හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 June 2014

ඊළාම් යුද සිරකරුවෝ - වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියක් - The POWs of The Eelam War


Ruwan-M_-Jayatunge-150x150
     නව සංස්කරණය 2014 ජූනි මස 29 වැනි දින 

   මෙම ලිපිය පල කිරීමෙන් පසු, මා සහ වෛද්‍ය ජයතුංග අතර ඇතිවූ අදහස් හුවමාරු වලින් පසුව, ලිපිය සංස්කරණය කිරීම සුදුසු බව පෙනීගිය බැවින්, නව සංස්කරණයක් ලෙස මෙසේ නැවත ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න. තවද ලිපියේ සිංහල සංක්ෂිප්තයක් ද ඇතුළත් කර ඇත.  


වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපි සහ පොත්පත් ගැන මීට පෙර මා ඔබ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ වෙනත් සාහිත්‍ය නිර්මාණ කීපයක්ද මා ඔබවෙත ගෙන ආවා. එබැවින්, මේ අඩවියට පැමිණෙන ඔබට, ඔහු අමුත්තකු නොවෙයි. තිස් වසරක් තිස්සේ, අප රට ගිලගෙන තිබුණු කුරිරු ඊලාම් යුද්ධය, තවත් පරම්පරා ගණනකට අපේ මතකයෙන් ඈත නොවන බව, මා අමුතුවෙන් ඔබට කිවයුතු නැහැ.


   වෛද්‍ය රුවන් එම් ජයතුංග ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර දැනට ඔහු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදෙන අතර  මානසික සෞඛ්‍යය පිලිබඳව පර්යේෂණ ව්‍යාපෘතියකද​ සේවය කරයි. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD ) පිලිබඳව පොත් කිහිපයක් මෙන්ම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා තිබේ. මෙම ලිපිය ඊලාම්  යුද්ධයේදී යුද සිරකරුවන් වූ   ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් පිලිබඳ අධ්‍යනයකි.   දැනට ඊලාම් හිතවාදී ශාස්ත්‍රාලීය උගතුන් විසින්  ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් ක්‍රෑර ම්ලේච්ඡ  යුධ අපරාධකරුවන් පිරිසක් ලෙස ශිෂ්ට ලෝකයා ඉදිරිපිටදී නිරුවත් කරද්දී ඊලාම් යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් සත්‍ය වශයෙන්ම අත්විඳි   ක්‍ෂිතිමය අත්දැකීම් ලොවට හෙලි කිරීමට ගත් හුදකලා වෑයමක් ලෙස මෙම ලිපිය හඳුන්වා දිය හැකියි.

  වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙසේ අවධාරනය කරයි

   යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ. ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත.  එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ PTSD හා ඊට සම්බන්ධ මනෝ සමාජීය  අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම (Survival Guilt)  ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු., ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම හා ධෛර්යය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි අතර, ලෝකයේ දීර්ඝතම හා භයානකමවූ සන්නද්ධ ගැටුමක සටන් කල ඔවුහු අන්තිමේදී පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. එම ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට මිල කල නොහැකි වටිනාකම් පුදකිරීමට සිදු විය. දශක තුනක් තිස්සේ පැවති යුද්ධය හේතුකොටගෙන බොහෝ රණවිරුවන් කායික හා මානසික රෝගීන් බවට පත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොවුන් විසින් කරන ලද කැපකිරීම් සමාජය විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අමතක කර දමමින් සිටී.

     වෛද්‍ය ජයතුංගගේ නිර්මාණ පිළිබඳව මේ අඩවිය තුළින්, මා මීට පෙර ප්‍රසිද්ධිය ලබා දුන් බවත් ඔබට මතක ඇති. මේ එයින් කීපයක්.  


   මෙවර මා ඔබ වෙත ගෙන එන්නේ පසුගිය ඊලාම් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද සිරකරුවන් බවට පත්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකු පිළිබඳව මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරමින් වෛද්‍ය ජයතුංග විසින් කර තිබෙන පර්යේෂණාත්මක ලිපියක්. මුලින්ම අපි ඒ ලිපියේ සිංහල සංක්ෂිප්තයක් කියවමු.



POWS in Sinhala_pagenumber.001

   POWS in Sinhala_pagenumber.002


 POWS in Sinhala_pagenumber.003



POWS in Sinhala_pagenumber.005


මේ තිබෙන්නේ මෙම ලිපියේ මුල් කෘතිය වන ඉංග්‍රීසියෙන් ලියවුන ලිපියෙන් උපුටාගත් කොටස්


1

2

3

4

5


   ලිපියේ ඉතිරි කොටසේදී වෛද්‍ය ජයතුංග මේ සිද්ධි දාමය පිළිබඳව සවිස්තරාත්මක සහ ගැඹුරු විග්‍රහයක යෙදෙනවා. මා ඔබට ඇරයුම් කරනවා සම්පූර්ණ ලිපිය පහත ඇති සබැඳියාවෙන් ලබාගෙන කියවා ඔබේ අදහස් මෙහි දක්වන ලෙස. මා එම අදහස් වෛද්‍ය ජයතුංගගේ අවධානයට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා.




my-signature-for-blog[1]   2014 ජූනි මස 28 වැනි දින 1324 පැය

24 comments :

  1. මට මතකයි මව්බිමේ යනව මේ මාතෘකාවට සමාන කතාවක්...
    මතක විදියට පොලිසි අය සෙට් එකක් එල් ටී ටී ඊ කදවුරක හිරකරන් හිටපු කාලෙ ගැන එයාලගෙ ස්වයං විවරණයක්..
    ඒක කතාව හොදයි ඒත් ටිකක් ඒක පාක්ෂික වැඩියි..

    ReplyDelete
  2. මේ ලිපියේදී මේ කතුවරයා විස්තර කරන්නේ සිද්ධිය සහ එහි මනෝවිද්‍යාත්මක පැත්ත. බොහොම රසවත් දේවල් තියනවා.

    ReplyDelete
  3. පරිවර්ථනය කරගෙන කියවීම නම් තරමක් වෙහෙසකරයි. ඒ නිසා ගොඩක් අයට කියවීමේ අවස්ථාව නැතිවෙයි. පුලුවන්නම් විචාරක තුමනි, මේවා පරිවර්ථනය කරල දාමු. යෝජනාවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ අදහසක්. මටත් සමහර අවස්ථාවලදී වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් පරිවර්තනය කිරීම ගැටළුවක්. කෙසේ වෙතට් මම මේ ගැන වෛද්‍ය ජයතුංගව දැණුවත් කරන්නම්. ඔහුගේ අවසරයක් නැතිව පරිවර්තනය කිරීම සුදුසු මදි නේද?

      Delete
  4. Thank you Sir .....4 giving us this information .....

    ReplyDelete
  5. බොහොම ස්තුතියි සර් මේ දේවල් අපි එක්ක බෙදාහදාගත්තට ..

    ReplyDelete
    Replies
    1. සියලු දෙනාගේ ප්‍රයෝජනය සඳහා සිංහල පරිවර්තනයක් කරන්න උත්සාහ කරනවා පසුව එන ලිපි වලදී.

      Delete
  6. විචාරකතුමනි...... මං කලින් කියවල තිබුන , මෙතුමාගේ ලිපි කීපයක් ශ්‍රී ලංකා ගාර්ඩියන්ස් වෙබ් සයිට් එකෙන්..... රුවන් ජයතුංග මහතා, ලංකාවට අයිති සම්පතක් වුවත් , බුද්ධිගලනය සංකල්පයට අනුව. එතුමා නැවත ලංකාවට එන්නේ නැ.

    මං හිතන්නේ අපේ අයගේ වරදින්.....

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් ඔහු තවම ස්ථිර තීරණයක් ගෙන නැහැ පිටරට පදිංචි වෙන්න. සමහරවිට කාලීනව ඔහු වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. නමුත් එවැන්නන් අපට අහිමිවීම නම් බලවත් පාඩුවක්.

      Delete
  7. මේ වගේ දේවල් බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි. කලින් ලිපි වගේ එක හුස්මට කියවල ඉවර කරන්න බැරි පොස්ට් එකක්. සම්පූර්ණයෙන්ම කියවල ඉවර වෙලා දැනෙන දේ කියන්නම්.ටික දවසක් යයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේවා හඳුන්වාදීම් පමණයි. මේ ලිපිය බාගෙන පසුව විවේක ඇති වෙලාවක කියවීම තමයි වඩාත් සුදුසු. ස්තුතියි ඔබට.

      Delete
  8. අපොයි අද නං කියෙව්වේ නැහැ.. කුරුටු අකුරු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත දේශ්. කරන්න තියෙන්නේ ලිපිය බාගෙන පස්සේ හෙමීට කියවන එකයි.

      Delete
  9. හුඟක් ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි.

      Delete
  10. විචාරක....රුවන්ගේ ලිපි තුල මා දකින සුවිශේෂත්වය තමයි, ඔහු දකින මානුෂිකත්වය. මම ඊයේ පෙරේදාත් මගේ මල්ලිත් එක්ක මේ ගැන කතා කලා. ඔහු සඳහන් කලා..රුවන් සහ වික්ටර් අයිවන් අතරවූ සංවාදයක් ගැන. ඒ අයිවන් කල ප්‍රකාශයක් හා සම්බන්ධව. අපිට රුවන්ලා වගේ විෂ්ලේශකයන් වඩ වඩාත් අවැසි යුගයක් මේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහු මා සමග බොහෝවිට ඊ මේල් මගින් අදහස් හුවමාරු කරගන්නවා. ඔහු ලියන ලිපි බොහෝවිට මා වෙත ඊ මේල් මගින් එවනවා. මෙවැනි අය අපේ රටේ රඳවාගන්න වැඩපිළිවෙලක් නොතිබුනොත් තවත් බොහෝ අය අපට අහිමි වන්නේ ඔවුන්ගේ අගය වඩාත් තදින් දැනෙන මේ කාලයේදීමයි.

      Delete
  11. ඔක්කොම කියෙව්වා විචාරකතුමා...ඇත්තටම ඒ මනුස්සයො සියදිවි නසාගන්න හැදුවෙ නැත්නම් තමයි පුදුමේ.අර වගේ දීපු වද වේදනා ගැන කියවද්දි මගේ රෝම කූප කෙලිං උනා

    ReplyDelete
    Replies
    1. මෙතන විස්තර කෙරෙන්නේ තොරතුරු බොහොම ටිකයි. අපි දන්නා තොරතුරු කිව්වොත් ආයෙත් කළු ජූලියක් ඇතිවෙනවා.

      Delete
  12. පුංචි දුකක්වත් දරාගන්ට බැරි හිතක් තියෙන මට මේ අයගේ හිත් තුල ඇතිවෙන හැඟීම් හිතාගන්ටවත් බෑ. මේ ලිපි කියෙව්වාම දැනෙන්නේ දරාගන්ට බැරි වේදනාවක්.

    මේ වගේ විස්තර මහන්සිවෙලා අපි එක්ක බෙදාගන්න විචාරකට ගොඩක් පින්. ඒ පින් ගොඩෙන් බාගයක් අයිති රචකයාට. දෙන්නාටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපිට දුකක් දැනෙනවා තමයි. නමුත් මේ අය වෙනුවෙන් කළහැකි දේවලින් බොහොම ටිකයි ඉටුවී තිබෙන්නේ.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  13. මගේ කොමන්ටුව නැතෝ. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේකයි වෙලා තියෙන්නේ සංජීව. ඔබ කමෙන්ට් එක දාලා තියෙන්නේ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ. මේ මගේ බ්ලොගර් අඩවිය. අඩවි දෙකම බොහෝදුරට පෙනුමෙන් එක සමානයි. අපහසුතාවක් ඇතිවුනානම් කණගාටුව ප්‍රකාශ කරනවා. වර්ඩ්ප්‍රෙස් අඩවිය http://jangun.wordpress.com

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }