හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 August 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (හතර වැනි කොටස) The Battle Tank (Part Four)


Funny_Pictures_43817
 මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු රාශියකට මැදිවීමට සිදුවුණ නිසයි. දවස පුරා වෙහෙසිලා ඇවිත්, බ්ලොග් ලියනවා තියා, අනික් අයගේ බ්ලොග් බලලා කමෙන්ට් එකක් දාන්නවත් බැරිවුනා. ඒ ගැනත් සමහරු හිතනවා ඇති, වෙනදා නිතර එන මේ මිනිහට මොකද වුණේ කියලා. අදත් මේ ලිපිය ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. මම හිතනවා වැඩි චූර්ණිකා නැතුව කෙලින්ම කතාවට බහින එක හොඳයි කියලා. පහුගිය කොටස් තුන පිළිබඳව දැනුමක් නැති අයට,
බලන්න පුළුවන්. මා හිතනවා දැන්, යුද ටැංකි පිළිබඳව ඔබේ මූලික දැණුම සෑහෙන තරම් සතුටුදායක මට්ටමක ඇති කියලා. මේ ලිපියෙන් මුලින්ම අපි බලමු යුද ටැංකිවල තියන මහ තුවක්කු වලින් වෙඩි තියන්නේ අළු දාලා ද සීනි දාලා ද කියලා. අපි ඉස්කෝලේ යන කාලේ කියමන් දෙකක් තිබුනා මෙන්න මෙහෙම.

coconutscraper21   1. හිරමණේට අළු දාලා වෙඩි තියනවා. ඔතන හිරමනේ කිව්වේ අර බංකුවක්/කොලොම්බුවක් වගේ දෙයක හයිකරලා තිබුණ තලය සහිත පැරණි හිරමනේ හොඳද? ඉතිං මොකද්ද ඒ කියමනේ තේරුම? හිරමනේ තියෙන්නේ පොල් ගාන්ඩ මිසක් වෙඩි තියන්ඩ නෙවෙයිනේ. අනික අළු කියන්නේ ඉවත දමන දෙයක් මිසක් වෙඩි බෙහෙත් නෙවෙයිනේ. ඉතිං හිරමනෙට අළු දාලා වෙඩි තියනවා කියන්නේ, කිසියම් බලවේගයකට එරෙහිව නිෂ්ඵල උත්සාහයක නිරත වෙනවා කියන එකයි.

   2. සීනි දාලා වෙඩි තියනවා කූඹි කාලා මැරෙන්න. ඒ කියමන නම් හාස්‍යය සඳහාම නිර්මාණය කල එකක්. සීනි දාලා වෙඩි තියපුවාම ඒ සීනි ඉලක්කගත පුද්ගලයාගේ ඇඟේ තැවරෙන නිසා, කූඹි ඇවිත්, සීනිත් එක්කම ඒ මිනිහාවත් කාලා දාන්න, ඒ ආකාරයට වෙඩි තියනවා කියලා විහිලුවට කිව්වේ, අන්න ඒ අර්ථයෙන්.  

   හොඳයි. මම මේ ලිපි මාලාවේදී මුලින්ම කිව්වනේ යුද්ධ ටැංකි සටන් කරන්නේ තවත් යුද්ධ ටැංකි වලට එරෙහිව සහ යුද බිමේ තිබෙන විවිධ ඉදිකිරීම් හා බාධක වලට එරෙහිව කියලා. ඒ කියන්නේ ගොඩනැගිලි, බංකර්, තාප්ප, වගේ දේවල්. ඉතිං ඒ වගේ දේවල් වලට පහර දෙනවිට ඉතා දැඩි ප්‍රහාර එල්ල කරන්න ඕනෙ. ඒ සඳහා යොදාගන්න පතරොම් (ඇත්තටම මේවට පතරොම් කියන්න බැහැ. මේවා එක්තරා ආකාරයක රොකට් බෝම්බ) මෙන්න මේ වගේ. 


120mm_ammo


   පේනවා නේද මහා මාරක බවක් මේ පතරොම් වල. මේවා ඉතා සංකීර්ණ සැකැස්මකින් යුක්තයි. ඒ සියල්ල මා මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. පහත දැක්වෙන චිත්‍ර වලින් පෙනෙනවා මේවාගේ විශාලත්වය මෙන්ම ඇතුළේ මොනවද තියෙන්නේ කියන එක පිලිබඳ තොරතුරු. බම්බුවක් වැනි විශාල කොටසේ ඇති වෙඩිබෙහෙත් පත්තුවීමෙන් ලැබෙන බලයෙන්, ඒ බම්බුව ඇතුළේ තිබෙන රොකට් වෙඩිල්ල, ඉලක්කය කරා ගමන් කර, ඉලක්කයේ වැදී ඝනකම තහඩු, බිත්ති ආදිය විනිවිද ගොස් පුපුරනවා. එයින් ඇතිකරන්නේ මහා විනාශයක්.


120mm_M829_projectile




120mm_M829A2_APFSDS-T_internal
   
   මීළඟට මම ඔබට පෙන්වන්නේ බොහොම වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝවේ තිබෙනවා කරුණු කීපයක්. එකක් තමා, යුද්ධ ටැංකියකින් වෙඩි තියන හැටි. අනික, යුද්ධ ටැංකියක තිබෙන ප්‍රධාන තුවක්කුවේ ඇතුළ, විශේෂ දෘශ්‍ය උපකරණයක් මගින් පරීක්ෂා කරන ආකාරය. ඒ වගේම ඉහත පින්තූරයේ දකින්නට ලැබෙන පතරොමකුත්, රියැදුරා තමන්ව එළියට පෙනෙන ආකාරයට සිටිමින් ටැංකිය පදවන අයුරුත්, දකින්න පුළුවන්.





 කොහොමද මේ මහ තුවක්කුවට ඔය තඩි පතරොම් දාන්නේ? ක්‍රම දෙකක් තියනවා. එක ක්‍රමයක් තමයි අතින්ම එක එක පතරොම තුවක්කුවට දැමීම. නමුත් අති නවීන යුද ටැංකිවල තියනවා දෙවැනි ක්‍රමේ. ඒ කියන්නේ යුද ටැංකිය ඇතුළේම තියන යාන්ත්‍රණයකින් පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළුවීම. අපි බලමු, යුද්ධ ටැංකියක් ඇතුළේ තියන ඒ යුද්දේ කොහොමද කියලා.





අද වනවිට ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ ආකාරයේ යුද ටැංකි මගින් ඒ ඒ රටවල වැඩිදියුණු කරන ලද නොයෙක් ආකාරයේ පතරොම් සහ රොකට් වෙඩි වර්ග පාවිච්චි කරනවා. සමහර යුද ටැංකි මිසයිල් යැවීමේ හැකියාවෙන් යුක්තයි. නමුත් ඒවා බොහොමයක් යුද රහස් ලෙසයි පවතින්නේ. කෙසේවෙතත්, මෙවැනි පතරොම් වර්ග මූලික වශයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ග කරන්න පුළුවන්.

  1. අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් - High Explosive Rounds = HE
  2. යුද ටැංකි නාශක අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් - High Explosive Anti Tank Rounds = HEAT
  3. ඝන සන්නාහ විනිවිද යන අධිබල පතරොම් - Armour Piercing Rounds = AP
  4. ගිනි අවුළුවන පතරොම් - Incendiary Rounds
  5. දුම් බෝම්බ - Smoke 
   හොඳයි. මේ ඔක්කොම අවි ආයුධත් සමග, මේ සද්දන්ත යකඩ ගොඩවල්, යුදබිමට අරං ගිහිං කොහොමද යුද්ද කරන්නේ? මොනවද ඉතිං දිඩි දිඩි ගාලා ඇරලා දානවා නේද. එහෙම කරන්න බැහැ අනේ. යුද ටැංකි, යුද බිමක යොදවන න්‍යායක් තියනවා. එහෙම නැතුව, 'පලයව් ගිහින් දීපියව් කුඩුවෙන්න' කියලා යුද්ද ටැංකි යවන්න බැහැ.

   යුද ටැංකි යොදවන ක්‍රම දෙකක් තියනවා මූලික වශයෙන්. ඉතා කෙටියෙන් කියන්නම්. කවදාවත් යුද ටැංකියක් තනියම යවන්නේ නැහැ. අවම තුනක්වත් එකට තියලා තමයි යවන්නේ. (මතකද සුළඟ එනු පිණිස චිත්‍රපටියේ එක BTR එකක් තනියම යනවා. වරින්වර main gun එක උස්සලා පෙන්නනවා සිනමානුරූපී ලිංගික සංකේතයක් ලෙස. cinematographic sign. මට පශ්චාද් භාගයෙන් හිනාගියා. ඔය ටැංකිය පිචර් එකට දෙන්න කලින් හමුදාවට තිබුනා හොයලා බලන්න, මොකද්ද අධ්‍යක්‍ෂ වරයා කරන්නේ කියලා.)

   යුද ටැංකි, යුදබිමේ ඉදිරියට යන එක ක්‍රමයකට කියන්නේ, කැටපිලරිංග් - Caterpillaring කියලා. ඔබ දන්නවද දළඹුවාගේ ගමන? දළඹුවා තමන්ගේ ඔලුව පැත්ත ඉදිරියට යොමු කරනවා බඩගාමින්. ඊළඟට කඳේ පසුපස කොටස ඉදිරියට ඇදගන්නවා. අන්න ඒ ක්‍රමයට මුලින් එක ටැංකියක් (මෙතැනදී සමාන්තර පේළි කීපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තිරස්ව, එකිනෙකට සමාන්තරව ඉදිරියට යන, ටැංකි කීපයක් වෙන්න පුළුවන්.) ඉදිරියට යනවා අවට නිරීක්ෂණය කරමින්. ඒ වෙලාවේ පසුපසින් තිබෙන ටැංකියත් ඉදිරිය නිරීක්ෂණය කරමින්, අර ටැංකියට ප්‍රහාරයක් ආවොත්, ප්‍රතිප්‍රහාර දෙන්න බලාගෙන ඉන්නවා. ඉදිරියට ගිය ටැංකිය, සූදානමින් නැවතී, දෙවැනි ටැංකියට කියනවා ගුවන්විදුලි පණිවිඩයකින්, ඉදිරියට එන්න කියලා. (නොපෙනෙන තරම් දුර යන්නේ නැහැ) එතකොට දෙවැනි ටැංකිය ඉදිරියට එනවා, පළවැනි ටැංකිය ආසන්නයට. ඊළඟට පලවෙනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. දැන් තුන්වැනි ටැංකියක් තිබුනානම්, ඒක එනවා දෙවැනි ටැංකිය පසුපසට. ඊළඟට දෙවැනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. ඔහොම එනගමන්, සතුරා සමග වෙඩි හුවමාරු කරගනිමින් එන්න වෙන එක තමයි, බහුලවම සිදුවෙන්නේ. ඔන්න ඕකට තමා කැටපිලරිංග් කියන්නේ. අනතුරුදායක බව අඩුයි. හැබැයි ගමන හෙමින්.

   ඊළඟ ක්‍රමයට කියන්නේ ලීප් ෆ්රොගින් - Leap Frogging කියලා. (ගෙම්බා පැනීම) මෙහිදී කරන්නේ තිරස් අතට පේළියක් හා සමානව තිබෙන ටැංකි, එකිනෙකාගේ ආරක්ෂාව ගැන බලාගනිමින්, යුද බිමේ ඇති ආවරණයෙන් ආවරණයට, ඒ කියන්නේ, මේ පඳුරු ගොඩ ළඟ ඉඳලා, අර පේන ලොකු ගහ ගාවට, ඊළඟට තව ටැංකියක් අර පේන පොඩි කඳු ගැටයේ මුවාවට, ඔන්න ඔය වගේ කෙටි දුර ප්‍රමාණයන්, හැකි උපරිම වේගයෙන් ඉදිරියට යාම. මෙහිදී වේගය වැඩියි, හැබැයි අනතුරුදායක බවත් වැඩියි.  

   ඉතිං ඒ කියන්නේ යුද්ද ටැංකි යුදබිමේ නිකම්ම ඉස්සරහට යවනවා පුලුවන්නම් ගහපියව් නැත්තං මැරියව් කියලා?

   නෑ නෑ අනේ. යුද්ද ටැංකි එහෙම තනි කරන්නේ නැහැ. යුද්ද ටැංකි වලට පිටිපස්සෙන් BTR, BMP, වගේ එව්වා යවන්න පුළුවන් යාන්ත්‍රික පාබල සෙබළුන් සමග. යුද්ද ටැංකි පහර එල්ල කරන අතර, යාන්ත්‍රික පාබල සොල්දාදුවන්ට පුළුවන් භූමිය අත්පත් කරගන්න. එතකොට ප්‍රහාරක හෙලිකොප්ටර් යොදවන්න පුළුවන් සතුරු යුද ටැංකි වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න. යුද භූමියේ පසුපස තිබෙන විශාල කාලතුවක්කු වලට පුළුවන් ආධාරක වෙඩි බලය ලබාදෙන්න. ඒ වගේම MBRL සහ මිසයිල් සහයත් ලබාගන්න පුළුවන්. 

   මොනවද ලෝකයේ තියන හොඳම යුද්ධ ටැංකි. දන්නවනේ ඉතිං බොහොමයක් රටවල් කියන්නේ අපේ එව්වා තමයි හොඳම කියලා. මෙන්න මෙතන තියනවා දැනට ලෝකයේ තිබෙන හොඳම යුද්ධ ටැංකි දහයේ විස්තර. ඒවා එකින් එක විස්තර කරන්න ගියොත් තවත් ලිපි කීපයක් ලියන්න වෙනවා.

   හොඳයි. කවුද යුද්ද ටැංකියේ හතුරෝ? ලෝකයේ කොයි ජගතාටත් හතුරෝ ඉන්නවනේ. බුදුහාමුදුරුවන්ටත් දේවදත්තයා විසින් ගල් පෙරළුවනේ. ඉතිං එහෙව් එකේ යුද්ද ටැංකි ගැන කුමන කතාද? යුද්ද ටැංකි වලට හතුරෝ ගොඩක් ඉන්නවා. ඇත්තටම යුද්ද ටැංකිය බොහොම බරපතල අභියෝගයක්. දෙන්න ගත්තොත් දෙනවා ඔක්කොම සුන්නද්දූලි වෙන්ඩ. ඒ නිසා යුද්ද ටැංකියට එරෙහිව අවි ආයුද ගොඩක් නිපදවා තිබෙනවා. එකක් තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. මේ යුද ටැංකි නාශක බිම් බෝම්බ පිළිබඳව අපේ කාමරේ සිරා විශේෂයෙන් විමසීමක් කර තිබුනා. ඔන්න සිරා, ඒ ගැන විස්තරේ බලාගන්න. යුද ටැංකි වලට එරෙහිව මුලින්ම ආව හතුරා තමයි පොළොවේ හාරන මහා අගල්. අඩි 10 ක් විතර පළල, ඒ තරම්ම විතර ගැඹුරු අගල් හාරනවා, යුද්ද ටැංකි වලට එන්න බැරිවෙන්න. දෙවැනි ලෝක යුද සමයේදී නම් මේ ක්‍රමය සාර්ථක වුණා. නමුත් දැන් තියන යුද ටැංකි වලට, ආධාරයට ගෙනයන පාලම් ගැන මම පළමු ලිපියේදී කිවා මතක ඇතිනේ. ඒ නිසා එවැනි අගල් ඇද එතරම් අභියෝගයක් නෙවේ. මතකද එල්.ටී.ටී.ඊ. එක, අවසාන සටන පැවති කාලයේ, බුල්ඩෝසර් යොදවා මගා අගල් සහ පස් බැමි හදලා තිබුණා. නමුත් වැඩක් වුණේ නැහැනේ. 


TM-46_AP-mine.JPEG


tellermine-t-mi-42


   ඊළඟට පරණම ක්‍රමය තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. ඒ ක්‍රමය නම්, දෙවැනි ලෝක යුද සමයේ සිට අද දක්වාම පාවිච්චි කරනවා. මේ බෝම්බ එදා නම් තිබුණේ පොළොවේ වලලා තැබුවාම ටැංකියේ බර නිසා ඇතිවන පීඩනයෙන් පිපිරීමට ලක්වන ආකාරයටති අදත් ඒ ක්‍රමය තිබෙනවා නමුත් ටැංකියට යට නොවුනත්, ටැංකිය ගමන් කරන විය පොළොවේ ඇතිවන කම්පනය නිසා පුපුරන බිම්බෝම්බ වගේම, නොගැඹුරු වලක් හාරා යන්තම් වසා දමා තිබෙන බෝම්බ වර්ගයක් තිබෙනවා, ටැංකිය ඒ බෝම්බය අසළින් යනවිට කාන්දම් බලයෙන් ඇදීගොස් ටැංකියේ ඇලී, පුපුරන ආකාරයට සකස් කර තිබෙන.


   ඉතිං කොහොමද මේ මාරයාගෙන් ගැලවෙන්නේ. ඒ සඳහා සමහර යුද ටැංකිවල විශේෂ උපකරණ සවිකර තිබෙනවා. ඒවා හරියට විශාල නගුල් වගේ. ඒවාගෙන් පොලොව හාරමින් ටැංකිය ඉදිරියට යනවා. එතකොට පොළොවේ වළලා තියන බිම්බෝම්බ පුපුරනවා. නැත්නම් ඉවතට තල්ලුවෙනවා. මේ තියෙන්නේ එවැනි උපකරණ සහිත ටැංකි. 


M1 Abrams tank with mine plow_ in forest camo _front_


RKMprotoType
   

  නමුත් අද කාලේ මෙහෙම හෙමින් වැඩ කරලා බැහැ. වේගයෙන් යන්න ඕනෙ වෙනවා. ඒ සඳහා නවීන ක්‍රම වැඩිදියුණු කර තිබෙනවා.  මෙහිදී කරන්නේ, යුද ටැංකියේ සිට, රොකට් වෙඩිල්ලක් මගින්, මහත කඹයක් වැනි දෙයක්, යුද ටැංකිය යාමට අවශ්‍ය දෙසට යවනවා. ඒ කඹය වැනි දේ හරියට, රතිඤ්ඤා කරලක නූල වගේ දෙයක්. ඒ කඹය බිම දිගේ ඉදිරියට වැතිරී ගියාට පසු, ටැංකියේ සිට ලබාදෙන විදුලි කම්පනයකින් මුළු කඹයම එකවර පුපුරවා හරිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොළොව යට වලලා තියන බෝම්බ පුපුරා යනවා. දැන් බයනැතුව යුද්ද ටැංකියට ඉස්සරහට යන්න පුළුවන්. මේ ක්‍රමය හඳුන්වන්නේ ජයන්ට් වයිපර් - Giant Viper කියලා. මේ ක්‍රමයෙන් ඉතා කෙටි කාලයකින් මීටර් දෙතුන් සියයක දුරක් ආරක්‍ෂිත කරගන්න පුළුවන්. පහළ තියන වීඩියෝ එකේ පළමුවැනි විනාඩිය පමණක් බැලුවත් ඇති. 






  බිම් බෝම්බ වලට වඩා බලවත් භයානක සතුරන් ඉන්නවා, යුද්ද ටැංකි ගිලගන්න කට ඇරගෙන දත් විලිස්සාගෙන. ඒවා අතර මුලින්ම තියෙන්නේ යුද ටැංකි නාශක සැහැල්ලු අවි - Light Ant Tank Weapons = LAW කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මේ සඳහා තුවක්කු වර්ග මෙන්ම රොකට් වෙඩිත් යොදාගන්නවා. යුද ටැංකියක සන්නාහය පසාරුවන පරිදි වෙඩි තැබීමට හැකි තුවක්කු තිබෙනවා. නමුත් ඒ තුවක්කු වලට අභියෝග කරන්න පුළුවන් සන්නාහයන් වර්තමාන යුද ටැංකි වලට තිබෙනවා. මේ තියෙන්නේ යුද ටැංකි වලට පහර දෙන්නට හැදූ තුවක්කු කීපයක්.


Screenshot (5)


Screenshot (6)


Screenshot (7)


   ඔබ බොහෝ දෙනෙක් දන්නා, ආර්.පී.ජී. RPG = Rocket Propelling Grenade කියන්නේ යුද ටැංකි නාශක අවියක්. එයින් ගොඩනැගිලි වලටත් පහර දෙන්නට පුළුවන්. LAW නමැති වර්ගීකරණයට අයත් අවි, සාමාන්‍යයෙන් උරහිස මත තබාගෙන වෙඩි තැබීමේ ක්‍රමයටයි සකසා තිබෙන්නේ. එමෙන්ම ඒ අවි වලින් වෙඩි තියන්නේ රොකට් බලයෙන් ඇදීයන බෝම්බ පාවිච්චි කිරීමෙන්. මේ අවි වර්ගයේ පැරණිම සාමාජිකයෙක් තමයි පහත දක්වන්නේ. 1948 දී ස්වීඩනයේ නිෂ්පාදිත මේ අවිය හඳුන්වන්නේ කාර්ල් ගුස්ටාව් යනුවෙන්.


Screenshot (8)



   පහත දක්වන්නේ ආර්.පී.ජී.7 අවියයි.
450px-Rpg-7-1-
MSF Marines Continue to mentor and train the ANA


  මීටත් වඩා භයානක අවි වලට අද කාලයේ යුද ටැංකි වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ තමයි විවිධාකාරයේ මිසයිල් වර්ග. ලිපිය තව දුරටත් දීර්ඝ නොකර ඉතා කෙටියෙන් ඒ ගැන කියන්නම්. ප්‍රධාන වශයෙන් යුද ටැංකි නාශක මිසයිල් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එක වර්ගයක් තමයි ගොඩබිම සිට එල්ල කරන මිසයිල්. Anti Tank Missile = ATM. ඒවා කර මත තබාගෙන හෝ තවත් යුද ටැංකියක සිට හෝ මිසයිල් යැවීම සඳහාම සැකසු සන්නද්ධ රථයක සිට හෝ එල්ල කරන්න පුළුවන්. එමෙන්ම මේ මිසයිල්, ඉලක්කය වෙත යාම, අවශ්‍ය ආකාරයට හසුරවන්න පුළුවන්. ඒ නිසා ඒවා හඳුන්වන්නේ Anti Tank Guided Missile = ATGM යනුවෙන්. අනෙක් වර්ගය තමයි ගුවනේ සිට, ඒ කියන්නේ ගුවන් යානයක හෝ හෙලිකොප්ටරයක සිට එල්ල කරන මිසයිල්. 


1280px-Army-fgm148



kornet



Stryker-TOW-Missile


rooivalk5


   මෙවැනි කුමන ආකාරයේ තර්ජන තිබුනත් ලෝකය පුරාම යුද ටැංකි පාවිච්චි කිරීම කිසිසේත් අඩුවී නැහැ. ඉතා රහසිගතව යුද ටැංකි තාක්ෂණය දියුණුවෙමින් පවතින අතර රේඩාර් වලට හසු නොවන, ශබ්දයෙන්ද අඩු යුද ටැංකි නිපදවීමට ඇද සමහර රටවල් සමත්වී තිබෙනවා. ලිපිය අවසන් කරන්නට මත්තෙන් අපි සළකා බලමු යුද ටැංකි පාවිච්චි කිරීමේ වාසි සහ අවාසි මොනවාද කියා.

වාසි

   භට පිරිස් විශාල වශයෙන් අනතුරට පත් නොකර සටන් කිරීමේ උපකරණයක් ලෙස වැදගත් තැනක් ලැබෙනවා. සතුරා තුළ භීතිය ඇතිකර පලවා හරින්නටත් හැකිවීම වාසියක්. විශාල වෙඩි බලයක් තිබෙන නිසා, භට පිරිස් රාශියක් යෙදවිය යුතු කාර්යයක් යුද ටැංකියකින් දෙකකින් කරගන්න පුළුවන්. රළු භූමියක, ගමන්කරන්නට අපහසු තැන්වලට ගොස්, ප්‍රහාර එල්ල කිරීමට හැකිවීමත් වාසියක්. සෙබළුන් විසින් ළඟටම ගොස් විනාශ කලයුතු ඉලක්ක, ඈත සිට විනාශ කරන්න යුද ටැංකියකට පුළුවන්. ප්‍රතිවාදී යුද ටැංකි වලට අභියෝග කරන්නට හැකිවීමත් වාසියක්.


අවාසි

   යුද ටැංකි නිෂ්පාදනය සහ නඩත්තුව වියදම් ඉතා අධික කාර්යයක්. ඒ වගේම තමයි යුද ටැංකියක නඩත්තුව සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිසක් යුද ටැංකිය යන යන තැන් වලට ආසන්නව ඉන්න ඕනෙ. වාහනයක් වගේ පහසුවෙන් ගලවා සවි කරන්න බැහැ. කාලය සහ ශ්‍රමය අධික ලෙස වැයවෙනවා. ඉන්ධන සැපයුමත් ලේසි නැහැ. යුද ටැංකියක ඉන්ධන පරිභෝජනය ඉතා අධිකයි. ඉතිං අමතර ඉන්ධන යුද බිමේ තියාගන්න ඕනෙ. එක හරිම කරදරයක් සහ අනතුරුදායක වැඩක්. ක්‍රියාකරුවන් පුහුණුවත් විශේෂඥ පුහුණුවක්. හදිසියකදී ක්‍රියාකරුවන් තුවාල වුනොත් ටැංකිය යුද මෙන් ඉවත් කරගැනීම ප්‍රශ්නයක්. බර ඔසවන හෙලිකොප්ටරයක්වත් අවශ්‍ය වෙනවා ඒ වෙලාවට. ඒ වගේම තමයි යුද්ධ ටැංකියකින් පිටවන අධික ශබ්දය. මේ නිසා රහසිගතව සටනට යන්න යුද්ධ ටැංකියකට බැහැ. එයත් අවාසියක්. 

   ඔන්න ඉතිං එහෙනම්, යුද ටැංකි ගැනත් ඔබට යමක් කියලා දුන්නා. මා හිතනවා, යුද ටැංකි ගැන ඔබේ හිතේ තිබුණ බොහොමයක් අදහස්, මේ ලිපිය කියවීමෙන් පසු වඩාත් වෙනස් වන්නටත්, පුළුල් වන්නටත් ඇතැයි කියා.  එහෙනම්, යුද ටැංකි කතාව මෙතෙකින් අවසන් කරනවා.


my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 26 දින 0112 පැය

14 August 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three)


    යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් තියනවනේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසටත්දෙවැනි කොටසටත්, ඔබෙන් ලද දිරිගන්වන සුළු ප්‍රතිචාර වලට, මගේ කෘතඥතාව පළ කරන අතර, තුන්වැනි කොටසද ඔබට මෙලෙස පිළිගන්වනවා.

  මේ කොටස තරමක් ප්‍රමාද වුණේ, ඉහළට ඉගෙන ගන්නා ඥාති දියණියකට, නිබන්ධනයක් සැකසීම සඳහා, විශේෂ වෙහෙසක් දරා, දිවා රෑ නොබලා අන්තර්ජාලයෙන් සොයා, කරුණු කියාදීමටත්, පරිගණකයෙන් ලේඛනගත කොට, ඉන්පසු අවශ්‍ය 'පවර්පොයින්ට්' ඉදිරිපත් කිරීමේ පිටපතද සකසා දීමටත්, සිදුවුණ නිසයි. පිටු සියයකට වඩා ටයිප් කිරීමත්, පින්තූර සංස්කරණයත්, හරිම වෙහෙසකර වුණා. 

   අදනම් වැඩිය චූර්ණිකා නැතුව කෙළින්ම කතාවට බහිනවා. විස්තරය ටිකක් දීර්ඝ නිසා. අද මම මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ යුද්ධ ටැංකි වර්ගීකරණය ගැනයි. මතකද අපි කාලතුවක්කු ගැන කතා කරද්දීත්මැෂින් තුවක්කු ගැන කතා කරද්දීත්, ඒවාගේ වර්ග කිරීම් ගැන කතාකළා. ඒ අවස්ථා දෙකේදීම අපි දැක්කේ, ප්‍රධාන වශයෙන්,
  • සැහැල්ලු,
  • මධ්‍යම ප්‍රමාණයේ, සහ
  • බර, හෙවත් විශාල ප්‍රමාණයේ,
   යනුවෙන් කාලතුවක්කු මෙන්ම මැෂින් තුවක්කුද වර්ගීකරණය කරන බවයි. ඇත්ත වශයෙන් මේ ආකාරයට යම් යම් උපකරණ, යන්ත්‍ර, ආයුධ, වැනි දෑ පමණක් නොව, විවිධ විෂයයන් යටතේ ගැනෙන වර්ගකිරීමත් එක්තරා ශාස්ත්‍රයක්. එය වර්ගීකරණ විද්‍යාව taxonomy  යනුවෙන් හැඳින්වෙනවා. යුද්ධ ටැංකි සම්බන්ධයෙනුත් ඒ න්‍යාය ඒ ආකාරයෙන්ම තමයි පාවිච්චි කරන්නේ. එහිදී යුද්ධ ටැංකියේ ප්‍රමාණය size පමණක්ම නෙවෙයි වැදගත් වන්නේ, එහි ප්‍රහාරක ශක්තියත් assault capability ඉතා වැදගත්. මෙය හඳුන්වන්නේ යුද ටැංකි වර්ගීකරණය - Battle Tank Classification යනුවෙන්. විශේෂයෙන්ම යුද ටැංකියක බර සහ විශාලත්වය අනුව සැහැල්ලු, මධ්‍යම, බර, යනුවෙන් වර්ගීකරණය මුලින්ම ඇරඹුණේ පළමුවැනි ලෝක යුද සමයේදී. දෙවැනි ලෝක යුද සමයේදීත් ඒ ක්‍රමයම අනුගමනය කළා.

   අපි දැන් වර්තමානයේදී යුද ටැංකි වර්ගීකරණය කරන ආකාරය සළකා බලමු. හැබැයි අද තත්වය තරමක් සංකීර්ණයි. නමුත් මම ඔබට ඒ සියල්ල කියන්නේ ඉතා සරලව. අද යුද ටැංකි වර්ග කිරීමේදී ටැංකියේ ස්වභාවය සහ ඉටුකරන කාර්යභාරය යන කරුණු දෙකම් එකසේ සලකා බලනවා. අපි ඒ ඔස්සේ කෙටියෙන් කරුණු සලකා බලමු.


භටපිරිස් ප්‍රවාහනය, මුර සංචාර,
  වැනි කටයුතු සඳහා යොදන සන්නද්ධ රථ
  APC / APV / BTR

    යුද පිටියේදී, පාබල හමුදා භටපිරිස්, පයින්ම ගමන් කරන්න ගියොත් සමහර අවස්ථා වලදී, ඉතා අවාසිදායක වෙන්න පුළුවන්. ඒ නිසා යුද ටැංකියක් වැනි, ඝන තහඩු ආවරණයකින් යුත් රථයක ආරක්‍ෂාකාරීව දමා භටපිරිස් යැවීම වාසි සහිතයි.  ඒ විදිහට සන්නද්ධ රථවලින් ගිහින් සටන් කරන පාබල හමුදාව හඳුන්වන්නේ 'යාන්ත්‍රික පාබල හමුදාව' - Mechanized Infantry කියලයි. අපේ රටෙත් තියනවා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක්. එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.

   ඒ ඒ රටේදී සහ ඒ ඒ හමුදා න්‍යායන් අනුව මේ සන්නද්ධ රථ, විවිධ නම් වලින් හැඳින්වුවත්, කරන්නේ එකම රාජකාරිය.

i   Armoured Personnel Carrier =  APC
ii  Armoured Personnel Vehicle = APV
iii бронетранспортер = BTR මෙය රුසියානු නමක්. ඉංග්‍රීසි තේරුම armoured transporter කියන එකයි. මම පෙන්නන්නම් අපේ හමුදාව පාවිච්චි කරන මේ වගේ රථයක්. 

BTR-80A_(3)

   මෙය BTR 80 මෝස්තරයේ සන්නද්ධ රථයක්. තඩි තුවක්කුවකුත් තියනවා වටේටම වනන්න පුළුවන්. මේක ඇතුළේ හුඟක් දෙනෙකුට යන්න බැහැ. නමුත් ඉතිං මෙව්වා එකක් නෙවෙයිනේ යන්නේ එක වරකට. අනික මෙව්වට වතුර පාරකින්, ජලාශයකින් ගොඩ යන එක එහෙම කජු කනවා වගේ වැඩක්. මේකේ පසුපස තියනවා බෝට්ටුවක වාගේ පොඩි තල බමන දෙකක්. මෙහි දොරවල් වැහුවම ජලරෝධක හෙවත් water seal වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මෙව්වගෙ වටිනාකම තේරෙන්නේ.

BMP-2-Satluj during Ex-Pine Prahar

btr-4_wheeled_armoured_personnel_carrier_Morozov_Ukrainian_Ukraine_rear_back_side_view_001

   පිටින් ප්‍රහාර එල්ල වෙන්නේ නැති වෙලාවට මේක ඇතුළේ යන අයට අමතරව, මේක උඩ නැගලත් යන්න පුළුවන් සෑහෙන භට පිරිසකට. මේ රෝද වලට වෙඩි වැදුණත්, බිම් බෝම්බයකට අහුවුනත්, සෑහෙන දුරක් යන්න පුළුවන් ආපදාවක් නැතුව. සාමාන්‍ය ෆෝ වීල් රථයක් 4 x 4 කියනවා වගේ, මේ රථය 8 x 8 රථයක්. තාක්ෂණික විස්තර කෙටියෙන් මෙහෙමයි.
  • වර්ගීකරණය : භටපිරිස් ප්‍රවාහන සන්නද්ධ රථය Armoured Personnel Carrier = APC
  • නිෂ්පාදිත රට : එදා සෝවියට් සමූහාණ්ඩුව අද රුසියාව
  • නිෂ්පාදනය : 1984 අද දක්වා සේවයේ යොදවා ඇති සන්නද්ධ රථයකි.
  • බර : මෙට්‍රික් ටොන් 13.6  යි
  • දිග : මීටර් 7.7 යි
  • පළල : මීටර් 2.9 යි
  • උස : මීටර් 2.41 යි
  • කාර්ය මණ්ඩලය : 3 යි
  • කාර්ය මණ්ඩලය හැර, යාමට හැකි භට පිරිස : 7 යි
  • ප්‍රධාන තුවක්කුව : මිලිමීටර් 14.2 KPVT
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.76 PKT
  • එන්ජිම : අශ්වබල 260 ඩීසල් එන්ජිමකි
  • සම්පූර්ණයෙන් තෙල් පුරවා යාහැකි උපරිම දුර : කි.මී. 600 යි
  • උපරිම ධාවන වේගය : ගොඩබිමදී පැ.කි.මී 80 - 90 පමණ. ජල තරණයේදී පැ.කි.මී. 10 යි
 
 
 
සටන් කිරීම සඳහා යොදවන සන්නද්ධ රථ (ටැංකි) 
     Armoured Fighting Vehicles

     මේ වගේ සන්නද්ධ රථ යොදවන්නේ යුද බිමේ තිබෙන විවිධ වර්ගයේ සතුරු වාහන, යුද ටැංකි ආදියට ප්‍රහාර එල්ල කරන්නයි. අපේ හමුදාව පාවිච්චි කරන මෝස්තරයක්ම පෙන්නන්නම්.  BMP stands for Boyevaya Mashina Pekhoty (Russion Боевая Машина Пехоты =  БМП) meaning "infantry fighting vehicle"

Bmp-1-DMSC9112086_JPG

තාක්ෂණික විස්තරය;
  • වර්ගීකරණය : පාබල හමුදා සටන් වාහනය (Infantry Fighting Vehicle)
  • නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • මුල් වරට නිෂ්පාදනය කල වර්ෂය : 1966 (දැන් තියෙන්නේ අලුත් මෝස්‌තර)
  • බර : මෙට්‍රික් ටොන් 13.6 යි
  • දිග : මීටර් 6.735 යි
  • පළල : මීටර් 2.94 යි
  • උස : මීටර් 2.068
  • ක්‍රියාකරුවන් ගණන : 3 යි
  • ආවරණ සන්නාහයේ ඝනකම : මිලිමීටර් 6 සිට 33 දක්වා
  • ප්‍රධාන තුවක්කුව : මි.මී. 73 2A28 GROM. (යුද ටැංකි නාශක රොකට් බෝම්බ)
  • අවශ්‍ය විට යුද ටැංකි නාශක මිසයිල් විදිනයක් සවි කල හැකියි.
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.62 x 51 බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : සිලින්ඩර් 6, සිව්පහර, ඩීසල්, අශ්ව බල 300, ජලයෙන් සිසිල් වන එන්ජිමකි. 2600 rpm
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ලීටර් 462 යි
  • සම්පූර්ණ ඉන්ධන පුරවා යා හැකි උපරිම දුර : කි.මී. 600 යි
  • සාමාන්‍ය භූමියක උපරිම වේගය : පැ.කි.මී. 65 යි
  • රළු භූමියක උපරිම වේගය : පැ.කි.මී. 45 යි
  • ජලයේදී වේගය : පැ.කි.මී. 7 - 8 අතර
 
   පොහ්......... පිස්සු හැදෙනවානේ? හැබැයි කතන්දරේ මෙතනින් ඉවර නැහැ.




සැහැල්ලු/මධ්‍යම පරිමාණ යුද ටැංකි
   Light/Medium Battle Tanks

   අපි පාවිච්චි කරන ජංගම දුරකථන වල තියනවා නේද 1G, 2G, 3G, ආදී වශයෙන්? යුද්ධ ටැංකි වලත් දැන් තියෙන්නේ 3G. ඒ කියන්නේ තුන්වැනි පරම්පරාවේ යුද්ධ ටැංකි. මීළඟට අපි බලමු තවත් වර්ගීකරණයක්. ඒ තමයි සමහර අවස්ථා වලදී සැහැල්ලු යුද ටැංකි යනුවෙනුත්, තවත් සමහර අවස්ථා වලදී මධ්‍යම පරිමාණ යුද ටැංකි යනුවෙනුත් හඳුන්වන ඒවා. මේ වර්ගීකරණයට වැටෙන, අපේ යුද හමුදාව පාවිච්චි කරන මෝස්තරය තමයි T 63 වර්ගයේ යුද්ධ ටැංකිය. මේවා විශේෂයෙන් යොදවාගන්නේ, වේගයෙන්, යුදබිමේ අහුමුලු වල රිංගා, බලාපොරොත්තු රහිත ප්‍රහාර එල්ල කිරීම පිණිසයි. 

TYPE-63A_40406

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : උභයචර සැහැල්ලු/මධ්‍යම යුද ටැංකිය Amphibious Light/Medium Tank
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය 
  • පළමුවැනි වරට නිෂ්පාදනය : 1963 දී
  • බර : මෙට්‍රික් ටොන් 19.83 යි
  • දිග : මීටර් 8.44 යි
  • උස : මීටර් 3.122
  • ක්‍රියාකරුවන් ගණන : 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳෙහි සැකසුම : මි මී 10 සිට 14 දක්වා ඝන යකඩ තහඩු වලින්
  • ප්‍රධාන තුවක්කුව : මි මී 85 ප්‍රමාණයේ 62-85TC වර්ගය
  • දෙවැනි තුවක්කුව : මි මී 12.7 ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : මෝස්තරය 12150 L, සිලින්ඩර් 12, ඩීසල්, ජලයෙන් සිසිල්වන, අශ්ව බල 450
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ඩීසල් ලීටර් 545 යි
  • සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ පසු : සාමාන්‍ය භූමියේ කි.මී. 370 ක්, රළු භූමියේ කි.මී 340 ක්, ජලයේ කි.මී. 120 ක්, යා හැකියි.
  • වේගය : සාමාන්‍ය භූමියේ පැ.කි.මී. 64 යි, රළු භූමියේ පැ.කි.මී. 30 යි, ජලයේ පැ.කි.මී. 12 යි.
 
 
 
 
 
මහා පරිමාණ යුද ටැංකි
   Main Battle Tanks (MBT)

   ඊළඟ යුද්ධ ටැංකි වර්ගය තමයි, මහ යුද්ධ ටැංකි හෙවත්, Main Battle Tank = MBT කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මෙයින්, 'මහාම මහා එව්වා' :D (Super Heavy Tanks) අපේ රටේ නැහැ. ගෙනල්ලා ඇති වැඩකුත් නැහැ. එව්වා ගැලපෙන්නේ, කිලෝමීටර සිය ගණන් විහිදුණු, මහ විශාල යුද භූමි ප්‍රදේශ තියන රටවලට. අපේ රටට ගෙනාවත්, හිඟන්නා අලියෙක් ගත්තා වගේ තමා නඩත්තු වියදම. (හුටා..............අපේ රටේ හිඟන්නෝ අපිට වඩා පෝසත් නේද? :D ඔය පත්තරවල තියෙන්නේ විස්තර) මේ යුධ ටැංකි මහා පරිමාණ යුද ටැංකි යනුවෙන්, මෙහෙම එක නමකින් තිබුනාට, ලෝකයේ ඒ ඒ රටවල නිපදවා ඇති විවිධ ප්‍රමාණයේ ටැංකි, බලසම්පන්න බව අතින් එකිනෙකට බොහොම වෙනස්. ලෝකයේ තිබෙන සමහර ටැංකි, කෙබඳු ආකාරයක ඒවාද යන්න තවමත් රහසක්. අපේ අසල්වැසියා වන ඉන්දියාවත්, 'අර්ජුන්' නමින්, මහා බලසම්පන්න ටැංකියක් හදලා තියනවා. ලෝකයේ දැනට තිබෙන හොඳම, මහා පරිමාණ යුද ටැංකි 10 ගැන මෙතනින් විස්තර බලන්න පුළුවන්. අපේ යුද හමුදාව, T 55, T 55 AM2, සහ T 69 යන වර්ග තුනට අයත්, මහා පරිමාණ යුද ටැංකි පාවිච්චි කරනවා. අපි බලමු T 69 යුද්ධ ටැංකිය කොහොමද කියලා.

Type_69_China_SUDB_001

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : මහා පරිමාණ යුද ටැංකිය MBT
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය
  • සැලසුම් කිරීම : 1963 - 1974 කාලයේදී
  • සේවයේ යෙදවීම  : 1982 දී
  • බර : මෙට්‍රික් ටොන් 36.7 යි
  • දිග : මීටර් 6.24 යි
  • පළල : මීටර් 3.3 යි
  • උස : මීටර් 2.8 යි
  • ක්‍රියාකරුවන් ගණන ; 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳ සාදා ඇති සන්නාහ තහඩුවේ ඝනකම : මි.මී. 203 යි
  • ප්‍රධාන තුවක්කුව මි.මී. 105 තුවක්කුව
  • දෙවැනි තුවක්කු : මි.මී 7.62 සහ 12.7
  • එන්ජිම : අශ්ව බල 580 ඩීසල්
  • උපරිම ගමන් දුර : කි.මී. 440 යි
  • වේගය : පැ.කි.මී. 50 යි
 
   ලිපිය අවසන් කරන්නට මත්තෙන් ඔබට කරුණු කීපයක් අවධාරණය කරන්නට කැමතියි. මා මෙහි දක්වා ඇත්තේ ඉතා සරල විස්තරයක්. යුද ටැංකි වර්ගීකරණය මීට වඩා අතිශයින් සංකීර්ණයි. ඒ සියල්ල දැක්වීමට නම් ලිපි හත අටක් වත් ලියන්න වෙනවා. නමුත් එය අනවශ්‍ය ක්‍රියාවක්. මේ පිළිබඳව සාමාන්‍ය දැණුමක් ලබාගන්නට මේ විස්තර ඇති. ඊළඟ ලිපියෙන් අපි ලෝකයේ තියන සුපිරි යුද ටැංකි බලමු. ඒ වගේම යුද ටැංකි පාවිච්චි කරන හැටිත් ඉගෙන ගනිමු.
 
my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 14 වැනි දින 0027 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }