් කතෘවත් මතක නැති උනාට මට කවදාවත්ම අමතක නොවෙන දෙයක් තියෙනව ඒ තමයි මේ ගැන කොල්ල දක්වන අදහස. කතෘ තුම ලියල තිබ්බ විදියටම කියනවනම්..
    "අපේ රටේ නම් මේ තුන්දෙනාම හොරු. මුලින් බැහැල ගිය මගිය සල්ලි දීල බහින්නෙත් නෑ. සල්ලි ගත්ත මගිය ඒ මුදල කොන්දොස්තරට දෙන්නෙත් නෑ. කොන්දොස්තර ඕක ලැබුනනම් මිනිහ කවදාවත් ඒ වෙනුවෙන් ටිකට් එකක් කඩල අයින් කරන්නෙත් නෑ"...
    මට මේක හොඳින් මතක තියෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබ තුමාට වගේ මටත් අපේ රට හොඳ අතට වෙනස් වෙනව දකින්න තියෙන ඕනෑ කම. කණගාටුවට කාරණය තමයි තවම ඒ පිළිබඳව ඉඟියක් වත් දක්නට නැතිවීම සහ මේ වගේ වැඩ වලින් කාලකණ්නි සතුටක් ලබල හිනාවෙන්න පුළුවන් තැනට අපේ මිනිස්සු පත්වෙලා ඉන්න එක.. අහෝ..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ බැහැල ගිය එකෙක්ට ටිකට් කඩනවා තියා, බස් එකට නැගලා බස් එකේ ගමනාන්තෙටම යන ටිකට් එකක් ඉලුවත් සල්ලි ටික අරන් නිකන් ඉන්නවා මිසක් ටිකට් හම්බෙන්නෙ නෑනෙ.. ( පුද්ගලික බස් වල ) ඒ විතරක් නෙමේ ඉතුරු දෙන්න ඕනා රුපියලක් දෙකක්නම් ඒකත් හම්බෙන්නෑ.. හැබැයි ඕකෙම අනිත් පැත්තත් වෙනවා.. රුපියලක් දෙකක් අඩුවෙන් දුන්නත් උන් ඉල්ලන්නෙත් නෑ..

      Delete
    2. @ කල්‍යාණ. හැදිච්චකම ජාන වලින්ම එන්න ඕනෙ දෙයක් කියලයි මමනම් හිතන්නේ. පුද්ගල චර්යා වෙනස් කිරීම, අපි හිතන තරම් ලේසි නැති බව, ඔබ ඔබේ හමුදා ජීවිතය තුළ අනෙක වාරයක් අත්විඳලා ඇති. උදේ ඉඳන් රෑ වෙනතුරු සෑම මාධ්‍යයක්ම ඔස්සේ ජරාව අත්විඳින අපේ සමාජය තුලින් හැදිච්චකම පහව යන එක අහන්නත් දෙයක්ද?

      @ සෙන්නා. ටිකට් නොදෙන බස්වල සෑහෙන පිරිසක් නිකම් යනවා කියලා මම අහලා තියනවා. මා දන්නා හඳුනන කැ පුද්ගලයෙක් ඉන්නවා එහෙම කරන. එය කතා වැඩක් වුනත් ටිකට් නොදීමට ලැබෙන විපාකයක් ලෙසත් හිතන්න පුළුවන්.

      කෝච්චියේ බස් එකේ හිරවෙලා ගමන් කරන්න වීම අපේ රටේ තව ආත්ම කීයක් පවතියිද දන්නේ නැහැ.

      Delete
  8. කොච්චි ස්ට්‍රයි කළායින් හැමදාම බස් වල යන අපිට හිටගෙන, තෙරපිලා යන්න වුන එක තමා වුනේ... කෝච්චිය කොච්චර් ලේසි වුනත් මම ඒ තෙරපිල්ලට ආස නෑ.. ඊට වැඩිය අරුන්ගෙ කන් කරච්චලේ ටිකක් ඉවසන්න පුළුවන්.. මම ඒ වෙලාව යොදා ගන්නවා මෛත්‍රී භාවනාව පුහුණු කරන්න.. හෙහ් හෙහෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් නියම තැනක් තමා හොයාගෙන තියෙන්නේ මෛත්‍රී භාවනාවට. ඇයි පිළිකුල් භාවනාවට හොඳ නැද්ද ඔය බස් එක? :e

      Delete
  9. බනින්න නෙවෙයි ස්තුති කරන්නයි තියෙන්නෙ.ස්ට්‍රයික් දවසක කෝච්චියෙ යන්න තියෙන අමාරුව දන්නෙ හැමදාම කෝච්චියෙ ඉහළ පහළ ගියපු අපිනෙ.බලපුවම ඔබතුමා කිසි කරදරයක් නැතිව ගිහිං ඇවිල්ල.සතුටු වෙන්න.අනික ඔය කෝච්චියෙයි සෞඛ්‍යයෙයි තියෙන ප්‍රශ්න කිසි දවසක ඉවරවෙන ජාතියෙ එව්වා නෙවෙයි.පැලැස්තර දදා ගෙනියනවා මිසක ස්ථිර විසඳුම් නෑ.විසඳුම් දෙන්න කියල ලියල ලේ කෝප කරගන්නත් අවශ්‍ය නෑ.මම නොකිව්වට ඔබට ඕව මට වඩා හොඳට තේරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැලපෙ. මේවා හිඟන්නාගේ තුවාලේ වගේ පවත්වාගෙන යන දේවල්. විසඳුම් තියනවා නමුත් දෙන්නේ නැහැ. මොකද, තමන් ජයගත්තා කියලා, වෘත්තීය සමිති උදම් අනනවා බලන්න අකමැති නිසා. අවුරුදු 25ක් වත් දුර පෙනෙන දර්ශනයක් නැති උන් තමා, මහා සංකල්ප කියලා බොරු පිම්බිලි කරමින්, රට ගොනාට අඬන්නේ.

      Delete
  10. ජනාධිපතිනියගේ නියමයෙන් විචා නිකං කෝච්චියේ ගියා නේ..

    සාකච්ඡා කරල විසදන්න පුළුවන් මානසිකත්වයක් මේ මෝඩ දේශපාලුවන්ට නෑ. ඒකයි මේ සියලු කරදර..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අපේ ජනාධිපතිනිය කැමති වෙයි මම හැමදාම නිකං යනවනං (කෝච්චියේ යකෝ කෝච්චියේ. නැතුව මොකුත් නැතුව නිකං ගියොත් රටම පිස්සු හදාගන්නවා මාව දැකලා)

      මුට සාකච්ඡා දෙන්නත් බැහැ. විසඳුම් දෙන්නත් බැහැ. වල් ගොමයා ඉතිං කොහොමටත් පුස්සා නේ.

      Delete
  11. මම පෝත්ති වලට නම් දැක්කේ ස්ටේෂන් වල බලු බල්ලෙක් නැතුව වේලෙනවා..

    කොටුවෙත් එහෙමයි තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. මම එනකොට හිටියා 250 ක් විතර. මම ආව කෝච්චිය පිටත් වෙනකොට තව 100 කට වැඩිය හිටියා. මිනිස්සුන්ට එපා වෙලා හිටියේ.

      Delete
  12. හරි හමන් ප්‍රතිපත්තියක් නැති රටක....මේවාට ස්ථිරසාර විසඳුම් නැහැ අප්පා. ප්‍රවාහනේ නයනාට බාර දීලා කුමාරයා පරණ කරත්තයක් ඇදගෙන හිටියා නම් ඉවරයි. අතක් පයක් කඩාගන්නේ නැතුව ආපහු ගෙදර ආපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. වල් ගොමයාට බ්‍රොතල් මැනේජර් කමක් දුන්නානම් හරි. නයනාට සෑහෙන්න වැඩ තියෙයි.

      ප්‍රතිපත්තියක් නැතිකම තමා මුන්ගේ ප්‍රතිපත්තිය.

      Delete
  13. ලඟදීම නුවර කොළඹ කෝච්චි ගමන නවත්තන්ට වෙයි...නුවර එයාර්පෝට් හදනවානෙ. කාටද ආඩම්බර :-)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕනෙ වෙලාවක දළදා වඳින්න යන්න රටේ මිනිස්සු පොරකකා යයි කියලා හිතීගෙන වෙන්න ඇති. ඕක තමයි ඈස් චර්යය

      Delete
  14. අත්දැකීමට කෝච්චියේ ගියා එක හොදයි.... උතුමාණනි....

    ReplyDelete
    Replies
    1. ඇයි ළමයෝ හමුදා සේවයේ ඉන්දැද්දී පට්ට යනකල් කෝච්චියේ ගිහින් තියනවානේ.

      Delete
  15. හොරා....

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අර මහ හොරා භංගවේවා................

      Delete
  16. කෝච්චි දන්සැල් !! ඕවා හෙට අනිද්දට ගාණට අල්ලයි.

    මොකෝ විචාරක තුමෝ මේ බ්ලොග් එකට එනකොට අලුත් ටැබ් එකක් ඇරිලා තවත් සයිට් එකකට යැවෙන්නෙ. කලින් වතාවෙ ආවම ගිය සයිට් එකේ හිට්ලර් ද කොහෙදයි පුටිනුයි හිටියා. දැන් https://iqoption.com/?aff=3338&afftrack=mov ඕකට යැවුනා.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක ගැටළුවක්. කවුරු හරි සයිට් එක හැක් කරලාද දන්නේ නැහැ. විසඳුමක් හොයන්න වෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      Delete
    2. මේකට දාල තියන ස්ක්‍රිප්ට් එකකින් ඕක වෙනව ඇත්තෙ. එකින් එක තාවකාලිකව අයින් කර කර බලන්න.

      Delete
    3. ස්තුතියි. පොපප් බ්ලොකර් එකෙන් එක බ්ලොක් වෙනවා දැන්නම්. මම මෑතකදී කිසිම ස්ක්‍රිප්ට් එකක් ටෙම්ප්ලේට් එකට දැම්මේ නැහැ.

      Delete
  17. වැඩක් නෑ අයියන්ඩි කතා කරලා.

    ReplyDelete
    Replies
    1. කතාකරලා වැඩක් නැහැ වෙලාව ආවම මුන්ව හැඳිගෑවිලා යන්න කතිරේ ගහනවා මිසක්.

      Delete
  18. //'හැමදාම මේ වගේ නිකං යන්න තියනවනම් මරුනේ' කියලා එක මගියෙක් කිව්වා.//

    නැව ගිළුනත් පාං චූන් හින්දනෙ සැටලයිට් නෝන පාන් 3.50 දුන්නෙ, ලොක්ක ඌවෙදි ගණන් බැස්සුවෙ විදු ලියගෙ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම මේ ගොන්පාට් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවනේ අපේ සමාජයේ තවමත්.

      Delete
  19. ඔව්ව ගනන් ගන්න එප සැර්.නිකන් ලේ කෝප වෙනව විතරයි. මෙක ඇවිල්ල ආසියාවෙ ආස්චරිය

    ReplyDelete
    Replies
    1. ඕක ආස්චර්යයද නැත්තං ඈස් චර්යයද? :e

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }