හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 September 2013

ළඟට එන්න එපා……… ගහනවා ටොම්බාගෙන් – Tomba? what’s that


 923094_662354740456665_214323432_n ‘ටොම්බ’ කියන වචනය මම මුලින්ම කියවුයේ, මායා රංජන් (මහානාම දිසානායක) මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය නමැති පොතෙන්. (ආසියාවේ ආශ්චර්යය නෙවෙයි ඈ :D ) ඒ පොතේ කියන ආකාරයට, දිගාමඩුල්ලේ ගැමි ජනතාව ‘ටොම්බ’ කියලා කියන්නේ, සතෙකුගේ වලිගයට. මට මතකයි ඒ කතාවේ එක තැනක, විෂ සෑදීම සඳහා, සර්පයන් රාශියක් මරා, ඔවුන්ගේ හිස කපා, ඉන්පසු කබරයකු අල්ලාගෙන, ඒ සර්ප හිස් අර කබරයාට ගිල්ලවන බවත්, ඉන්පසු ඒ කබරයා වලිගයෙන් එල්ලා, යටින් ගිනි ගොඩක් ගසන බවත්, ඒ ගිනි රස්නය පාලනය කර, පැය කීපයක් ගියපසු, කබරයාගේ කටින්, තෙල් වශයෙන් අර විෂ පහළට වැගිරෙන බවත්, ගිනිගොඩ මැද තබන භාජනයකට, එම විෂ එකතු කරගන්නා බවත්, ඒ විෂ කැවීමෙන්, පෙවීමෙන්, ඊතල හිසක තවරා විදීමෙන්, පුද්ගලයකු මරණයට පත්කළ හැකි බවත්, විස්තර කෙරෙනවා. එහිදී ඒ විස්තරය කරන්නේ ගැමි තරුණියක්. ඇය කියන්නේ කබරයකු, ‘ටොම්බෙන් අල්ලලා එල්ලනවා’ කියලයි.
  hk69-3ඒ ‘ටොම්බ’ අද කාලයේදී ‘ටොම්බා’ වුනේ කොහොමද? ඒ ටොම්බා බෝම්බ විදින තුවක්කුවක් වුනේ කොහොමද?  අන්න ඒ තොරතුරු තමයි අද මම ඔබ සමග කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මම ඔබට හඳුන්වා දෙන්නේ මිලිමීටර් 40 බෝම්බ විදින තුවක්කුව හෙවත් 40 mm Grenade Launcher (40mm GL) සහ එහි තවත් වැඩි දියුණු කල මෝස්‌තර දෙකක් ගැනයි. (පින්තූරය ගත්තේ මෙතනින්)
  වර්තමානයේදී ආරක්ෂක හමුදා විසින් පාවිච්චි කරන, වැදගත් මෙන්ම ප්‍රබල අවියක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.  ඔබෙන් සෑහෙන පිරිසක්, චිත්‍රපටිවලින් හෝ මේ අවිය දැක ඇතැයි කියා මා හිතනවා. මේ තුවක්කුව මමනම් දකින්නේ පුංචි කෙක්කක් වගේ. මේකයි මම එහෙම කියන්නට හේතුව. දිග කෙක්කක් ඕනේ කරන්නේ උස ගහකින් ගෙඩි කඩන්නනේ. ගෙඩි පාත තිබුණත් අත දිග මදි නිසා තමයි පුංචි (කොට) කෙක්කක් පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒ කෙටි කෙක්ක කොක්කකට වඩා දිගයි.
  ඔන්න ඉතින් මේ යකා පඳුරු තලන්න පටන්ගත්තා කියලා කියන්න එපා. මේ ටික කිව්වේ ඊළඟට කියන දේ වැඩිය හොඳින් අවබෝධ කරගන්න පහසු වෙන්නයි. මෙන්න මේකයි මේ තුවක්කුවෙන් ගන්න ප්‍රධාන ප්‍රයෝජනේ.
  මොහොතකට හිතන්න, යුදබිමේ යම්කිසි ඉලක්කයක් තියනවා, T 56 හෝ එවැනි තුවක්කුවකින් වෙඩි තියන්න තරම් ළඟ වැඩි. ඒ කියන්නේ මීටර් 100 කටත් අඩු දුරක් කියලා හිතන්න. (දිග කෙක්කක් වැඩක් නැහැ) ඒ වගේම ඒ දුර, අත් බෝම්බයක් දමලා ගහන්න තරම් දුර වැඩියි. (කොක්කකින් බැහැ) ඒ කියන්නේ මීටර් 80 – 90 විතර. (පුංචි කෙක්ක තමයි හරියන්නේ) තවත් තේරුනේ නැද්ද? අයියෝ සාලවනේ……………………., මෙන්න මේකයි කියන්නේ. බෝම්බයක් දමලා ගහන්න දුර වැඩි, ඒ වගේම, තුවක්කුවෙන් වෙඩි තියන්න ළඟ වැඩි, ඉලක්කවලට තමයි විශේෂයෙන්ම මේ මිලිමීටර් 40 බෝම්බ විදිනයෙන් පහර දෙන්නේ. හැබැයි, ඊට වැඩි දුරකට මේ බෝම්බ විදිනයෙන් ගහන්න බැහැ කියන එක නෙවෙයි, එයින් අදහස් වෙන්නේ. මේ බෝම්බ විදිනයෙන් මීටර් 300 – 350 විතර උපරිම දුරක ඉලක්කයක් ගන්නත් පුළුවන්. මෙහෙම හිතන්න, අපි බිම දිගේ බඩගාගෙන යනකොට දකිනවා සතුරු බංකරයක්. ඒ බංකරය පිහිටලා තියෙන්නේ අර කලින් කිව්ව විදිහට T 56 න් ගහන්න ළඟ වැඩි, අත් බෝම්බයක් ගහන්න දුර වැඩි තැනක. ඔන්න දැන් තමයි වෙලාව මේ තුවක්කුව පාවිච්චි කරන්න. හරිද? ඔය තේරුනේ ……….ට වගේ. :D
  මේ තුවක්කුවෙන් පිටවෙන්නේ වෙඩි උණ්ඩයක් නෙවෙයි.  සාමාන්‍ය අත් බෝම්බයක් වගේම ප්‍රබල බෝම්බයක්. බොහොම භයානක මාරාන්තික බෝම්බයක්.  තුවක්කුවෙන් බෝම්බය පිටවෙන්නේ ඉතා සුළු ගැස්සීමක් අපට දැනෙන විදිහට. ගෑණු ළමයෙකුට වුනත් ඉතා පහසුවෙන් මේ තුවක්කුව පාවිච්චි කරන්න පුළුවන්. (වෙඩි තියන්න හොඳේ. ආය ඒකටත් කියයි එක එක දේවල් :D ) බෝම්බය තුවක්කුවෙන් පිටවනවිට ‘පුංක්’ ගාලා (දුකෙන් පුං නෙවෙයි :D ) පොඩි සද්දයක් විතරයි එන්නේ. හැබැයි බෝම්බය ඉලක්කයේ වැදිලා පුපුරන්නේ නම් මහා හඬකින්. පුපුරන තැන ඉන්න අයගේ නම් දුකෙන් පුං යනවාමයි. :D
  ඉතින් තවම කිව්වේ නැහැනේ මක්කැයි කියාලා, මේ තුවක්කුවට ‘ටොම්බා’ කියාලා කියන්නේ. හොඳයි මක්කැයි කියාලැයි ඔහෙලා හිතන්නේ? ඒක මේ අපේ හමුදාවේ කොල්ලෝ දාගත්ත නමක් ආයිබොවං. හේතුව මක්කැයි කියාලා, ඔය දන්නා කියන වැඩිහිටි ළමයි, මේ පින්තූරය ඇසුරෙන් හිතාලා බලාලා, ඊට පස්සේ, ඔය අළුතෙන් මේ පන්තියට ඇවිත් ඉන්න පොඩි ළමයින්ටත් කියලා ලියාලා දෙන්න. මේ තියෙන්නේ ටොම්බා පතරොම. ඉතිං ඇති වෙනකං බලාගන්නවාලාකෝ ඔය ටොම්බාගේ හැටි කාරිය. ආයේ මක්කටෙයි ඕක ඔයහැටි වහං කොරන්නේ.
AS2448
ඒයි…………….හිනාවෙන්නේ නෑ……., මෙතන තව ඉන්නවා හැදිච්ච ළමයි මේ තුවක්කුව ගැන ඉගෙනගන්න ආව අය. හිනාවුනොත් ගහනවා කණ පැලෙන්න කකුල් දෙකටම.  :D :D අපේ මිනිස්සු කවදත් දක්ෂයිනේ ඕනෙම පුද්ගලයකුගේ හෝ උපකරණයක, වාහනයක, පෙනුම දිහා බලලා නම් දාන්න. කියන්න බලන්න ඔබම, එවැනි නම් වලට උදාහරණ ටිකක්. රුක්මණී මොඩල්, ජේ.ආර්. මොඩල්, වඳුරු මූණ, වගේ ඒවා.
  හොඳයි, මෙය දීර්ඝ ලිපියක් නෙවේ. බොහොම ඉක්මනින් කියවා අවබෝධ කරගතහැකි සරල ලිපියක්. මම ඔබට කියලා දෙනවා ඉක්මනින්ම ටොම්බා තුවක්කු වර්ග තුනක්.
1. Heckler & Koch 69 A 1 – 40 mm single grenade launcher  
 හෙක්ලර් ඇන්ඩ් කොක් 69 A 1 - මිමී 40 තනි බෝම්බ තුවක්කුව
අත් බෝම්බයක් හා සමාන පිපිරුම් බලයක් ඇති බෝම්බයක් ඈතට විදීම සඳහා නිපදවන ලද අවියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. යුද බිමේදී සතුරා සමග තම අතේ ඇති තුවක්කුවෙන් වෙඩි හුවමාරු කරගන්නා අතරම තමන් සතු අත් බෝම්බ සතුරාවෙත දමාගසීම අපි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. එයට ප්‍රධාන හේතු කීපයක් තියනවා.
  • අත් බෝම්බයක් එය දමා ඇති ආවරණයෙන් (pouch) එලියට ගන්න ඕනේ.
  • බෝම්බයේ පින් එක ඇදලා ඉවත් කර, අතේ මිරිකාගෙන ඉන්න ඕනේ, එය පත්තුවීමෙන් වළක්වාගන්න.
  • ඉදිරි භූමිය නිදහස්ව තියෙන්න ඕනේ බෝම්බය දමාගසන්න. නැත්නම් කුමක හෝ වැදී බෝම්බය ආපසු අපි අසළටම වැටෙන්න පුළුවන්.
  • බෝම්බය දමා ගැසීමෙන් පසු සතුරා එය ක්ෂණයකින් ඇහිඳගෙන ආපසු අපිටම එල්ල කිරීම වළක්වාගත යුතුයි. ඒ සඳහා බෝම්බය වැටුණු ස්ථානය අසළට වෙඩි කීපයක් තබා, වහාම මුවාවෙන්න ඕනේ, පිපිරෙන බෝම්බයේ කෑලි වලින් බේරීම සඳහා.
  දැන් තේරෙනවද රඟේ?
  M1_Garand_rifgren-shooting_lineමේ නිසා, 1960 දශකයේ පමණ සිට විවිධ අත්හදා බැලීම් විවිධ යුද හමුදා මගින් කරනු ලැබුවා, පහසුවෙන් පාවිච්චි කළහැකි, බෝම්බ විදිනයක් හදන්න. එහි ප්‍රතිඵලය වුනේ තුවක්කු බටයේ කෙලවරට සවිකර විශේෂ පතරොමක් ආධාරයෙන් විදින බෝම්බ නිපදවීමයි. නමුත් ඒ වැඩෙත් එච්චර පහසු දෙයක් නොවෙන බව පින්තූරය දිහා බැලුවම පෙනෙනවා නේද? මේ සඳහා සමහර විට වෙනමම තුවක්කුවක් හෝ පතරොම් වර්ගයක් පාවිච්චි කරන්න සිදුවුනා. මේ තත්වයෙන් යම් සහනයක් ලැබුනේ තුවක්කුවට සවිකළ වෙනමම බෝම්බ විදිනයක් සාදාගැනීමට සමත්වීමත් සමගයි. (පින්තූරය ගත්තේ මෙතනින්)
  තුවක්කුවට සවි කල බෝම්බ විදිනය අදටත් පාවිච්චි කරනවා. මා හිතනවා ඔබෙන් බොහෝ දෙනෙක් චිත්‍රපටි මගින් දැක ඇති කියා තුවක්කුවට සවිකළ බෝම්බ විදිනය ක්‍රියාකරන හැටි. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ නවීනතම බෝම්බ විදිනයක් ඇමරිකානු M 16 තුවක්කුවට සවිකර ක්‍රියාකරවන ආකාරයයි.


මේ ආකාරයට තුවක්කුවට සවි කරන ලද බෝම්බ විදිනයකට වඩා ස්වාධීනව නිදහස්ව පාවිච්චි කළහැකි බෝම්බ විදිනයක අවශ්‍යතාව ඉටු කිරීම සඳහා තමයි මුලින්ම ජර්මනියේ හෙක්ලර් ඇන්ඩ් කොක් සමාගම විසින් 1980 දශකයේදී HK 69 A 1 නමැති බෝම්බ විදිනය නිපදවන ලද්දේ. ඇත්තටම මෙය ඉතා සරල අවියක්. පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි. නඩත්තු වියදමක් නැති තරම්. දිවා රාත්‍රී දෙකේදීම එකසේ ප්‍රයෝජනවත්. එමෙන්ම මාරාන්තිකයි.
lg_hk69a1
වෙඩි තබනවිට අවිය අල්ලන්නේ මෙහෙමයි. ( මේ වෙඩි තබන්නා වමත් කාරයෙක්)
lg_hk69a1_4
මේ අවියෙන් වෙඩි තබන වීඩියෝවක් මේ පහළින් තියෙන්නේ

මේ තුවක්කුවේ (හෙවත් බෝම්බ විදින පිස්තෝලයේ) (Grenade Pistol)  සරළ තාක්ෂණික තොරතුරු
  •  වර්ගීකරණය :- බෝම්බ විදිනය Grenade Launcher
  •  නිෂ්පාදනය :- ජර්මනියේ හෙක්ලර් ඇන්ඩ් කොක් සමාගම Heckler & Koch
  •  ආරම්භක නිපදවීම :- 1960 දශකය
  •  අවියේ බර : කි.ග්‍රෑම් :- 2.60
  •  අවියේ දිග :- මිට දිගහැර මි.මී. 683 (අඟල් 29.6) – මිට හකුලා මි.මී. 463 (අඟල් 18.2)
  • පතරොම් වර්ගය :- 40 x 46 වර්ගයේ බෝම්බ
  • වෙඩි තැබීම (බෝම්බ විදීම) :- අවම මීටර් 50 යි උපරිම මීටර් 350 යි.
  • බෝම්බ විදීමේ ප්‍රවේගය :- තත්පරයකට මීටර් 75 යි (අඩි 246 යි)
  මම කිව්වනේ මේ වගේ තුවක්කු වර්ග තුනක් ගැන කියනවා කියලා. මෙන්න දෙවැනි වර්ගය. ඒ කියන්නේ මේ තුවක්කුවම වැඩි දියුණු කරලා එක වරකට බෝම්බ කීපයක් වෙඩි තැබීමේ හැකියාව සහිත බෝම්බ විදිනය. තමයි පහත දක්වන්නේ.
2. මිල්කෝර් බහු ප්‍රහාර බෝම්බ විදිනය 
Milkor – Multishot Grenade Launcher = MGL 
  මා හිතනවා මේ බෝම්බ විදිනයත් ඔබ සමහරකු චිත්‍රපටි වල දැක ඇති. පහත දැක්වෙන්නේ සරල තොරතුරු.
  • වර්ගීකරණය :- බෝම්බ විදිනය
  • නිෂ්පාදනය :- දකුණු අප්‍රිකාවේ Milkor (Pty) Ltd මිල්කෝර් පෞද්ගලික සමාගම
  • පළමුවැනි නිෂ්පාදනය :- 1983
  • අවියේ බර :- බෝම්බ සහිතව කි.ග්‍රෑම් 5.3 යි
  • අවියේ දිග (මිට දිගහැර) :- මි.මී. 778 යි (අඟල් 30.6)
  • වෙඩි තැබීමේ (බෝම්බ විදීමේ) වේගය :- තත්පරයකට බෝම්බ 2 – 3 අතර
  • මැගසිනයට දැමිය හැකි බෝම්බ ගණන :- 6 යි.
  • වෙඩි තැබීමේ (බෝම්බ පිටවීමේ) ප්‍රවේගය :- තත්පරයකට මීටර් 75 යි.
  • බෝම්බ විදීමේ අවම සහ උපරිම  දුර :- මීටර් 50 මීටර් 375
  • පතරොම් වර්ගය :- 46 x 46 බෝම්බ
800px-M-32_Grenade_Launcher
800px-M32_Grenade_Loading
ඉහත පින්තූර දෙක ගත්තේ මෙතනින් සහ මෙතනින්
මේ බෝම්බ විදිනය ගැන අවබෝධයක් පහත වීඩියෝවෙන් ලබාගත හැකියි.


බෝම්බ විදිනයන්ගේ දියුණුම අවස්ථාව තමයි සම්පූර්ණ ස්වයංක්‍රීය බෝම්බ විදිනය. මෙහිදී මැෂින් තුවක්කුවක පතරොම් වැල් මෙන් වැලකට ඇමිණු බෝම්බ නොකඩවා විදීමයි සිදුවන්නේ. මේ සඳහා විවිධ මෝස්‌තර කීපයක බෝම්බ විදිනයන් තිබෙනවා. පහත දැක්වෙන්නේ එයින් එකක්. සෑහෙන කාලයක් තිස්සේ කරන ලද විවිධ අතහදා බැලීම් වලින් පසුව තමයි අඩ පවතින තත්වයට මෙය ගෙනවිත් තිබෙන්නේ. මුල් කාලයේ තිබුන ස්වයංක්‍රීය බෝම්බ විදිනයක් පහත දක්වනවා. මේ ඇමරිකානු නිෂ්පාදනයක්. මෝස්තරය LAG 40 I.M. 1
800px-LAG-40_I_M_-1
පින්තූරය ගත්තේ මෙතනින්
මීළඟට අපි බලමු අද වනවිට මෙය දියුණු කර තිබෙන ආකාරය.
3. මෝස්‌තර අංක 19 මිලිමීටර් 40 පූර්ණ ස්වයංක්‍රීය බෝම්බ විදිනය
Mk 19 Full Automatic 40 mm Grenade Launcher
800px-MK19-02
මේ බෝම්බ විදිනය පොළොවේ සවිකර මෙන්ම වාහනයක සවිකර වෙඩි තබන්නත් පුළුවන්. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථා.
800px-Granatnik_Mk__19_Wojsko_Polskie
Mexican_troops_operating_in_a_random_checkpoint_2009
ඉහත පින්තූර ගත්තේ මෙතනින්
මේ බෝම්බ විදිනයේ සාමාන්‍ය තාක්ෂණික තොරතුරු මේවායි.
  • වර්ගීකරණය  :- ස්වයංක්‍රීය බෝම්බ විදිනය - Automatic Grenade Launcher
  • ආරම්භක සැළසුම්කරණය :- 1960 දශකය
  • පළමුවරට නිෂ්පාදනය (මේ මෝස්තරය නොවේ) :- 1968
  • එකක මිල :- ආසන්න වශයෙන් ඇ.ඩො. 20000 ක් පමණ.
  • තුවක්කුවේ බර :- කි.ග්‍රෑ. 32.9 යි
  • තුවක්කුවේ දිග :- මීටර් 1.09 යි
  • පතරොම් (බෝම්බ) වර්ගය :- 40 x 53 මි.මී.
  • බෝම්බ විදීමේ වේගය :- විනාඩියකට බෝම්බ 325 සිට 375 දක්වා
  • උපරිම සඵල වෙඩි දුර :- මීටර් 1500 යි.
මේ තුවක්කුවෙන් වෙඩි තියන වීඩියෝ එකක් පහත දක්වනවා.

මා පොරොන්දු වූ පරිදි දැන් ඔබට ‘ටොම්බා’ තුවක්කු තුනම කියාදුන්නා. මේ තුවක්කු යුද බිමේදී මිසක් සාමාන්‍ය අවස්ථාවක ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබ දන්නවා බලාපොරොත්තු රහිතව ගිනිඅවි හදිසියේ පත්තුවීමෙන් misfire අනතුරු සිදුවන අවස්ථා තිබෙන බව. ඉතින් ටොම්බා තුවක්කුවක් ඒ ආකාරයට පත්තුවුනොත් මොකක් වෙයිද? ඇත්තටම භයානක ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. නමුත් ඒ තත්වයේදී අනතුර අවම කරගන්න උපක්‍රමයක් ටොම්බා බෝම්බය තුළ ඇතුළත්කර තිබෙනවා. බෝම්බය තුවක්කුවෙන් පිටවී මීටර් 9 ක් පමණ දුරක් යනතුරු එය යම්කිසි තද දෙයක ගැටීමෙන් පිපිරීමක් සිදු නොවන ආකාරයේ යාන්ත්‍රණයක් බෝම්බය තුළ සකසා තියනවා. ඒ කියන්නේ බෝම්බය ‘ඇටවීම – prime’ වෙන්නේ, තුවක්කුවෙන් පිටවී මීටර් 9 ක් පමණ ගියාට පසුවයි. අපේ උන්නැහේ කෙනෙක් ටොම්බා තුවක්කුව බිමට හරවාගෙන ඉන්න ගමන් මිස්ෆයර් එකක් ගහගත්තා. අනේ අර බෝම්බය ‘කක්කා එකක්’ :D වගේ ‘පුන්ක්’ ගලා බිමට වැටුනා විතරයි වුනේ. හැබැයි මම උන්නැහේට හමුදා වචන වලින් උපහාර උළෙලක් පැවැත්තුවා එතනදීම. නැතුව හොඳ නැහැනේ. :D
 ‘ටොම්බා’ බෝම්බය ගැන ඉතා කෙටියෙන් කියන්නම්. ඇත්තටම එහි අභ්‍යන්තරය තරමක් සංකීර්ණ සැකැස්මකින් යුක්තයි. දුම් බෝම්බ, රසානික පිළිස්සුම් ඇතිකරන බෝම්බ, අධිබල පුපුරන බෝම්බ, වශයෙන් ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. අධිබල පිපිරුම්කාරක සහිත බෝම්බයක සැකැස්ම පහත දක්වනවා. සාමාන්‍යයෙන් මීටර් 25 ක පමණ විශ්කම්භයක් ඇති ප්‍රදේශයකට මේ පිපිරුමෙන් මාරක ප්‍රතිඵල ලැබෙනවා.
40mm_M386_00
පින්තූරය ගත්තේ මෙතනින්
   බෝම්බ විදිනයක් ලෙස ඔබ බොහෝවිට දැක තිබෙන්නට ඉඩ ඇති එක දෙයක් තිබෙනවා. ඒ තමයි පොලීසිය පාවිච්චි කරන කඳුළු වායු උණ්ඩ වෙඩි තබන තුවක්කුව. ඒ තුවක්කුව කඳුළු වායු උණ්ඩ වෙඩි තැබීම සඳහාම විශේෂයෙන් සකසන ලද්දක් වන අතර එයින් ටොම්බා බෝම්බ වෙඩි තියන්න බැහැ.
15314256_2744028_tear_gas__4
ඉහත පින්තූර දෙක ගත්තේ මෙතනින් සහ මෙතනින් 
  මා හිතනවා බෝම්බ විදින තුවක්කු පිළිබඳව ඔබට සතුටුදායක දැණුමක් ලැබෙන්නට ඇති කියා. මෙවැනි ආයුධ ගැන දැනගන්නේ ඒවා පාවිච්චි කර සටන් කරන්නම නෙවෙයි. වීඩියෝ ක්‍රීඩාවකදී හෝ චිත්‍රපටියකදී මෙවැනි අවියක් දුටුවාම ඒ ගැන පෙර දැණුමක් තිබීම විවිධාකාරයෙන් වාසි සහගත වෙනවා. විනෝදය සඳහා අවි ගැන ඉගෙනගන්න අය ලෝකයේ බහුළව සිටිනවා. ඔවුන් එසේ ඉගෙනගන්නේද දැණුම ලබාගැනීමට විනා, අකටයුතු සඳහා ඒ දැණුම පාවිච්චි කරන්න නෙවෙයි. අනෙක් කාරණය වන්නේ, මෙවැනි ලිපියක් කියවූ පමණින් මේ අවියක් අතට ගත් ගමන්ම, එකවර එය ක්‍රියාකරවන්නට බැහැ. ඒ සඳහා පුහුණුවක් අත්‍යවශ්‍යයි.
My Signature for Blog 2013 සැප්තැම්බර් මස 13 දින 2109 පැය
මූලාශ්‍ර;

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }