හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 November 2013

මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා!

189176-a-canadian-soldier-sheds-a-tear-during-the-last-remembrance-day-ceremo-2k1a1t8-e1323213655489                                               අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු.  එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද. මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න එන්නේ නැතැයි. අපේ ලොකු දුවත් කිව්වා, ‘තාත්තේ මම කොළඹ හතේ බෝඩිමකට යනවා මේ අපාය අතහැරලා. අපේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩිකරලා නිසා’ කියලා. අම්මපා මටනම් ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. මම අද අහල පහල ඔක්කොටම කිව්වා ඊළඟ සැරේ මගේ පැන්සොන් පඩිය ගත්ත ගමන්, අම්මපා ගම හෙල්ලෙන්න පාටියක් දමනවා කියලා.  සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. මම දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ, අම්මපා අර 'චොගම් බෙන්ස්' එකක් වෙන්දේසියේ දැම්මොත් එහෙම, ගන්නවා ගන්නවාමයි ආයේ දෙකක් නැහැ. ඉස්සරවෙලාම යන්නෙත් එතුමා බලලා පුලුවන්නම් කිරිජ්ජපල්ලේ පඬුරක් ගැටගහලා එන්ඩ, ලබන අයවැයේදීත් මේ වගේම පඩි වැඩි කරලා දෙන්ඩ එතුමාට යෝද බල යෝද සක්තිය ලැබේවා! ඒ සත්තිය ‘වෙන එව්වාට’ පාවිච්චි නොකරත්වා! කියන ප්‍රාර්………….. 'තනේ' කරමින්.
  ඉතින් ඔහේලා දන්නවැයි  මගේ පඩිය කීයකින් වැඩිවුනාද කියලා, උන්නැහේ මේ අද කරපු අවයව පෙන්නීමෙන්?……….. නෑ නෑ අයවැය  ඉදිරිපත් කිරීමෙන්?

දවසකට රුපියල් 11.66 යි.

අම්මපා කාටද ආඩම්බර? ආඩම්බරකාර කුඩප්පොච්චිටම නේද?

ජිල් තක බුං හියඃ පුහ්

2013 නොවැම්බර් මස 22 දින 0001 පැයmy-signature-for-blog[1]

24 comments :

  1. අනේ නිකං යන්ඩ විචා
    අලි වගේ කොල්ලො හතර දෙනෙක් ඉන්න
    දරුවෙක් වාගන්ඩ දන්න
    දරුවෙක් සුරතල් කරන්ඩ දන්න
    රජෙක් ඉන්න එකම මදිද

    ReplyDelete
    Replies
    1. හතරවෙනි අලි කොල්ල උඹද

      Delete
    2. ඔය උඹල දන්න හරිය තමා

      Delete
  2. කොල්ලෝ ටික දැන් හතරදෙනාම සූරයෝ පෙන්නනවා නේද? අනාගතේදී තව මොන මොනවා පෙන්නයිද?

    ReplyDelete
  3. මාත් දැක්කා ඔය වැඩි වීම ,ඕකට හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරිව ඉන්නේ?අර කන්දක් විලිලා කෙන්දක් වැදුවා කියලා වත් හිතමු.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. වදන්ඩවත් පණ නෑ දැන්.

      Delete
  4. 11.66 awe kohomada?

    ReplyDelete
    Replies
    1. 2009 ට පස්සේ විශ්‍රාම ගත්ත අයට රු 350 ක් වැඩි කළා. 350 / 30 = 11.66

      Delete
  5. හා හා එහෙම කියන්න එපා. රුපියල් එකොළහක් කියන්නෙ කොච්චර ගොඩක්ද.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව්. බුලත්විට බාගයක් ගන්න පුළුවන්නේ.

      Delete
  6. Replies
    1. හ්ම්................මම හිතාගත්තා ඊළඟ චන්දෙදි ඒක ආපහු දෙන්ඩ.

      Delete
  7. [ආං හොඳා දැං මූන පෙන්නල කමෙන්ට් කලහැකි]
    හරියටම ගනං කිව්වොත් මෙහෙමයි,
    30 මාසෙට 11.667
    31 මාසෙට 11.290
    පෙබරවාරි 12.50
    අධික පෙබරවාරි 12.068

    ඉතිං මදිද?

    ReplyDelete
    Replies
    1. මම තවම බ්ලොගර් ඉගෙනගන්නවා. දැනට මේ කරලා තියන ටික ඇති නේද?

      අර පඩි වැඩි කිරීමේ සූත්තරේ හදන්ඩ ඇත්තේ ජයසුන්දර ගොයියා වෙන්ඩ ඇති නේද.

      Delete
  8. ඈ ලොකු අප්පොච්චිට අලිවගේ කොල්ලො හතරක් ඉන්නවයි කියල උන්දැගෙ ගම් පලාත කිට්ටුව ඉන්න මං අදමයි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. අටං දන්න තව එකෙක් ඇති.

      Delete
    2. ගමේ වෙලා උඹල දන්න හරිය තමා ඔය

      Delete
  9. වැඩියි වැඩියි බොහොම වැඩියි.. ඔච්චර ගොඩක් හම්බුනේ එතුමාගේ තියන කරුණාවටම මිසක් වෙන මොකක් හින්දද ? ලද පමණින් සතුටු වෙන්න කියලා ආගම් වලින් උගන්වන්නෙ ඕකට තමා..

    ReplyDelete
  10. මම හිතාගත්තා හැම මාසෙම 2.50 ක චැක් කොලයක් ලියලා ආපහු යවන්ඩ.

    ReplyDelete
  11. අම්මපා දීලත් හොදක් අහන්න බැරි හැටි.. 2500 වියදම් කරලා ඔය 11 ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් හරිනේ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතාගෙන ඉන්නේ බැංකුවකින් අහන්න රු 11.66 ක ස්ථාවර තැන්පතුවක් දාන්න බැරිද කියලා.

      Delete
    2. සිරාම කමෙන්ට් එක දිනේෂ්........

      Delete
  12. අම්මට උඩු... හෙන ගානක් නේ.. ඉරිසියාවේ බෑ... ආන්ඩුවේ සේවකයෝ එක්ක..

    මට කතාවක් මතක් උනා.. මම ද ෆිනෑන්ස් එකේ වැඩ කරන කාළේ, කලෙක්ෂන් වලට ආවා ඇලෙක්ස් කියලා එකෙක්.. ඉතින් ඌ අවුරුද්දක් විතර ඉන්නේ කොට සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් හම්බ වෙනවනේ.. කොතලාවල මහත්තයා අඩුම ගානේ 10% ක් වත් දෙනවා. ඉතින් මූටත් 17% විතර පඩි වැඩිවීමක් තිබුනා මූට හිතා ගන්නවත් බෑ..

    අපි ඇහුවම් ඇයි කියලා.. මූ කියනවා කලින් වැඩ කරපු තැන ඉන්ක්‍රිමන්ට් දෙන්නේ විශාල උත්සවයක් තියලා.. ඉස්ටේජ් එකට නග්ගලා.. තෑගී දෙනවා වගෙලූ.. වැඩිම පඩි වැඩි වීම රුපියල් 200 ක් වගේලූ..

    මේ කොමෙන්ට් එක දැක්ක ගමන් මට මතක් උනේ ඒ කතාව.. ලොක්කට ප්ලේන්ටියක් හරි අරන් දියන්..

    ආයිබෝ වේවා ......!!!! මහ රජානනී....!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම අර චොගම් බෙන්ස් එක ගත්තගමන් ගිහිං ප්ලේන්ටියක් අරන් දීලා බුලත් විටකුත් කොටලා කටේ ඔබලා එනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }