හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 June 2013

ඔයාට කඩුව පුළුවන්ද ? බොරුවට ඔව් කියන්න නම් එපා – The Sword


දීර්ඝ ලිපියකි. සෙමෙන් කියවන්න.
Title Pictureඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා ‘කඩුව’ කියන වචනය එදිනෙදා ව්‍යවහාරයට ආවේ, 1980 දශකයේදී විතර කියලයි මට මතක තියෙන්නේ. මම (පින්තුරය ගත්තේ මෙතනින්වැරදිනම් නිවැරදි කරන ලෙස, ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා. කඩුව කියලා ඉංග්‍රීසි භාෂාවට යොදන්න ඇත්තේ ‘චට පට’ ගාලා කතා කරගෙන යනකොට, නොදන්න එකා නිකම් කඩුවකින් කපලා දැම්මා වගේ දුර්මුඛ වෙන නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබට කඩුව පුළුවන්ද? මමනම් හිතන්නේ නෑ ඔබට කඩුව පුළුවන් කියලා. මටනම් හොඳට පුළුවන්. අද වුනත් අපි නියම කඩු කාරයෝ තමයි. ඔයාලට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ.   :D කොහොමද ………හිතට ආව කේන්තිය.
   modern-samurai-11012458‘ඈ යකෝ, උඹ මේ පැන්ෂන් ගිය ආමි කාරයා, උඹ හිතාගෙන ඉන්නේ උඹට විතරයි කඩුව පුළුවන් කියලානේ’ අන්න එහෙම අහන්න හිතුනා නේද? ඔව් ඔබ හරි. මොකක්ද හරි? අඩු ගණනේ ඔබ පැන්ෂන් ගිය ආමි කාරයෙක්වත් නොවුනොත් ඔබට කඩුව බැහැ කියලා මම නොබියව කියනවා. (පින්තුරය ගත්තේ මෙතනින්)
  හුහ්,……’දැන්නම් මේකා අහගන්නයි හදන්නේ (…..) පද වලින්’………. හෝව් හෝව්…….. මම කඩුව කිව්වේ, ඉංග්‍රීසි භාෂාව කියන අදහසින් නෙවෙයිනේ……….. මම කඩුව කිව්වේ ඇත්තම කඩුවට………… ඔබට පුළුවන්ද හමුදා නිලධාරියකු මෙන් කඩුවෙන් හරඹ කරන්න? අන්න ඒ ප්‍රශ්නයයි මම ඇහුවේ. හොඳයි, ටිකක් කේන්තිය නිවාගන්නකෝ………. හරි ඔන්න ඔහොම ඉඳගන්න. අපි අද යුද හමුදාවේ පාවිච්චි කරන කඩුව ගැන කතාකරමු.
  cut by swordහැබැයි මුලින්ම කඩුව ගැන මූලික විස්තරයක් නොකර, එක වරම හමුදාවේ කඩු ගැන කියන්න ගියොත්, ලිපියේ අඩුපාඩුවක් ලෙස ඔබ එය දකින්න ඉඩ තිබෙනවා. ඒ නිසා කඩුව ගැන කෙටි විස්තරයක් දැනගෙන හිඳිමු පළමුවෙන්ම. කඩුව කියන්නේ, එක පැත්තක් හෝ දෙපැත්තම කැපෙන පරිදි මිටකට සවිකරන ලද ලෝහ තලයක්. ඒ ඒ කඩු වලින් ගන්නා ප්‍රයෝජනය අනුව තමයි, එක පැත්තක් කැපෙන ලෙස නිපදවනවාද, දෙපැත්තම කැපෙන ලෙස නිපදවනවාද යන්න තීරණය වන්නේ. කඩුවෙන් පහරදීමේදී, කැපීම, කෙටීම, ඇනීම, තැලීම, යන ක්‍රමවලින් තුවාල සිදුකරන්න පුළුවන්.   (පින්තුරය ගත්තේ මෙතනින්)
 කඩුව ඈත අතීතයේ සිටම බලගතු අවියක් ලෙසයි ජනප්‍රවාදයන්හි සඳහන් වෙන්නේ. කඩුව හෙවත් අසිපත රාජකීය සංකේතයක්. ඕනෑම කතන්දරයක් පටන්ගන්නේ ඉතිහාසයත් එක්කමනේ. ඉතින් අපිත් මුලින්ම කඩුවේ ඉතිහාසය ගැන ටිකක් සොයා බලමු. කඩුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000 ත් 5000 ත් තරම් ඉතා ඈත අතීතයකට දිවයනවා යයි කිව්වොත් ඔබට පුදුම හිතෙයි.  නමුත් පුරාවිද්‍යා ගවේෂණ මගින් කල සොයාගැනීම් වලදී ලද කඩු, කාලනිර්ණය කිරීමේදී, ක්‍රි.පූ. 5000 ට තරම් ආසන්න බව පෙනීගොස් තිබෙනවා. ලොව මෙතෙක් හමුවූ එවැනි පැරණිතම කඩු හමුවී තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්.
Oldest Swords
පින්තුරය ගත්තේ මෙතනින්
  මෙයින් පෙනීයන්නේ මිනිසා මෙවැනි ආයුධ නිර්මාණය සහ භාවිතය පිළිබඳව අනාදිමත් කාලයක සිට දැනුම සහ හැකියාව ලබා තිබෙන බවයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වල, විවිධ කාල වකවානු වල නිපදවන ලද කඩු, විවිධ නම් වලින් ද හැඳින්වෙනවා. එවැනි කඩු වර්ග පිළිබඳව මෙතනින් විස්තර බලන්න.  
Mexico Sacrifice Blood Found  ලෝකඩ යුගයේදී මිනිසා විසින් නිපදවන ලද ‘කිනිස්ස/කිරිච්චිය – Dagger’ තමයි කඩුවේ ආදිතම මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ. මේ ආයුධය මුලින්ම ගල් පතුරු වලින් නිපදවූවක්. පසුකාලීනව ලෝහ වලින් නිපදවුනා. එහි විකාශය තමයි කඩුව. මේ පින්තුරයත් වර්තමාන කිනිස්සත් අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. නමුත් මේ දක්වන්නේ ආරම්භයයි. (පින්තුරය ගත්තේ මෙතනින්)
  අපේ රටත්, කඩු පිළිබඳව අන්තර්ජාතික කීර්තියක් තිබෙන රටක්. ඉතා ඈත අතීතයේ පටන්, අපේ රටේ යුද අවියක් ලෙස කඩුව භාවිත කෙරුණා. ගැමුණු කුමාරයා සොළීන් ජයගැනීමට ගිය සටනේදී, කඩු මුවහත් කළායයි කියන ගල, අදත් විජිතපුර රජමහා විහාරස්ථානයේ දී දකින්න පුළුවන්. මේ පහළ තියෙන්නේ පසුගිය පෙබරවාරි 4 වැනිදා, මගේ කැමරාවේ සටහන්වූ, ඒ ගලේ පින්තූරයක්.
IMG_0418
  අපේ රටේ කඩු නිෂ්පාදනයේ උපරිම මට්ටමට පැමිණ තිබෙන්නේ මහනුවර යුගයේදීයි. ඒ යුගයේදී ඉතා වටිනා, රන් රිදී වැනි ලෝහ වර්ග වලින් අලංකරණයකොට, එවැනිම වටිනා මුතු මැණික් ඔබ්බවා, නිමවන ලද කඩු දකින්නට ලැබෙනවා. (හොරකම් නොකළොත් සහ කෞතුකාගාරයේ තරප්පු පෙළ කඩා නොවැටී තිබුනොත්,  අනාගතයේදීත් දකින්නට ලැබෙනවා.  :D :D :D  දැන් ඒ කතා අමතකයි නේ) මහනුවර යුගයේදී කළ එවැනි විශ්මිත නිර්මාණ කීපයක් පහත දක්වනවා.
Kandy 01
පින්තුරය ගත්තේ මෙතනින්
Kandy 1
ඉහත පින්තුරය ලබාගත්තේ මෙතනින්
  ලංකාවේ රාජකීයත්වය පිළිබිඹු කරන, තහවුරු කරන, අනිවාර්ය සංකේතයක් වූ මේ කඩු හඳුන්වන්නේ, ‘කස්තානේ’ යන නමින්. මා හිතනවා කඩු ගැන මීට වඩා  අතීතය අවුස්සන්න ගියොත්, ලිපියේ මූලික අරමුණෙන් පිටතට යැවෙන බව. ඒ නිසා හමුදාවේ ‘කඩු සටන්’ මෙතන ඉඳලා පටන්ගම්මු නේද?
  හොඳයි, ඔබ අතරින් අතිමහත් බහුතරය, හමුදා නිලධාරීන්, පෙළපාලි වලදී, මංගල, අවමංගල උත්සව වලදී, කඩුවෙන් සරඹ කරනවා දැක ඇති. තමන්ගේ අතපය බෙල්ල කපාගන්නේ නැතිව, අනිකාගේ බෙල්ලත් බේරාගෙන කොහොමද මේ කඩු හරඹය කරන්නේ කියා, ඔබත් විශ්මයට පත්වූ අවස්ථා ඇති. හැබැයි එකක් මතක තියාගන්න.  ලෝකයේ සියළුම හමුදා අද පාවිච්චි කරන කඩු, සටන් කිරීම සඳහා නිපදවන ලද ඒවා නොවෙයි. ඒ නිසා සමහරවිට, ඒ කඩු වලින් සටන් කරන්න ගියොත්, මිට අතේ ඉතුරුවෙලා කඩු තලය සතුරාගේ බඩේ රැඳෙන්නත් ඉඩ තියනවා. :D :D එමෙන්ම මතක තියාගන්න, අද ලෝකයේ කිසිම හමුදාවක, කිසිදු නිළයකුට කඩු සටන් උගන්වන්නේ නැහැ. මක්නිසාද, අද ලෝකයේ කවදාවත්, තමන්ගේ සතුරා සමග, මුහුණට මුහුණ ලා, කඩුවෙන් සටන් කරන්න වෙන්නෙම නැහැ. අපි අද ඊට වඩා ‘දියුණුයි’ නේ :D
  පොඩ්ඩක් පඳුරු තළලා ඉම්මු හොඳේ. නැත්තං නිකං මොකද්ද මොකද්ද වගේ. :D   
Cadet Officer with Sword  ඔන්න මම ශිෂ්‍යභට නිලධාරියකු කාලේ කඩු හරඹ (හරඹ කියන්නේ සටන් නෙවෙයි සරඹ කියලා අයෙත් කියන්න ඕනේ නැහැනේ) ඉගෙනගන්න පටන්ගත්තා කියමුකෝ. කවුද අපිට මෙව්වා උගන්වන්නේ? උගන්වන්නේ සාජන්ලා, මාණ්ඩලික සැරයන්ලා, සාජන් මේජර්ලා, වැනි සරඹ උපදේශක ලා. (විශේෂ සරඹ උපදේශක පාඨමාලාවක් ඉස්සරනම් ලැබුනා එංගලන්තයේ‘සෑන්ඩ්හර්ස්ට්’ හමුදා පුහුණු පාසලේ. අපේ සාජන් මේජර්ලා ගණනාවක් එහි පුහුණුව ලැබුවා. මම ශිෂ්‍යභට නිලධාරියකු කාලේ හිටිය සරඹ උපදේශක සාජන් මේජර්, (Drill Instructor = DI) එලෙස එංගලන්තයේ පුහුණුව ලැබුවෙක්. ඔහු පසුව කර්නල් නිලය දක්වා උසස්වීම් ලබා විශ්‍රාම ගියා. දැන් නම් ඒ පාඨමාලාව දේශීයව කෙරෙනවා. හැබැයි එංගලන්තේ ගිය උපදේශකලා නම් නියම ‘කඩු කාරයෝ’ (English) මොකද එහෙදි සිංහලෙන් උගන්නනවැයි :D අපටත් කොටනවා එයාලා ඒ කාලේදී.
  කඩු සරඹ උගන්නද්දී, මේ උපදේශකලා දෙන සමහර උපදෙස් නම් මෙතන ලියන්න බැහැ. කඩුවේ කොපුව නිකම් ‘බටයක්’ වගේනේ. සමහරවිට කාන්තා නිලධාරිණියන්ටත් ඇහෙන්න කියනවා කඩුව ඒ අහවල් එකේ දාගන්න කියලා. අණදීම අනුව කඩුව එක වරම කොපුවට දාගන්න බැරිවුනාම දෙන උපදෙසක් තියනවා. අම්මෝ, ඒකනම් අර වගේ ඉඟියකින්වත් ලියන්න බැහැ. ඒවා ඇහුණාම සමහර කාන්තා නිලධාරිනියන් උරණ වුණත්, තවත් සමහර අය ඇහුනේ නෑවගේ ඉන්නවා. කාන්තා නිළධාරිණියන් උවමනාවට වඩා හුරතල් කලොත්,  මෙන්න මේවගේ වෙනවා කියලයි උපදේශකයෝ කියන්නේ. අනේ මන්දා. :D :D :D (ඉහත කැඩෙට් නිලධාරියාගේ පින්තුරය ගත්තේ මෙතනින්)
  Bennyඔන්න ඉතින් ගරු මම තුමා ‘තනි තරුව’වෙලා විසිරයාමේ පෙළපාලිය දවසත් ආවයි කියමුකෝ. හප්පොච්චියෙ ඉතින් අළුත්ම යුනිපොං එව්වා ඇඳලා, ‘බූස්’ පොලිස් කොරලා, ගියැයි කියමුකෝ. පෙළපාලියේදී ප්‍රධාන අමුත්තා අතින් නේ අපේ අතට කඩුව ලැබෙන්නේ. කඩුව අතට අරන් අළුත් නිලධාරීන් ප්‍රධාන අමුත්තාට ආචාර කරලා ඔක්කොමලා එකවර ආපසු හැරෙනවා. එකතැන ආපසු හැරීමේ සරඹය ඔය පාසල් ශිෂ්‍ය භටයන් හැටියට හිටිය අය දන්නවනේ. ආපසු හැරිලා, සියලු දෙවි දෙවතාවුන්නේ පිහිටයි ආරස්සාවයි කියලා, වම් කකුල උස්සපු ගමන්…………………., මගේ (පින්තූරය ගත්තේ මෙතනින්)   කලිසමේ පස්ස පැත්තේ මැහුම බරා………ස්……..ගාලා ලෙහුණේ නැතැයි. ‘අප්පච්චිගෙ පප්පට කොටියෝ පැනපි’ කිව්වලු. :Dදැන් මොකැයි කරන්නේ. මොනවා කරන්නද දුවලා ගිහින් හැංගෙන්නයැ. පෙළපාලිය අණදෙන්නා ඊළඟ විධානය දුන්නා. මොනවා කරන්නද පින්වතුනි, ‘හමුදා මුදියන්සේලාගේ බාගෙට ඉරුන’ වන මම,  සරඹ පිටියේ රවුම් දෙකක් පෙළපාලියේ ගියා, පස්ස පැත්ත බාගෙට එළියේ දමාගෙන. කමක් නෑ තනිකරම එළියේ දාගෙන නෙවෙයිනේ. අර සින්දුවකත් තියෙන්නේ, “නොයනු මැනවි දා…………….තනිකර එළියේ……..”  :D කියලා. පෙළපාලිය ඉවරවුන ගමන් දූ……….වලා ගිහිං, යාලුවෙකුට කියලා, පස්ස පැත්තේ ඉඳිකටුව ඇණගන්නේ නැතුව මහගෙන ආවා. :D :Dකලිසම, කලිසම, මැහුවේ. මගේ පස්ස පැත්ත මහන්න? හිතුවා මදි. කොහොමද කොල්ලගේ වැඩ කිඩ. හැබැයි පස්සේ ගිහිං ටේලරයාට …….. පද දෙකකුත් කියලා ආවා.
  ඊළඟ සිද්ධි මෙන්න මේවා. ඔබට මම මේ ලිපියේ ඉදිරියේදී පෙන්වනවා, කොහොමද කඩුවෙන් ආචාර කරන්නේ කියලා. කඩුවෙන් ආචාර කිරීමේදී තමන්ගේ ආචාරය පිළිගන්නා තැනැත්තා සහ තමන් අතර, තම කඩුවේ දිගට වඩා වැඩි පරතරයක් තබා සිටගැනීමට, අචාර කරන්නා දැඩිව වගබලාගත යුතුයි. පෙළපාලි අණදෙන්නා ලෙස ක්‍රියාකළ අපේ එක නිළධාරියකු, විසිරයාමේ පෙළපාලියකදී, ප්‍රධාන අමුත්තා දෙසට ගමන් කර (march) නැවතුනේ, උවමනාවට වඩා ළඟින්. ආචාර කිරීම සඳහා කඩුව වේගයෙන් පහත් කරද්දී, එය අමුත්තාගේ උරහිසේ සහ අතේ වැදුනා. කඩුවේ තුඩ ඉතා තියුණුයි. අමුත්තාට සීරීම් තුවාල සිදුවුණා. එය අමුත්තාට කල බරපතළ අපහාසයක්. අමුත්තා ජ්‍යොෂ්ඨ හමුදා නිළධාරියෙක්. පෙළපාලිය අණදුන් අර නිළධාරියාට එරෙහිව විනයානුකූලව දඬුවම් කෙරුණා.  
  අද තානාපති සේවයේ ඉන්න තවත් ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියෙක්, එසේම විසිරයාමේ පෙළපාලියේ අණදෙන්නා ලෙස කටයුතු කරද්දී, පෙළපාලිය ආරම්භ කර, ප්‍රධාන අමුත්තා වෙත පැමිණ ආචාර කර, ආපසු හැරෙනවිටම, ඔහුගේ කඩු කොපුව, බඳපටියෙන් ගැලවී, කරාස්……….හඬින් පොළොවේ ඇතිල්ලුනා. මේ නිසා ඔහුට සිදුවුනා, කඩු කොපුව වමතින් අල්ලා උස්සාගන යන්නට. පසුව ඔහුට සිදුවුනා, මොහොතකට පෙළපාලිය නවතා, කඩු කොපුව සකස්කරගන්නට. එසේ කරනතුරු ප්‍රධාන අමුත්තාට පෙළපාලි භූමියේ නිකම් හිටගෙන ඉන්න සිදුවුනා. එය ඔහුට කරන අපහාසයක්. කෙසේ වෙතත් එදින රාත්‍රියේ, මේ පෙළපාලිය වෙනුවෙන් පැවැත්වුන සාදයේදී, විස්කි බෝතල් කීපයක දඩයකට යටත්වන්නට මේ නිලධාරියාට සිදුවූ බව දැනගන්න ලැබුණා.
  හමුදාවේ කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියක් සඳහා හමුදා විද්‍යාපීඨයේ අධිපතිගේ ඉඳලා සියළු දෙනා, විශාල වෙහෙසක් ගන්නවා, ඉතා ඉහල මට්ටමින් එය සිදුකරන්න. නිකම් ආවාට ගියාට කරන දෙයක් නෙවෙයි විසිරයාමේ පෙළපාලිය. ඉතින් මේ පෙළපාලිය අණදෙන්නේ ප්‍රධාන උපදේශක. (Chief Instructor = CI) ඔහුට ඉතා විශාල කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා පෙළපාලිය සම්බන්ධව. පෙළපාලි පිළිවෙත (sequence) ඉතා හොඳින් මතකයේ තිබෙන්නට ඕනේ. එක අණ වචනයක්, විධානයක්, වැරැද්දුවොත් මුළු පෙළපාලියම අවුල් වෙනවා. මේ නිසා ප්‍රධාන උපදේශක පෙළපාලිය පවත්වන දවස වනවිට සෑහෙන්න හෙම්බත්ව සිටින්නේ. ඔන්න එක විසිරයාමේ පෙළපාලියක් පැවැත්වුණා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ පෙළපාලි භූමියේ. සුපුරුදු පරිදි පෙළපාලිය සරඹ භූමියට ආවා. පෙළපාලියේ අවසාන කොටසේදී ප්‍රධාන අමුත්තා විනාඩි 5 ක පමණ කතාවක් කරනවා. (ත්‍රිවිධ හමුදා නිලධාරීන් ප්‍රධාන අමුත්තා ලෙස එනවානම් පහසුයි. ඔවුන් දන්නවා දින ගණනාවක් වෙහෙසවී සිටින මේ සියළුදෙනාට, දීර්ඝ කතාවක් පැවැත්වීම සුදුසු නැතිබව. දේශපාලු උන්නැහේලා ආවාම කණට කරලා කළින් කියනවා කතාව විනාඩි 5 කට විතර සීමා කරන්න කියලා. නැත්නම් එතනදිත් ‘මනාපේ ඉල්ලන්න’ ඉඩ තියනවා.  :D )
Sword salute
පින්තුරය ගත්තේ මෙතනින්
  ප්‍රධාන අමුත්තා කතාකරන අවස්ථාවේදී පෙළපාලිය පහසුවෙන් තබා තියෙන්නේ. නමුත් ප්‍රධාන උපදේශක අධික වෙහෙස නිසා දැඩි අපහසු තත්වයකට පත්වුනා. ඔහුට එක තැන සිටගෙන සිටීමට අපහසු වුනා. ඔහු කීප විටක් ඉරියව්ව මාරු කලත් බීමත් පුද්ගලයකු මෙන් එක තැන සිටගෙන ඉන්න බැරි තත්වයක් ඇතිවුනා. ඔහු විසිවෙමින් ප්‍රධාන අමුත්තා දෙසට සෙමෙන් ඇවිද්දවෙන්න පටන්ගත්තා. ඔහු උත්සාහ කළා තම අසිපතේ තුඩ බිම තබා එයට වාරුවී නොවැටී සිටින්නට. නමුත් එයද අපහසුවී ඔහුට පෙළපාලි භූමියේ දණගැස්සවුණා. පෙළපාලිය නැරඹීමට පැමිණි දහසක් දෙනා විශ්මිතව බලාසිටියා.
  SNN1821C---532g_1472921aමතක තබාගන්න, පෙළපාලිය සරඹ භූමියට ආවාට පසු, එයට කිසිම බාධාවක් කරන්න හෝ එම භූමියට ඇතුළුවන්නට, සරඹ උපදේශකයකුටවත් බැහැ. කවුරුහරි කලන්තේ හැදිලා වැටුනානම් ඔහු එසේම සිටියදී පෙළපාලිය කරගෙන යායුතුයි. නමුත් මෙතනදී වුනේ පෙළපාලි අණදෙන්නා සිහිවිසඥව වැටීමයි. දැන් මොකද කරන්නේ. පෙළපාලියේ දෙවැනි අණදෙන්නා වහාම ඉදිරියට ආවා. ප්‍රධාන අමුත්තාගෙන් අවසර ඉල්ලුවා පෙළපාලියේ ඉතිරි කොටස කරගෙන යාමට. අවසරය ලැබුණා. බොහොම ලස්සනට ඒ කොටස කෙරෙන අතර, හෙමින්ම පෙළපාලියේ පසුපසින් රිංගලා ආව සරඹ උපදේශකයන් විසින්, ප්‍රධාන උපදේශකව පෙළපාලි භූමියෙන් එළියට ගත්තා.  
   හොඳයි, ඔන්න පඳුරු තැලිල්ල ඉවරයි. දැන් ආපසු හැරේන්, ගමනේ යා.
  20101010_army%20(2)අපි මුලින්ම බලමු හමුදාවේ පාවිච්චි කරන කඩුවක් හෙවත් අසිපතක් මොනවගේද කියලා. හමුදා අසිපතක් වෙනත් අසිපතක් මෙන්ම ලෝහ තලයකින් සහ ලී, සම්, ලෝහ කම්බි ආදියෙන් නිමවූ මිටකින් යුක්තයි. එමෙන්ම සාමාන්‍ය හමුදා කඩු කොපුවක්, ලීයෙන් නිමවා, සමෙන් ආවරණය කර තිබෙනවා. විශේෂ අවස්ථා සඳහා පළඳින කඩු, වෙනමම තිබෙනවා. එවැනි කඩු වල කොපුවත් සම්පූර්ණ ලෝහයෙන් නිමවා තිබෙන්නේ. ඔබ දැක ඇති හමුදා මංගල්‍ය උත්සව වලදී ‘මනමාල නිළධාරියා හෙවත් නිළධාරි මනාලයා’ :D පළඳින්නේ එවැනි උත්සව අවස්ථා සඳහා සැකසූ, ලෝහ කොපුව සහිත කඩුවක්.(Ceremonial Sword) එමෙන්ම සෑම යුද හමුදාවකම ප්‍රධාන නිලධාරීන් – General Officers යනුවෙන් හැඳින්වෙන නිලධාරීන් (අපේ හමුදාවේ නම්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්) පළඳින්නේ, ඒ ඒ නිළයට අදාලව සැකසූ, විචිත්‍ර කැටයම් සහිත ලෝහ කොපුවකින් යුත් අසිපතක්.
පින්තුරය ගත්තේ මෙතනින්
  හැබෑටම මොකටද පුහුණුව අවසන් කරලා විසිර යාමේදී හමුදා නිළධාරියකුට මේ විදිහට අසිපතක් දෙන්නේ?  ආයේ ඕකෙන් හටන් කොරන්න සිද්දවෙනවා කියලැයි.  මෙන්න මේකයි හේතුව. මිනිස් ශිෂ්ටාචාරයේ, අසිපත භාවිතයට ගත් කාලයේ සිටම, අසිපත, පාලන බලයේ සහ අධිපති/අධිකාරි බලයේ සංකේතයක් ලෙස සැලකුණා. ත්‍රිවිධ හමුදා නිළධාරීන් හඳුන්වන්නේ අධිකාරිලත් නිළධාරීන් හැටියටයි. (Commissioned Officers) ඕනෑම රාජ්‍යයක ප්‍රධානියා විසින් ලබාදෙන, ඒ අධිකාරි බලයේ සංකේතය ලෙස තමයි, අසිපතක් ප්‍රදානය කරන්නේ. ඒ අසිපත හමුදා සම්මාන පෙළපාලි සහ උත්සව වලට විනා, ‘නිකම් කොස් කොටන්න’ :D  පාවිච්චි කරන්න බැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේදී අසිපතක් නිකුත් කරන්නේ ක්‍ෂේත්‍ර අධිකාරියට (Field Commission) පත්වූ නිළධාරියකුට පමණයි. උපකරණ පාලක අධිකාරියට (Quarter Master Commission) පත්වූ නිළධාරියකුට අසිපතක් නිකුත් නොකරන අතර ඔවුන්ට පෙළපාලියකදී අසිපතක් දරන්නට බැහැ. අසිපත කිසිදු අවස්තාවක අවභාවිතයේ යොදවන්නට බැහැ. පාවිච්චි නොකරන සෑමවිටම එය නිසි පරිදි කොපුවේ බහා තැබිය යුතුයි. විහිළුවටවත්, වෙනත් කෙනෙකුවෙත අසිපත එල්ල කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. පුහුණුවන අවස්ථාවකදීවත් එය නිකම් බිම දමා තියන්න බැහැ. මේසයක් වැනි දෙයක් මත තැබිය යුතුයි. ප්‍රවාහනයේදී පෙට්ටියක දමා ගෙන යායුතුයි.
  හමුදාවේ නිළධාරි නිවස්නයක්, භට නිවාසයක්, කාර්යාලයක්, වෙත, රාජකාරි කටයුත්තකට හැර, නිකරුනේ අසිපතක් ගෙනයන්නට හෝ පැළඳ යන්නට බැහැ. මේ ගෞරව ලබාදෙන්නේ අසිපතට නොව අධිකාරි බලයටයි. නිලධාරියකුට දෙන ඒ අධිකාරි බලය විශ්‍රාම ගියත් තියනවා. කවදා හෝ රාජ්‍ය නායකයා විසින් ගැසට් නිවේදනයකින් අවලංගු නොකළොත්, (එසේ කරන්නේ විනය හේතු නිසා පමණයි) ඒ නිළධාරියා මියයනතුරු, ඒ අධිකාරී බලය තිබෙනවා.
  ලෝකයේ සමහර රටවල, සැරයන් මේජර් වැනි නිළයන්ටත් අසිපත ලැබෙනවා. එහෙත් ඔවුන් අධිකාරි ලත් නිළයන් නොවෙයි. ඒ ඒ රටේ තිබෙන හමුදා පිළිවෙත් අනුවයි  එසේ කරන්නේ. අපේ රටේ හමුදාවේ, සොල්දාදුවා යන වර්ගීකරණයේ ඉහළම නිළය වන, රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර දරන්නාට, හමුදා පෙළපාලියකදී කඩුව පළඳින්නට පුළුවන්. නමුත් එය කොපුවෙන් එළියට අදින්නට බලය නැහැ. පහත දැක්වෙන වීඩියෝව හොඳින් නිරීක්ෂණය කරන්න. එහි මුලින්ම එන්නේ පෙළපාලියේ දෙවැනි අණදෙන්නා. ඔහු තමයි පෙළපාලිය සරඹ භූමිය වෙත රැගෙන එන්නේ. පෙළපාලි අණදෙන්නාට පසුපසින් (පෙළපාලියේ දෙවැනියා ලෙස) එන්නේ රෙජිමේන්තු සැරයන් මේජර්. (ඔහුටත් පුළුවන් නිළධාරියකුගේ උත්සව ඇඳුමට සමාන ඇඳුමක් අඳින්න. නිල ලාංඡන පමණයි වෙනස්) හොඳින් බලන්න ඔහු අසිපත පැළඳ සිටිනවා. නමුත් ඔහු අතේ (කිහිල්ලේ) තබාගෙන යන්නේ රෙජිමේන්තු සැරයන් මේජර් නිලයට අදාළ යෂ්ටියයි (Cane Malaya)  එමෙන්ම මේ වීඩියෝවේ තත්පර 1.37 දී බලන්න, එක ඛණ්ඩ භාර නිළධාරියකු විසින් ගමනේ යෙදෙන විට අසිපතෙන් ආචාර කරන ආකාරය පෙනෙනවා. තවත් වරක් ආපස්සට ගෙන නැවතත් බලන්න, එම ආචාර කිරීම කතෝලික බැතිමතුන් කුරුසය අඳින ආකාරයට කිසියම් සමානකමක් තිබෙනවා. අපිට මේවා ආවේ එංගලන්තයෙන් බව අමතක කරන්න එපා.


 අසිපතෙන් ආචාර කලහැක්කේ, තමන්ට වඩා ජ්‍යොෂ්ඨ නිළධාරියකුට පමණයි. එසේ කල හැක්කේත්, පෙළපාලියකදී පමණයි. තමන් අසිපත පැළඳ සිටිනවිට, තමන්ට වඩා ජ්‍යොෂ්ඨ නිලධාරියකු ඒ අසළින් ගියාට දඩි බිඩි ගාලා, අසිපත ඇදලා අරන්, අචාර කරන්නේ නැහැ. සීරුවෙන් සිට, අසිපතේ කොපුව නොසෙල්වෙන පරිදි වමතින් අල්ලාගෙන, දකුණතින්, වෙනදා විදිහට සාමාන්‍ය සැලියුට් එක තමයි ගහන්නේ. තමන්ට වඩා කණිෂ්ඨ ඕනෑම නිළයකු තමන්ට ආචාර කළත්, ප්‍රති ආචාර කරන්නෙත් ඒ විදිහටමයි.
img145
   0625d6986236a4bad751760f9bd7485dඅගනා සිහිවටනයක් වන මගේ අසිපත, අද මා බොහොම පරෙස්සමෙන් නිවසේ තැන්පත් කර තිබෙනවා. (වෙලාවකට හිතෙනවා හැන්දෑවට දෙකක් දාලා එහෙම, ඔය කඩුවත් වන වනා, වෙලේ නියර දිගේ ඇවිදින්න, ‘අඩෝ……..ව්…….අපිත් ඒ කාලේ ආමි එකේ හොඳ කඩු කාරයෝ තමයි හරිද……….’ කියලා :D :D ) 
ඉහත පින්තූරය ගත්තේ මෙතනින්
b2අපේ රටේ සම්පූර්ණයෙන්ම තහනම් අවියක් වූ කඩුව, ලෝකයේ සමහර රටවල එදිනෙදා භාවිතයේ තිබෙන අවියක්. විශේෂයෙන්, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, යන රටවල එදිනෙදා ගෙදරදොර පාවිච්චි කෙරෙන අවියක් ලෙස කඩුව බහුළව දැකිය හැකියි. මා ළඟ තිබෙන්නේ මේ සමග ඇති රූපයෙන් පෙන්වන ආකාරයේ අසිපතක්. මේ අසිපතේ කොපුව සාදා තිබෙන්නේ කළු පැහැති සමෙන් බව ඔබට පෙනෙනවා ඇති. එයට හේතුව මා අයත්ව සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, සිය නිළ ලාංඡන කළු පැහැයෙන් අඳින නිසා අසිපත් කොපුවද කළු පැහැයෙන් සැකසීමයි.  පින්තූරය ගත්තේ මෙතනින්
  හොඳයි දැන් අපි බලමු අසිපතක තිබෙන කොටස් මොනවද කියලා. මෙය දීර්ඝ විස්තරයක් නොව අවශ්‍යතාව සඳහා කෙරෙන හඳුන්වාදීමක් පමණක් බව මතක තබාගන්න. මෙහි දැක්වෙනවාට වඩා සංකීර්ණ කොටස් කඩුවක තිබෙනවා.
light-infantry-sword-lrg
මුල් පින්තූරය ගත්තේ මෙතනින්
  සමහර නිලධාරීන් අසිපත පැළඳගත්තාම අසිපත් කොපුව පොළොවට අඟලක් විතර උඩින් තිබෙන්නේ. (උස නැතුව කොහොම බැඳුනද මන්දා) එවැනි අය ගමනේ යෙදෙනවිට, අසිපත් කොපුව බිම ගෑවෙනවා වගේ පෙනෙන්නේ. මමනම් යාන්තම් ඊට වඩා උසයි.  :D අසිපත සඳහා කොපුවක් තිබෙන බව ඔබ දන්නවනේ. මේ තියෙන්නේ අසිපත සහ කොපුවයි.
1-infantry-sword
මුල් පින්තූරය ගත්තේ මෙතනින්
 කඩුව කොපුවේ දමා බඳ පටියේ පැළඳගන්නට තවත් උපකරණයක් අවශ්‍ය වෙනවා. එය හඳුන්වන්නේ Sword Frog (කඩු ගෙම්බා? :D ) යනුවෙන්. මේ තියෙන්නේ.
Sam_Browne_Sword_Frog
පින්තූරය ගත්තේ මෙතනින්
Sword Frog එකට අසිපත් කොපුව සම්බන්ධ කරලා පැළඳගත්තම මෙන්න මෙහෙමයි පෙනෙන්නේ.
Passing out parade of 127th PMA Long Course
මුල් පින්තූරය ගත්තේ මෙතනින්
හරි. ඒ ටික අවබෝධ වුනා නේද? ඒ වුනාට විශේෂ උත්සව අවස්ථා වලදී අඳින නිළ ඇඳුමත් එක්ක අසිපත පළඳින්නේ මෙහෙම නෙවෙයි. ඒ සඳහා විශේෂ බඳ පටියක් සහ අර ලෝහ කඩු කොපුවට යොදන තවත් විශේෂ ආධාරක පටි දෙකක් තිබෙනවා. මේ තියෙන්නේ ඒවා.
patrol_sword_belt
මුල් පින්තූර ගත්තේ මෙතනින්
විශේෂ උත්සව අවස්ථා අසිපත් කොපුව ඉහත ආකාරයේ පටි යොදා පැළඳ සිටින ආකාරය පහත දැක්වෙනවා.
Ceremonial Sword
පින්තූරය ගත්තේ මෙතනින්
  ලෝකයේ බොහොමයක් යුද හමුදාවල, එක් එක් රෙජිමේන්තු අනුව අසිපතේ හැඩයේ වෙනස්කම් තියනවා. මෙය ඔබටනම් මෙතෙක්කල් කිසිදිනක නිරීක්ෂණයවී නැතුව ඇති. නමුත් මේ බලන්න, අපේ හමුදාවේ පවා මේ වෙනස්කම තිබෙනවා. මොනවද වෙනස්කම්? මොන රෙජිමේන්තු අතරේද වෙනස්කම් තියෙන්නේ. සියලුම පාබල සහ සේවා රෙජිමේන්තු එක මොස්තරයක්ද, සන්නාහ සන්නද්ධ බලකාය වෙනම මොස්තරයක්ද, කාලතුවක්කු හමුදාව වෙනම මොස්තරයක්ද පාවිච්චි කරනවා. අසිපතේ මිට සහ ‘නකල් ගාඩ් හෙවත් බාස්කට්’ යන කොටස සකස්කර ඇති ආකාරයේ තමයි ඒ වෙනස තියෙන්නේ. සමහරවිට තලයේ ඉතා සුළු වෙනස්කම් තිබෙනවා. මම ඒවා වෙනමම පින්තූර වලින් පෙන්නනවා හොඳින් බලන්න ඒ වෙනස්කම්.
infantrysword2
සන්නාහ සන්නද්ධ බලකාය පාවිච්චි කරන අසිපත හඳුන්වන්නේ  Cavalry Sword යනුවෙන්. කැවල්රි කියන්නේ අශ්වාරෝහක කියන එකයි.
Cavalry_sword_001
Royal%20Artillery%20Officers%20Sword-l
ඉහත පින්තූර ලබාගත්තේ මෙතනින්
එපමණක් නෙවෙයි, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව පාවිච්චි කරන අසිපත් වලත් වෙනසක් තියනවා. මෙහිදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව පාවිච්චි කරන අසිපත්වල 100% ක් ම සමාන  පින්තූර ඉදිරිපත් කිරීම දුෂ්කර වන නිසා ඒ ආසන්නයෙන් යන අසිපත් වල පින්තූරයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඒවා නිවැරදි අදහස ගන්නට ප්‍රමාණවත්.
Navy Sword
Air Force Sword
ඉහත පින්තූර ගත්තේ මෙතනින්  
මෙච්චරකල් හමුදා පෙළපාලි දැකලා තිබුනට මේවා දැකලා තිබුනේ නැහැ නේද? ඊළඟ වතාවේ හමුදා පෙළපාලියක් බලද්දී, මේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න.
superb-british-erii-wilkinson-infantry-officer-s-sword-[5]-1001-p  ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉස්සරනම් අසිපත් ගෙන්වුවේ එංගලන්තයේ සුප්‍රසිද්ධ විල්කින්සන් සමාගමෙන්. හැබැයි දැන්නම්, (අනික් හමුදා කොහොමදැයි මා දන්නේ නැහැ) යුද හමුදාවේ පාවිච්චිය සඳහා අවශ්‍ය අසිපත් ලබාගන්නේ ලංකාවේම පෞද්ගලික ආයතන දෙකකින්. ඒවා නිෂ්පාදන පිරිවිතර අතින් විල්කින්සන් කඩු වල අහලකින්වත් තියන්නට බැහැ. දේශීය වශයෙන් මෙවැනි කර්මාන්ත නගා සිටුවීම ඉතා හොඳයි. නමුත් එහි ගුණාත්මක බව වර්ධනය කළයුතුයි. ලංකාවේ නිපදවන අසිපත් ඉක්මණින් අබලන්වූ අවස්ථා මා දැක තිබෙනවා. සම්මාන අසිපත් සහ කොපු, ඒ සඳහා අඳින විශේෂ බඳපටි, ජ්‍යොෂ්ඨ නිලධාරීන්ගේ අසිපත්, පාකිස්ථානයෙන් ගෙන්වනවා. නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථා වලදීත්, හමුදා මංගල්‍යයකදීත් (මනමාලයා සහ දෙවැනි මනමාලයා පමණයි) කඩුවේ මිට පහත දැක්වෙන ආකාරයට අලංකරණය කරනවා. එයට කියන්නේ Sword Knot කියලයි.
271-i-02
  දැන් කොතනටද යන්නේ. අපි බලමුද පුහුණුවෙන් පසු විසිරයන නිලධාරියකු අතට අසිපත ලබාදෙනහැටි. ඔබෙන් සමහර අයනම් මෙය දැකලත් ඇති. නමුත් බලලම ඉන්නකෝ. මෙහිදී මාණ්ඩලික නිලධාරියකු විසින් නවක නිලධාරියාගේ දෑත මත තබන අසිපතෙහි තලය මත සිය අත තබා ප්‍රධාන අමුත්තා සංකේතවත් කරනවා ‘ඔබට ගෞරවනීය ලෙස අධිකාරිය පිරිනැමුණා’ යන අදහස. ප්‍රධාන අමුත්තා කළුපාට අත් වැසුම් ඇඳ සිටින්නේ ඔහු සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරියකු නිසයි.


 ඊළඟට අපි බලමු කොහොමද අසිපතෙන් උත්තමාචාරය (Present Arms) පුද කරන්නේ කියා. එහිදී කරන්නේ අමුත්තා දෙසට කඩුව පහත් කිරීමයි. (තුවක්කුවෙන් කෙරෙන උත්තමාචාරයද මෙහිදී දැකගත හැකියි. එයින් සංකේතවත් කරන්නේ සිය අවිය අමුත්තාට පිරිනැමීමයි) මෙසේ අසිපත පහත් කොට කෙරෙන ආචාරය, ඉතා විශාල ගෞරවයක් ලෙයි සැළකෙන්නේ. මේ වීඩියෝවේ 1.00 දී උත්තමාචාරය දැකගත හැකියි. මේ නිලධාරියා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරියෙක්. ඔහුගේ අසිපත කෙබඳුද යන්නත් බලන්න. වීඩියෝවේ 1.16 දී පහත් කළ අසිපත ආපසු ඔසවනු දැකිය හැකියි.



අසිපතක් මගින් සරඹ කිරීමේදී සරඹ විශාල ප්‍රමාණයක් නැහැ. පාසල් ශිෂ්‍ය භටයන් දන්නවා ‘සිත්සේ සිටින්’ කියා විධානයක් තිබෙන බව. කඩුව කොපුවෙන් එළියට ඇද තිබියදී, ඒ විධානය ලැබුනොත් ඉන්නේ මෙහෙමයි.
img146
  අසිපත රැගෙන ගමනේ යෙදීමේදී අසිපතෙහි මිට තදින් මිරිකා අල්ලාගත්තොත් එය විකාර විදිහට වැනෙන්න පටන්ගන්නවා. ඒ නිසා දකුණු අතේ මහපටැඟිල්ල කඩු මිටේ වම් පැත්තෙනුත්, ඉතිරි ඇඟිලි හතර දකුණු පැත්තෙනුත් දමා කඩුවේ බාස්කට් එක මගින් නිකම් අත උඩ සමබරව තබාගැනීමක් තමයි කරන්නේ. තලයේ බර නිසා හොඳින් රැඳෙනවා. ආචාර කිරීමේදී විතරයි කඩු මිට තදින් අල්ලාගන්නේ. හැබැයි අත්වැසුම් ලිස්සන සුළු ගතියක් තිබෙනවා. ඒ සඳහා විසඳුම තමයි අත්වැසුම් වතුරෙන් තෙත්කර පැළඳ ගැනීම. (හැබැයි පුතෝ, කාට හරි අතට අත දෙන්න වුනොත්, අත්වැසුම් වහාම ගලවගන්න හොඳේ)
gty_prince_harry_060412_ss_jp_120913_ssh
පින්තූරය ගත්තේ මෙතනින්
අසිපත සමග සිටින විට, ‘පහසුවෙන් සිටින්’ යන විධානයේදී ඉන්නේ මෙහෙමයි.
6318082935_33731df074
පින්තූරය ගත්තේ මෙතනින්
  හමුදා පෙළපාලියක අසුපිට ගමන් කිරීමේදීත් අසිපත් රැගෙන යනවා. ඒ සඳහා වෙනම සරඹ තිබෙනවා. අසිපත කොපුවෙන් එළියට ගන්නේ අසුපිටට අරෝහණය වුනාට පසුවයි. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී, දියතලාව යුද හමුදා කඳවුරේ සේනාවිධායක, කාර්යාලයේ සිට සරඹ පිටියටත්, ආපසු කාර්යාලටත් ගිහින් තිබෙන්නේ, මේ පින්තූර වල පෙනෙන ආකාරයට සමාන ආකාරයකටයි.
Horse Mounted with Sword
Horse Mountted with sword 2
පින්තූර ගත්තේ මෙතනින්
  අසිපත පැළඳ සිටියදී ලැබෙන පළමුවැනි විධානය තමයි ‘අදින් අසි’ නමැති විධානය.  (කියනකොට කියන්නේ අදී…………….න්, අසි. කියලයි) ඒ කියන්නේ අසිපත කොපුවෙන් එළියට අදිනු කියලා. එතකොට මෙන්න මේකයි කරන්නේ.
Fig-3
  කඩුවේ මිට හෝ කොපුව දෙස බලන්නේ නැතුව, කාල ගණනය අනුව, අසිපතේ මිටෙන් අල්ල ඉහළට ඔසවනවා. ඊට පස්සේ ‘රිකවර් පොසිෂන්’ (recover position) නමැති ඉරියව්වට අසිපත ගෙනෙනවා. පහත තිබෙන්නේ රිකවර් පොසිෂන් එකයි.
1449522410_6a676e93b4
පින්තූරය ගත්තේ මෙතනින්
ඊළඟට කඩුව සීරුවෙන් සිටගැනීමේ ඉරියව්වට ගන්නවා. ඔන්න ඉන්නවා ගරු මම තුමා, සීරුවෙන් ඉරියව්වේ.
img144
  කඩුව ආපසු කොපුවට දැමීම සඳහා දෙන විධානය වන්නේ, ‘බහන් අසි’ යන විධානයයි. (බහා……………න්, අසි.) එවිට අර සරඹයම ආපස්සට කෙරෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි, අර සරඹ උපදේශකයෝ අපිව කන්නේ. ආපසු දැමීමේදීත් කඩුව දිහාවත්, කොපුව දිහාවත් බලන්න බැහැ. කඩු කොපුවේ මුවවිට, වම් අතින් අල්ලාගෙන, කඩු තුඩ, කාල ගණනය අනුව, එම මුවවිට වෙත වම් අතෙන් යන්තම් යොමු කරවාගෙන,(guide) එක වරම ඇතුළු කළයුතුයි. හිතාගන්න පුළුවන් නේද, උපදේශකයෝ මොනවගේ දේවල් කියනවා ඇද්ද කියලා. :D :D
  ඊළඟට කියන්න තියෙන්නේ මංගල්‍ය අවමංගල්‍ය අවස්ථා ගැන තමයි. හමුදා මංගල උත්සව වලදී නිළධාරීන් දෙපෙළකට සැදී, අසිපත් ආරුක්කුවක් සාදන බව ඔබෙන් සමහර අය දැක ඇති. එසේ  කළහැක්කේ නිලධාරියකුගේ/නිලධාරිණියකගේ විවාහ මංගල්‍යයකදී පමණයි. (අනෙකුත් නිළයන්ටත්, උත්සව නිළ ඇඳුමෙන්, තම විවාහ මංගල්‍යය ගන්න පුළුවන් වුනත්, එහෙම කරනවා හරිම අඩුයි අපේ රටේ) නිළධාරීන්ගේ මංගල්‍ය උත්සව වලදී අපි හරියට අමාරුවේ වැටෙන දෙයක් වෙනවා. මේ අසිපත් ආරුක්කුව පිරිනමන්නේ, නව යුවළට කෙරෙන, හමුදා ගෞරවාචාරයක් ලෙසයි. ඒ ආරුක්කුව යටින් යන්න පුළුවන්, නව යුවළට පමණයි.  නමුත් දෙපාර්ශ්වයේම නෑදෑයන් (තරහ වෙන්න එපා කිව්වට විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් / නැන්දම්මා) මේ ආරුක්කුව යටින් යන්න උත්සාහ කරනවා. සමහරවිට අපට සිදුවෙනවා යම් හිත රිදීමක් සිදුවුනත් ඔවුන්ව වළක්වන්න.  ඔයාගේ පවුලේ එහෙම එකක් වෙන්න ගියොත්, ඒ අයව පැනලා අල්ලගන්න හොඳේ :D
military-wedding-1
  හමුදා නිළධාරියකුගේ අවමංගල්‍යය අවස්ථාවේදී, අවමංගල පෙළපාලියේ යන විශේෂ භට ඛණ්ඩයේ හෝ කණ්ඩායමේ නිලධාරීන්, තම අසිපත රැගෙනයන්නේ, අසිපත තමන්ගේ වම් අතේ කිහිල්ල යට තබා, එහි තුඩ තමන් පසුපස හරවා තිබෙන පැත්තට අංශක 45 ක පමණ කෝණයකින් තබාගෙන කඩුවේ මිට දකුණතින් අල්ලාගෙනයි. (එම ඉරියව්වේ පින්තූරයක් හොයන්න උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ. මගේ ඡායාරූප ඇල්බම් පෙරලා බැලුවා එහිත් නැහැ) පහත දැක්වෙන පින්තූරයෙන් එය විස්තර කෙරෙනවා.
120315-M-0000C-004
 ඔන්න අදනම් ඔක්කොමලට කඩු ගිල්ලෙව්වා. :D කවදා හෝ හමුදා උත්සවයකට ගියාම, හොඳින් නිරීක්ෂණය කරලා, මේ තොරතුරු තහවුරු කරගන්න. ඊළඟ ලිපියෙන් මේ වගේම හමුදාවේ ඔබ තවත් ආසා කරන මාතෘකාවකට/විෂයයකට යමු.
img143
My Signature for Blog2013 ජූනි මස 27 වැනි දින 0129 පැය

1 comment :

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }