හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 May 2014

අපි දැකපු කාර් (හතරවැනි කොටස) Vintage Cars in Our Time (Part Four)


alvis     මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්දදෙවැනි කොටස මෙතැනින්දතුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න පුළුවන්. ඉතා දීර්ඝ ලිපි මාලාවක් ලෙස ඉදිරියට ගෙනයා හැකි නමුත්, මේ කොටසින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි මා සිතනවා.
අද ලිපිය ආරම්භ කරන්නේ, එදත් අදත් ජනප්‍රිය වාහන වර්ගයක් වන අපේ කටට හුරු උච්ඡාරණයෙන් කියනවා නම් පර්ජෝ Peugeot (මෙය Google translation එකේදී කියවුනේ 'පජියෝ' යනුවෙන්) ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මේ වාහන වර්ගයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බොහොම අභිමානවත් හා ශක්තිමත් වාහනයක් ලෙස මේ වාහන වර්ගය ප්‍රසිද්ධයි. මුලින්ම බලන්න පර්ජෝ ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.


cbleoag-15


   පර්ජෝ වාහන වල මට මතක තිබෙන පැරණිම මෝස්තරය වුණේ පර්ජෝ 203 මොස්තරයයි. පර්ජෝ වාහනන ඒ කාලයේ සිටම ලංකාවේ පොලිස් සේවය හා සම්බන්ධයි. මට මතකයි මේ 203 මෝස්තරය සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිළ රථය වශයෙන් ලබාදී තිබුන බව. 

  පර්ජෝ වාහන වල මෝස්‌තර අංකය එක්තරා රටාවකට අනුවයි සකසා තිබුණේ. ඒ රටාව අද දක්වා විකාශනය වී තිබෙනේ මේ පහත දැක්වෙන ආකාරයටයි.

104, 106, 107, 108 (නමුත් මුලින්ම හැදුවේ මේ මෝස්‌තර නෙවෙයි 201 සිට ඉදිරියට ඇති මෝස්‌තර) 
මේ රටාව අනුව යමින් ; 201, 202, 203, 204, 205, 206, 207 208
ඊළඟට; 301 සිට 309 දක්වා, සහ 401 සිට 408 දක්වා,
ඉන්පසු; 504, 505, 508
නැවත; 601,604,605, 607
අටසීය කාණ්ඩයේදී; 806 සහ 807
ඉන්පසු; 905, 907, 908
අවසාන වශයෙන්; 1007, 2008, 3008, 4007, 4008, 5008

   මේ සෑම මෝස්‌තර අංකයක්ම පින්තූර වලින් මෙහි දැක්වීමට මා අදහස් කරන්නේ නැහැ. ඒ කාලයේ ජනප්‍රිය වී තිබුණු මෝස්‌තර කීපයක් පහත දක්වනවා. මතකතබාගන්න මේ පහත මා දක්වන සෑම මොස්තරයක්ම පාහේ පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිළ වාහන ලෙස යොදාගැණුනා. 

peugeot-203

peugeot-403-04


peugeot-404-algerie-peugeot-404-algerie-big

peugeot-504-05


peugeot-304-coupe-05


peugeot-104-s-02

දැන් ඉතින් පර්ජෝ ගැන කතාකලා ඇති. අපි මීළඟට බලමු ෆියට් වාහන ගැන. ඉතාලියේ නිෂ්පාදිත ෆියට් වාහන ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබුණා. ඒ අතින් වඩාත් ජනප්‍රිය මෝස්තරයක් වුණේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බග් ෆියට් Bug Fiat යනුවෙන් හැඳින්වුන මෝස්තරයයි. මා මෙහි දක්වන්නේ, 1960 දශකයේදී දකින්නට ලැබුණු මෝස්‌තර පමණයි. මේ වාහන වලත් අර ෆොක්ස්වැගන් වාහන වල වගේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ෆියට් 1100 නමැති මෝස්තරයේ එන්ජිම තිබුණේ ඉදිරි පස.


5-FIAT


cars_other_1968-fiat-500_81181


MHV_Steyr-Fiat_600_01



01432Kraków


fiat-1100-10


   ඔබ දන්නවා ඇති බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මරණය සිදුවුණේ වාහන අනතුරකින් බව. එදා ඩයනා කුමරිය ගමන්ගත් වාහනය සමග ෆියට් වර්ගයේ වාහනයක් ගැටුන බව වාර්තා වුණා. ඒ ෆියට් යූනෝ (ඌනෝ?) වර්ගයේ සුදු පැහැති වාහනයක් බව කියවුණත්, ඒ වාහනය සොයාගැනීමට නොහැකිවුන බවත් වාර්තාවුනා. මේ පහත දක්වන්නේ ඒ වර්ගයේ වාහනයක්. මේ මෝස්තරය ලංකාවේ තවමත් එකක් දෙකක්වත් ඇති.


DCF 1.0


   ප්‍රංශයේ නිෂ්පාදිත රේනෝ Renault වාහන වලට අපි කිව්වේ 'රෙනෝල්ට්' කියලයි. මේ වාහන වර්ගයේ නව මෝස්‌තර 1980 දශකයේදී පවා ලංකාවට ආවා. නමුත් මා මෙහි පෙන්වන්නේ 1950 - 60 කාලයේදී අපි දුටු, රේනෝ ඩව්ෆින් Renault Dauphine (අපි කිව්වේ රෙනෝල්ට් ඩෝපින් කියලා)


renault4


Renault Dauphine


   1980 දශකයේ ආව රේනෝ 4 නමැති කාර් (පෙනෙන්නේ වෑන් එකක් වගේ) මෝස්තරයේ ගියර් දැමිල්ල හිනායන වැඩක්. හරියට කුඩ මිටක් වගේ තමයි ගියර් පොල්ල තිබුණේ. ඒක පස්සට ඇදලා අදාළ ගියරයට අනුව වමට හෝ දකුණට කරකවලා ආපසු දැමීම තමයි කරන්න තිබුණේ. හරි අමාරුවෙන් පින්තූරයක් හොයාගත්තා ඒ විකට ගියර් දැමිල්ල පෙන්වන.


OLYMPUS DIGITAL CAMERA

මීළඟට මගේ මතකයට එන වාහන වර්ගය වන්නේ වොක්ස්හෝල් Vauxhall  නමැති වාහන වර්ගයයි. මේ වාහන වර්ගයේ කුඩා ප්‍රමාණයේ වාහන නම් මට මතක නැහැ. මහ සද්දන්ත වාහන තමයි තිබුණේ. වෝක්ස්හෝල් ලාංඡනය සහ මගේ මතකයේ තිබෙන එම කාර් මෝස්‌තර දෙකක් මෙහි දක්වනවා.


vauxhall_logo_history


Vauxhall_Wyvern_1507cc_registered_September_1952


Vauxhall_Victor_FA_ca_1958


   පසුගිය කොටසේදී රවී සහ තවත් නිර්නාමික එක් අයෙක් මට මතක් කරලා දුන්නා තවත් වාහන දෙවර්ගයක් ගැන. ඒ තමයි ස්කෝඩා Skoda වාහන සහ DKW වාහන. මේ වාහන වර්ග දෙකම අපි කුඩා කාලයේදී දුටුවා මතකයි. චෙකොස්ලොවේකියා ජනරජය තමයි ස්කෝඩා වාහන වල ජන්ම භූමිය. ස්කෝඩා ලාංඡනය සහ වාහන පහත දක්වනවා. 


6-skoda-logo-evolution-history


440


Škoda_Felicia_Lahti


   DKW වාහනයේ ජන්ම භූමිය ජර්මනියයි. ඔබ අද දකින අවුඩි Audi වාහන දක්වා පරිනාමය වූයේ මේ DKW වාහන තමයි. ලංකාවේ ඒ කාලයේ දකින්න ලැබුනේ එක මෝස්තරයක් පමණයි.


dkw_logo_-1930-1932


DKW_3=6_(F93),_Bj._1955-56_(2007-06-16)_kl_ret


1959_Auto_Union_DKW_1000_Front_For_Sale_1


Dkwmotor


   ට්‍රයම්ප් Triumph වාහන ලංකාවේ බොහොම ජනප්‍රියව තිබුණා. වඩාත් ජනප්‍රියව තිබුණේ ට්‍රයම්ප් මෝටර් බයිසිකල්. අපි දැකපු මෝටර් බයිසිකල් ගැන කරුණු හොයාගන්න ලැබුණොත්, පසුව ලියන්නම්. ට්‍රයම්ප් හෙරල්ඩ් සැලූන් නමැති මෝස්තරය තමා බහුලවම දකින්න ලැබුනේ. පහත දක්වන්නේ ඒ මෝස්තරය. මේ වර්ගයේ රථයක් අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාවිච්චි කල බව මට මතකයි. 


triumph_logo_lion


Triumph_Herald_948cc_Coupe


1962_Triumph_Herald_948cc_Conv.


    කාර් ගැන කතා කරනකොට ජීප් ගැන නොකියා බැහැ. අපි ඒ කාලේ ප්‍රධාන වශයෙන් දැකපු ජීප් වර්ග දෙකක් තිබුණා. එකක් තමයි ලෑන්ඩ් රෝවර් Land Rover ජීප්. අනික් වර්ගය විලීස් willys ජීප්. මෙයින් ලෑන්ඩ් රෝවර් රථ මුලින්ම ආවේ පොලීසියේ ප්‍රයෝජනය සඳහා සහ වතු අධිකාරී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඇත්ත වශයෙන්ම ලෑන්ඩ් රෝවර් රථ පෞද්ගලික අයිතියේ තිබුණේ බොහොම ටිකයි. නමුත් විලීස් ජීප් රථ සෑහෙන ගණනක් පෞද්ගලික අයිතියේ තිබුණා. ජීප් Jeep යන වචනය හැදුනේ කොහොමද කියා විවිධ මත තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් පිළිගන්නා මතය වන්නේ General Purpose Vehicle > G.P. Vehicle> GP = Jeep වූ බවයි. ජීප් රථයක විශේෂත්වය වන්නේ එහි අනිවාර්යයෙන්ම රෝද හතරටම බලය යෙදවීමේ හැකියාව තිබීම බව ඔබ දන්නවා ඇති. ඒ වගේම ලෑන්ඩ් රෝවර් ජීප් හදන්නේ එංගලන්තයේ බවත්, විලීස් ජීප් හදන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බවත් ඔබ දන්නවා ඇති. 


seriesI_logo


Land_Rover_swb_registered_October_1958_2286cc


OLYMPUS DIGITAL CAMERA


DKW_1959_KIC0114_British_Car_Meet_2008


KONICA MINOLTA DIGITAL CAMERA


Willys-MA-3


    1960 දශකයේ මුල් භාගයේදී තමයි මා පළමු වරට දැක්කේ ලංකාවට ගෙනා ජපන් වාහනයක්. ඒ කාලේ ජපන් වාහන එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ජපන් වාහන ජනප්‍රිය වීමේ අඩිතාලම දැම්මේ හොඳා මෝටර් සයිකල් කියලයි මමනම් හිතන්නේ. ඉතින් මා දුටු මුල්ම ජපන් වාහනය ඩැට්සන් බ්ලුබර්ඩ් වර්ගයේ රථයක්. එය ඒ කාලේ රුපියල් 5000 ක් පමණ වූ බවයි මගේ මතකය. පැරණි ඩැට්සන් ලාංඡනය සහ මා මුලින්ම දුටු කාර් මෝස්තරයේ පින්තූරයක් පහත දක්වනවා. 

Datsun_logo

Bluebird (310)

     මා හිතනවා මෙතෙකින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි කියා. පහත දැක්වෙන පින්තූර දෙස ඔබේ අවධානය යොමු කරමින් ලිපිය අවසන් කරනවා.

     1970 මුල් භාගයේදී ලංකාවේ දර්ශනයක් 
701wi


austinwp


26380803


my-signature-for-blog[1]     2014 මැයි මස 11 වැනි දින 0041 පැය

78 comments :

  1. මේ දේවල් එකතු කරන්න ඔය ගොඩක් මහන්සි වෙලා තියෙනවා . ඉගෙනගන්න අයට ගොඩක් වටිනවා ඔයාගේ මේ වගේ ලිපි, මං නොදැන හිටපු ,නොදැකපු දේවල් වාහන ගැන දැනගත්තා, විනාඩි 40 ක් තිස්සේ පෝස්ට් එක කියෙවුවා.ස්තුති ඔබට,

    ReplyDelete
    Replies
    1. ඔබේ දැණුම දියුණු වුනානම් මට හරි සතුටුයි. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  2. බොහොම මහන්සි වෙලා තියනවා පෝස්ට් එක හදන්න ,.. මේ ලිපි පෙල මෙතනින් ඉවරකරනවාට මගේ නං කිසිම කැමැත්තක් නෑ..තරයේම විරුද්ධයි. ඕ iයේස්

    ඔය ෆියට් 500 කියන මාදිලිය කියන්නෙ සර් හරියට ඉතාලි සංකේතය වගේ දෙයක්.. තාමත් ඉතා හොඳ තත්වයෙන් ධාවනය වෙනවා පාරවල් වල.. ෆියට් කියන්නේ සමස්තයක් විදියට ඉතාලිය තුල සාමාන්‍ය මහජනයගේ බ්‍රෑන්ඩ් එක කිව්වත් හරි. මොකද බොහොමයක් මාදිලි නිෂ්පාදනය කලේ සාමාන්‍ය ජනතාව සඳහා..
    fiat පුන්තෝ - බ්‍රාවෝ -පැන්ඩා - ඌනෝ - 500 - 600 - ෆියොරීනෝ - ඩොබ්ලෝ - මල්‍ටිප්ලෝ .… … වගෙ මාදිලි වර්තමාන උදාහරණ..හැරී.පොටර් එකේ ප්‍රදාන නලුවා ඩැනියෙල් රැඩ්ක්ලිෆ් ත් 18 වෙනි උපන්දිනේට ගත්තෙ ෆියට් පුන්තෝ එකක් කියලා මං දැක්කා කොහෙහරි තිබ්බා.. චැහ් .මං වගේ වගේ උනා නං ඒක දෙනව පොලේ යන්න, ගේනව ෆෙරාරියක් හරි ලැම්බොගිනියක් හරි මගේ පාවිච්චියට .අම්මපා !!

    ඔය ඔබතුමා කියපු ඌනෝ සහ පැන්ඩා කියන පරණ මාදිලි දෙක තනි යකඩ ගොඩවල් ..හැප්පෙන එකාට සොරි තමා :D පුදුම හයියක් තියෙන්නෙ.
    ඇල්ෆා රෝමියෝ කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට ආවෙ නැද්ද සර් ?? මං දැක්කා නාවල නාරාහේන්පිට පාරෙ තමයි ෆියට් /ඇල්ෆා රෝමියෝ නිල නියෝජිතයො ඉන්නේ..පුන්තො /ග්‍රෑන්ඩ් පුන්තො අලුත් එකනං දැන් ලංකාවෙ ටිකක් තියනවා.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි මේ දීර්ඝ අදහස් ගොන්නට. ෆියට් ලංකාවෙත් බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. පොලේ නෙවෙයි පොල් ගහක් දිගේ යන්න වුනත් මේ වාහන හයියයි. ඇල්ෆා රෝමියෝ අලුත් කාර් මිසක් පරණ කාර් ගැන මගේ මතකයක් නැහැ.

      Delete
    2. ඇල්ෆා රෝමියො ලංකාවෙ වැඩිය නැහැ. පරණ කාර් කීපයක් තියෙනව ප්‍රෙඩී අලස් මහත්මය ලඟ. මට මත්කයි Uno එක ලංකාවට ආව දවස්වල advertise කළේ අඩුම components ගණනකින් (1000 ට අඩු) හදපු පළමු රථය කියලයි.

      හර්ෂ

      Delete
    3. My first car was a fiat Uno ver 2. that is really robust and very versatile car. we managed to go on Udawala safari tracks on that car and guide was wonder how that small car managed to go on 4x4 track. First fiat Uno managed to win the best car of the year in 1984.

      Vauxhall brand is belongs to GM (USA) and still make cars in UK and same modles in Australia under the brand name "Holden". Those used be big cars, but after merge of Opel (German) and Daewoo (Korea) they makes small cars too.

      Delete
  3. //යූනෝ (ඌනෝ?)// හූනෝ... :D

    ඇත්තටම ගොඩක් මහන්සි වෙලා ලීව ලිපි පෙලක්. මොකද වෙන්නේ අලුත් කාර් වර්ග ගැනත් ලීවොත්.

    යුද පිටියේ වෙනත් අත් දැකීම් කියවන්ටත් ආසාවක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පොඩ්කුමාරි ++++++++++++++++++

      Delete
    2. හූනෝ බකමූණෝ කිව්වලු. අලුත් කාර් ගැන ලියන්න ඕනේ අලුත් පරපුරේ අය කියලයි මමනම් හිතන්නේ.

      ඇත්තටම කාලෙකින් හමුදා ලිපියක් ලියන්න බැරිවුනා. දැනට එවැනි ලිපි තුනක් සංස්කරණය වෙමින් පවතිනවා. කරුණු තවත් එකතු කරගන්න ඕනේ. එකක්වත් ඉක්මනින් දෙන්න බලන්නම්.

      Delete
  4. DKW නිකන්ම අවුඩි වුනේ කොහොමද ? අවුඩි කියලා සමාගමකින් ඒක මිලදී ගත්තද ?

    ජීප් ගැන ප්‍රශ්ණයක් තියනවා. අපි ජීප් වශයෙන් හඳුන්වන වාහන මාදිලියට ඇත්තටම කියන්නේ ජීප් කියලද ? නැත්නම් බොහොමයක් වාහන වලට කළා වගේ ( උදා. ඩිල්‍ෆින් ) ලංකාවේ අපිටම ආවේනිකව දමා ගත්තු නමක්ද ? මොකද jeep කියලා වෙනම බ්‍රෑන්ඩ් එකකුත් තියනවානේ. ඉස්සර පොලීසියට දීලා තිබුනේ මොන ජීප් ජාතියද ?

    අර ඔටෝ ලංකා එකෙන් උපුට ගත්තා කියලා දාලා තියන පලමු පින්තුරෙ සිරාගේ මිත්‍රයාගේ ( කැම්බල් මහතාගේ ) චායාරූපයක් නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්න අයියේ.. පොඩි කතාවක් තියනව ඔය පොලිස් ජීප් ගැන..
      INTERNATIONAL කියලා ජීප් ජාතියක් සෑහෙන ඉස්සර පොලිසියට මුලින්ම දීල තියනවලු..පස්සෙ ඕව වෙන්දේසි කරලා. ඔයින් ගත්ත එකක් මගෙ යාලුවෙක්ට නිකං දීලා මාම කෙනෙක්..පරනම ලඩියක් තනි යකඩ ගොඩක්.නම්බ ප්ලේට් මුකුත් නෑ..වහලක් වින්ඩ්ස්ක්‍රීන් මුකුත් නෑ.පෙට්ටිය වගෙ... පිටිපස්සෙ දොරේ ඉන්ටනැශනල් කියල එම්බෝස් කරල තියනවා ලොකුවට. අපි ඕක බිග් මැච් වලට /නාන්න etc එහෙම අරං යනවා .තල්ලු ස්ටාට්.අපිට තල්ලු කරල ස්ටාට් කරන්න බෑ..වාහනේම ලොකු කේබල් එකක් තියලා තිබුනේ ඒකටම..ඒක දාල පාරෙ යන ට්‍රක් එකකට වැඳල වගේ නවත්තගෙන ඇදල ස්ටාට් කරගන්නෙ... :D

      Delete
    2. ඔව් ඔව් මටත් මතකයි International....දැන්නම් කාලෙකින් දැක්කෙ නෑ...

      Delete
    3. @ සෙන්නා, DKW කාලක් ගිහින් තමයි Audi වෙලා තියෙන්නේ. බලන්න අර DKW පින්තූරයේ තියන එකට බඳුන රවුම් 4 ලාංඡනය නේද අද Audi වාහනවල තියෙන්නේ. DKW ගැන මෙතනින් කියවන්න.

      ජීප් කියන නම යොදලා ලෝකයේ කවුරු හරි කොහේ හරි වාහනයක් හදනවා නම් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය හිමි විලීස් සමාගමට බඩු ගෙවිය යුතුයි කියලා මම අහලා තියනවා. නමුත් දැන් එකත් විවාදාත්මකයි. ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න මම දන්නා තරමින් 'ජීප්' යන වර්ගීකරණයට අයත් වාහනයක රියදුරුට, වාහනයෙන් නොබැස, ෆෝ වීල් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඔබ දැක ඇති, සමහර ෆෝ වීල් ජීප් වල, ඉදිරිපස රෝද දෙකේ හබ් ලොක්, අතින් කරකවා ෆෝ වීල් දැමිය යුතුයි.

      අර පින්තූරේ කැම්බල් මහතාගේ. මම ගත්ත තැන තමයි සඳහන් කලේ.

      @ පත්තර මල්ලි. හප්පොච්චියෙ ඔය ඉන්ටර්නැෂනල් ජීප් පතයක් (ලොරි බාගයක්) මම වරක් ආසාවට එළවලා බලලා තියනවා. අලි මස් කන්න ඕනේ එව්වා එලවන්න. පැට්‍රල් බොනවා. ලීටරෙකට කි.මී. 4 ක් විතර යන්නේ. පොලීසියේ එකක් තමයි එළවලා බැලුවේ.

      [im]http://res.cloudinary.com/saltside-production/image/private/t_large_ikman/74c28238-408a-11e2-b946-22000a270a3d.jpg[/im]

      Delete
    4. හිතන්ඩකො සෑර් ඉස්ටාට් කොරගන්න අපි මොන දුකක් විඳින්ඩ ඇද්ද කියලා. අඩුම ට්‍රක් එකක් ඕන යංතං සෙකන්ඩ් එකේ රෝද කැරකෙන්න .!

      Delete
    5. Audi සහ DKW හදපු සමාගම් Auto Union. අර පින්තූරයෙ තියෙන DKW එකේ පැහැදිලිව තියෙනවා.
      Audi ලාංඡනයෙ තිබෙන වළලු හතර සංකේතවත් කරන්නෙ එකතුවූ සන්නාම හතර වන Audi, DKW, Horch, සහ Wanderer කියලයි විකිපීඩියාව කියන්නෙ.
      Jeep ලෙස රථයක් නිපදවීමට Jeep Corporation හි අවසරය අවශ්‍යයි. මේ licence මත ජපානයේ මිට්සුබිෂි, ටොයොටා,ඩයිහට්සු යන සන්නාම වලින් Jeep නිශ්පාදනය කළා. එම license expire වූ පසු තමයි සුප්‍රකට Pajero රථය වෙළදපොලට නිකුත් වුනේ.
      නමුත් මෑතක් වනතුරු ඉන්දියාවෙ මහින්ද්‍රා Jeep නිශ්පාදනය කළා.
      International Scout වාහනය Jeep එකක් නොවේ.

      හර්ෂ

      Delete
    6. ජීප් කියන්නෙත් Trade/Brand name එකක් සාමන්ය භාවිතයේදී Generic name එකක් වුන දෙයක් නේද?
      ටිකක් ඉස්සර හෑම මොබයිල් එකකටම සෙල්ටෙල් කිව්ව වගෙ
      සමහරු හෑම SUV එකකටම Pajero කියලත් ඉස්සර කිව්ව

      Delete
    7. Jeep කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.

      Delete
    8. ඔබ සියලු දෙනාටම ස්තුතියි මේ අදහස් එකතුකිරීම ගැන.

      Delete
  5. හයියෝ කාර් ඉවරද? බොහෝම මහන්සි වෙච්ච ලිපි පෙළක් බොහෝම ස්තුතියි!

    …ඔය 'පර්ජෝ' වාහනයක් දැක්ක අපේ කැම්පස් එකේ එකෙක් කියලා 'මචං අද උදේ මාර පීගොට් එකක් දැක්කා' කියලා.. එදා ඉඳන් ඌ පීගොට්ටා. :D

    කාලෙන් කාලෙට ලෝගෝ එක වෙනස් කරන්නෙ ඇයි?

    …ආයෙමත් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. කාර් ඉවරයි කිව්වේ තවම ගත්තේ නැද්ද එකක්. :e

      ඔය පිගොට් කියන වචනය එන්න ඇත්තේ ඉස්සර හිටියා 'ලෙස්ටර් පිගොට්' කියලා සුප්‍රසිද්ධ ජොකියෙක්. ඉතින් පර්ජෝ වාහනෙත් ගත්තම ඇරලා යන්න පුළුවන් කියන අදහසින් කියන්න ඇත්තේ.

      ඇගයීම ගැන ස්තුතියි.

      [im]http://www.skysportsdvdshop.co.uk/images/productimages/1/GUDVD6070.jpg[/im]

      Delete
    2. කාලෙන් කාලෙට ලාංඡනය සහ/හෝ නම වෙනස් කිරීම වෙළඳ උපක්‍රමයක් කියලයි මම හිතන්නේ.

      Delete
  6. 'පර්ජෝ' යන නමත් එක්කම මගේ මතකයට එන්නේ නොබැදි ජාතින්ගේ සමුළුව. ඔය සමුලුවට ගෙනත් තිබුනේ කිරි ටොයියෝ වගේ 504 කාර්.... අපට ඒ කාලේ ඒවා මැජික් වගේ...
    මේ ලිපි පෙළ ලියන්න ඔබ ගත් වෙහෙසට තුති.

    ReplyDelete
    Replies
    1. නලින් අයියේ ඔය ගැන මං ගිය පෝස්ට් එකක කමෙන්ට් එකකුත් දැම්මා සමුළු කාර් කියල නේ තාම කියන්නෙ.. එන්ජින් කන්වර්ට් කරලා තාම ටොපට දුවනවා.. පොලිසියටත් තිබ්බා ඕව.

      Delete
    2. පත්ත්රයා ගිය ආත්මේ ගරාජ් බාස් කෙනෙක්ද කොහෙද?

      Delete
    3. ගැරෙජ් බාස් ? මං තොට කිව්වා කියල හිතාගං .හැක් :D

      Delete
    4. @ නලින්. ඔව් නලින් මේ වාහනය ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණේ ඔය සමුළුවෙන් පස්සේ.

      @ ඉවාන්. අ..ඩ්..ඩො..ව්.., කවුද යකෝ පත්තරයට පාට් දාන්නේ. මම ඌට දෙනවා ගල් කටස් එකක්. පුලුවන්නම් දාපල්ලා පාට්.

      Delete
    5. 504 L, GL, GR මොස්තර තුනක් තිබුණ.
      push button hande සහ ජනප්‍රිය clip model.

      හර්ෂ

      Delete
    6. මම කාලයක් වැඩ කොරාපු තැනක තිබුනා පර්ජො 304 එකක්. ඒ වෙනකොටත් සෑහෙන්ට පරණ ඇති. එත් එළ කිරි ටිකට තිබුනා. දැං කාර් වගෙ නෙවේ තනි යකඩ. හැබැයි මෙකෙ {/ඇc/} වැඩ කොළේ නෑ ඒක නිසා මෙකෙ කොහෙවත් යන්ට කවුරුත් වැඩිය කැමති නෑ. මම ඒ දවස්වල අලුත් එකා හින්දා මට සැට් වෙන්නෙම මේක. ඉතින් දුං කාගෙන යන්ට ඕනේ. ඒ වුනාට සැප පහසුව නං ඉතාම ඉහළයි. මේක එළවන්ටත් එළකිරි රියැදුරෙක් හිටියා අපි කීවෙ ලොකු අය්යා කියලා. මේකා රජ්ජ සේවෙට බැඳිලා ඉස්සල්ලාම පුරවපු පෝරං කොළේ තමයි වැටුප් අත්තිකාරං කොළේ.

      Delete
    7. නියම මතකයක්. බොහොම ස්තුතියි.

      Delete
  7. මටනම් මේ කාර් දැක්කම මාර රොමැන්ටික් ගතියක් එන්නේ , හිතෙන්නෙම ඉටිකිරිස් කෑල්ලක් දාගෙන කොළඹ වටේ යන්න :D

    ReplyDelete
    Replies
    1. රොමැන්ටික් පෙනෙයි කෑල්ලත් එක්ක මගදි හිට්ට පාර මැද :D

      Delete
    2. @පවුලූශා,

      කෑල්ලක්??? එතකොට ඉතුරු කෑල්ලට මොකද වෙන්නේ? :D

      Delete
    3. @පත්තරේ - ඒක තමයි බන් රොමැන්ටික් කියන්නේ

      Delete
    4. @ පොඩ්ඩි - ඔය එක එක කෑලි ඕනේ නෑ මෙයා මෙන්න මෙහෙ එන්න අපි දෙන්න ඩබල් දාලා යමු මෙයා හැමෝටම පේන්න :D

      Delete
    5. මං හිඟාකාල හරි කාරෙකක් අරං ඇවිත් ඕකෙ හප්පනවා හප්පනවාමයි උඹල යනකොට !! ඕ යේස්

      Delete
    6. @ ඉවාන්. ඔය රෝගයට කියන්නේ 'කෝල සෙලෙස්මාව' කියලා. බොරුනම් අහලා බලපන් ගමේ වේද මහත්තයාගෙන්.

      @ පොඩ්ඩි, මල්ලි. +++++++

      Delete
  8. පර්ජෝ එකටත් මොන තරං නං කිව්වද පිගට් පුගට්, පියුගට්.. මං ඉස්කෝලේ යන කාලේ කිව්වේ පියුගට් කියල. කොහොම හරි ඉංගිරිසි සර්ට ඒක දවසක් ඇහිල “පුතා ඒ පර්ජො කියල තමා උච්චාරණය වේන්නේ කියල කියල දුන්නා..

    විචා. බෝම ස්තුතියි.. පරණ කාර් පිස්සෙක්ට මේ බ්ලොග් එක අල්ලල කන්න හිතෙයි දැන් නං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශා. උඹට පරණ කාර් එකක් හොයලා දෙන්නද පත්තරයව දැක්කොත් යටකරගෙන යන්න? :e

      Delete
  9. විචාරකතුමා අලුත් කාර් ගැනත් ලියමු නේ ......මං නම් ඉතිං කැමැති අලුත් කාර් වලට දමා ,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අලුත් කාර් ගැන ලියන්න ආසයි. නමුත් මේ ගමන්ම නෙවෙයි කියලා හිතෙනවා. ඒ වගේම තමයි නව පරපුරේ කෙනෙක් අලුත් කාර් ගැන ලියනවනම් බොහොම අගෙයි.

      Delete
  10. මතකය අවදිකල අපූරු ලිපි පෙළක්!
    ගෙම්බා මොඩල් පාර්ජෝ නං තාම ඉඳලා හිටලා දකිනවා. සිට්‍රන් කාර් ලංකාවාට ආවේ නැද්ද? මට මතකයි සිට්‍රන් 2CV එකක් නුවර තිබුනා 80 ගනන් වල.
    http://en.wikipedia.org/wiki/Citro%C3%ABn_2CV

    ReplyDelete
    Replies
    1. හුටා..............සිට්‍රන් කියලා ජාතියක් තිබ්බා නේන්නං. දැන් නේ මතක්වුනේ.

      [im]http://carpaper.net/wp-content/uploads/2014/02/used-citroen-2cv-cars.jpg[/im]

      Delete
  11. ලිපිය ලිවීමට කරුණු එකතු කිරීමට ඔබේ මහන්සියට ඇත්ත ටම ස්තුතියි..බොහොම වටිනා ලිපි පෙළක්...

    ReplyDelete
    Replies
    1. ෂෙහාන් ඔයා විශ්වාස කරයිද මන්දා කරුණු එකතු කරන්න පටන්ගත්තේ මාස තුනකට විතර එහා ඉඳන්.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  12. මාත් පරණ කාර් එකක් ගන්න ඕනි කියලා අදහසක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඊට හොඳා ළමයි හතර පස් දෙනෙක් ඉන්න නෝන කෙනෙක් කසාද බැන්දනං අමිල මචං !!

      Delete
    2. පත්තරයෝ................ උඹනං කනවා කාගෙන් හරි වැඩි දවසක් නොගිහින්.

      Delete
    3. හැක් , ඒක නං සහතිකයි සෑර්

      Delete
  13. I did my best to attach a photo of an old car to this comment but failed.What is your e mail? I can send it to you.

    ReplyDelete
  14. It's very unfortunate that in Blogger you can't add photos unless the blog author is adjust the html codes to do so. I do not know how to do that. I propose you to visit my wordpress blog where you can add photos and videos very easily with your comment.

    My wordpress blog address is; jangun.wordpress.com

    My e mail address is; wmjgslsr@gmail.com

    ReplyDelete
    Replies
    1. විචාරක මහතා, මම කලින් ලිපියෙදි දීපු ලින්ක් එකෙන් ගිහින් බලන්න. එතන තියනවා කෝඩ් එක එඩිට් කරන හැටි සහ ඊට පස්සෙ ඇඩ් කරන්න ඕනා කෝඩ් එකත්. බොහොම පොඩි ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්න තියෙන්නෙ.

      Delete
    2. හරි බලන්නම්.

      Delete
  15. මේ වගේ පරණ කාර් සමර් කාලෙට ගරාජ් අස්සෙන් එලියට ගන්නවා. අරන් හෝදලා පොලිෂ් කරලා ඔය ලඟපාත ගම වටේ රවුමක් දෙකක් ගෙනියනවා. ආපහු සමර් ඉවරවේගන යනකොට ගරාජ් ඇතුලට යනවා. පම්පරාවෙන් පරම්පරාවට දරුවෝ වගේ බලා ගන්නවා. හොඳ ලිපි පෙලක අවසානය!!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් මම හිතන්නේ දැනට ඉතුරුවෙලා තියන වාහන හැකි උපරිමයෙන් නඩත්තු කරනවා. නමුත් වත්කමක් නැති අයනම් වාහන දිරන්න අරිනවා.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. මගෙ ලඟත් තිබුණා 1946 වුල්ස්ලි එකක්. ඉඩකඩ සහ කාලය මඳිකම නිසා බොහොම අකමැත්තෙන් මිතුරකුට දුන්න. වාහන වලට තියෙන ආදරය නිසා නිකරුණේ නාස්ති වීම බලාගෙන ඉන්න බැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.

      හර්ෂ.

      Delete
    3. මට දැනගන්න ලැබුණා පරණ කාර් වලට අලුත් එන්ජින් තියලා, මගුල් ගෙවල් වලදී, කෙටි දුරක් මනාල යුවල ගෙනියන්න යොදාගන්නවා කියලා.

      Delete
  16. Fiat Uno කාර් නම් තාමත් ඕන තරම් මම දකිනවා පරේ යද්දී.. විචාරක තුමා තාම ෆෙරාරි ගැන ලිවුවේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මම මේ ලිව්වේ මා කුඩා කාලයේදී සහ නව යොවුන් වයසේදී දැකපු කාර් ගැන. ඒ කාලේ ෆෙරාරි තිබුණේ නැහැ. ඒ නිසයි නොලිව්වේ.

      Delete
  17. ලිපි මාලාවෙ අවසාන ලිපිය කියල කීවම කණගාටුවෙන් කියෙව්වෙ. කමක් නෑ ලිපි මාලාව පුරාවටම ඔබ ගෙනා තොරතුරු අතිශයින්ම ප්‍රයෝජනවත්. මං මේක කලි දවසකත් කිව්වද කොහෙද. පාසැල් ව්‍යාපෘතියක් සඳහා අති විශිෂ්ඨ මාතෘකාවක් මෙය.

    කිව්ව වගේ හැකිනම් මෝටර් සයිකල් ගැනත් ලියමුකෝ..

    ReplyDelete
    Replies
    1. සෑම රසවත් දේකම අවසානයක් තියනවනේ නේද? බොහොම ස්තුතියි ඇගයීම ගැන. මෝටර් සයිකල ගැන ලිවීම සලකා බලන්න වටින බව මටත් පෙනෙනවා.

      Delete
  18. ලිපි පෙළ අවසානය කිවුවම කණගාටුයි තමයි. මමත් වාහන කිවුවම පිස්සෙක්නෙ. හැබැයි මේ ලිපි නිසාමයි විචාරක බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ. ජයවේවා..

    හර්ෂ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හර්ෂ. ඔබව සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න. හැකිතරම් මගේ අඩුපාඩු පෙන්වා දෙන්න. ඒ තමයි ලොකුම උදව්ව.

      Delete
  19. නියම වාහන ටිකක් දැකගත්තා මේ ලිපි පෙලෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග. තවත් මෙවනිදේ ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

      Delete
  20. මේ ලිපි පෙල නිර්මාණය කරන්න ගත්ත වෙහෙසට මුලින්ම විචාරටතුමාට ස්තූති කරන්න ඕනේ...
    පරණ වාහන ගැන සෑහෙන තොරතුරු ටිකක් දැනගත්තා..

    ReplyDelete
  21. බොහොම ස්තුතියි තුෂානි. ඔබේ අදහස් වලින් මා දිරිගැන්වෙනවා.

    ReplyDelete
  22. ඉවසල බැරිම තැන මමත් චොම්මෙන්ට් එකක් දාන්න හිතුව. ඔබ තුමාට මග හැරුණු වාහන කිහිපයක් මට මතක් උනා. මේ වාහන ලංකාවේ බහුලව නොතිබුනාට ලංකාවේ ඉතා ජනප්‍රිය වාහන කිහිපයකි.

    BMW - ජර්මනිය . BMW සමාගම 2003 සිට Rolls-Royce සමාගමෙහි මව් සමාගම ලෙස ක්‍රියා කරයි. http://en.wikipedia.org/wiki/Rolls-Royce_Motor_Cars , http://en.wikipedia.org/wiki/BMW

    Jaguar - ආරම්බයේදී එංගලන්ත හිමිකාරිත්වයක් තිබුනද 2008 සිට TATA (ඉන්දියාව) හිමිකාරිත්වය දරයි. (http://en.wikipedia.org/wiki/Jaguar_Cars). එසේම 2008 සිට Land Rover හි හිමිකාරිත්වය දරන්නේද TATA ය. (http://en.wikipedia.org/wiki/Land_Rover)

    Volvo - ස්වීඩනය (Swedish)

    hyundai - දකුණු කොරියාව

    LA

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ ඔබේ කමෙන්ට් එකක් දකින්න ලැබීම ගැන මම ලොකු සතුටකට පත්වෙනවා. බිස්මාර්ක් කතාවෙන් පස්සේ නේද මේ කමෙන්ට් එකක් දාන්නේ?

      ඔබ මෙහි දක්වා තියන තොරතුරු ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ තොරතුරු මම කියෙව්වා මේ ලිපිය ලියන්න කරුණු සොයද්දී. නමුත් කොටස් හතරකින් ලිපිය අවසන් කරන්නට හිතුන නිසයි සමහර කොටස් අත්හැරියේ.

      Delete
    2. ඔව්, ටිකක් දිග අදහස් දැක්වීමක් කලේ බිස්මාර්ක් කතාවෙන් පස්සේ තමයි. නමුත් නොවරදවාම ඔබතුමාගේ සෑම ලිපියක්ම කියවනවා.

      Delete
    3. Hillman යනු වාහනයක් පමණක් නොවේ. අනුන්ගේ ක්‍රියා රහසේ බලන ( හිල් තුලින් බලන ) පුද්ගලයන්ද "හිල්මන්" ලෙස හඳුන්වයි.

      LA

      Delete
    4. පොහ්.........නියම අදහසක්. :e

      අම්මපා ඔය හිල්මන්ලා මේ ලෝකය පවතින තුරු ඉඳියි නේද?

      Delete
  23. ඉතාමත් ආසාවෙන් කියවපු ලිපි මාලාවක්. ලංකාවේ තිබ්බ වාහන ගොඩාක් ගැන විස්තර දැනගත්තා. ස්තූතියි විචාරක මහත්තයා අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වගේ වටිනා ලිපි පෙළක් ගෙනාවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මෙවැනි ඇගයීම් නිසා, ලිපි මාලාව සකසන්නට මා දැරූ වෙහෙස නිවෙනවා.

      Delete
  24. http://www.powerful-cars.com/images/autounion/1961-junior-deluxe-1b.jpg

    Sorry first tag dose not work.Try this to see DKW Junior

    ReplyDelete
  25. 1960 දශකය අවසාන කාලයේ/1970 දශකය මුල් කාලයේ සිංගර් (Singer) නම් බ්‍රිතාන්‍ය කාර් වර්ගයක් තිබුණා මතක යි.

    ReplyDelete
  26. ලංකාවේ සමහරුන් විසින් 'චවලට්' නමින් හඳුන්වනු ලැබූ 'චෙව්රොලේ' (Chevrolet) කාර් ගැන ලියවුණේ නෑ නේද? මේ ළඟදී මම 2 ශ්‍රී චෙව්රොලේ කාරයක් දැක්කා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }