හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 September 2014

අපේ ආදි පාද හමුව - Meeting of Antiques and Old Crocks

53
   හඃ හඃ හා...............ඔන්න කාලෙකට පස්සේ, අපේ ආදි පාද හෙවත්, පරණ කකුල් සෑහෙන ගණනක් මුණගැහුනා. හැබැයි ආදි පාදලා වගේම, අදත් හමුදා සේවයේ ඉන්න පාදලාත්, සෑහෙන ගණනක් සහභාගිවුණා, මේ හමුවට. බොහොම සුහදව සතුට, දුක, සිනහව, කඳුල, සහිතව ගෙවුණු දිනයක් ලෙස, නම් කරන්න පුළුවන්.

   කවුරුහරි කියනවනම්, මේවා දැන් ඇන්ටීක් බඩු කියලා, ඔව් ඇත්තටම ඇන්ටීක් බඩු. හැබැයි වටිනාකම කියන්න බැහැ. කල් ඉකුත්වීමක් නැහැ. මොකද බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි, ලෝකයේ සෑම රටකම පාහේ, විශ්‍රාමික හමුදා නිළධාරීන්, උපදේශකයන් වශයෙන් කටයුතු කරන බව. විශේෂයෙන්, යුද උපක්‍රම පිලිබඳ උපදේශනයේදී, පළපුරුදු, විශ්‍රාමික හමුදා නිලධාරීන් කියන්නේ, ඉතා අගනා සම්පතක්.

සමහර අතිශයින් වැදගත් ඓතිහාසික සිදුවීම් පිලිබඳව, හමුදාවේ තිබෙන වාර්තාවල ඇතුළත් කරුණු,  තවදුරටත් තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් මතුවුණොත්, ලෝකයේ බොහොමයක් රටවල්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහාය පතනවා. ඔබ දැක ඇති, බීබීසී, ඩිස්කවරි, වැනි ජාත්‍යන්තර රූපවාහිණී නාලිකාවල ඉදිරිපත් කෙරෙන, සමහර යුද වාර්තා චිත්‍රපටි වල, විශ්‍රාමික හමුදා සොල්දාදුවන් පවා අදහස් දක්වනවා. ඉතින්, සමහර අය හිතන පරිදි, විශ්‍රාමික හමුදා සාමාජිකයන් කියන්නේ, නිකම්ම නිකම් අතහැර දැමිය හැකි පිරිසක් නොවේ.

   එමෙන්ම මෙය හමුදාවට පමණක් සීමා වන්නේත් නැහැ. ඕනෑම වෘත්තියක, විශේෂඥ පළපුරුද්ද සහිත පුද්ගලයකු, විශ්‍රාම ගියත්, ඔහුගේ දැණුම විශ්‍රාම යන්නේ නැති නිසා, ඔවුන් සම්පත් දායකයන් ලෙස යොදවාගැනීම, ඉතා ප්‍රඥාගෝචරයි.

   අපේ මේ හමුවට සහභාගිවූ බොහෝදෙනෙක්, මගෙන් ඉල්ලා සිටියා, මේ හමුවේදී ලබාගත් ඡායාරූප, අන්තර්ජාලයේ පලකරන ලෙස, ඔවුන්ට එය සිහිවටනයක් වන නිසා. මේ ලිපිය ලියන්නේ, ඒ ඉල්ලීම් ඉටුකරදීමට මෙන්ම, ඔබ සමගත් ඒ අවස්ථාව පිළිබඳව, තොරතුරු හුවමාරු කරගන්නයි. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මේ පින්තූර එකක්වත්, මා විසින් ගන්නා ලද ඒවා නෙවෙයි. මම එදා කැමරාව ගෙනගියේ නැහැ. මේ පින්තූර, මගේ සහෝදර නිළධාරීන් විසින් ලබාගෙන, මා වෙත ලබාදුන් ඒවා. මෙතන ඉඳලා කතාව, හැකිතරම් ඒ පින්තූර වලින් ගෙනයන්නම්. ඉස්සරවෙලාම අපේ කඳවුරේ පින්තූර ටිකක් බලමුද?

   මේ ලිපියේ ඇති සෑම පින්තූරයක්ම, ක්ලික් කර, විශාල කර, බලන්න පුලුවන්. 

1

   මීට පෙරත් මා ඔබට කියා තිබෙනවා, අපේ කඳවුර ගැන. නිළ ඇඳුමෙන් සිටි කාලේ යන මාතෘකාවෙන්, මා ලිපි කීපයක් ඔබවෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ ස්ථානයේ හමුදා කඳවුර පිහිටුවා තිබෙන්නේ 1969 දී. ඊට පෙර, බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙය, උඩරට කඳුකරයේ තේ වතු පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දරුවන්ට පමණක් සීමාවූ පාසලක් ලෙසයි, පවත්වාගෙන ගොස් ඇත්තේ.

   මෙය හඳුන්වා තිබෙන්නේ 'හිල් ස්කූල් - Hill School' යනුවෙන්. අදටත්, හිල් ස්කූල්, නුවරඑළිය, කියා යවන ලිපියක්, නොවරදවාම කඳවුරට ලැබෙනවා. බලන්න මේ පින්තූරයේ ඇති ගොඩනැගිල්ල, පාසල් ගොඩනැගිල්ලක් බව, හොඳින්ම පෙනෙනවා. එදා විදුහල්පතිගේ කාර්යාලය, අද අණදෙන නිළධාරීගේ කාර්යාලය බවට පත්ව තිබෙනවා. දැන්නම් මේ ගොඩනැගිලි බොහොමයක්, විශාල වෙනස්වීම් රාශියකට ලක්ව තිබෙන අතර, තවමත් අළුත් ඉදිකිරීම් සිදුවෙනවා. ආරක්ෂක හේතු නිසා, කඳවුරේ ඇතුළත සියළුම ගොඩනැගිලි, මෙහි දක්වන්නට බැහැ.

  1990 දශකය පමණ වනතුරු, අතීතයේදී මේ පාසලේ උගත්, සුදු ජාතිකයන්ගෙන් සමහරෙකු, සංචාරකයන් ලෙස ලංකාවට පැමිණි අවස්ථාවල, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා, මෙහි පැමිණුනා. ඔවුන්ගෙන් සමහරකු, කඳවුර ඇතුළත ඇවිදිමින්, අපි නොදන්නා ඉතිහාසය පවා, ඉතා සතුටෙන් කියාදුන්නා. 'මේ මගේ පන්තිය තිබුණ තැන' කියා හඬාවැටුණ ගැහැණු පිරිමි දෙපක්ෂයම සිටියා. 

   ඔවුන් ගෙනා රසකැවිලි, ඔවුන්ගේම අතින්, අපේ සොල්දාදුවන්ට කැවූ අවස්ථා තිබුණා. අපේ සොල්දාදුවන් සමග, සිහිවටන ඡායාරූප ගැනීමටත්, ඔවුන් අමතක කළේ නැහැ.  වරක් එසේ පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු, තමා බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ජෙනරල් වරයකු බව ප්‍රකාශ කළේ, කඳවුරේ ගේට්ටුවෙන් පිටතට යන අවස්ථාවේදී, අපව ඉතා ඉහළින් අගය කරමින්. එහෙත්, අද කාලයේ ඔවුන් එන්නේ නැත්තේ ඇයි? මටනම් හිතෙන්නේ, එළෙස පැමිණෙන්නට කිසිවෙකුත්, අද ජීවතුන් අතර නැති වියහැකි බවයි. 

2

   ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නේ, අපේ කඳවුරේ උද්‍යානයේ කොටසක් සහ ඈතින් පෙනෙන නුවරඑළියේ ග්‍රෙගරි වැවයි. ඔබට පෙනෙනවා ඇති, පොල්ගස් වැනි ගස් වර්ගයක්. ඒ පෙනෙන්නේ, මුහුදු මට්ටමෙන් අඩි 5000 කට වඩා උස් බිම්වල පමණක් දකින්නට ලැබෙන, අධි ආරක්‍ෂිත ශාඛයක් වන, යෝධ මීවන ශාක කීපයක්. මේ ශාක මේ ප්‍රදේශය තුළ වුවත්, තැනකින් තැනකට ගෙනයන්න බැහැ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර නැතිව. 

   මේ ශාක අතීතයේ සිටම කඳවුරේ තිබෙන ඒවා. මේ ශාක වර්ගයේ, උද්භිද විද්‍යාත්මක නම දන්නා කෙනෙකු ඇත්නම්, කරුණාකර එය සඳහන් කරන මෙන්, කාරුණිකව ඉල්ලනවා. මේ පින්තූරයේ පෙනෙන තණපිටිය නඩත්තු කිරීම, සෑහෙන වෙහෙසකර වැඩක්. මේ තණකොළ වර්ගය මිළ අධිකයි. නඩත්තුව සඳහා විශේෂ දැණුමක් අවශ්‍යයි. තණපිටිය වටා රෝස මල් පාත්ති තිබෙනවා. පැරණි ඡායාරූප දෙකක් පෙන්වන්නම්, ඒ රෝසමල් පාත්ති වල.

18
ඔබේ වම් අත පැත්තේ සිට දෙවැනියට ඉන්නේ, ගරු මමතුමා (මල් බැලුවා විතරයි, මල් කැඩුවේ නැහැ. මේ පින්තූරය ගන්න කාලේ, 1980 ගණන්වල මුල, මල් කඩන්න ජංගම දුරකථන කියා දෙයක් තිබුණේ නැහැ)


My Daughters in Rose Guarden
මගේ පැට්ටියො දෙන්න පුංචි කාලේ කඳවුරේ රෝසමල් පාත්ති අසළ
(මේ පින්තූරයනම් මම ගත්ත එකක්)


   මේ උද්‍යානය, සෑම වසරකම, නුවරඑළිය වසන්ත සමයේදී පැවැත්වෙන, හොඳම උද්‍යානය තේරීමේ තරගයෙන්, වාර ගණනාවකදීම ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

   පහත දැක්වෙන පින්තූරවල තිබෙන පඳුරු, විවිධ රූප, හැඩතල, ආකාරයට කපා සකස්කර තිබෙන්නේ, අපේ සොල්දාදුවකු විසින්. සොල්දාදුවාගේ හිත තුළත්, කලාව පිහිටා තියනවා. නමුත් සමහරු හිතන්නේ, සොල්දාදුවා කියන්නේ, නිකම්ම නිකම් දරදඬු හිතක් සහිත, මෙවලමක් පමණයි කියලා. 

3


5
සකස් කෙරෙමින් පවතින සිංහ රූපයක් 


6


4


7
වර්තමාන අණදෙන නිලධාරි, පැමිණ සිටි සියළුදෙනාව ආදරයෙන් පිළිගත්තා.


මේ සුහද හමුව පැවැත්වීමේ අරමුණ වුණේ, විශ්‍රාමික නිළධාරීන් සහ දැනට සේවයේ යේදී සිටින නිළධාරීන්ද එක්ව,
'නිළධාරී සංසදයක් - Officers Association' පිහිටුවා ගැනීමයි.
8
ප්‍රධාන සංවිධායක සභාව අමතමින්.........


9


10


11


විවිධ කරුණු රාශියක්, දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරුණා.
12


මේ පහළ ඡායාරූපයේ මැද ඉන්නේ, අද අපේ බලඇණියේ ඉන්න, ලාබාලතම, තරුණ නිළධාරීන්.
13


තේ ටිකක් නොබී දිගටම සාකච්ඡා කරන්න අමාරුයිනේ. තේ බොන්න, එදා පැමිණ සිටි නිළධාරි පවුල්වල සාමාජිකයනුත් එකතුවුණා.
14


15


සභාවේ වැඩ අවසන් කරලා, පිරිස ටිකක් එළියට බැස්සා. (පහළ ඡායාරූප) ඔන්න ඉතිං පරණ කල්ලි ආයෙත් එකතුවෙලා, පරණ කතන්දර කියන්න පටන්ගත්තා.
16


17


18


19


බළඇණියේ වර්තමාන රෙජිමේන්තු සැරයන් මේජර් (RSM) තමා, මේ පහළ ඡායාරූපයේ ඉන්නේ. ඔහුගේ දකුණු අතේ, කළුපාට ඔරලෝසුවක් වගේ පෙනෙන්නේ, ඔහුගේ නිළ ලාංඡනයයි. රෙජිමේන්තු සැරයන් මේජර් ගැන, මා මීට පෙර ඔබට කියාදී තිබෙනවා.  ඔහු තමයි, බළඇණියක ඉන්න, ජ්‍යොෂ්ඨතම සොල්දාදුවා.
20

සෑම නිළධාරියකුම, රෙජිමේන්තු සැරයන් මේජර් සමග, වචනයක් දෙකක් කතාකරන්න අමතක කරන්නේ නැහැ. මෙතන ඉන්න විශ්‍රාමික නිළධාරීන්ගෙන් සමහරෙකු, සේවයේ යෙදී සිටියදී, මේ රෙජිමේන්තු සැරයන් මේජර් හිටියේ, සාමාන්‍ය සොල්දාදුවකු (Private) ලෙසයි. ඉතින්, අද ඔහුගේ උසස්වීම දැක, මේ සියළු දෙනා, ඔහුට සුබ පතනවා. ඔහුට එය විශාල ගෞරවයක්. සමහරු ඔහු සමග සිහිවටන ඡායාරූප පවා ගන්නේ, එදා, තමන්ගේ ගෝලයකු ලෙස හිටිය පොඩි කොල්ලා, අද RSM වෙලා ඉන්න එක, ලොකු සතුටක් නිසයි.

22


23


24


අම්මෝ...........පුදුම දුකක් විඳලා, ඇදගෙන ඇවිත් වාඩි කරවලා සමූහ ඡායාරූපයක් ගත්තා. 
25


අපේ බළඇණියේ ඉතිහාසය දැක්වෙන, DVD Slide Show එකක්, මම හදාගෙන ගියා. ඒක ප්‍රදර්ශනය කළ අවස්ථාවයි මේ. 
25a


ඊට පස්සේ?..............ඊට පස්සේ බලනකොට, මෙන්න ඔක්කොගෙම අතේ, පුංචි පුංචි වීදුරුවල, අර 'ඔරෙන්ජම් බාරලි' ද මොනවද එව්වා දාගෙන ඉන්නවා. 
26


අපුච්චේ...............අර මොනවැයි අර ලෑලි කාමරේ වගේ එක ඇතුළේ පෙනෙන්නේ? 
27


28


මේ පහළ පින්තූරයේ තියෙන්නේ, අපේ බළඇණියේ සංගීත කණ්ඩායම. මේ කණ්ඩායම හඳුන්වන්නේ, 'The Camouflage' යන නමින්. මෙයාලා නැතුව ඔරෙන්ජම් බාර්ලි බොන්න බැහැ කිව්වනේ අපේ කට්ටිය. මේ ගීතය ගායනය කරන්නේ, විශ්‍රාමික, මුස්ලිම් ජාතික, කපිතන් වරයෙක්. වයස අවුරුදු 70 ට වැඩියි. ඔහු, හරූන් ලන්ත්‍රාගේ ගීත කීපයක්, ඉතා මිහිරි ලෙස ගායනා කළා. 
29



මේ පහළ පින්තූරයේ ඉන්නෙත් අපේ හොඳම ගායකයෙක්. මම මෙයා ගැන ලිපියක් මීට කලින් ලියලා තියනවා
30


31


32


33
34


36
අන්තිමට මේ තසිම් ටිකත් කාලා දායිද මන්දා 


37



ඔන්න බ්ලොග් කාරයොත් සින්දු කියනවා. හනේ හනේ වීදුරුව නම් අතින් බිම තියන්නේ නෑ වගේ.
38


39


මොකද අනේ හිටගෙන පානය කරන්නේ ඉඳගන්න පුටු නැද්ද? නැහැ නැහැ. මේ අනුගමනය කරන්නේ හමුදා සම්ප්‍රදාය.  පානය කරන්නේ හිටගෙන. ඒකට හේතු කීපයක් තියනවා. පළමුවැනි සහ වැදගත්ම එක තමයි, හිටගෙන ඉන්නකොට, තමන්ට තමන්ගේ සීමාව දැනෙන්න පටන් ගන්නවා. අන්න එතැනදී එක්කෝ නවත්වන්න ඕනෙ, නැත්නම් 'කරන්ට් එක ඩිස්චාජ් කරගන්න' ඕනෙ මොනවහරි කරලා.  මොකද, නිළධාරියකු මහත්මයකු ලෙස හැසිරෙන්න ඕනෙ. මෙතන නෝනලාත් ඉන්නවා. ඒ අයගේ ගෞරවයත් රකින්න ඕනෙ. බලන්න කවුරුවත් මෙතන දුම් බොන්නේ නැහැ. දුම්බීමට අවශ්‍ය නම්, පැරණි ක්‍රමය වුණේ, එතන ඉන්න නෝනලාගෙන් අහනවා, මැතිනියනි, මා මෙහි දුම්බොනවාට ඔබේ විරුද්ධත්වයක් තිබේද කියා. කවුරුවත් ඉතිං විරුද්ධයි නොකියා ඉවසාගෙන ඉන්නවා. නමුත්, දැන් අපි දන්නවනේ අක්‍රිය දුම්පානය ගැන. ඒ නිසා, අර ගොන් ප්‍රශ්නය අහන්නේ නැතුව, මෙතනින් එළියට ගිහින් දුම් බීලා එනවා.  ඒ වගේම තමයි හිටගෙන එකතැන ඉන්නේ නැහැ. සෙමෙන් ඇවිදිමින්, හැම දෙනාම එක්කම (කාන්තා පක්ෂයත් ඇතුළුව) වචනයක් දෙකක් කතාකර, තමන්ගේ සමාජශීලී භාවයත් පෙන්වනවා. හැබැයි, කාන්තාවට කතා කිරීමේදී විනීතව සංවරව ඉන්න ඕනෙ.

40


41
සංගීත කණ්ඩායම නැතුවද සින්දු කියන්නේ.........


44


45


46
නෝනලා සහ දරුවෝ අරවගේ හිටවලා තියන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම තැනක නිදහසේ අපේ පරණ සිහිවටන ඇල්බම් එහෙම බලමින් හිටියා. වරින්වර කවුරු හෝ නිලධාරියකු ගිහින් ඒ අය ගැන බැලුවා. ඒ තමයි සම්ප්‍රදාය. 


50
'සර්.....'
'ඈ.....'
'සර් බීලද'
'ඇයි?'
'නෑ සර් බීලද කියන්නකො' 
'නෑ යකෝ....'
'එහෙනං ඔය කොහෙද බලන්නෙ?'
'කොහෙද?'
'ඔය සර්ටයි මටයි එහාපැත්තෙ'


51

පොඩියට වගේ නැටුම් සංදර්ශනයකුත් ගියා. නමුත් එතකොටම කිව්වා, වෙලාව හවස 5.45 යි, දැන්වත් දවල්ට කමුද කියලා. ඈත පළාත්වලින් ආව අය යන්නත් ඕනෙ නිසා, ඒ 'දවල් ආහාරයෙන්' පස්සේ,  යන්තම් රෑ හතට විතර, කඳවුරෙන් එළියට එන්න පුළුවන් වුණා.


විශේෂ ස්තුතිය: ඡායාරූප ලබාදුන් කපිතන් ටී. එම්. කරුණාරත්නට සහ කපිතන් චන්න සිල්වාට 



my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 21 වැනි දින 1153 පැය 

98 comments :

  1. හැම තිස්සෙම වමේ ඉඳන් දෙවෙනියට ඉන්නෙ ! මොකක් හරි බාරයක්ද ? :)

    ReplyDelete
  2. අම්මපා මගේ ග්‍රහ චාරයද දන්නේ නැහැ.

    ReplyDelete
  3. සුබපැතුම් ! ඔබතුමා ඇතුළු සැමට

    ReplyDelete
  4. ඕං කාලෙකින් ආසාවෙන් බැලුවා.. (ඇනෝට නං එපා වෙච්චි අර යුද ටැංකි කේස් එක මතක් උනා හැක්)

    සොල්දාදුවො කියන්නේ ගල් නොවෙන බවට කොයි තරං සාක්ෂි මේ යුද්ධෙන් පස්සෙ අපිට දකින්න ලැබුනද?? මම ළගදිත් එ් වගේ ගුවන් හමුදා සෙබලුන්ගේ ලක්ෂණ නිර්මාණ ඔය නාකි බ්ලොග් කාරයෙක්ගේ පුතෙකුට පෙන්නුවා..

    අහ්.. ජය වේවා බීම නිසා ඇසෝසියේෂන් එක පිහිටුවන එක අමතක උනේ නැහැ නේද??

    ReplyDelete
    Replies
    1. කාට පෙන්නුවා කියලද අර කියලා තියෙන්නේ. අහුවෙයන්කෝ මට වැරදිලාවත් :e

      ඇසෝසියේෂන් එක නියමෙට පිහිටෙව්වා.

      Delete
    2. අසරන අහිංසකයට මොනවද පෙන්නුවේ, ආැංචියේ හැටියට කොල්ලව දවස් දෙකක් තියාගන රට තොටත් පෙන්නල තියනව , දැන්වත් ඔව්වා නවත්තහං දේශා,

      Delete
    3. ඉස්සර මම විවෘත විශ්ව විද්‍යාලේ පාඨමාලාවක් කොරන කාලේ සමහර අය නංගිලාව එක්ක යනවා උඩම තට්ටුවට නැව් පෙන්නන්න.

      Delete
    4. පස්සේ බලන කොට නැව හිල්වෙලා වතුර පහලට ආවද??

      Delete
    5. බිත්තිවල නැවෙන් පිටවුණ තෙල් පාරවල් වැදිලා තිබුනා.

      Delete
  5. Replies
    1. මේ කතාවේ සන්තෝසෙටම අද බෝවි කොල්ලා..

      Delete
    2. කොල්ලෝ කිව්ව එකට ඇනෝ කටට සීනි කිලෝ එකක් දාන්න හිතෙනවා.

      Delete
  6. මධුවිතක් නැත්නම් ඔය එකකින් වත් පලක් තිබේද..?

    අපේ අම්මා මළගිය ඥාතීන්ට පින් දෙන කොට මම කියන්නේ පුරුතුගීසීකාරයන්ටත් පින් දෙන්නය කියලා. හේතු දෙකක් නිසා..

    1. ඔරේන්ජන් බාර්ලි පාට පානේ ගෙනාපු නිසා..
    2. පාන් ගෙනාපු නිසා...

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී........අම්මපා තමුන්නාන්සේට තියෙන්නේ පුදුමාකාර විප්ලවවාදී අදහස්.

      Delete
    2. රෙද්දේ විප්ලව ඕකට බත් අරහං

      Delete
    3. ආ අමතක උනා අරව නැතුව පාං බඩට බහින්නෙත් නැ

      Delete
    4. හයියෝ වැරදුනා .....බත් හරාම්

      Delete
    5. අදනම් අටං කොමෙන්ට් ගහන්න පටන් අරං තියෙන්නේ අර මමවගේ එක අතක වීදුරුවත් තියාගෙන වගේ.

      Delete
    6. නැ අනේ බිව්වේ නැ

      Delete
    7. මාතලන් පෘතුගීසින්ට පින් දුන්නට දුටුගැමුණුගෙ ගෝලොත් රා ගහල තමයි මහසෝන් අවතාරෙ හැදුවෙ. කොටිම්ම විස්කි කියන්නෙ රාවණ හෙල නිපැඋමක්.

      ඕකට හෙළයො කිව්වෙ "විසකි" කියල. සුද්දොන්ට හල් කිරීම අමාරු නිසා පස්සෙ "විස්කි" කොරගත්තට.

      Delete
  7. උද්‍යානය ලස්සනේ බැරුවා ! උදේ පාන්දර පින්න අස්සෙන් යන්තම් ඉර අව්ව වැටෙන කොට හෙම තවත් ලස්සන ඇති. අර බ්ලොග් කාරයා කියාපු සින්දු තියන ක්ලිප් එකක් හෙම නැද්ද මේකට අමුණන්න :) ?

    ReplyDelete
    Replies
    1. අනේ චන්දන මාලඟ තිබුණ පරණ පින්තූර ගොඩක් නොසැලකිල්ල නිසා විනාශ වුණා. මේ උයනේ පින්තූර ගොඩක් අපේ කඳවුරේ ඇල්බම් වල සුරැකිව තියනවා.

      අමුණන්න ඒවා තියනවා. අම්මෝ.......................

      Delete
  8. ඇත්තටම අර අනික් එක්කෙනා රහස කියන කොට ඔයා කොහෙද බලන් හිටියේ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔය මම නෙවෙයි 'කරනෙල්' ලා දෙන්නෙක්.

      Delete
  9. අර මල් පාත්තිය ඉස්සරහ ඉන්න විචාරකගෙ කොන්ද ටිකක් නැවිල.
    ඔය විදියටම නැව් නැවීද ප්‍රමෝෂන් ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොන්ද නවන්නේ නැතුව මොකවත් කරන්න බැහැනේ ඔහෙට බැරිද තෙල් ගාලා දෙන්ඩ.

      Delete
  10. ටික දොහකිං ආවෙ...මෙන්න බොලේ පාටියක්...විචාරකතුමා, හමුදාවෙ ඇත්තො බොනකොට බොහොම අඩුවෙන්නෙ බයිට් එක ගන්නේ...ඇයි අප්පා ඒ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක තමයි නිවැරදි. අපේ බොහොමයක් දෙනා බොන ගමන් කෑම ජාතිත් කිලෝ එකක් විතර කනවා. ඊළඟට කෑමත් කනවා. එය ශරීරයට ඉතා අහිතකරයි.

      Delete
    2. බීවට පස්සෙ කනව නෙමෙයි අප්පා. අතගාල විසික් කොරනවා !!!! ඔය වෙඩින් වල එහෙම මට පෙන්නන්නම බැරි වැඩක්. සීගිරිය විතර එකක් බෙදාගෙන කටවල් දෙකක් කාල විසි කරනවා.අපරාද වැඩ..

      Delete
    3. පත්තරේ, මං කිව්වෙ බයිට් එක කොල්ලො...ඩයට් එක නෙමෙයි....
      මූනං පත්තරේටම තමා හොඳ...:e

      Delete
    4. @විචාරක,
      //ඇත්තටම ඒක තමයි නිවැරදි.//
      නමුත් අපි වගේ උෂ්ණ රටවල ඉන්න අය බයිට් එක වැඩිපුර ගන්න එක හොඳයි. ශිත රටවල ඇල්කොහොල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් ශරීර උෂ්ණත්වය ඉහල නංවන්න වැයවෙන නිසා ශරීරයට වෙන හානිය අඩුයි. අපිට එහෙම නෑ. බයිට් එක මගින් ඇල්කොහොල්වල යම් ප්‍රමාණයක් එයට උරාගනිමින් (පාන් කනවානම් මෙය උපරිමයි) ශරීරයට සෘජුව එය අවශෝෂණය වීම අඩුකරනවා. හමුදා මහත්තුරු මද පමණින් ගන්නවානම් මේ හානිය ගැන බය වෙන්න ඕනි නෑ...
      //අපේ බොහොමයක් දෙනා බොන ගමන් කෑම ජාතිත් කිලෝ එකක් විතර කනවා.ඊළඟට කෑමත් කනවා.//
      මම කියන්නේ ඔය දෙකම කන පෙරේතයෝ ගැන නෙමෙයි. බයිට් එක හොඳට ගත්තතොත් ආයි ඩයට් එකක් ඕනි නෑ නේද? මොකද ඔය දෙකේම අන්තර්ගතය බොහෝ දුරට සමජාතීය නිසා...
      //එය ශරීරයට ඉතා අහිතකරයි.//
      එකෙන්ම එකඟයි.
      අපේ හුදී ජනයාගේ ලාම්පු සංවේගයට හොඳ මාතෘකාවක්...නැද්ද හා...?

      Delete
    5. ඒ උනාට ටිකක් වැඩිපුර බයිට් කාපුවහම අවුල අප්පා , දිරවන්ඩ අමාරු වෙනව , සෙඩුල් කරපු බරබාන කාල සටහන අවුල් වෙනව , මොකැ අපි බයිට් එකට වැඩිය ගන්නේ මාන්සනේ , එරෙන්ජං බාර්ලි බොනකොට ටිකක් දත් වහල්ලට රෙස්ට් එකක් දීලා . සිරිපාදෙකට , මිරිස වැටියකට වැඩේ දුන්නට අරහෙම ආඩම්බරකං බලන්ඩවත් , කක්කුස්සි රෙන්ට එකට ගන්ඩවත් ඕන නැ.

      පහුවදාට මලක් වගේ පිවිතුරුව හිටිය හැකි.

      Delete
    6. @ පත්තරේ . සම්පූර්ණ ඇත්ත. විශේෂයෙන් මගුල් ගෙවල් වලදී එකක් රුපියල් 1000 - 1500 වගේ ගෙවන බත් පිඟන් කීයක් නිකං අහක දානවද?

      @ Visitor V සම්පූර්ණයෙන් එකඟයි. මමත් සමහර වෙලාවට යහමින් බයිට් කාලා කෑම අවසන් කරනවා. බයිට් කිව්වට ඔය කලා මුරුක්කු වගේ දේවල් නෙවෙයි පෝෂ්‍යදායක ෂෝට් ඊට්ස්. මේ ගැන සංවාදයක් කිරීම හොඳයි තමා.

      @ අටම්. සමහරවිට පානය කල වර්ගය අනුවත් වැසිකිලි ගමන වෙනස් වෙනවා. මට බ්‍රැන්ඩි බිව්වොත් යකඩ උලකුත් අරං තමා වැසිකිලි ගමන කොරන්ඩ වෙන්නේ.

      Delete
    7. බ්‍රැන්ඩි වලට ගොඩක් වතුර ඕන හන්දා වේලනව මයේ හිතේ

      Delete
  11. අන්තිම හරියෙ තමා ලේ ටිකක් ඉනුවෙ. තේ බොද්දි ඇඟ හීතල වෙලා ගියා.ඔහොම කුරුල්ලො වතුර බොනවා වාගෙ ඩිංගක් බීල වැඩක්‍යෑ .චැහ්. බීවෙ නෑ වාගෙ :D අර තිබුණෙ යකෝ වීදුරු කබඩ් එකක් පුරෝල . ඒ සේරම ටික ගහල කබඩ් එකත් පෙරලල ඩාන්ෂ් පාරක් දාල කාණු පල්ලක ලැගල පහුවදා උදේ ආවම මදෑ.. ඕන්නං ඩීඊඊංගක් බනී. ආයෙ මොකෝ ඇඟේ වදිනවෑ ??

    හා යං යං . ලබන පාර මාත් එන්නං.. !!!

    ReplyDelete
    Replies
    1. ඩාන්ස් පාර නැගලා ගිය අවස්ථා තියනවා පත්තරේ. මේ නිවස්නයේ තියන කෑම මේසේ අඩි 25 ක් විතර දිගයි. දවසක් නිළධාරීන් 20කට විතර කෑම ඇරලා තිබුනා. එක නිලධාරියෙක් මේසෙට පැනලා පිනුම් ගහගෙන ගහගෙන ගියා මේසේ එක කොනක ඉඳලා අනික් කොනටම. ඔක්කොම කෑම බිම. පිඟන් බඩු කුඩේ කුඩු. පිටින් කෑම ගෙනල්ලා කෑවා. අරයා ඒ කාලේ (1980 ගණන්වල) පිඟන් බඩුවල අලාභය ගෙව්වා රු පන්දාස් ගණනක්.

      Delete
    2. අඩෝ..මාත් එනවා..සිංදු ප්‍රියා දේශ් ඉවාන් ලැහස්තිවෙයන්..
      කුනු හරැපයක් දෙකක් කියලලාලා...වමනේ පිටින් අමුදා නිලධාරිකේ ඉබලා..ගෙට්ටුවේ මුරට ඉන්න එකගේ බෙරස් එක ගලවලා විසි කරලා..
      ඉෂ්සරහා කඩෙන් කලා සල්ලි නෙදි වලියක් දාගෙන...
      අවුල්ද?

      Delete
    3. යකෝ මේ මෙන්ඩා යන පාරක යන්නත් බයයිනේ. මුගෙ වාසගම තියෙන්නේ වලිසිංහලාගේ කියලා වෙන්න ඇති. :e

      Delete
    4. ආන්න සෑර් … අපි එහෙම වැදගත් මිනිස්සු !!

      හැබැයි කාණු පල්ලෙ ලැග්ගත් නංගියෙක් දැක්කනං අපි සීරුවෙං !!! ඕ යේස් ..

      Delete
    5. පත්තරේ +++++++++++++++++++++++++++

      Delete
    6. @ පත්තරේ.
      නංගිලා දැක්කම සීරුවෙන්. මොකක්ද සීරුවෙන්?

      Delete
  12. අර යෝධ මීවන ශාඛ බොහෝවිට Cyatheaceae crinita හෝ Cyatheaceae gigantea වෙන්ට ඕන. මේ විශේෂයන් දෙකම මධ්‍යම පළාත ඇතුළෙ විතරයි තියෙන්නෙ. විශේෂයෙන්ම C. crinita තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම අණදෙන නිලධාරිට කිව්වා පුංචියට බෝඩ් කෑල්ලක් ගහන්න කියලා උද්භිද විද්‍යාත්මක නමයි ව්‍යවහාර නමයි දාලා. මේ වර්ගය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඉතා සීමිත ප්‍රදේශයක විතරයි දකින්න පුළුවන්. විශේෂයෙන් පිදුරුතලාගල රක්ෂිතයේ සමහර තැන්වල සහ හෝර්ටන් තැන්නේ සමහර තැන්වල.

      Delete
    2. සමාවෙන්ට ඕන, නමේ පොඩි වැරැද්දක් වෙලා තියෙනවා විචාරක. Cyatheaceae කියන්නෙ family name එක. ඝණය Cyathea වෙන්ට ඕන.

      ඔය කියන විදියට ඒක Cyathea crinita වෙන්ට ඕන. මේක තමා ලංකාවෙ තියෙන උසම tree fern විශේෂය. හැදෙන්නෙත් ඔබ කියනවා වගේ බොහොම උස් තැන් කීපයක විතරයි.

      Delete
    3. බොහොම ස්තුතියි.

      ඔන්න 1980 ගණන් වල මම පිදුරුතලාගල ආරක්ෂක මුරය භාරව ඉන්න කාලේ එක සුද්දෙක් ආවා කැලේ ඇවිදින්න. (ඒ කාලේ දේශීය විදේශීය සංචාරකයන් පයින් කන්ද නගිනවා. සීමිත ප්‍රදේශයක ඇවිදින්න දෙනවා) මේකා හඩු පෙනුමක් තියන සුද්දෙක්. උදේ අටට විතර ආවේ. ඔහේ ගහක් යටට වෙලා කොලේක මොනවද අඳිනවා. හවස හතරයි වෙලාව. මේකා තවම අඳිනවා. මම ලඟට ගිහින් කිව්වා Sir, you must leave this place before the darkness, in accordance with the rules and regulations here කියලා. මේකා OK Officer කියලා මට පෙන්නුවා අර ඇඳපු කොලේ. අම්මෝ......මේ මීවන ගහක් ඇඳලා තිබුණා හරියට ඩිජිටල් ෆොටෝ එකක් වගේ.

      Delete
    4. අර ශාකයට ඔබ කියා තිබෙන නම හරියටම හරි. බොහොම ස්තුතියි.

      [im]https://c1.staticflickr.com/9/8381/8592563930_2744e3cf4e.jpg[/im]

      Delete
    5. මේ බුරතිනෝ කියන එකානම් මිනිහෙක් වෙන්න බෑ.. මේකා නොදන්න රෙද්දක් නෑනෙ බලන් ගියාම... :D

      Delete
    6. සමහරවිට රෙදි ගැන දන්නේ නැතුව ඇති. :e

      Delete
  13. //ඉතින්, සමහර අය හිතන පරිදි, විශ්‍රාමික හමුදා සාමාජිකයන් කියන්නේ, නිකම්ම නිකම් අතහැර දැමිය හැකි පිරිසක් නොවේ.//

    හිතට දුකයි තමයි හැබැයි ඔව්වා ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. //වරක් එසේ පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු, තමා බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ජෙනරල් වරයකු බව ප්‍රකාශ කළේ, කඳවුරේ ගේට්ටුවෙන් පිටතට යන අවස්ථාවේදී,//

      ඒකනේ උන්ට සුද්දො කියන්නේ

      Delete
    2. //මේ පින්තූරය ගන්න කාලේ, 1980 ගණන්වල මුල, මල් කඩන්න ජංගම දුරකථන කියා දෙයක් තිබුණේ නැහැ //

      හපෙොයි මට හැලිබොරෙන්ජ් සහ , හොද පිටි කිරි ජාතියක් ඩොක්ට හනීපා අනුමත් කොරපු කාලේ , ඒ ඩොක්ට තාම ඉන්නවද විචා අයියේ

      Delete
    3. මෙරුන් ෂර්ට් එකයි දුඹුරු ඉරි ටයි එකයි දාල ඉන්න කලු උස මහත්තයව මට නිකං දැකල පුරුදුයි පුරුදුයි වාගේ

      Delete
    4. RSM මහත්තුරු කතන්දරපොත් සෙට් උනහම වෙලාව යනව තේරෙන්නේ නැ

      Delete
    5. //ඔන්න බ්ලොග් කාරයොත් සින්දු කියනවා. හනේ හනේ වීදුරුව නම් අතින් බිම තියන්නේ නෑ වගේ.//

      අන්න එහෙමයි කොහේ ගියත් අපේ මෙව්වා එක ආරස්සා කරන්ඩ ඕන

      Delete
    6. මුල් කාලේ ඉදන්ම මගේ වගේ ලස්සන බඩක් හදාගන්න පෙර නිමිත් පෙන්නල තියනව , බඩවල් හන්දා අපි කොච්චරනං දුරස් වෙනවද.

      මේන්න බලන්ඩ අපි දෙන්නා සමීප වෙනවට හරස් කැපුවේ වෙන කවුරුවත් නෙමෙයි අපේම බඩවල්

      https://scontent-b-cdg.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/p417x417/10171035_10202999799569833_4298284018841519908_n.jpg?oh=ca85db40ce5d2a7e2dadaf8e630db62f&oe=54CD37A3

      Delete
    7. මම හිතුව එක හරි. වීදුරුව අතේ තියාගෙන තමා මේ කොමෙන්ට් කොටලා තියෙන්නේ.

      අර සුද්දා ජෙනරල් මට දුන්නා පොතක් විතර ලොකු චොක්ලට් එකක්.

      ඩොක්ටර් හනීෆාගෙන් ඒ කාලේ අපෙ අක්කලාගේ ළමයින්ට බෙහෙත් ගන්නවා මට මතකයි. දැන් එයත් නැහැ. යටියන්තොට හිටිය ඩොක්ටර් ෆොන්සේකාත් මෑතකදී නැතිවුණා.

      මෙරූන් ෂර්ට් මහත්තයා දැන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රැකියාවක් කරනවා.

      අම්මපා වෙනියා තමයි වෙනියා කියන්නේ. මදෑ බඩවල් දෙක විතර පෙනෙන්න පොටෝ ගහලා නවත්තපු එක. වෙනියා ලඟදි මට ලොකු උදව්වක් කළා මගේ කැමරාවට ෆ්ලෑෂර් එකක් ගන්න.

      Delete
    8. අටම්පහුරSeptember 22, 2014 at 1:35 AM
      //මේන්න බලන්ඩ අපි දෙන්නා සමීප වෙනවට හරස් කැපුවේ වෙන කවුරුවත් නෙමෙයි අපේම බඩවල්//
      කතාකරන පින්තූර...හැක්...හැක්...

      Delete
    9. මෙරූන් ෂර්ට් මහත්තයා දැන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රැකියාවක් කරනවා. BOI ආරක්ෂක අංශයෙද?

      Delete
    10. හරියට හරි මෙන්ඩා

      Delete
    11. මම ඒතුමා එක්ක කතා කරන්නද?

      Delete
    12. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු කපිතන් කරුණාරත්න.

      Delete
    13. මෙන්න අර මහා බාධක පරය වගේ බාධාවක් වූ බඩවල් දෙකේ ඓතිහාසික පින්තූරේ. වෙනියෝ උඹ අහුවෙයන්කෝ මට.

      [im]https://jangun.files.wordpress.com/2014/09/10171035_10202999799569833_4298284018841519908_n1.jpg[/im]

      Delete
  14. මමත් ඔය කඳවුර දැකලා තියෙනවා..
    හරිම ලස්සන තැනක්
    පාරෙන් එහා පැත්තේ වැව අයිනෙ අපේ නිවාඩු නිකේතනයක් හදන්න සැලසුමක් තිබුනා...
    ඔප්පු වල ප්‍රශ්නයක් නිසා ඒක ටිකක් පරක්කුයි..
    විචාරක තුමාලගෙ කඳවුරේ අයත් ඒකට එතරම් කැමැත්තක් නැති බව තමයි දැනගන්නට තියෙන්නේ....
    ලස්සන දවසක සොඳුරු අවස්තාවන් බෙදා ගත්තට ඔබට ස්තුතියි........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. පාරෙන් එහාපැත්තෙ අපි 1969 සිට පාවිච්චි කල ඉඩම් කොටස් දේශපාලන බලපෑම් නිසා අපිට අහිමි වුණා. ඒ ගැන ඊට වඩා තොරතුරු දැන සිටියත්, ඒවා මෙහි කියන්න නොහැකිවීම ගැන කණගාටු වෙනවා.

      Delete
  15. සිංහ
    බ්ලචස්....
    විචාරක තුමා කවදහරි පෝස්ට් එකක් දාන්න(දැනටමත් දාලද දන්නෑ) පෙරඩ් එක්කඇයි සිංහ ඉස්සරහින්ම යන්නෙ කියල...
    දන්නැති අයට පරයෝජනවත් වෙයි...
    අමේ පුස්සෙ කෑම්ප් එකේ සීන් එකට පස්සෙ ආවැයි ඒ පැත්තෙ...????

    ReplyDelete
    Replies
    1. නැහැ මහේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ තිබෙන රෙජිමේන්තු සියල්ලම පෙළපාලියක යනවානම් මුලින්ම යන්නේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය. සිංහ රෙජිමේන්තුවේ විශේෂත්වය තමයි වැඩිම ගමන් වේගයක් තිබීම. අනික් සෑම රෙජිමේන්තුවක්ම විනාඩියකට පියවර 120 යි. සිංහ රෙජිමේන්තුව 140 යි. මෙන්න මේ ලිපියේ තියනවා විස්තර

      Delete
    2. අඹේපුස්ස කඳවුරේ සෙබළුන් හතර දෙනෙකු හදිසි අනතුරකින් මියයාම පිළිබඳව මා අතිශයින් වේදනාවටත් කනගාටුවටත් පත්වෙනවා. මේ ගැන පරීක්ෂණ සිදුවන බැවින් වෙනත් අදහස් දැක්වීම සාධාරණ නැහැ.

      Delete
  16. පරණ කට්ටිය එකතු උනාම නම් කියල වැඩක් නෑ. කතා කරන්න කොච්චර දේවල් තියනවද. :e

    ReplyDelete
    Replies
    1. හම්මෝ..................අම්බානක පොල් කැඩුවා. පරණ කාඩ් ආයෙත් අලුතෙන් ගැහුවා. කියලා වැඩක් නැහැ.

      Delete
  17. ලස්සන ලෑන්ඩ්ස්කෙපෙන් ටික, මොනා කරන්නද තව පිතුර එකතු කරන්න බැහැනේ ආරක්ෂක හේතුන් මත, රැවුලත් ඕනා කැඳත් ඕනෑනේ, කස්ටිය සැට් වෙලා අතීත සැමරුම් අතර පීනන් නැත නේද, ඔය අතේ තියාගෙනත් ඉන්නේ :D, විශ්‍රාමික හමුදා නිලදාරීන් සමහර යට ඇන්ටික් ඔනාට එයාලගේ දැනුම අත්දැකීම් ඇන්ටික් වෙන්නේ නැහැ නේද? ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. හමුදාවේ විතරක් නෙවෙයි කොයි ක්ෂේත්‍රයේත් විශ්‍රාමිකයන්ගේ දැණුම හරියට වටිනවා කියලා මම කිව්වේ ඒ නිසා තමයි.

      මට කියන්න අමතක වුණා. අපේ කඳවුරේ තියනවා රවුම් හැඩයේ, සෑහෙන්න විශාල, අඩි හතරක් විතර ගැඹුරු, පොකුණක්. ඉස්සර නම්, බීලා වැඩිවුණ අයව, රෑට ඔය පොකුණට බස්සවලා ගොඩගන්නවා. රෑට ඒ පොකුණේ තියන සීතලට 'පටස් ගාලා කරන්ට් එක ඩිස්චාජ්' වෙනවා. :e

      Delete
  18. අතීතයේ මිහිරියාව වර්ථමානයට ගෙන ඒම තරම් සොඳුරු වෙනත් යමක් නැති තරම්.

    විචාරකතුමන්න්, මට උඅදව්වක් ඕනි. කොහොමද බ්ලොගර් වල කමෙන්ට් එකකට ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      බ්ලොගර් කමෙන්ට් එකක් සමග පින්තූරයක් ඇතුලත් කිරීමට නම්, අඩවි පරිපාලක විසින් ඒ සඳහා තම අඩවියේ අදාළ වෙනස්කම් කර තිබිය යුතුයි. ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකට අදාළ html කෝඩ් යොදා සකසා තිබිය යුතුයි. එහෙම නැත්නම් පින්තූර දාන්න බැහැ කමෙන්ට් කරන අයට. පින්තූරයක් කමෙන්ට් එකකට දාන්නේ ඒ පින්තූරයේ url එක html කෝඩ් එකක් මගින් කමෙන්ට් එකට ඇතුළු කිරීමෙන්. මෙන්න මේවා බලන්න.

      http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      https://www.youtube.com/watch?v=v-f1v1jpJv8

      http://www.davidairey.com/how-to-insert-an-image-or-photo-into-your-blog-comment/

      Delete
    2. ස්තූතියි විචාරක තුමනි, මේ උපදෙස් ටිකට.

      Delete
  19. හරිම ලස්සන තැනක්.. කාලෙකින් කට්ටිය එකතුවුන නිසා හොඳට තියෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි.

      අපොයි බොහොම රසවත් දවසක් කියලා කියන්න පුළුවන්.

      Delete
  20. RSM ට පුලුවන් නේද මේඡර් රැන්ක් එකට පහල ඕපිසර් කෙනෙකුට ඕඩර් එකක් දෙන්න.?
    එල ද බ්‍රා..
    ඉතිං එදා ගැහැව්වද පක්කං පදිරි සන්නහ සන්නද්ධ වෙන්න?

    ReplyDelete
    Replies
    1. බැහැ. හමුදාවේ කිසිම නිලයක කෙනෙකුට බැහැ තමන්ට වඩා ඉහල නිළයක කෙනෙකුට නියෝගයක් දෙන්න.

      අපෝ නැහැ නෝනලා හිටිය නිසාත්, එදාම ආපහු යන්න තිබුණ නිසාත්, මද පමණින් තමයි සප්පායම් වුණේ. තව මාස හයකින් විතර තියනවා තව එකක්. එදාට එහෙ නවතිනවා. පහුවදා උදේට නම් බැකෝ එකක් ගෙනල්ලා තමයි කට්ටිය උස්සලා අරගෙන වාහන වලට දාන්න වෙන්නේ. :e

      Delete
    2. හර්මන්ලොස් කදවුරකදි මෙස් එක ඇතුලේ කලබලකාරි ලෙස සහ අසෝබන ලෙස හැසිරැන නිලධාරින් හට වහාම නිශ්බදවන ලෙස හෝ නැතිනම් පිටවන ලෙස RSM විසින් නියෝග කරනු ලැබු බව මතකයි.

      Delete
    3. ශිෂ්‍ය භට බලකායේ කටයුතු වලදී, නිත්‍ය උපදේශක මණ්ඩලයේ permanent staff සමහර උපදේශකයන්, තමන්ට නැති බලතල ආරූඪ කරගන්නවා. මෙයට හේතුව ලෙස මා දකින්නේ, අණදෙන නිලධාරීන් තුළ, තම බලතල ගැන අවබෝධයක් නොතිබීම සහ නිත්‍ය උපදේශක මණ්ඩලය වෙත, අනියත බියක් දැක්වීම. එයට හේතුව තමන්ගේ හමුදා දැණුම ප්‍රමාණවත් නොවීමයි.

      නිලධාරියකු නොවන කිසිවෙකුටත් නිලධාරීන්ගේ නිවස්නයක් ඇතුළට එන්න කිසිම බලයක් නැහැ. හමුදාවේ එහෙම කළොත් කණ පලාගන්න වෙනවා. හමුදාවේ නිලධාරි නිවස්නයක් තුළ වෙඩි තියාගත්තත් (කිසිම නිවස්නයක් තුළට අවි ආයුධ ගෙන එම සපුරා තහනම්) වෙනත් නිලධාරියකුට තමයි මැදිහත් වෙන්න පුළුවන්.

      Delete
  21. හිටන් බිලා බලන්න ඕනි..මට හිතෙනවා එක හොද ක්‍රමයක් වෙඉ කියලා..අපේ උන් මීටීම් වලදී බාගයක් සාකච්චා කොරල බාර්ලි බෝතලේ අරිනවා නොවෑ ඊට පස්සේ මොන මීටීම් ද...

    ReplyDelete
    Replies
    1. හිටගෙන පානය හමුදාවට විතරක් සීමාවුණ දෙයක් නෙවෙයි. ඒක බටහිර සම්ප්‍රදායක්. පෞද්ගලික අංශයේ සාදවල මා දැක තිබෙනවා මේ ක්‍රමය. හැබැයි අර කුදුරුස් වෙන්න ගහන්න බලාගෙන එන අය හරි තරහයි හිටගෙන පානයට.

      Delete
  22. ඔබතුමා ගේ පරණ මතක අවදි වෙන්න ඇති. මම දැකපු හොඳම උද්‍යාන සැකැස්ම තිබුනේ නුවරඑලිය ග්රෑන්ඩ් හොටෙල් එකේ. මේක එකට නොදෙවෙනිද මන්දා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපේ උද්‍යානය ඇගයීම ගැන.

      ග්‍රෑන්ඩ් හෝටලයේ උද්‍යාන සැකසුම් සඳහා එක වසරකට මිලියනයක්වත් වියදම් කරනවා ඇති. අපි කරන්නේ අපේම ශ්‍රමයෙන් සහ සමහරවිට හග්ගල උද්භිද උද්‍යානයේ නිළධාරීන්ගෙන් ලබාගන්න උපදෙස් මගින්.

      Delete
  23. අර RSM දිහා දෙතුන් වතාවක් බැලුවා මොකෝ මම 2011 කඳවුරුගත වෙද්දී රන්ටැඹේ හර්මන්ලෝස් අවසන් පෙරඩ් එක කරන්න ඇවිත් තිබ්බේ මේ RSM මහත්තයා ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. නාඩි..හර්මන්ලෝස් පෙරඩ් එකට එන රෙඡිමෙන්තු සැරයන් බලඅැනි සියල්ල අතරින් තෝරාගන්න පාසැල් ශිෂභටයෙකු නේද? මම සහභාගිවන කාලයේදි තිබුනේ බලඇනි 6ක් පමනි.
      1CC හික්කඩුව මධ්‍ය මහා විද්‍යලය
      2CC බලන මධ්‍ය මහා විද්‍යලය
      3CC පන්නිපිටිය මධ්‍ය මහා විද්‍යලය
      4CC ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යලය
      5CC අනුරාධපුර මධ්‍ය මහා විද්‍යලය
      6CC මතක නැහැ.
      CSM කම්පැනි සාඡන් මේචර්
      RQ රෙිඡිමන්ට් ක්වාටර් මාස්ටර් තවත් පිලිගත් නිලයන්

      Delete
    2. @ නාඩි. මෙයා RSM වුණේ ඉතාම මෑතකදී. නිළ ඇඳුම් ඇන්දම බොහෝ දෙනෙක් එකවගේ පෙනෙනවානේ.

      @ මෙන්ඩා. RQ කියන්නේ කෙටි යෙදුම. සම්පූර්ණ නිළ නාමය RQMS = Regiment Quarter Master Sergeant

      Delete
    3. අමතක වුනානේ කියන්න. මම ශිෂ්‍ය භටයකු කාලේ බලඇණි හතරයි තිබුණේ. ඒවා පළාත් වශයෙන් තිබුණේ මෙහෙමයි. මට මතක හැටියට.

      1 බස්නාහිර පළාත සහ සබරගමුව පළාතේ කොටසක්
      2 මධ්‍යම පළාත, ඌව පළාත සහ සබරගමුව පළාතේ කොටසක්
      3 දකුණු හා නැගෙනහිර පළාත්
      4 උතුරු පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත

      Delete
  24. ආදි - පාද හමුව.

    නියම මාතෘකාව අර හිටගෙන බොන සෙට් එකේ පින්තූරෙට :P

    ReplyDelete
    Replies
    1. පරන වයින් වටිනාකම වැඩි.

      Delete
    2. @ ඉන්දික. ආදී කියන්නේ මම හමුදාවට බැඳෙන්නත් කලින් පාදලා ඇවිල්ලා හිටියනේ. පාද නමස්කාර නොකලා විතරයි.

      @ මෙන්ඩා. මතකද එක කියමනක් තියනවා අලුත් භාජනේකට දැම්මට මොකද මේවා පරණ වයින්ම තමයි කියලා. :e

      Delete
  25. මේ හැන්ඩියෝ ටික එකතු කරලා විශේෂ බලකායක් හදන්ට ඉක්මණින්ම පටන් ගන්ට ඕනි. :D

    ReplyDelete
    Replies
    1. විශේෂ නෙවෙයි හුඟ දෙනෙක් කැමති 'අති විශේෂ'

      [im]http://www.kapruka.lk/shops/specialGifts/productImages/1258108828578_ExtraSpecialArrack.jpg[/im]

      Delete
  26. විචාරකත් අපේ ගමේ බව වෙනත් පෝස්ටුවකින් ( ලාග්ග ගැන) දැනගතිමි - සන්තෝසයි - එසේනම් කුරුණෑගල ප්‍රධානම පිරිමි පාසල් 2න් එකක ආදි ශිෂ්‍යයෙක් වීම විශාල සම්භාවිතාවක් ඇත :)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }