හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 October 2013

බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (තුන්වැනි කොටස) – Organisation of an Army (Part Three)

 caucasus                                                                                                 
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට් ලිපිය, කොටස් දෙකකින් අවසන් කරන්න සිතා සිටියත්, සංක්ෂිප්තව කරුණු දැක්වීමේදී, ඔබේ අවබෝධය එතරම් පුළුල් නොවනු ඇතැයි සිතුන නිසයි, කොටස් තුනකට විකාශය කර ලියන්න සිතුවේ. මේ ලිපියේ පළමුවැනි කොටසෙන් ඔබ ලබාගත් මූලික අවබෝධය දෙවැනි කොටසේදී තවත් ඉදිරියට ගෙනයන්නට හැකිවුණා. මේ තමයි ලිපියේ අවසාන කොටස. මෙහිදී අපි, හමුදාවක අන්තිම ඉහළ තලය දක්වා ගමන් කරන අතර, එයට සම්බන්ධ තවත් තොරතුරු කීපයක්ද, ලිපිය අවසන් කිරීමට මත්තෙන් සාකච්ඡා කරනවා. පින්තූරය ගත්තේ මෙතනින්
  බොහෝ දෙනෙකුට පැන නැගුන ප්‍රශ්නයක් වුණේ බ්‍රිගේඩ් ගැන කිව්වා, ඩිවිෂන් ගැන කිව්වා, රෙජිමන්ට් Regiment හෙවත් රෙජිමේන්තුව ගැන මොකද නොකිව්වේ කියන එක. එයට හේතුව මෙයයි. රෙජිමේන්තුවක් කියන්නේ ප්‍රධාන වශයෙන් පරිපාලන සංවිධානයය. බ්‍රිගේඩ් සහ ඩිවිෂන් කියන්නේ කෙලින්ම සංග්‍රාමික කටයුතුවල යෙදෙන ආයතන. ඔබ දන්නවා අපේ හමුදාවේ තියනවා විවිධ රෙජිමේන්තු. අපේ හමුදා ජ්‍යොෂ්ඨත්වය අනුව දැනට තිබෙන රෙජිමේන්තු පෙළගැසෙන්නේ මෙහෙමයි.
  • ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය = ශ්‍රීලසසබ - Sri Lanka Armoured Corps = SLAC
  • ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව = ශ්‍රිලකාහ - Sri Lanka Artillery Regiment = SLA
  • ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව = ශ්‍රීලංඉ - Sri Lanka Engineers Regiment = SLE
  • ශ්‍රී ලංකා සංඥා බලකාය = ශ්‍රීලංසංබ Sri Lanka Signals Corps = SLSC 
  • ශ්‍රී ලංකා පාබල හමුදාව = ශ්‍රිලපාහ Sri Lanka Light Infantry Regiment = SLLI
  • ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව = ශ්‍රිලංසිරෙ - Sri Lanka Sinha Regiment = SLSR
  • ගැමුණු හේවා බලකාය = ගැහේබ - Gemunu Watch = GW
  • ගජබා රෙජිමේන්තුව = ගරෙ – Gajaba Regiment = GR
  • විජයබාහු පාබල රෙජිමේන්තුව = විපාරෙ – Vijayabahu Infantry Regiment = VIR
  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව = යාපාරෙ – Mecanised Infantry Regiment = MIR
  • ජනාධිපති ආරක්ෂක බලකාය = ජආබ - President Guard Corps = PGC
  • කමාන්ඩෝ රෙජිමේන්තුව = කරෙ = Commando Regiment = CR
  • විශේෂ බලකාය = විබ – Special Forces Regiment = SF
  • සන්නද්ධ බුද්ධි බලකාය = සබුබ – Military Intelligence Corps = MIC
  • ඉංජිනේරු සේවා රෙජිමේන්තුව = ඉසේරෙ – Engineer Services Regiment = ESR
  • ශ්‍රීලංකා යුදහමුදා සේවා බලකාය = ශ්‍රිලයුසේබ - Sri Lanka Army Service Corps = SLASC
  • ශ්‍රීලංකා යුදහමුදා වෛද්‍ය බලකාය = ශ්‍රීලයුවෛබ – Sri Lanka Army Medical Corps = SLAMC
  • ශ්‍රීලංකා යුදහමුදා යුද්ධෝපකරණ බලකාය = ශ්‍රීලයුයුබ – Sri Lanka Army Ordnance Corps = SLAOC
  • ශ්‍රීලංකා යුදහමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව = ශ්‍රීලංවියාඉ – Sri Lanka Army Electrical and Mechanical Engineers Regiment = SLEME
  • ශ්‍රීලංකා යුදහමුදා පොලිස් හේවා බලකාය = ශ්‍රීලයුපොහේබ – Sri Lanka Army Corps of Military Police = SLAMP
  • ශ්‍රී ලංකා යුදහමුදා පොදු සේවා බලකාය = ශ්‍රීලයුපොදුසේබ Sri Lanka Army General Service Corps = SLAGSC
  • ශ්‍රීලංකා යුදහමුදා කාන්තා බලකාය = ශ්‍රිලයුකාබ Sri Lanka Army Women’s Corps = SLAWC
  • ශ්‍රීලංකා යුදහමුදා රයිපල් බලකාය = ශ්‍රීලංරබ – Sri Lanka Army Rifle Corps = SLARC
  • ශ්‍රීලංකා යුදහමුදා පුරෝගාමී බලකාය = ශ්‍රීලයුපුබ – Sri Lanka Army Pioneers Corps = SLAPC
  • ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුව = ශ්‍රීලංජාආබමු  Sri Lanka National Guard = SLNG (මේ තමා, අපේ යුද හමුදාවේ තිබෙන, එකම, සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා, රෙජිමේන්තුව. එමෙන්ම ශ්‍රී ලංකා යුදහමුදාවේ තිබෙන විශාලතම රෙජිමේන්තුවත් මෙයයි) (One and only Volunteers Regiment in Sri Lanka Army. Also the largest Regiment)
  පොහ්…………කොහොමද අපේ යුද හමුදාව. ඇත්තටම අපි අභිමානවත් යුදහමුදාවක්. ඔබට මතකද, නිදහස් දිනයේදී ගමන්කරණ පෙළපාලියේ මේ රෙජිමේන්තු ගමන්කරන්නේ ඔය ඉහත සඳහන් ජ්‍යොෂ්ඨතා අනුපිලිවෙළටයි. ආපහු එමුකො අපේ රෙජිමන්ට් කතාවට. දැන් ටිකක් හරි අවබෝධයක් ආවද රෙජිමේන්තු ගැන. රෙජිමේන්තුවක් කියන්නේ එයටම ආවේනික කාර්ය භාරයක් සඳහා සංවිධානය කරන ලද හමුදා සංස්ථාවක්. පාබල රෙජිමේන්තු එකකට වැඩි ගණනක් තියනවා කොයි හමුදාවේත්. යුද්දෙට යන්න ඕනේ පාබල රෙජිමේන්තුනේ. ඒ නිසා තමයි සිංහ, ගැමුණු, ගජබා, විජයබා, වැනි පාබල රෙජිමේන්තු කීපයක් ස්ථාපිත කර තිබෙන්නේ. අනික් රෙජිමේන්තු මොකද කරන්නේ. ඒ සෑම රෙජිමේන්තුවකටම අයිති කාර්යභාරයක් තියනවා. හැබැයි ඒ කාර්යභාරය යුදබිමේදීත් ඉටුකරන්න එයාලා බැඳිලා ඉන්නවා. නැත්නම් එයාලා පාබල රෙජිමේන්තු වලට කියයි අපි යුද්ද කරන වර්ගයේ අය නෙවෙයිනේ.  ’හාපෝ………අපි ඉන්නම් දකුණේ. ඔයාලා උතුරේ/නැගෙනහිර හොඳ…………………….ට යුද්ද කරන්න මෙයාලා’ කියලා. සේවා බලකාය, පොදු සේවා බලකාය, යුද හමුදා පොලීසිය, පුරෝගාමී බලකාය, වෛද්‍ය බලකාය, යුද්ධෝපකරණ බලකාය, වැනි රෙජිමේන්තු කෙලින්ම යුද පෙරමුණේ සටනට යවන්නේ නැහැ. හැබැයි එහෙම කියලා සතුරා ආවොත් ඒගොල්ලන්ට කියන්න බැහැ ‘හෝව් හෝව්, වච්චිල් වච්චිල්, අපි යුද්ද කරන හමුදාවේ නෙවෙයි අපිට ගහන්ඩ ඔට්ටු නෑ’ කියලා. සතුරා අහයි ‘තොපි යුද්ද කරන හමුදාවේ නෙවෙයි නම් …….ජ කරන හමුදාවේද’ කියලා :D  ඒ නිසා, වෛද්‍ය බලකායේ අය හැර, අනෙක් සියළු දෙනාට, මූලික පුහුණුවේදීත්, ඉන්පසු අවශ්‍යතාව අනුවත් අවි පුහුණුව ලබාදෙනවා.
  ඔබ දන්නවාද හමුදා න්‍යාය (පොතේ තියන විදිහට) අනුව ඒ ඒ රෙජිමේන්තුව යුදබිමට ගොස් පාබල සොල්දාදුවා වෙත තම සේවය ලබාදිය යුතුයි. මෙන්න උදාහරණ කීපයක්.
සේවා බලකාය = ආහාර, සහ ප්‍රවාහන පහසුකම්.
යුද්ධෝපකරණ බලකාය = අවි ආයුධ, පතරොම්, බෝම්බ, නිළ ඇඳුම්.
ඉංජිනේරු සේවා බලකාය = ජලය සහ විදුලිය සැපයීම. භට නිවාස ඉදිකරදීම.  
  පොතේ කියන්නේ, මේ අය, සතුරා සමග සටන් කරමින්, පාබල සොල්දාදුවා ඉන්න තැන සොයාගෙන ගොස්, සිය සේවය ලබාදියයුතුයි කියලයි. මෙන්න මේ නිසා තමයි ඒ අයටත් යුද පුහුණුව දෙන්නේ.
  රෙජිමේන්තුවක තිබෙන වෙනත් ලක්ෂණ මොනවාද? ඒගොල්ලෝ තම රෙජිමේන්තුවට ආවේනික ලාංඡන හිස්වැස්මේ, නිළ ඇඳුම් කොලරයේ , කමිස අතේ උඩ කොටසේ, දකුණු අතේ පහළ කොටසේ, පළඳිනවා. තම රෙජිමේන්තුවට ආවේනික වර්ණයක හිස්වැස්මක් පළඳිනවා. තම රෙජිමේන්තුවට ආවේනික වර්ණයෙන් කෝප්‍රල්, සැරයන්, මාණ්ඩලික සැරයන්, යන නිලයන්ට අයත් පටි පළඳිනවා. උත්සව නිල ඇඳුම් තම රෙජිමේන්තුවට ආවේනික විදිහටයි අඳින්නේ. සෑම රෙජිමේන්තුවකටම අවේනික රෙජිමේන්තු වාදනයක් Regimental Tune තිබෙනවා. ආදර්ශ පාඨයක් තිබෙනවා. (මා අයත් සිංහ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වන්නේ, ‘නිර්භීත වේගවත් – Brave and Fast’ යන්නයි)
  හමුදා සිතියමක පාබල රෙජිමේන්තුවක් ලකුණු කරන්නේ මෙහෙමයි.
Regt
  කිසිදු රෙජිමේන්තුවකට තනියම  යුද්ද කරන්න බැහැ. අපි හිතමු ශ්‍රීලංකා පාබල හමුදාව පමණක් යුද බිමට යවනවා කියා. කවුද කන්න දෙන්නේ? කවුද නිළ ඇඳුම් දෙන්නේ? කවුද සංඥා උපකරණ දෙන්නේ? කවුද වාහන දෙන්නේ? කවුද කාලතුවක්කු සහාය දෙන්නේ? කවුද යුදබිමේ අටවගන්න ටෙන්ට් එකක්වත් දෙන්නේ? කවුද වැටුප් හදන්නේ? කවුද බෙහෙත් දෙන්නේ? කෝ යුද්ද ටැංකි? වතුර ටැංකි වලින්ද සතුරාට ගහන්නේ? :D
  ගමේ වොලිබෝල් ටීම් එක අපේ ගෙදර කොල්ලන්ගෙන් විතරක් හදන්න බැහැනේ, අපේ තාත්තා වැඩකාරයා නිසා, කොල්ලොම හතක් අටක් හදලා තිබුනට. :D ගමේ අනික් කොල්ලෝ අතරෙත් වැඩකාරයෝ ඉන්නවා. උනුත් එකතුකරගන්න ඕනේ හොඳ වොලිබෝල් ටීම් එකක් හදන්න. ඒ ටීම් එකේ කැප්ටන් අපේ ගෙදර එකෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි, හරියට යුද්ද කරන්නනම්, ඔය හැම රෙජිමේන්තුවකින්ම කොටස් එකතුකරගන්න ඕනේ. එක එක රෙජිමේන්තුවලින් එකතුකරගත්නා ශක්තිමත් සංස්ථාවක් තමයි බ්‍රිගේඩ් එකක් හෝ ඩිවිෂන් එකක් කියන්නේ.  ඒ බ්‍රිගේඩ් එක හෝ ඩිවිෂන් එක අණ දෙන්නෙත් අර රෙජිමේන්තුවකින්ම තෝරාගත් (සටන්කාරී රෙජිමේන්තුවක් – Combatant Regiment වියයුතුයි. වෛද්‍ය බලකාය, සේවා බලකාය, පොදු සේවා බලකාය, පොලිස් හේවා බලකාය, පුරෝගාමී බලකාය, ජාතික ආරක්ෂක බලමුළුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, යුද්ධෝපකරණ බලකාය, රයිපල් බලකාය, කාන්තා බලකාය, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, වැනි ඒවාගේ නිළධාරීන්, බ්‍රිගේඩ් හෝ ඩිවිෂන් අණදීම සඳහාත් යුද හමුදාපති තනතුර සඳහාත් වරම් ලබන්නේ නැහැ)
  රෙජිමේන්තුවකට අණදෙන්නේ කවුද?  ඒ තමයි රෙජිමේන්තු අධිපති - Colonel of The Regiment වෙනත් රටවලදී රෙජිමේන්තු ආඥාපති කියලත් කියනවා.- Regimental Commander අපෙත් ඉස්සර කිව්වා. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් නිලයේ අයකු වියයුතුයි. අපේ රටේ නිලධාරි හිගය නිදා බ්‍රිගේඩියර් වරුන් සමහරවිට කාර්ය නියුක්ත Officiating රෙජිමේන්තු අධිපති ලෙස පත්කරනවා. දෙවැනි තත්වයේ නිලය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක – Regimental Centre Commandant  ඒ සඳහා පත්කරන්නේ බ්‍රිගේඩියර් නිළයේ නිළධාරියෙක්. සාමාන්‍යයෙන් රෙජිමේන්තුවක ඉන්නවා 5000 ක පමණ පිරිසක්. රටෙන් රටට ඒ ප්‍රමාණය වෙනස්වෙනවා. අපි බලමුද රෙජිමේන්තු කීපයක ඇති වෙනස්කම් පෙන්වන පින්තූර ටිකක්. පින්තූර 13 ක් තියනවා. විස්තර සහිතව.
1 One
space 2
2 Two
space 2
3 Three
space 2
3
space 2
4 Four
space 2
5 Fivespace 2
6 Six
space 2
7 Seven
space 2
8 Eight
space 2
9 Nine
space 2
10 Ten
space 2
11 Elevan
space 2
12 Twelve
space 2
13 Thirteen
 එක් එක් රෙජිමේන්තුවලට අයත් නියෝජිතයන්, ගුවන්විදුලි සංඥා පණිවිඩ මගින් හැඳින්වීමට යොදන, නියෝජිත තනතුරු නාමයන් Appointment Titles තිබෙනවා. මේවා ඉස්සරනම්, යුද්ධයේදී පණිවිඩ හුවමාරු කටයුතුවලදී යොදාගත්තා. නමුත් ඒවායේ රහස්‍යභාවය නැතිවීගොස් තිබෙන බැවින්, දැන් යොදාගන්නේ නැහැ. කලාතුරකින් පාවිච්චිකරන අවස්ථාත් නැත්තේම නැහැ. අද වුනත් පාවිච්චි කරන්න තහනමක් නැහැ. නේටෝ සංවිධානයට අයත් ඕනෙම රටකට මේ නාම පොදුයි. මේ නියෝජිත තනතුරු නාම යොදන්නේ මෙන්න මෙහෙමයි.
img006
    තවම වචන 1064 යි ලියලා තියෙන්නේ ලිපිය බොහොම දිගයි වගේ පෙණුනට. ඔන්න ඉතිං අපි අවසානය කරා ක්‍රමයෙන් ළඟා වෙනවා. මතකනේ ඩිවිෂන් එක හෙවත් සේනාංකය. ඩිවිෂන් හෙවත් සේනාංක කීපයක් එකතුවෙලා තමයි යුද හමුදා බලකායක් Army Corps හැදෙන්නේ. දැන් අර අපි කලින් කිව්ව නේද එක් එක් රෙජිමේන්තු වලට අදාලව බලකාය Corps (මෙය ශබ්ද කරන්නේ ‘කෝ’ කියලයි) කියන වචනය. ඒකයි මේකයි පටලවාගන්න එපා. එක් රෙජිමේන්තු නාමයක් යටතේ තිබෙන සංස්ථාවත් බලකාය කියා හඳුන්වනවා. නමුත් ‘යුද හමුදා බලකායක් – Army Corps’ කිව්වම 40000 – 80000 වැනි මහා විශාල පිරිසක් ඉන්නවා. (මෙතැනදී නේටෝ සංවිධානයේ පොතත් අපේ හමුදා සංවිධානයත් එක සමාන වෙන්නේ නැහැ. නේටෝ පොතේ කියන්නේ ඩිවිෂන් දෙකකට වැඩි පිරිස = බලකාය කියලා) මෙයට අණදෙන්නේ ලුතිතන් ජෙනරල් Lieutenant General හෝ ජෙනරල් නිලයේ නිලධාරියෙක්. හමුදා සිතියමක හමුදා බලකාය දක්වන්නේ මෙන්න මෙහෙමයි.
Army Corps
  දැන් මම කිවා නේද සේනාංක හෙවත් ඩිවිෂන් ‘කීපයක්’ එකතුවෙලා තමයි මේ යුද හමුදාව කියන සංස්ථාව සකස්වෙන්නේ කියලා. පොඩ්ඩක් මතක ආපස්සට අරන් යන්න පහුගිය යුද්ද කාලෙට. මතකද ඒ කාලේ යුද වාර්තා වල කියවෙනවා 51 වැනි සේනාංකය, 21 වැනි සේනාංකය, 55 වැනි සේනාංකය, කියලා. බුදු අම්මෝ සේනාංක 55 ක් තියනවනම් ඒක කොච්චර ලොකු හමුදාවක්ද. සේනාංකයක ඉන්නේ 5000 යි කියලා හිතුවොත්, 5000 x 55 = 275000 ක් වෙනවා. නමුත් අපේ යුද හමුදාව එයින් බාගයක් විතර තමයි ඇත්තටම ඉන්නේ. (පිස්සුද? එහෙම බැහැ ඔයා ඇහුවට හරියටම ඇත්ත ගණන කියන්න) එහෙනම් කොහෙන්ද සේනාංක 55 ක්? ඒක වෙන්නේ මෙහෙමයි. යම්කිසි රටක් යුද හමුදාවක් හදාගත්තට පස්සේ තම රටේ පවතින තත්වය අනුව රට 1, 2, 3, 4, 5, ආදී වශයෙන් කොටස්වලට බෙදාගන්නවා. අපි හිතමු 1 වැනි කොටසේ සේනාංක තුනක් ඉන්නවා කියලා. ඒ සේනාංක නම් කරන්නේ 1 වැනි කොටසේ 1 වැනි සේනාංකය හෙවත් 11 සේනාංකය කියලයි. ඊළඟ දෙක 12 සේනාංකය සහ 13 සේනාංකය. ඊළඟට මේ 11 සේනාංකය යටතේ බ්‍රිගේඩ් හෙවත් බලසේනා තුනක් තියනවා කියලා හිතමු. ඒවා නම් කරන්නේ 111 බලසේනාව, 112 බලසේනාව, 113 බලසේනාව කියලා. දැන් තේරෙනවා නේද කතන්දරේ කොහොමද 55 වැනි සේනාංකය සහ 553 බලසේනාව හැදුනේ කියලා. තවත් එක දෙයක් තියනවා. මතකද බ්‍රිගේඩ් එක දක්වන සංකේතයේ, කතිර හෙවත් තරු 1 යි. සේනාංකය දක්වන සංකේතයේ කතිර හෙවත් තරු 2 යි. යුද හමුදාව දක්වන සංකේතයේ තරු 3 යි. ඔන්න ඔය සලකුණු පදනම් කරගෙන තමයි බ්‍රිගේඩියර් = තරු 1 ජෙනරල් ලෙසත්, මේජර් ජෙනරල් = තරු 2 ජෙනරල් ලෙසත්, ලුතිතන් ජෙනරල් = තරු 3 ජෙනරල් ලෙසත් හඳුන්වන්නේ.  එයාලා ගමන් කරන වාහනේ ඉදිරිපස සහ පසුපස බෆර් වල මේ තරු සළකුණු සවිකර තිබෙනවා.
  ඊළඟට මොකද වෙන්නේ. අපේ හමුදාව ගැන විතරක් කියනවානම් කතාව මෙතනින් අවසන් කරන්න ඕනේ. නමුත් මම කිව්වනේ, මේ ලිපියේ පළමුවැනි කොටසේදීම, මම මේ ලිපිය ලියන්නේ, නේටෝ සංවිධානයේ හමුදා සැකැස්ම පදනම් කරගෙන කියලා. ඒ අනුව, තව පියවර තුනක් ඉදිරියට යන්න තියනවා. නේටෝ පිළිවෙත අනුව හමුදා බලකායකට ඉහලින් තිබෙන සංවිධානය ‘හමුදාව – Army’ ලෙසයි හඳුන්වන්නේ. මෙහි සිටින පිරිසේ ප්‍රමාණය 100,000 – 200,000 අතර වියහැකියි. මෙය තුළ බලකාය 2 – 4 අතර ගණනක් තිබිය හැකියි.  අණදෙන්නේ තරු 4 ජෙනරල් වරයකු විසින්.  සංකේතය මොකක්ද කියලා දැන් ඔබට වැටහෙනවා.
ARMY
  රටවල් – මහාද්වීප අතර සිදුවන මහා සංග්‍රාම වලදී මීටත් වඩා ඉහළ මට්ටමේ හමුදා සංවිධානයක් යොදාගන්නවා. මෙය හඳුන්වන්නේ යුද හමුදා කණ්ඩායම Army Group යනුවෙන්. 400,000 – 1,000,000 අතර පිරිසක් සිටින මේ හමුදාව තුළ යුද හමුදා  දෙකකට අමතරව තවත් භටපිරිස් සිටිය හැකියි. අණදීම කෙරෙන්නේ තරු 4 ජෙනරල් වරයකු විසින්. සංකේතයට තරු 5 ක් එනවා. අවසාන අවස්ථාව වන්නේ මහා සංග්‍රාම හමුදාව හෙවත් War Region / Theatre යන සංවිධානයයි මෙහිදී 1,000,000 – 10,000,000 අතර පිරිසක් ඒ සංවිධානය තුළ සිටිනවා ඒ කියන්නේ ඉහත සඳහන් කළ Army Group 4 ක් සහ තවත් අමතර භට පිරිස් ඇතුළත්. සංකේතය තරු 6 යි. අණදීම කෙරෙන්නේ තරු 4 ජෙනරල්/තරු 5 ජෙනරල්/ෆීල්ඩ් මාර්ෂල් යන එක් අයකු විසින්.
  ලිපිය අවසන් කිරීමට මත්තෙන් ඔබට පැවසියයුතු වැදගත් දෙයක් තිබෙනවා. රහස්‍යභාවය රැකගනිමින් සහ නීරස භාවය අඩු කරගනිමින් මෙවැනි ලිපියක් ලිවීම ඉතා බරපතළ අභ්‍යාසයක්. ලිපිය ලියමින් සිටින අතරතුරදී මතුවන සමහර ගැටළු විසඳාගැනීමට නීති උපදෙස් පවා සොයාබලන්නට සිදු වෙනවා.  ඔබේ දැනුමට යමක් එක්කිරීම හැර වෙනත් පරමාර්ථ කිසිවක් මෙහි ගැබ්ව නැතිබව ද අවධාරණය කරන්නට මෙය අවස්ථාව කරගන්නවා.
ශ්‍රීලංකා යුදහමුදාවට අදාළ සියලුම පින්තූර ගත්තේ මෙතනින්
මූලාශ්‍ර;
my-signature-for-blog[1] 2013 ඔක්තෝබර් මස 27 දින 1322 පැය

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }