හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 March 2014

බන්දුල ඇමතිතුමෝ, මේං කොරනවානං වැඩක්

1
  ආයිබොවං බන්දුල ඇමතිතුමෝ, මේ ලියුං කරදහිය ලියන්ඩ පටංගත්ත ගමං මට මතක් උනේ, ඔබතුමා 1970 ගණන්වල, අවිස්සාවේල්ලේ ‘සම්පත විද්‍යාපීඨයේ’ ගුරුවරයෙක්  හැටියට වැඩ කොරපු කාලේ. ඔබතුමාගේ ‘වෙස්පා ස්කූටරෙත්’ මතකයි. අර පියතිලක මහත්තයව එහෙම මතක ඇති නේද? අනේ අම්මපා ඒ කාලේ නේද ඇමතිතුමෝ? හුටා………. ඒ කාලේ මම ඔබතුමාට ඇමතිතුමෝ කියලා නෙවෙයිනේ කතාකලේ. මතකයි නේද අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලයේ ටී බනිස්වල සහ ප්ලේන් ටී වල රහ. හරි හරි එව්වයින් කමක් නෑ. ඒ කාලේ කතාකොරපු විදිහට දැන් කතාකොරන්න බැරි නිසා, ඇමතිතුමෝ කියලම කියන්නං අමාරුවෙං හරි.   :d
  ඉතිං ඇමතිතුමෝ මම මේ පොඩි පණිවිඩයක් කියන්නයි මේ ලියුම එවන්නේ. මේ ඉස්කෝලවල හරි පුරස්න නෙව ඇමතිතුමෝ මේ දවස්වල. ගුරුවරු ළමයින්ට ගහනවාලු, ළමයි ගුරුවරුන්ට ගහනවාලු, සෑර් ලා ගෑණු ළමයින්ව තනිස් කොරනවාලු, පින්සිබොල් බැන්නා කියලා ළමයි බෙල්ලේ වැල දාගන්නවාලු, පරීක්සනයක් තියන්න කියලා, පින්සිබොල් මහත්තයව පොඩ්ඩකට අද්යාපන කාරියාලෙට දාපු ගමන්, ළමයි ඉස්කෝලේ තාප්පේ උඩ නැගලා මැරිච්ච කෙල්ලගේ දෙමවුපියන්ට ජාතකාරාධනා කොරනවාලු, සමහර දෙමවුපියෝ තව තවත් ළමයින්ව උසිගන්වනවාලු. මීට පස්සේ අපි ළමයින්ට මොකවත් කියන්නේ නෑ කියලා විදුහල්පතිලා පෙළපාලි යනවලු.
  පොඩ්ඩක් ඉන්ඩකෝ ඇමතිතුමෝ. ඊයේ පෙරේදා දවසක උහුමීයේ ඉඳලා කුරුණෑගල එන බස් එකේ මම එනකොට, මීහරක් ටිකක් පාර හරහා පැන්නා මල්කඩුවාව දිහෑදි. බස් එකේ ඩැයිවරයා එකපාරටම කිව්වේ නැතැයි, ‘ආං අර පින්සිබොල්ලාත් එදා කුරුණෑගල පෙළපාලි ගියේ මේ වගේ තමයි’ කියලා. අම්මපා මගේ අර නැතිවෙච්ච පිහිය තිබ්බනං, අයිනවා ඕකගේ කොලබොක්ක එළියට එන්ඩ.  
  ඔය ඉස්කෝලවල දැන් තියන පුරස්න අහලා සමහරු කියන්නේ, අනේ අපේ කාලෙනං ඔහොම එව්වා තිබුණේ නෑ කියලා. අම්මපා එහෙම කියන එකෙක් මට අහුවුණොත්, හොඳ හුප්පද (අර ඒ කාලේ ඔබතුමා අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලේ, තේ බොන ගමං කිව්වා වගේ. හෙහ් …හෙහ්…) දෙක තුනක් එක්ක කියලා දෙනවා, ඈ බොලව්, තොපි ඒ කාලේ ඉස්කෝලේ බිම ගොමගාද්දිං, නොදන්නවා වගේ කෙල්ලන්නේ පිඩියත් අතගෑවේ නැද්ද? පන්සලේ සල්පිල් බලන්න ගියාම, පන්සල්  තාප්පෙං  පිටට පන්නගෙන කෙල්ලන්නේ……………………..අනේ මොකටද ඇමතිතුමෝ ඔව්වා. මං මේ කියන්ඩ ආව එක කියන්නංකො.  
  මේකයි කතන්දරේ ඇමතිතුමෝ. අර අපේ පැන්සොන් ගිය ඉංගිරිසි සෑර් මට හම්බවුනා මේ ඊයෙ පෙරේද දවසක. හප්පොච්චියෙ බලන්ට එපැයි, ඒ කාලේ වගේමයි රැස්පොට් එක. ආං නියම ගුරුවරු. නැද්ද මං අහන්නේ ඇමතිතුමෝ, මේ දැං ඉන්න එව්වෝ බොහොමයක් චන්දෙට වැඩ කොල්ලා, කොරන්ට තියන පක්කලිකං ඔක්කොම කොල්ලා, පත්තීං ගන්නවා. ඒ මදිවට උංගෙං සමහරු, හමුදාවේ කොරනෙල් ද මොකද්දලු. අර ඉංගිරිසි මහත්තයා කිව්වා, ඒ කාලේ හිටියලු ජී.ඩබ්ලිව්.රාජපක්ස කියලා මහත්තයෙකුයි, කුඩලිගම කියලා මහත්තයෙකුයි. උන්නැහෙලත් කරනෙල් වුනාට, එව්වා හමුදාවට විතරලු. ඉස්කෝලෙදි එව්වා පෙන්නන්න ගියේ නැතිලු. අනේ කාලේ වනේ වාසේ කියනවානේ. මේ දැං ඉන්න කරනෙල්ලාගේ කරනෙල් කොම කටුස්සගේ කරේ බැඳ රත්තරං මාලේ වගේද, බල්ලගේ පුකේ බැන්ද මීය වගේද මන්දා.
  ඉංගිරිසි මහත්තයා කියනවා, ගුරුවරු අඬනවා කියලා හොටු පෙර පෙරා. දැන් ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න වෙලාවක් නැතිලු. වාර්සික සැළැස්ම කියලා දාගන්න අටමගලේ දිගෑරගත්තම, ආයි වෙන වැඩක් කොරන්න හම්බ වෙන්නේ නැහැලු. ඒ මදිවට කඩදාසි වල ලියලා පෙන්නන වැඩ, එලෝ කෝටියක් තියනවලු ගුරුවරුන්ඩ. ඉතිං ඔය අල්ලපනල්ලේ තමයිලු, කොහොම හරි වෙලාවක් අරගෙන උගන්නන්ඩ වෙලා තියෙන්නේ. ඉතිං මේ කොල්ලෝ කෙල්ලෝ පෝං අරං ගෙහුං ඉස්කෝලෙට, එව්වයෙං කොරන සුකුරුත්තං වැඩයි, අර අන්තර් ජංජාලෙද මොකද්ද එකෙන් කොරන වැඩයි හින්දා,  උංව මොනවා කොල්ලාවත් හදාගන්ඩ බැයිලු.
   ඉතිං ඉංගිරිසි මහත්තයා මට පොතක් දුන්නා, තමුන්නැහේට ගෙනහුං දෙන්ඩ කියලා. ඒ පොතේ තියනවලු, ඔය ඉස්කෝලවල පුරස්න විසඳගන්ඩ කොරන්ඩ පුළුවන් දේවල්. මේ පොත, ඔය වැඩේට බොහොම දක්ස, විසෙසක්ඥ දෙන්නෙක්ලු ලියලා තියෙන්නේ. ඉංගිරිසි මහත්තයා ඒ පොතේ පිටු ටිකක් ලකුණු කොරලා දුන්න, ඔබතුමාට විසේසයෙන් පෙන්නන්ඩ කියලා. පුලුවන්නං මුළු පොතම සිංහලට/දෙමළට පරිවර්තනය කොරලා, හැම ගුරුවරයටම දෙන්ඩ කියලත් කිව්වා. ඔය පහළිං තියෙන්නේ ඒ පිටු. ඉංගිරිසි මහත්තයා කිව්වා, අඩු ගානේ ඒ පිටු ටිකවත් ගුරුවරුන්ට, පින්සිබොල්ලාට, කියවන්ඩ දෙන්ඩ කියලා. ඉංගිරිසි මහත්තයා ඒ පිටු වල ඉහළින් මොනවද ලියලත් තියනවා කිව්වා. නිල්පාටින් ලියලා තියෙන්නේ ඉංගිරිසි මහත්තයා.
මෙන්න ඇමතිතුමා පොතේ විස්තර. මේ පොත අධ්‍යාපන අමාත්‍යාංශයටම ගෙන්වාගන්න පුලුවන්නම් හොඳයි. 
2
කතුවරුන්ගේ මේ අදහස් හුඟක් වටිනවා
3
4
මේ පොතේ තිබෙන මාතෘකා ලෝකයටම පොදුයි කියලා පැහැදිලිවම පෙනෙනවා
5
6
ඔක්කොටම කලින්, මම කවුද ළමයා කවුද කියන එක ගුරුවරයා විසින් අවබෝධ කරගන්න ඕනේ
7
ළමයි ඉස්කෝලේ ගැන හිතන විදිහත්, දෙමවුපියන් ඉස්කෝලේ ගැන හිතන විදිහත් හරියට අවබෝධ කරගෙන තිබීමත් වැදගත්
8
ළමයි, ගුරුවයා, දෙමවුපියෝ, ඔක්කොම එකට බැඳෙන ක්‍රම ගැනත් හිතුවොත් හොඳයි.
9
10
පනින්න පෙර සිතා බලනු කියන කියමන හරි වැදගත්. මේ තියෙන්නෙත් එවැනි සිතා බැලියයුතු කරුණු
11
12
13
14
බලන්න ඉහත එක පිටුවකින් පැහැදිළි කරනවා, සිසුන් සමග සාකච්ඡා කරමින්, ඔවුන්ගේ යෝජනා තුළින්ම විනය නීති ගොඩනගා ගන්න කියලා. එහෙම කලාම, තමන්ගේ යෝජනා වලට සිසුන්ට අනිවාර්යයෙන් අවනත වෙන්න සිදුවෙනවා. තමන් විසින් පනවාගත් විනය නීති කැඩුවොත්, තමන් විසින්ම යෝජනා කර ඇති දඬුවම් ලැබෙන බවත්, ශිෂ්‍යයා දන්නවා. ඒ නිසා ඔහු/ඇය වඩාත් සැළකිලිමත් වෙනවා විනයානුකූලව හැසිරෙන්න.
එපමණක් නෙවෙයි. ඉගැන්වීම කියන්නේ සූපවේදයක් නම්, ඒ සඳහා අවශ්‍ය හොඳ වට්ටෝරුව මොකක්ද, නරක වට්ටෝරුව මොකක්ද කියලාත් පැහැදිළි කරලා තියනවා, මේ පොතේ. ඒ නිසා ඇමතිතුමනි, නරකද මේ පොත ටිකක් කියවලා බැලුවොත්. මම කියන්නේ, මේ පොත අමු අමුවේම අපේ අධ්‍යාපන භූමිකාවට ඔබන්න එපා. මෙයින් ගතයුතු හොඳ දේ ගන්න.
15
එකක් මතකතියාගන්න. අපි අනික් මොනදේ මොන ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙනාවත් වැඩක් නැහැ, අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙනාවේ නැත්නම්. ඒ ගැන නෑසු කන්ව සිටියොත්, එහි දුර්විපාක, ඒ අපරාධය කළවුන්ගේ මිණීවලටත් හෙණ ලබාදෙන බව, අමතක කරන්නත් එපා.
my-signature-for-blog[1]     2014 මාර්තු මස 05 වැනිදින 0002 පැය.

50 comments :

  1. http://extratorrent.cc/torrent/3459158/50+Ways+to+Improve+Student+Behavior+Retail-Ebook.html

    ReplyDelete
    Replies
    1. මම ඔය ලින්ක් එක දැම්මෙ ඒ පොතේ කියවන්න යමක් තියෙන බව දැනුන නිසය්.දැන් ලන්කාවෙ නොහිටියත්,මම උගන්නපු කාලෙ යලුවන්ට කිව්වෙ,අද්යාපනයෙදි වැදගත්ම කෙනා ලමයා කියල.ඒත් ඉතින් ඉස්කෝලෙ අඩුපාඩු පිරිමහන්න ඉස්කෝලෙ වත්තෙ තියෙන ගස් ටික විකුනන්න යෝජනා කරපු ඇමතියෙකුට මේ පොතෙන් වැඩක් වෙන එකක් නැහැ.

      Delete
    2. බොහොම ස්තුතියි ඔබ නිර්නාමිකව හෝ මේ අදහස් දැක්වීම ගැන. ඔබ වැනි අය අන්තර්ජාලය මගින් ලිපි ලියනවානම් මම සූදානම් ඒවාට මේ අඩවියෙන් ඉඩ දෙන්න. මෙන්න මගේ ඊ මේල් ලිපිනය.
      wmjgslsr@gmail.com

      Delete
  2. අනේ විචාරක තුමණි ..... ඔබ තුමාගෙ කාලය.ඒත් කමක් නැහැ අපිවත් යමක් දැනගත්තනෙ ...
    ඔය ගස් ගොන්නුන්ට කියන දේවල් හොදයි.....එක්කෝ ඕන නැහැ....
    යමක් යෝජනා කලාම ඔය මිනිහ අහන ගොං ප්‍රශ්න කියල වැඩක් නැහැ.
    මම ඔය ගොන් වහන්සෙව දෙසරයක්ම මුණගැහිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මමත් බලාපොරොත්තුවෙන්නේ මේ ලිපිය දකින අය අඩුගානේ ගුරුවරු හත් අට දෙනෙකුටවත් මේ ගැන කියයි කියලා.

      Delete
  3. ඕක ඇමතියට දුන්නට වැඩක් නෑ ඒ නිසා අපිට දීපු එක හොදා.. ජය වෙවා විචා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි දේශ්. කවුරු හරි මේ අදහස ප්‍රචාරණය කරනවානම් හොඳයි.

      Delete
  4. මම මේ හිතන්නේ රචනාවට කීයක් දෙනවද කියලා :D

    ඔය කියන කෙනාව කොළඹ හෝටලේකදි දැක්කා වගේ මතකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කවදත් හොඳ හොඳ රචනා කාරයොනේ :D

      කොහොමද එයාගේ කොන්ඩේ 'කෙරේල්' ටික? :D

      Delete
  5. බිහිරි අධ්‍යාපන ඇමතියෙකුට වීණා වාදනයක් නොවී ඔහුගේ නිසි අවධානයට යොමු උවහොත් ජාතියේම වාසනාව.

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාව තියනවනම් මේවා මහා පරිමාණ ව්‍යාපෘති නෙවෙයි. නමුත් තමන්ගේ නම උස්සලා තියාගන්න හදනවා මිසක් තමන්ගෙන් වියයුතු සේවය ගැන නොදැකීමයි දුක.

      Delete
  6. ඒ කාලේ ඇමටීටුමා එක්ක එක බිට්ටල් එක ගහපු පොරක් වාගේ

    ReplyDelete
    Replies
    1. නිකං නෙවෙයි බල්ලන්ට ගහන බාගෙකුත් එක්ක.

      Delete
  7. ඔබ හොඳ අධ්‍යාපනඥයෙක්ද පෙනීයාම අපට ආඩම්බරයකි.

    ReplyDelete
    Replies
    1. මේ විදිහට ලෝකය දිහා බලන්න අපට කියාදුන් ගුරුවරු බුදුවේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

      Delete
  8. ඔය පොතත් එක්කම සාරියකුත් යැවුවොත් ප්‍රයෝජනවත් වෙයි මං හිතන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. සාරියට යටින් අඳින එව්වත් එක්කම නේද ප්‍රසන්න? :D

      Delete
  9. ඔබ හුඟක් ක්ෂේත්‍රවල ඇසූ පිරූ තැන් ඇති අයෙක් බව පේනව.සතුටුයි.ඒත් ඕක ඇමතියට යවන්නෙ මක්කෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. අනේ මන්දා මෙව්වා කාට යවන්නද කියලා. ළමයින්ට යැව්වනම් හොඳයි මම හිතන්නේ.

      Delete
    2. ඈසූ පිරූ සහ අතගෑ නේද?

      Delete
  10. ඕවා කියලාදෙන්ටත් විචාරක තුමටම යන්ට වෙයි මන් හිතන්නේ ...මොකද මුන්ට ඕවා තියා මළපොතේ අකුරක්වත් දන්නා එකක් යැයි

    ReplyDelete
    Replies
    1. එහෙම ගියෝත්නම් හොම්බට ඇනලා තමයි කියලා දෙන්ඩ වෙන්නේ.

      Delete
  11. විචාරක මට නම් මේ ගැන ගොඩක් දෙවල් තියෙනවා කියනවා නම් මොකද මගේ තාත්තා විදුහල්පති කෙනෙක් අම්මා ටිචර් කෙනෙක් .ඔය ඉස්කොල වල දෙවල් ගොඩක් දන්නවා ,දැන් නම් ඉස්කොල වල තත්වය අන්තිම අවුල් ,එකක් තමා හරි ගුරු මාරු විම් ප්‍රතිපත්තියක් නෑ ,දේශපාලුවන්ට ඕන විදිහට දැන් හැමදෙම ... ඔය වාර්ශික සැලැස්ම වල් අරවා මෙවා ඔක්කොම වැඩක් නෑ මම නම් දකින විදිහට ..ඕන රජයෙන් නියමිත ප්‍රතිපත්තියක් ,කොහෙද මේ දේශපාලුවෝ උන්ගේ වාසිය විතරයි ....

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය ආවේ 1960 සශකයේ මැද භාගයේදී. අද වෙනකොට කුණුවීමේ අන්තයටම ගිහින්. දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් කියලා උසස් තනතුරු වලට පත් කරන්නෙම වැඩබැරි/බේබදු/කාමුක/පුස්සෝ.

      අවංක ගුරුවරයකුට අද කරන්න යමක් ඉතුරුවෙලා නැහැ.

      Delete
  12. විචාරක

    මේ දවස්වල මට මේවා බලන්න වෙලාඅවක් නෑ. අර කවුද කාලකන්නියෙක් මගෙ දරුවගෙ වාහනේට හිතාමතාම හැපිල ඔන්න අද ඌ මැරිලලු. කොල්ලට බැක්ඩේට් කරල ලයිසොමක් ගන්න එක තමයි ප්‍රයෝරිටි වන්.ඒක කරගත්තට පස්සෙ වෙලාවක් තිබුනොත් සලකා බලන්නම්.

    බන්දුල ගුනවර්දන

    ReplyDelete
    Replies
    1. අම්මප ඇමතිතුමෝ ඇමතිතුමාගේ අම්මා මොකෑ ඔච්චර කිබුහුං යවන්නේ?

      Delete
  13. පට්ටම ලිපියක් විචාරක තුමා, මේක බලන්න ඇමැතිට වෙලාවක් හිටින එකක් නෑ මගේ හිතේ මොකද පුත්තරයා රිමාන්ඩ් කොරල ඔන්න අද.

    ReplyDelete
    Replies
    1. මමනම් අද සිරස රූපවාහිනියෙන් දැක්කේ පුත්තරයා ඇප ලබාගෙන මාතර උසාවියෙන් එලියට එනවා. ඒ ගැන එයාගේ නීතීඥයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කියපු කරුණු පරස්පර විරෝධීයි.

      Delete
  14. මේ පොත බාගන්න ලින්ක් එකකුත් දුන්නා නම් තවත් ගති,,, අපිට ටොරන්ට් බ්ලොක්නේ.
    අධ්‍යාපන ඇමතිලාට මේවා දෙනවට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්වන එක.

    ReplyDelete
    Replies
    1. පළමුවැනි කමෙන්ට් එක දාලා තියන නිර්නාමික විසින් ඒ ලින්ක් එක දාලා තියනවා.

      අනේ මන්දන්නෑ මේ ඇමතියෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ හම්බන්වැල්ලෙන්ද කියලා.

      Delete
  15. විචාරක තුමාත් බන්දුල ඇමතිත් එක්තරා කාලයකදී ලඟින් ඇසුරු කර ඇති බවනම් පැහැදිලියි.........

    ඒත් අද ඔබ තුමා සිටින තැන සහ ඔහු සිටින තැන ගැන සිතන විට ඇත්තටම ඔබතුමා ගැන අපට ගොඩක් සතුටු විය හැකියි.......

    මම හිතන්නේ දෙන්නා ආපු පාරවල් දෙකේ වෙනස තමයි අද අපට මේ දකින්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔහු ඔහුගේ මාර්ගයේ ගියා. මම මගේ මාර්ගයේ ආවා. අද ඔහුට පාඩම් කියාදීමට මට සිදුවීම ගැනනම් කණගාටුයි.

      Delete
  16. ඈසූ පිරූ සහ අතගෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොනවා කොරත් වැඩක් නෑ ඇමැත්ත තුමාට මෙව්වා පෙනෙන්නේ නැත්තං.

      Delete
  17. ඇමතියා මේක දැකලා කියවන්න කැමති උනා කියමුකෝ... එත් තේරුම් ගන්න පුලුවන්ද මේක ඉංගිරිසියෙන් නොවෑ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකටනං ඔය සැකට්‍රි කෙනෙක්ව ඔඩොක්කුවට.... හුටා.... ඔපිස් එකට ගෙන්න ගන්නේ නැතැයි.

      Delete
  18. කාලය කැප කරමින් රස කතා නොවන මේ වගේ පොතක් කියවලා අන්තර්ගතය පෝස්ට් කරන්න ඔබට හිතුන එකට මම ගරු කරනවා...අවධානයට ලක්වෙන්න ඕනේ අයගේ කාලයෙන් ටිකක් අරගෙන මේක කියෙව්වොත් වෙනසක් වේවි..

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමා කෙසේ වෙතත් ලංකාවේ ඉන්න අධ්‍යාපනඥයන් කීපදෙනෙක් වත් මේ පොත කියවනවානම් හොඳයි. කරුමේ කියන්නේ ඔවුන්ගෙන් බහුතරය නවීන දැණුම යාවත්කාලීන කරගන්න මැලි වීමයි.

      Delete
  19. මේවා ඔය ඇමතියලට කියනවට වැඩිය මෙහෙම ලියලා දාන එක වටිනවා විචාරක තුමනි.. අඩුගානේ මේවට යන එන පොඩි එවුන් අතින්වත් මෙහෙම දේකට වටිනාකමක් ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත තමයි. අඩු ගානේ මේ පණිවිඩය හොඳ බුද්ධිමත් ගුරුවරු කීපදෙනෙකුටවත් සම්ප්‍රේෂණය වෙනවානම් යහපතක් වෙයි.

      Delete
  20. මේව ගැන කතා කළාම අන්තිමේට කෙරනේල් විභාග තියන්න වෙනව...
    ඈ විදාරක තුමා දන්නෙ නැතෙයි... ඔය අමාත්තියංසෙ ඉන්න ඈයො ඉංගිරිස් දන්නැතෙයි කියල... අන්තිමේ ඕක බලල වෙන වෙන ජංජාල නටල අන්න අර විචාරකය තමා දුන්නෙ මේං මේම කොරපං කියල ඒකය් කොරෙ කියයි...

    බලාගෙනයි... පරිස්සමෙන්...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔතන ඉන්න මොහොමයක් අය වරදක් වුනාම අනුන්ගේ කරපිට පටවලා ෂේප් වීමේ න්‍යාය දන්නවා අකුරටම.

      Delete
  21. විචාරකගේ මම දැක්ක හොඳම සමාජීය ළිපිය.. මේ වගේ දේ ලියන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා... පොකු අහලා තියෙනවා රචනාවට කීයක් දෙන්නද කියලා... මම නම් 100 ම දෙනවා....

    ReplyDelete
    Replies
    1. නැති ප්‍රශ්න ඇති කරගෙන ඒවා ලෝකය පෙරලෙන තරමේ මහා ප්‍රශ්න වගේ පෙන්වාගෙන අධ්‍යාපන ලොක්කෝ නටන මේ නාඩගමේ කෙලවර කොතනද? මෙයින් පෙනෙන්නේ පුස්සෝ රජවෙලා ඉන්නවා කියන එක නේද? විසඳුම් ඉතා සරල බවත්, අවශ්‍යවන්නේ යතාර්ථය අවබෝධ කරගැනීම බවත් පහුගිය දවස්වල එක අධ්‍යාපන ලොක්කෙක්වත් කියලා තිබුණේ නැහැ. එක අධ්‍යාපන ලොක්කෙක් හරි මේ ලිපිය දැක්කොත් මට ඒ ඇති.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  22. කවද හරි ගුරුවරයෙක් වත් දකින්නෙ නැතෑ මේව. මේක කියවද්දි මා දැකපු ගුරුවරු කීප දෙනෙක් ම සිහි වුනා.
    අගනා ලිපියක්. ඉඩක් ලද හොත් මෙය කාට කාට හෝ දකින්නට සලස්වන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කීපදෙනෙක් reblog කරනවානම් හොඳයි.

      Delete
  23. විචාරක......මෙයාට නම් මොන පොත දුන්නත් වැඩක් නැහැ ඉලපත තමයි දෙන්න වටින්නේ. හැමදාම එදා දුන්න ටියුෂන් එකම දීගෙන යනවා.

    අවිස්සාවේල්ලේ සමුපකාර හෝටලය ඉස්සරහ තිබුනු වින්සිරි ටේලර් සාප්පුව,ඇතුළු වටපිටාව 1970 ගණන් වල මට මතකයි. සමුපකාර හෝටලයේ පානුයි කිරිමාළුයි කනවා තාත්තාගේ යාළුවෝ එක්ක මම පොඩිකාලේ.

    ReplyDelete
    Replies
    1. අපොයි මෙයාගේ එදත් අදත් අතර වෙනස කෝටිපතියකු වීම සහ මෙලෝ රහක් නැතිවීම තමයි.

      ඒ කාලේ අපි කෙල්ලෝ නිසා කමිස කලිසම් මහන ටේලර් සාප්පු දෙකක් තිබුණා. එකක් කොටියාකුඹුරේ විජය ටේලර්ස්. අනික අවිස්සාවේල්ලේ වින්සිරි ටේලර්ස්. ඒ දෙපොලින්ම අපිව ලස්සන කළා බොහොම හොඳින්.

      අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලේ වේටර්ලා හැටියට හිටියේ ගෑණු ළමයිනේ. ඒ නිසා ආකර්ෂණය බොහොම වැඩියි. හෝටලේ පිටිපස්සේ පොඩි කාමරයක් තිබුණා. අපි ඒකේ තමයි බල්ලන්ට ගහන බාගයක් එහෙම පාවිච්චි කලේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }