හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 April 2014

අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two)

Vintage-Classic-Cars-Of-Sri-Lanka-Rolls-Royce-20-25-1934-
 මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම ඔවුන් මතක් කරදුන් තොරතුරුත් ඇතුළත් කරගෙන, මේ ලිපි මාලාව ඉදිරියට ගෙනයනවා. පසුගිය ලිපියේදී මොරිස් වාහන ගැන කියද්දී අපේ රටේ අතිශයින් ජනප්‍රිය වුනු මොරිස් 1000 මෝස්තරය වෙනමම පෙන්වන්න බැරිවුනා. මේ වාහනය තමයි ඒ කාලේ ටැක්සි හෙවත් කුලී රථ සඳහා බහුලවම යොදාගත්තේ. කහපාටින් වර්ණ ගැන්වූ වහලය, කලුපාට බඳ, පිටතින් සවිකළ විශාල ටැක්සි මීටරය, මට අදටත් මතකයි. හැබැයි ඒ කාලේ අපිනම් මේ ටැක්සියක ගියේ ඉතාම කලාතුරකින්. එයට හේතුව ඒ සඳහා මුදල් අපි අතේ නොතිබීමයි. ඔන්න පහත පින්තූරයේ තියනවා මොරිස් 1000 රථය.


morris-1000-13

  ඒ වගේම මට පසුගිය ලිපියේදී අමතක වුන තවත් කාර් දෙකක් තමයි ඔස්ටින් මිනි කූපර් Austin Mini Cooper රථය සහ මොරිස් මිනි කූපර් Morris Mini Cooper රථය. මේවා අද පවා ඉතාම ජනප්‍රිය වාහන. මට මතක් වෙනවා 1969 වර්ෂයේදී ලෝකය පුරා ජනප්‍රිය වූ The Italian Job නමැති චිත්‍රපටිය. මා ඒ චිත්‍රපටිය නැරඹුවේ, අද වනවිට වැසීගොස් තිබෙන, කෑගල්ලේ, 'පරාක්‍රම' සිනමාහලේදීයි.මේ චිත්‍රපටියේ තිබෙන්නේ රත්තරං මංකොල්ලයක කතාවක්. මංකොල්ලකාගත් රත්‍රන් තොගයක් සමාන කොටස් තුනකට බෙදා මිනි කූපර් රථ තුනකින් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තයට රැගෙන යාමට දරන උත්සාහය ඉතාම නාටකීය ආකාරයකින් ඉදිරිපත් කරනවා. ඒ චිත්‍රපටියේ අදාළ ජවනිකාවෙන් කොටසක් පහතින් බලන්න. 




ඔස්ටින් සහ මොරිස් යන දෙවර්ගයේම මිනි කූපර් රථ පහතින් දැක්වෙනවා.

Morris_Mini-Minor_1967

  මිනි කූපර් රථය වගේම ජනප්‍රිය රථයක් තමයි ඔස්ටින් මිනි මොක් Austin Mini Moke  රථය. විශේෂයෙන් 1970 දශකයේදී ලංකාවේ ධනවත් මෝටර් රථ හිමියන් අතර මේ රථය අතිශයින් ජනප්‍රියව තිබුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත්, ඒ කාලයේ, 'ගම් උදාව' ප්‍රදර්ශණය බලන්න, මේ රථයකින් ආවා මට මතකයි.

'67_Austin_Mini_Moke_(Ottawa_British_Car_Show_'10)

  ඊළඟට මම කැමතියි ඔබ සමග කතාකරන්න අපි දැකපු ෆෝර්ඩ් Ford කාර් ගැන. ෆෝර්ඩ් වාහන ඇමරිකානු නිෂ්පාදනයක් බව ඔබ දන්නවා ඇති. මම මේ ලිපියේදී කතාකරන්නේ කාර් ගැන පමණක් නිසා ෆෝර්ඩ් ලොරි, වෑන්, ආදිය ගැන කතාකරන්නේ නැහැ. අපි පුංචි ළමයි හැටියට දැකපු ෆෝර්ඩ් කාර් පසු කාලයේදී ලංකාවේදී හැඳින්වුණේ දඬු ෆෝර්ඩ් කියන නමින්    :D      ඇත්තටම මේ පහත තියන පින්තූරය බැලුවම ඔබටත් හිතෙයි ඒ නම් ඒ වාහනයට ගැලපෙනවා කියලා.

msjqs2oldEvM9siLqURGTqA


Ford_Prefect_Sedan_E03A_of_1939

  නමුත් දඬු ෆෝර්ඩ් එකට පස්සේ ආව ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් කාරය පවුලේ වාහනයක් මෙන්ම කුලී රථයක් වශයෙන්ද බොහොම ජනප්‍රිය වුණා. 

OLYMPUS DIGITAL CAMERA

  නමුත් මින් පසු කාලයේ පැමිණි ෆෝර්ඩ් කොන්සල් Ford Consul රථය එතරම් ජනප්‍රිය නොවුනේ එය විශාල කාරයක් වීම නිසාත් ඉන්ධන කාර්යක්‍ෂමතාව අතින් පහත් මට්ටමක තිබුණු නිසාත් වන්නට ඇති.

Ford_Consul_ca_1962

1950 දශකයෙන් ආරම්භවී 1960 - 70 දශක වලදී අතිශයින් ජනප්‍රිය වූ ෆෝර්ඩ් ඇන්ග්ලියා Ford Anglia කාරය ඒ කාලේ හරිම 'මනමාල' කාර් එකක් ලෙසයි බොහෝ දෙනා ඒ කාලේ හැඳින්වූවේ. ඒ කාලේ තිබුන ලස්සනම, වේගවත්ම, රථ අතරින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර අතර මේ රථය වඩාත් ජනප්‍රිය වුණා.


1200px-'65_Ford_Anglia_L200_Coupe_(Orange_Julep)

  ෆෝර්ඩ් ඇන්ග්ලියා රථයේ කැපී පෙනෙන වෙනස්කමක් වුණේ එහි පසුපස වීදුරුව ඇතුළට එබී තිබෙන ආකාරයට සකසා තිබීමයි. වෙනත් කිසිම කාරයක මෙවැනි ආකාරයට සැකසු පසුපස වීදුරුවක් මා දැක නැහැ.


OLYMPUS DIGITAL CAMERA

  ෆෝර්ඩ් වාහන අතර 1970 දශකයෙන් ආරම්භවී සෑහෙන ජනප්‍රියත්වයක් ලැබූ කාර් මෝස්තරයක් ලෙස ෆෝර්ඩ් එස්කෝට් Ford Escort කාරයටත් විශේෂ වැදගත්කමක් හිමිවෙනවා.  

ford-escort-mk2-17

  කෙසේ වෙතත් ෆෝර්ඩ් කාර් අතරින් උපරිම ජනප්‍රියත්වයට පත්වුයේ ෆෝර්ඩ් කෝටිනා නමින්, මෝස්‌තර කීපයකින් පැමිණි වාහනයි. ඒ සෑම මොස්තරයක්ම මෙහි දක්වන්නට මා අදහස් කරන්නේ නැහැ. මේ මෝස්තර 1980 - 90 දශක වලදී පවා ජනප්‍රියව තිබුණා. මා මෙහි දක්වන්නේ එයින් ඉතාම මහේශාඛ්‍ය පෙනණුමකින් යුක්තවූ ෆෝර්ඩ් කෝටිනා මාක් III,  Ford Cortina Mk III රථයයි.


ford_cortina_2
  

  මීළඟට මා ඔබට පෙන්වන්නේ එක්සත් රාජධානියේ තවත් නිෂ්පාදනයක් වන හිල්මන් වාහන දෙකක්. Hillman මේ වාහන මෝස්‌තර දෙක එකල නිතර අපේ රටේ මහා මාර්ගවල දකින්නට ලැබුණා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ පහත දැක්වෙන කාර් පින්තූර දෙකෙන් දෙවැනි පින්තූරයේ තිබෙන හිල්මන් මින්ක්ස් රථයයි.


Hillman_badge

Hillman_Minx_Phase_V-ish


Hillman Minx Series IIIC

  අපි කුඩා කාලයේ ඉතාම සුඛෝපභෝගී වාහන ලෙස සැළකුණ, එමෙන්ම ඒ කාලයේ හැටියට මිල අධික, ජර්මන් නිෂ්පාදනයන් වූ, වාහන දෙකක්, මීළඟට ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඕපල් Opel  නමැති වාහන වර්ගය. මෙයින් මුලින්ම පෙන්වන ඕපල් රෙකෝර්ඩ් රථයේ නම, Opel Rekord අපි උච්ඡාරණය කලේ 'ඕපල් රෙකාඩ්' ලෙසයි. මෙම කාරයට අද තිබෙන ටොයෝටා ඇලියොන් රථයකට තිබෙන පිළිගැනීම තිබුණා.

Opel_logo_TY_DE_4C
Opel_Rekord_1700_P1_(2008-06-14)_ret


 ඕපල් වාහන වල වඩාත් සුඛෝපභෝගී මෝස්තරය වුයේ ඕපල් කපිතාන් Opel Kapitan කාරයයි. මෙය විශාල වාහනයක්. බොහොම ගරු ගාම්භීර පෙණුමක් තිබුණා.


opel-kapitan-307095_7202494


  මා හිතනවා අද ලිපිය මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. මෙම ලිපි මාලාව තවත් කොටස් කීපයක් දක්වා ගෙනයන්නට තරම් තොරතුරු මා රැස්කරගෙන තිබෙනවා. ඒ සමගම ඔබේ අදහස් සහ කරුණු නිවැරදි කිරීම් ද බලාපොරොත්තු වෙනවා.


my-signature-for-blog[1]      2014 අප්‍රේල් මස 25 දින 0025 පැය

81 comments :

  1. පරන මතකය අවදි කිරීමට ස්තුතියි. බොහොම ප්‍රසිද්ධ Ford Model T කාර් ලංකාවෙ තිබුනා මගෙ හිතේ. Ford Capri ස්පෝර්ට්ස් කාර් එකක්. මේ ත්යන කලු පාට හිල්මන් එකට කියන්නෙ හම්බර් ඩිකී හිල්මන් කියල.ඊට වඩා පරන එකක් තිබුනා ඔය දඬු ෆොර්ඩ් එකේ පෙනුම තියන.ඒකට කිව්වෙ ගිරා හොට හිල්මන් කියල.http://www.sa.hillman.org.au/ID_Minx1948Saloon.jpg
    ලංකාවෙ තියන මේ කාර් වල ෆොටෝ නෙට් එකේ තියනව නේද?

    ReplyDelete
    Replies
    1. අන්න මට අමතක වෙලා ෆෝර්ඩ් කැප්රි එක. මට මතකයි 'දඩයම' චිත්‍රපටියේ රවීන්ද්‍ර රන්දෙනිය පාවිච්චි කලේ කැප්රි එකක්.

      ලංකාවේ තියන කාර් වල පින්තූර නෙට් එකේ තියනවා බොහොමයක් කාර් වල පින්තූර මට අවශ්‍ය කෝණ වලින් ගෙන නැහැ.

      ෆෝර්ඩ් කැප්රි ඒකක පින්තූරයක් මෙතනට දාන්නම්.

      [im]http://70musclecar.files.wordpress.com/2009/12/fordcapri1983.jpg[/im]

      Delete
  2. අම්මෝ ඒ කාලේ කට්ටියට පිස්සු හැදිලා ඉන්ට ඇතිනේ. අපි ඉතින් ඔය කාර් අයිතිකාරයාව පින්තූරුවලින් දැක්කලු... :D

    ReplyDelete
    Replies
    1. හේ හේ.............CIA එකට දෙන්ඩ එහෙම එපා ඒ පින්තූර. පොඩ්ඩිගේ අදහසක් නැද්ද අනාගතේ සයිබර් හමුවකටවත් එන්ඩ.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ඉස්සර කොළබ ඉට්ටේසම ඉස්සරහත්, ගාල්ලේ ඉට්ටේසම ඉස්සරහත් අර මොරිස් මයිනර් ටැක්සි නවත්තලා තියෙනවා. ගාල්ලේ ඉඳලා කොළඹ ආවම අපි කැළනියට යන්නේ ඕකේ. ඒත් කොළඹ ඉඳලා ගාල්ලේ ගියාම, ගාලු ඉට්ටේසම ඉස්සරහා ඕවා තොබුනට අපි යන්නේ බුල් බෙන්ස් එකේ. මට මතක විදියට. ඉට්ටේසම ගාව ඉඳලා අපේ මහ ගේ ගාවටම රුපියල් දෙකද කොහෙද. ඒත් තාත්තා ඒ අයට වැඩිපුර ගානක් දෙනවා. ඉතින් ආයේ කොළඹ එන වෙලාවට එයාම මහ ගේ ගාවට වෙලාවට එනවා. මේ කිව්වේ අම්මගේ මහ ගෙදර ගැන. තාත්තගේ මහ ගෙදර නම් යන්නේ ඉට්ටේසමේ ඉඳලා පයින්. ටැක්සිත් නෑ. බුල් බෙන්ස් එකත් නෑ. හැබයි සීයා ගාව නම් බුල් බෙන්ස් එකක් තිබුනා. ඒත් සෙල්ෆෝන්වත් ටැලිපෝන්වත් නැති නිසා එන වෙලාව සීයා දන්නේ නෑ නේ. ඉතින් පෙට්ටි සූට් කේසුත් උස්සගෙන පයින්ම යනවා. ගෙවල් කිට්ටු වෙන කොට නම් පෙට්ටි සූට් කේස් උස්සගෙන යන්න කට්ටිය හෝ ගාල එනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්........ නියම අත්දැකීම් නේ? මට මතකයි 1960 දශකයේදී කෑගල්ලේ පැවැත්වුන අපේ ලොකු අක්කාගේ මගුල් ගෙදරට කුලියට ගත් කාර් එකකට කෑගල්ලේ සිට කොළඹට කුලිය රු 80 යි. අපේ තාත්තා කාර් 5 ක් කුලියට අරන් තිබුණා නෑ දෑ සනුහරේ පටවන් යන්න.

      Delete
    2. මොරිස් මයිනර් ටැක්සි උඩ කහ පහල කලු ?

      Delete
    3. ඔව් ඒ කාලේ ලංකාවේ දිව්ව ටැක්සි ඔක්කොගෙම වගේ වහලය කහ පාටයි බඳ කළු පාටයි. පින්තූරයක් හෙව්වා ලැබුනේ නැහැ.

      Delete
    4. http://ajnabiphoto.wordpress.com/2012/08/24/major-morris-minor/

      Delete
    5. ටැක්සිවල උඩ කහපාට කරේ පස්සේ කාලයකදි. ඊට කලින් තිබුනේ කළු විතරයි. ටැක්සි මීටර් හයිවුනේත් ඔය උඩ කහ කරපු කාලේ කියලායි මතක.

      Delete
    6. ස්තුතියි Pra Jay. ඔබේ ලින්ක් එකේ තියන පින්තූරවල ඒ ආකාරයේ ටැක්සි තුයනවා.

      @ අරු, ඔව් මමත් හිතන්නේ ඔය වහලය කහපාට කිටීම 'ටැක්සි' නමින් ලියාපදින්චියත් එක්ක තමයි එන්න ඇත්තේ.

      Delete
  5. නියමයි... මං තාමත් හීන දකිනවා ඇමරිකන් විලීස් ජිප් කට්ටක් ගන්න..

    ReplyDelete
    Replies
    1. පොහ්......වරෙන් කුරුණෑගල. එකක් හොයලා දෙන්නං. මාරු භාණ්ඩේ. ගස් ගල් දිගේ වුනත් යන්න පුළුවන්.

      Delete
    2. ෂහ් !!! මරුනේ දේශා.ඇලෝයිවීල් පාරක් දාල රෝද එලියට පන්නල නිකල් බට සෙට් එකක් ගහල ගත්තම කාර් කැලේ.. අන්න ගන්නවනං !!!

      Delete
  6. වඩාත් විස්තරාත්මකව මේ ලිපිපෙල ඉදිරියටම අරන් යමු විචාරක් ගොඩක්ම වටිනවා. උ/පෙළ ශිෂ්‍යයෙක්ට ප්‍රොජෙක්ට් එකක් උනත් කරන්න පුලුවන්. කාර විතරක් නෙවෙයි, වෙනත් වාහන වලත් විස්තර දාන්න පුලුවන් නම් තවත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ මාතෘකාව දිගේ බොහොම දීර්ඝ විස්තර ලියන්න පුළුවන්. මම දැනට ලියන්නේ කාර් ගැන පමණයි. ඉදිරියේදී වෙනත් වාහන ගැනත් ලියන්න පුලුවන්ද බලන්නම්.

      Delete
  7. මමත් වාහන වලට කැමති හැබැයි ,පරණ එවාට නම් වැඩිය කැමැති නෑ ..අලුත් එවට නම් කැමැති

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පරණ ඒවාගේ තියන කෞතුක වටිනාකම නිසානේ අගය වැඩි.

      Delete
  8. හප්පේ වාහන් ටිකේ ලස්සන..තොරණේ විස්තරෙ බොහොම වටිනවා..:-)
    ... මොරිස් 1100 එක අමතක උනාද? මරු භාන්ඩේ.. අවුරුදු දහයක් විතර දුවලා 2000 විතර දුන්නා. ගත්ත කෙනා කියනවා තාම හොඳට දුවනවාලු.

    ReplyDelete
    Replies
    1. තොරණේ විස්තරේ. ඇගේ ඇති වචනේ. ගියපාර ලිපියේ මොරිස් 1100 තියනවා.

      Delete
  9. මරු කාර් ටික...
    ඒ කාලේ ඔහොම වාහනයක් තිබ්බ මිනිස්සු කොච්චර උජාරුවෙන් ගියාද කියලා හිතාගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. මම දන්න එක්තරා කුලීරථ රියදුරෙක් හිටියා කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයක. මිනිහට අනික් රියදුරන් දාගෙන තිබුන අන්වර්ථ නාමය 'ඔරිජිනල්' එයා ළඟ තිබුණේ බොහොම පැරණි වූල්ස්ලි වර්ගයේ වාහනයක්. එයා හැම වෙලාවේම කියන්නේ කාර් එකේ සෑම කෑල්ලක්ම ඔරිජිනල් කියලයි. දවසක් එක්කෙනෙක් ඇහුවලු රෝදවල තියන හුළං ටිකත් ඔරිජිනල් ද කියලා :e

      Delete
  10. පැන්ෂන් එක වැඩිපුරත් එක්ක හම්බවෙන එකේ නරකද සෑර් දඬු පෝඩ් එකක් වගේ ගෙනාවොත් ???
    මේ ඊයෙ පෙරේදත් සෑහෙන ගානකින් වැඩි උනානෙ :D

    ReplyDelete
    Replies
    1. අම්මපා පත්තර මල්ලියෝ මට වෙලාවකට හිතෙනවා මේ දැන් තියන 'දඬු ෆෝර්ඩ්' එක කාටහරි නිකම්ම දීලා වෙන දඬු ෆෝර්ඩ් එකක් හොයාගන්න. මොකද කියන්නේ?

      Delete
    2. ගේමු සෑර් කි‍රි කිරි ඇලියොන් එකක් !! පර්ල් වයිට් අන්රෙජිස්ටඩ් එකක් !!!

      Delete
    3. දැන් 'එව්වා' එලවන්න පණ නෑ මල්ලියෝ. ඔන්න ඔහේ දඬු ෆෝර්ඩ් එකේම යමු :e

      Delete
  11. මගේ මතකය හැත්තෑව අසූව දශකයන්ට ගියේ නිකම්ම. ඒ කාලේ පර්ජෝ වලටත් මාර මාර්කට් එකක් තිබ්බේ. අපේ පැත්තේ තියෙන සංචාරක හෝටල් ගාව මේවා නවත්වලා තියෙනවා. රවුන්ඩ් ටුවර් ගියේ මේවාගෙන් තමා. ෆෝඩ් කාර් එකට මාත් පුංචි කාලේ ආස වුණා. වහලේ ලෙදර් හමක් අලවලා තිබුනා වගේ මතකයක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. පර්ජෝ (නිවැරදි ප්‍රංශ වචනය උච්ඡාරණය කරන්නේ පියුෂෝ යනුවෙන් බව මම අහලා තියනවා. ඒත් මමත් කියන්නේ පර්ජෝ කියලයි) වාහන, ඒ කියන්නේ මම දන්නා කාලේදී, පර්ජෝ 203 දුන්නේ සහකාර පොලිස් අධිකාරි වරුන්ට. ඉන්පස්සේ උසස් පොලිස් නිලධාරීන්ට දිගටම දුන්නේ පර්ජෝ වාහන.

      ෆෝර්ඩ් වාහන ශක්තිය හා කල්පැවැත්ම අතින් බොහොම ඉහලයි.

      Delete
    2. පර්ජෝ කාර් එකක් තිබ්බා අපේ ගෙවල් ළඟ..කට්ටිය ඒකට කිව්වේ සමුලු කාර් එක කියලා.මැතිනිගෙ කාලෙ නොබැඳි ජාතීන්ගේ සමුලුවට ගෙනාව වාහනයක්ලු

      Delete
    3. ඔබ කියන්නේ පර්ජෝ 504 කාර් එක ගැන විය යුතුයි. එය ඉතා ශක්තිමත් සැපපහසු වාහනයක්. පසු කාලයේදී මේ මෝස්තරයේ වාහන බොහොමයක් ඩීසල් වලට හරවනු ලැබුවා.

      [im]http://www.itusozluk.com/image/peugeot-504_35741.jpg[/im]

      Delete
    4. ආන්න හරි සර්.. කන්වර්‍ට් කරලා තමා තිබුනේ.504 තමා..

      Delete
    5. කාර්වලට පාවිච්චි කලේ.සීට් පේලියක් වැඩිපුර තිබුනා.504 කාර් ගොඩක් ගෙනාවා නොබැඳි සමුලුවට එකයි ඒවට සමුලු කාර් කිව්වෙ. හැබැයි ආව රාජ්‍ය නායකයින්ට යන්න ගෙනාවෙ දැන් වගෙ බෙන්ස්,බී.එම්.ඩබ්ලිව් නෙමෙයි හෝල්ඩන් ස්ටේට්ස්මන් කියන කාර් ඕස්ට්‍රේලියාවෙන්.

      ඔය ෆෝඩ් ඇන්ග්ලියා එකේ වාගෙ පස්සෙ වීදුරුව ඇතුලට නවපු වෙන කාර් දැකලා නෑ වගේම ඉස්සරහයි පිටිපස්සෙයි එකම වින්ඩ්ස්ක්‍රීන් එක තිබුන මතක හැටියට ස්කෝඩා ඔක්ටේවියා කාර් වල .ලංකාවෙත් ඒ ස්කෝඩා තිබුන.

      Delete
    6. සුදීක කියන්නෙ පර්ජෝ 504 වැගන් එක ගැන.ඒවා තමයි ඔය කියන කාලෙ ‍ටුවරිස්ට් කාර්වලට පාවිච්චි කලේ.සීට් පේලියක් වැඩිපුර තිබුනා.504 කාර් ගොඩක් ගෙනාවා නොබැඳි සමුලුවට එකයි ඒවට සමුලු කාර් කිව්වෙ. හැබැයි ආව රාජ්‍ය නායකයින්ට යන්න ගෙනාවෙ දැන් වගෙ බෙන්ස්,බී.එම්.ඩබ්ලිව් නෙමෙයි හෝල්ඩන් ස්ටේට්ස්මන් කියන කාර් ඕස්ට්‍රේලියාවෙන්.

      ඔය ෆෝඩ් ඇන්ග්ලියා එකේ වාගෙ පස්සෙ වීදුරුව ඇතුලට නවපු වෙන කාර් දැකලා නෑ වගේම ඉස්සරහයි පිටිපස්සෙයි එකම වින්ඩ්ස්ක්‍රීන් එක තිබුන මතක හැටියට ස්කෝඩා ඔක්ටේවියා කාර් වල .ලංකාවෙත් ඒ ස්කෝඩා තිබුන.

      Delete
    7. බොහොම ස්තුතියි මේ කරුණු දැක්වීම ගැන. පර්ජෝ කාර් ගැන ඉදිරියේදී ලියනවා. එතකොට මේ 504 ගැන තව විස්තර ලියන්නම්. ස්කෝඩා කාර් මට මතකයි එව්වා ගැනත් ලියන්නම්.

      Delete
  12. සමහර වාහන හැබහින් නම් දැකලා නෑ... පින්තූරත් එක්ක විස්තර තියෙන එක හුඟක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. අපිත් නොදන්නා පරණ වාහන මෝස්තරත් තියනවා.

      Delete
  13. මමත් දි ඉටැලියන් ජොබ් බැලුවේ 70 ගණන්වල නුගේගොඩ ලැවිනියා හෝල් එකේ. මයිකල් කේන් හිටියේ. මයිකල් කේන්ගේ ෆිල්ම්ස් ගොඩාක් බැලුවා මම පස්සේ කාලේ.

    ReplyDelete
    Replies
    1. ඉටැලියන් ජොබ් ඊට පස්සේ කරපු එකකුත් තියනවා. එකේ තියෙන්නේ නිකම් තාක්ෂණික හරඹ. අර මුල් කෘතියෙන් වින්ද තෘප්තිය එයින් විඳින්න බැහැ.

      Delete
    2. අපි නං දැනුත් ඉටැලියන් ජොබ් තමා .. :D

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්, මල්ලි ඉටැලියන් ජොබ් කලාට රත්තරං මංකොල්ල වලට එහෙම යන්ඩ එපා.

      Delete
    4. පත්‍ර බ්‍රදර්......එහෙම ගේම් එකක් දෙනවානම් මටත් කියපන්. මේ දවස්වල මීගමුවේ ඉන්නවා ඒ වැඩේට කප් ගහපු පොරවල්.

      Delete
    5. ඕ යේස් අරූ අයියා .. මොනාද කියන්නෙ මෙහෙ මාෆියා කාරයො මොක්කුද මීගමුවෙනේ වැඩ්ඩ ඉන්නේ.

      Delete
    6. බලාගෙන හිටපල්ලා. මීගමුවේ එවුන් හෙට අනිද්දම කූඩුවේ.

      Delete
    7. අළුත් පිල්ම් එකත් නරකම නැ, ඔයා අළුත් ෆිල්ම් එකට කැමති නැත්තේ ඒකේ තියන ආයුධ පාවිච්චි කරනන දන්නේ නැති හන්දා , මං නං ඒවා ගැන හොදට දන්නවා

      Delete
  14. විචාරකට කියන්න මටත් ඔය පරණ කාර් වලින් හොඳින්ම මතක හිටිය එකක් තමයි අර ඇන්ග්ලියා එක. ඒත් ඒකට කියන නම මේ වෙනකල් දැනගෙන හිටියෙ නෑ. පස්සෙ වීදුරුව යටින් ඇතුලට නමල තියෙන වාහනයක් මාත් දැකල තියෙන්නෙ ඒ වර්ගෙ ‍විතරයි.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ප්‍රසන්න ඔය තත්වය කාටත් පොදුයි. අපි දැකපු සමහර වාහන තියනවා නම මතක නැති. නමුත් පුංචි කාලේ දැක්ක බව මතකයි.

      Delete
  15. කවුද කියන්නේ මේවා අපි දැකපු කාර් කියලා ! මේ එකක්වත් අපි දැකලා නෑනෙ...

    මිනි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් නෙමේද ?

    ඔස්ටින් මිනි මොක් එකක් නේද පොඩි මල්ලියි, චූටි මල්ලියි පැදගෙන එන්නෙ ?

    ඩිස්කවරි ටර්බෝ එකේ පෙන්නනවා පට්ට පරන කාර් දිලිසෙන ටොයියෝ වෙන්න පොලිෂ් කරලා ඔක්ෂන් කරනවා.. පට්ට ගනන් වලට ඒවා යන්නේ... එක ලඩියක් ගියා ඩොලර් ලක්ශෙත් පන්නලා.. දැන් තියන හොඳම කාර් එකක් ගත්තෑකි ඒ ගානට. හොඳම වැඩේ ඔක්ෂන් එකෙන් පස්සේ ඒක තල්ලු කරන් ගියේ බැට් රිය වැඩ කරන්නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. පොඩි බබාලා කොහෙද මෙව්වා දකින්නේ. ගිය ආත්මෙදි ලාකා ඇති. :e

      මිනි කියන්නේ model name එකක්.

      ලෝකය පුරාම පරණ කාර් පිස්සෝ ඉන්නවා. එයාලත් මේවා එකතු කරන්නේ ලස්සනට අරන් තියන්න.

      Delete
    2. ගිය ආත්මෙදි දැකලා ඇති යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
  16. Austin Mini Moke නිල් පාට එකක් මේ අපි ඉන්න ලග පාතත් තියෙනවා.. මම ඒකේ ගත්ත ෆොටෝ නම් ඇති මුහුණු පොතේ දාලත්..

    ReplyDelete
    Replies
    1. මමනම් හරිම ආසා වාහනයක්. හැබැයි ඔරිජිනල් වාහන නිල් පාටින් ආවේ නෑ කියලයි මට මතක.

      Delete
  17. සමහර එව්වා නම් දැකලත් නෑ.. මිනි කූපර් නම් ගණන් අඩුත් එක්ක. ඒත් ඔව්වා අරන් කැඩෙන්න ගත්තොත් තමා වැඩේ..

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කරනවද ? ඕවා ගන්න එපා.. ඕවට ස්පෙයාර් පාර්ට්ස් ගේන්න එංගලන්තෙටම යන්න වෙනවා..

      Delete
    2. විනෝදයට වියදම් කරන්න සල්ලි තියනවානම් මිනි කූපර් එකක් ගත්තට කමක් නැහැ.

      Delete
  18. මේක කියවන විට පරණ කාර් එකක් ගන්න ආස හිතෙනවා. අපේ තාත්තා කියන්නේ පරණ වාහන ගන්න එක ලෙඩ ගෑනියෙක් බැඳ ගත්තා වගේ පිරිහෙන්න හේතුවක් කියලා.

    ReplyDelete
    Replies
    1. විනෝදාංශයක් ලෙස පැරණි වාහන එකතු කරන කෙනෙකුට නම් මේ වැඩේ හොඳයි. නැත්නම් අර ඔයාගේ තාත්තා කියන දේ තමයි වෙන්නේ.

      Delete
  19. මටත් හිතයි අර ඔස්ටින් මිනි මෝක් එකක් අරන් ලස්සන සුදු කෙල්ලෙක් දාගෙන කොළඹ පුරා රවුම් ගහන්න පත සන්ග්ලාස් එකකුයි ,කව්බෝයි තොප්පියකුයි දාගෙන , මොකද කියන්නේ විචාරක මහත්තයා .

    ReplyDelete
    Replies
    1. එතකොට එදා අර සයිබර් අවුරුදු උළෙලේදී සුදු කෙල්ලෝ පස්සේ ගියේ මොකටද? :e

      Delete
    2. ඕ යේස් .. මිනිස්සු කියයි යකෝ ඩ්‍ර‍යිව‍ර්ලටත් ගිය කල කියලා !!!

      Delete
    3. ලේලන්ඩ් බස් එකක සයිලන්සරය ගාවට සෙට් උනොත් ට්‍රැෆික් ලයිට් වලදී..... කෙල්ල කළු වෙලා තියෙයි :D

      Delete
  20. See this link.
    http://www.photo.gossiplankanews.com/2014/03/british-old-car-day-in-colombo.html

    ReplyDelete
  21. අපූරු පැරණි මතක..

    ReplyDelete
    Replies
    1. මේ වාහන ගැන දන්නා අය එකතු කරන තොරතුරුත් හරිම වටිනවා.

      Delete
  22. Replies
    1. ස්තුතියි. ඇවිත් බලන්නම්.

      Delete
  23. Ford Anglia වලට මෑතකදි ආපහු තැනක් ආවේ Harry Potter චිත්‍රපටියක තිබ්බ පියාඹන Anglia එක හන්දා? කට්ටියට ඒක මතකද? එතකොට ඔය ඇතුලට නැවුනු පස්ස වීදුරුවෙ තිබ්බ එක ප්‍රයෝජනයක් තමයි පස්සේ ඉඳගෙන යනකොට අව්වට වේලි වේලි යන්න ඕනෙ නැතිකම. දැන් වුනත් කාර්වල තියෙන එක කරදරයක්නේ අව්වේ පිච්චෙන්න වෙන එක. අනික ඒක ටිකක් ඔය ෆෙයරිං එකක් වගෙත් ක්‍රියාකරන්න ඇති.

    ෆෝඩ් කැප්‍රි එකට මමත් මාර ආසයි. මතකද ජනක රත්නායක ඇඳපු අත්තික්කා මල් කතාවේ බ්‍රයන්ට තිබ්බෙත් කැප්‍රි එකක්?

    Ford Escort රේස් පැදපු කා එකක්. මිනි එක වගේ. ඒවා මොඩිෆයි කරන්න පුලුවන් ලස්සනට්ස්. දැන් වුනත් මිනි එකක් ලක්ෂ හතරක්වත් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අපේ නෑ කෙනෙක් මගේ ඇඟේ ගහන්න හැඳුවා මිනියක් .ලක්ශ 4ට. මිනියක් නෙවෙයි ඒක මරණයක්.

      Delete
    2. @ හෙන්රි, අපි එක එක්කෙනාට තියන මතක වෙනස්. මම දැකපු ලස්සනම ෆෝඩ් කැප්රි එක දඩයම චිත්‍රපටියේ රවීන්ද්‍ර රන්දෙනියගේ කැප්රි එක. ඒකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න පොලු පාරක් දෙනවා ස්වර්ණා මල්ලවාරච්චි. ඒ සීන් එකේදී ඇත්තටම රවීන්ද්‍ර සීරීම් තුවාල ඇතිවුනාලු.

      ඔන්න දැන් තමයි ඇන්ග්ලියා එකේ පසුපස වීදුරුවේ තේරුම දැනගත්තේ. බොහොම ස්තුතියි.

      @ පත්තර මල්ලි. ඇයි යකෝ මිනියක් කරගහන්නේ මැරුණම නේද?

      Delete
    3. විචාරක තුමා ඔය මිනියෙ එයා ඉන්ටේක් එක තියෙන්නෙ සෑහෙන්න පහල කියල මං අහල තියනවා. පාරට වතුර පොඩ්ඩක් දාපු ගමං ඕක හිටින්න බලනවා කියලා.ඔය වගේම මෙහෙ හොඳට දුවන වාහනයක් තමයි ෆියට් 500 පරණ එක ..මිනිය සයිස්ම වගේ නේ ???
      ඒ වාහනේ මෙහෙ අයිකන් එකක්.

      Delete
  24. මමනම් මේ කාර් අතරින් ආසම මිනි කූපර් එකට, ද ඉටැලියන් ජොබ් ෆිල්ම් එකේ වගේම 2012දි ආපු ප්ලේයර්ස් ෆිල්ම් එකෙත් රත්තරන් මංකොල්ලයකට මිනිකූපර් යොදාගෙන තියනවා....හරිම ලස්සන හුරු බුහුටි කාර් පොඩ්ඩ :)

    බක්මහ උළෙලේදි හදුනාගන්න ලැබිම සතුටක් විචාරක මාමෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසිඳු. මම ප්ලේයර්ස් චිත්‍රපටිය බලලා නැහැ. ඇත්තටම මමත් හරිම ආසා කාර් එකක් මිනි කූපර් එක.

      Delete
  25. උඩම තියෙන මොරිස් වර්ගයේ කාර් එකක් තවම අපේ මහ ගෙවල් ළඟ ගෙදරක තියෙනවා බොහොම හොඳට නඩත්තු කරලා... ඒකත් ඉස්සර ටැක්සියක් විදියට දුවපු එකක්... හැබැයි තනි කළු පාට... ටැක්සි මීටරයක් තිබුනෙත් නෑ...
    රතු පාට මිනි කූපර් කාර් එකක් තිබුණා අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුට... එයා හරි උස මහත කෙනෙක්... බොහොම අමාරුවෙන් තමයි ඒක ඇතුලෙ ඉඳගෙන යන්නෙ...
    ඉස්සර අපේ සීයත් ඔය 'ඕපල් රෙකාඩ්' කියල කියනව මතකයි... කාර් ජාතියක් කියල තේරුනාට දැන් තමයි මොන වගේ එකක්ද කියල දැක්කෙ...

    ReplyDelete
    Replies
    1. විචාරක & මියුරු.......මටත් ඒ කාලේ ඕපල් රෙකාඩ් එකකයි, ෆෝඩ් කොන්සල් එකකයි වාඩිවෙලා යන්න ලැබිලා තියෙනවා. මට දැන් කාර් වල වාඩිවෙනකොට අර ඉස්සර කාර්ස් වල තිබුනු ලෙදර් සීට්ස්වල සුවඳ මතක්වෙනවා. මේක අතීතකාමය තමයි. ඒක වැරදක් නැහැ අපිට වර්තමානයයි, අතීතයයි නිවැරදිව විඳින්න පුලුවන් නම්.

      Delete
    2. අරූ... ඇත්තටම ඒ ලෙදර් සීට්වල සුවඳද... මගේත් නහයෙ දැවටි දැවටි තියෙනවා සීයගෙ කාරෙකෙන් ආපු සුවඳක්... ඒක හරියටම මොකක්ද කියල කියන්න දැනුමක්වත්, මතකයක්වත් නෑ... එහෙනම් මේ ඒ සුවඳ වෙන්නැති... මං හරිම ආසයි ඒ සුවඳට...

      Delete
    3. එහෙම වහලය කලුපාට නොකරපු ටක්සිත් තිබුණා මියුරු. ඒ මොරිස් 1000 කාරෙක අදත් සෑහෙන්න වටිනවා පැරණි කල නිසාම. හෙහ් හෙහ් ....මිනි කූපර් එකේ උස දණ්ඩක් වගේ එක්කෙනෙක් යනකොට හරි ලස්සනට ඇති.

      මියුරු සහ අරු, මගේ හිතෙත් ඒ පරණ කාර් සුවඳ තවම තියනවා. ඒ ඔස්සේ එදා සිදුවීම් වලට යන්නත් පුළුවන්. වචනයෙන් කියාගන්න බැරි මොකක්දෝ මහ අමුතු හැඟීමක් හිතට එනවා.

      Delete
  26. මම නම් කවදාවත් ඔය පරණ කාර් එකක ගිහිල්ල නෑ. එත් අපේ ගමෙත් ඔය වගේ පරණ කාර් දෙකක් විතර තිබුන කියල තමා මතක. ඔය මොරිස් කාර් එකේ නේද "පුටු පුටු" ගාල සද්දයක් එන්නෙ. මට මතකයි ඒ දවස් වල ඒක පාරෙ යනකොට අන්න ගෙම්බෙක් එනවා කියල අපි කෑ ගහනවා. අනිත් කාර් එක නම් අර පළවෙනි කොටසෙ දාල තිබුන එක වගේ එළියෙන් ලී frame එකක් පේන්ට තිබුණ එකක්. කොහොම වුනත් දෙකම තල්ලු ස්ටාර්ට් තමා හැමදාම.

    (විචාරක තුමා, මමත් බ්ලොගක් ලියනවා ගොඩවෙලා යන්ට
    http://elapataha.blogspot.com/)

    ReplyDelete
  27. ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඔබට පුටු පුටු සද්දේ ඇහෙන්න ඇත්තේ මලගම් යන්න ලංවෙච්ච මයිනර් එකකින් වෙන්න ඇති. මයිනර් කාර්වල බොහොම හොඳ ශබ්දයක් තිබුණේ.

    ඔබේ බ්ලොග් එකටත් ගොඩ වදින්නම්.

    ReplyDelete
  28. ඇත්තටම වටිනා ලිපි පෙළක් විචාරක තුමෝ. මේ වගේ පරණ දේවල් නම් කම්මැලි නැතිව බලන්න වගේම කියවන්න පුළුවන්.
    මිනි කූපර් ගැන කියද්දී මතක් වෙන්නේ Mr. Bean ව. මිනි කූපර් නම් අලුත් මෝස්තර වලිනුත් එනවා. යුරෝපයේ ගොඩ දෙනෙක් මිනි කූපර් එකට කැමතියි.

    ReplyDelete
  29. ඕපල් රෙකෝර්ඩ් කාර් එකක් අලවතුගොඩ ටවුන් එකේ තියෙනවා.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }