හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 April 2014

වදන් බලය ඉංග්‍රීසියෙන් - Word Power in English


img068
        මීට පෙර මා, අවස්ථා කීපයකදී, ඔබට, පැරණි 'සිව්දෙස' සඟරා ආශ්‍රයෙන්, 'වදන් බලය' නමැති මාතෘකාවෙන්, ලිපි කීපයක් ඉදිරිපත් කල බව, ඔබට මතක ඇති. අද මා සිතුවා, පැරණි 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවක් ඇසුරෙන්, ඔබේ ඉංග්‍රීසි වදන් බලය මැනෙන අභ්‍යාසයක්, ඉදිරිපත් කරන්නට. මා හිතනවා, ඔබෙන් සෑහෙන දෙනෙකු මේ අභ්‍යාසයේ යෙදෙයි කියා. පිළිතුරු සහ, ලබාදුන් නිවැරැදි පිළිතුරු ගණන අනුව ලැබෙන වර්ගීකරණයද, පහත දක්වා තිබෙනවා. නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, අදම පිළිතුරු නොබලා, දින කීපයක් ගතකර හෝ, මනසින්ම, මේ අභ්‍යාසයේ යෙදෙන ලෙසයි. මෙහි වචන 20 ක් ඇති අතර, ඒ සෑම වචනයකම තේරුම සොයාගැනීමට, වරණයන් හතරක් ද ලබාදී තිබෙනවා. මෙය උපුටාගත්තේ, 1984 පෙබරවාරි මාසයේ 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවෙන්. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ අභ්‍යාසය සඳහා යොදාගෙන තිබෙන වචන, 'අභ්‍යවකාශය සහ අභ්‍යවකාශ යානා' යන විෂයය හා සම්බන්ධ කරගෙනයි සකසා තිබෙන්නේ. 
හොඳයි එහෙනම් මෙන්න අභ්‍යාසය 
img066
පහත දැක්වෙන පිළිතුරු පසුව බලන්න 
img067
my-signature-for-blog[1]     2014 අප්‍රේල් මස 09 දින 0002 පැය

18 comments :

  1. බොහොම ස්තුතියි මේ දැනුම බෙදා ගත්තාට. බොහොමයක් වචන පෙර අසා තිබූ ඒවා. මේ විෂය පිලිබඳ මා දක්වන කැමැත්ත නිසාම වන්නට ඇති කලින් දන සිටි වදන් කිහිපයක් හමු වූයේ. මගේ කාලය සීමිත නිසා කෙලින්ම උත්තර බැලුව.

    ReplyDelete
    Replies
    1. ඔබට පරිණත දැණුමක් තිබෙන නිසා එක වරම ඒ දැණුම උරගා බලා පිළිතුරු වෙත යාමේ වරදක් මම දකින්නේ නැහැ. මා හිතනවා සෑහෙන පිරිසකට මේ අභ්‍යාසය ප්‍රයෝජනවත් වේයැයි කියා.

      Delete
  2. අපරාදේ උත්තරත් අදම දැම්මේ. මේ පිළිබඳ උනන්දු කෙනෙක් මේවා ගැන සොයාවිනේ. මේකෙන් වෙන්නේ කිසිම මහන්සියක් නැතිව තප්පරෙන් උත්තරේ හොයා ගන්න එක. ඊළඟ පෝස්ට් එකෙන් උත්තර සෙට් එක දාන්නයි තිබුනේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා කවුරු හරි කියයි කියලා ඔය කාරණේ. ඉතින් අනේ උත්තර නොබලා ඉන්නකෝ.

      Delete
  3. Replies
    1. ආධුනිකයා කියන වර්ගීකරණය අහුවෙනවා එහෙනම්.

      Delete
  4. ඉතා වැදගත්. 17 ට උත්තරේ දෙන එක ගොඩක් ලේසි උනා. වායු තුවක්කු ගැන තිබෙන ලිපියේ ඒ වචනේ තියෙනවා නොව. නරකද විලද්මීර් පුටින් ගැන ලිපියක් ලිව්වොත්?

    ReplyDelete
    Replies
    1. මටත් අමතක දෙයක් ඔබ මතක් කරදී තිබෙනවා.

      හප්පෝ..........මේ දවස්වල මට පුටින් ලොක්කා පෙන්නන්න බැරුව ඉන්නේ.

      Delete
    2. ඇයි අයිඑස් කාරයින්ට පුටින් බෝම්බ දානවාට ඔයා අකමැතිද?෴

      Delete
    3. නෑ පුටින්ගේ බොරු සෝබන අල්ලන්නේ නෑ.

      Delete
  5. Replies
    1. බොරු බොරු. ඔය කම්මැලි කමට විනාඩි දෙකෙන් ඉවර කරලා තියෙන්නේ.

      Delete
  6. උත්තර බැලුවනෙ අනේ... 3ක් වැරදියි... ඒ උනාට හරි ගිය ගොඩක් වචන කලින් දැනගෙන හිටියෙ නෑ... විෂයය ගැන ටිකක් කියවල තියෙන නිසා ඒවා අනුමාන කළා... බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. තුනක් වැරදියි කියලා රිනාත්මකව හිතන්නේ නැතුව 17 ක් හරි කියලා ධනාත්මකව හිතන්නකෝ.

      Delete
  7. Replies
    1. ඔහොම කලබල වෙන්ඩ එපා අනේ.

      Delete
  8. අවංකවම, හුඟක් වචන දැනගත්තෙත් දැනුයි මේක කියවලා..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }