හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 June 2013

හදිස්සියෙන් ලියන්න හිතුනා – A Memory Flashback


1 Vote

Tony Orlando & Dawn Reunion Concert And DVD Release - Arrivals අද, මට, අහම්බෙන්, මගේ මෝටර් රථයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන්, පැරණි ඉංග්‍රීසි ගීතයක් අහන්න ලැබුනා. ‘O My Darling knock three times’ නමැති ඒ ගීතය, මා යලිත් මගේ අතීතයට රැගෙන ගියා. මේ ගීතය මා මුලින්ම ඇසුවේ, 1972 දී පමණ, මා උසස් පෙළ අවසන් කරමින් සිටියදී බවයි මතකය. එවකට අපට තිබුනේ, ගුවන්විදුලිය පමණයි. සෑම ඉරිදාවකම, පෙරවරු 8 – 9 කාලය තුළ, ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවය ඔස්සේ, ඉතා මිහිරි ඉංග්‍රීසි ගීත සහ ගීත අනුවාදන ප්‍රචාරය වන, වෙළඳ වැඩසටහනක් තිබුනා. ඒ ඔස්සේ අපට සෑහෙන්න ඉංග්‍රීසි ගීත අහන්න ලැබුණු අතර, ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නට, එය මහත් රුකුළක්ද වුනා. ටෝනි ඔර්ලන්ඩෝ නමැති මේ ගායකයාගේ තවත් මෙවැනිම මිහිරි ගීත රැසක් තිබෙනවා. ඔබේ රසවින්දනය සඳහා, මා, මේ ගීතයත්, එහි පදමාලාවත්, ඔබ වෙත ගෙන එන්නට සිතුවා. 
   මුලින්ම ගීතය අහන්න.


මෙන්න පදමාලාව
hey girl whatcha doin down there
dancing alone every night while I live right above you
i can hear your music playin
i can feel your body swayin
one floor below me you don’t even know me
I love you
chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
mmmm twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
oh twice on the pipe means you ain’t gonna show
if you look out your window tonight
pulling the string with the note thats attached to my heart
read how many times i saw you
how in my silence i adored you
and only in my dreams did that wall between us come apart
chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
mmmm twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
oh twice on the pipe means you ain’t gonna show
oh i can hear the music playing
i can feel your body swayin
one floor below me you don’t even know me
i love you
chorus
Oh my darlin
knock three times on the ceiling if you want me
twice on the pipe if the answer is no
oh my sweetness
means you’ll meet me in the hallway
twice on the pipe means you ain’t gonna show  
  මේ ගීතය මගේ සිත තදින් පැහැරගන්නට හේතුවුයේ මේ ගීතයේ කියවෙනවාක් මෙන්, මා සිටි නිවසේ පහළ මාලයේ නොව, අසල්වැසි නිවසක සිටි ‘වසන්තා’ නමැති, සුරූපී (මට සුරූපී) මෙන්ම, එකල මා වැනි තවත් තරුණයන් රැසකගේ අවධානය දිනාගත්, තරුණියකට ඇසෙන්නට, මම මේ ගීතය මහා හඬින් ගායනා කල නිසයි. (අපේ ගෙදර කවුරුවත් නැතිවෙලාවට)  ඇත්තම කියනවානම්, මගේ සිත තුළ, ඇය කෙරෙහි, අප්‍රකාශිත ආදරයක් තිබුනා. එය ඇයට කියන්නට අකමැත්තක් ඇතිවුනේ, එක වරම ඇය ප්‍රතික්ෂේප කලොත්, එය මට දරාගන්නට නොහැකිවනු ඇතැයි සිතුන නිසයි. එය හරියටම මේ ගීතයේ අදහස වගේ. ‘වසන්තා’ අද දෙදරු මවක් ලෙස, අවිස්සාවේල්ලට කිලෝමීටර් හතක් අටක් පමණ දුරින් පිහිටි නගරයක, ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා. මා මෑතකදීත් ඇයව ඇගේ සැමියාද සමග ගමනක් යනවිට, හමුවුනා. ඇය අද වනතුරු මගේ අප්‍රකාශිත ආදරය ගැන දන්නේ නැහැ. ජීවිතයේ හැටි ඔහොම තමයි නේද?
  ගීතය අසන්නට ලැබුනේ, Legends FM නමැති, මීට පෙර මා අසා නැති, නාලිකාවකින්. මේ ගීතයෙන් පසුව එම නාලිකාවෙන් තවත් එවැනිම ‘අපේ කාලයේ’ ගීත ප්‍රචාරය වුනා.
විශේෂ දැනුම්දීමයි;
 ඊයේ මට අත්වැරදීමකින්, ‘අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු’ ලිපියේ  දෙවැනි කොටසේ සංස්කරණය කරමින් සිටි කොටසක් ජාලයට එක්වුණා. පසුව මා එය ඉවත්කර ගත්තත්, වෙබ් සින්ඩිකේටර වල, එම ලිපිය සඳහා සබැඳිය පෙන්වනවා. ඔබට යම් අපහසුතාවක් ඇතිවුනානම්, සමාව ඉල්ලනවා. අද හෙටම ඒ ලිපිය ඔබට ඉදිරිපත් කරනවා.
My Signature for Blog2013 ජූනි මස 07 වැනි දින 1343 පැය

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }