හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 January 2014

හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියමුද? කරගනිමුද? - An Everlasting New Year

  ??????????????????????????????????????????????????????????????????????????????????ඔබෙන් සමහර අයට මතක ඇති මම 2013 ජනවාරි පළමුවැනිදා ලිව්වා, සුබ නව වසර අපිම උදාකරගනිමු කියලා සුබ පැතුමක්. අපි ගෙවන්නේ කොයි තරම් ඒකාකාරී ජීවිතද? ඔබට හිතෙන්නේ නැද්ද අපි හැමදාම එකම රවුමේ යන්නේ කියලා. හිතලා බලන්න. අලුත් අවුරුද්ද, (ව්‍යවහාරික වර්ෂ ක්‍රමය අනුව) තෛපොංගල් උත්සවය, නබි තුමාගේ උපන්දින සැමරුම, මහා සිවරාත්‍රි දිනය, සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය, මහ සිකුරාදා දිනය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, හජ්ජි උත්සවය, දීපාවලී උත්සවය, නත්තල් උත්සවය. ඔය විදිහට අපි එක අවුරුද්දක් තුළ විවිධ ජාතීන් හා ආගම් පදනම් කරගෙන, සංවත්සර හෝ සැමරුම් පවත්වනවා. රාජ්‍ය නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය වෙත පණිවිඩ නිකුත් කරනවා. ඒවා මහා ඉහළින් පළ කරනවා. හැමදාම කියන්නේ එකමදේ. කරන්නේ එකම දේ. වෙන්නෙත් එකම දේ. ඊළඟ අවුරුද්දෙත් අපි ඔය රවුමේම යනවා.
  tumblr_mrtqa8pFOU1qfvq9bo1_500ඔය කාලසටහනට සාපේක්‍ෂව අපේ ජීවිතවල කොපමණ වෙනස්කම් වෙනවාද කියා සොයා බැලුවොත්, සිදුවෙන්නේ බොහොම ටිකයි. එයිනුත් බොහොමයක් භෞතිකමය වෙනස්වීම්. ඉඩමක් ගැනීම, ගෙයක් හැදීම, පදිංචිය වෙනස් වීම/කිරීම, රැකියාවක් ලැබීම/රැකියාවේ වෙනස්වීම්, එහෙම නේද? මම කියන්නේ ඒවා නරකයි කියලා නෙවේ. ඒවා කරන්න එපා, ඒවා පලක් නැති වැඩ කියලා නෙවෙයි, ඊට සාපේක්‍ෂව ආධ්‍යාත්මික වශයෙන් වෙනස්වීම් සිදුවන්නේ බොහොම ටිකයි. විවාහ වීම/දික්කසාද වීම, දරුවන් ඉපදීම/පවුලේ අය මියයාම  භෞතිකමය වෙනස්වීම්ද ආධ්‍යාත්මික වෙනස්වීම්ද? ඔබම සිතා බලන්න. 
   going-round-in-circles-G-Gawne-Kelnar මම කියන්න හදන්නේ මෙයයි. අපි මේ රවුමේ යාමෙන් වෙනස්විය යුතුයි කියලා ඔබට කවදාවත් හිතිලා නැද්ද? හිතුනත් කොහොමද එහෙම වෙනස්වෙන්නේ කියලා හිතෙන් තර්ක කරලා නැද්ද? මම මෙතනට කිසිම ආගමක් ගාවගන්න කැමති නැහැ. මම කියන්නේ නිදහසේ හිතන්න කියලා විතරයි. ඇත්තටම සමහර දේවල් තියනවා අපට වෙනස් කරන්න බැරි. නියමිත වෙලාවට රැකියාවට යාම, දරුවන් පාසල් යැවීම, වැනි දේවල්. ඒවා පැත්තක තියන්න. ඒවායින් සමහරක් අපි කරන්නේ කැමැත්තෙන් නොවෙයි. නොකර බැරි නිසා. අපේ ජාතික ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමත් අර දිනපතා කරන අනෙක් කටයුතු මෙන් ඒ නියමිත දිනයේදී අවම මට්ටමෙන් කරලා 'ඔන්න ඒ වැඩෙත් ඉවරයි' කියලා හිත හදාගන්න එකද හරි, එහෙම නැත්නම් එයින් තමන්ටත් පවුලේ අයටත් යම්කිසි ආධ්‍යාත්මික සුවයක් දෙන ආකාරයට කරන එකද හරි.
  මම හිතන්නේ, ව්‍යවහාරික වර්ෂ ක්‍රමය නිසා, ජනවාරි පළමුවැනිදා, කිසියම් ආරම්භයක් ලෙස සළකනු විනා, සැමරුමක් ලෙස සළකා කටයුතු කිරීම අපේ රටේ බොහෝ දුරට සිදුවන්නේ නැහැ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තමයි සැමරුමක් ලෙස වඩාත් තැනක් ලබන්නේ. එතැනදී නම් චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් ලැබෙනවා. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ කලයුතු දේ සහ නොකර වැළකී සිටියයුතු දේ කියන එකනේ. ඒවා අනුගමනය කිරීම හොඳයි. බාල පරපුරත් ඒ වෙත යොමුකිරීම හොඳයි. හැබැයි එය අන්ධානුකරණයක් නොවියයුතුයි. අද ඉන්න ළමයි තර්කානුකූලව විමර්ශනශීලීව ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන වියහැකියි.
  මට මතක් වෙනවා බොහොම කාලෙකට ඉහත මා දුටු පුවත්පත් කාටූනයක්. මගුල් ගෙදරකට ගිය කුඩා දරුවකු (අර හැමදේම ගැන නොකඩවා ප්‍රශ්න අහන වයසක් තියෙන්නේ. අන්න ඒ වයසේ ළමයෙක්. මම දැකලා තියනවා හරකුන්ටත් වඩා පහළ මට්ටමේ මොළයක් තියන දෙමවුපියෝ, එවැනි ළමයින්ට තරවටු කර කටවසා, ඒ ළමයා සදාකාලික මොට්ටයෙක් කරන හැටි) තමන්ගේ පියාගෙන් විමසනවා 'අර මොකද තාත්තේ අර මනමාලයාගෙයි මනමාලිගෙයි ඇඟිලි දෙක එකට අල්ලලා බැඳලා තියෙන්නේ' කියලා. තාත්තා කියනවා 'ඒ පුතේ අර කුඹුරේ හානකොටත් ගොන්නු දෙන්නා එකට බඳින්න එපායැ. අන්න ඒ වගේ තමයි' කියලා.   :D
 13518511808067 අපි සිංහල/දෙමළ/මුස්ලිම්/ වුනේ කොහොමද? අපි බෞද්ධ/කතෝලික/හින්දු/මුස්ලිම් ආගමේ වුනේ කොහොමද? ඇයි අම්මේ අපි සිංහලෙන් ගාථා කියලා බුදුන් වඳින්නේ නැත්තේ? ඉතින් අම්මේ, බුදු හාමුදුරුවන්ට තිබුණනේ, සතියක් ඇහිපිය නොහෙලා බෝධිය දිහා බලා ඉන්නවාට වඩා, බෝධියට වතුර ටිකක් පෝර ටිකක් දාලා සත්කාර කරන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබේ දරුවා ඇහුවොත් ඔබ කෝප වෙනවද? දරුවාට තරවටු කරනවද මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා? ඔබම හිතා බලනවද මොකක්ද දියයුතු සුදුසුම පිළිතුර කියලා? ඇත්තටම සමහර ප්‍රශ්න බොළඳ, මෝඩ, ඒවා වියහැකියි. ඒ ප්‍රශ්න අහන්නේ ළමයෙක්. හොඳින් මතක තියාගන්න ළමයා කියන්නේ පුංචි මිනිහෙක් නෙවෙයි. ළමයා කියන්නෙ ළමයාට. ඔහුට බැහැ මනසින් අපේ තත්වයට ඇවිත් ප්‍රශ්න අහන්න. ඔහු ඉන්නේ ඔහුගේ ලෝකයේ. අපි තමයි ඒ ලෝකය වනසන්නේ. අන්තිමට අපිම තමයි ළමයාව මානසිකව දූෂණය කරන්නේ.  
  හොඳයි, දැන් කොහොමද අළුත් අවුරුද්ද කියන එක හැමදාම තියාගන්නේ? ජනවාරි පළමුවැනිදාත් වෙනදා වගේම ඉර පායලා බැහැලා යනවා. ආයෙ අපට පුළුවනෑ ඒක අතින් අල්ලලා නවත්තන්න. අතින් අල්ලලා නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ හිතින් අල්ලලා නවත්තගන්න එක. ඔය බොහොමයක් දේවල් තියෙන්නේ අපේ හිතේනේ. අපි නිතර හිතෙන අලුත් වෙනවානම් (වෙන්න පුළුවන්නම්) අළුත් අවුරුද්ද අපේ හිතේ දිගටම තියනවා. ඒ කියන්නේ උදාවන හැම දවසම අලුත් දවසක් කියනඑක අඩු ගානේ උදේ වරුවටවත් හිතේ ධාරණය කරගන්න පුලුවන්නම් එය අපේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඔව්වා කරන්න ආය මේ ධනාත්මක චින්තන පාඨමාලා කරන්න අවශ්‍ය නැහැ.  හොඳයි, දැන් මම ඔබට පුංචි යෝජනාවක් කරන්නයි හදන්නේ. මොකක්ද දන්නවද? මම පහත සඳහන් කරනවා කරුණු දහයක්. හිතලා බලන්න මේ දේවල් හාරන්න පුලුවන්ද බැරිද කියලා. ඉස්සරවෙලාම කරුණු දහය කියන්නම්කො.
1.  දිනපතාම වගේ දකින (පාරේදී/බස් නැවතුමේදී/කෝච්චියේදී/කාර්යාලයේදී) එහෙත් තරහත් නැති, යාළුත් නැති කෙනෙකුට, සුබ උදෑසනක්/අද පරක්කු වුනා නේද/අද බස් නැද්ද/එපාවෙන වැස්සනේ/ වගේ වචනයකින් සංග්‍රහ කරන්නකෝ.
2. ඔබේ රැකියාව අභියෝගයක් කරගන්න. එය ජයගන්නට උත්සාහ කරන්න. දවස අවසානයේ සතුටුවියහැකි කාර්යභාරයක් අවසන් කරන්න. අද කොහොමහරි ඉවසීමෙන් වැඩ කරනවා. ඔෆිස් එකේදී කේන්ති ගන්නේ නැතුව ඉන්නවා කොච්චර වැඩ ආවත්. ඔන්න ඔයවගේ සිතුවිල්ලක් දෙකක් දෙකක් දිනපතාම හිතේ ඇතිකරගන්නකෝ.
3. උදේට වැඩට යන්න පෙර හෝ රාත්‍රියේ නිදාගන්න යන වෙලාවටවත් තමන්ගේ ආගම සිහිකරන්නකෝ. (මහා කැලේ ගස් යට කූඩාරම් වල ඉඳගෙන යුද්ද කරන සෙබළු බොහොමයක් දිනපතා ආගම අදහන්නේ ජීවිතයට තියන බය නිසා නෙවෙයි. භික්ෂූන් වහන්සේලා යුද බිමට ඇවිත් කළ ධර්මදේශනා ඇසීමෙන්) මම රෑ වෙනතුරු පරිගණකයේ එල්ලිලා ඉඳලා, නිදාගන්න යන්නේ, අපේ ගෙදර තැන්පත් කර තිබෙන බුදු පිළිමය පසුකරගෙනයි. ඉතින් අනිවාර්යයෙන්ම මතකයට එනවා ආගම සිහිකරන්න, නිදාගන්නට පෙර.  
4.  අද මම මෙන්න මේ හොඳ දේවල් කළා කියලා මතක්කරන්න නින්දට පෙර.  
5. විනාඩි පහක්වත් වෙන්කරගන්න සිරුර සැහැල්ලුවෙන ව්‍යායාමයක් කරන්න. (වෙහෙසවී වැඩ කරන අයටත් තියනවා සිරුරට සහනය දෙන එවැනි ව්‍යායාම)  
6.  ඔබ නිතර ලියන කෙනෙක් නෙවෙයිනම් දිනපොතක හෝ හැමදාම මොනවාහරි සටහන් කරන්න. විශේෂයෙන් තමන්ගේ සිතුවිලි සටහන් කිරීම සිත සැහැල්ලු කරගැනීමේ එක සාර්ථක ක්‍රමයක්.
7.  ලිවීම වගේම තමයි කියවීම. මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ පොතක් කියවීමෙන් ලැබෙන වින්දනය බ්ලොග් කියවීමෙන් ලැබෙනවා කියා. ඒ නිසා මුද්‍රිත පිටු කියවීමත්, දැනුම දියුණුවන, මනසට විවේකයක් දෙන, හොඳ ව්‍යායාමයක්.
8.   ගෙදර තියන ප්‍රශ්න කාර්යාලයටත්, කාර්යාලයේ තියන ප්‍රශ්න ගෙදරටත්, ගෙනයාම/ගෙන ඒම වළක්වාගන්න සියළු උත්සාහ දරන්න.
9. දිනපතාම ඔබේ අසල්වැසියන්ගෙන් එක්කෙනෙකුටවත් කතාකරන්න. ඒ අසල්වැසියාට කරදරයක් නොවේනම් විනාඩි පහක්වත් ඒ ගෙට ගොඩවී කතාකරන්න. යටත්පිරිසෙයින් දුරකථනයෙන් වත් කතාකරන්න. ගෙදර හදන කෑමබීම වලින් මොනවාහරි ඉඳහිටවත් දෙන්න. ආපසු බලාපොරොත්තු නොවන්න.
10.  ඔබේ දුර්වලතා හඳුනාගන්න. අනෙක් අය නිරීක්ෂණය කරන ඔබේ දුර්වලතා මගහරවා ගන්නට පැහැදිලි සැලැස්මක් හදාගන්න. (මම මේ දිනවල අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ අන්‍යයන් උවමනාවට වඩා විශ්වාස කිරීමේ දුර්වලත්වය මගෙන් ඉවත් කරගැනීමටයි)
  මම මෙතන කිව්වේ කරුණු 10 ක් පමණයි. තව කරුණු එකතු කරන්න පුළුවන්. නමුත් මම හිතුවේ 10 ක් පමණක් කියන්නයි. අපි හැමදෙනාටම හැමදාම මේ ඔක්කොම කරන්නට බැහැ. මෙය අපේ චර්යාවන් වෙනස්කරගැනීම සඳහා කිසියම් රුකුළක් කරගැනීම තමයි කරන්න පුළුවන්.
අධිෂ්ඨානය
බුද්ධිය
චිත්තධෛර්යය තුළින්
සුබ නව වසරක් උදාකරගැනීමට
ඔබට හැකිවේවා! 
my-signature-for-blog[1]2014 ජනවාරි මස 1 දින 0001 පැය

35 comments :

  1. අලුත් අවුරුද්දේ මුලින්ම කියවපු පෝස්ට් එක.....ගන්න දේවල් බොහොමයි ,,,ස්තුති පියෙක් විදියට අපි වෙනුවෙන් ලියනවට ,,,
    ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නිරෝගී කම සතුට සමාදානය සැනසිල්ල නිරතුරු ඔබ සමග රැදේවි

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ පළමුවැනි සුබපැතුම ගෙන ආ ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්.

      Delete
  2. හ්ම්ම්ම්.... ලබන අවුරුද්දෙවත් දින චර්යාව වෙනස් කරලා බලන්ට ඕන. අදහස් ටිකට ස්තුතියි කිව්වා. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මමනම් සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනිදා කියලා විශේෂ සැලකීමක් නැහැ. එක්තරා හාමුදුරු කෙනෙක් තමයි මට කියලා දුන්නේ මහත්තයා නිකම් රවුමේ යන්න එපා කියලා.

      ඔබ සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා.

      Delete
  3. කිව්වට මොකද මමත් මේ දවස්වල ප්‍රශ්නාවලියකට මැදිවෙලා ඉන්නෙ. සමහර ඒවා කොරවෙන ඒවා....

    දීලා තියන කරුණු දහය බොහොම වැදගත්.. අනිවාර්යයෙන් පිළිපදින්න උත්සහයක් ගන්නවා.. අංක හතටනම් අවිවාදයෙන් එකඟයි..


    විචාරක තුමාටත්, පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙත් ප්‍රහෙලිකාවක්නේ සෙන්න. ඒ ප්‍රහේලිකාව කවදාවත් සම්පූර්ණයෙන් විසඳන්න ලැබෙන්නේ නැහැ.

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

      Delete
    2. නෑ මම කිව්වෙ පුත්‍රයාගෙන් එල්ල වෙන ප්‍රශ්න.

      * තාත්තෙ ජේසු මොකද ලොකු වෙලා ආයෙ පොඩි වුනේ ?
      * අපි නත්තල් ගස් හදන්නෙ ඇයි ?
      * ඩයිනෝසර්ලා, කැස්බෑවො, ඉබ්බො, ........ කන්නෙ මොනවද ?

      ඔය හැම එකකටම එයාගෙම උත්තරේකුත් තියනවා. අපි දෙන එක ඒකට ගැලපුන්නැත්නම් කියනවා නෑ මෙහෙමයි කියලා...පිස්සු කොර වෙලා ඉන්නෙ...

      Delete
  4. විචාරකතුමාටත්, පව්ලේ සැමටත්, මෙහි සාමාජිකයන්ටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් සුබ පතනවා.

      Delete
  5. අර අධිෂ්ඨානය කියන එක තිබ්බනං මමත් මෙලහට.... හැක් හැක්..

    ඔබ දෙපළට සුනවවේ!!

    ReplyDelete
    Replies
    1. හෑ.............දැන් සුනවවේ කියලත් කෙටි යෙදුමක් තියනවද. තව ඉස්සරහට ඔයවගේ තවත් කෙටි යෙදුම් එයි නේ. කොහොම වුනත් ඔබටත් පවුලේ සැමටත් මගෙන් සුබපැතුම්.

      Delete
    2. බෝම ස්තුතියි විචාරක තුමා. දැක්කනේ බ්ලොගර් හිටියොත් අපි නිතරම සොයා බලනවා.. හැක්..

      Delete
  6. ඔන්න විචාරක් තුමා ඔබටත් පවුලේ සැමටත් සුබ සුභම නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් මගෙන් නව අවුරුදු සුබපැතුම්.

      Delete
  7. සුපුරුදු සුභ පැතුමකට වඩා මේ දේවල් බොහෝම වැදගත්.. අපි නම් ඉතින් මේ විදියට ජීවත් වන අය නිසා, අළුතෙන් ගන්න යමක් නම් නෑ..

    සරළ උනාම ජීවීතේ බොහෝම සුන්දරයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි සරල වුනාම ඒ සරල බව තමයි ජීවිතයේ පරමාදර්ශය වෙන්නේ.

      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  8. 8, 10 තව පුරුදු කරන්ට ඕනි කියලා හිතුණා. අනෙක්වා නම් සෑහෙන්ට කෙරෙන දේවල්.

    අලුත් අවුරුද්දක් පටන් ගත්තු දවසේ හොඳ අවවාද ටිකක්. ගොඩක් ස්තූතියි විචාරක. ඇත්තටම අපිට ලැබෙන්ට ඕනි මේ වගේ දේවල්. ගොඩක් ස්තූතියි.

    ඒ වගේම පවුලේ හැමෝටම ඉතා වාසනාවන්ත සුබ නව වසරක් ප්‍රාර්තනා කරනවා!!!

    මේක අදත් අප්ඩේට් වෙලා නෑ.:(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ දෙපලටම. මගේ අදහස් කාට හෝ ප්‍රයෝජනවත් වුනානම් මගේ අවුරුදු පැතුම් ඉටුවුනා කියා හිතෙනවා. නැවතත් ඔබ දෙපලටම නිදුක් නීරෝගී නව වසරක් පතනවා.

      Delete
  9. මගෙත් අලුත් අවුරුද්දෙ පළවෙනි පෝස්ට් එක...ඔන්න ඒනං සුබ නව වසරක් වේවා කිවුව ඈ ඔයාටත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රේශාන්. ඔබටත් පවුලේ සැමටත් මගෙන් නව වසරට ආසිරි.

      Delete
  10. විචාරකගෙ කරුණු 10 සෑහෙන්න වැදගත්. ඒ වගේම ප්‍රශ්ණයක් අහපු වෙලාවට ඒක පැහැදිලි කරල දෙන්නෙ නැතුව ළමයින්ට තරවටු කරන දෙමවුපියන්ට මාත් අකමැතියි.

    විචාරක මහත්තයටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න. මේ ලිපිය අර වර්ගයේ එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියවනවානම් හොඳයි කියලා හිතෙනවා.

      ඔබටත් පවුලේ සැමටත් මගෙන් නව අවුරුදු ආසිරි.

      Delete
  11. බොහොම ස්තුතියි නලීන්.

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  12. විචාරක තුමා ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...!
    මැදා ගෙදර තියෙන තිරික්කලේට අර නම දාන්න හිටියෙ.. :) ඒකත් හුටුස්...

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමදෙනාටත් මගෙන් අවුරුදු ආසිරි.

      අර 'තිරික්කලේ' ගේ පින්තූරයක් මේ අවුරුද්දෙවත් අපිට පෙන්නනවද? :D

      Delete
  13. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් මගෙන් නව අවුරුදු සුබපැතුම්.

      Delete
  14. හොද ලිපියක් තමයි අවුරුද්දෙ හා හා පුරා කියල මම කියවල තියෙන්නෙ..විචාරකතුමාට සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උමේෂ්. ඔබටත් සුබ නව වසරක් වේවා!

      Delete
  15. විචාරක තුමාගේ කරුණු 10නම් සෑහෙන්න වටිනවා ඇත්තටම.. හිතට දා ගත්තා ඒකනම්..

    සුභ අළුත් අවුරුද්ද වේවා විචාරක තුමා ඇතුළු පවුලේ සැමට..

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. කවුරුන් හෝ කරුණු එකක් දෙකක් වත් ධාරණය කරගත්තානම් මහේ උත්සාහය සාර්ථකයි.

      Delete
  16. සුබ නව වසරක් කියනවාට වඩා වසර නොව ජීවිතයම සුබ කර ගැනීමට ඔබ දෙන උපදෙස් වටිනවා. ඔබට සහ සැමට සියලු බලාපොරොත්තු සඵල වන සුබ නව වසරක්.

    මම නවක බොලොග් කරුවෙක් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් සහය පලකරන්න.
    මහා කළු සිංහලයා බ්ලොග් අඩවිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. ඔබේ අඩවියට ඇවිත් බලන්නම්.

      Delete
  17. සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බ්ලොග් උපන්දිනේ ගිය මාසේ. මගේ උපන්දිනේ ලබන මාසේ :D

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }