හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 January 2014

රන බළලුව සොයාගතිමි (දෙවැනි කොටස)

Scan01172014_214504 - Copy   රන බළලුව නමැති අගනා ළමා නව කථාව හඳුන්වාදෙමින් මා ලියන ලද ලිපියේ පළමුවැනි කොටස ඔබේ අවධානය ග්‍රහණය කරගැනීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ ලිපි කියවීමට වඩා තවමත් බොහෝ දෙනෙකු කැමති වෙන්නේ මුද්‍රිත ලිපි කියවීමට බව රහසක් නොවෙයි. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, රනබළලුව කතාවේ, අපූරු දේශපාලන සහ සමාජ තොරතුරු විවරණයක්ද ගැබ්වී ඇති බව. අද මා ඔබට ඒ තොරතුරු ගෙන එන්නයි අදහස් කරන්නේ. එදා 1960 දශකයේදී ලියවුනු මේ කතාවේදී, කතුවරයා ඉතා සියුම්ව ඇතුළත් කර ඇති දේශපාලන ප්‍රහසනයන්, අදටත් වලංගු බව, මේ කතාව කියවද්දී පෙනීගිය අතර, එයින් මා තරමක් විශ්මයට පත්වුයේ, අපේ රටේ හැමදාමත් දේශපාලනය එකම රටාවේ පවතින්නක් නොවේද යන්න පසක් කිරීමෙනුයි.
  ඒ දේශපාලන ප්‍රහසනය පටන්ගන්නේ මෙහෙමයි. බරණැස් නුවර රජකම් කළ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට අවශ්‍ය වෙනවා, වේදේහ රජ්ජුරුවන්ට අයත් මියුලු නුවර යටත් කරගන්න. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දන්නවා වේදේහ රජ්ජුරුවෝ ගෑණු පෙරේතයෙක් බව. ඒ නිසා පොඩි උගුලක් අටවනවා. ඒ තමයි, බ්‍රහ්මදත්ත රජුගේ දියණිය වන, අතිශයින් රූමත්, පංචාලචණ්ඩි කුමාරිකාව, වේදේහ රජ්ජුරුවන්ට අගමෙහෙසිය ලෙස සරණපාවා දීමට යෝජනාවක් කරලා, පණිවිඩ පතක් සමග රාජ දූතයකු මියුලු නුවරට යැවීම. වේදේහ රජ්ජුරුවෝ නිකම් මොකක්ද මොකක්ද වෙලා යනවා, මේ යෝජනාව ගැන කොපමණ සතුටට පත්වුනාද කියනවනම්. හැබැයි එක දෙයක් තියනවා මනමාලයාගේ මිනිබිරියකගේ වයසේ තමයි මනමාලිය ඉන්නේ. කොහොමද වැඩේ? වේදේහ රජ්ජුරුවෝ වහාම තමන්ගේ කැබිනට් එක රැස් කරනවා, වහාම මංගල්‍යය සූදානම් කරන්න. (හිල්ටන් එකේද දන්නේ නෑ  :D) ඔන්න බලන්නකෝ අදාළ පිටු ටික. 
28
29
30
35
31
  ටිකක් හිතලා බලන්න. මෙහි යටිපෙළ අරුත එදාට වගේම අදටත් වලංගුයි නේද? අන්න ඒ නිසයි, මේ අගනා ග්‍රන්ථය, සර්වකාලීන වටිනාකමක්, වලංගුභාවයක්, ඇති ග්‍රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට, මා පසුබට නොවන්නේ. කතාවේ දෙවැනි භාගයේදී, පැරණි වැඩවසම් රදළ සමාජයට හොඳ  අතුල් පහරක් එල්ල කරන්නත්, මේ අති දක්ෂ කතුවරයා අමතක කර නැහැ. මෙන්න ඒ කොටසේ ආරම්භය.
  මහෞෂධ පඬිතුමා, විද්‍යාඥයන් ගේ ආධාරයෙන්, රන්වන් කෙඳි සහිත බළල්ලු ඔක්කොම, අඟහරු ලෝකෙට යවනවා. නැත්නම් වේදේහ රජ්ජුරුවෝ උන්ව අල්ලාගෙන මරලා, කෙඳි අරන්, පංචාලචණ්ඩි කුමාරිකාවට තෑගි දෙන්න සළුවක් වියයි කියලා. ඔන්න ඉති රන්වන් බළල්ලු අඟහරු ලෝකේ හොඳින් ඉන්නවා. 
33
34
36
37
Scan01172014_215145 - Copy
   ඔන්න ඉතින් මගුල් කපුවා යනවා සූර්ය දිවය රාජයා හොයාගෙන. ගිහින් නොයෙක් ආකාරයෙන් අර බැළලි ගැන වර්ණනා කරලා, පින්තූරෙකුත් පෙන්නලා, අන්තිමට යෝජනාව ඉදිරිපත් කරනවා. එතකොට සූර්ය දිවය රාජයා මොකද කිව්වේ කියලා බලන්න, පහළින් දක්වා ඇති පිටුවෙන්.
40
කපුවා යනවා වස්සවළාහකයා හොයාගෙන. ගිහින් යෝජනාව ඉදිරිපත් කරනවා. මොකද වෙන්නේ.............?
1
දැන් ඉතින් කපුවා යනවා වාතවලාහකයා හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
Scan01172014_233512 - Copy - Copy
  දැන් ඉතින් පලයල්ලකෝ හුඹහක් හොයාගෙන. කපුවා වැඩේ අතාරින්නෙ නැහැ. යනවා හුඹහක් හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
Scan01172014_233725 - Copy - Copy
කපුවා ලිස්සගෙන ගිහින් නවතිනවා ගොනා ළඟ. ගොන් මනමාලයා මොකක් කියයිද?
Scan01172014_233850 - Copy - Copy
  මොනවා කරන්නද කපුවා අමාරුවෙන් මහා කැලේට ගාටනවා කොටියා හොයාගෙන. කොටියට බොහොම ආදරෙන් මංගල යෝජනාව ඉදිරිපත් කරනවා.
Scan01172014_234208 - Copy - Copy
  මේ රදළ පවුලේ තිබුණු උද්ධච්ඡ කම එයින් වත් නතර වෙන්නේ නැහැ. 'තමන්ගේ තත්වයට ගැලපෙන විදිහට වැඩ කරනු' යනුවෙන් මේ කතාවෙන් දෙන ආදර්ශය ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් අඟහරු ලේකෙට යවනවා කාපුවැව රත්තරන් බළල් මනමාලයකු හොයන්න.
Scan01172014_234208 - Copy
Scan01172014_234343 - Copy
  පොත අවසන් වෙන්නේ, කතානායකයා හමුවීමට පැමිණි බලලා, අඟහරු ලෝකයේ ඉන්න බළලුන්ගේ රෝග සුවකිරීම සඳහා, ලංකාවෙන් සොයාගත් කුප්පමේනිය ටිකකුත් රැගෙන, ආපසු අඟහරු ලොව බලා යාමෙන්. 
img108 - Copy
img108
  මා හිතනවා ඔබට මේ අගනා කෘතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. මා මුලින් හිතුවේ පොතේ සෑම පරිඡේදයක්ම කොටස් වශයෙන් පල කරන්නටයි. නමුත් පරිඡේද 13 ක් තිබෙන නිසා දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙලෙස හැකිතරම් සංක්ෂිප්ත කොට ඉදිරිපත් කළා. ඇත්තවශයෙන්ම මෙය සොයාගෙන කියවන්නට වටිනා පුස්තකයක්. රන බලලුව පිලිබඳව කොටස් දෙකකින් ලියන ලද ලිපිය මෙතෙකින් අවසන් වෙනවා. 
 my-signature-for-blog[1]2014 ජනවාරි මස 18 දින 0035 පැය

10 comments :

  1. //දේශපාලන ප්‍රහසනය
    හ්ම් දැන් ඉන්න අයත් වැඩි වෙනසක් නැහැ නොවැ.මගේ ගාන මට එනවානම් රටට හෙන ගැහුවත් මට මොකෝ තියරිය ප්‍රගුණ කරපු මුට්ටි අල්ලනෝ කවදත් ඉන්නවනේ විචාරක.

    ReplyDelete
  2. අනේ මේ කරුමයෙන් මේ රට කවදා නිදහස් වෙයිද?

    ReplyDelete
  3. රාජ්‍ය පාලනය නම් දැන් කාලේ වගේමයි...:D

    දිසාවයි, මැණිකෙයි ගැන කියවගෙන යද්දි තරහා ගියා. ඒත් ඉතින් මැණිකක් හිටපු හන්දා ඔන්න ඒක නිවිලා ගියා. :)

    මිනිස්සුන්ගේ මාන්නය කියන එක නැති වෙනකල් මේ ලෝකේ මෙහෙමම තියෙයි. පේන්නේ නැද්ද අපි අතරෙම සිද්ධවෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අතීතයත් අදත් අතර මිනිස් ගතිගුණ වැඩි දියුණුවීමක් නැද්ද කියලා හිතෙන අවස්ථාත් තියනවා.

      Delete
  4. ඔබේ මහන්සියට අපේ ස්තූතිය!!!!

    ReplyDelete
    Replies
    1. ස්කෑන් කිරීම තමයි අමාරුම වැඩේ. ඒ නිසා ලිපිය සැකසීම තරමක් ප්‍රමාද වුනා. පොත මා වෙත ලැබී මාසයකටත් වඩා පසුව තමයි ලිපිය පල කරන්න ඉඩ ලැබුණේ. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  5. බෝම ස්තුත්යි විචාරක.. ලොකු මහන්සියක් වෙලා අපිව දැනුවත් කරන ඔබ වැනි කෙනෙකු ගැන ඇත්තෙන්ම ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. මා හිතනවා ම කොටස් කියවීමෙන් පොත ගැන සෑහෙන අවබෝධයක් පාඨකයාට ලැබෙන්නට ඇතියි කියා. ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  6. එදා මේ ගැන දැම්මම කියවන්න ඕන කියලා ලොකු ඕන කමක් තිබුනේ.. මෙහෙම හරි ඒක දාපු එක අගය කරනවා විචාරක තුමනි..

    ReplyDelete
    Replies
    1. මා හිතනවා මේ ලිපියයේ කොටස් දෙකම කියවන අයෙකුට පොතේ සෑහෙන පිටු ගණනක් කියවන්න ලැබෙන නිසා පොත ගැන හොඳ අවබෝධයක් ලැබෙනු ඇතැයි කියා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }